Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මුස්ලිම් විරෝදී රැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් විරෝදී රැල්ල

ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජන අරගල / ලේ වගිරුම් පුරාතනයේ පටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවන්නේ ලංකා ඉතිහාසය පුරා අරගල හරහා ගමන් කර ඇති බැවිනි. පුරාතන රජ සමයේ පටන් ලේ වගිරුම් / අරගල සිදුව ඇති මුලාශ්‍ර විමසා බැලුවහොත් සෑම සිදුවීමකටම මුලාශ්රවී ඇත්තේ එක පුද්ගලයෙකුගේ හෝ එක්තරා කණ්ඩායමකගේ අවශ්‍යතාවය මත තවත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සතු බලය / රාජ්‍යය / සංස්කෘතිය /භූමිය /ආගම වෙනස්කිරීමට හෝ අයත්කරගැනීමට ඇති බලවත් කැමැත්ත නොහොත් ආශාවය . මේ කැමැත්ත ආශාව විවිද අයුරින් අප ජන සමාජයට බලපෑම් කල අතර විදේශ ආක්‍රමණ / දේශීය ආක්‍රමණ යන දෙකොට්ටශයෙන්ම අපි ඇති තරම් බැට කා ඇති දේශයක පුරවැසියන් වන්නෙමු.

මැත ඉතිහාසය ගත්කල වසර 30 කට ආසන්න කාලයක් අපි ත්‍රස්තවාදී යුද්දයක ප්‍රතිපල භුක්තිවින්දෙමු. එය වර්ගවාදී යුද්දයක් වශයෙන් ලොවට කියාපෑමට යම් පිරිස් උත්සහ ගත්තද අවසානයේ ත්‍රස්තවාදය පරාජයකොට ශ්‍රීලාංකික අපි සියල්ල ජය ලැබුවෙමු. මෙමෙ පාපකාරී යුද්දය ආරම්භය කව්රු කුමන ආකාරයකින් සිදු කලද යුද්දයට උල්පන්දම් දීමට ඕනෑතරම් පිරිස් අන්තර්ජාතිකව ඉදිරිපත් වුනිද යන්න ලාංකියින් වශයෙන් අපි සියල්ලන් නොදන්නෝ නොවන්නෙමු. මෙම යුද්දය ආරම්භ වුයේ සීමිත පිරිසගේ උවමනාවකට උවද අවසානයේ යුදයේ කෘරත්වයට දිවි පිදීමට සිදුවුයේ යුදයකට කිසිදු උවමනාවක් නැති අහිංසක සිංහල/දෙමල/මුස්ලිම් සිවිල් ජනතාවටය. ජාති බේදයක්/වයස් බේදයක්/ආගම් බේදයක් නොමැතිව අහිංසක සිවිල් ජනතාව ජීවිතවලින් වන්දි ගෙවූ අතර මෙම ජිවිත අහිමිවූ අහින්සකයින්ගෙන් 99.99% කටම යුද්දයක් කිරීමේ අවශ්‍යතාවයක් නැති උදවිය බවට මාගේ පුද්ගලික හැඟීම වන්නේය. උක්තවූ යුද්දයට උල්පන්දම් දුන් උදවිය අද දවසේද සීත කාමරවල සුවවින්දිමින් තමාගේ දේපල භුක්තිවිඳිමින් දරුමල්ලන් සමග සන්තෝසයෙන් ජීවිතය ගතකරනු ඇත්තා වන්නට ඇත. එහෙත් යුද්දයට මැදි වුවන් අද වනවිට පවුල් පිටින් ඝාතනය වී ඇත, නැතහොත් පවුලේ සාමාජිකයින් යුද්දයෙන් මියගොස්ය, ආබාදිතය නැතහොත් සියලු දේපල පොළොවට සමතලා වී ඇත.

එවන් අඳුරු ඉතිහාසයක් ඇති ලාංකික සිංහලයින් පිරිසක් එම මතකයන් උණු උණුවේ අමතකවීයන්නට මත්තෙන් නැවතත් වර්ගවාදී යුද්දයකට අර අදිමින් නව ප්‍රවේශයක් ලබාගෙන ඇති බවට සාක්ෂි ඕනෑවටත් වඩා එළකිරියේ පලවෙමින් ඇත. ඒ නම් නවතම රැල්ල මුස්ලිම් විරෝදීව ගොඩනැගෙමින් ඇති අලුත්ම කතිකාවතයි. ඒ වෙනුවෙන් පලවෙන බොහොමයක් කරුණු අසත්‍ය නොවන අතර අසාධාරණද නොවනු ඇත. එහෙත් මෙමෙ උක්ත කරුණ සම්බන්ධයෙන් චෝදනා දෙකක් ම්ස්ලිම් ජනතාව වෙත එල්ලවන අතර පළමුවැන්න වෙළඳපොල ආක්‍රමණය කිරීමයි. දෙවැන්න බුදුදහම විනාස කිරීමට ප්රයත්න දැරීමයි.

පළමුවන කාරනාව විමසා බැලීමේදී මුස්ලිම් වෙළෙන්දන් ලාංකීය වෙළඳපොල ආක්‍රමණය කිරීම සම්බන්දයෙන් ගත් කල පවතින ආර්ථික රටාව අනුව වෙළඳපොලේ පවතින අඩුම මිල ලැබෙන වෙළඳ ස්ථානය වෙත යාමට නිරන්තරයෙන්ම සිදුවන බව කටත් නොරහසකි. වෙළඳ ද්‍රව්‍යය වැඩි මිලකට විකුණන සිංහල කඩයට වඩා එම වෙළඳ ද්‍රව්‍යයම ඊට අඩු මිලට විකුණන මුස්ලිම් වෙළඳ ස්ථානයට ලැබෙන වෙළඳාම වැඩිවීම සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට වටහාගැනීමට අසීරු කාරනාවක් නොවන්නේය. එහෙත් මුළුමහත් ලාංකීය වැසියන්ගේ අවාසනාවට කුමක්දෝ කණ්ඩායමක් විසින් ඉතාමත් දරුණු ආකාරයකින් මුස්ලිම් වෙළඳ ස්ථාන වලින් බඩු නොගන්නා ලෙස ප්‍රචාරයක් දියත්කරමින් ඇති අතර එය සක්‍රිය අන්දමින් වර්තමානයේ රැල්ලක් වශයේ ගලායමින් ඇත. සිංහල /මුස්ලිම්/ දෙමල යන තුන් වර්ගයම සක්‍රිය ව්‍යාපාරවල නියැලෙන අප රටේ මුස්ලිම් වෙළෙඳුන්ගේ වෙළඳ ස්ථාන වෙත නොයන ලෙස කරන ප්‍රකාශයෙන් ගම්‍ය වන කරුණු තුනක් ඇත. ඉන් පළමුවැන්න මුස්ලිම් වෙළඳුන්ගේ ඇති කුමන හෝ වැරදි හේතුවෙන් ඔවුන්ට මුදල් ගලායාම නවත්විමයි. දෙවැන්න බහුතරයක් වන ව්‍යාපාරික ප්‍රජාව වන සිංහල වෙළඳුන්ට ව්‍යාපාරික වශයෙන් මුස්ලිම් වෙළඳුන් සමග තරංග කොට වෙළඳපොල අල්ලාගැනීමට ඇති නොහැකියාවයි. තුන්වන්නනම් වර්ගවාදයක් උක්තකොට අඩු මිලට මිලදීගැනීමට ඇති වෙළඳ ද්‍රව්‍ය මිලදී නොගන්නා ලෙස මතවාදයක් ගොඩනගා අනෙකුත් කළුකඩ මුදලාලිලාට ජනතාවගේ පසුම්බිය කොල්ලකෑමට සැලැස්වීමයි. ලජ්ජා සහගත සිංහලයකු වශයෙන් මාගේ විසඳුම නම් උක්ත කරුණට පිළිතුර ඉහත දෙවැනි සහ තුන්වැනි කරුණුවලට උත්තර සෙවීම නොවේද යන්නයි. ධාවන තරඟයකදී ඉදිරියෙන්ම දුවන ක්‍රීඩකයාගේ දෙපා විලංගුලා තරඟය දිනීමට තැත්කිරීම ලජ්ජා සහගත නොවන්නේද?

දෙවන කාරනාවනම් මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් බෞද්ධ සිද්දස්ඨාන අත්පත්කරගැනීමට තැත්කිරීම හා බුදුරජානන් වහන්සේට අපහාස කිරීමයි. ආගමක් වශයෙන් මුස්ලිම් ආගම අවිහින්සාවාදයෙන් තොර හා ම්ලේච්චත්වය මනාලෙස විදහා දක්වන කෲර වදහිංසා වලින් සමන්විත වන බව මුළු ලොවම දන්නා කරුණකි. එහෙත් එය තුල වෙසෙන එහි ම්ලේච්චත්වය බුක්තිවිඳින ජනතාව ස්ව කැමැත්තෙන් එහිම රැඳී සිටිනවානම් ආගමක් වශයෙන් බුද්ධ දර්ශනය තුල සුරක්ෂිතවන අපි මුස්ලිම් වරුන්ගේ ආගමේ ඇති කරුණු ගෙනහැරපාමින් මේ කරනාවූ ක්‍රියාව කිසියම් වූ අරුතක් නොමැති ක්‍රියාවක් වන්නේය. ඔවුනට ඔවුන්ගේ දුර්වලකම් වටහෙන්නටනම් අපි විසින් බුද්ධ දර්ශනය තුලින් නෙලාගත් පල ඔවුන්ට පෙන්වියයුතු නොවන්නේද? දල වශයෙන් කිලෝ 400 බරැති එක හරකෙකු ඝාතනය කර දල වශයෙන් එක් මුස්ලිම් නිවසකට කිලෝ 1 බැගින් නිවෙස් 400 ක මාංශ අවශතාවය සපිරෙනවිට සිංහල බෞද්ධ යයි කියාගන්න අපේ නිවෙස් 400 ක මාංශ අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට කුකුලන් හා මත්සයන් ජීවිත කියක් ඝාතනය වන්නේදැයි ගණන් බැලුවහොත් සිදුව ඇත්තේ ගව ඝාතනයට එරෙහිව එක ඇඟිල්ලක් දික් කරනවිට අනෙක් ඇඟිලි 4 ම අප දිහාටම දික්වී ඇති බව නොවේද ?

බෞද්ධයන් වශයෙන් බුදුහිමියන් ජීවමාන කාලයේ බුදුහිමියන්ට අපහාස උපහාස, හිංසා කිරීමට උත්සහ කල පුද්ගලයින් ඕනෑතරම් සිටිබව බෞද්ධ අප කව්රුත් සත්‍යයකි. එහෙත් එකල අප බෞද්ධ ජනතාව හා බුද්ධ ශ්රාවකයින් බුදුදහම සුරකිනුවස් උද්ගෝෂණ පෙළපාලි සංවිදානය නොකළ බවද අපි දන්නෙමු . බුදුරජානන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය වන්නේ මෛත්‍රිය ඉවසීම මිස උද්ගෝෂණ පෙළපාලි වර්ජන නොවේ. වර්තමානයේ බොදුබලසේනාවල් සංවිදානය කලයුත්තේ බුදුපිළිම විනාශ කරනවුන් උදෙසාද ශ්‍රී සද්ධර්මය විකුර්තිකොට බෞද්ධයන් නිර්වාණය නමැති අරමුණෙන් බැහැරට රැගෙනගොස් හරසුන් දහමක් දේශනාකොට කම්සැප පසුපස හඹා යාමට පොළොඹවන චීවරදාරින් උදෙසාද යන්න අප විසින් විමසා බැලියයුතු කරුණක් නොවන්නේද? බල සේනාවල් සංවිදානය කරන උද්ගෝෂණ පවත්වන චීවරධාරින්ගේ වගකීම බෞද්ධ ජනතාව උද්ගෝෂණ වලට යොමු කිරීමද ඒ නොමැතිනම් කරුණාව මෛත්‍රිය ප්රගුනකොට දාන සීල භාවනා පුරුදුකොට නිර්වාණය දක්වා මෙහෙයවීමට කටයුතු කිරීමද යන්න නුවනින් විමසාබලියයුතු නොවන්නේද? මේ ලොව පවතින සියල්ල අනිත්‍යයයි අපට වටහාදුන් තිලෝගුරු තථාගත බුදු හිමියන් දෙසු දහම වසර 5550 ක් වැනි කාලයක් තුල මෙලොවින් තුරන්වන බව බුදු හිමියන් විසින්ම දේශනා කරන ලදුව තිබියදී එම අනිත්‍යතාවය මෙලොව වසන අන් සත්වයින්ට හා ආගම් සියල්ලටමද පොදු නොවන්නේද?

ලෝක ඉතිහාසයේ ලෝක යුද්ද සිදුවීමට මුල්වී ඇත්තේ ආගම් හා බලය මුල්කොටගෙන පැනනැගුනු මතවාද වර්දනය වීමය. අවසානයේ ලක්ස ගණනින් කොටි ගණනින් මනුෂ්‍ය ජීවිත අහිමිවූ අතර දේපල හානිය ගණනය කිරීමට අසිරුතරම් වූ බව ලෝක ඉතිහාසය දන්නෝ දනිති. වසර 30 ආසන්න කාලයක් යුද්දයක කෲරත්වය අත්විඳි අපි එහි කටුකත්වය මානා සේ අත්විඳි ජාතියක් වන්නෙමු. එහෙත් අපි ඒ යුද්ද කලේ ම්ලේච්චත්වයෙන් පරිපුර්නවූ ත්‍රස්තවාදියෙකු හා ඔහුගේ මුසාබස් වලට රැවටී ත්රස්තවාදීන් වූ පිරිසක් සමගය. එහෙත් මේ ආරම්භකරන ලද්දාවූ මුස්ලිම් විරෝදී අරගලයේ අනාගතය ලේ වගිරුම් ජීවිත හානි දේපල හානි රැසක ආරම්භය වන්නට ප්‍රවේශයක් නොවන්නේද යන්න නුවනැත්තෝ මනසින් නුවනින් විමසා බැලිය උතුය. නුඹලා මේ ප්රවේෂවී ඇත්තේ තවත් එක ත්රස්තවාදුයෙකුට එරෙහි සටනක් නොවේය, ආගමකට හා ජාතියකට එරෙහි සටනක්ය. මේ නුඹලා වනසන්නට සැරසෙන්නේ හෙට උපදින කිරිදරුවන්ගේ අනාගතය නොවේද? අනාගතයේ සිංහල මුස්ලිම් දෙපිරිස මිනි මරාගන්න තැනට දිනය වනවිට ජීවිත වලින්/ දේපල වලින් වන්දි ගෙවන්නේ එළකිරියේ කාඩ්බෝඩ් වීරයන් හා පිකටින් උද්ගෝෂණ කල බල සේනාවල් නොවේය. තම තමුන්ගේ පවුල්වලට බත සරිකරනා අහිංසක සිංහල මුස්ලිම් මිනිසුන්ය. හෙට අනාගතයේ ලොව ජයගැනීමට අද්යාපනය හදාරන දරුවන්ය. තම දරුවන් පාසල් ගොස් , සැමියන් රැකියාකොට නිවසට එනතුරු බලා සිටිනා බිරියන්ය.

මේ ලිපිය යටින් polwattacom හම්බයා යනුවෙන් පළවීමට බොහෝදුරට ඉඩ ඇති අතර එසේ ලිවීමට ඇති අයිතිය කියවන එලකිරියන්ගේ බුද්ධිය ගෝචර වන්නේය .

එහෙත් මාගේ අරමුණ මුස්ලිම් උදවිය හරි සිංහල උදවිය වැරදි යන්න මතු කිරීමට නොව මුස්ලිම් උදවිය තරමටම සිංහල උදවියද අන්ද භාවයට පත්වී ඇති බව වටහා දීමටය. පවතින වෙළඳපොළට තරගකාරීව මුහුණදී වෙළඳපල ජයගැනීමට ප්රයත්න දැරීම මේ එක් ප්‍රශ්නයකට පිළිතුරු නොවන්නේද?

ආගමක් වශයෙන් මුස්ලිම් උදවිය තමගේ ආගමේ යෙදෙන ආකාරයට අපි අපේ බුද්ධ දර්ශනය තුල හැසිරෙන්නේද? පෝයටවත් පන්සලට ගොඩ නොවන 99.99 % බෞද්ධ පිරිසක් නමට පමණක් බෞද්ධයන් වනවිට පන්සල්/බුදුපිළිම විනාස වීම පුදුමයට කරුනක්ද? චීවරදාරීන් උද්ගෝෂණ පෙළපාලි සංවිදානය කරමින් පාරවල්වල බෝඩ් ලෑලි ප්‍රදර්ශනය කරමින් පිකටින් කරන කල දහම් දෙසන්නට පන්සලේ ඉතිරිවන්නේද චීවරදරීන් රට කරවන්නට පාර්ලිමේන්තු වැඩි කල දහම් දෙසන්නට පන්සලේ ඉතිරිවන්නේ

අබිත්තයා පමණි. මහණෙනි ශ්‍රී සද්ධර්මය පමණක් දේශනා කල වදාළ මැනවි යන්න බුදු වදන අද වනවිට කොතරම් දුරට ප්‍රායෝගික වී ඇතිද යත් බහුතරයක් දහම් දුසුම් වලදී සොයාගැනීමට අපහසුම දේ ශ්‍රී සද්ධර්මයමය. ඉතින් අපි බල සේනාවල් සංවිදානය කලයුත්තේ මුස්ලිම් උදවියට එරෙහිවද යන්න නුවනින් විමසා බැලිය යුතු නොවේද.

[QUOTE="polwattacom, post: 14121864, member: 114075"] [b]මුස්ලිම් විරෝදී රැල්ල[/b] [SIZE="5"]ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජන අරගල / ලේ වගිරුම් පුරාතනයේ පටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවන්නේ ලංකා ඉතිහාසය පුරා අරගල හරහා ගමන් කර ඇති බැවිනි. පුරාතන රජ සමයේ පටන් ලේ වගිරුම් / අරගල සිදුව ඇති මුලාශ්‍ර විමසා බැලුවහොත් සෑම සිදුවීමකටම මුලාශ්රවී ඇත්තේ එක පුද්ගලයෙකුගේ හෝ එක්තරා කණ්ඩායමකගේ අවශ්‍යතාවය මත තවත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සතු බලය / රාජ්‍යය / සංස්කෘතිය /භූමිය /ආගම වෙනස්කිරීමට හෝ අයත්කරගැනීමට ඇති බලවත් කැමැත්ත නොහොත් ආශාවය . මේ කැමැත්ත ආශාව විවිද අයුරින් අප ජන සමාජයට බලපෑම් කල අතර විදේශ ආක්‍රමණ / දේශීය ආක්‍රමණ යන දෙකොට්ටශයෙන්ම අපි ඇති තරම් බැට කා ඇති දේශයක පුරවැසියන් වන්නෙමු. මැත ඉතිහාසය ගත්කල වසර 30 කට ආසන්න කාලයක් අපි ත්‍රස්තවාදී යුද්දයක ප්‍රතිපල භුක්තිවින්දෙමු. එය වර්ගවාදී යුද්දයක් වශයෙන් ලොවට කියාපෑමට යම් පිරිස් උත්සහ ගත්තද අවසානයේ ත්‍රස්තවාදය පරාජයකොට ශ්‍රීලාංකික අපි සියල්ල ජය ලැබුවෙමු. මෙමෙ පාපකාරී යුද්දය ආරම්භය කව්රු කුමන ආකාරයකින් සිදු කලද යුද්දයට උල්පන්දම් දීමට ඕනෑතරම් පිරිස් අන්තර්ජාතිකව ඉදිරිපත් වුනිද යන්න ලාංකියින් වශයෙන් අපි සියල්ලන් නොදන්නෝ නොවන්නෙමු. මෙම යුද්දය ආරම්භ වුයේ සීමිත පිරිසගේ උවමනාවකට උවද අවසානයේ යුදයේ කෘරත්වයට දිවි පිදීමට සිදුවුයේ යුදයකට කිසිදු උවමනාවක් නැති අහිංසක සිංහල/දෙමල/මුස්ලිම් සිවිල් ජනතාවටය. ජාති බේදයක්/වයස් බේදයක්/ආගම් බේදයක් නොමැතිව අහිංසක සිවිල් ජනතාව ජීවිතවලින් වන්දි ගෙවූ අතර මෙම ජිවිත අහිමිවූ අහින්සකයින්ගෙන් 99.99% කටම යුද්දයක් කිරීමේ අවශ්‍යතාවයක් නැති උදවිය බවට මාගේ පුද්ගලික හැඟීම වන්නේය. උක්තවූ යුද්දයට උල්පන්දම් දුන් උදවිය අද දවසේද සීත කාමරවල සුවවින්දිමින් තමාගේ දේපල භුක්තිවිඳිමින් දරුමල්ලන් සමග සන්තෝසයෙන් ජීවිතය ගතකරනු ඇත්තා වන්නට ඇත. එහෙත් යුද්දයට මැදි වුවන් අද වනවිට පවුල් පිටින් ඝාතනය වී ඇත, නැතහොත් පවුලේ සාමාජිකයින් යුද්දයෙන් මියගොස්ය, ආබාදිතය නැතහොත් සියලු දේපල පොළොවට සමතලා වී ඇත. එවන් අඳුරු ඉතිහාසයක් ඇති ලාංකික සිංහලයින් පිරිසක් එම මතකයන් උණු උණුවේ අමතකවීයන්නට මත්තෙන් නැවතත් වර්ගවාදී යුද්දයකට අර අදිමින් නව ප්‍රවේශයක් ලබාගෙන ඇති බවට සාක්ෂි ඕනෑවටත් වඩා එළකිරියේ පලවෙමින් ඇත. ඒ නම් නවතම රැල්ල මුස්ලිම් විරෝදීව ගොඩනැගෙමින් ඇති අලුත්ම කතිකාවතයි. ඒ වෙනුවෙන් පලවෙන බොහොමයක් කරුණු අසත්‍ය නොවන අතර අසාධාරණද නොවනු ඇත. එහෙත් මෙමෙ උක්ත කරුණ සම්බන්ධයෙන් චෝදනා දෙකක් ම්ස්ලිම් ජනතාව වෙත එල්ලවන අතර පළමුවැන්න වෙළඳපොල ආක්‍රමණය කිරීමයි. දෙවැන්න බුදුදහම විනාස කිරීමට ප්රයත්න දැරීමයි. පළමුවන කාරනාව විමසා බැලීමේදී මුස්ලිම් වෙළෙන්දන් ලාංකීය වෙළඳපොල ආක්‍රමණය කිරීම සම්බන්දයෙන් ගත් කල පවතින ආර්ථික රටාව අනුව වෙළඳපොලේ පවතින අඩුම මිල ලැබෙන වෙළඳ ස්ථානය වෙත යාමට නිරන්තරයෙන්ම සිදුවන බව කටත් නොරහසකි. වෙළඳ ද්‍රව්‍යය වැඩි මිලකට විකුණන සිංහල කඩයට වඩා එම වෙළඳ ද්‍රව්‍යයම ඊට අඩු මිලට විකුණන මුස්ලිම් වෙළඳ ස්ථානයට ලැබෙන වෙළඳාම වැඩිවීම සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට වටහාගැනීමට අසීරු කාරනාවක් නොවන්නේය. එහෙත් මුළුමහත් ලාංකීය වැසියන්ගේ අවාසනාවට කුමක්දෝ කණ්ඩායමක් විසින් ඉතාමත් දරුණු ආකාරයකින් මුස්ලිම් වෙළඳ ස්ථාන වලින් බඩු නොගන්නා ලෙස ප්‍රචාරයක් දියත්කරමින් ඇති අතර එය සක්‍රිය අන්දමින් වර්තමානයේ රැල්ලක් වශයේ ගලායමින් ඇත. සිංහල /මුස්ලිම්/ දෙමල යන තුන් වර්ගයම සක්‍රිය ව්‍යාපාරවල නියැලෙන අප රටේ මුස්ලිම් වෙළෙඳුන්ගේ වෙළඳ ස්ථාන වෙත නොයන ලෙස කරන ප්‍රකාශයෙන් ගම්‍ය වන කරුණු තුනක් ඇත. ඉන් පළමුවැන්න මුස්ලිම් වෙළඳුන්ගේ ඇති කුමන හෝ වැරදි හේතුවෙන් ඔවුන්ට මුදල් ගලායාම නවත්විමයි. දෙවැන්න බහුතරයක් වන ව්‍යාපාරික ප්‍රජාව වන සිංහල වෙළඳුන්ට ව්‍යාපාරික වශයෙන් මුස්ලිම් වෙළඳුන් සමග තරංග කොට වෙළඳපොල අල්ලාගැනීමට ඇති නොහැකියාවයි. තුන්වන්නනම් වර්ගවාදයක් උක්තකොට අඩු මිලට මිලදීගැනීමට ඇති වෙළඳ ද්‍රව්‍ය මිලදී නොගන්නා ලෙස මතවාදයක් ගොඩනගා අනෙකුත් කළුකඩ මුදලාලිලාට ජනතාවගේ පසුම්බිය කොල්ලකෑමට සැලැස්වීමයි. ලජ්ජා සහගත සිංහලයකු වශයෙන් මාගේ විසඳුම නම් උක්ත කරුණට පිළිතුර ඉහත දෙවැනි සහ තුන්වැනි කරුණුවලට උත්තර සෙවීම නොවේද යන්නයි. ධාවන තරඟයකදී ඉදිරියෙන්ම දුවන ක්‍රීඩකයාගේ දෙපා විලංගුලා තරඟය දිනීමට තැත්කිරීම ලජ්ජා සහගත නොවන්නේද? දෙවන කාරනාවනම් මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් බෞද්ධ සිද්දස්ඨාන අත්පත්කරගැනීමට තැත්කිරීම හා බුදුරජානන් වහන්සේට අපහාස කිරීමයි. ආගමක් වශයෙන් මුස්ලිම් ආගම අවිහින්සාවාදයෙන් තොර හා ම්ලේච්චත්වය මනාලෙස විදහා දක්වන කෲර වදහිංසා වලින් සමන්විත වන බව මුළු ලොවම දන්නා කරුණකි. එහෙත් එය තුල වෙසෙන එහි ම්ලේච්චත්වය බුක්තිවිඳින ජනතාව ස්ව කැමැත්තෙන් එහිම රැඳී සිටිනවානම් ආගමක් වශයෙන් බුද්ධ දර්ශනය තුල සුරක්ෂිතවන අපි මුස්ලිම් වරුන්ගේ ආගමේ ඇති කරුණු ගෙනහැරපාමින් මේ කරනාවූ ක්‍රියාව කිසියම් වූ අරුතක් නොමැති ක්‍රියාවක් වන්නේය. ඔවුනට ඔවුන්ගේ දුර්වලකම් වටහෙන්නටනම් අපි විසින් බුද්ධ දර්ශනය තුලින් නෙලාගත් පල ඔවුන්ට පෙන්වියයුතු නොවන්නේද? දල වශයෙන් කිලෝ 400 බරැති එක හරකෙකු ඝාතනය කර දල වශයෙන් එක් මුස්ලිම් නිවසකට කිලෝ 1 බැගින් නිවෙස් 400 ක මාංශ අවශතාවය සපිරෙනවිට සිංහල බෞද්ධ යයි කියාගන්න අපේ නිවෙස් 400 ක මාංශ අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට කුකුලන් හා මත්සයන් ජීවිත කියක් ඝාතනය වන්නේදැයි ගණන් බැලුවහොත් සිදුව ඇත්තේ ගව ඝාතනයට එරෙහිව එක ඇඟිල්ලක් දික් කරනවිට අනෙක් ඇඟිලි 4 ම අප දිහාටම දික්වී ඇති බව නොවේද ? බෞද්ධයන් වශයෙන් බුදුහිමියන් ජීවමාන කාලයේ බුදුහිමියන්ට අපහාස උපහාස, හිංසා කිරීමට උත්සහ කල පුද්ගලයින් ඕනෑතරම් සිටිබව බෞද්ධ අප කව්රුත් සත්‍යයකි. එහෙත් එකල අප බෞද්ධ ජනතාව හා බුද්ධ ශ්රාවකයින් බුදුදහම සුරකිනුවස් උද්ගෝෂණ පෙළපාලි සංවිදානය නොකළ බවද අපි දන්නෙමු . බුදුරජානන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය වන්නේ මෛත්‍රිය ඉවසීම මිස උද්ගෝෂණ පෙළපාලි වර්ජන නොවේ. වර්තමානයේ බොදුබලසේනාවල් සංවිදානය කලයුත්තේ බුදුපිළිම විනාශ කරනවුන් උදෙසාද ශ්‍රී සද්ධර්මය විකුර්තිකොට බෞද්ධයන් නිර්වාණය නමැති අරමුණෙන් බැහැරට රැගෙනගොස් හරසුන් දහමක් දේශනාකොට කම්සැප පසුපස හඹා යාමට පොළොඹවන චීවරදාරින් උදෙසාද යන්න අප විසින් විමසා බැලියයුතු කරුණක් නොවන්නේද? බල සේනාවල් සංවිදානය කරන උද්ගෝෂණ පවත්වන චීවරධාරින්ගේ වගකීම බෞද්ධ ජනතාව උද්ගෝෂණ වලට යොමු කිරීමද ඒ නොමැතිනම් කරුණාව මෛත්‍රිය ප්රගුනකොට දාන සීල භාවනා පුරුදුකොට නිර්වාණය දක්වා මෙහෙයවීමට කටයුතු කිරීමද යන්න නුවනින් විමසාබලියයුතු නොවන්නේද? මේ ලොව පවතින සියල්ල අනිත්‍යයයි අපට වටහාදුන් තිලෝගුරු තථාගත බුදු හිමියන් දෙසු දහම වසර 5550 ක් වැනි කාලයක් තුල මෙලොවින් තුරන්වන බව බුදු හිමියන් විසින්ම දේශනා කරන ලදුව තිබියදී එම අනිත්‍යතාවය මෙලොව වසන අන් සත්වයින්ට හා ආගම් සියල්ලටමද පොදු නොවන්නේද? ලෝක ඉතිහාසයේ ලෝක යුද්ද සිදුවීමට මුල්වී ඇත්තේ ආගම් හා බලය මුල්කොටගෙන පැනනැගුනු මතවාද වර්දනය වීමය. අවසානයේ ලක්ස ගණනින් කොටි ගණනින් මනුෂ්‍ය ජීවිත අහිමිවූ අතර දේපල හානිය ගණනය කිරීමට අසිරුතරම් වූ බව ලෝක ඉතිහාසය දන්නෝ දනිති. වසර 30 ආසන්න කාලයක් යුද්දයක කෲරත්වය අත්විඳි අපි එහි කටුකත්වය මානා සේ අත්විඳි ජාතියක් වන්නෙමු. එහෙත් අපි ඒ යුද්ද කලේ ම්ලේච්චත්වයෙන් පරිපුර්නවූ ත්‍රස්තවාදියෙකු හා ඔහුගේ මුසාබස් වලට රැවටී ත්රස්තවාදීන් වූ පිරිසක් සමගය. එහෙත් මේ ආරම්භකරන ලද්දාවූ මුස්ලිම් විරෝදී අරගලයේ අනාගතය ලේ වගිරුම් ජීවිත හානි දේපල හානි රැසක ආරම්භය වන්නට ප්‍රවේශයක් නොවන්නේද යන්න නුවනැත්තෝ මනසින් නුවනින් විමසා බැලිය උතුය. නුඹලා මේ ප්රවේෂවී ඇත්තේ තවත් එක ත්රස්තවාදුයෙකුට එරෙහි සටනක් නොවේය, ආගමකට හා ජාතියකට එරෙහි සටනක්ය. මේ නුඹලා වනසන්නට සැරසෙන්නේ හෙට උපදින කිරිදරුවන්ගේ අනාගතය නොවේද? අනාගතයේ සිංහල මුස්ලිම් දෙපිරිස මිනි මරාගන්න තැනට දිනය වනවිට ජීවිත වලින්/ දේපල වලින් වන්දි ගෙවන්නේ එළකිරියේ කාඩ්බෝඩ් වීරයන් හා පිකටින් උද්ගෝෂණ කල බල සේනාවල් නොවේය. තම තමුන්ගේ පවුල්වලට බත සරිකරනා අහිංසක සිංහල මුස්ලිම් මිනිසුන්ය. හෙට අනාගතයේ ලොව ජයගැනීමට අද්යාපනය හදාරන දරුවන්ය. තම දරුවන් පාසල් ගොස් , සැමියන් රැකියාකොට නිවසට එනතුරු බලා සිටිනා බිරියන්ය. මේ ලිපිය යටින් polwattacom හම්බයා යනුවෙන් පළවීමට බොහෝදුරට ඉඩ ඇති අතර එසේ ලිවීමට ඇති අයිතිය කියවන එලකිරියන්ගේ බුද්ධිය ගෝචර වන්නේය . එහෙත් මාගේ අරමුණ මුස්ලිම් උදවිය හරි සිංහල උදවිය වැරදි යන්න මතු කිරීමට නොව මුස්ලිම් උදවිය තරමටම සිංහල උදවියද අන්ද භාවයට පත්වී ඇති බව වටහා දීමටය. පවතින වෙළඳපොළට තරගකාරීව මුහුණදී වෙළඳපල ජයගැනීමට ප්රයත්න දැරීම මේ එක් ප්‍රශ්නයකට පිළිතුරු නොවන්නේද? ආගමක් වශයෙන් මුස්ලිම් උදවිය තමගේ ආගමේ යෙදෙන ආකාරයට අපි අපේ බුද්ධ දර්ශනය තුල හැසිරෙන්නේද? පෝයටවත් පන්සලට ගොඩ නොවන 99.99 % බෞද්ධ පිරිසක් නමට පමණක් බෞද්ධයන් වනවිට පන්සල්/බුදුපිළිම විනාස වීම පුදුමයට කරුනක්ද? චීවරදාරීන් උද්ගෝෂණ පෙළපාලි සංවිදානය කරමින් පාරවල්වල බෝඩ් ලෑලි ප්‍රදර්ශනය කරමින් පිකටින් කරන කල දහම් දෙසන්නට පන්සලේ ඉතිරිවන්නේද චීවරදරීන් රට කරවන්නට පාර්ලිමේන්තු වැඩි කල දහම් දෙසන්නට පන්සලේ ඉතිරිවන්නේ අබිත්තයා පමණි. මහණෙනි ශ්‍රී සද්ධර්මය පමණක් දේශනා කල වදාළ මැනවි යන්න බුදු වදන අද වනවිට කොතරම් දුරට ප්‍රායෝගික වී ඇතිද යත් බහුතරයක් දහම් දුසුම් වලදී සොයාගැනීමට අපහසුම දේ ශ්‍රී සද්ධර්මයමය. ඉතින් අපි බල සේනාවල් සංවිදානය කලයුත්තේ මුස්ලිම් උදවියට එරෙහිවද යන්න නුවනින් විමසා බැලිය යුතු නොවේද. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom