Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදු පතුලේ සොඳුරු නගර I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදු පතුලේ සොඳුරු නගර I

රීක දාර්ශනික ප්ලේටෝගේ ‘තයිමියස්’ සහ ‘ක්රිෂිස්’ යන සංවාදයන් හි සඳහන් වන ‘ඇට්ලැන්ටිස්’ නගරය, සත්‍ය වශයෙන් ම පැවතුණක් ද නොඑසේ නම් ප්ලේටෝ විසින් ගොතන ලද්දක් ද යන්න පිළිබඳ ව තවමත් පවතින්නේ සැකයක්. නිශ්චිත ව තහවුරු වී නොමැති වුව ද සියවස් ගණනාවක් තිස්සේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මුහුදු පතුලේ සැඟ වී ගිය සොඳුරු ඇට්ලැන්ටිස් නගරය කෙදිනක හෝ සොයා ගැනීමට හැකි වනු ඇති බව යි. නමුත් ඇට්ලැන්ටිස් නගරය පිළිබඳ ව හෝඩුවාවක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් මෙතෙක් සමත් වී නොමැති වුව ද ලොව පුරා ස්ථාන කිහිපයකින් ම මුහුදු පතුලේ ගොඩ නංවන ලද හෝ ස්වභාවික හේතූන් මත දිය ගිලී ගිය පුරාණ නගර කිහිපයක් ම සොයා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

යොනාගුනී ස්මාරකය (ජපානය)

ඇතැම් විටෙක ‘යොනාගුනී සබ්මැරීන් නෂ්ටාවශේෂ’ ලෙස හඳුන්වනු ලබන ‘යොනාගුනී ස්මාරකය’ පිහිටා ඇත්තේ තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ සිට කිලෝමීටර් 120 ක් පමණ දුරින් ජපානයේ රියුක්යු දූපත් සමූහයේ දකුණු කෙළවර ආසන්නයේ යි. 1986 වර්ෂයේ දී සොයා ගන්නා ලද එය හැඩයෙන් පියගැට පෙළක් සහිත පිරමීඩයකට සමාන වන අතර වසර 2,000 කට පමණ පෙර ඇති වූ භූමි කම්පාවක් හේතුවෙන් එය සදහට ම මුහුදු පතුලේ සැඟවෙන්නට ඇති බව යි පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ.

© Japanese Station

‘යොනාගුනී ස්මාරකය’ නිර්මාණය කරන ලද හෝ නිර්මාණය වූ ආකාරය පිළිබඳ පුරාවිද්‍යාඥයින් මෙතෙක් එකඟතාවයකට පැමිණ නැහැ. ඇතැමුන් විශ්වාස කරන්නේ එය පුරාණ නගරයක් නොව ස්වභාවධර්මයේ නිර්මාණයක් බව යි. නමුත් ‘යොනාගුනී ස්මාරකය’ සතු මනා ව කපන ලද ගැටි සහිත පාෂාණ කුට්ටි, නිසි පිළිවෙළට සැකසූ පියගැට පෙළ සහ සත්ත්ව රූ ලෙස පෙනෙන ප්‍රතිමා කොටස් නිරීක්ෂණය කරන විට එය සොබාදහමේ නිර්මාණයක් ලෙස බැහැර කළ නොහැකි බව යි පුරාවිද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ.

ක්ලියෝපැට්රාගේ මාලිගය (ඊජිප්තුව)

ලෝක ඉතිහාසයේ ප්‍රකට ම රැජින ලෙස ක්ලියෝපැට්රා නම් කිරීමේ වරදක් නැහැ. ඓතිහාසික මූලාශ්රයන් හි සඳහන් වන්නේ ඇය, ‘ඇන්ටිරෝඩොස්’ නම් දූපතේ සිට දශක දෙකක් කාලයක් පුරාවට ඇලෙක්සාන්ඩ්රියා නුවර පාලනය කළ බව යි. අදින් වසර 1,400 කට පමණ පෙර ඊජිප්තුව ආශ්රිත ප්‍රදේශයේ ඇති වූ දරුණු භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් හට ගෙන ඇති අතර එය පැරණි ලෝක පුදුමක් ලෙස සැලකුණු ඇලෙක්සාන්ඩ්රියාවේ ප්‍රදීපාගාරය සහ ක්ලියෝපැට්රාගේ සොඳුරු මන්දිරය පිහිටි ‘ඇන්ටිරෝඩොස්’ දිවයින ගිල ගත් බව සඳහන් වෙනවා.

© National Geographic

මෙසේ වැළලී ගිය ‘ක්ලියෝපැට්රාගේ මාලිගාව’ 1996 වර්ෂයේ දී නැවත සොයා ගන්නා ලද්දේ පුරාවිද්‍යාඥ ෆ්රෑන්ක් ගොඩියෝ ඇතුළු කිමිදුම්කරුවන් කණ්ඩායමක්. දිගින් දිගට ම කැණීම් කටයුතුවල නිරත වූ ඔවුන්, මාලිගාව ගොඩ නැංවීම සඳහා යොදා ගත් දැවැන්ත ලෝහිත පැහැ ඊජිප්තු ග්‍රැනයිට් කුලුනු පමණක් නොව රාජකීයයන්ගේ ප්‍රතිමා, පැරණි ආභරණ, කාසි වර්ග සහ රන් ආලේපිත ස්පින්ක්ස් ප්‍රතිමා පවා අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙනවා.

තෝනිස්-හෙරක්ලියොන් (ඊජිප්තුව)

පුරාවිද්‍යාඥ ෆ්රෑන්ක් ගොඩියෝ ඇතුළු කණ්ඩායම මුහුදු පතුලේ සැඟ වී ගිය ‘ක්ලියෝපැට්රාගේ මාලිගාව’ සොයාගෙන කෙටි කාලයකට පසු ව තවත් එවැනි ම මුහුදු පතුළේ වැළලුණු නගරයක් සොයා ගැනීමට සමත් වුණා. ‘තෝනිස්-හෙරක්ලියොන්’ නම් වූ එය එතෙක් කාලයක් පුරාණ ග්‍රීක සහ ඊජිප්තු ජනශ්රැතීන් හි සඳහන් ව තිබුණේ මධ්‍යධරණී මුහුද සහ නයිල් නදිය අතර සිදු වූ වෙළඳ කටයුතු යා කළ තොටුපොළක් ලෙස යි. ක්‍රිස්තු පූර්ව 331 දී ඇලෙක්සාන්ඩ්රියා නුවර ගොඩ නැංවීමට පෙර සිට ම වෙළඳ වරායක් ව පැවති ‘තෝනිස්-හෙරක්ලියොන්’ හි දී අමුන් දෙවිඳුන් වෙනුවෙන් කැප කළ දෙවොලක් ද දැක ගැනීමට හැකි යි.

© Christoph Gerigk / Franck Goddio / Hilti Foundation

ක්‍රිස්තු පූර්ව 8 වැනි සියවසේ දී පමණ ගොඩ නංවන්නට ඇතැයි සැලකෙන ‘තෝනිස්-හෙරක්ලියොන්’ නුවර ස්වභාවික ව්‍යවසනයන් රැසකට නොබිය ව මුහුණ දී ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේ දී සදහට ම මධ්‍යධරණී මුහුදේ සැඟ වී ගොස් තිබෙනවා.

පව්ලෝපෙට්රි (ග්‍රීසිය)

ග්‍රීසියේ ලාකොනියා ප්‍රදේශය ආසන්න මධ්‍යධරණී මුහුදේ සැඟ වී ඇති ලොව පැරණි ම සයුරේ ගිලුණු නුවර ලෙස සැලකෙන ‘පව්ලෝපෙට්රි’ වසර 5,000 ක් පමණ පැරණි බවයි ඇස්තමේන්තු කර ඇත්තේ. අක්කර 9 ක භූමි භාගයක් පුරා විසිරී ඇති එය ක්‍රිස්තු පූර්ව 2,800 පමණ පෙර සිටි ම ජනාවාස වී පැවති ඇති අතර ක්‍රිස්තූ පූර්ව 1,000 පමණ ඇති වූ භූමි කම්පාවක් හේතුවෙන් මුහුදු පතුලේ සැඟ ව ගොස් තිබෙනවා. එයින් පසු ව සහස්ර කිහිපයක් ම ගත වී තිබුණ ද අදටත් පැහැදිලි ව ‘පව්ලෝපෙට්රි’ නුවර සැකැස්ම දැක බලා ගැනීමට හැකි අතර කැනීම් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස පුරාණ ගොඩනැගිලි 15 ක් පමණ අනාවරණය කර ගැනීමට ද පුරාවිද්‍යාඥයින් සමත් වී ඇති බව යි වාර්තා වන්නේ.

© BBC

‘පව්ලෝපෙට්රි’ නුවර නටඹුන් අතර මැටි යොදාගෙන සකස් කර ඇති විශාල ගබඩා සහ ප්‍රතිමා පවතිනවා. ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ එය පුරාණයේ දී මිනෝඅන් සහ මයිසනයන් ශිෂ්ටාචාරයන්ට (ලෝකඩ යුගයේ දී ග්‍රීසිය ආශ්රිත ප්‍රදේශය පැවති ශිෂ්ටාචාරයන් ද්විත්වයක්) අයත් වැදගත් වාණිජ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇති බව යි. 1967 දී ‘පව්ලෝපෙට්රි’ නුවර සොයා ගන්නා ලද්දේ කේම්බ්‍රිජ් සරසවියේ නිකොලස් ෆ්ලෙමින් ඇතුළු පුරාවිද්‍යාඥයින් කණ්ඩායම විසින්.

ෂීචෙන්ග් හෙවත් සිංහ නුවර (චීනය)

1959 වර්ෂයේ දී ෂැංහයි නුවර කිලෝමීටර් 400 ක් දකුණු දෙසින් පිහිටා ඇති අඩි 130 ක් පමණ ගැඹුරින් යුතු කියන්ඩෝ වැව් පතුලේ වසර 600 ක් පමණ පැරණි ‘ෂීචෙන්ග්’ නුවර ගිල්වා දැමීමට චීන ආණ්ඩුව තීරණය කළ ඇත්තේ නව ජල විදුලි බලාගාරයක් ගොඩ නැංවීමේ අරමුණ ඇති ව යි. ‘ෂීචෙන්ග් හෙවත් සිංහ නුවර’ අලංකාර කිරීම සඳහා යොදාගෙන ඇති පාෂාණ කැටයම් රටාවන් අයත් වන්නේ, මින්ග් සහ චින්ග් රාජ සමයන්ට (එනම් ක්‍රිස්තු වර්ෂ 1368 – 1912 අතර කාල සීමාව තුළ චීනය පාලන බලය හිමි වූ රජ පරපුර) යි.

© Daily Mail

‘ෂීචෙන්ග්’ නුවර සතු ව ඇතුළු වීමේ ද්වාරයක් පහක් පවතින අතර සිංහයින්, මකරුන්, රාජ ගුරුලන් සහ අනෙකුත් පුරාණ අභිලේඛනයන් සහිත ආරුක්කු 265 ක් පවතිනවා. යොදාගෙන ඇති කැටයම් අනුව නගර බිත්ති 16 වැනි සියවසේ දී පමණ ගොඩ නංවන්නට ඇති බව යි සැලකෙන්නේ. දශක කිහිපයක් පුරාවට මතකයෙන් ගිලිහී ගොස් තිබුණු ‘ෂීචෙන්ග්’ නුවර කරා යළිත් වාරයක් චීන ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ 2001 වර්ෂයේ දී යි. වර්තමානයේ දී එය දිය යට කිමිදුම් සඳහා දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රකට ස්ථානයක්

[QUOTE="Idias, post: 23477053, member: 556682"] [b]මුහුදු පතුලේ සොඳුරු නගර I[/b] [SIZE=4]රීක දාර්ශනික ප්ලේටෝගේ ‘තයිමියස්’ සහ ‘ක්රිෂිස්’ යන සංවාදයන් හි සඳහන් වන ‘[URL="https://www.livescience.com/23217-lost-city-of-atlantis.html"]ඇට්ලැන්ටිස්[/URL]’ නගරය, සත්‍ය වශයෙන් ම පැවතුණක් ද නොඑසේ නම් ප්ලේටෝ විසින් ගොතන ලද්දක් ද යන්න පිළිබඳ ව තවමත් පවතින්නේ සැකයක්. නිශ්චිත ව තහවුරු වී නොමැති වුව ද සියවස් ගණනාවක් තිස්සේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මුහුදු පතුලේ සැඟ වී ගිය සොඳුරු ඇට්ලැන්ටිස් නගරය කෙදිනක හෝ සොයා ගැනීමට හැකි වනු ඇති බව යි. නමුත් ඇට්ලැන්ටිස් නගරය පිළිබඳ ව හෝඩුවාවක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් මෙතෙක් සමත් වී නොමැති වුව ද ලොව පුරා ස්ථාන කිහිපයකින් ම මුහුදු පතුලේ ගොඩ නංවන ලද හෝ ස්වභාවික හේතූන් මත දිය ගිලී ගිය පුරාණ නගර කිහිපයක් ම සොයා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.[/SIZE][SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-oc1-680x425.jpg?w=750[/IMG][/SIZE] [B][SIZE=4]යොනාගුනී ස්මාරකය (ජපානය)[/SIZE][/B] [SIZE=4]ඇතැම් විටෙක ‘යොනාගුනී සබ්මැරීන් නෂ්ටාවශේෂ’ ලෙස හඳුන්වනු ලබන ‘[URL="https://news.nationalgeographic.com/news/2007/09/070919-sunken-city.html?beta=true"]යොනාගුනී ස්මාරකය[/URL]’ පිහිටා ඇත්තේ තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ සිට කිලෝමීටර් 120 ක් පමණ දුරින් ජපානයේ රියුක්යු දූපත් සමූහයේ දකුණු කෙළවර ආසන්නයේ යි. 1986 වර්ෂයේ දී සොයා ගන්නා ලද එය හැඩයෙන් පියගැට පෙළක් සහිත පිරමීඩයකට සමාන වන අතර වසර 2,000 කට පමණ පෙර ඇති වූ භූමි කම්පාවක් හේතුවෙන් එය සදහට ම මුහුදු පතුලේ සැඟවෙන්නට ඇති බව යි පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-oc2-680x453.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Japanese Station[/SIZE] [SIZE=4]‘යොනාගුනී ස්මාරකය’ නිර්මාණය කරන ලද හෝ නිර්මාණය වූ ආකාරය පිළිබඳ පුරාවිද්‍යාඥයින් මෙතෙක් එකඟතාවයකට පැමිණ නැහැ. ඇතැමුන් විශ්වාස කරන්නේ එය පුරාණ නගරයක් නොව ස්වභාවධර්මයේ නිර්මාණයක් බව යි. නමුත් ‘[URL="http://www.news.com.au/travel/world-travel/asia/japans-atlantis-the-unsolved-underwater-mystery/news-story/3ef525273aecf8e9774110e961b2f6cd"]යොනාගුනී ස්මාරකය[/URL]’ සතු මනා ව කපන ලද ගැටි සහිත පාෂාණ කුට්ටි, නිසි පිළිවෙළට සැකසූ පියගැට පෙළ සහ සත්ත්ව රූ ලෙස පෙනෙන ප්‍රතිමා කොටස් නිරීක්ෂණය කරන විට එය සොබාදහමේ නිර්මාණයක් ලෙස බැහැර කළ නොහැකි බව යි පුරාවිද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ.[/SIZE] [B][SIZE=4]ක්ලියෝපැට්රාගේ මාලිගය (ඊජිප්තුව)[/SIZE][/B] [SIZE=4]ලෝක ඉතිහාසයේ ප්‍රකට ම රැජින ලෙස ක්ලියෝපැට්රා නම් කිරීමේ වරදක් නැහැ. ඓතිහාසික මූලාශ්රයන් හි සඳහන් වන්නේ ඇය, ‘ඇන්ටිරෝඩොස්’ නම් දූපතේ සිට දශක දෙකක් කාලයක් පුරාවට ඇලෙක්සාන්ඩ්රියා නුවර පාලනය කළ බව යි. අදින් වසර 1,400 කට පමණ පෙර ඊජිප්තුව ආශ්රිත ප්‍රදේශයේ ඇති වූ දරුණු භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් හට ගෙන ඇති අතර එය පැරණි ලෝක පුදුමක් ලෙස සැලකුණු ඇලෙක්සාන්ඩ්රියාවේ ප්‍රදීපාගාරය සහ [URL="http://www.uwphotographyguide.com/diving-cleopatras-palace"]ක්ලියෝපැට්රාගේ සොඳුරු මන්දිරය[/URL] පිහිටි ‘ඇන්ටිරෝඩොස්’ දිවයින ගිල ගත් බව සඳහන් වෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-oc3-680x497.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© National Geographic[/SIZE] [SIZE=4]මෙසේ වැළලී ගිය ‘ක්ලියෝපැට්රාගේ මාලිගාව’ 1996 වර්ෂයේ දී නැවත සොයා ගන්නා ලද්දේ පුරාවිද්‍යාඥ ෆ්රෑන්ක් ගොඩියෝ ඇතුළු කිමිදුම්කරුවන් කණ්ඩායමක්. දිගින් දිගට ම කැණීම් කටයුතුවල නිරත වූ ඔවුන්, මාලිගාව ගොඩ නැංවීම සඳහා යොදා ගත් දැවැන්ත ලෝහිත පැහැ ඊජිප්තු ග්‍රැනයිට් කුලුනු පමණක් නොව රාජකීයයන්ගේ ප්‍රතිමා, පැරණි ආභරණ, කාසි වර්ග සහ රන් ආලේපිත ස්පින්ක්ස් ප්‍රතිමා පවා අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙනවා.[/SIZE] [B][SIZE=4]තෝනිස්-හෙරක්ලියොන් (ඊජිප්තුව)[/SIZE][/B] [SIZE=4]පුරාවිද්‍යාඥ ෆ්රෑන්ක් ගොඩියෝ ඇතුළු කණ්ඩායම මුහුදු පතුලේ සැඟ වී ගිය ‘ක්ලියෝපැට්රාගේ මාලිගාව’ සොයාගෙන කෙටි කාලයකට පසු ව [URL="http://www.franckgoddio.org/projects/sunken-civilizations/heracleion.html"]තවත් එවැනි ම මුහුදු පතුළේ වැළලුණු නගරයක්[/URL] සොයා ගැනීමට සමත් වුණා. ‘තෝනිස්-හෙරක්ලියොන්’ නම් වූ එය එතෙක් කාලයක් පුරාණ ග්‍රීක සහ ඊජිප්තු ජනශ්රැතීන් හි සඳහන් ව තිබුණේ මධ්‍යධරණී මුහුද සහ නයිල් නදිය අතර සිදු වූ වෙළඳ කටයුතු යා කළ තොටුපොළක් ලෙස යි. ක්‍රිස්තු පූර්ව 331 දී ඇලෙක්සාන්ඩ්රියා නුවර ගොඩ නැංවීමට පෙර සිට ම වෙළඳ වරායක් ව පැවති ‘තෝනිස්-හෙරක්ලියොන්’ හි දී අමුන් දෙවිඳුන් වෙනුවෙන් කැප කළ දෙවොලක් ද දැක ගැනීමට හැකි යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-oc4-680x453.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Christoph Gerigk / Franck Goddio / Hilti Foundation[/SIZE] [SIZE=4]ක්‍රිස්තු පූර්ව 8 වැනි සියවසේ දී පමණ ගොඩ නංවන්නට ඇතැයි සැලකෙන ‘තෝනිස්-හෙරක්ලියොන්’ නුවර ස්වභාවික ව්‍යවසනයන් රැසකට නොබිය ව මුහුණ දී ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේ දී සදහට ම මධ්‍යධරණී මුහුදේ සැඟ වී ගොස් තිබෙනවා.[/SIZE] [B][SIZE=4]පව්ලෝපෙට්රි (ග්‍රීසිය)[/SIZE][/B] [SIZE=4]ග්‍රීසියේ ලාකොනියා ප්‍රදේශය ආසන්න මධ්‍යධරණී මුහුදේ සැඟ වී ඇති ලොව පැරණි ම සයුරේ ගිලුණු නුවර ලෙස සැලකෙන ‘[URL="http://www.ancient-origins.net/ancient-places-europe/oldest-submerged-city-5000-old-sunken-perfectly-designed-city-south-greek"]පව්ලෝපෙට්රි[/URL]’ වසර 5,000 ක් පමණ පැරණි බවයි ඇස්තමේන්තු කර ඇත්තේ. අක්කර 9 ක භූමි භාගයක් පුරා විසිරී ඇති එය ක්‍රිස්තු පූර්ව 2,800 පමණ පෙර සිටි ම ජනාවාස වී පැවති ඇති අතර ක්‍රිස්තූ පූර්ව 1,000 පමණ ඇති වූ භූමි කම්පාවක් හේතුවෙන් මුහුදු පතුලේ සැඟ ව ගොස් තිබෙනවා. එයින් පසු ව සහස්ර කිහිපයක් ම ගත වී තිබුණ ද අදටත් පැහැදිලි ව ‘පව්ලෝපෙට්රි’ නුවර සැකැස්ම දැක බලා ගැනීමට හැකි අතර කැනීම් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස පුරාණ ගොඩනැගිලි 15 ක් පමණ අනාවරණය කර ගැනීමට ද පුරාවිද්‍යාඥයින් සමත් වී ඇති බව යි වාර්තා වන්නේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/oc5-680x366.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© BBC[/SIZE] [SIZE=4]‘පව්ලෝපෙට්රි’ නුවර නටඹුන් අතර මැටි යොදාගෙන සකස් කර ඇති විශාල ගබඩා සහ ප්‍රතිමා පවතිනවා. ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ එය පුරාණයේ දී මිනෝඅන් සහ මයිසනයන් ශිෂ්ටාචාරයන්ට (ලෝකඩ යුගයේ දී ග්‍රීසිය ආශ්රිත ප්‍රදේශය පැවති ශිෂ්ටාචාරයන් ද්විත්වයක්) අයත් වැදගත් වාණිජ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇති බව යි. 1967 දී ‘පව්ලෝපෙට්රි’ නුවර සොයා ගන්නා ලද්දේ කේම්බ්‍රිජ් සරසවියේ නිකොලස් ෆ්ලෙමින් ඇතුළු පුරාවිද්‍යාඥයින් කණ්ඩායම විසින්.[/SIZE] [B][SIZE=4]ෂීචෙන්ග් හෙවත් සිංහ නුවර (චීනය)[/SIZE][/B] [SIZE=4]1959 වර්ෂයේ දී ෂැංහයි නුවර කිලෝමීටර් 400 ක් දකුණු දෙසින් පිහිටා ඇති අඩි 130 ක් පමණ ගැඹුරින් යුතු කියන්ඩෝ වැව් පතුලේ වසර 600 ක් පමණ පැරණි [URL="http://www.dailymail.co.uk/news/article-2561147/Chinas-Atlantis-How-Lion-City-purposely-flooded-make-way-power-station-remains-completely-intact-130ft-underwater-50-years.html"]‘ෂීචෙන්ග්’ නුවර ගිල්වා දැමීමට[/URL] චීන ආණ්ඩුව තීරණය කළ ඇත්තේ නව ජල විදුලි බලාගාරයක් ගොඩ නැංවීමේ අරමුණ ඇති ව යි. ‘ෂීචෙන්ග් හෙවත් සිංහ නුවර’ අලංකාර කිරීම සඳහා යොදාගෙන ඇති පාෂාණ කැටයම් රටාවන් අයත් වන්නේ, මින්ග් සහ චින්ග් රාජ සමයන්ට (එනම් ක්‍රිස්තු වර්ෂ 1368 – 1912 අතර කාල සීමාව තුළ චීනය පාලන බලය හිමි වූ රජ පරපුර) යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-oc6-680x453.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Daily Mail[/SIZE] [SIZE=4][URL="http://www.bbc.com/travel/story/20140711-chinas-atlantis-of-the-east"]‘ෂීචෙන්ග්’ නුවර[/URL] සතු ව ඇතුළු වීමේ ද්වාරයක් පහක් පවතින අතර සිංහයින්, මකරුන්, රාජ ගුරුලන් සහ අනෙකුත් පුරාණ අභිලේඛනයන් සහිත ආරුක්කු 265 ක් පවතිනවා. යොදාගෙන ඇති කැටයම් අනුව නගර බිත්ති 16 වැනි සියවසේ දී පමණ ගොඩ නංවන්නට ඇති බව යි සැලකෙන්නේ. දශක කිහිපයක් පුරාවට මතකයෙන් ගිලිහී ගොස් තිබුණු ‘ෂීචෙන්ග්’ නුවර කරා යළිත් වාරයක් චීන ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ 2001 වර්ෂයේ දී යි. වර්තමානයේ දී එය දිය යට කිමිදුම් සඳහා දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රකට ස්ථානයක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom