Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මෙලොවදීම පල දෙන කර්ම විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙලොවදීම පල දෙන කර්ම විපාක

පින්නදූව එම්.එච්. සිරිවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.

කරන කලට පව් මිහිරිය මීසේ

දකුණු පළාතේ කුඩා ගම්මානයක ඔහු සිය පවුලත් සමග ජීවත්ව සිටියේය. ඔහුට දූවරුන් දෙදෙනෙක් වූ අතර ගැමියන් විසින් ඔහු හැඳින්වූයේ මයියොක්කා මාටින් යනුවෙනි. රැකියාව වශයෙන් ඔහු කළේ අසල ගම්වල හේන්වලින් එකතු කර ගන්නා මයියොක්කා බයිසිකලයට පටවා නගරයට ගෙන ගොස් ඒවා විකිණීමය. මාටින් සෑම දිනකම වැඩ අවසන් කොට සවස් කල ගිනි වතුරෙන් සප්පායම් වීමද පුරුද්දක් කොටගෙන තිබුණි.

මස් මාංශ කෑමට ප්රිය බවක් දැක් වූ මාටින් මයියොක්කා විකුණා ලැබෙන මුදලින් ගෙදරට මස් හෝ මාළු ගෙන යෑමට ද අමතක කළේ නැත. මාටින්ගේ බිරිඳ හා දරුවන් ද මස් කෑමට ප්රිය බවක් දැක් වූ හෙයින් නිවසේ දෛනික වියදමට එය තරමක ප්රශ්නයක් ද විය.

එදා පෝය දිනයකි. මස් ගැනීමට නගරයේ මස් කඩ නොවූ බැවින් ගෙදර එන ගමන් ගිනි වතුර පිරවුම් හලට ගියේ පරණ පුරුද්දටය. එහිදී හමු වූ මිතුරකු සමග මත් වතුර ගැනීමට එකතු වූ මාටින්ට කට ගැස්ම සඳහා මිතුරා විසින් ගෙනත් තිබූ පිසින ලද මස් පාර්සලයක් දිග හැරියේය. මාටින් කට කොනට හිනාවක් නගමින් ඉන් කැබැල්ලක් කටේ දාගත්තේය. එහි අමුතුම රසයක් ඇති බව මාටින්ට දැනුණි. ගිනි වතුර පොළේ සිටි මාටින්ගේ සියලුම මිතුරන්ට ද ඔහු මේ කට ගැස්මෙන් සංග්රහ කිරීමට අමතක කළේ නැත. මින් පෙර කිසි දිනක මාටින් නොකා තිබූ එම මස් තලගොයි මස් බව මිතුරාගෙන් දැනගත් පසු තමා ඉතාම පුදුමයට පත් වූ බවත් ඒ බව දැන ගත්තේ අද දින බවත් මාටින් මිතුරාට පැවසීය.

මයියොක්කා එකතු කිරීම සඳහා ගමේ ඈත මායිම් හේන්වලට යන මාටින්ට කදිම අදහසක් පහළ විය. ඒ තලගොයකු අල්ලා මරා ඌ හම ගසා මස් ටික ගෙදර ගෙන ඒමටය. බිරිඳ සහ දරුවනුත් කැමැත්තෙන් මස් කන නිසාත් ගෙදර මස් මාංශවලට යන මුදල් ප්රමාණයත් ඉතිරි කිරීමට හැකි නිසාත් මාටින් එයට කැමැත්තක් දැක්වීය.

එදා මයියොක්කා ගැලවීමට ගිය ඔහුට ඇත්තටම හේන අයිනේ සිටි තලගොයකු නෙත ගැටුණ නිසා මයියොක්කා ගැලවීම පසෙකට ලා තලගොයා මැරීමට සූදානම් විය. ඉතාම අහිංසක සතෙකු වන තලගොයා හෙමි හෙමින් හේන අයිනෙන් වැටී ඇති පාරෙන් ගමන් කළ අතර මාටින්ගේ ඉනේ තිබූ වක් පිහිය තලගොයාගේ හිස මතට පාත් විය. දෙතුන් වතාවක් කැරකුණු තලගොයා විනාඩි පහකට පමණ පසු මිය ගියේය. බයිසිකලයත් ගෙන කැලෑවට ඇතුළු වූ මාටින් තලගොයා සුද්ද කොට මස් කෑලිවලට කපා තමන්ගේ පන් මල්ලේ බහාගෙන මයියොක්කා එකතු කිරීමට ගියේය.

මයියොක්කා එකතු කර ගත් මාටින් ඒවා ඉක්මනින් නගරයට ගෙන ගොස් විකුණා රාත්රිය ළඟා වීමට කලින් ගෙදර යෑමට ද අමතක කළේ නැත. එම ගමනේදී මාටින් ගිනි වතුර පොළට යෑමට ද අමතක නොකළේය. ගෙදර ගිය මාටින් අද දින කඩේ එළු මස් පමණක් තිබූ බවට බිරිඳට බොරුවක් පවසා තලගොයි මස් පාර්සලය බිරිඳට දුන්නේය. බිරිඳ ද සිනා සී මස් පාර්සලය ගෙන කුස්සියට ගොස් එය පිසීමට සූදානම් විය.

එදා රාත්රී කෑමට තලගොයි මසුත් මයියොක්කාත් බතුත් තිබුණ නිසා මාටින් තවත් වතාවක් ගිනි වතුර ටිකක් බී රාත්රී කෑම කෑ අතර බිරිඳ සහ ළමයින් ඉතා ආසාවෙන් මස් කන හැටි බීමතින් සිටි මාටින් බලා සිටියේය.

සතියකට වරක් වත් තලගොයි මස් කෑමට ඇත්නම් හොඳයි සිතූ ඔහු බිරිඳගෙනුත් එයට අකමැත්තක් නොවූ නිසා මාටින් මේ ක්රියාව සතියකට වරක් කළේය. මාටින්ගේ තලගොයි මස් ජෝගිය ගිනි වතුර පොළේ මිතුරන් අතර ප්රසිද්ධ වී ගිය නිසා ඔහු මිතුරන් අතර තලගොයි මස් මුදලට ද විකිණුවේය. ගමින් ගමට ගොස් මයියොක්කා ගලවා ගෙන විකිණීමට වඩා ලාබයක් තලගොයි මස් ටිකක් විකුණා ලබාගත හැකි බව මාටින්ට පැහැදිලි වී ගියේය. මේ නිසා ඔහු මේ ජාවාරම සෑම දිනකම පාහේ කරගෙන ගිය අතර එයින් ඔහුගේ ගිනි වතුර පොළට යන මුදල කවර් කර ගැනීමටත් හැකි විය.

දිනක් මාටින් මයියොක්කා එකතු කර ගැනීමට ගිය අතර හේනේ තලගොයින් සිටී දැයි විපරම් කර බැලීය. ඔහුගේ නෙතට එක් වරම ගැටුණේ තලගොයින් දෙදෙනෙකි. ඔහුගේ අතේ තිබූ වක් පිහිය දමා ගසා එක් සතකු මරා ගත් අතර ටිකක් ලොකු තලගොයා දුවගොස් අසල තිබූ බෙනයකට රිංගා ගත්තේය. මාටින් වහා දුවගොස් මරාගෙන සිටි තලගොයා බිමින් තබා බෙනයට අත දමා අත ඒ මේ අත යවා තලගොයා අසුවනවා දැයි සොයා බැලීය. මුළු අතම බෙනයට ඇතුළු කළ නිසා එක් වරම තලගොයාගේ වලිග කොටස මාටින්ට අසු විය. ඔහු ඉතා වේගයෙන් වලිග කොටස එළියට ඇද්දේය.

තලගොයා වෙනුවට මාටින්ට අසු වී තිබුණේ තඩි පොළඟෙකි. ඔහු පොළඟා ඈතට විසි කරන්න සූදානම් වුණා පමණි. බුදු අම්මෝ... කියමින් මාටින් සිහි විකල් වූවකු මෙන් එහේ මෙහේ දුවන්නට විය. එහෙත් ඔහුට අඩු ගණනේ හේනේ සිට පාරට ඒමටවත් බැරි වූ අතර ඔහු හේන අයිනේ තිබූ කුරුඳු කැලෑවේ කානුවක් ඇතුළට වැටුණි.

මාටින්ගේ දකුණු අතට දෂ්ඨ කළ පොළඟා ඔහුෙග් අතින් ගිලිහී ගියේය. කටින් සෙම දමා බිම ඇද වැටුණු මාටින්ගේ මිනිය සොයා ගත්තේ දින හතරකට පසුවය. ඒ වන විට මාටිනුත් කුණු වී ඔහු විසින් මරාගෙන සිටි තලගොයාත් කුණු වී ඕජස් වැක්කෙරෙමින් තිබුණි. අහිංසක සතුන් මැරීම මෙලොවදීම පඩිසන් දෙන ක්රියාවකි. ඔහුගේ ක්රියා කලාපය ගැන දැන සිටි ගැමියන් ඔහුගේ අවමඟුලට සහභාගි වූයේ ඉතා අඩුවෙනි.

මාටින්ගේ බිරිඳත් දූවරුන් දෙන්නාත් ඒ ගම හැර ගියේ මාටින්ගේ මළගමෙන් පසුවය. ඔවුන් කොහේ ගියා දැයි අදටත් කිසිවෙකු දන්නේ නැත.

[QUOTE="Wild Cat, post: 22678816, member: 557050"] [b]මෙලොවදීම පල දෙන කර්ම විපාක[/b] [SIZE="4"]පින්නදූව එම්.එච්. සිරිවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය. කරන කලට පව් මිහිරිය මීසේ දකුණු පළාතේ කුඩා ගම්මානයක ඔහු සිය පවුලත් සමග ජීවත්ව සිටියේය. ඔහුට දූවරුන් දෙදෙනෙක් වූ අතර ගැමියන් විසින් ඔහු හැඳින්වූයේ මයියොක්කා මාටින් යනුවෙනි. රැකියාව වශයෙන් ඔහු කළේ අසල ගම්වල හේන්වලින් එකතු කර ගන්නා මයියොක්කා බයිසිකලයට පටවා නගරයට ගෙන ගොස් ඒවා විකිණීමය. මාටින් සෑම දිනකම වැඩ අවසන් කොට සවස් කල ගිනි වතුරෙන් සප්පායම් වීමද පුරුද්දක් කොටගෙන තිබුණි. මස් මාංශ කෑමට ප්රිය බවක් දැක් වූ මාටින් මයියොක්කා විකුණා ලැබෙන මුදලින් ගෙදරට මස් හෝ මාළු ගෙන යෑමට ද අමතක කළේ නැත. මාටින්ගේ බිරිඳ හා දරුවන් ද මස් කෑමට ප්රිය බවක් දැක් වූ හෙයින් නිවසේ දෛනික වියදමට එය තරමක ප්රශ්නයක් ද විය. එදා පෝය දිනයකි. මස් ගැනීමට නගරයේ මස් කඩ නොවූ බැවින් ගෙදර එන ගමන් ගිනි වතුර පිරවුම් හලට ගියේ පරණ පුරුද්දටය. එහිදී හමු වූ මිතුරකු සමග මත් වතුර ගැනීමට එකතු වූ මාටින්ට කට ගැස්ම සඳහා මිතුරා විසින් ගෙනත් තිබූ පිසින ලද මස් පාර්සලයක් දිග හැරියේය. මාටින් කට කොනට හිනාවක් නගමින් ඉන් කැබැල්ලක් කටේ දාගත්තේය. එහි අමුතුම රසයක් ඇති බව මාටින්ට දැනුණි. ගිනි වතුර පොළේ සිටි මාටින්ගේ සියලුම මිතුරන්ට ද ඔහු මේ කට ගැස්මෙන් සංග්රහ කිරීමට අමතක කළේ නැත. මින් පෙර කිසි දිනක මාටින් නොකා තිබූ එම මස් තලගොයි මස් බව මිතුරාගෙන් දැනගත් පසු තමා ඉතාම පුදුමයට පත් වූ බවත් ඒ බව දැන ගත්තේ අද දින බවත් මාටින් මිතුරාට පැවසීය. මයියොක්කා එකතු කිරීම සඳහා ගමේ ඈත මායිම් හේන්වලට යන මාටින්ට කදිම අදහසක් පහළ විය. ඒ තලගොයකු අල්ලා මරා ඌ හම ගසා මස් ටික ගෙදර ගෙන ඒමටය. බිරිඳ සහ දරුවනුත් කැමැත්තෙන් මස් කන නිසාත් ගෙදර මස් මාංශවලට යන මුදල් ප්රමාණයත් ඉතිරි කිරීමට හැකි නිසාත් මාටින් එයට කැමැත්තක් දැක්වීය. එදා මයියොක්කා ගැලවීමට ගිය ඔහුට ඇත්තටම හේන අයිනේ සිටි තලගොයකු නෙත ගැටුණ නිසා මයියොක්කා ගැලවීම පසෙකට ලා තලගොයා මැරීමට සූදානම් විය. ඉතාම අහිංසක සතෙකු වන තලගොයා හෙමි හෙමින් හේන අයිනෙන් වැටී ඇති පාරෙන් ගමන් කළ අතර මාටින්ගේ ඉනේ තිබූ වක් පිහිය තලගොයාගේ හිස මතට පාත් විය. දෙතුන් වතාවක් කැරකුණු තලගොයා විනාඩි පහකට පමණ පසු මිය ගියේය. බයිසිකලයත් ගෙන කැලෑවට ඇතුළු වූ මාටින් තලගොයා සුද්ද කොට මස් කෑලිවලට කපා තමන්ගේ පන් මල්ලේ බහාගෙන මයියොක්කා එකතු කිරීමට ගියේය. මයියොක්කා එකතු කර ගත් මාටින් ඒවා ඉක්මනින් නගරයට ගෙන ගොස් විකුණා රාත්රිය ළඟා වීමට කලින් ගෙදර යෑමට ද අමතක කළේ නැත. එම ගමනේදී මාටින් ගිනි වතුර පොළට යෑමට ද අමතක නොකළේය. ගෙදර ගිය මාටින් අද දින කඩේ එළු මස් පමණක් තිබූ බවට බිරිඳට බොරුවක් පවසා තලගොයි මස් පාර්සලය බිරිඳට දුන්නේය. බිරිඳ ද සිනා සී මස් පාර්සලය ගෙන කුස්සියට ගොස් එය පිසීමට සූදානම් විය. එදා රාත්රී කෑමට තලගොයි මසුත් මයියොක්කාත් බතුත් තිබුණ නිසා මාටින් තවත් වතාවක් ගිනි වතුර ටිකක් බී රාත්රී කෑම කෑ අතර බිරිඳ සහ ළමයින් ඉතා ආසාවෙන් මස් කන හැටි බීමතින් සිටි මාටින් බලා සිටියේය. සතියකට වරක් වත් තලගොයි මස් කෑමට ඇත්නම් හොඳයි සිතූ ඔහු බිරිඳගෙනුත් එයට අකමැත්තක් නොවූ නිසා මාටින් මේ ක්රියාව සතියකට වරක් කළේය. මාටින්ගේ තලගොයි මස් ජෝගිය ගිනි වතුර පොළේ මිතුරන් අතර ප්රසිද්ධ වී ගිය නිසා ඔහු මිතුරන් අතර තලගොයි මස් මුදලට ද විකිණුවේය. ගමින් ගමට ගොස් මයියොක්කා ගලවා ගෙන විකිණීමට වඩා ලාබයක් තලගොයි මස් ටිකක් විකුණා ලබාගත හැකි බව මාටින්ට පැහැදිලි වී ගියේය. මේ නිසා ඔහු මේ ජාවාරම සෑම දිනකම පාහේ කරගෙන ගිය අතර එයින් ඔහුගේ ගිනි වතුර පොළට යන මුදල කවර් කර ගැනීමටත් හැකි විය. දිනක් මාටින් මයියොක්කා එකතු කර ගැනීමට ගිය අතර හේනේ තලගොයින් සිටී දැයි විපරම් කර බැලීය. ඔහුගේ නෙතට එක් වරම ගැටුණේ තලගොයින් දෙදෙනෙකි. ඔහුගේ අතේ තිබූ වක් පිහිය දමා ගසා එක් සතකු මරා ගත් අතර ටිකක් ලොකු තලගොයා දුවගොස් අසල තිබූ බෙනයකට රිංගා ගත්තේය. මාටින් වහා දුවගොස් මරාගෙන සිටි තලගොයා බිමින් තබා බෙනයට අත දමා අත ඒ මේ අත යවා තලගොයා අසුවනවා දැයි සොයා බැලීය. මුළු අතම බෙනයට ඇතුළු කළ නිසා එක් වරම තලගොයාගේ වලිග කොටස මාටින්ට අසු විය. ඔහු ඉතා වේගයෙන් වලිග කොටස එළියට ඇද්දේය. තලගොයා වෙනුවට මාටින්ට අසු වී තිබුණේ තඩි පොළඟෙකි. ඔහු පොළඟා ඈතට විසි කරන්න සූදානම් වුණා පමණි. බුදු අම්මෝ... කියමින් මාටින් සිහි විකල් වූවකු මෙන් එහේ මෙහේ දුවන්නට විය. එහෙත් ඔහුට අඩු ගණනේ හේනේ සිට පාරට ඒමටවත් බැරි වූ අතර ඔහු හේන අයිනේ තිබූ කුරුඳු කැලෑවේ කානුවක් ඇතුළට වැටුණි. මාටින්ගේ දකුණු අතට දෂ්ඨ කළ පොළඟා ඔහුෙග් අතින් ගිලිහී ගියේය. කටින් සෙම දමා බිම ඇද වැටුණු මාටින්ගේ මිනිය සොයා ගත්තේ දින හතරකට පසුවය. ඒ වන විට මාටිනුත් කුණු වී ඔහු විසින් මරාගෙන සිටි තලගොයාත් කුණු වී ඕජස් වැක්කෙරෙමින් තිබුණි. අහිංසක සතුන් මැරීම මෙලොවදීම පඩිසන් දෙන ක්රියාවකි. ඔහුගේ ක්රියා කලාපය ගැන දැන සිටි ගැමියන් ඔහුගේ අවමඟුලට සහභාගි වූයේ ඉතා අඩුවෙනි. මාටින්ගේ බිරිඳත් දූවරුන් දෙන්නාත් ඒ ගම හැර ගියේ මාටින්ගේ මළගමෙන් පසුවය. ඔවුන් කොහේ ගියා දැයි අදටත් කිසිවෙකු දන්නේ නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom