Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මෙන්න නියම වස් කවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න නියම වස් කවි

එක එක අය එක එක විදිහට වස් කවි කියනවනේ. වස් කවි කියන එක හොඳ දෙයක් වුණේ නැතත් මේ කියන්න යන්නේ නියමෙට වස් කවි වගේම කවිත් කිව්ව මහනුවර යුගයේ හිටිය ප්රකට හාමුදුරු නමක් ගැන කතන්දර කීපයක්.

කන්ද උඩරට රාජධානි සමයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වැඩ සිටි කාලයේම මහනුවර වැඩ සිටිය ප්රසිද්ධ හාමුදුරු නමක් වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ. සංඝරාජ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වුණු රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හාමුදුරුවන්ගේ ගෝලයෙක් විදිහට හැදුණු කුංකුණාවේ හාමුදුරුවන්ගේ ඇත්ත නම් කුංකුණාවේ සුමංගල. ඒත් ප්රසිද්ධ වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ නමින්.

දැන් කාලේ ඉන්න ඒ නම පාවිච්චි කරලා වංචා වැඩ කරන ශ්රමණ වේශධාරීන් වගේ නෙමෙයි කුංකුණාවේ හාමුදුරුවන්ගේ වැඩ

මේ කුංකුණාවේ හාමුදුරුවෝ කිව්ව ප්රසිද්ධ වස් කවි කීපයක් නිධාන කතාත් එක්කම......

කුංකුණාවේ හාමුදුරුවන්ට හිතවත් උපාසිකාවක් පූජා කරපු පැදුරක් පැදුරු ආනේ දාලා තිබුණේ. දවසක් හාමුදුරුවෝ පැදුර අරන් බලද්දී ඒ පැදුර මීයෝ කාලා. ඒකේ කේන්තියටත් එක්ක හාමුදුරුවෝ මෙන්න මේ වස් කවිය කිව්වලු

මදමත් රූසිරු අඟනක් දුන්නා

පැදුර ගෙනත් තැබුවෙමි ආනේ

බැඳගත් වාදේ දෝ මට නොදැනෙයි

මීයා පැදුරට කළ මානේ

තෙදලත් දේවත බණ්ඩර සුරිඳුට

කවියක් කීවෙමි මේ මානේ

අදවත් මීයගේ තල්ල කඩාගෙන

පලයන් නින්නාදේ පූනේ

මේ කවිය කියලා අවසන් වෙනවාත් එක්කම පූසෙක් පැනලා ඒ මීයාව අල්ලා ගත්තලු

තව දවසක් හාමුදුරුවන්ගේ පන්සලේ පොල් ගස්වල කුරුම්බැට්ටි මීයෙක් කකා බිම දාන නිසා පොල් ගෙඩි හැදෙන්නේ නැති එක වළක්වන්න හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

මේකා මොකාදෝ මට නොදැනෙයි මේකා

කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා

විකා ඇට නහර මස් ලේ උරා කකා

යකා මහ සොහොන් උගේ දිවි හරින් මකා

කවිය අවසන් වෙනවාත් එක්කම පොල් ගහේ හිටිය මීයා මැරී වැටුණලු

ආයි දවසක හාමුදුරුවන්ගේ පන්සලේ වගාව විනාශ කරන ඌරෙක්ට මේ කවිය කිව්වලු

රටල ගෝනල කඩල කටුවල

ගහල හිඟුරල කොඬොල වල් අල

කිතල හිරිතල හබල කුකුළල

බතල කරටි ද කමින් හබරල

අමුද කුරහන් මෙනේරී උඳු

මෑ ද ගොවිතැන් නොයෙක පලවැල

මෙකල නැතිකළ සතුරු ඌරා

හෙළන් කලු පැදි යකුනි තෙද බල

පහුවෙනිදා උදේ බලද්දී පන්සල් වැට මායිමේ ඌරා මැරිලා හිටියලු

රජතුමාගේ බිසෝවරු හිටිය මාළිගාව එහෙමත් නැත්නම් පල්ලේ වාහල ඉස්සරහින් තියෙන පාරේ ගමන් කරන එක රාජාධි රාජසිංහ රජතුමා තහනම් කරලා තිබුණේ. ගියොත් සබ්බුව.

එක දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මේ පාරේ වඩිනවා දැකපු රාජ පුරුෂයෝ ඒ ගැන රජතුමාට කියපු නිසා රාජාධි රාජසිංහ රජතුමා එතනට ඇවිත් හාමුදුරුවන්ගෙන් ඇහුවා " කවුද ඔබ වහන්සේට මේ පාරේ වඩින්න අවසර දුන්නේ ?" කියල

" මට මේ ලංකාවේ කිසි පාරක වඩින්න කාගෙන්වත් අවසර ඕනේ නැහැ" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ එතන තිබුණු කොස් ගහ දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු

මෙවැනි බසක් මින් පසුවත් නොකීයන්

මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන්

මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්

මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්

කවිය අවසන් වෙනවාත් එක්කම කොස් ගහ හතරට පැළුණලු. "තමුන්ගේ මහ බඩ පලන්නෙත් ඔය විදිහට තමා" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ "මොකද කියන්නේ මම හතර පදයක් ගළපන්නද ?" කියලා අහපු ගමන් රාජාධි රාජසිංහ රජතුමා හොඳටම බයවෙලා හාමුදුරුවන්ගෙන් වැඳලා සමාව ගත්තලු )

මේ කාලෙම තමා මහනුවර නාථ දේවාලේ වහළ උඩට බෝ අත්තක් පාත්වෙලා වහළේ අබලන් තත්වෙට පත්වෙන්න ගත්තේ. බෝ අත්ත කපන්නත් බැහැ වස් වදී කියලා ඒ වගේමයි අත්ත තියන විදිහටත් කැපුවොත් වහළෙටමයි කඩන් වැටෙන්නේ. අන්තිමට බෝ අත්ත අයින් කරන වැඩේට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

රම් රද විමන බෝ අත්තෙන් වැසී ගියා

පම් කළ උළු සෙවිලි පලවල් දිරා ගියා

අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා

සුන් කර හරින් තෙද බල වීර මුණ්ඩියා

කවිය අවසන් වෙනවාත් එක්කම ආපු චණ්ඩ මාරුතයකින් නාථ දේවාලේ වහළට පාත්වෙලා තිබුණු බෝ අත්ත කැඩිල ගිහින් උඩවත්ත කැළේට වැටුණලු

දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ පිට පන්සලකට වැඩිය වෙලාවේ ඒ පන්සලේ හාමුදුරුවරු හිටියේ නැහැ. හිටියේ ඇබිත්තයෙක් විතරයි. කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා ඇබිත්තයා ඒක විහිළුවකට ගත්තා. පස්සේ පන්සල ගාව අම්බලමකට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා

සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා

තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා

පැන් කළේ සේම උගෙ බඩ පුපුරන්ඩා

පන්සලේ හාමුදුරුවෝ පන්සලට වඩිද්දී ඇබිත්තයාගේ බඩ කළයක් වගේ ඉදිමිලා ඇබිත්තයා වැටිලා ඉන්නවලු. විස්තරේ දැන්ගත්තු පන්සලේ හාමුදුරුවෝ ඇබිත්තයා වෙනුවෙන් කුංකුණාවේ හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලපු නිසා මෙන්න මේ කවිය ඊළඟට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු කෝටුවකින් ඇබිත්තයාගේ බඩට තට්ටු කර කර

පන්සලේ වෙසෙන දික් බෙරවා දණ්ඩා

සන්සලේ කරපි සඟගණ රවටණ්ඩා

තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා

පින් බලේ ලෙසට උගෙ පණ බේරන්ඩා

කවිය අවසන් වෙනවාත් එක්කම මළ මූත්රා පිට කරමින් ඇබිත්ත කොලුවගේ බඩේ ඉදිමිල්ල අඩුවුණාලු

මේ කාලේ කුංකුණාගේ හාමුදුරුවන්ගේ විරුද්ධකාරයක් වුණේ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ. දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා " කුණා කුණාමයි" කියලා මොරතොට හාමුදුරුවෝ කියපු ගමන් කුංකුණාවේ හාමුදුරුවෝ අනිත් පැත්තට " තොට තොටියා" කිව්වා.

මේ තරහත් එක්ක මොරතොට හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ වීමත් එක්ක කුංකුණාගේ හාමුදුරුවන්ට සබ්බුව දෙන්න සරණංකර සංඝරාජ හාමුදුරුවන්ව ලන්දේසී ආක්රමණයෙන් බේරගත්තු නිසා කුංකුණාවේ හාමුදුරුවන්ට දීලා තිබුණු වැල්ලාගල පන්සලෙන් කුංකුණාවේ හාමුදුරුවන්ව පන්නනවා.

මේ නිසා කුංකුණාගේ හාමුදුරුවෝ ශ්රී වික්රම රාජසිංහ රජතුමාට තමන්ට වුණු කරදරය කියන්නේ මෙන්න මෙහෙම

සෙනේ නැතිව කොහොමද අර ගත්තේ

මෙනේ තිබෙන දුක් පමණක් නැත්තේ

අනේ ඉතින් ඉඩමක් මට නැත්තේ

පෙනේ මෙ වග දෙවියන්ට මෙවැත්තේ

ලෙඩට නොවෙද සොඳ බෙහෙත් කරන්නේ

බඩට නොවෙද රස මුසු බත් කන්නේ

දුකට නොවෙද කවි පද තෙපලන්නේ

වෙහෙර නැතිව මම කොහොමද ඉන්නේ

පහටක් කුසල් නොකළෙමි සිත දරා ගෙනේ

ගහටක් විඳිමි කඳුලැලි ඇස පුරා ගනේ

කහටක් නැතිව කුස තුළ හිමිවරා නනේ

පිහිටක් මෙමට වෙනවද හිමි තුමා නනේ

පහරක් දෙන්ට වරදයි කවි තෙපලනවා

ඉහරක් නැතිව මැත කම් දොඩවනවා

අහරක් නැතිව කුස තුළ ගින් ඇවිලෙනවා

වෙහෙරක් දෙන්ට නැතිවද සමිඳුනි සොඳවා

මේ නිසා රජතුමා කුංකුණාවේ හාමුදුරුවන්ට අන්නම්පට්ටුව කියන පන්සල පූජ කරනවා. ඒකෙනුත් හාමුදුරුවන්ව පන්නන්න ගියත් රජතුමා ඒක වළක්වනවා. ඒ ගැන කවියෙන් කිව්වේ මෙහෙම

අන්නම්පට්ටුව කියා ලබාපූ

එය මය කීවට නැතැයි කියාපූ

වර්ගවෙලා මා අහකට කරපූ

ගුණෙන් කිවත් අපි නොදෙමු කියාපූ

මෙහෙම වස් කවි වගේ ඒවාට කුංකුණාවේ හාමුදුරුවෝ ප්රසිද්ධ වුණත් ඒවා විතරක් නෙමෙයි හාමුදුරුවෝ ධර්ම ග්රන්ථත් සම්පාදනය කරලා තියෙනවා. ධම්ම චේතිය සූත්ර සන්නය, වෙහෙර විත්ති, රාම සංදේශය ඒවායින් කීපයක්

ඔන්න ඕවායි ඉතින් වස් කවි

[QUOTE="amilapunk, post: 12732301, member: 398726"] [b]මෙන්න නියම වස් කවි[/b] [SIZE="4"] එක එක අය එක එක විදිහට වස් කවි කියනවනේ. වස් කවි කියන එක හොඳ දෙයක් වුණේ නැතත් මේ කියන්න යන්නේ නියමෙට වස් කවි වගේම කවිත් කිව්ව මහනුවර යුගයේ හිටිය ප්රකට හාමුදුරු නමක් ගැන කතන්දර කීපයක්. කන්ද උඩරට රාජධානි සමයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වැඩ සිටි කාලයේම මහනුවර වැඩ සිටිය ප්රසිද්ධ හාමුදුරු නමක් වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ. සංඝරාජ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වුණු රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හාමුදුරුවන්ගේ ගෝලයෙක් විදිහට හැදුණු කුංකුණාවේ හාමුදුරුවන්ගේ ඇත්ත නම් කුංකුණාවේ සුමංගල. ඒත් ප්රසිද්ධ වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ නමින්. දැන් කාලේ ඉන්න ඒ නම පාවිච්චි කරලා වංචා වැඩ කරන ශ්රමණ වේශධාරීන් වගේ නෙමෙයි කුංකුණාවේ හාමුදුරුවන්ගේ වැඩ :) මේ කුංකුණාවේ හාමුදුරුවෝ කිව්ව ප්රසිද්ධ වස් කවි කීපයක් නිධාන කතාත් එක්කම...... කුංකුණාවේ හාමුදුරුවන්ට හිතවත් උපාසිකාවක් පූජා කරපු පැදුරක් පැදුරු ආනේ දාලා තිබුණේ. දවසක් හාමුදුරුවෝ පැදුර අරන් බලද්දී ඒ පැදුර මීයෝ කාලා. ඒකේ කේන්තියටත් එක්ක හාමුදුරුවෝ මෙන්න මේ වස් කවිය කිව්වලු මදමත් රූසිරු අඟනක් දුන්නා පැදුර ගෙනත් තැබුවෙමි ආනේ බැඳගත් වාදේ දෝ මට නොදැනෙයි මීයා පැදුරට කළ මානේ තෙදලත් දේවත බණ්ඩර සුරිඳුට කවියක් කීවෙමි මේ මානේ අදවත් මීයගේ තල්ල කඩාගෙන පලයන් නින්නාදේ පූනේ මේ කවිය කියලා අවසන් වෙනවාත් එක්කම පූසෙක් පැනලා ඒ මීයාව අල්ලා ගත්තලු තව දවසක් හාමුදුරුවන්ගේ පන්සලේ පොල් ගස්වල කුරුම්බැට්ටි මීයෙක් කකා බිම දාන නිසා පොල් ගෙඩි හැදෙන්නේ නැති එක වළක්වන්න හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු මේකා මොකාදෝ මට නොදැනෙයි මේකා කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා විකා ඇට නහර මස් ලේ උරා කකා යකා මහ සොහොන් උගේ දිවි හරින් මකා කවිය අවසන් වෙනවාත් එක්කම පොල් ගහේ හිටිය මීයා මැරී වැටුණලු ආයි දවසක හාමුදුරුවන්ගේ පන්සලේ වගාව විනාශ කරන ඌරෙක්ට මේ කවිය කිව්වලු රටල ගෝනල කඩල කටුවල ගහල හිඟුරල කොඬොල වල් අල කිතල හිරිතල හබල කුකුළල බතල කරටි ද කමින් හබරල අමුද කුරහන් මෙනේරී උඳු මෑ ද ගොවිතැන් නොයෙක පලවැල මෙකල නැතිකළ සතුරු ඌරා හෙළන් කලු පැදි යකුනි තෙද බල පහුවෙනිදා උදේ බලද්දී පන්සල් වැට මායිමේ ඌරා මැරිලා හිටියලු රජතුමාගේ බිසෝවරු හිටිය මාළිගාව එහෙමත් නැත්නම් පල්ලේ වාහල ඉස්සරහින් තියෙන පාරේ ගමන් කරන එක රාජාධි රාජසිංහ රජතුමා තහනම් කරලා තිබුණේ. ගියොත් සබ්බුව. එක දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මේ පාරේ වඩිනවා දැකපු රාජ පුරුෂයෝ ඒ ගැන රජතුමාට කියපු නිසා රාජාධි රාජසිංහ රජතුමා එතනට ඇවිත් හාමුදුරුවන්ගෙන් ඇහුවා " කවුද ඔබ වහන්සේට මේ පාරේ වඩින්න අවසර දුන්නේ ?" කියල " මට මේ ලංකාවේ කිසි පාරක වඩින්න කාගෙන්වත් අවසර ඕනේ නැහැ" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ එතන තිබුණු කොස් ගහ දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු මෙවැනි බසක් මින් පසුවත් නොකීයන් මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන් මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන් මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන් කවිය අවසන් වෙනවාත් එක්කම කොස් ගහ හතරට පැළුණලු. "තමුන්ගේ මහ බඩ පලන්නෙත් ඔය විදිහට තමා" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ "මොකද කියන්නේ මම හතර පදයක් ගළපන්නද ?" කියලා අහපු ගමන් රාජාධි රාජසිංහ රජතුමා හොඳටම බයවෙලා හාමුදුරුවන්ගෙන් වැඳලා සමාව ගත්තලු :)) මේ කාලෙම තමා මහනුවර නාථ දේවාලේ වහළ උඩට බෝ අත්තක් පාත්වෙලා වහළේ අබලන් තත්වෙට පත්වෙන්න ගත්තේ. බෝ අත්ත කපන්නත් බැහැ වස් වදී කියලා ඒ වගේමයි අත්ත තියන විදිහටත් කැපුවොත් වහළෙටමයි කඩන් වැටෙන්නේ. අන්තිමට බෝ අත්ත අයින් කරන වැඩේට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු රම් රද විමන බෝ අත්තෙන් වැසී ගියා පම් කළ උළු සෙවිලි පලවල් දිරා ගියා අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා සුන් කර හරින් තෙද බල වීර මුණ්ඩියා කවිය අවසන් වෙනවාත් එක්කම ආපු චණ්ඩ මාරුතයකින් නාථ දේවාලේ වහළට පාත්වෙලා තිබුණු බෝ අත්ත කැඩිල ගිහින් උඩවත්ත කැළේට වැටුණලු දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ පිට පන්සලකට වැඩිය වෙලාවේ ඒ පන්සලේ හාමුදුරුවරු හිටියේ නැහැ. හිටියේ ඇබිත්තයෙක් විතරයි. කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා ඇබිත්තයා ඒක විහිළුවකට ගත්තා. පස්සේ පන්සල ගාව අම්බලමකට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා පැන් කළේ සේම උගෙ බඩ පුපුරන්ඩා පන්සලේ හාමුදුරුවෝ පන්සලට වඩිද්දී ඇබිත්තයාගේ බඩ කළයක් වගේ ඉදිමිලා ඇබිත්තයා වැටිලා ඉන්නවලු. විස්තරේ දැන්ගත්තු පන්සලේ හාමුදුරුවෝ ඇබිත්තයා වෙනුවෙන් කුංකුණාවේ හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලපු නිසා මෙන්න මේ කවිය ඊළඟට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු කෝටුවකින් ඇබිත්තයාගේ බඩට තට්ටු කර කර පන්සලේ වෙසෙන දික් බෙරවා දණ්ඩා සන්සලේ කරපි සඟගණ රවටණ්ඩා තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා පින් බලේ ලෙසට උගෙ පණ බේරන්ඩා කවිය අවසන් වෙනවාත් එක්කම මළ මූත්රා පිට කරමින් ඇබිත්ත කොලුවගේ බඩේ ඉදිමිල්ල අඩුවුණාලු මේ කාලේ කුංකුණාගේ හාමුදුරුවන්ගේ විරුද්ධකාරයක් වුණේ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ. දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා " කුණා කුණාමයි" කියලා මොරතොට හාමුදුරුවෝ කියපු ගමන් කුංකුණාවේ හාමුදුරුවෝ අනිත් පැත්තට " තොට තොටියා" කිව්වා. මේ තරහත් එක්ක මොරතොට හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ වීමත් එක්ක කුංකුණාගේ හාමුදුරුවන්ට සබ්බුව දෙන්න සරණංකර සංඝරාජ හාමුදුරුවන්ව ලන්දේසී ආක්රමණයෙන් බේරගත්තු නිසා කුංකුණාවේ හාමුදුරුවන්ට දීලා තිබුණු වැල්ලාගල පන්සලෙන් කුංකුණාවේ හාමුදුරුවන්ව පන්නනවා. මේ නිසා කුංකුණාගේ හාමුදුරුවෝ ශ්රී වික්රම රාජසිංහ රජතුමාට තමන්ට වුණු කරදරය කියන්නේ මෙන්න මෙහෙම සෙනේ නැතිව කොහොමද අර ගත්තේ මෙනේ තිබෙන දුක් පමණක් නැත්තේ අනේ ඉතින් ඉඩමක් මට නැත්තේ පෙනේ මෙ වග දෙවියන්ට මෙවැත්තේ ලෙඩට නොවෙද සොඳ බෙහෙත් කරන්නේ බඩට නොවෙද රස මුසු බත් කන්නේ දුකට නොවෙද කවි පද තෙපලන්නේ වෙහෙර නැතිව මම කොහොමද ඉන්නේ පහටක් කුසල් නොකළෙමි සිත දරා ගෙනේ ගහටක් විඳිමි කඳුලැලි ඇස පුරා ගනේ කහටක් නැතිව කුස තුළ හිමිවරා නනේ පිහිටක් මෙමට වෙනවද හිමි තුමා නනේ පහරක් දෙන්ට වරදයි කවි තෙපලනවා ඉහරක් නැතිව මැත කම් දොඩවනවා අහරක් නැතිව කුස තුළ ගින් ඇවිලෙනවා වෙහෙරක් දෙන්ට නැතිවද සමිඳුනි සොඳවා මේ නිසා රජතුමා කුංකුණාවේ හාමුදුරුවන්ට අන්නම්පට්ටුව කියන පන්සල පූජ කරනවා. ඒකෙනුත් හාමුදුරුවන්ව පන්නන්න ගියත් රජතුමා ඒක වළක්වනවා. ඒ ගැන කවියෙන් කිව්වේ මෙහෙම අන්නම්පට්ටුව කියා ලබාපූ එය මය කීවට නැතැයි කියාපූ වර්ගවෙලා මා අහකට කරපූ ගුණෙන් කිවත් අපි නොදෙමු කියාපූ මෙහෙම වස් කවි වගේ ඒවාට කුංකුණාවේ හාමුදුරුවෝ ප්රසිද්ධ වුණත් ඒවා විතරක් නෙමෙයි හාමුදුරුවෝ ධර්ම ග්රන්ථත් සම්පාදනය කරලා තියෙනවා. ධම්ම චේතිය සූත්ර සන්නය, වෙහෙර විත්ති, රාම සංදේශය ඒවායින් කීපයක් ඔන්න ඕවායි ඉතින් වස් කවි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom