මුස්ලිම් කාන්තාවක් ලෙස

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුස්ලිම් කාන්තාවක් ලෙස

    බුර්කාව පැලඳගෙන මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වලා ගොස් මනුෂ්‍ය ඝාතන ගණනාවක් සිදු කළ බව කියන පාතාල ලෝකයේ වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන යුදහමුදාවෙන් පලාගොස් සිටි කෝප්‍රල්වරයෙක් නුගේගොඩ කොට්ඨාස නීතිය බලගැන්වීම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ
    සුරියවැව ප්‍රදේශයේ පදිංචි රුවන් කුමාර හෙවත් ආමි රුවන් (29) නමැත්තෙකි. අත්අඩංගුවට ගත් මෙම සැකකරු දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පසුගිය කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අයකු බවට තොරතුරු ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් පැවසීය.
    සැකකරුගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මනුෂ්‍ය ඝාතන 04ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විණැයි පොලිසිය කියයි.

    සැකකාර හමුදා කෝප්‍රල්වරයා සමහර මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට ගොස් ඇතතේ බුර්කාවක් පැළදගෙන මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වලාගෙන බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි කියති.
    කොහුවල පදිංචිව සිටි රණවක සුනිල් රුවන් පෙරේරා නමැති කෝටිපති ව්‍යාපාරිකයකු මෙම වසරේ ජුලි මාසයේ 28 කොහුවලදී වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම, එම විසරේදීම ජනවාරි මාසයේ 13 වැනිදා වත්තල හේකිත්ත ප්‍රදේශයේදි සතීපන් රාජේන්ද්‍රන් සහ සුප්පයියා මදිවානන් චාල්ස් හෙවත් මදී නැමැත්තන්ට කාර් රථයකින් යමින් සිටියදී වෙඩි තබා ඝාතතනය කිරීම සහ බස් රථයක ගමන් කරමින් සිටි මනෝහේවා රංජිත් ජයවර්ධන නමැත්තෙකුට ඇල්පිටිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම "ආමි රුවන්" නමැති මෙම පාතාලයා විසින් සිදුකර තිබෙන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කීය.

    නුගේගොඩ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාට ලැබුණු තොරතුරක් මත පරික්‍ෂණ පවත්වා සැකකරු උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නුගේගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීම් ඒකකයේ සේනාධිපති පොලිස් පරීක්ෂක රංජිත් එදිරිසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.දකුණු පළාතේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු බව කියන කොස්ගොඩ සුජි නමැත්තාගේ ප්‍රධානතම වෙඩික්කරුවා ලෙස සැලකෙන්නේ
    'ආමි රුවින්' නමැති මෙම සැකකරු බවට පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙන බවද පොලිසිය පවසයි. කොගොඩ සුජී නමැත්තා රටින් පලාගොස් ඩුබායි රටේ සැඟවී සිටින අතර එහි සිටි ආමි රුවන් ලවා ඝාතනය කිරීමට අවශ්‍ය පුද්ගලයන්ගේ නම හා විස්තර ලබාදී ඇතැයි ද පොලීසිය කීය.

    කොස්ගොඩ සුජී නමැත්තාට අමතරව කොස්ගොඩ මයිකල්, කෙනඩි සහ බුම්මා නමැති පාතාල නායකයාගේ වෙඩික්කරු ලෙස ද මොහු කටයුතු කර තිබෙන බවට තොරතුරු පොලිසියට ලැබී තිබෙන බව පැවසේ. අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා කෝප්‍රල්වරයා හමුදාවේ රාජකාරී කරන වකවානුවේ විශේෂ පාඨමාලා 10ක් පමණ හදාරා විශේෂ දක්‍ෂතා ඇති ඉල්ලකයට වෙඩි තැබිමේ ශුරයකු බවද පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇත. මෙම සැකකරු ඉන්දියාවේදී ත්‍රස්ත මර්දන හා කැලෑ සටන් ක්‍රම පිළිබඳ විශේෂ පුහුණු පාඨමාලාවක් හදාරා ඇති අයකු යැයි ද පොලිසිය කියයි.

    -ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    Respect for using Burka
    Burka should be used for all illegal/underworld activities
    we should promote burka among "Lady Boys" too
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    So this guy will be sent to prison for some time and we have to pay for his food and other basic needs while he stays there I guess.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,915
    113
    බුර්කාව දාගෙන ඕනම අපරාදයක් කරන්න පුළුවන්