මෙන්න පොලිසියෙ සිරා වැඩක්
මීගමුව නගරයේ පසුගිය දා සිදුවූ රුපියල් කෝටි එකහමාරේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උපයෝගී කර ගත්තේ කොල්ලයට පැමිණි පුද්ගලයින් දෙදෙනා පැළදගෙන ආ හිස්වැසුම් මිලදී ගත් අලෙවිසැලේ සවි කර තිබූ සීසි ටී.වී. ආරක්ෂක කැමරා දර්ශන බව පොලීසිය අද (23) ප‍්‍රකාශ කළේය.
මෙම කොල්ලය මෙහෙය වූ බවට සැකකෙරෙන එක්සත් ජාතික පක්ෂයේ මීගමුව සංවිධායක රොයිස් ප‍්‍රනාන්දු ඊයේ (22) පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පැය 72ක රැදවුම් නියෝග මත පොලීසිය මොහුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරමින් සිටියි.
මීගමුව ස්වර්ණාභරණ හා විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු මෙම කොල්ලය සිදුකර තිබුණේ පසුගිය 17 වැනිදාය.
මිනිත්තු දෙකකට අඩු කාලයකදී සිදුවූ මෙම කොල්ලය එහි සවි කර තිබු සීසි ටීවී කැමරා දර්ශනවල සටහන් වී තිබූ නමුත් කොල්ලකරුවන් හඳුනා ගැනීමට නොහැකි වූයේ ඔවුන් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කර ගත් හිස් වැසුම් පැළද සිටීම හේතුවෙනි.
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ, සතියකටත් අඩු කාලයක් තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කළ පොලිස් මෙහෙයුම පිළිබද දැනුම් දීම සඳහාය.
මෙම කොල්ලය මෙහෙය වූ බව කියන එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් ප‍්‍රනාන්දු මහතා මීට පෙර කොල්ලකෑම් රැසකට සම්බන්ධ වූ අයෙකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කරුණු අනාවරණ කළේය.
මිගමු මංකොල්ලයේ සැකකරුවන් ඇල්ලූහැටි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මීගමුවේ සිදුකරන ලද මංකොල්ලය පිළිබදව දිර්ඝ කරුණු දැක්විමක නිරතවෙමින් අවධාරණය කර සිටියේ මුදල් මංකොල්ලය සැලසුම් කර තිබුනේ මීගමුව එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු විසින් බවය.
ඒ කරුණ සනාථ කිරිම සදහා ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු වන්නේ
1.අදාල මංකොල්ලය සදහා මුහුණු ආවරණය කරන ලද හෙල්මට් මිළට ගැනිමට ගිය අවස්ථාව උපයෝගි කරගනිමින් අත්අඩංගුවට ගෙන ඇති තරුණයා රොයිස් ප්‍රනාන්දු මහතාගේ රියදුරාගේ මිතුරෙක් වන බවය.
2.කොල්ල කන ලද මුදලින් කොටසක් රොයිස් ප්‍රනාන්දු සතුව තිබි සොයාගත් බවය.
3.මීට පෙර මංකොල්ල කිපයක් සදහා රොයිස් ප්‍රනාන්දු සම්බන්ධ බවය.
4.විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් නිළධාරියෙකු බවය