Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මුස්ලිම් කතාවේ මුල සෙවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් කතාවේ මුල සෙවීම

ෙම්ක පරණ කතාවක්

ක්‍රි.ව 920ටත් එහාට ඇදෙන්නක්

මුස්ලිම් සමූහයේ ලංකා උපත මෙතන කියලයි කතාව

අපි අරාබි පාර දිගේ මරදාන හොයාගෙන ත්රීවිලර් ගමන ඇරඹුවා. කොළඹත් මරදාන තියෙනවා. ගාල්ලෙත් තියෙනවා. බේරුවලත් මරදාන තියෙනවා. මරදාන නම තිබ්බේ කවුද, මොකට තිබ්බාද කියන්න මෙහේ පැරැන්නෝ දන්නේ නැහැ. අපි යන්නේ බේරුවල මරදානට. අරාබි පාරට අරුතක් තියෙනවා. අපි හොයන කතාවට ඒ පාර අපිම අරගෙන යනවා. කාලීද් අබ්දුල් මාලික් බින් මාර්වාන් අරාබිය පාලනය කරනකොට බොහෝ අරාබි ජාතිකයන්ට දිවි ගලවා ගන්නට රටින් පනින්න වෙලා. එහෙමත් නැත්නම් වෙළෙඳාමට අරාබියේ නොරැඳී වෙන රටවල් හොයාගෙන යන්න මේ මිනිස්සුන් පෙළඹවලා. කොහොම හරි ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් සංක්‍රමණය 8වැනි ශත වර්ෂයේ සිදුවූ බව සර් අලෙක්සැන්ඩර් ජොන්ස්ටන් පැවසුවත් සාම්ප්‍රදායික සටහන් අනුව නබිතුමාගේ ‘හිජ්රා’ සිදුවීමට අවුරුදු 22කට පසුව මෙය සිදු වූ බවයි විශ්වාසය.

හත්වන ශත වර්ෂයේදී නැව් හතරක් යෙමන් දේශයේ සිට සුල්තාන්වරුන් තිදෙනෙක් රැගෙන පිටත් වූ බවත් සුල්තාන් බදුර්දින්, සුල්තාන් සලාහුදින්, සුල්තාන් සදුර්දින් යන අය මන්නාරම, බේරුවල ගොඩ බැස්ස බවත් කියැවෙනවා. ඉන්ද බේරුවල ගොඩබැස්සේ සුල්තාන් සදුර්දීන් බවයි විශ්වාසය. මේ සුල්තාන් ඇතුළු පිරිස නගරයට සේන්දු වූ පාර අදටත් හඳුන්වන්නේ අරාබි පාර කියලා. අරාබිකාරයෝ රටට රිංගු පාර අරාබි පාර වුණා. අපි යන්නේ ඒ පාරේ.

පාරක්

කියන්නේ ගමනක්.

බෑ-රුවල

මුස්ලිම් අරාබිවරු බේරුවල වරායේ තම රුවල් නැව නැංගුරම්ලා රුවල් බෑවූ හේතුවෙන් ‘බෑ- රුවල’ යන්න කටින් කට යද්දී බෑ-රුවල, බේරුවල වුණැයි J.C.Vansanden නම් ලියන්නා ීSONAHAR ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

පිංහේන

අද මුස්ලිම් ජනතාව බහුල මේ ප්‍රදේශ එකල සිංහල ජනයාටම වෙන්වුණු ප්‍රදේශ ය. සුල්තාන් පිරිවර සමඟ ඇදෙන පටු මාර්ගය (අද, අරාබි පාර) රට මැද්දට එන සුල්තාන් ඇතුළු පිරිස ‘පිංහේන’ නම් ගමට ඇතුළු වී ඇත. අධික ගමන් මහන්සියෙන් වෙහෙසට පත් වූ සුල්තාන් පිංහේනේ නිවසකට ඇතුළු වී බීමට වතුර ඉල්ලුවයි කතාව ය. ඒ මොහොතේ නිවැසියන් කුඹුරට ගොස් ඇති කල නිවසේ රැඳී ඇත්තේ තරුණියක පමණි. ඇය මේ සුල්තාන් ඇතුළු පිරිසගේ පිපාසය සංසිඳවූ බැවින් සුල්තාන් ඇයට තෑග්ගක් ලෙස මුද්දක් පළඳවා ඇති බව මොවුන් විශ්වාස කරන කතාවයි. මුදු පැළඳවීම විවාහ සිරිත බව ඇදහූ ගෙහිමියන් කතාව සැලවූ සැණින් සුල්තාන් සොයාගෙන ගිය බවත්, සුල්තාන් එවිට පිං හේනට ආසන්නයේම කුඩාරම් ලා සිටි බවත්, මුද්ද පැළඳුවා නම් කෙල්ල සහේට ගත යුතුයි යන්න සිංහල ඉල්ලීම වූ බවත්, එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විවාහයකින් කෙළවර වූ බවත් සුල්තාන් පිංහේනේ බින්න බැස්ස බවත් ඉතිහාස කතාවයි. සුල්තාන් සමඟ පැමිණි පිරිසද පිංහේනේ සිංහල ගැහැනු සමඟ බින්න බසින්නට ඇත.

සිංහල ගැහැනු කරකාරයට ගත් අරාබි මුස්ලිම්වරු සිංහල නොවී ඒ පරම්පරාව මුස්ලිම් කර ගත් බවත්, මේ නිසා පිංහේන ග්‍රාමයේ ඔවුන් දේව යාඥාව සඳහා පල්ලියක් ඉදිකළ බවත් පැවසෙනවා. කාලයත් සමඟ විනාශ වී ගොස් අද පල්ලියක් නැති මුත් අදටත් එම ස්ථානයට පල්ලිය වත්ත යන නාමය භාවිත කෙරෙනු දක්නට ලැබේ.

මුස්ලිම්වරු කොයි දීපංකරේ ගියත් ඒ ගිය තැන ලැග්ග තැන අනිවාර්ය කළ යුතු හිස් වේලා දේව යාඥාව සිදු කිරීම සඳහා පල්ලිය නමින් සුළු වශයෙන් හෝ ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීම අනිවාර්ය සිරිතය. ඒ නිසාම පිංහේනේ මෙන්ම බේරුවල වරාය අසලත් පල්ලි ඉදිකිරීම එකල සිදුකර ඇති බවත් එහෙත් ඒවා අද නොමැති බවත් මේ මරදාන මිනිසුන්ගේ අදහසය. මේ මරදාන මිනිසුන් යනු සුල්තාන්ගේ පරම්පාරාවේ අද පුරුක්ය.

මරදාන පල්ලිය

සුල්තාන් සදුර්දීන්ගේ ගමන සිහිකරවන අරාබි පාර මෙන්ම මරදානේ ඉදිකර ඇති මස්ජිදුල් අබ්රාර් පල්ලිය මුස්ලිම් ආගමනයට ඇති ප්‍රබල සාක්ෂිය. අප දකින මේ පල්ලිය අද නවීකරණය වී ඇතත් මෙය සුල්තාන් මෙරට ඉදිකළ ඉතිරි වූ මුල්ම පල්ලිය බව පැවසේ. එහි උපත ක්‍රී.ව 920 ලෙස සඳහන්ය. පිංහේන, බේරුවල පල්ලි දෙකම අභාවයට යද්දී මෙය ඉදිකරන්නට ඇතැයිද, මේ තුනම එකවර ඉදිකිරීමෙන් මෙය සුරැකුණ බවක්ද මොවුන්ගේ විශ්වාසයය. එදා සුල්තාන් කුඩාවට හැදූ ආකෘතියටම අද විශාලව මේ පල්ලිය ඉදිකොට ඇත. එදා පල්ලිය හදන්නට පස් ගත් තැන ඉදි වූ විශාල පොකුණ අදද දක්නට ලැබේ. එය අද මුස්ලිම් ළමුන්ගේ පිහිනුම් තටාකයකි.

මෙය මෙරට ප්‍රථම මුස්ලිම් පල්ලියය. සිංහල ගැහැනු ගත් මුල්ම මුස්ලිම්වරුන් පසුව සිංහල ලකුණු මකා දමා අද වන විට මුස්ලිම් ලකුණට ඉතිරි වන තැනටම සිය පරපුර මේ ප්‍රදේශවල ව්‍යාප්ත කර ඇත. එදා සුල්තාන් මෙරටට එන විට මෙහි සිංහල ආධිපත්‍යය කෙලෙස පවතින්නට ඇද්ද.

අද අප මේ ප්‍රදේශයට යන විට එහි ඇති මුස්ලිම් ආධිපත්‍යය සුල්තාන් එදා පැළඳ වූ මුදුවේ තරම කියා පාන්නේය. මේ මෙරට මුස්ලිම් ආරම්භයය. දේවල් ඇරඹෙනුයේ ඉතා කුඩාවටය. ඇතැම් විට ආගමෙන්ය. එහෙත් ව්‍යාප්තියට ඒ කිසිවක් බල නොපායි. අරාබිවරුන්ගේ සුදට එකල මෙරට ගැහැනු වශී නොවුණහයි සිතිය නොහැකිය. කෙසේ වෙතත් විජයට වශී වූ කුවේණි මෙන්ම සුල්තාන්ට පිංහේනේ තරුණිය වශී නොවුණයි කෙසේ කියන්නද?

මෙය එක්තරා විදිහක ආදර කතාවක ඇරඹුමක් විය හැක. එහෙත් ඉතිහාසය එතරම් හෙළිපෙහෙළි නොකරයි. මුස්ලිම් ආරම්භය එසේ වුවත් වැඩි ව්‍යාප්තිය සිදු වූයේ ඉන්දියාව හරහා වීම නිසා මොවුන් කතා කරන භාෂාව දෙමළ වී ඇත. අරාබි පියවරුන්ට සහ සිංහල මව්වරුන්ට දාව උපන් දරුවෝ අරාබි බස හෝ සිංහල බස කතා නොකළේ මන්ද යන්න මෙරට ජාතීවාදිහූ නඟන තාර්කයය. මෙරට මුස්ලිම් ව්‍යාප්තිය ඉන්දියාව හරහා සිදු වූ නිසා වුවායැයි ඔවුන්ගේ අදහසය. ඉතිහාසය කතාවලට විවිධ අදහස් තර්ක ඇත. එහෙත් මෙහි අපේ අරමුණ ඒ තර්කවල ඇත්ත සෙවීම නොවේ. මේ පැරණිතම පල්ලියේ අතීතය තුළ කරක් ගැසීමටය.

සොහොන් කොත

බේරුවල මරදාන මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලියේ අනෙක් කිසිදු පල්ලියක දැකගත නොහැකි විශේෂත්වයක් ඇත. එනම් මෙරට ආරම්භක මුස්ලිම්වරයා ලෙස සැලකෙන සුල්තාන් සදුර්දීන්ගේ සොහොන ගෘහයක තැන්පත් කොට ආරක්ෂා කිරීමය. මුස්ලිම් සුසානවල සිහිවටන නැතත් මුස්ලිම් ඉතිහාසය මෙරට ලියූ සුල්තාන්ගේ සොහොන් ගැබ ඔවුහු අදටත් ආරක්ෂා කරති. මේ පල්ලිය මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය කියාපාන ප්රබලතම සලකුණය. ඒ තුළ ඇති සුල්තාන්ගේ සොහොන් ගැබද එයට එක් කරනුයේ ගාම්භීර මතකයකි. මන්ද මේ මිනිසා මෙහි බින්න නොබහින්න මුස්ලිම් ඉතිහාසය මෙතරම් පරණ මෙහිම ආරම්භ නොවන බැවිනි.

සිහිවටනය

ශ්‍රී ලංකාවේ මුල්ම මුස්ලිම් ජනාවාස බේරුවලින් ඇරඹි නිසා එය සිහි කිරීමට විශේෂ උත්සවයක් 2003 ජුනි 08 වැනිදා පවත්වා ඇති අතර එහිදී මෙම පල්ලියේ ශ්‍රී විභූතිය විදහා දක්වමින් සමරු මුද්දර දෙකක් නිකුත් කර ඇත. එම සමරු මුද්දර දෙකෙහි මුල්දින කවරය සමඟ තැපැල් දෙපාර්තමේන්තුව පළකරන ලද පත්‍රිකාවේ මෙසේ සඳහන්ය.

“නබිනායක මුහම්මද් (සල්) තුමාගේ ජන්ම දිනය වන “මිලාදුන් නබී” දිනය නිමිතිකොට ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් වන අරාබීවරුන් ප්‍රථමයෙන් පා තැබූ භූමි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉපැරණිම සහ මේ දක්වා මනා ලෙස පවත්වාගෙන එන ප්‍රථම මුස්ලිම් දේවස්ථානය වන බේරුවල මරදාන පිහිටි මස්ජිදුල් අබ්රාර් ජුම්මා දෙවස්ථානයේහි ආරම්භය සැමරීම පිණිස තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් රු. 23.00 සහ රු. 4.50 යන වටිනාකමින් යුත් නව තැපැල් මුද්දර දෙකක් 2003 ජුනි මස 08 වැනි දින නිකුත් කෙරිණි.

නැවත ඉදිකිරීම

මෙය ශතවර්ෂයකට පෙර බේරුවල ප්‍රදේශයේ පිහිටි එකම ජුම්මා මුස්ජිදය මෙයවේ. මෙම මස්ජිදය වරින්වර ප්‍රතිසංස්කරණයට භාජනය වී ඇත. අවසාන වශයෙන් බේරුවල නියෝජනය කළ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක සහ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දැරු දිවංගත දේශමාන්‍ය අල්හාජ් එම්. ඒ. බාකීර් මාකාර් සහ ගම්වැසියන් එක්ව අද පවතින ආකාරයට මෙම පල්ලිය ඉදිකොට ඇත්තේ 1986 දීය. එහි ගෘහ නිර්මාණ ශිල්පය මුල් පල්ලියේ ආකාරයටම ඉදිකර ඇත. අද මෙම මස්ජිදය තුළ එකම අවස්ථා වක 3000කට වැඩි බැතිමතුන් පිරිසකට රොක් වී දේව වන්දනයේ යෙදෙන්නට හැකිවන පරිදි ඉඩ පහසුකම් ඇත.

මුස්ලිම් පල්ලි අද ඕනෑ තරම් ඇතත් මෙය ඉන් විශේෂවන්නේ මුස්ලිම් වරුන්ගේ ආරම්භය මෙහි සනිටුහන්ව ඇති බැවිනි. අද බේරුවලම මේ පල්ලි අබිබවා තවත් මහා පරිමාණයේ විශාල දැකිය හැකිය ප්‍රමාණයෙන් කොතරම් විශාල වුවද ඇතැම් ඒවා ආරාබී ගෘහ නිර්මාණ හැඩය ගෙන අලංකාර වුවද මේ පල්ලිය දරාගෙන සිටින ඉතිහාස කතාව හමුවේ ඒ සියල්ල මේ පල්ලියේ කුඩා අනුරූය. බේරුවල – මරදාන අමතක කොට මුස්ලිම්වරුන් ගැන කතා කළ හැකිද?

ඉතිහාසය පිරික්සුම දී මේ සියල්ලෙහි මුල් සිංහල බව පැහැදිලිය. එසේනම් මෙරට වෙසෙන මුස්ලිම්, ක්‍රිස්තියානි ආරම්භය සිංහල බව අමතක කළ නොහැකිය. එසේනම් ආගම් කුමක් වුවත් සිංහල ලෙස සැමට එකට විසීමට බාධාවක් පැවතිය හැකිද? බේරුවල මරදාන මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලිය. මුස්ලිම්වරුන්ගේ පමණක් නොව මෙරට සැමගේ ඉතිහාස මංපෙතකි.■

බේරුවල වත්හිම්රාජපුර

කුරුණෑගල රාජ්‍ය සමයේ රජකළ පළවන බුවනෙකබා රජුන් විසින් බේරුවල ප්‍රදේශය හා සබඳතාවක් ඇති යෝනක බිසවක විවාහ කරගත් අතර ඇයට උපත ලද වත්හිමි කුමරු පසුකලක දෙවන බුවනෙකබා රජුන් නමින් රජවිය. චූලාවංශය, පූජාවලිය, රාජාවලිය, නිකාය සංග්‍රහය වැනි දඹදෙනි යුගය හා සම්බන්ධ බොහෝ ප්‍රකාශනයන්හි වත්හිම් කුමරුන් නොහොත් පසුකලක ගලේබණ්ඩාර රජුන් සහ එම රජ පරපුර ගැන නිරන්තර සඳහන් වේ.

බේරුවල ප්‍රදේශය හා සමිප සම්බන්ධතාවක් පවත්නා තම මවගේ ඉල්ලීම පරිදි වත්හිම් කුමාරා සිය අධ්‍යාපන කටයුතු සඳහා බේරුවල වූ මුල් ගම් ප්‍රදේශයට පැමිණීමෙන් පසු ඔහු ප්‍රදේශවාසීන් අතර බෙහෙවින් ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වූ බව ජනප්රවාදයේ සඳහන්වේ. පළවන බුවනෙකබා රජුගේ ඇවෑමෙන් රාජප්රාප්තියට පත්වූ දෙවන බුවනෙකබා රජුන් බේරුවල සහ දක්ෂීණ ශ්‍රී ලංකාව සමගින් බෙහෙවින් සමීප සබඳතා පැවැත්වූ අතර, එදා බේරුවල ජීවත් වූ ප්‍රදේශය මාලිගාහේන නමින් අදද ප්‍රචලිතව පවති. වත්හිම් රජුන් විසින් එදා ඉදිකළ මල්වත්ත අද එහි නොමැතිවුවත් බේරුවල ප්‍රදේශයේ ජනතාව අද මෙම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ මල්වත්ත ලෙසිනි.

රාජ්‍ය සමයේ විවිධ භාණ්ඩ ගබඩාකොට තිබූ එදා “පුනෝත්තොම්” නමින් ප්‍රදේශවාසීන් හැඳින්වූ ගම් පෙදෙස අද ගබඩාගොඩ නමින් හඳුන්වනු ලබයි. රජුන්ගේ සේනාංක පැවති ප්‍රදේශ හේනවත්ත ලෙසින් අදද හඳුන්වනු ලබයි. මනා ජලපොකුණු සහ කුඹුරුයායකින් සමන්විතව එදා රාජ්‍ය සමයේ පැවති භූමිය පසුකලක කිසිවකුගේ අවධානය යොමු නොවුනු කිසිදු සංවර්ධන කටයුත්තක් සඳහා ප්‍රයෝජනයට නොගත් වගුරු බිම් බවට පත්විය. විවිධ වූ සංවර්ධන කාර්යයන් සඳහා මෙම ප්‍රදේශය දායකකරගැනීමට උත්සාහ ගනු ලැබුවද ඒ කිසිවක් සාර්ථක නොවූ තැන වත්මන් ජනසංනිවේදන අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ පුරෝගාමිත්වයෙන් මෙම වගුරු බිම් ප්‍රදේශය සංවර්ධන කිරීම සඳහා ක්‍රියාවට නංවන ලද සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස එදා රජුනට පාලනය සඳහා අතහිත දුන් සරුබිමක් අද නැවතත් සංවර්ධිත ප්‍රදේශයක් බවට පත්ව තිබේ.

ජනසන්නිවේදන අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කෙරෙන ප්‍රාදේශීය ගම්උදාව වැඩසටහන යටතේ පෞද්ගලික අංශය හා දන පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් නිවාස ව්‍යාපෘතින් 13ක් සංවර්ධන කටයුතු සිදුකෙරෙන අතර වගුරු බිමක් සංවර්ධනය කොට ඉදිවූ මෙම ජනාවාසයද අදාළ වැඩසටහන යටතේ ඉදිවූ එක් නිවාස ව්‍යාපෘතියකි. මෙම නිවසක හිමිකම ලැබී ඇත්තේ දහසකුත් එකක් දුෂ්කරතා මධ්‍යයේ වසර ගණනාවක් මෙම වගුරුබිම් හා ඒ අවට ජීවත් වූ දරුපවුල් 122කටය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අදාළ නිවාස ව්‍යාපෘතියේ සියලු සංවර්ධන කටයුතු මෙහෙයවීම සිදුකළ අතර සීමාසහිත ස්වර්ණවාහිනි ආයතනය මෙම දරුපවුල්හි නිවාස සංවර්ධනය සඳහා වූ සිය දායකත්වය නොමසුරුව ලබාදී තිබේ.

එදා රාජ්‍ය සමයේ බෙහෙවින් සශ්‍රීක ප්‍රදේශයක් ලෙසින් පැවති මෙම ප්‍රදේශය පසුකලක වගුරු බිමක් ලෙසින් ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වී අද නැවතත් සංවර්ධිත ප්‍රදේශයක් බවට පත්වීමෙන් අනතුරුව එදා රාජ්‍ය සමයේ මෙම ගම්බිම් නිසි රාජ්‍ය පාලනයකට යොමුකළ වත්හිමි රජුන්ට උපහාරයක් ලෙසින් මෙම භූමියේ උදාවූ නව ජනාවාසය ‘වත්හිමිරාජපුර’ ලෙසින් නම් කොට තිබේ.

ටිරන් කුමාර බංගගමආරච්චි

[QUOTE="Hiramana Ajith, post: 22237114, member: 564390"] [b]මුස්ලිම් කතාවේ මුල සෙවීම[/b] [IMG]http://ravaya.lk/wp-content/uploads/bfi_thumb/palliya-34bmq4zyqsias4qn760lq8.gif[/IMG] [SIZE="4"]ෙම්ක පරණ කතාවක් ක්‍රි.ව 920ටත් එහාට ඇදෙන්නක් මුස්ලිම් සමූහයේ ලංකා උපත මෙතන කියලයි කතාව * * * අපි අරාබි පාර දිගේ මරදාන හොයාගෙන ත්රීවිලර් ගමන ඇරඹුවා. කොළඹත් මරදාන තියෙනවා. ගාල්ලෙත් තියෙනවා. බේරුවලත් මරදාන තියෙනවා. මරදාන නම තිබ්බේ කවුද, මොකට තිබ්බාද කියන්න මෙහේ පැරැන්නෝ දන්නේ නැහැ. අපි යන්නේ බේරුවල මරදානට. අරාබි පාරට අරුතක් තියෙනවා. අපි හොයන කතාවට ඒ පාර අපිම අරගෙන යනවා. කාලීද් අබ්දුල් මාලික් බින් මාර්වාන් අරාබිය පාලනය කරනකොට බොහෝ අරාබි ජාතිකයන්ට දිවි ගලවා ගන්නට රටින් පනින්න වෙලා. එහෙමත් නැත්නම් වෙළෙඳාමට අරාබියේ නොරැඳී වෙන රටවල් හොයාගෙන යන්න මේ මිනිස්සුන් පෙළඹවලා. කොහොම හරි ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් සංක්‍රමණය 8වැනි ශත වර්ෂයේ සිදුවූ බව සර් අලෙක්සැන්ඩර් ජොන්ස්ටන් පැවසුවත් සාම්ප්‍රදායික සටහන් අනුව නබිතුමාගේ ‘හිජ්රා’ සිදුවීමට අවුරුදු 22කට පසුව මෙය සිදු වූ බවයි විශ්වාසය. හත්වන ශත වර්ෂයේදී නැව් හතරක් යෙමන් දේශයේ සිට සුල්තාන්වරුන් තිදෙනෙක් රැගෙන පිටත් වූ බවත් සුල්තාන් බදුර්දින්, සුල්තාන් සලාහුදින්, සුල්තාන් සදුර්දින් යන අය මන්නාරම, බේරුවල ගොඩ බැස්ස බවත් කියැවෙනවා. ඉන්ද බේරුවල ගොඩබැස්සේ සුල්තාන් සදුර්දීන් බවයි විශ්වාසය. මේ සුල්තාන් ඇතුළු පිරිස නගරයට සේන්දු වූ පාර අදටත් හඳුන්වන්නේ අරාබි පාර කියලා. අරාබිකාරයෝ රටට රිංගු පාර අරාබි පාර වුණා. අපි යන්නේ ඒ පාරේ. * * * පාරක් කියන්නේ ගමනක්. * * * බෑ-රුවල මුස්ලිම් අරාබිවරු බේරුවල වරායේ තම රුවල් නැව නැංගුරම්ලා රුවල් බෑවූ හේතුවෙන් ‘බෑ- රුවල’ යන්න කටින් කට යද්දී බෑ-රුවල, බේරුවල වුණැයි J.C.Vansanden නම් ලියන්නා ීSONAHAR ග්‍රන්ථයේ සඳහන් කර ඇත. පිංහේන අද මුස්ලිම් ජනතාව බහුල මේ ප්‍රදේශ එකල සිංහල ජනයාටම වෙන්වුණු ප්‍රදේශ ය. සුල්තාන් පිරිවර සමඟ ඇදෙන පටු මාර්ගය (අද, අරාබි පාර) රට මැද්දට එන සුල්තාන් ඇතුළු පිරිස ‘පිංහේන’ නම් ගමට ඇතුළු වී ඇත. අධික ගමන් මහන්සියෙන් වෙහෙසට පත් වූ සුල්තාන් පිංහේනේ නිවසකට ඇතුළු වී බීමට වතුර ඉල්ලුවයි කතාව ය. ඒ මොහොතේ නිවැසියන් කුඹුරට ගොස් ඇති කල නිවසේ රැඳී ඇත්තේ තරුණියක පමණි. ඇය මේ සුල්තාන් ඇතුළු පිරිසගේ පිපාසය සංසිඳවූ බැවින් සුල්තාන් ඇයට තෑග්ගක් ලෙස මුද්දක් පළඳවා ඇති බව මොවුන් විශ්වාස කරන කතාවයි. මුදු පැළඳවීම විවාහ සිරිත බව ඇදහූ ගෙහිමියන් කතාව සැලවූ සැණින් සුල්තාන් සොයාගෙන ගිය බවත්, සුල්තාන් එවිට පිං හේනට ආසන්නයේම කුඩාරම් ලා සිටි බවත්, මුද්ද පැළඳුවා නම් කෙල්ල සහේට ගත යුතුයි යන්න සිංහල ඉල්ලීම වූ බවත්, එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විවාහයකින් කෙළවර වූ බවත් සුල්තාන් පිංහේනේ බින්න බැස්ස බවත් ඉතිහාස කතාවයි. සුල්තාන් සමඟ පැමිණි පිරිසද පිංහේනේ සිංහල ගැහැනු සමඟ බින්න බසින්නට ඇත. සිංහල ගැහැනු කරකාරයට ගත් අරාබි මුස්ලිම්වරු සිංහල නොවී ඒ පරම්පරාව මුස්ලිම් කර ගත් බවත්, මේ නිසා පිංහේන ග්‍රාමයේ ඔවුන් දේව යාඥාව සඳහා පල්ලියක් ඉදිකළ බවත් පැවසෙනවා. කාලයත් සමඟ විනාශ වී ගොස් අද පල්ලියක් නැති මුත් අදටත් එම ස්ථානයට පල්ලිය වත්ත යන නාමය භාවිත කෙරෙනු දක්නට ලැබේ. මුස්ලිම්වරු කොයි දීපංකරේ ගියත් ඒ ගිය තැන ලැග්ග තැන අනිවාර්ය කළ යුතු හිස් වේලා දේව යාඥාව සිදු කිරීම සඳහා පල්ලිය නමින් සුළු වශයෙන් හෝ ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීම අනිවාර්ය සිරිතය. ඒ නිසාම පිංහේනේ මෙන්ම බේරුවල වරාය අසලත් පල්ලි ඉදිකිරීම එකල සිදුකර ඇති බවත් එහෙත් ඒවා අද නොමැති බවත් මේ මරදාන මිනිසුන්ගේ අදහසය. මේ මරදාන මිනිසුන් යනු සුල්තාන්ගේ පරම්පාරාවේ අද පුරුක්ය. මරදාන පල්ලිය සුල්තාන් සදුර්දීන්ගේ ගමන සිහිකරවන අරාබි පාර මෙන්ම මරදානේ ඉදිකර ඇති මස්ජිදුල් අබ්රාර් පල්ලිය මුස්ලිම් ආගමනයට ඇති ප්‍රබල සාක්ෂිය. අප දකින මේ පල්ලිය අද නවීකරණය වී ඇතත් මෙය සුල්තාන් මෙරට ඉදිකළ ඉතිරි වූ මුල්ම පල්ලිය බව පැවසේ. එහි උපත ක්‍රී.ව 920 ලෙස සඳහන්ය. පිංහේන, බේරුවල පල්ලි දෙකම අභාවයට යද්දී මෙය ඉදිකරන්නට ඇතැයිද, මේ තුනම එකවර ඉදිකිරීමෙන් මෙය සුරැකුණ බවක්ද මොවුන්ගේ විශ්වාසයය. එදා සුල්තාන් කුඩාවට හැදූ ආකෘතියටම අද විශාලව මේ පල්ලිය ඉදිකොට ඇත. එදා පල්ලිය හදන්නට පස් ගත් තැන ඉදි වූ විශාල පොකුණ අදද දක්නට ලැබේ. එය අද මුස්ලිම් ළමුන්ගේ පිහිනුම් තටාකයකි. මෙය මෙරට ප්‍රථම මුස්ලිම් පල්ලියය. සිංහල ගැහැනු ගත් මුල්ම මුස්ලිම්වරුන් පසුව සිංහල ලකුණු මකා දමා අද වන විට මුස්ලිම් ලකුණට ඉතිරි වන තැනටම සිය පරපුර මේ ප්‍රදේශවල ව්‍යාප්ත කර ඇත. එදා සුල්තාන් මෙරටට එන විට මෙහි සිංහල ආධිපත්‍යය කෙලෙස පවතින්නට ඇද්ද. අද අප මේ ප්‍රදේශයට යන විට එහි ඇති මුස්ලිම් ආධිපත්‍යය සුල්තාන් එදා පැළඳ වූ මුදුවේ තරම කියා පාන්නේය. මේ මෙරට මුස්ලිම් ආරම්භයය. දේවල් ඇරඹෙනුයේ ඉතා කුඩාවටය. ඇතැම් විට ආගමෙන්ය. එහෙත් ව්‍යාප්තියට ඒ කිසිවක් බල නොපායි. අරාබිවරුන්ගේ සුදට එකල මෙරට ගැහැනු වශී නොවුණහයි සිතිය නොහැකිය. කෙසේ වෙතත් විජයට වශී වූ කුවේණි මෙන්ම සුල්තාන්ට පිංහේනේ තරුණිය වශී නොවුණයි කෙසේ කියන්නද? මෙය එක්තරා විදිහක ආදර කතාවක ඇරඹුමක් විය හැක. එහෙත් ඉතිහාසය එතරම් හෙළිපෙහෙළි නොකරයි. මුස්ලිම් ආරම්භය එසේ වුවත් වැඩි ව්‍යාප්තිය සිදු වූයේ ඉන්දියාව හරහා වීම නිසා මොවුන් කතා කරන භාෂාව දෙමළ වී ඇත. අරාබි පියවරුන්ට සහ සිංහල මව්වරුන්ට දාව උපන් දරුවෝ අරාබි බස හෝ සිංහල බස කතා නොකළේ මන්ද යන්න මෙරට ජාතීවාදිහූ නඟන තාර්කයය. මෙරට මුස්ලිම් ව්‍යාප්තිය ඉන්දියාව හරහා සිදු වූ නිසා වුවායැයි ඔවුන්ගේ අදහසය. ඉතිහාසය කතාවලට විවිධ අදහස් තර්ක ඇත. එහෙත් මෙහි අපේ අරමුණ ඒ තර්කවල ඇත්ත සෙවීම නොවේ. මේ පැරණිතම පල්ලියේ අතීතය තුළ කරක් ගැසීමටය. සොහොන් කොත බේරුවල මරදාන මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලියේ අනෙක් කිසිදු පල්ලියක දැකගත නොහැකි විශේෂත්වයක් ඇත. එනම් මෙරට ආරම්භක මුස්ලිම්වරයා ලෙස සැලකෙන සුල්තාන් සදුර්දීන්ගේ සොහොන ගෘහයක තැන්පත් කොට ආරක්ෂා කිරීමය. මුස්ලිම් සුසානවල සිහිවටන නැතත් මුස්ලිම් ඉතිහාසය මෙරට ලියූ සුල්තාන්ගේ සොහොන් ගැබ ඔවුහු අදටත් ආරක්ෂා කරති. මේ පල්ලිය මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය කියාපාන ප්රබලතම සලකුණය. ඒ තුළ ඇති සුල්තාන්ගේ සොහොන් ගැබද එයට එක් කරනුයේ ගාම්භීර මතකයකි. මන්ද මේ මිනිසා මෙහි බින්න නොබහින්න මුස්ලිම් ඉතිහාසය මෙතරම් පරණ මෙහිම ආරම්භ නොවන බැවිනි. සිහිවටනය ශ්‍රී ලංකාවේ මුල්ම මුස්ලිම් ජනාවාස බේරුවලින් ඇරඹි නිසා එය සිහි කිරීමට විශේෂ උත්සවයක් 2003 ජුනි 08 වැනිදා පවත්වා ඇති අතර එහිදී මෙම පල්ලියේ ශ්‍රී විභූතිය විදහා දක්වමින් සමරු මුද්දර දෙකක් නිකුත් කර ඇත. එම සමරු මුද්දර දෙකෙහි මුල්දින කවරය සමඟ තැපැල් දෙපාර්තමේන්තුව පළකරන ලද පත්‍රිකාවේ මෙසේ සඳහන්ය. “නබිනායක මුහම්මද් (සල්) තුමාගේ ජන්ම දිනය වන “මිලාදුන් නබී” දිනය නිමිතිකොට ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් වන අරාබීවරුන් ප්‍රථමයෙන් පා තැබූ භූමි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉපැරණිම සහ මේ දක්වා මනා ලෙස පවත්වාගෙන එන ප්‍රථම මුස්ලිම් දේවස්ථානය වන බේරුවල මරදාන පිහිටි මස්ජිදුල් අබ්රාර් ජුම්මා දෙවස්ථානයේහි ආරම්භය සැමරීම පිණිස තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් රු. 23.00 සහ රු. 4.50 යන වටිනාකමින් යුත් නව තැපැල් මුද්දර දෙකක් 2003 ජුනි මස 08 වැනි දින නිකුත් කෙරිණි. නැවත ඉදිකිරීම මෙය ශතවර්ෂයකට පෙර බේරුවල ප්‍රදේශයේ පිහිටි එකම ජුම්මා මුස්ජිදය මෙයවේ. මෙම මස්ජිදය වරින්වර ප්‍රතිසංස්කරණයට භාජනය වී ඇත. අවසාන වශයෙන් බේරුවල නියෝජනය කළ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක සහ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දැරු දිවංගත දේශමාන්‍ය අල්හාජ් එම්. ඒ. බාකීර් මාකාර් සහ ගම්වැසියන් එක්ව අද පවතින ආකාරයට මෙම පල්ලිය ඉදිකොට ඇත්තේ 1986 දීය. එහි ගෘහ නිර්මාණ ශිල්පය මුල් පල්ලියේ ආකාරයටම ඉදිකර ඇත. අද මෙම මස්ජිදය තුළ එකම අවස්ථා වක 3000කට වැඩි බැතිමතුන් පිරිසකට රොක් වී දේව වන්දනයේ යෙදෙන්නට හැකිවන පරිදි ඉඩ පහසුකම් ඇත. මුස්ලිම් පල්ලි අද ඕනෑ තරම් ඇතත් මෙය ඉන් විශේෂවන්නේ මුස්ලිම් වරුන්ගේ ආරම්භය මෙහි සනිටුහන්ව ඇති බැවිනි. අද බේරුවලම මේ පල්ලි අබිබවා තවත් මහා පරිමාණයේ විශාල දැකිය හැකිය ප්‍රමාණයෙන් කොතරම් විශාල වුවද ඇතැම් ඒවා ආරාබී ගෘහ නිර්මාණ හැඩය ගෙන අලංකාර වුවද මේ පල්ලිය දරාගෙන සිටින ඉතිහාස කතාව හමුවේ ඒ සියල්ල මේ පල්ලියේ කුඩා අනුරූය. බේරුවල – මරදාන අමතක කොට මුස්ලිම්වරුන් ගැන කතා කළ හැකිද? ඉතිහාසය පිරික්සුම දී මේ සියල්ලෙහි මුල් සිංහල බව පැහැදිලිය. එසේනම් මෙරට වෙසෙන මුස්ලිම්, ක්‍රිස්තියානි ආරම්භය සිංහල බව අමතක කළ නොහැකිය. එසේනම් ආගම් කුමක් වුවත් සිංහල ලෙස සැමට එකට විසීමට බාධාවක් පැවතිය හැකිද? බේරුවල මරදාන මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලිය. මුස්ලිම්වරුන්ගේ පමණක් නොව මෙරට සැමගේ ඉතිහාස මංපෙතකි.■ බේරුවල වත්හිම්රාජපුර කුරුණෑගල රාජ්‍ය සමයේ රජකළ පළවන බුවනෙකබා රජුන් විසින් බේරුවල ප්‍රදේශය හා සබඳතාවක් ඇති යෝනක බිසවක විවාහ කරගත් අතර ඇයට උපත ලද වත්හිමි කුමරු පසුකලක දෙවන බුවනෙකබා රජුන් නමින් රජවිය. චූලාවංශය, පූජාවලිය, රාජාවලිය, නිකාය සංග්‍රහය වැනි දඹදෙනි යුගය හා සම්බන්ධ බොහෝ ප්‍රකාශනයන්හි වත්හිම් කුමරුන් නොහොත් පසුකලක ගලේබණ්ඩාර රජුන් සහ එම රජ පරපුර ගැන නිරන්තර සඳහන් වේ. බේරුවල ප්‍රදේශය හා සමිප සම්බන්ධතාවක් පවත්නා තම මවගේ ඉල්ලීම පරිදි වත්හිම් කුමාරා සිය අධ්‍යාපන කටයුතු සඳහා බේරුවල වූ මුල් ගම් ප්‍රදේශයට පැමිණීමෙන් පසු ඔහු ප්‍රදේශවාසීන් අතර බෙහෙවින් ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වූ බව ජනප්රවාදයේ සඳහන්වේ. පළවන බුවනෙකබා රජුගේ ඇවෑමෙන් රාජප්රාප්තියට පත්වූ දෙවන බුවනෙකබා රජුන් බේරුවල සහ දක්ෂීණ ශ්‍රී ලංකාව සමගින් බෙහෙවින් සමීප සබඳතා පැවැත්වූ අතර, එදා බේරුවල ජීවත් වූ ප්‍රදේශය මාලිගාහේන නමින් අදද ප්‍රචලිතව පවති. වත්හිම් රජුන් විසින් එදා ඉදිකළ මල්වත්ත අද එහි නොමැතිවුවත් බේරුවල ප්‍රදේශයේ ජනතාව අද මෙම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ මල්වත්ත ලෙසිනි. රාජ්‍ය සමයේ විවිධ භාණ්ඩ ගබඩාකොට තිබූ එදා “පුනෝත්තොම්” නමින් ප්‍රදේශවාසීන් හැඳින්වූ ගම් පෙදෙස අද ගබඩාගොඩ නමින් හඳුන්වනු ලබයි. රජුන්ගේ සේනාංක පැවති ප්‍රදේශ හේනවත්ත ලෙසින් අදද හඳුන්වනු ලබයි. මනා ජලපොකුණු සහ කුඹුරුයායකින් සමන්විතව එදා රාජ්‍ය සමයේ පැවති භූමිය පසුකලක කිසිවකුගේ අවධානය යොමු නොවුනු කිසිදු සංවර්ධන කටයුත්තක් සඳහා ප්‍රයෝජනයට නොගත් වගුරු බිම් බවට පත්විය. විවිධ වූ සංවර්ධන කාර්යයන් සඳහා මෙම ප්‍රදේශය දායකකරගැනීමට උත්සාහ ගනු ලැබුවද ඒ කිසිවක් සාර්ථක නොවූ තැන වත්මන් ජනසංනිවේදන අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ පුරෝගාමිත්වයෙන් මෙම වගුරු බිම් ප්‍රදේශය සංවර්ධන කිරීම සඳහා ක්‍රියාවට නංවන ලද සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස එදා රජුනට පාලනය සඳහා අතහිත දුන් සරුබිමක් අද නැවතත් සංවර්ධිත ප්‍රදේශයක් බවට පත්ව තිබේ. ජනසන්නිවේදන අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කෙරෙන ප්‍රාදේශීය ගම්උදාව වැඩසටහන යටතේ පෞද්ගලික අංශය හා දන පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් නිවාස ව්‍යාපෘතින් 13ක් සංවර්ධන කටයුතු සිදුකෙරෙන අතර වගුරු බිමක් සංවර්ධනය කොට ඉදිවූ මෙම ජනාවාසයද අදාළ වැඩසටහන යටතේ ඉදිවූ එක් නිවාස ව්‍යාපෘතියකි. මෙම නිවසක හිමිකම ලැබී ඇත්තේ දහසකුත් එකක් දුෂ්කරතා මධ්‍යයේ වසර ගණනාවක් මෙම වගුරුබිම් හා ඒ අවට ජීවත් වූ දරුපවුල් 122කටය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අදාළ නිවාස ව්‍යාපෘතියේ සියලු සංවර්ධන කටයුතු මෙහෙයවීම සිදුකළ අතර සීමාසහිත ස්වර්ණවාහිනි ආයතනය මෙම දරුපවුල්හි නිවාස සංවර්ධනය සඳහා වූ සිය දායකත්වය නොමසුරුව ලබාදී තිබේ. එදා රාජ්‍ය සමයේ බෙහෙවින් සශ්‍රීක ප්‍රදේශයක් ලෙසින් පැවති මෙම ප්‍රදේශය පසුකලක වගුරු බිමක් ලෙසින් ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වී අද නැවතත් සංවර්ධිත ප්‍රදේශයක් බවට පත්වීමෙන් අනතුරුව එදා රාජ්‍ය සමයේ මෙම ගම්බිම් නිසි රාජ්‍ය පාලනයකට යොමුකළ වත්හිමි රජුන්ට උපහාරයක් ලෙසින් මෙම භූමියේ උදාවූ නව ජනාවාසය ‘වත්හිමිරාජපුර’ ලෙසින් නම් කොට තිබේ.[/SIZE] [SIZE="4"][RIGHT]ටිරන් කුමාර බංගගමආරච්චි[/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom