Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුද යට කැස්බෑවන්ගේ රූපලාවන්‍යාගාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුද යට කැස්බෑවන්ගේ රූපලාවන්‍යාගාරය

මුහුද යට කැස්බෑවන්ගේ රූපලාවන්‍යාගාරය

‘සමුදුරු සුවිසැරිය’

ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඬේවිඩ් ඇටන්බොරෝ ඉදිරිපත් කරන බීබීසී නිෂ්පාදනයක් වන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් මාලාවට පාදක වන්නේ සාගරයයි. අතිශයින් ජනප්‍රිය ‘බ්ලූ ප්ලැනට් 2’ කතා මාලාව නිර්මාණය සඳහා වසර හතරක් වෙහෙස මහන්සි වීමට සිදුවුණු බව නිර්මාණකරුවෝ පවසති. සාගර ජීවීන්ගේ අරුම පුදුම තොරතුරු රැසක් අති නවීන තාක්ෂණය ඔස්සේ හසුකර ගනිමින්, සුපැහැදිලි අයුරින් අපට ගෙන ඒමට නිර්මාණකරුවන් ගෙන ඇති උත්සාහය අගය කළ යුතුය. ‘බ්ලූ ප්ලැනට් 2’ කතා මාලාවේ තෙවැනි වැඩසටහනට පාදක වන්නේ කොරල් හෙවත් ගල්මල් සහ ඒවා නිවහන කර ගත් ජීවීන්ගේ තොරතුරුය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, අවාසනාවකට, ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යද්දී, කොරල් මියයෑමට පටන්ගෙන ඇති බවත්, ඒ සමඟ කොරල් නගර නිවහන කරගත් ජීවීන්ට ද සමුගැනීමට සිදුවනු ඇති බවත් බ්ලූ ප්ලැනට් පෙන්වා දෙයි.

‘කැස්බෑ ස්පා’

බෝනියෝවේ කොළ කැස්බෑවෝ, නිරන්තරයෙන් එක් සුවිශේෂී කොරල් පරයක් වෙත පැමිණෙති. කැස්බෑවුන් ඔවුන්ගේ මෙම සුවශේෂී ගමනාන්තයට පැමිණෙන්නේ දුර කතර ගෙවාගෙනය. ඔවුන්ගේ ගමනාන්තය වන සුවිශේෂී කොරල් පරය හැඳින්වෙන්නේ ‘කැස්බෑ ගල්වල’ කියාය. පරම්පරා ගණනාවක් තිස්සේ කැස්බෑවෝ මෙහි පැමිණෙති. මේ ගල්මල ඔවුන්ගේ ‘ස්පා’ (ශෝභාගාරය) එක වෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ, පරම්පරා ගණනාවක් තිස්සේ කැස්බෑවුන් පැමිණ ලැඟුම් ගෙන ඇති හෙයින් කොරල් පරයේ ඉහළ කොටස ගෙවී ගොසිනි. කොරල් පරයේ ඉහළ කොටසේ එකවර කෑස්බෑවුන් දෙදෙනකුට පමණක් ඉඩකඩ ඇත. කැස්බෑවා පැමිණ කොරල් පරයේ ඉහළ කොටසේ වැතිරෙයි. මේ කොරල් පරය සුවිශේෂී කුඩා මසුන් වර්ග දෙකකට නිවහන වෙයි. එක් මත්ස්‍යයකු හැඳින්වෙන්නේ ‘බ්ලෙනී’ යනුවෙනි. අනෙකා ‘ඇකැන්තුරිඩායි’ කුලයට අයත් ඝර්ම කලාපීය මාළුවෙකු වන ‘සර්ජන්’ මත්ස්‍යයාය. ගල්මලට පැමිණෙන සේවාදායකයන්ට එසේත් නැතිනම් කැස්බෑවුන්ට සාත්තු සප්පායම් කරන්නෝ මෙම මත්ස්‍යයෝය. උන් කැස්බෑවුන්ගේ සිරුරේ ඇලී ඇති පෙද පාසි, ඇල්ගේ, පරපෝෂිත ජීවීන් ආහාරයට ගනී. මැරුණු සම් කොටස් ඇතිනම් ඒවා ආහාරයට ගනී. කැස්බෑවා පිරිසුදු කරයි. කැස්බෑවුන් මෙම සෞඛ්‍ය ශෝභාගාරයට පිහිනා එන්නේ එකා පසුපස එකා පෝළිමේය. උදෑසනින්ම පැමිණෙන කැස්බෑවාට වැඩි අවස්ථාවක් හිමිවෙයි. හැඩිදැඩි පිරිමි කැස්බෑවුන් පැමිණ බලපුළුවන්කාරකම් පෙන්වා, එකිනෙකාගේ සිරුරේ හැපෙමින්, පෝළිම පැන ගල් මලට ගොඩ වන අවස්ථාව ද ඇත. කුඩා ගැහැනු කැස්බෑවුන් සිටී නම් පිරිමි කැස්බෑවුන් කරන්නේ ඔවුන් එතැනින් යන තැනට වැඩ කිරීමය. ලොකු පිරිමි කැස්බෑවුන් රණ්ඩු වෙද්දී, රහසේම කුඩා ගැහැනු කැස්බෑවෝ යළි ගල්මල මතුපිටට පැමිණෙති. පිරිසුදුකරුවන්ට හොඳ පෝෂණ ගුණයෙන් පිරි ආහාර ලැබෙයි. ඔවුන්ගේ සේවාදායකයන් වන කැස්බෑවුන්ට නොමිලේ ඔවුන්ගේ සිරුරු පිරිසුදු කර ගැනීමට අවස්ථාවක් ලැබෙයි. සිරුරු පිරිසුදු කර ගැනීමට පමණක් නොව, ආතතිය අඩුකිරීමට ද කැස්බෑවුන් මෙහි පැමිණෙනවා විය හැකි යැයි සාගර ජිවීන්ගේ අදහස වී තිබේ.

කොරල් සෙල්ලම

මැද පෙරදිග යනු උණුසුම් වියලි භූමියකි. දැඩි උණුසුම හේතුවෙන් ගොඩබිම් ප්‍රදේශ බොහොමයක් ජීවීන්ගෙන් තොරය. කෙසේ නමුත් මැදපෙරදිගට අයත් රතු මුහුදේ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. රතු මුහුදේ කොරල්පර බොහොම නීරෝගීව සරුවට වර්ධනය වී ඇත. කොරල් පර සමඟ මුහුදේ ජීවය පිරී පවතී. එය වැසි වනාන්තරයක් බඳුය. නිවාඩුවක් ගත කිරීමට මෙම සුන්දර කොරල් පාරාදීසයට පැමිණෙන පිටස්තරයෝ රැසකි. ඒ අතරින් බුද්ධිමත් ක්ෂීරපායී සත්වයකු වන බෝතල නාස ඩොල්ෆින් (මුල්ලා) කැපී පෙනෙයි. ගැඹුරු මුහුදේ රාත්‍රී ආහාර සොයා වෙහෙසට පත් වුණු ඩොල්ෆින් පවුලක් කොරල් පරය අසලට පැමිණ සිටින්නේ විවේකය සඳහාය. වැඩිහිටි ඩොල්ෆින්ලා සහ පැටවුන් නිදාගනිද්දී, තරුණ ඩොල්ෆින් කොරල් පරයේ ගවේෂණ චාරිකාවල නියැලෙයි. ඔවුන් යම් කිසි ක්‍රීඩාවක නියැළෙන බව පෙනෙයි. එක් ක්‍රීඩාවක් වන්නේ ‘කොරල් කෑල්ල අල්ලමු’ යන්නය. ඩෝල්ෆින්ලාගේ මෙම ක්‍රීඩාවේ නීතිරීති අපට හරියටම පැහැදිලි නැත. කෙසේ නමුත්, ඔවුන් කරන්නේ කැඩී වෙන් වුණු කොරල් කැබලි මුඛයට ගෙන ඉහළ මතුපිටට පිහිනා ගොස් පහළට වැටෙන්න අත හැරීමය. කොරල් කැබැල්ල පාවී පහළ පතුලට ඇදී එයි. ඩොල්ෆින් රංචුව වටවී ඒ දෙස බලා සිටී. ඇතැම් කොරල් කැබලි බර වැඩි හෙයින්, කෙලින්ම පතුලට ඇදී යයි. ඇතැම් ඒවා පැද්දි පැද්දී පා වෙමින් සෙමින් ඇදී යයි. ඒ, ඩොල්ෆින් රංචුව කැමැති විදියටය. සුන්දර කොරල් පරයකට පැමිණ මේ අයුරින් ක්‍රීඩාවල යෙදෙමින් විනෝද වීම, හැමෝටම ලැබෙන අවස්ථාවක් නොවෙයි. මෙවැනි ක්‍රීඩාවලින් ඩොල්ෆින් බොහෝ දේ ඉගෙන ගනී. ඔවුන් දඩයම් කරද්දී අවශ්‍ය බුද්ධිය සහ තැනට සුදුසු නුවණ පහළ කර ගැනීමටත් මෙවැනි ක්‍රීඩා එසේත් නැතිනම් ක්‍රියාකාරකම් ඉවහල් වන බව සාගර ජීව විද්‍යාඥයෝ පෙන්වා දෙති. තරුණ ඩොල්ෆින්ලාට කණ්ඩායමක් ලෙස වැඩ කිරීමටත්, ගැඹුරු මුහුදේ දඬයමේ යෙදෙන්නත් උපකාරී වෙයි.

මූදු රකුසා

කොරල් පරයක අවසන් සීමාව, එසේත් නැතිනම් කොරල් පරය අද්දර කලාපය ද හරි අපූරු තැනකි. කොරල් නගරයට ආරක්ෂාව ලබා දෙන අයුරින් ශක්තිමත් කොරල් එකතුවකින් මෙම කලාපය නිර්මාණය වී ඇත. මෙය කොරල් නගරයේ පවුරය. දිනකට දෙවරක් වඩදිය සහ බාදියෙන් මෙම පවුර බැට කයි. කොරල් නගරය ප්රචණ්ඩ මූදු රළවලින් ආරක්ෂා වෙයි. බහාමාස් කොරල් පවුරට ඔබ්බෙන් සාගරය කැළැඹෙද්දී, අපූරු සන්සිද්ධියක් දකින්න ලැබේ. ඒ, මුහුද යට දිය සුළියකි. අතීතයේ නාවිකයෝ බහාමාස් දූපත් අතරින් යද්දී යෝධ මුහුදු රකුසකු, නැව් සහ නාවිකයන් ගිලගත් කතාවක් ගැන පවසති. ඔවුන්ගේ කතාවලට අනුව, මේ යෝධ මූදු රකුසා සැඟවී සිටින බව පැවැසෙන්නේ කොරල් පර අතරේය. එසේ නැව් සහ නායිකයන් ගිල ගත්තේ රකුසකු නොව, වඩදිය බාදිය සමඟ මුහුදේ නිර්මාණය ප්රචණ්ඩ දිය සුළි නිසා බව අද අපි හොඳින් දනිමු.

මැන්ටා රේ

වඩදිය බාදිය සමඟ, ගැඹුරු මුහුදේ වෙසෙන ඇසට නොපෙනන ප්ලවාංග වැනි කුඩා ජිවීන් ද කොරල් පරයට ගසාගෙන එයි. මේ ජීවීන් කොරල් පරයට පෝෂණය ගෙන දෙන ආහාරයකි. වඩදිය බාදිය සමඟ මාලදිවයින දූපත් රාජ්‍යයට අයත් එක් සුවිශේෂී කොරල් කලපුවක්, අසාමාන්‍ය අයුරින් ප්ලවාංගවලින් පිරී යයි. ඒ, සමඟ ප්ලවාංග ආහාරයට ගැනීමට සාගර යෝධයන් පිරිසක්, සිය ගණනින් එතැනට පිහිනා එයි. මේ යෝධයන් මැන්ටා රේ හෙවත් වවුල් මඩුවන්ය. පියාපත් බඳු විශාල ළය වරල්, දිගු සිහින් වලිගයක් ඇති පැතලි සිරුරකට හිමිකම් කියන මැන්ටා රේ කාටිලේජ මත්ස්‍යයකු ලෙස සැළකෙයි. මැන්ටා රේ මඩුවකුගේ ළය වරල් විහිදූ කළ එය මීටර් 3 ක් දිගින් යුක්ත වෙයි. අයා ගත් විශාල මුඛයකින් සමන්විත බැවින්, එය පොකුරට ප්ලවාංග ගිල දමයි. කලපුව පුරා විසිරී ඇති ප්ලවාංග එක තැනකට එක්රොක් කර ගැනීමට මැන්ටා රේ මඩුවන් විශේෂ උපක්‍රමයක් යොදයි. ඒ, උන් කෘත්‍රිමව දිය සුළියක් නිර්මාණය කරමිනි. ඔවුන් එය කරන්නේ රංචු පිටින් එක පොදියට, එක රවුමට කැරැකෙමින්, මුහුද කලඹවමිනි. මඩුවන්ගේ මෙම හැසිරීම සැළකෙන්නේ ‘මැන්ටා සුළිය’ යනුවෙනි. වඩදිය බාදිය වෙනස් වෙද්දී, ප්ලවාංග කලපුවට පැමිණීම ද නතර වෙයි. එවිට මඩුවන් ආපසු ගැඹුරු මුහුද බලා පිහිනා යති.

බොබිට්ගේ දඬයම

කොරල්පරවලට ඔබ්බෙන් වැලිවලින් පිරුණු කලාපය බැලූ බැල්මට සාමකාමීය. ජනාකීර්ණ කොරල් නගරයෙන් ඉවත් වී, සාමකාමීව ජීවත් වීමට නම් සුදුසු තැනකි. ඉඩකඩ ඇති තරම්ය. ගැටලුවකට ඇත්තේ හදිසි ආපදාවකදී හෝ සතුරු උවදුරකදී හෝ බේරීමට සැඟවීමට තැනක් නොතිබීමය. රාත්‍රී අඳුර ගලා එද්දී, මෙතැන අඳුරු මූසල බවකින් පිරෙයි. රාත්‍රියට මෙම කලාපය අනතුරුදායක තැනකි. නිශාචර සාගර ජීවීන් අතරට එක් වන ‘ගෝනුසු මාළුවා’ එසේත් නැතිනම් ‘සිංහ මාළුවා’ වැලි අතරේ සෙමින් සෙමින් ඇදෙන්නේ දඩයමකට කුරුමානම් අල්ලමිනි. ‘සිංහ මාළුවා’ සිංහල බසින් හැඳින්වෙන්නේ ‘ගිනිමහ’ යන නමිනි. අසුරුසැනින්, සිංහ මාළුවා වැලි ඇතුළට ඇදී යයි. දඩයක්කරුවා දඩයමට ලක් වී ඇත. විස කටුවලින් යුත් සිංහ මාළුවා වැලි යටට ඇදගනු ලැබුවේ වඩා බිහිසුණු සත්වයකු විසිනි. මේ සත්වයා සාගර වැලි අතරේ ජීවත් වන පණුවෙකි. පත්තෑයකුගේ මෙන් අඩු පිහිටයි. මේ අඩු සෑම එකක්ම තියුණුය. සාගර පතුලේ වැලි අතරින් පිහිනා යන මසුන් අල්ලා ගන්නේ ඒ අඩුවල ආධාරයෙනි. මේ පණුවා හැඳින්වෙන්නේ ‘බොබිට්’ යන නමිනි. බොබිට් යනු යෝධ මාංශභක්ෂක පණුවෙකි. උගේ හකුපාඩා තියුණුය. මුවහත් කිනිසි වැනිය. ‘බොබිට්’ පණුවන්ගේ පරම්පරාව, අවුරුදු මිලියන 400 ක් තරම් ඈතට විහිදෙයි. බොබිට් පණුවාගේ දිග මීටරයකි. මුහුදු පතුලේ වැලි අතරේ සැඟවී සිටින්න ඌ හපනෙකි. කුඩා මාළුවකු අසලට පැමිණෙන බව පණුවාට දැනෙයි. ගොදුර ඩැහැගැනීමට බොබිට් සූදානම් වෙයි. උදෑසන වෙද්දී, අඳුර පහව ගොස් හිරු එළිය වැටෙද්දී, කොරල් පරය සහ අවට කලාපය යළිත් සාමකාමී වෙයි. ආරක්ෂිත තැනක් බවට පරිවර්තනය වෙයි. කහ පැහැති පටියක් සහිත රිදී පැහැති කුඩා මාළුවකු වන බ්‍රීම් වැලි අතරට පැමිණෙන්නේ ආහාර සොයමිනි. උදෑසන වුවත්, බොබිට් පණුවා තවමත් වැලි අතරේ සැඟවී ගොදුරු ඩැහැගැනීමට මාන බලයි. ඒත් දැන් දිවා කාලයයි. සියල්ල හොඳින් පැහැදිලිව පෙනෙයි. ඒ නිසා වැඩි වාසි අත්වන්නේ බොබිට්ට නොව බ්‍රීම් මාළු රංචුවටය. බී්රම් මාළුවාට බොබ්ට් සිටින තැන පෙනෙයි. උන් බොබිට් දැක බියෙන් පලා යන්නේ නැත. බ්‍රීම් රංචුව කරන්නේ කණ්ඩායමක් ලෙස එක් වී, පිඹිමින්, වැලි එහාමෙහා කරමින් බොබිට් සැඟවී සිටින තැන නිරාවරණය කිරීමය. දැන් පණුවාට සැඟවී ගොදුරු අල්ලා ගැනීම කළ නොහැකි වෙයි. බොබිට් සැඟවී සිටින තැන නිරාවරණය කිරීමෙන් පසු, ආරක්ෂාකාරීව ආහාර සොයා වැලි අතරේ එහෙ මෙහෙ යන්න පුංචි බ්රීම්ට හැකිවෙයි.

ලුසිත ජයමාන්න

බීබීසී නිෂ්පාදනයක් වන

බ්ලූ ප්ලැනට් ඇසුරිනි

[QUOTE="araki, post: 23139298, member: 360239"] [b]මුහුද යට කැස්බෑවන්ගේ රූපලාවන්‍යාගාරය[/b] [B][SIZE=5]මුහුද යට කැස්බෑවන්ගේ රූපලාවන්‍යාගාරය[/SIZE][/B] [COLOR=#0000cd][B][SIZE=5]‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි[/SIZE][/B][/COLOR] [COLOR=#0000cd][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a9d4d37072.jpg[/IMG][/SIZE][/B][/COLOR] [COLOR=#0000cd][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0982c398c8.jpg[/IMG][/SIZE][/B][/COLOR] [B][SIZE=5]බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඬේවිඩ් ඇටන්බොරෝ ඉදිරිපත් කරන බීබීසී නිෂ්පාදනයක් වන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් මාලාවට පාදක වන්නේ සාගරයයි. අතිශයින් ජනප්‍රිය ‘බ්ලූ ප්ලැනට් 2’ කතා මාලාව නිර්මාණය සඳහා වසර හතරක් වෙහෙස මහන්සි වීමට සිදුවුණු බව නිර්මාණකරුවෝ පවසති. සාගර ජීවීන්ගේ අරුම පුදුම තොරතුරු රැසක් අති නවීන තාක්ෂණය ඔස්සේ හසුකර ගනිමින්, සුපැහැදිලි අයුරින් අපට ගෙන ඒමට නිර්මාණකරුවන් ගෙන ඇති උත්සාහය අගය කළ යුතුය. ‘බ්ලූ ප්ලැනට් 2’ කතා මාලාවේ තෙවැනි වැඩසටහනට පාදක වන්නේ කොරල් හෙවත් ගල්මල් සහ ඒවා නිවහන කර ගත් ජීවීන්ගේ තොරතුරුය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, අවාසනාවකට, ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යද්දී, කොරල් මියයෑමට පටන්ගෙන ඇති බවත්, ඒ සමඟ කොරල් නගර නිවහන කරගත් ජීවීන්ට ද සමුගැනීමට සිදුවනු ඇති බවත් බ්ලූ ප්ලැනට් පෙන්වා දෙයි.[/SIZE][/B] [B][SIZE=5]‘කැස්බෑ ස්පා’[/SIZE][/B] [SIZE=5]බෝනියෝවේ කොළ කැස්බෑවෝ, නිරන්තරයෙන් එක් සුවිශේෂී කොරල් පරයක් වෙත පැමිණෙති. කැස්බෑවුන් ඔවුන්ගේ මෙම සුවශේෂී ගමනාන්තයට පැමිණෙන්නේ දුර කතර ගෙවාගෙනය. ඔවුන්ගේ ගමනාන්තය වන සුවිශේෂී කොරල් පරය හැඳින්වෙන්නේ ‘කැස්බෑ ගල්වල’ කියාය. පරම්පරා ගණනාවක් තිස්සේ කැස්බෑවෝ මෙහි පැමිණෙති. මේ ගල්මල ඔවුන්ගේ ‘ස්පා’ (ශෝභාගාරය) එක වෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ, පරම්පරා ගණනාවක් තිස්සේ කැස්බෑවුන් පැමිණ ලැඟුම් ගෙන ඇති හෙයින් කොරල් පරයේ ඉහළ කොටස ගෙවී ගොසිනි. කොරල් පරයේ ඉහළ කොටසේ එකවර කෑස්බෑවුන් දෙදෙනකුට පමණක් ඉඩකඩ ඇත. කැස්බෑවා පැමිණ කොරල් පරයේ ඉහළ කොටසේ වැතිරෙයි. මේ කොරල් පරය සුවිශේෂී කුඩා මසුන් වර්ග දෙකකට නිවහන වෙයි. එක් මත්ස්‍යයකු හැඳින්වෙන්නේ ‘බ්ලෙනී’ යනුවෙනි. අනෙකා ‘ඇකැන්තුරිඩායි’ කුලයට අයත් ඝර්ම කලාපීය මාළුවෙකු වන ‘සර්ජන්’ මත්ස්‍යයාය. ගල්මලට පැමිණෙන සේවාදායකයන්ට එසේත් නැතිනම් කැස්බෑවුන්ට සාත්තු සප්පායම් කරන්නෝ මෙම මත්ස්‍යයෝය. උන් කැස්බෑවුන්ගේ සිරුරේ ඇලී ඇති පෙද පාසි, ඇල්ගේ, පරපෝෂිත ජීවීන් ආහාරයට ගනී. මැරුණු සම් කොටස් ඇතිනම් ඒවා ආහාරයට ගනී. කැස්බෑවා පිරිසුදු කරයි. කැස්බෑවුන් මෙම සෞඛ්‍ය ශෝභාගාරයට පිහිනා එන්නේ එකා පසුපස එකා පෝළිමේය. උදෑසනින්ම පැමිණෙන කැස්බෑවාට වැඩි අවස්ථාවක් හිමිවෙයි. හැඩිදැඩි පිරිමි කැස්බෑවුන් පැමිණ බලපුළුවන්කාරකම් පෙන්වා, එකිනෙකාගේ සිරුරේ හැපෙමින්, පෝළිම පැන ගල් මලට ගොඩ වන අවස්ථාව ද ඇත. කුඩා ගැහැනු කැස්බෑවුන් සිටී නම් පිරිමි කැස්බෑවුන් කරන්නේ ඔවුන් එතැනින් යන තැනට වැඩ කිරීමය. ලොකු පිරිමි කැස්බෑවුන් රණ්ඩු වෙද්දී, රහසේම කුඩා ගැහැනු කැස්බෑවෝ යළි ගල්මල මතුපිටට පැමිණෙති. පිරිසුදුකරුවන්ට හොඳ පෝෂණ ගුණයෙන් පිරි ආහාර ලැබෙයි. ඔවුන්ගේ සේවාදායකයන් වන කැස්බෑවුන්ට නොමිලේ ඔවුන්ගේ සිරුරු පිරිසුදු කර ගැනීමට අවස්ථාවක් ලැබෙයි. සිරුරු පිරිසුදු කර ගැනීමට පමණක් නොව, ආතතිය අඩුකිරීමට ද කැස්බෑවුන් මෙහි පැමිණෙනවා විය හැකි යැයි සාගර ජිවීන්ගේ අදහස වී තිබේ.[/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_19f80a8c5e.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_70d0160923.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]කොරල් සෙල්ලම[/SIZE][/B] [SIZE=5]මැද පෙරදිග යනු උණුසුම් වියලි භූමියකි. දැඩි උණුසුම හේතුවෙන් ගොඩබිම් ප්‍රදේශ බොහොමයක් ජීවීන්ගෙන් තොරය. කෙසේ නමුත් මැදපෙරදිගට අයත් රතු මුහුදේ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. රතු මුහුදේ කොරල්පර බොහොම නීරෝගීව සරුවට වර්ධනය වී ඇත. කොරල් පර සමඟ මුහුදේ ජීවය පිරී පවතී. එය වැසි වනාන්තරයක් බඳුය. නිවාඩුවක් ගත කිරීමට මෙම සුන්දර කොරල් පාරාදීසයට පැමිණෙන පිටස්තරයෝ රැසකි. ඒ අතරින් බුද්ධිමත් ක්ෂීරපායී සත්වයකු වන බෝතල නාස ඩොල්ෆින් (මුල්ලා) කැපී පෙනෙයි. ගැඹුරු මුහුදේ රාත්‍රී ආහාර සොයා වෙහෙසට පත් වුණු ඩොල්ෆින් පවුලක් කොරල් පරය අසලට පැමිණ සිටින්නේ විවේකය සඳහාය. වැඩිහිටි ඩොල්ෆින්ලා සහ පැටවුන් නිදාගනිද්දී, තරුණ ඩොල්ෆින් කොරල් පරයේ ගවේෂණ චාරිකාවල නියැලෙයි. ඔවුන් යම් කිසි ක්‍රීඩාවක නියැළෙන බව පෙනෙයි. එක් ක්‍රීඩාවක් වන්නේ ‘කොරල් කෑල්ල අල්ලමු’ යන්නය. ඩෝල්ෆින්ලාගේ මෙම ක්‍රීඩාවේ නීතිරීති අපට හරියටම පැහැදිලි නැත. කෙසේ නමුත්, ඔවුන් කරන්නේ කැඩී වෙන් වුණු කොරල් කැබලි මුඛයට ගෙන ඉහළ මතුපිටට පිහිනා ගොස් පහළට වැටෙන්න අත හැරීමය. කොරල් කැබැල්ල පාවී පහළ පතුලට ඇදී එයි. ඩොල්ෆින් රංචුව වටවී ඒ දෙස බලා සිටී. ඇතැම් කොරල් කැබලි බර වැඩි හෙයින්, කෙලින්ම පතුලට ඇදී යයි. ඇතැම් ඒවා පැද්දි පැද්දී පා වෙමින් සෙමින් ඇදී යයි. ඒ, ඩොල්ෆින් රංචුව කැමැති විදියටය. සුන්දර කොරල් පරයකට පැමිණ මේ අයුරින් ක්‍රීඩාවල යෙදෙමින් විනෝද වීම, හැමෝටම ලැබෙන අවස්ථාවක් නොවෙයි. මෙවැනි ක්‍රීඩාවලින් ඩොල්ෆින් බොහෝ දේ ඉගෙන ගනී. ඔවුන් දඩයම් කරද්දී අවශ්‍ය බුද්ධිය සහ තැනට සුදුසු නුවණ පහළ කර ගැනීමටත් මෙවැනි ක්‍රීඩා එසේත් නැතිනම් ක්‍රියාකාරකම් ඉවහල් වන බව සාගර ජීව විද්‍යාඥයෝ පෙන්වා දෙති. තරුණ ඩොල්ෆින්ලාට කණ්ඩායමක් ලෙස වැඩ කිරීමටත්, ගැඹුරු මුහුදේ දඬයමේ යෙදෙන්නත් උපකාරී වෙයි.[/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_25bf4f9a5f.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]මූදු රකුසා[/SIZE][/B] [SIZE=5]කොරල් පරයක අවසන් සීමාව, එසේත් නැතිනම් කොරල් පරය අද්දර කලාපය ද හරි අපූරු තැනකි. කොරල් නගරයට ආරක්ෂාව ලබා දෙන අයුරින් ශක්තිමත් කොරල් එකතුවකින් මෙම කලාපය නිර්මාණය වී ඇත. මෙය කොරල් නගරයේ පවුරය. දිනකට දෙවරක් වඩදිය සහ බාදියෙන් මෙම පවුර බැට කයි. කොරල් නගරය ප්රචණ්ඩ මූදු රළවලින් ආරක්ෂා වෙයි. බහාමාස් කොරල් පවුරට ඔබ්බෙන් සාගරය කැළැඹෙද්දී, අපූරු සන්සිද්ධියක් දකින්න ලැබේ. ඒ, මුහුද යට දිය සුළියකි. අතීතයේ නාවිකයෝ බහාමාස් දූපත් අතරින් යද්දී යෝධ මුහුදු රකුසකු, නැව් සහ නාවිකයන් ගිලගත් කතාවක් ගැන පවසති. ඔවුන්ගේ කතාවලට අනුව, මේ යෝධ මූදු රකුසා සැඟවී සිටින බව පැවැසෙන්නේ කොරල් පර අතරේය. එසේ නැව් සහ නායිකයන් ගිල ගත්තේ රකුසකු නොව, වඩදිය බාදිය සමඟ මුහුදේ නිර්මාණය ප්රචණ්ඩ දිය සුළි නිසා බව අද අපි හොඳින් දනිමු. [/SIZE] [B][SIZE=5]මැන්ටා රේ[/SIZE][/B] [SIZE=5]වඩදිය බාදිය සමඟ, ගැඹුරු මුහුදේ වෙසෙන ඇසට නොපෙනන ප්ලවාංග වැනි කුඩා ජිවීන් ද කොරල් පරයට ගසාගෙන එයි. මේ ජීවීන් කොරල් පරයට පෝෂණය ගෙන දෙන ආහාරයකි. වඩදිය බාදිය සමඟ මාලදිවයින දූපත් රාජ්‍යයට අයත් එක් සුවිශේෂී කොරල් කලපුවක්, අසාමාන්‍ය අයුරින් ප්ලවාංගවලින් පිරී යයි. ඒ, සමඟ ප්ලවාංග ආහාරයට ගැනීමට සාගර යෝධයන් පිරිසක්, සිය ගණනින් එතැනට පිහිනා එයි. මේ යෝධයන් මැන්ටා රේ හෙවත් වවුල් මඩුවන්ය. පියාපත් බඳු විශාල ළය වරල්, දිගු සිහින් වලිගයක් ඇති පැතලි සිරුරකට හිමිකම් කියන මැන්ටා රේ කාටිලේජ මත්ස්‍යයකු ලෙස සැළකෙයි. මැන්ටා රේ මඩුවකුගේ ළය වරල් විහිදූ කළ එය මීටර් 3 ක් දිගින් යුක්ත වෙයි. අයා ගත් විශාල මුඛයකින් සමන්විත බැවින්, එය පොකුරට ප්ලවාංග ගිල දමයි. කලපුව පුරා විසිරී ඇති ප්ලවාංග එක තැනකට එක්රොක් කර ගැනීමට මැන්ටා රේ මඩුවන් විශේෂ උපක්‍රමයක් යොදයි. ඒ, උන් කෘත්‍රිමව දිය සුළියක් නිර්මාණය කරමිනි. ඔවුන් එය කරන්නේ රංචු පිටින් එක පොදියට, එක රවුමට කැරැකෙමින්, මුහුද කලඹවමිනි. මඩුවන්ගේ මෙම හැසිරීම සැළකෙන්නේ ‘මැන්ටා සුළිය’ යනුවෙනි. වඩදිය බාදිය වෙනස් වෙද්දී, ප්ලවාංග කලපුවට පැමිණීම ද නතර වෙයි. එවිට මඩුවන් ආපසු ගැඹුරු මුහුද බලා පිහිනා යති.[/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_646ba9a160.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_552f089857.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_65253a7cde.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]බොබිට්ගේ දඬයම[/SIZE][/B] [SIZE=5]කොරල්පරවලට ඔබ්බෙන් වැලිවලින් පිරුණු කලාපය බැලූ බැල්මට සාමකාමීය. ජනාකීර්ණ කොරල් නගරයෙන් ඉවත් වී, සාමකාමීව ජීවත් වීමට නම් සුදුසු තැනකි. ඉඩකඩ ඇති තරම්ය. ගැටලුවකට ඇත්තේ හදිසි ආපදාවකදී හෝ සතුරු උවදුරකදී හෝ බේරීමට සැඟවීමට තැනක් නොතිබීමය. රාත්‍රී අඳුර ගලා එද්දී, මෙතැන අඳුරු මූසල බවකින් පිරෙයි. රාත්‍රියට මෙම කලාපය අනතුරුදායක තැනකි. නිශාචර සාගර ජීවීන් අතරට එක් වන ‘ගෝනුසු මාළුවා’ එසේත් නැතිනම් ‘සිංහ මාළුවා’ වැලි අතරේ සෙමින් සෙමින් ඇදෙන්නේ දඩයමකට කුරුමානම් අල්ලමිනි. ‘සිංහ මාළුවා’ සිංහල බසින් හැඳින්වෙන්නේ ‘ගිනිමහ’ යන නමිනි. අසුරුසැනින්, සිංහ මාළුවා වැලි ඇතුළට ඇදී යයි. දඩයක්කරුවා දඩයමට ලක් වී ඇත. විස කටුවලින් යුත් සිංහ මාළුවා වැලි යටට ඇදගනු ලැබුවේ වඩා බිහිසුණු සත්වයකු විසිනි. මේ සත්වයා සාගර වැලි අතරේ ජීවත් වන පණුවෙකි. පත්තෑයකුගේ මෙන් අඩු පිහිටයි. මේ අඩු සෑම එකක්ම තියුණුය. සාගර පතුලේ වැලි අතරින් පිහිනා යන මසුන් අල්ලා ගන්නේ ඒ අඩුවල ආධාරයෙනි. මේ පණුවා හැඳින්වෙන්නේ ‘බොබිට්’ යන නමිනි. බොබිට් යනු යෝධ මාංශභක්ෂක පණුවෙකි. උගේ හකුපාඩා තියුණුය. මුවහත් කිනිසි වැනිය. ‘බොබිට්’ පණුවන්ගේ පරම්පරාව, අවුරුදු මිලියන 400 ක් තරම් ඈතට විහිදෙයි. බොබිට් පණුවාගේ දිග මීටරයකි. මුහුදු පතුලේ වැලි අතරේ සැඟවී සිටින්න ඌ හපනෙකි. කුඩා මාළුවකු අසලට පැමිණෙන බව පණුවාට දැනෙයි. ගොදුර ඩැහැගැනීමට බොබිට් සූදානම් වෙයි. උදෑසන වෙද්දී, අඳුර පහව ගොස් හිරු එළිය වැටෙද්දී, කොරල් පරය සහ අවට කලාපය යළිත් සාමකාමී වෙයි. ආරක්ෂිත තැනක් බවට පරිවර්තනය වෙයි. කහ පැහැති පටියක් සහිත රිදී පැහැති කුඩා මාළුවකු වන බ්‍රීම් වැලි අතරට පැමිණෙන්නේ ආහාර සොයමිනි. උදෑසන වුවත්, බොබිට් පණුවා තවමත් වැලි අතරේ සැඟවී ගොදුරු ඩැහැගැනීමට මාන බලයි. ඒත් දැන් දිවා කාලයයි. සියල්ල හොඳින් පැහැදිලිව පෙනෙයි. ඒ නිසා වැඩි වාසි අත්වන්නේ බොබිට්ට නොව බ්‍රීම් මාළු රංචුවටය. බී්රම් මාළුවාට බොබ්ට් සිටින තැන පෙනෙයි. උන් බොබිට් දැක බියෙන් පලා යන්නේ නැත. බ්‍රීම් රංචුව කරන්නේ කණ්ඩායමක් ලෙස එක් වී, පිඹිමින්, වැලි එහාමෙහා කරමින් බොබිට් සැඟවී සිටින තැන නිරාවරණය කිරීමය. දැන් පණුවාට සැඟවී ගොදුරු අල්ලා ගැනීම කළ නොහැකි වෙයි. බොබිට් සැඟවී සිටින තැන නිරාවරණය කිරීමෙන් පසු, ආරක්ෂාකාරීව ආහාර සොයා වැලි අතරේ එහෙ මෙහෙ යන්න පුංචි බ්රීම්ට හැකිවෙයි.[/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6fdb61b733.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ලුසිත ජයමාන්න බීබීසී නිෂ්පාදනයක් වන බ්ලූ ප්ලැනට් ඇසුරිනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom