මෙන්න වසංගත වේදීන් විශ්වාස කරන කොවීඩ් -19 ර&#3549

redundent

Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    මෙන්න වසංගත වේදීන් විශ්වාස කරන කොවීඩ් -19 ර&#3549

    මෙන්න වසංගත වේදීන් විශ්වාස කරන කොවීඩ් -19 රෝගයේ ඉරණම :
    ===========================================
    දැනට සංසරණය වන සාර්ස් කොව් -2 නැතිනම් කොවීඩ් 19 වසංගතයේ ඉරණම දෙයාකාරයක් ගත හැකි බව වසංගත විද්යාඥයෝ හා වයිරස විද්යාඥයෝ විශ්වාස කරති .
    1 වන ජවනිකාව : නිරෝධායනය, ගමන් තහනම්, ලොක් ඩවුන් සමාජ දුරස්ථකරණය (Social Distancing)මගින් වසංගතය මුලුමනින්ම නැවතීම හා ඉන්පසු සාර්ස් වසංගතය සේ මේ වයිරසය මුළුමනින්ම ලොවෙන් තුරන් වී යෑමය . එය එසේ පහසුවෙන් සිදු නොවනු ඇතැයි බහුතරයකගේ මතයයි . එයට හේතුව රෝග ලක්ෂණ නොමැතිව වයිරස පිටකරන පුද්ගලයින් පාලන කටයුතු වලට හසු නොවීමත් එමගින් පවත්වාගැනෙන සම්ප්‍රේෂණයයි (Sustained Transmission) ,එය දෙවන ජවනිකාව වෙත වසංගතය යොමු කරයි . ඒ තමා විසින්ම සම්ප්‍රේෂණය පවත්වා ගන්නා (Self sustained) වසංගතයක් ලොව පුරා පැතිර යාමයි
    2. වන ජවනිකාව : නිදහස්ව තමා විසින්ම සම්ප්‍රේෂණය පවත්වා ගන්නා වසංගතයක් ලොව පුරා පැතිර යාම මේ ජවනිකාවයි . මෙය ප්‍රභේද දෙකක් ලෙස සිදුවිය හැකිය (1) මේ අනුව විවිධ රටවල පිටතින් පැමිනෙන රෝගීන්ගෙන් නොව ඒ ප්‍රජාවන් තුලම සම්ප්‍රේෂණය (community transmission) පවත්වා ගන්නා වසංගත පැතිරෙන අතර මෙය වැඩි තීව්රතාවයකින් යුත් චක්‍ර දෙක තුනක් පවත්වා ගෙන ඉන්පසු දැනට සංසරණයේ ඇති අනෙක් කොරෝනා වයිරස 4ට පස් වන්න සේ එක්ව ප්‍රජාවේ රෝගය පතුරවමින්, වරින් වර මරණද ඇති කරමින් කාගේත් විශේෂ අවධානයෙන් ගිලිහී යෑම සිදු කරයි . එසේ වුවද මේ මගින් විශාල පිරිසක් අසාදනය වීම නිසා එන්නත් හා ඖෂද නිපදවීමට ව්‍යාපාරික ලෝකය පෙලඹවීම සිදු විය හැකිය. (2) මේ ජවනිකාවේ ඊ ළඟ ප්‍රභේදය දැඩි පාලන කටයුතු හා උෂ්ණත්ව වෙනස් කම් මත ක්‍රියාකාරකම බින්දුවට ආසන්න මට්ටමට පැමිණීමය . එහෙත් ඒ අවසානය නොවේ. නැවතත් වාසිදායක පාරිසරීක සාධක පැමිණි කළ ඊ ළඟ මෝසම් /සීත කාලයේ එය නැවත මතු වෙනු ඇත ඒ වාරික(seasonal) වයිරසයක් ලෙසය . හරියට 2009 අධි වසංගත ඉන්ෆ්ලුවන්සා වයිරසය වාරික වයිරසයක් ලෙස වර 11 ක් ගතව 2020ත් තවම සැරි සරණ ආකාරයටය .එවන් තත්වයකදී වයිරසය ධාරකයාව මරා දමන්නේ නම් එහි(වයිරසයේ) පැවැත්ම බිඳ වැටෙනු ඇත . එබැවින් මේ ආකාරයට සාර්ථකව වාරිකව(seasonal) සංසරණය වෙමින් පැවතීම සඳහා එය දැනට තමා සතු ප්‍රචණ්ඩ බවත් (virulence) අඩු කර ගනු ඇත. බොහෝ විද්‍යාඥ මතය නම් දැනට එය රෝගීන් මරාදමන්නේ 2%-4% අතර ප්‍රමාණයක් බැවින්ද සාර්ථක දිගු කාලීන සම්ප්රේෂණයක් සඳහා දැනට පවත්නා ගුණාංග ප්‍රමාණවත් බැවින්ද වයිරසය ඒ අයුරෙන්ම නොවෙනස්ව පැවතෙනු ඇති බවයි කෙසේ වුවද මේ වසංගතයේ ඉරණම පළමුවන හෝ දෙවන ජවනිකාවද යන්න අපට ඉදිරියේ දැක ගත හැකිය .