Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මෙන්න සහජිවනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝකිලායි සිංහලයන් දැන් යන්නේ කොයි රටටද...?

තරංග රත්නවීර, සිරිමන්ත රත්නසේකර

ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්

කෝකිලායි සම්බෝධි විහාරාධිපති ගුණරතන හිමි ගලගොඩඅත්තේ ඥනසාර හිමිට සිංහල මිනිසුන් පදිංචිව සිටින නිවාස පෙන්වන අයුරු...

කරදිය සිප එන තෙතබරිත සුළං රැළි අප දෙකොපුල් සිප ගනී. එහි මුසුව ඇති කරිඡ්ජ දෙතොලට දැනේ. එහෙත් සුළං සමඟ මුසුව එන පිළිගඳ නම් ඉවසා සිටීමට නොහැකි තරම්ය. එක සීරුවට කඩා පාත් වන ගිනියම් හිරු මුළු ගතම පුච්චන්නේය. එහෙත් මුවා වෙන්නට හරි හැටි ගහක් කොළක්වත් නැති කාන්තරයට යාව පිහිටි ටකරන් නිවසකට ඇතුළුවීම ද පෝරණුවක් තුළට රිංගුවා හා සමානය. එහෙයින් අපි ඒ අදහසත් අතහැර පහළ කෝකිලායි කළපුව අද්දර පොල් ගසක සෙවණට වීමු.

ගෙවී ගියේ විනාඩි දහයකටත් අඩු කාලයකි. කෝකිලායි මෝත්තුආරම සිංහල ගම්මානයේ මිනිස්සු අප වට කර ගත්තාහ. කාලයක් තිස්සේ සිට අනෙකවිධ දුක්ක පීඩාවලට මැදිව විඳින වේදනාව ඔවුහු අප ඉදිරියේ වචන බවට පත් කළහ. ගැටලු කප්පරකි. කොහෙන් පටන් ගන්නද කියා සිතාගැනීමටත් නොහැකිය. එහෙයින් සවනේ රැඳුණු සෑම කතාවක්ම ඔවුන්ගේම වචනයෙන් ලියා තබන්නට අපි අදහස් කළෙමු. මන්ද, අප කියනවාටත් වඩා ඔවුන්ගේ වචන සංවේදී හදවත්වලට හොඳින් දැනෙන නිසාය.

'අපි කල්ලතෝනි නෙමෙයි මහත්තයෝ. මම ඉපදුනෙත් මේ ගමේ. මට දැන් වයස අවුරුදු 66 යි. මගේ තාත්තා ඉපදිලනත් තියෙන්නේ මේ ගමේ. සීයා කිරිකිත්තගේ කාලේ ඉඳලා පදිංචි වෙලා හිටපු ඉඩම්. මට දරුවො හය දෙනයි. ඒ සේරමත් ඉපදුනේ මේ ගමේදී. ඒ කාලේ අපේ පවුල් හැටක් හිටියා. 1958 අවුරුද්දේ දෙමළ කෝළහළය වේලාවේ දෙමළ මිනිස්සු අපිට ගහලා, ගෙවල් පුච්චලා එළෙව්වා. අපි වව්නියාව පැත්තට ගියා. ඒ ගිහින් ආපහු එනකොට දෙමළ පවුල් ඇවිත් අහල පහල ගම්වල පදිංචි වෙලා හිටියා. ඒත් අපේ ගමේ කවුරුවත් පදිංචි වෙලා හිටියේ නෑ. නැවත අපි පොල්අතු මඩු ගහගෙන පදිංචි වුණා. 1984 කොටි ත්රස්තවාදීන් සිංහල ගම්මානවලට පහරදීම ආරම්භ කළේ අපේ ගමටයි, නයාරු සිංහල ගම්මානයේ මිනිස්සුන්ටයි ගහලා. කොටින්ට බයේවත් අපි මේ ගම දලා ගියේ නෑ. සමහර දවස්වල රෑට දෙතුන් වතාවේ ගමට කොටි ඇවිත් අපේ අය කපලා, කොටලා, මරා දලා ගිහිල්ලා තියෙනවා. අන්තිමේ යුද හමුදාව ගමේ තරුණයන්ට හමුදා පුහුණුව දීලා ග්‍රාම ආරක්ෂකයන් විදිහට බඳවගත්තා. වැටුපක් නෑ. කොල්ලො ස්වෙච්ඡාවෙන් යුද්ධය ඉවර වෙනකම් ගම ආරක්ෂා කළා. අපි පොළව යට බංකර් හදාගෙන ඇඳිරි වැටෙනකොට ඒවා ඇතුළට රිංගලා හිටියා. ඒත් බෝම්බ පුපුරන හඬට මුත්‍රා යනවා. එක දවසක් රෑක කොටි ඇවිත් අපේ ගමටත් බෝම්බ දැම්මා. අපි බංකර් ඇතුළේ හිටපු නිසා බේරුණා. නැති නම් එදා අපි සේරම ඉවරයි. ඒත් මහත්තයො එදා බඩින් හිටිය අපේ දුවලා දෙන්නෙකුටම හම්බ වෙච්ච ළමයි ලෙඩ්ඩු වුණා. දැන් ඒ ළමයි දෙන්නට අවුරුදු දහඅටක් වෙනවා. අදටත් ඉන්නේ රෝද පුටුවේ. කතා කරන්න බෑ. සදාකාලික ලෙඩ්ඩු. මේ ඉන්නේ ඒ එක ළමයකුගේ අම්මා කෙනෙක්...' මේරි අම්මා එසේ කියමින් අසල සිටි කාන්තාවකගේ අතින් ඇද්දාය. ඇය ඉනෝකාය. මේ ඉනෝකා කියන කතාවය.

'මට තුන්වෙනි දරුවා ලැබෙන්න හිටියේ යුද්ධය සැරටම තිබුණ කාලේ. ඒ කාලේ දවසේ වැඩි කාලයක් අපි හිටියේ බංකර්වල. කොච්චර ප්‍රශ්න තිබුණත් මිනිස්සු මැරෙන්න බයයි. අපිට ඒ බය හොඳට දැනුණා. මට ඇති වෙච්ච ඒ කම්පනයට තමයි මගේ දරුවා ලෙඩෙක් වෙලා තියෙන්නේ කියලා දොස්තරවරු කිව්වා. මට පුතාලම හතරයි. තුන්වෙනි පුතාට තමයි ඔය දේ වුණේ. එයාගේ නම සයුරු හසරැල්. දැන් පුතාට අවුරුදු 18 යි. ඇවිඳින්න බෑ. කතා කරන්න බෑ. කවන්න, පොවන්න ඕනා. රෝද පුටුවේ ඉන්නේ. හරියට අවුරුදු දෙකක ළමයෙක් වගෙයි...'

ඇයට වචන පැටලිණි. දෙනෙත්වල තෙරපුණු කඳුළු දෙකපුල් තෙත් කළාය. ඇයගේ කඳුළු අපට බර වැඩි විය. එහෙයින් තෙත් වූ ඇයගේ වතින් අපගේ දැස් අහකට ගත්තෙමු. ඒ ඇසිල්ලට ජෝෂප් අප දෙසට හැරිණි. ඔහු ම්ලේච්ඡ ත්රස්තවාදීන්ගේ බිහිසුණු වෙඩි උණ්ඩයට ගොදුරු වී වැඩ පළක් කරගැනීමට වාරු නැති ආබාධිතයෙකි.

'මමත් කොටින්ගෙන් වෙඩි කලා පූරුවේ පිනකට ඉතුරු වෙච්ච කෙනෙක්. වෙඩි වැදිලා කකුල දෙකම කැඩුණා. හමුදා නිලධාරීන්ට පින්සිද්ධ වෙන්න අද පොළවේ පය ගහලා ඉන්නවා. එදා මාත් එක්ක මාළු ලොරියේ ආපු අයගෙන් දහයක් විතර කොටි වෙඩි තියලා මැරුවා. මාත් එක්ක හතර දෙනෙක් බේරුණා. ඒ අයත් ආබාධිතයි. 1984 යුද්ධය පටන් ගත්ත දවසේ ඉඳලා අපේ ගමේ අනූවක් විතර කොටි වෙඩි තියලා මැරුවා. සූනාමියට හතර දෙනෙක් ගියා. ඒ මැරුණු සමහර අයගේ මරණ සහතික ගන්න ගිහාම මරණ සහතිකය හදලා දුන්නෙත් නෑ. ඒ. පී. ඔµsස් එකේ නිලධාරීන් අද එන්න... හෙට එන්න කියලා කල් මරනවා. මේ මෑතක යුද්ධයෙන් මැරිච්ච පවුල්වල එක සාමාජිකයකුට රුපියල් ලක්ෂය ගානේ වන්දි දුන්නා. අපේ ගමේ මැරිච්ච උන්ට කිසිම වන්දියක් නෑ. දෙමළ පවුල්වලට ලක්ෂ තුන, හතර හම්බ වුණා. අත පය නැති වෙච්ච අයට රුපියල් ලක්ෂය ගානේ වන්දි දුන්නා. මමත් ආබාධිතයෙක්. එහෙම නම් අපිටත් දෙන්න එපෑ. සමෘද්ධි නියාමක අපේ ගමේ මිනිස්සුන්ට සමෘද්ධිය හදලා දෙන්නේ නෑ. දෙමළ පවුල්වල හැම ළමයටම බයිසිකලය ගානේ බෙදුවා. අපේ එක පවුලක හෝ ළමයකුට බයිසිකල් දුන්නේ නෑ. සේරම ආධාර දෙමළ මිනිස්සුන්ට විතරයි. සිංහල පවුල් එක්ක හිතවත් දෙමළ පවුල්වලටවත් ඒ ආධාර දෙන්නේ නෑ. ආයෙමත් ක්‍රියාත්මක වෙන්නේ දෙමළ රාජ්‍යයක් මහත්තයෝ...' ඔහුගේ කතාවට මගේ සිත ගැස්සිණි. යථාර්තය එය නම් අප කම්පනයට පත් වී පලක් නැත. ජෝෂප්ගේ කතාවත් සමඟ ගල් ගැසුණු මම සංකර්ගේ හඬින් නැවත පියවි සිහියට පැමිණියෙමි. සංකර් සිල්වා ද ධීවරයෙකි. අවුරුදු තිස් දෙකක දෙදරු පියෙකි.

'ගමේ හැමෝම කරන්නේ ධීවර රස්සාව. මුහුදු ගියොත් අපිට මාළු වරදින්නේ නෑ. කළපුවේ ඉස්සො, කකුළුවො ඇති වෙන්න ඉන්නවා. යුද්දෙන් පස්සේ අපි වේලක් කාල හරි නිදහසේ ජීවත් වුණා. පහුගිය ආණ්ඩුවෙන් අපිට වියළි ආහාර සලාකයක් දුන්නා. මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ඒකත් නැති වුණා. ඒකත් ප්‍රශ්නයක් නෑ. ආයෙමත් දේශපාලන කොටි ඇවිත් 'උඹලා පිටින් ආපු උන්... උඹලට මේකෙ අයිතියක් නෑ. දැන් උඹලව ආරක්ෂා කරන්න කවුරුවත් නෑ. ගමෙන් පිට වෙයව්...' කියනවා. කොටින්ට බයේ ගම අතහැරලා ගිය නැති අපි එක, එකා බිරුවට බය වෙන්නේ නෑ. ඒත් මහත්තයො අපිට මේ ඉඩම්වලට අයිතියක් තියෙන්න ඕනෑ. ළමයෙක් ඉස්කොලෙකට දාන්න ගියත් ඉඩම්වල අයිතිය අහනවා. අයිඩෙන්ටි කාඩ් එක හදන්න ගියත් පදිංචිය අහනවා. ස්වයං රැකියාවක් කරන්න අවසර ගන්න ගියත් පදිංචිය අහනවා. ඉඩම්වල අයිතියක් නෑ කියලා හරියට ගෙයක් හදාගන්න මුලිතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර දෙන්නේ නෑ. අපි ගෙයක් දොරක් හදා ගන්නවට ගමේ ග්‍රාම සේවක මහත්තයවත් කැමති නෑ...' සංකර්ගේ කතාව අතරට පැන්න ශ්‍යාමලී ගමේ ග්‍රාම සේවක මහතා ගැන අපූරු කතාවක් කීවාය.

'මේ මෑත දවසක මම සිල්ලර බඩු කඩයක් දාගන්න අවසර ගන්න ග්‍රාම සේවක මහත්තයා ළඟට ගියා... 'ඔයලාට කොහේද මේ ඉඩම්වල අයිතියක්. ඔයලා පිටගම්කාරයො...' කියලා දෙමළෙන් ලියුමක් ලියලා දීලා මට කිව්වා ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගිහින් දෙන්න කියලා. මම දෙමළ දන්නේ නෑ. ලියුමත් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහාම එතැනින් කිව්වා ග්‍රාම සේවක මහත්තයා ලියුමේ ලියලා තියෙන්නේ අපිට ඉඩම්වලට අයිතියක් නෑ කියලායි. ග්‍රාම සේවකගෙන් ඉහළට ගියත් වැඩක් නෑ. සේරම නිලධාරීන් දෙමළ. ඒ මිනිස්සු අපිත් එක්ක පුදුම වෛරයකින් වැඩ කරන්නේ. හැඳුනුම්පතක් හදන්න ග්‍රාම සේවක ළඟට ගිහාම එයා හැඳුනුම්පතේ නම දාන්නෙ අපි කියන නම නෙමෙයි. එයාට ඕන නම. දරුවකුට උප්පැන්නයක් හදන්න ගියත් එහෙමයි...'

ශ්‍යාමලීගේ කතාවට පුංචි විරාමයක් තබා ඇයගෙන්ම ගමේ ග්‍රාම සේවක මහතාගේ ජංගම දුරකථන අංකය ඉල්ලාගෙන ගමේ මිනිස්සු කියන කතාවේ ඇත්ත නැත්ත දැනගැනීමට ඔහුට කතා කළෙමි. ඔහු දුරකථන ඇමතුමට සම්බන්ධ වී චතුර ලෙස සිංහල බස හසුරුවමින් අප හා කතාබහ කළේය. එහෙත් ගමේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව ගැන කතා කළ සැණින් ඔහුට සිංහල හිර විය.

'මට සිංහල කතා කරන්න බෑ...'

දුරකථනය විසන්ධි විය. පුංචි හෝ බුද්ධියක් තියෙන කෙනකුට කෝකිලායි ගමේ ග්‍රාම සේවක මහතාගේ දෙබිඩි ක්‍රියා කලාපය ගැන තේරුම් ගැනීමට හැකිය. එවැනි නිලධාරීන් රටේ ග්‍රාම නිලධාරියකු වශයෙන් තබාගැනීම කොතරම් දුරට සාධාරණද යන්න සබුද්ධිකව සිතා බැලිය යුතුය. නැවත අපි ශ්‍යාමලීගේ කතාවට සවන් දී සිටිමු.

'මේ ඉඩම්වලට අපිට බලපත්‍ර දීලා තිබුණා. ඒ සේරම ලියකියවිලි සුනාමියට ගියා. ප්‍රේමදාස මහත්තයගේ ආණ්ඩුව කාලෙ ගමේ ගෙවල් හැටක් හදලා දුන්නා. අපිට ඉඩම්වල අයිතියක් නැති නම් එදා එතුමා ගමට ගෙවල් හදා දෙන්නේ නෑනේ. අපේ කරුමයකට ඒ ගෙවල් කිහිපයක් සුනාමියට ගියා. තව ගෙවල් කිහිපයක් කොටි ගහලා විනාශ කළා. දැනටත් ගෙවල් තුනක් ඉතිරි වෙලා තියෙනවා. ඒ විනාශ වෙච්ච ගෙවල් තිබුණු හරියෙම තමයි අලුතින් ගෙවල් විසිපහ හදන්න සැලසුම් කරලා තිබුණේ. මුල් ගල් තියන්න ලෑස්ති කරලා තිබුණේ මේ මාසේ 10 වැනිදාට. මහත්තෙල ආවොත් ඒ පරණ ගෙවල්වල ඉතුරු වෙච්ච අත්තිවාරම් කෑලි පෙන්වන්න පුළුවන්...' ඇයගේ උපන් ගම ද දැන් අප පය ගසා සිටින බිමය. ශ්යමලීට අවුරුදු හතළිස් තුනකි. තිදරු මවකි. ඇයගේ දෙවැනි පුතා ද උපතින්ම ආබාධිත දරුවෙකි. කුසේ සිටියදී මවට ඇති වූ කම්පනයට ආබාධිත තත්ත්වට පත් වූ දරුවෙකි. ඒ පුතා ද දැන් අවුරුදු දහඅටක ඉලන්දාරියෙකි. එහෙත් ඔහුට අම්මා කියා කතා කිරීමටවත්, පයක් උස්සා ඇවිද යැමටවත් නොහැකිය. ඔහුගේ මුළු ජීවිතයම ද රෝද පුටුවට සීමා වී ඇත.

ශ්‍යාමලීගේ ඉල්ලීමට අනුව අපි කැඩී බිඳී නටබුන් වූ පාදම් කොටස් දැක බලාගැනීමට ගියෙමු. කතාව සැබෑය. කැඩී බිඳී ශේෂ වූ අත්තිවාරම් කොටස් හොඳින් දර්ශනය වේ. බෙදුම්වාදී දේශපාලන කාඩරයන් ඇස් පනා පිට වළ දමන්නට යන්නේ මේ මිනිසුන්ගේ නිජබිම බව මේ නටබුන්වලින් සනාථ කරන්නේය. අදටත් කෝකිලායි මෝත්තුආරම ගම්මානයේ පවුල් දෙසීය හැට නවයකි. එයින් නිවාස විසිපහක් ඉදිකිරීමට රජයෙන් මුදල් අනුමත වී තිබේ. එයට පෙර ප්‍රදේශයේ ඉඩම් කට්ටි කර ප්‍රදේශවාසීන්ට අයිති බිම් අඟලට, නීත්‍යානුකූලව අයිතිය ලබාදීම සඳහා මිනින්දෝරු මහත්වරු පැමිණ මැනුම් කටයුතු කිරීම ආරම්භ කර තිබිණි. ඒ කටයුත්ත කරගෙන යන අතරේ ප්‍රදේශයේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිපදෙනකු පැමිණ බලහත්කාරයෙන් මැනුම් කටයුතු නතර කර තිබේ. ඒ සමඟ ප්‍රදේශවාසීන් ජීවත් වන බිමට නීත්‍යානුකූල උරුමය ලබාගැනීමේ සිහිනය නැවතත් බොඳ වී ගියේය. හුණු පිරියම් කළ නිවසක ජීවත්වීමට මැවූ සිහිනය ද බොඳ වී ගියේය. ඉඩම්වලට නීත්‍යානුකූල අයිතියක් නොමැතිව සිමෙන්ති ගඩොලෙන් නිවාස තැනීමට මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවසර නොදෙන බව කෝකිලායි ගම්වාසීහු අපට කීහ.

'මේ වන කොට කෝකිලයි සිංහල ගම්මානය ඉවත් කරන්න උතුරු පළාත් සභාවෙත් යෝජනා ඉදිරිපත් වෙනවා. ගමේ ග්‍රාම සේවකගේ ඉඳලා ඉහළ නිලධාරීන් සේරම මේ සිංහල මිනිස්සුන්ට කෙණෙහිලිකම් කරනවා. මේ මිනිස්සු ගැන කතා කරන්න කවුරුවත් නෑ. අපි හරි, මේ අසරණ මිනිස්සු වෙනුවෙන් කතා කළේ නැති නම් මේ අයට යන එනමං නැති වෙනවා. 2007 අවුරුද්දේ ඉඳල කෝකිලායි සිංහල විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට මම මේ ප්‍රදේශයේ වැඩ ඉන්නවා. මේ ගමේ ගොඩක්ම පවුල් කතෝලික. ඒත් ඒ මිනිස්සු පන්සලට ඇවිත් බුදුන් වඳිනවා. දාන මාන දෙනවා. ටී.එන්.ඒ එකේ මන්ත්‍රීවරු පන්සල ඉවත් කරන්න කතා කරනකොට මේ කතෝලික මිනිස්සු තමයි ගමට පන්සල ඕනා කියලා උද්ඝෝෂණ කළේ. මේ මිනිස්සු ළඟ ආගම් බේද, ජාති බේද නෑ. සේරම එක අම්මාගේ දරුවො වගේ එකට ජීවත් වෙනවා. මේක පාරම්පරික සිංහල ගම්මානයක්. මේ මිනිස්සුන්ටත් ජීවත් වෙන ඉඩම්වලට අයිතියක් තියෙන්න ඕනා. පිටරටවල ඉන්න දෙමළ මිනිස්සුන්ටත් මේ ගම්වල ඉඩම් තියෙනවා. යාපනේ විශ්වවිද්‍යාලයේ දෙමළ කථිකාචාර්යවරුන්ට කෝකිලායි ගමේ ඉඩම් තියෙනවා. ඒ මිනිස්සු මේ ගම්වල ගෙවල් හදාගෙන එන්නේ නෑ. තව සමහර දෙමළ මිනිස්සු ගෙවල් හදලා වහලා දලා වෙනත් ප්‍රදේශවල ජීවත් වෙනවා. ඇයි මේ මිනිසුන් ජීවත් වෙන ඉඩම්වල අයිතිය හොරකම් කරන්න හදන්නේ...'

'මේ ගමට එන බස් එක දෙමළ ගම් මැදින් එනකොට සිංහල සින්දුවක්වත් දාන්න දෙන්නෙ නෑ. සිංහල බඩදරු අම්මා කෙනෙක් බස් එකට නැග්ගත් දෙමළ මනුස්සයෙක් සීට් එකක් දෙන්නේ නෑ. ළඟකදි ඉදන් තමයි දෙමළ මිනිස්සුන්ගෙ වෙස් පෙරළෙන්න පටන් ගත්තේ. ආණ්ඩුව පත්වෙලා දවස් තුනක් යනකොට නිමලන් කියන දෙමළ මාධ්‍යවේදියා ඇවිත් පන්සලයි, ගමයි දෙකම අයින් කරනවා කියලා මට තර්ජනය කරලා ගියා. මම නැති වෙලාවක උතුරු පළාත් සභාවේ දෙමළ මන්ත්‍රීවරයකු ඇවිත් පන්සලේ වැඩ කර, කර හිටිය හමුදා නිලධාරීන්ට ඉවත් වෙන්න කියලා තර්ජනය කරලා ගිහින් තිබුණා. එදා ඉඳලා හමුදා නිලධාරීන් පන්සලේ වැඩවලට සම්බන්ධ වුණේ නෑ. පන්සල හදන එක එතැනින් නැවතුණා. ආණ්ඩුවේ මහත්වරු ඉක්මනට මේ දේවල් ගැන හොයා බලන්න ඕනා. එහෙම නැති වුණොත් මේ මිනිසුත් එක්ක අපි පාරට බහිනවා...' ඒ කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී බුද්ධපුර ගුණරතන ස්වාමීන් වහන්සේ අප සමඟ දැක්වූ අදහස්ය.

කෝකිලාවේ හඬක් නැති සිංහලුන්ට ජීවයක් වන්නට එම ප්‍රදේශයට වැඩම කළ බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනතාවගේ හඬට කන් දී අවසානයේ අපට මෙසේ පැවසූහ. 'අපි අවුරුදු තිහක් ම්ලේච්ඡ යුද්ධයකට මුහුණ දුන්නු රටක්. ඒ යුද සමයේදීවත් මේ ඇත්තො ගම් බිම් අතහැර ගියේ නෑ. මේ මිනිස්සුත් නොසැලී ගම්වල හිටිය එක හමුදාවට ශක්තියක් වුණා. දැන් මේ ප්‍රදේශ නිදහස්. ජාති බේද පසෙකලා එකා වගේ මේ ප්‍රදේශ දියුණු කරන්න ඕනා. මේ වෙනකොට උතුරු පළාත සංවර්ධනය කරන්න උතුරු පළාත් සභාවට විශාල මුදල් සම්භාරයක් ලැබිලා තියෙනවා. ඒ මුදල් ලැබිලා තියෙන්නේ අවතැන් වූ ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන්න. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට විතරක් එක නිවසකට රුපියල් අට ලක්ෂය බැගින් නිවාස දසදහසක් හදන්න මුදල් පාස් වෙලා තියෙනවා. ඒත් මේ මුදල් අවතැන් වූ සියලු ජාතීන් අතර බෙදෙන්නේ නෑ. සිංහල දේශපාලනඥයන් ජාති, බේද පසෙකලා රටේ හැම පුරවැසියකු වෙනුවෙන්ම කතා කළාට දෙමළ, මුස්ලිම් දේශපාලනඥයන් කරන්නේ ඒ අයගේ මිනිස්සුන්ට විතරයි. වර්තමාන ජනාධිපතිතුමා වැලිඔය මුල් කරගෙන අලුතින් නිවාස පන්සීයක් ඉදිකරන්නත්, තවත් නිවාස පන්සීයක් ප්‍රතිසංස්කරණය කරන්නත් සැලසුම් කරලා අවශ්‍ය මුදල් පවා වෙන් කරලා තියෙනවා. ඒ ව්‍යාපෘති යටතේ කෝකිලායි සිංහල ගම්මානයට ගෙවල් විසි පහක් පාස් වෙලා තියෙනවා. ඒ ගෙවල් හදන්න මැනුම් කටයුතු කරනකොට තමයි ද්‍රවිඩ මන්ත්‍රී කෙනෙක් ඇවිත් ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරලා තියෙන්නේ...'

යුද්ධයට මැදි වූ සියලු දෙනා යුද්ධයෙන් අවතැන්වූවන්ය. පශ්චාත් යුද සමයේ ද මේ අසරණයන් ටකරන් මඩුවල විඳින දුක අප්‍රමාණය. අදට ද ඔවුන් ටකරන් මඩුවල පිච්චෙන්නේය. තවත් ඔවුන්ව දුකට පත් කිරීම රටට සාපයකි. එහෙයින් සිංහල, දෙමළ, මුස්ලිම් කියා බෙදා වෙන් නොකොට යුද්ධයෙන් අවතැන් වූ සියලුම ජනතාව මනුෂ්‍යයන් යෑයි සිතා ලැබූ ආධාර සමව බෙදාදිය යුතුය. එමෙන්ම උප්පත්තියක් ලැබුවා නම් ඕනෑම සත්වයකුට මේ බිමේ ජීවත්වීමේ අයිතියක් තිබේ. කෝකිලායි පීඩිත ජනතාව හඬා වැටෙන්නේ ජන්ම භූමියේ ජීවත්වීමේ අයිතිය ඉල්ලාගෙනය. එක, එක දේශපාලන කාඩරයන්ගේ න්‍යාය පත්රවලට ලඝූ නොවී යහපත් රජයක් විදිහට කෝකිලායි සිංහල මිනිසුන්ගේ හඬට බුද්ධිමත්ව සවන්දිය යුතුය. මනුෂ්‍යත්වයේa නාමයෙන් කෝකිලායි ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදීමට අප ද අත්වැල් බැඳගත යුතුය.

http://www.divaina.com/2016/03/20/feature13.html

[QUOTE="mano3989, post: 19890481, member: 348050"] [SIZE="5"]කෝකිලායි සිංහලයන් දැන් යන්නේ කොයි රටටද...? [/SIZE] [SIZE="4"] තරංග රත්නවීර, සිරිමන්ත රත්නසේකර ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම් [IMG]http://www.divaina.com/2016/03/20/koki1.jpg[/IMG] කෝකිලායි සම්බෝධි විහාරාධිපති ගුණරතන හිමි ගලගොඩඅත්තේ ඥනසාර හිමිට සිංහල මිනිසුන් පදිංචිව සිටින නිවාස පෙන්වන අයුරු... කරදිය සිප එන තෙතබරිත සුළං රැළි අප දෙකොපුල් සිප ගනී. එහි මුසුව ඇති කරිඡ්ජ දෙතොලට දැනේ. එහෙත් සුළං සමඟ මුසුව එන පිළිගඳ නම් ඉවසා සිටීමට නොහැකි තරම්ය. එක සීරුවට කඩා පාත් වන ගිනියම් හිරු මුළු ගතම පුච්චන්නේය. එහෙත් මුවා වෙන්නට හරි හැටි ගහක් කොළක්වත් නැති කාන්තරයට යාව පිහිටි ටකරන් නිවසකට ඇතුළුවීම ද පෝරණුවක් තුළට රිංගුවා හා සමානය. එහෙයින් අපි ඒ අදහසත් අතහැර පහළ කෝකිලායි කළපුව අද්දර පොල් ගසක සෙවණට වීමු. ගෙවී ගියේ විනාඩි දහයකටත් අඩු කාලයකි. කෝකිලායි මෝත්තුආරම සිංහල ගම්මානයේ මිනිස්සු අප වට කර ගත්තාහ. කාලයක් තිස්සේ සිට අනෙකවිධ දුක්ක පීඩාවලට මැදිව විඳින වේදනාව ඔවුහු අප ඉදිරියේ වචන බවට පත් කළහ. ගැටලු කප්පරකි. කොහෙන් පටන් ගන්නද කියා සිතාගැනීමටත් නොහැකිය. එහෙයින් සවනේ රැඳුණු සෑම කතාවක්ම ඔවුන්ගේම වචනයෙන් ලියා තබන්නට අපි අදහස් කළෙමු. මන්ද, අප කියනවාටත් වඩා ඔවුන්ගේ වචන සංවේදී හදවත්වලට හොඳින් දැනෙන නිසාය. 'අපි කල්ලතෝනි නෙමෙයි මහත්තයෝ. මම ඉපදුනෙත් මේ ගමේ. මට දැන් වයස අවුරුදු 66 යි. මගේ තාත්තා ඉපදිලනත් තියෙන්නේ මේ ගමේ. සීයා කිරිකිත්තගේ කාලේ ඉඳලා පදිංචි වෙලා හිටපු ඉඩම්. මට දරුවො හය දෙනයි. ඒ සේරමත් ඉපදුනේ මේ ගමේදී. ඒ කාලේ අපේ පවුල් හැටක් හිටියා. 1958 අවුරුද්දේ දෙමළ කෝළහළය වේලාවේ දෙමළ මිනිස්සු අපිට ගහලා, ගෙවල් පුච්චලා එළෙව්වා. අපි වව්නියාව පැත්තට ගියා. ඒ ගිහින් ආපහු එනකොට දෙමළ පවුල් ඇවිත් අහල පහල ගම්වල පදිංචි වෙලා හිටියා. ඒත් අපේ ගමේ කවුරුවත් පදිංචි වෙලා හිටියේ නෑ. නැවත අපි පොල්අතු මඩු ගහගෙන පදිංචි වුණා. 1984 කොටි ත්රස්තවාදීන් සිංහල ගම්මානවලට පහරදීම ආරම්භ කළේ අපේ ගමටයි, නයාරු සිංහල ගම්මානයේ මිනිස්සුන්ටයි ගහලා. කොටින්ට බයේවත් අපි මේ ගම දලා ගියේ නෑ. සමහර දවස්වල රෑට දෙතුන් වතාවේ ගමට කොටි ඇවිත් අපේ අය කපලා, කොටලා, මරා දලා ගිහිල්ලා තියෙනවා. අන්තිමේ යුද හමුදාව ගමේ තරුණයන්ට හමුදා පුහුණුව දීලා ග්‍රාම ආරක්ෂකයන් විදිහට බඳවගත්තා. වැටුපක් නෑ. කොල්ලො ස්වෙච්ඡාවෙන් යුද්ධය ඉවර වෙනකම් ගම ආරක්ෂා කළා. අපි පොළව යට බංකර් හදාගෙන ඇඳිරි වැටෙනකොට ඒවා ඇතුළට රිංගලා හිටියා. ඒත් බෝම්බ පුපුරන හඬට මුත්‍රා යනවා. එක දවසක් රෑක කොටි ඇවිත් අපේ ගමටත් බෝම්බ දැම්මා. අපි බංකර් ඇතුළේ හිටපු නිසා බේරුණා. නැති නම් එදා අපි සේරම ඉවරයි. ඒත් මහත්තයො එදා බඩින් හිටිය අපේ දුවලා දෙන්නෙකුටම හම්බ වෙච්ච ළමයි ලෙඩ්ඩු වුණා. දැන් ඒ ළමයි දෙන්නට අවුරුදු දහඅටක් වෙනවා. අදටත් ඉන්නේ රෝද පුටුවේ. කතා කරන්න බෑ. සදාකාලික ලෙඩ්ඩු. මේ ඉන්නේ ඒ එක ළමයකුගේ අම්මා කෙනෙක්...' මේරි අම්මා එසේ කියමින් අසල සිටි කාන්තාවකගේ අතින් ඇද්දාය. ඇය ඉනෝකාය. මේ ඉනෝකා කියන කතාවය. 'මට තුන්වෙනි දරුවා ලැබෙන්න හිටියේ යුද්ධය සැරටම තිබුණ කාලේ. ඒ කාලේ දවසේ වැඩි කාලයක් අපි හිටියේ බංකර්වල. කොච්චර ප්‍රශ්න තිබුණත් මිනිස්සු මැරෙන්න බයයි. අපිට ඒ බය හොඳට දැනුණා. මට ඇති වෙච්ච ඒ කම්පනයට තමයි මගේ දරුවා ලෙඩෙක් වෙලා තියෙන්නේ කියලා දොස්තරවරු කිව්වා. මට පුතාලම හතරයි. තුන්වෙනි පුතාට තමයි ඔය දේ වුණේ. එයාගේ නම සයුරු හසරැල්. දැන් පුතාට අවුරුදු 18 යි. ඇවිඳින්න බෑ. කතා කරන්න බෑ. කවන්න, පොවන්න ඕනා. රෝද පුටුවේ ඉන්නේ. හරියට අවුරුදු දෙකක ළමයෙක් වගෙයි...' ඇයට වචන පැටලිණි. දෙනෙත්වල තෙරපුණු කඳුළු දෙකපුල් තෙත් කළාය. ඇයගේ කඳුළු අපට බර වැඩි විය. එහෙයින් තෙත් වූ ඇයගේ වතින් අපගේ දැස් අහකට ගත්තෙමු. ඒ ඇසිල්ලට ජෝෂප් අප දෙසට හැරිණි. ඔහු ම්ලේච්ඡ ත්රස්තවාදීන්ගේ බිහිසුණු වෙඩි උණ්ඩයට ගොදුරු වී වැඩ පළක් කරගැනීමට වාරු නැති ආබාධිතයෙකි. [IMG]http://www.divaina.com/2016/03/20/kok8.jpg[/IMG] 'මමත් කොටින්ගෙන් වෙඩි කලා පූරුවේ පිනකට ඉතුරු වෙච්ච කෙනෙක්. වෙඩි වැදිලා කකුල දෙකම කැඩුණා. හමුදා නිලධාරීන්ට පින්සිද්ධ වෙන්න අද පොළවේ පය ගහලා ඉන්නවා. එදා මාත් එක්ක මාළු ලොරියේ ආපු අයගෙන් දහයක් විතර කොටි වෙඩි තියලා මැරුවා. මාත් එක්ක හතර දෙනෙක් බේරුණා. ඒ අයත් ආබාධිතයි. 1984 යුද්ධය පටන් ගත්ත දවසේ ඉඳලා අපේ ගමේ අනූවක් විතර කොටි වෙඩි තියලා මැරුවා. සූනාමියට හතර දෙනෙක් ගියා. ඒ මැරුණු සමහර අයගේ මරණ සහතික ගන්න ගිහාම මරණ සහතිකය හදලා දුන්නෙත් නෑ. ඒ. පී. ඔµsස් එකේ නිලධාරීන් අද එන්න... හෙට එන්න කියලා කල් මරනවා. මේ මෑතක යුද්ධයෙන් මැරිච්ච පවුල්වල එක සාමාජිකයකුට රුපියල් ලක්ෂය ගානේ වන්දි දුන්නා. අපේ ගමේ මැරිච්ච උන්ට කිසිම වන්දියක් නෑ. දෙමළ පවුල්වලට ලක්ෂ තුන, හතර හම්බ වුණා. අත පය නැති වෙච්ච අයට රුපියල් ලක්ෂය ගානේ වන්දි දුන්නා. මමත් ආබාධිතයෙක්. එහෙම නම් අපිටත් දෙන්න එපෑ. සමෘද්ධි නියාමක අපේ ගමේ මිනිස්සුන්ට සමෘද්ධිය හදලා දෙන්නේ නෑ. දෙමළ පවුල්වල හැම ළමයටම බයිසිකලය ගානේ බෙදුවා. අපේ එක පවුලක හෝ ළමයකුට බයිසිකල් දුන්නේ නෑ. සේරම ආධාර දෙමළ මිනිස්සුන්ට විතරයි. සිංහල පවුල් එක්ක හිතවත් දෙමළ පවුල්වලටවත් ඒ ආධාර දෙන්නේ නෑ. ආයෙමත් ක්‍රියාත්මක වෙන්නේ දෙමළ රාජ්‍යයක් මහත්තයෝ...' ඔහුගේ කතාවට මගේ සිත ගැස්සිණි. යථාර්තය එය නම් අප කම්පනයට පත් වී පලක් නැත. ජෝෂප්ගේ කතාවත් සමඟ ගල් ගැසුණු මම සංකර්ගේ හඬින් නැවත පියවි සිහියට පැමිණියෙමි. සංකර් සිල්වා ද ධීවරයෙකි. අවුරුදු තිස් දෙකක දෙදරු පියෙකි. 'ගමේ හැමෝම කරන්නේ ධීවර රස්සාව. මුහුදු ගියොත් අපිට මාළු වරදින්නේ නෑ. කළපුවේ ඉස්සො, කකුළුවො ඇති වෙන්න ඉන්නවා. යුද්දෙන් පස්සේ අපි වේලක් කාල හරි නිදහසේ ජීවත් වුණා. පහුගිය ආණ්ඩුවෙන් අපිට වියළි ආහාර සලාකයක් දුන්නා. මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ඒකත් නැති වුණා. ඒකත් ප්‍රශ්නයක් නෑ. ආයෙමත් දේශපාලන කොටි ඇවිත් 'උඹලා පිටින් ආපු උන්... උඹලට මේකෙ අයිතියක් නෑ. දැන් උඹලව ආරක්ෂා කරන්න කවුරුවත් නෑ. ගමෙන් පිට වෙයව්...' කියනවා. කොටින්ට බයේ ගම අතහැරලා ගිය නැති අපි එක, එකා බිරුවට බය වෙන්නේ නෑ. ඒත් මහත්තයො අපිට මේ ඉඩම්වලට අයිතියක් තියෙන්න ඕනෑ. ළමයෙක් ඉස්කොලෙකට දාන්න ගියත් ඉඩම්වල අයිතිය අහනවා. අයිඩෙන්ටි කාඩ් එක හදන්න ගියත් පදිංචිය අහනවා. ස්වයං රැකියාවක් කරන්න අවසර ගන්න ගියත් පදිංචිය අහනවා. ඉඩම්වල අයිතියක් නෑ කියලා හරියට ගෙයක් හදාගන්න මුලිතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර දෙන්නේ නෑ. අපි ගෙයක් දොරක් හදා ගන්නවට ගමේ ග්‍රාම සේවක මහත්තයවත් කැමති නෑ...' සංකර්ගේ කතාව අතරට පැන්න ශ්‍යාමලී ගමේ ග්‍රාම සේවක මහතා ගැන අපූරු කතාවක් කීවාය. 'මේ මෑත දවසක මම සිල්ලර බඩු කඩයක් දාගන්න අවසර ගන්න ග්‍රාම සේවක මහත්තයා ළඟට ගියා... 'ඔයලාට කොහේද මේ ඉඩම්වල අයිතියක්. ඔයලා පිටගම්කාරයො...' කියලා දෙමළෙන් ලියුමක් ලියලා දීලා මට කිව්වා ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගිහින් දෙන්න කියලා. මම දෙමළ දන්නේ නෑ. ලියුමත් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහාම එතැනින් කිව්වා ග්‍රාම සේවක මහත්තයා ලියුමේ ලියලා තියෙන්නේ අපිට ඉඩම්වලට අයිතියක් නෑ කියලායි. ග්‍රාම සේවකගෙන් ඉහළට ගියත් වැඩක් නෑ. සේරම නිලධාරීන් දෙමළ. ඒ මිනිස්සු අපිත් එක්ක පුදුම වෛරයකින් වැඩ කරන්නේ. හැඳුනුම්පතක් හදන්න ග්‍රාම සේවක ළඟට ගිහාම එයා හැඳුනුම්පතේ නම දාන්නෙ අපි කියන නම නෙමෙයි. එයාට ඕන නම. දරුවකුට උප්පැන්නයක් හදන්න ගියත් එහෙමයි...' ශ්‍යාමලීගේ කතාවට පුංචි විරාමයක් තබා ඇයගෙන්ම ගමේ ග්‍රාම සේවක මහතාගේ ජංගම දුරකථන අංකය ඉල්ලාගෙන ගමේ මිනිස්සු කියන කතාවේ ඇත්ත නැත්ත දැනගැනීමට ඔහුට කතා කළෙමි. ඔහු දුරකථන ඇමතුමට සම්බන්ධ වී චතුර ලෙස සිංහල බස හසුරුවමින් අප හා කතාබහ කළේය. එහෙත් ගමේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව ගැන කතා කළ සැණින් ඔහුට සිංහල හිර විය. 'මට සිංහල කතා කරන්න බෑ...' දුරකථනය විසන්ධි විය. පුංචි හෝ බුද්ධියක් තියෙන කෙනකුට කෝකිලායි ගමේ ග්‍රාම සේවක මහතාගේ දෙබිඩි ක්‍රියා කලාපය ගැන තේරුම් ගැනීමට හැකිය. එවැනි නිලධාරීන් රටේ ග්‍රාම නිලධාරියකු වශයෙන් තබාගැනීම කොතරම් දුරට සාධාරණද යන්න සබුද්ධිකව සිතා බැලිය යුතුය. නැවත අපි ශ්‍යාමලීගේ කතාවට සවන් දී සිටිමු. 'මේ ඉඩම්වලට අපිට බලපත්‍ර දීලා තිබුණා. ඒ සේරම ලියකියවිලි සුනාමියට ගියා. ප්‍රේමදාස මහත්තයගේ ආණ්ඩුව කාලෙ ගමේ ගෙවල් හැටක් හදලා දුන්නා. අපිට ඉඩම්වල අයිතියක් නැති නම් එදා එතුමා ගමට ගෙවල් හදා දෙන්නේ නෑනේ. අපේ කරුමයකට ඒ ගෙවල් කිහිපයක් සුනාමියට ගියා. තව ගෙවල් කිහිපයක් කොටි ගහලා විනාශ කළා. දැනටත් ගෙවල් තුනක් ඉතිරි වෙලා තියෙනවා. ඒ විනාශ වෙච්ච ගෙවල් තිබුණු හරියෙම තමයි අලුතින් ගෙවල් විසිපහ හදන්න සැලසුම් කරලා තිබුණේ. මුල් ගල් තියන්න ලෑස්ති කරලා තිබුණේ මේ මාසේ 10 වැනිදාට. මහත්තෙල ආවොත් ඒ පරණ ගෙවල්වල ඉතුරු වෙච්ච අත්තිවාරම් කෑලි පෙන්වන්න පුළුවන්...' ඇයගේ උපන් ගම ද දැන් අප පය ගසා සිටින බිමය. ශ්යමලීට අවුරුදු හතළිස් තුනකි. තිදරු මවකි. ඇයගේ දෙවැනි පුතා ද උපතින්ම ආබාධිත දරුවෙකි. කුසේ සිටියදී මවට ඇති වූ කම්පනයට ආබාධිත තත්ත්වට පත් වූ දරුවෙකි. ඒ පුතා ද දැන් අවුරුදු දහඅටක ඉලන්දාරියෙකි. එහෙත් ඔහුට අම්මා කියා කතා කිරීමටවත්, පයක් උස්සා ඇවිද යැමටවත් නොහැකිය. ඔහුගේ මුළු ජීවිතයම ද රෝද පුටුවට සීමා වී ඇත. ශ්‍යාමලීගේ ඉල්ලීමට අනුව අපි කැඩී බිඳී නටබුන් වූ පාදම් කොටස් දැක බලාගැනීමට ගියෙමු. කතාව සැබෑය. කැඩී බිඳී ශේෂ වූ අත්තිවාරම් කොටස් හොඳින් දර්ශනය වේ. බෙදුම්වාදී දේශපාලන කාඩරයන් ඇස් පනා පිට වළ දමන්නට යන්නේ මේ මිනිසුන්ගේ නිජබිම බව මේ නටබුන්වලින් සනාථ කරන්නේය. අදටත් කෝකිලායි මෝත්තුආරම ගම්මානයේ පවුල් දෙසීය හැට නවයකි. එයින් නිවාස විසිපහක් ඉදිකිරීමට රජයෙන් මුදල් අනුමත වී තිබේ. එයට පෙර ප්‍රදේශයේ ඉඩම් කට්ටි කර ප්‍රදේශවාසීන්ට අයිති බිම් අඟලට, නීත්‍යානුකූලව අයිතිය ලබාදීම සඳහා මිනින්දෝරු මහත්වරු පැමිණ මැනුම් කටයුතු කිරීම ආරම්භ කර තිබිණි. ඒ කටයුත්ත කරගෙන යන අතරේ ප්‍රදේශයේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිපදෙනකු පැමිණ බලහත්කාරයෙන් මැනුම් කටයුතු නතර කර තිබේ. ඒ සමඟ ප්‍රදේශවාසීන් ජීවත් වන බිමට නීත්‍යානුකූල උරුමය ලබාගැනීමේ සිහිනය නැවතත් බොඳ වී ගියේය. හුණු පිරියම් කළ නිවසක ජීවත්වීමට මැවූ සිහිනය ද බොඳ වී ගියේය. ඉඩම්වලට නීත්‍යානුකූල අයිතියක් නොමැතිව සිමෙන්ති ගඩොලෙන් නිවාස තැනීමට මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවසර නොදෙන බව කෝකිලායි ගම්වාසීහු අපට කීහ. 'මේ වන කොට කෝකිලයි සිංහල ගම්මානය ඉවත් කරන්න උතුරු පළාත් සභාවෙත් යෝජනා ඉදිරිපත් වෙනවා. ගමේ ග්‍රාම සේවකගේ ඉඳලා ඉහළ නිලධාරීන් සේරම මේ සිංහල මිනිස්සුන්ට කෙණෙහිලිකම් කරනවා. මේ මිනිස්සු ගැන කතා කරන්න කවුරුවත් නෑ. අපි හරි, මේ අසරණ මිනිස්සු වෙනුවෙන් කතා කළේ නැති නම් මේ අයට යන එනමං නැති වෙනවා. 2007 අවුරුද්දේ ඉඳල කෝකිලායි සිංහල විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට මම මේ ප්‍රදේශයේ වැඩ ඉන්නවා. මේ ගමේ ගොඩක්ම පවුල් කතෝලික. ඒත් ඒ මිනිස්සු පන්සලට ඇවිත් බුදුන් වඳිනවා. දාන මාන දෙනවා. ටී.එන්.ඒ එකේ මන්ත්‍රීවරු පන්සල ඉවත් කරන්න කතා කරනකොට මේ කතෝලික මිනිස්සු තමයි ගමට පන්සල ඕනා කියලා උද්ඝෝෂණ කළේ. මේ මිනිස්සු ළඟ ආගම් බේද, ජාති බේද නෑ. සේරම එක අම්මාගේ දරුවො වගේ එකට ජීවත් වෙනවා. මේක පාරම්පරික සිංහල ගම්මානයක්. මේ මිනිස්සුන්ටත් ජීවත් වෙන ඉඩම්වලට අයිතියක් තියෙන්න ඕනා. පිටරටවල ඉන්න දෙමළ මිනිස්සුන්ටත් මේ ගම්වල ඉඩම් තියෙනවා. යාපනේ විශ්වවිද්‍යාලයේ දෙමළ කථිකාචාර්යවරුන්ට කෝකිලායි ගමේ ඉඩම් තියෙනවා. ඒ මිනිස්සු මේ ගම්වල ගෙවල් හදාගෙන එන්නේ නෑ. තව සමහර දෙමළ මිනිස්සු ගෙවල් හදලා වහලා දලා වෙනත් ප්‍රදේශවල ජීවත් වෙනවා. ඇයි මේ මිනිසුන් ජීවත් වෙන ඉඩම්වල අයිතිය හොරකම් කරන්න හදන්නේ...' 'මේ ගමට එන බස් එක දෙමළ ගම් මැදින් එනකොට සිංහල සින්දුවක්වත් දාන්න දෙන්නෙ නෑ. සිංහල බඩදරු අම්මා කෙනෙක් බස් එකට නැග්ගත් දෙමළ මනුස්සයෙක් සීට් එකක් දෙන්නේ නෑ. ළඟකදි ඉදන් තමයි දෙමළ මිනිස්සුන්ගෙ වෙස් පෙරළෙන්න පටන් ගත්තේ. ආණ්ඩුව පත්වෙලා දවස් තුනක් යනකොට නිමලන් කියන දෙමළ මාධ්‍යවේදියා ඇවිත් පන්සලයි, ගමයි දෙකම අයින් කරනවා කියලා මට තර්ජනය කරලා ගියා. මම නැති වෙලාවක උතුරු පළාත් සභාවේ දෙමළ මන්ත්‍රීවරයකු ඇවිත් පන්සලේ වැඩ කර, කර හිටිය හමුදා නිලධාරීන්ට ඉවත් වෙන්න කියලා තර්ජනය කරලා ගිහින් තිබුණා. එදා ඉඳලා හමුදා නිලධාරීන් පන්සලේ වැඩවලට සම්බන්ධ වුණේ නෑ. පන්සල හදන එක එතැනින් නැවතුණා. ආණ්ඩුවේ මහත්වරු ඉක්මනට මේ දේවල් ගැන හොයා බලන්න ඕනා. එහෙම නැති වුණොත් මේ මිනිසුත් එක්ක අපි පාරට බහිනවා...' ඒ කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී බුද්ධපුර ගුණරතන ස්වාමීන් වහන්සේ අප සමඟ දැක්වූ අදහස්ය. [IMG]http://www.divaina.com/2016/03/20/kok2.jpg[/IMG] කෝකිලාවේ හඬක් නැති සිංහලුන්ට ජීවයක් වන්නට එම ප්‍රදේශයට වැඩම කළ බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනතාවගේ හඬට කන් දී අවසානයේ අපට මෙසේ පැවසූහ. 'අපි අවුරුදු තිහක් ම්ලේච්ඡ යුද්ධයකට මුහුණ දුන්නු රටක්. ඒ යුද සමයේදීවත් මේ ඇත්තො ගම් බිම් අතහැර ගියේ නෑ. මේ මිනිස්සුත් නොසැලී ගම්වල හිටිය එක හමුදාවට ශක්තියක් වුණා. දැන් මේ ප්‍රදේශ නිදහස්. ජාති බේද පසෙකලා එකා වගේ මේ ප්‍රදේශ දියුණු කරන්න ඕනා. මේ වෙනකොට උතුරු පළාත සංවර්ධනය කරන්න උතුරු පළාත් සභාවට විශාල මුදල් සම්භාරයක් ලැබිලා තියෙනවා. ඒ මුදල් ලැබිලා තියෙන්නේ අවතැන් වූ ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන්න. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට විතරක් එක නිවසකට රුපියල් අට ලක්ෂය බැගින් නිවාස දසදහසක් හදන්න මුදල් පාස් වෙලා තියෙනවා. ඒත් මේ මුදල් අවතැන් වූ සියලු ජාතීන් අතර බෙදෙන්නේ නෑ. සිංහල දේශපාලනඥයන් ජාති, බේද පසෙකලා රටේ හැම පුරවැසියකු වෙනුවෙන්ම කතා කළාට දෙමළ, මුස්ලිම් දේශපාලනඥයන් කරන්නේ ඒ අයගේ මිනිස්සුන්ට විතරයි. වර්තමාන ජනාධිපතිතුමා වැලිඔය මුල් කරගෙන අලුතින් නිවාස පන්සීයක් ඉදිකරන්නත්, තවත් නිවාස පන්සීයක් ප්‍රතිසංස්කරණය කරන්නත් සැලසුම් කරලා අවශ්‍ය මුදල් පවා වෙන් කරලා තියෙනවා. ඒ ව්‍යාපෘති යටතේ කෝකිලායි සිංහල ගම්මානයට ගෙවල් විසි පහක් පාස් වෙලා තියෙනවා. ඒ ගෙවල් හදන්න මැනුම් කටයුතු කරනකොට තමයි ද්‍රවිඩ මන්ත්‍රී කෙනෙක් ඇවිත් ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරලා තියෙන්නේ...' යුද්ධයට මැදි වූ සියලු දෙනා යුද්ධයෙන් අවතැන්වූවන්ය. පශ්චාත් යුද සමයේ ද මේ අසරණයන් ටකරන් මඩුවල විඳින දුක අප්‍රමාණය. අදට ද ඔවුන් ටකරන් මඩුවල පිච්චෙන්නේය. තවත් ඔවුන්ව දුකට පත් කිරීම රටට සාපයකි. එහෙයින් සිංහල, දෙමළ, මුස්ලිම් කියා බෙදා වෙන් නොකොට යුද්ධයෙන් අවතැන් වූ සියලුම ජනතාව මනුෂ්‍යයන් යෑයි සිතා ලැබූ ආධාර සමව බෙදාදිය යුතුය. එමෙන්ම උප්පත්තියක් ලැබුවා නම් ඕනෑම සත්වයකුට මේ බිමේ ජීවත්වීමේ අයිතියක් තිබේ. කෝකිලායි පීඩිත ජනතාව හඬා වැටෙන්නේ ජන්ම භූමියේ ජීවත්වීමේ අයිතිය ඉල්ලාගෙනය. එක, එක දේශපාලන කාඩරයන්ගේ න්‍යාය පත්රවලට ලඝූ නොවී යහපත් රජයක් විදිහට කෝකිලායි සිංහල මිනිසුන්ගේ හඬට බුද්ධිමත්ව සවන්දිය යුතුය. මනුෂ්‍යත්වයේa නාමයෙන් කෝකිලායි ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදීමට අප ද අත්වැල් බැඳගත යුතුය.[/SIZE] [URL="http://www.divaina.com/2016/03/20/feature13.html"]http://www.divaina.com/2016/03/20/feature13.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom