මෙක මම ලියපු එකක් නෙවී, එත් මෙක ඇත්තද කියල දැන ගන්න කැමති,,,
ඉවසීමෙන් ඉවර වන තුරු කියවන්න
පිරිමසා ගත් 'කෝන්තරයේ' පාඩුව
කෝටි 23,200 ත් පසුකර ඉදිරියට.....
(පෝද්දල ජයන්ත)
රාජ්‍ය නායකයකුට වූ අතිශය පුද්ගලික 'මදි පුංචිකමක්' හේතුවෙන් කෝපාවිෂ්ටව ඉතා අමනෝඥ තීන්දුවක් ගනී. මෙකී අමනෝඥ තීන්දුව නිසා එරට සමස්ත ජනතාවම මහා පාඩුවක් භුක්ති විඳින ඛේදවාචකයක කොටස් කරුවන් බවට පත්වේ.
වසර දොළහක් තිස්සේ ඇදෙන මේ මහා පාඩුව අදවන විට රුපියල් කෝටි 23.200 ඉක්මවා තවත් ඉදිරියට ගමන් කරමින් තිබේ. එහි කෙළවර කවදාද ? සිදුවෙමින් පවතින පාඩුවේ අවසාන ඉලක්කම කොතරම් ද ? යන්න මේ පාඩුව භුක්ති විඳින දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාව නොදනී. යමක් කමක් ඇති අග හිඟ කමින් තොර ජනයාගේ සිට එදා වේල සරිකර ගන්නට දහ අතේ දුක් විඳින අන්ත අසරණ දුගියා පවා මේ කියන මහා පාඩුව පියවා ගැනීමට දායක වෙමින් පසුවෙති.
එයාර් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම
රටේ අභිමානයක් ලෙස පැවති 'එයාර් ලංකා' සමාගම 1977 - 1994 එජාප ආණ්ඩුව ගෙදර යන විට රටට දැරිය නොහැකි පාඩුවක් දරමින් සිටියේය ය. ඒ එම රජය සමයේ වූ සුප්‍රකට 'එයාර් බස්' මිලට ගැනීමේ වංචාවේ ද ප්රතිළුලත් සමගිනි.
1994 චන්ද්‍රිකා රජය බලයට පත්වූ පසු පාඩු ලබමින් තිබූ 'එයාර් ලංකා' සමාගම ලෝක ප්‍රසිද්ධ 'එමිරේට්ස්' සමාගම සමග ගිවිසුම් ගතව ඉදිරියට යාමට ප්‍රතිව්‍යුහගත කෙරුණි. ඒ 'ශ්‍රී ලන්කන් ගුවන් සේවය' නමිනි. 'එමිරේට්ස්' සමාගමටද පැරණි 'එයාර් ලංකා' සමාගමේ පාඩුවද දරා ගෙන ඉදිරියට යාමට සිදුවිය. ඔවුන් වසරින් වසර සිය පාඩු ප්‍රතිශත අඩුකර ගනිමින් 2000 වසර වන විට ලාභ ලැබීමේ ප්‍රවණතාව මතුකර ගෙන තිබුණි.
'හිස රදය' සුව වීමේ සුබ පෙර නිමිති පහළ වීම
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තිබූ විශාල හිස රදය අවසන් කර ආදායම් උපදවන ආයතනයක් බවට පත්වීමට 'ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර තැබී ය. මේ ආයතනය 2008 නැවත ශ්‍රී ලංකා රජයේ තනි අයිතියට ගන්නා විට රුපියල් බිලියන 4.4 ක් හෙවත් රුපියල් කෝටි 440 ක් පමණ වාර්ෂික ලාභයක් ලබන තත්ත්වයට පත්වී තිබුණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වූ පුද්ගලික 'මදිපුංචිකම' සහ ඛේදවාචකයේ ඇරඹුම
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයන් සහ ඥාති හිතවතුන් සමග බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටියෝ ය. ඒ තම දෙටු පුත් යෝෂිත රාජපක්ෂගේ නාවුක හමුදා පුහුණු පාඨමාලවක් අවසන විසිර යාමේ උළෙලකට සහභාගී වෙමිනි. ඔවුන්ට පෙරළා සිය රට පැමිණීමේ ගමන් පහසුකම් සූදානම් කිරීමට එවකට විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට පැවැරුණද කල් තබා එකී ගමන් පහසුකම් වෙන් කිරීමේ කටයුතු ඔහුට අතපසුවී තිබුණි.
වෙනත් මගීන්ගේ ආසන අවලංගු කර ජනපති ඇතුළු පිරිසට ආසන ලබාදීම ප්‍රතික්ෂේප වෙයි
සජින් ද වාස් ගුණවර්ධන මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කළමනාකාරීත්වයට දැනුම් දුන්නේ ජනපතිවරයා ප්රමුඛ පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ගමන් පහසුකම් සම්පාදනය කරන ලෙසයි. එහෙත් ඒවන විට ඔවුන් බලාපොරොත්තු වූ වේලාවට එකී පහසුකම් සැපයීමට නොහැකි බව ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සජින් ද වාස් ට දැනුම් දුන්නේ ය. ඊට හේතුව ඒවන විට සියලුම ආසන වෙන්කර අවසන්ව තිබීමයි. එහෙත් සජින් ද වාස් තරයේම ඉල්ලා ඇත්තේ ඒවන විට වෙන්කර ඇති ආසන අවලංගු කර ජනපති ඇතුළු පිරිසට එම ආසන ලබා දෙන ලෙසයි. ගුවන් සේවයේ පහළ රකළමනාකාරිත්වයට එම තීන්දුව ගත නොහැකි බැවින් ගැටලුව එවකට ශ්‍රී ලන්කන් හී ප්‍රධාන විධායක නිලධාරී ඕස්ට්‍රේලියානු ජාතික පීටර් හීල් වෙත යොමු කර තිබේ.
එහෙත් පීටර් හීල් මහතා ප්‍රකාශකර ඇත්තේ කල්තබා ආසන වෙන්කරවා ගෙන සිටින මගීන්ට අයත් ආසන එලෙස අවලංගු කර වෙනත් කවර හෝ පාර්ශ්වයකට ලබාදීම තම ගුවන් සේවය කිසිදා සිදු නොකරන ක්‍රියාවක් බවයි. සජින් ද වාස්ගේ ප්‍රමාදයට කිසිදු විකල්පයක් නොවී ය. මේ තීරණය සජිත් ද වාස් ගුණවර්ධන ජනාධිපතිවරයා වෙත සැළකර සිටියේ ය. කෙසේ හෝ ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ඔවුන් බලාපොරොත්තු වූ ගුවන් යානයෙන් ලංකාවට පැමිණීමට නොහැකි විය.
පීටර් හීල් මහතාගේ 'වීසා' අවලංගු කර රටින් පිටව යන ලෙස දැනුම් දීම
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ඕස්ට්‍රේලියානු ජාතික පීටර් හීල් මහතා ගත් තීන්දුව කෙරෙහි දැඩි ලෙස උරණ වූ ජනාධිපතිවරයා සිය රට පැමිණ වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර රටින් පිටකර යවන ලෙස අදාළ පාර්ශ්වයන්ට අණ කළේ ය.
1998 සිට එමිරේට්ස් සමාගම සමග පැවති ව්‍යාපාරික ගිවිසුම අවසන් කිරීම
පවත්වා ගෙන යා නොහැකි මට්ටමේ තිබූ එයාර් ලංකා සමාගම , ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලෙස 1998 සිට අඛන්ඩව 2008 දක්වා ශ්‍රී ලංකා රජයට කිසිදු වැය බරකින් තොරව ආදායම් ලබමින් පවත්වා ගෙන එන්නට එමිරේට්ස් සමාගමට හැකිවිය. එය නැවත ශ්‍රී ලංකා රජයේ පාලනයට පවරා ගන්නේ අන් මගීන්ගේ ප්‍රවේශ පත්‍ර අවලංගු කර තමන්ට සහ පවුලේ අයට ගමන් පහසුකම් ලබා නොදීමේ වරද මුල්කර ගනිමිනි. වරද තිබුණේ ගුවන් සමාගමේ ද තම නිලධාරියාගේ යන්න ඔහු නොදැන සිටියා නොවේ. එලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත පවරා ගන්නා විට 2008 මාර්තු 31 අවසන් මූල්‍ය වර්ෂයේ ලාභය රුපියල් බිලියන 4.4 ක් හෙවත් රුපියල් කෝටි 440 කි.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදර නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති වරයා ලෙස පත්කිරීම
එමිරේට්ස් සමාගම සමග පවත්වාගෙන ආ ව්‍යාපාරික ගිවිසුම අතිශය පුද්ගලික කෝන්තරයක් මත අවසන් කර එහි සභාපතිවරයා ලෙස නිශාන්ත වික්‍රමසිංහ මහතා පත් කරන්නට යෙදුණි. වසරකට පෙර රුපියල් කෝටි 440 ක ලාභයක් ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය නව පාලනාධිකාරිය යටතේ පළමු වසරේම එනම් 2009 දී රුපියල් බිලියන 9.3 ක් නොහොත් රුපියල් කෝටි 930 ක් පාඩුවක් වාර්තා කළේ ය. එය අරුම පුදුම පාඩුවකි. නිශාන්ත වික්‍රමසිංහ මහතා සභාපති වන විට ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වී ආවේ මනෝජ් ගුණවර්ධන නමැත්තෙකි.
අඛන්ඩව පාඩු පිට පාඩු වාර්තා කිරීම
ඉන්පසු 2009 සිට සෑම වර්ෂයකම කෝටි ගණනින් වූ අඛන්ඩ පාඩුවක් වාර්තා කරමිනි පැමිණ 2015 යහපාලන පැමිණීමට පෙර වර්ෂයේ එනම් 2014 වර්ෂයේ පාඩුව පමණක් රුපියල් බිලියන 32.4 ක් නොහොත් රුපියල් කෝටි 3240 ක් වාර්තා කර තිබුණි.
නැව ගිලුනත් බෑන් චූන්
තවත් ගුවන් බස් දහයක් ඇණවුම් කිරීම
එමිරේට්ස් සමාගමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළි රජයේ පාලනයට ලබා ගැනීමෙන් පසු සෑම වසරකම අති විශාල පාඩුවක් ලබමින් සිටියදීම තවත් ඩොලර් බිලියන 2.8 ක් වැය කර ගුවන් බස් දහයක් මිලට ගැනීමට සූදානම් විය. ඉන් එක් ගුවන් යානයක් අති සුඛෝපභෝගී පුද්ගලික පරිහරණ සදහා වූ එකකි. 2015 යහපාලන රජය පැමිණ එම ඇණවුම් අවලංගු කළ අතර ඒ සදහාද තවත් ඩොලර් මිලියන 98 ක් අදාළ ගුවන් යානා නිෂ්පාදිත සමාගමට ගෙවා ඇත. පසුගිය දා මහත් ආන්දෝලනයට ලක්වූ එවකට ශ්‍රී ලන්කන් හී ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිය සම්බන්ධ කොමිස් ගනුදෙනු සිදුවී ඇත්තේ මේ මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව හරහා ය. ( ඒ පිළිබඳ සම්පූර්ණ කතාව ඉදිරි ලිපියකින් දිග හරිමි)
යහපාලනය රජය ශ්‍රී ලන්කන් පාඩුව තව දුරටත් රැගෙන යාම
යහපාලන රජය බලයට පැමිණ ශ්‍රි ලන්කන් හී සිදුවූ දූෂණ අක්‍රමිකතා සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් සහ වැලිඅමුණ කමිටුව පත් කළ අතර ඒ සදහාද අති විශාල වැය බරක් දැරීය. එහෙත් එකී වාර්තාවලට සිදුවූ දෙයක් නැත. 2015 වසරේ ද ඇති විශාල පාඩුවක් ලැබූ අතර පාඩුවේ ප්‍රමාණය රුපියල් බිලියන 14.69 ක් හෙවත් රුපියල් කෝටි 1469 කි. 2016 වසරේ පාඩුව රුපියල් බිලියන 12.6 ක් හෙවත් රුපියල් කෝටි 1260 කි. 2017 වර්ෂයේ පාඩුව රුපියල් බිලියන 28.9 ක් හෙවත් රුපියල් කෝටි 2890 කි. වර්ෂ 2018 සහ 2019 පාඩුව වෙන වෙනම ලියුම්කරුට මෙතෙක් දැන ගැනීමට ලැබී නැත. කෙසේ වෙතත් 2020 මාර්තු 31 න් අවසන්වන මූල්‍ය වර්ෂයවන විට 2008 සිට වර්ෂ දොළහට ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 232 ක් හෙවත් රුපියල් කෝටි 23.200 කි. 2008 දී රුපියල් කෝටි 440 ක් ශුද්ධ ලාභයක් ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පුද්ගලික ආරෝවක් මත වෙළෙද ගිවිසුම අවසන් කිරීම නිසා රටේ භාණ්ඩාගාරයට රුපියල් කෝටි 23.200 ක් පාඩුවක් ලැබීමේ වගකිව යුත්තා කව්ද..? මේ පාඩුවේ කෙළවර නොවේ. ගෙවෙන සෑම මසකම මේ පාඩුවට තව තව බිංදු එකතු වෙමින් තිබේ.
පාඩුව හැර ලබමින් තිබූ ආදායම් අහිමි වීම
2008 වර්ෂයේ රුපියල් කෝටි 440 ක් ලාභය ලබන විට ශ්‍රි ලංකා රජයට හිමිවිය යුතු කොටස් හිමිකම් සදහා ආදායම් සහ සමස්ත ලාභය වෙනුවෙන් වූ බදු මුදල්වල එකතුව අවම වශයෙන් වසරකට කෝටි 150 බැගින් ගණනය කළත් වසර දොළහට කෝටි 1800 ක් ලැබෙතැයි උපකල්පනය කළ හැකි ය. එයද රටට අහිමි වූ ආදායමකි.
ජීවිතයේ කිසි දිනෙක ගුවන් යානයක ගමන් නොකර තිබීම පමණක් නොව , තම ඇස් මායිමේ ගුවන් යානයක් දැක නැති අසරණ මිනිසුන් පවා මේ දැවැන්ත පාඩුව කර ගසා ගෙන සිටීම ඛේදවාචකයක් හැර අන් කවරක්ද.? රටේ රාජ්‍ය ආයතනයක් පාඩු ලැබිය හැකිය. එහෙත් පුද්ගලික මදි පුංචිකමක් නිසා වූ කෝන්තර පිරිමසා ගැනීමෙන් මුළු රටක් ඊට වන්දි ගෙවන්නේ නම්.....?
මෙලෙස වන්දි ගෙවන්නේ රටේ අනාගතය වූ දරු පරපුර ඉගෙන ගන්නා ග්‍රාමීය පාසල් දහසකට ආසන්න ප්‍රමාණයක බීමට වතුර පොදක් , වැසිකිළියක් , කැසිකිළියක් නොමැති ශෝචනීය තත්ත්වයක් යටතේ ය.
පෝද්දල ජයන්ත