Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුල අමතක අමනයා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල අමතක අමනයා.

මුල අමතක අමනයා.

ඊයෙ පෝස්ටුවකට දාපු කොමෙන්ටුවට උදේ වෙනකොට මූනු පොතේ මම වාසු මහත්තයා කියපු ජාතියෙ එකෙක් වෙලා.

මට නම් බං ගමේ කිසි ආතල් එකක් නැහැ උඹලා කොච්චර කිව්වත්.

1971 දේශපාලන මති මතාන්තර එක්ක තාත්තා රුපියල් දහ තුනකුත් අරන් තමා ඇලහැරට පල්ලම් බහින්නෙ.

77 දී රුපියල් එකසිය පනහකුයි මාවයි, නංගියි අම්මයි අරන් පොලොන්නරුවේ තල්පොත B.O.P. 317 ගමේ කෙරවලම....මින්නේරි ඔය අයිනේ තියෙන රෙසිවේසමක පදිංචි වෙනවා.

වරින් වර ගං වතුරට අසු වීම නිසා කටු මැටි වලින් තාත්තා ගෙවල් හතරක් හැදුවා තනියෙන්ම. අන්තිම දෙකේදි මාත් උදවු කලා මැටි පාගන්න, මැටි මෝප්ප කපන්න, වරිච්චි බදින්න.

අක්කර පහක රෙසිවේසමක් තාත්තා ටික ටික තනියෙන් නියර දැම්මා. ඒ බෝග පායනකොට මැරුනා. වහිනකොට වතුරට යට උනා.

අම්මා රෑට තාත්තාගේ කකුල් උනු වතුරෙන් හෝදනවා මට මතකයි. ඒවා කටු ඇනිලා මඩ පෑගිලා කුනු උනා වැහි කාලෙට. ගදේ බැහැ. තාත්තා හිනා උනා.

එක සැරයක් මුලු ගේම ගං වතුරට දවස් තුනක් යට උනා. අම්මයි මමයි තාත්තා යි නංගියි මුං ඇට වගාවෙ ( ඒකත් වැස්සට කුනු උනා) තිබුන පැලේ මැස්ස උඩ හිටියෙ ඒ දවස් තුනේ. ඉස්කෝලෙ පොත් ටික මැස්සට ගන්න තාත්තා මට අණ කලා. මැස්ස යට වතුර. ඉව්වෙ වතුරට යට නොවුන වත්තෙ උස තැනක. කුස්සියේ බඩු ටික අපි එතනට අරන් ඉටි රෙද්දකින් ඔතලා තියා ගත්තා. අපි කවුරුවත් ඇඩුවේ නැහැ. තත්තා වතුර බහිනතුරු බලාපොරොත්තු සහගතව හිටියා. නංගියි මමයි ගං වතුර දිහා බලන් හිටියා සතුටින්. අම්මා වෙනදා වගේම බත් මුට්ටියට වැන්දා.

මම ඉස්කෝලෙ ගියෙ මින්නේරි ඔයෙන් එගොඩ වෙලා. පොඩ් දවස් වල තාත්තා මාව කරවටක් වතුරේ තියන් ඔයෙන් එගොඩ කරනවා. ඒ.එල්. වුනාම තාත්තාගේ කරේ යන්න බැරි නිසා ඔයෙන් එගොඩ වෙලා ඇදුම් ඇදගෙන ගියේ. කවුරුවත් වටපිට නැත්තං හෙලුවෙන්ම එගොඩ උනේ. අනික් වෙලාවට පොඩි තුවා කෑල්ලක් ඇන්දා.

පොත් ටික ඉස්කෝලෙ ගාව යාලුවෙකුගෙ ගෙදර තියලා ආවෙ වැහි කාලෙට. වතුර වැඩි දවස් වලට ඔය හරහා පීනුවා. සිලි බෑග් එකක රෙදි දාගෙන ලනුවකින් බැදගෙන පීනුවෙ. කඩේ ගිහින් බඩු මෙහා පැත්තට ගත්තෙ බූලියක බැදලා ලනුවක ගැට ගහලා. පීනගෙන තමා එහා මෙහා යෑම. අපි පීනුම් සූරයෝ ඒ කාලෙ. ඒක මරුවා සමග පීනීමක්. වැහි කාලෙට වතුර අඩි පහලොවක් විතර සැඩ පහර.

ඉස්කොලෙ ඇරිලා එනකොට ඔය ඉවුරට ඇවිත් තාත්තාට කෑ ගහනවා. එතකොට උදේ වගේම ආපහු පීනනවා. අනිවාර්ය පොත් ටික බූලියක බැදලා තාත්තා හදලා තිබුන ආවරනයක දාලා ආපහු මෙගොඩට ගත්තා.

මම හැමදාම ඉස්කෝලෙ ගිය එකම සිසුවා.

ලොකු ලමයෙක් උන නංගි හැමදාම එගොඩ උනේ තාත්තාගේ කරේ. ඔයේ වතුර වැඩි දවසට එයා ගෙදර නැවතුනා. නංගි ඕ ලෙවල් ෆේල්.

තාත්තා මගේ ආරක්ෂාවට මගේ ලගින්ම පීනුවා. ඔයෙන් එගොඩ උනත් තව හැතැම්ම කාලක් වෙල් යාය. ඒ ටික ගිහින් තමා සපත්තු දැම්මෙ. ගොඩක් කාලයක් මම දැම්මෙ සෙරෙප්පු.

තාත්තා පව් නොකලට හරියට සර්පයෝ මැරුවා. මාපිල්ලු, නයි හරියට අපේ ගේ වටේ. ගේ ලගම හුඹහක් තිබුනා. ගේ ඇතුලෙ ගෙම්බො හිටිය නිසා සර්පයෝ හරියට ආවා. උන් ආපහු ගියේ නැහැ තාත්තාගෙන් බේරිලා.

මම හිටිය තැන මට මතකයි. මට නම් ඒක හරිම කටුකයි. ඒක සැපක් කියල හිතන්න මට බැහැ. ඒ ගේ මට දිවිය විමානයක් නොවේ කෙලෙසකවත්. මතක් වෙනකොට හීනයක් වගේ. කටුක අත් දැකීම් ගොඩයි.

අපේ ගෙදර තිබුනෙ කුප්පි ලාමිපු දෙකයි. පාඩම් කරද්දි මට නින්ද ගිහින් දවසක් කොන්ඩෙ ඇවිලෙනකොට ඇහැරුනේ.

තාත්තා මාව බදාගෙන ඇඩුවා එදා. අම්මා මගේ රත්තරං පුතේ කියලා මාව ඉම්බා.

අපේ ගෙදර මොනව හරි උනාම ඉස්සෙල්ලාම ඇඩුවෙ අම්මා නෙමේ තාත්තා. අදටත් තාත්තා හරිම සංවේදී කියා කියන්නට බැරි තරම් අහිංසකයෙක්.

පහුවදාම හන්දියේ කඩෙන් චිමිනි ලාම්පුවක් ගෙනාවා තාත්තා. එදා ඒක පත්තු කරනකොට නංගියි මමයි අප්පුඩි ගැහුවා. හරියට අර කලර් ලයිට් ඕපනින් වලදි ඇමතිවරු සුවිච් ඔබනකොට අපේ මිනිස්සු අප්පුඩි තලනව වගේ.

අපිට හරියට කන්න තිබුනෙ නැහැ. බඩගින්නට බඩවැල් ඇබරුනා. තාත්තයි අම්මයි කිව්වෙ එයාලාට දවල්ට බඩගිනි හැදෙන්නෙ නැහැ කියලයි.

මහ වැස්සෙ නියරවල් දාන තාත්තා හරියට තේ බිව්වා හකුරු එක්ක.

වැඩ කරනකොට බඩගිනි එන්නෙ නැහැ කියලා තාත්තා කිව්වා.

තාත්තා බොරු නොකියන නිසා මම තාත්තාව විස්වාස කලා.

ඉස්කෝලෙ ගිහින් ආවම තාත්තා නියරවල් දදා ඉදලා ඇවිත් මට කැව්වා.

ඒත් කටක්වත් කෑවෙ නැහැ එයා බඩගිනි නැති නිසා.

වැඩකරනකොට ඔයාට බඩගිනි වෙන්නෙ නැහැ කියලා ඔයා මට කිව්වෙ බොරු කියලා මට දැන් තේරනවා තාත්තෙ. මම තරහයි.

නංගි ලොකු ලමයෙක් උනාම මින්නේරි ඔයෙන් නාවලා නිකන් ගිටියා. නංගිගෙ කනේ රත්තරං කරාබු තිබුනෙ නැහැ. එදා අපි කහට වෙනුවට සීනි දාලා තේ බිව්වා. රැට අපි හතර දෙනා ච්කන් එක්ක බත් කෑවා. ඒත් අම්මයි තාත්තයි හොදි එක්ක කෑවෙ. පහුවදා උදේටත් නංගිටයි මටයි චිකන් ලැබුනා.

නංගිටයි අම්මටයි ඇදුම් අදින්න ඕන උනාම අපි එලියට යනවා. කාමර නැහැ අපේ ගෙදර. මූලු ප්‍රමානෙ අඩි විස්ස දහය විතර ඇති මතක විදියට. පොල් අතු දිරල වේයො වැටුන සමහර කාල වල. පැදුරෙ නිදා ගත්තේ අපි. වැස්ස කාලෙට උල් දිය. තාත්තා මැටි වලින් ඇදක් වගේ බැම්මක් බැන්දා මට නිදා ගන්න.

ඒක කටුකයි. කටුකයි. කටුකයි... යකෝ.. මගේ කොමෙන්ට් එකෙන් මම කිව්වෙ ඒක. මට බැනපල්ලා. ඒත් ඒක ලස්සනයි කියන්න මට බැහැ.

තාත්තාගේ දේශපාලන මතය හා විධිමත් ඉගෙනුමින් බැහැරව ලබන දැනුම අපිව මින්නේරි ඔය නිම්නයේ කෙරවලට තල්ලු කරලා මිරිකලා පොඩි කලා.

ආස කෙනෙක් ඉන්නව නම් කියන්න. තාම ඉඩම එතන තියෙනවා. පදිංචි කරන්නම්. දරුවව මින්නේරි ඔයෙන් පීනවමු ඉස්කෝලෙට.

ඔය අයිනෙ තිබුන ගස් ගොඩක් අතු පෑහලා දරට වික්කා තාත්තා මම කැම්පස් ඉද්දි සල්ලි එවන්න. දැන් පදිංචි වෙන එකාගෙ තාත්තාටත් පුලුවන් ඌට උගන්නන්න ඒ ගස් පාහින්න ආයෙත්.

මාසෙකට එකසිය පනහක් විතර ලැබුනා තාත්තාගේ ඒ දර වලින්.

මහ පොල දාහයි.

මහ බාරකාර අරමුදලෙන් දුප්පත්ම ලමයාට හිමි මාසික මුදල තුන්සිය පනහයි.

වැහි කාලෙට කකුල් දියමැටියො කනවා

ඒකට අපි කිව්වෙ ප්‍රීති කසානා.

ඔයෙන් නැතුව තල්පොත පැත්තට යන්න දනක් එරෙන පාරක් තිබුනා. ඒක කරත්ත පාරක්.

අපිට ලියුම් ආවෙ හන්දියේ ගෙදරකට. අදත් දිව් රුම් දුන් ලිස්ට් එකේ මගේ ලිපිනේ විදියට තියෙන්නේ ඒ ගෙදර ලිපිනය.

ඒ ගෙදර සදලුතලයක් තිබුනා. එයාලාට ට්රැක්ටරකුත් තිබුනා. කුඹුරුත් තිබුනා.

මම හඩමි. ඒ අතීතය වෙනුවෙන් නොව. මාගේ කොමෙන්ටුවට කියවා ගන්නට බැරි වූ මිනිසුන් වෙනුවෙනි.

අකුරු දත් සියල්ලන්ටම කියවන්නට නොහැක.

අන්ධ මිනිසුන්ටද ලොව පෙනෙන්නේය.

පෙනෙන උන් බොහෝ අන්ධය.

කියවන්න... අකුරු නොව.. අකුරු අතර...

අපිට මිනිසුන් කියවන්න වෙලාවක් නැහැ.

කියව ගන්න සාක්ශරතාවයකුත් නැහැ.

පත්තර, සිංදු නාටක නොකියවාම බලන සමයක මිනිස්සු කියවන්න කොහෙද වෙලාවක්.

ඉහත සියල්ල ජීවිතේ උඹලා කියන සොදුරු අත්දැකීම් ය. සොදුරු බව හොදම නම් ලමයි අරන් අපේ ගමේ යමු. විස්තර ඉන්බොක්ස් කරන්න. කෝඩිනේටින් මගෙන් නොමිලේ. උබලාගේ සැප ගමට දීලා උඹලා ඒ සොදුරු බව එක්ක වැලලියල්ලා. ගමේ එවුන්ට උබලාගේ කටුක නගරේ දෙමු. ගෙදර දෙමු. කාර් එක දෙමු.

මා මෙය ලියන්නේද උඹලා මට බැන කොමෙන්ටු දාන්නේද එකම එක මිනිසෙක් නිසාවෙනි.

කන්නංගර උතුමානණි ඔබ නිවන් දැක ඇති නිසා මේ අකුරු ඔබට පෙනෙන්නේ නැති බව මට සිකුරුයි.

නිදහස් අධ්‍යාපනය දිනේවා ලොව ඇති තෙක්!!

කසිප්පු පෙරීමෙන් හෝ හරක් බැලීමෙන් මා මුදවා ගත් තාත්තාත්, අම්මාත්, කන්නංගර උත්තමයාත් බුදු වේවා!

අරවින්ද හබක්කල.

( නම නැතුව පෝස්ටුව උස්සන්නේ හරි හමං ඉගෙනුමක් නැති ගෝතයෝ ය)

[QUOTE="banda065, post: 25102241, member: 27834"] [b]මුල අමතක අමනයා.[/b] [SIZE="4"]මුල අමතක අමනයා. ඊයෙ පෝස්ටුවකට දාපු කොමෙන්ටුවට උදේ වෙනකොට මූනු පොතේ මම වාසු මහත්තයා කියපු ජාතියෙ එකෙක් වෙලා. [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/82461921_125791802251606_3278717577806741504_o.jpg?_nc_cat=104&_nc_ohc=c9OCxdjZBa4AX-8MUUW&_nc_ht=scontent.fcmb3-1.fna&_nc_tp=1002&oh=2031e99b95f538f539d7074f7ccf460d&oe=5ECC5CFD[/IMG] මට නම් බං ගමේ කිසි ආතල් එකක් නැහැ උඹලා කොච්චර කිව්වත්. 1971 දේශපාලන මති මතාන්තර එක්ක තාත්තා රුපියල් දහ තුනකුත් අරන් තමා ඇලහැරට පල්ලම් බහින්නෙ. 77 දී රුපියල් එකසිය පනහකුයි මාවයි, නංගියි අම්මයි අරන් පොලොන්නරුවේ තල්පොත B.O.P. 317 ගමේ කෙරවලම....මින්නේරි ඔය අයිනේ තියෙන රෙසිවේසමක පදිංචි වෙනවා. වරින් වර ගං වතුරට අසු වීම නිසා කටු මැටි වලින් තාත්තා ගෙවල් හතරක් හැදුවා තනියෙන්ම. අන්තිම දෙකේදි මාත් උදවු කලා මැටි පාගන්න, මැටි මෝප්ප කපන්න, වරිච්චි බදින්න. අක්කර පහක රෙසිවේසමක් තාත්තා ටික ටික තනියෙන් නියර දැම්මා. ඒ බෝග පායනකොට මැරුනා. වහිනකොට වතුරට යට උනා. අම්මා රෑට තාත්තාගේ කකුල් උනු වතුරෙන් හෝදනවා මට මතකයි. ඒවා කටු ඇනිලා මඩ පෑගිලා කුනු උනා වැහි කාලෙට. ගදේ බැහැ. තාත්තා හිනා උනා. එක සැරයක් මුලු ගේම ගං වතුරට දවස් තුනක් යට උනා. අම්මයි මමයි තාත්තා යි නංගියි මුං ඇට වගාවෙ ( ඒකත් වැස්සට කුනු උනා) තිබුන පැලේ මැස්ස උඩ හිටියෙ ඒ දවස් තුනේ. ඉස්කෝලෙ පොත් ටික මැස්සට ගන්න තාත්තා මට අණ කලා. මැස්ස යට වතුර. ඉව්වෙ වතුරට යට නොවුන වත්තෙ උස තැනක. කුස්සියේ බඩු ටික අපි එතනට අරන් ඉටි රෙද්දකින් ඔතලා තියා ගත්තා. අපි කවුරුවත් ඇඩුවේ නැහැ. තත්තා වතුර බහිනතුරු බලාපොරොත්තු සහගතව හිටියා. නංගියි මමයි ගං වතුර දිහා බලන් හිටියා සතුටින්. අම්මා වෙනදා වගේම බත් මුට්ටියට වැන්දා. මම ඉස්කෝලෙ ගියෙ මින්නේරි ඔයෙන් එගොඩ වෙලා. පොඩ් දවස් වල තාත්තා මාව කරවටක් වතුරේ තියන් ඔයෙන් එගොඩ කරනවා. ඒ.එල්. වුනාම තාත්තාගේ කරේ යන්න බැරි නිසා ඔයෙන් එගොඩ වෙලා ඇදුම් ඇදගෙන ගියේ. කවුරුවත් වටපිට නැත්තං හෙලුවෙන්ම එගොඩ උනේ. අනික් වෙලාවට පොඩි තුවා කෑල්ලක් ඇන්දා. පොත් ටික ඉස්කෝලෙ ගාව යාලුවෙකුගෙ ගෙදර තියලා ආවෙ වැහි කාලෙට. වතුර වැඩි දවස් වලට ඔය හරහා පීනුවා. සිලි බෑග් එකක රෙදි දාගෙන ලනුවකින් බැදගෙන පීනුවෙ. කඩේ ගිහින් බඩු මෙහා පැත්තට ගත්තෙ බූලියක බැදලා ලනුවක ගැට ගහලා. පීනගෙන තමා එහා මෙහා යෑම. අපි පීනුම් සූරයෝ ඒ කාලෙ. ඒක මරුවා සමග පීනීමක්. වැහි කාලෙට වතුර අඩි පහලොවක් විතර සැඩ පහර. ඉස්කොලෙ ඇරිලා එනකොට ඔය ඉවුරට ඇවිත් තාත්තාට කෑ ගහනවා. එතකොට උදේ වගේම ආපහු පීනනවා. අනිවාර්ය පොත් ටික බූලියක බැදලා තාත්තා හදලා තිබුන ආවරනයක දාලා ආපහු මෙගොඩට ගත්තා. මම හැමදාම ඉස්කෝලෙ ගිය එකම සිසුවා. ලොකු ලමයෙක් උන නංගි හැමදාම එගොඩ උනේ තාත්තාගේ කරේ. ඔයේ වතුර වැඩි දවසට එයා ගෙදර නැවතුනා. නංගි ඕ ලෙවල් ෆේල්. තාත්තා මගේ ආරක්ෂාවට මගේ ලගින්ම පීනුවා. ඔයෙන් එගොඩ උනත් තව හැතැම්ම කාලක් වෙල් යාය. ඒ ටික ගිහින් තමා සපත්තු දැම්මෙ. ගොඩක් කාලයක් මම දැම්මෙ සෙරෙප්පු. තාත්තා පව් නොකලට හරියට සර්පයෝ මැරුවා. මාපිල්ලු, නයි හරියට අපේ ගේ වටේ. ගේ ලගම හුඹහක් තිබුනා. ගේ ඇතුලෙ ගෙම්බො හිටිය නිසා සර්පයෝ හරියට ආවා. උන් ආපහු ගියේ නැහැ තාත්තාගෙන් බේරිලා. මම හිටිය තැන මට මතකයි. මට නම් ඒක හරිම කටුකයි. ඒක සැපක් කියල හිතන්න මට බැහැ. ඒ ගේ මට දිවිය විමානයක් නොවේ කෙලෙසකවත්. මතක් වෙනකොට හීනයක් වගේ. කටුක අත් දැකීම් ගොඩයි. අපේ ගෙදර තිබුනෙ කුප්පි ලාමිපු දෙකයි. පාඩම් කරද්දි මට නින්ද ගිහින් දවසක් කොන්ඩෙ ඇවිලෙනකොට ඇහැරුනේ. තාත්තා මාව බදාගෙන ඇඩුවා එදා. අම්මා මගේ රත්තරං පුතේ කියලා මාව ඉම්බා. අපේ ගෙදර මොනව හරි උනාම ඉස්සෙල්ලාම ඇඩුවෙ අම්මා නෙමේ තාත්තා. අදටත් තාත්තා හරිම සංවේදී කියා කියන්නට බැරි තරම් අහිංසකයෙක්. පහුවදාම හන්දියේ කඩෙන් චිමිනි ලාම්පුවක් ගෙනාවා තාත්තා. එදා ඒක පත්තු කරනකොට නංගියි මමයි අප්පුඩි ගැහුවා. හරියට අර කලර් ලයිට් ඕපනින් වලදි ඇමතිවරු සුවිච් ඔබනකොට අපේ මිනිස්සු අප්පුඩි තලනව වගේ. අපිට හරියට කන්න තිබුනෙ නැහැ. බඩගින්නට බඩවැල් ඇබරුනා. තාත්තයි අම්මයි කිව්වෙ එයාලාට දවල්ට බඩගිනි හැදෙන්නෙ නැහැ කියලයි. මහ වැස්සෙ නියරවල් දාන තාත්තා හරියට තේ බිව්වා හකුරු එක්ක. වැඩ කරනකොට බඩගිනි එන්නෙ නැහැ කියලා තාත්තා කිව්වා. තාත්තා බොරු නොකියන නිසා මම තාත්තාව විස්වාස කලා. ඉස්කෝලෙ ගිහින් ආවම තාත්තා නියරවල් දදා ඉදලා ඇවිත් මට කැව්වා. ඒත් කටක්වත් කෑවෙ නැහැ එයා බඩගිනි නැති නිසා. වැඩකරනකොට ඔයාට බඩගිනි වෙන්නෙ නැහැ කියලා ඔයා මට කිව්වෙ බොරු කියලා මට දැන් තේරනවා තාත්තෙ. මම තරහයි. නංගි ලොකු ලමයෙක් උනාම මින්නේරි ඔයෙන් නාවලා නිකන් ගිටියා. නංගිගෙ කනේ රත්තරං කරාබු තිබුනෙ නැහැ. එදා අපි කහට වෙනුවට සීනි දාලා තේ බිව්වා. රැට අපි හතර දෙනා ච්කන් එක්ක බත් කෑවා. ඒත් අම්මයි තාත්තයි හොදි එක්ක කෑවෙ. පහුවදා උදේටත් නංගිටයි මටයි චිකන් ලැබුනා. නංගිටයි අම්මටයි ඇදුම් අදින්න ඕන උනාම අපි එලියට යනවා. කාමර නැහැ අපේ ගෙදර. මූලු ප්‍රමානෙ අඩි විස්ස දහය විතර ඇති මතක විදියට. පොල් අතු දිරල වේයො වැටුන සමහර කාල වල. පැදුරෙ නිදා ගත්තේ අපි. වැස්ස කාලෙට උල් දිය. තාත්තා මැටි වලින් ඇදක් වගේ බැම්මක් බැන්දා මට නිදා ගන්න. ඒක කටුකයි. කටුකයි. කටුකයි... යකෝ.. මගේ කොමෙන්ට් එකෙන් මම කිව්වෙ ඒක. මට බැනපල්ලා. ඒත් ඒක ලස්සනයි කියන්න මට බැහැ. තාත්තාගේ දේශපාලන මතය හා විධිමත් ඉගෙනුමින් බැහැරව ලබන දැනුම අපිව මින්නේරි ඔය නිම්නයේ කෙරවලට තල්ලු කරලා මිරිකලා පොඩි කලා. ආස කෙනෙක් ඉන්නව නම් කියන්න. තාම ඉඩම එතන තියෙනවා. පදිංචි කරන්නම්. දරුවව මින්නේරි ඔයෙන් පීනවමු ඉස්කෝලෙට. ඔය අයිනෙ තිබුන ගස් ගොඩක් අතු පෑහලා දරට වික්කා තාත්තා මම කැම්පස් ඉද්දි සල්ලි එවන්න. දැන් පදිංචි වෙන එකාගෙ තාත්තාටත් පුලුවන් ඌට උගන්නන්න ඒ ගස් පාහින්න ආයෙත්. මාසෙකට එකසිය පනහක් විතර ලැබුනා තාත්තාගේ ඒ දර වලින්. මහ පොල දාහයි. මහ බාරකාර අරමුදලෙන් දුප්පත්ම ලමයාට හිමි මාසික මුදල තුන්සිය පනහයි. වැහි කාලෙට කකුල් දියමැටියො කනවා ඒකට අපි කිව්වෙ ප්‍රීති කසානා. ඔයෙන් නැතුව තල්පොත පැත්තට යන්න දනක් එරෙන පාරක් තිබුනා. ඒක කරත්ත පාරක්. අපිට ලියුම් ආවෙ හන්දියේ ගෙදරකට. අදත් දිව් රුම් දුන් ලිස්ට් එකේ මගේ ලිපිනේ විදියට තියෙන්නේ ඒ ගෙදර ලිපිනය. ඒ ගෙදර සදලුතලයක් තිබුනා. එයාලාට ට්රැක්ටරකුත් තිබුනා. කුඹුරුත් තිබුනා. මම හඩමි. ඒ අතීතය වෙනුවෙන් නොව. මාගේ කොමෙන්ටුවට කියවා ගන්නට බැරි වූ මිනිසුන් වෙනුවෙනි. අකුරු දත් සියල්ලන්ටම කියවන්නට නොහැක. අන්ධ මිනිසුන්ටද ලොව පෙනෙන්නේය. පෙනෙන උන් බොහෝ අන්ධය. කියවන්න... අකුරු නොව.. අකුරු අතර... අපිට මිනිසුන් කියවන්න වෙලාවක් නැහැ. කියව ගන්න සාක්ශරතාවයකුත් නැහැ. පත්තර, සිංදු නාටක නොකියවාම බලන සමයක මිනිස්සු කියවන්න කොහෙද වෙලාවක්. ඉහත සියල්ල ජීවිතේ උඹලා කියන සොදුරු අත්දැකීම් ය. සොදුරු බව හොදම නම් ලමයි අරන් අපේ ගමේ යමු. විස්තර ඉන්බොක්ස් කරන්න. කෝඩිනේටින් මගෙන් නොමිලේ. උබලාගේ සැප ගමට දීලා උඹලා ඒ සොදුරු බව එක්ක වැලලියල්ලා. ගමේ එවුන්ට උබලාගේ කටුක නගරේ දෙමු. ගෙදර දෙමු. කාර් එක දෙමු. මා මෙය ලියන්නේද උඹලා මට බැන කොමෙන්ටු දාන්නේද එකම එක මිනිසෙක් නිසාවෙනි. කන්නංගර උතුමානණි ඔබ නිවන් දැක ඇති නිසා මේ අකුරු ඔබට පෙනෙන්නේ නැති බව මට සිකුරුයි. නිදහස් අධ්‍යාපනය දිනේවා ලොව ඇති තෙක්!! කසිප්පු පෙරීමෙන් හෝ හරක් බැලීමෙන් මා මුදවා ගත් තාත්තාත්, අම්මාත්, කන්නංගර උත්තමයාත් බුදු වේවා! අරවින්ද හබක්කල. ( නම නැතුව පෝස්ටුව උස්සන්නේ හරි හමං ඉගෙනුමක් නැති ගෝතයෝ ය)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom