Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මෙලොවදීම පල දෙන කර්ම විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙනසුරු වාහනයට මාරකයක්

වයඹ පළාතට අාසන්නව පිහිටි නොදියුණු ග්‍රාමයකි. මෙය 1970 දශකයේ වු සත්‍ය සිදුවීමකි. ඒ ගම විසු ඉන්දරේ මැදි වියේ වූ අවිවාහකයෙකි. වඩු වැඩෙහි දක්ෂයකු වූ ඔහු කැත්තේ උදැල්ලේ වැඩද දත්තෙකි. නමුත් මේවායේ යෙදෙනුයේ අක්‍රමවත් ලෙස හේතුව වුයේ ඔහු සුරා ලෝලියකු වූ බැවිනි.

ගජ මිතුරා වූයේ ද වංචනික ක්‍රියාවක් නිසා රැකියාවෙන් දොට්ට දැමු තරුණ වියේ පසු වූ අසල්වාසී සමීප ඥාතියෙකි. අවිවාහකයකු වූ හෙතෙම ද සුරා සූදු අන්තුවෙකි. අපි හෙක්ටර් නමින් ඔහු හඳුන්වමු. කථාවෙහි දක්ෂ හා කපටි ප්රයෝගයන් ද පුරුදු දෙදෙනාම අරමුණු සඳහා කෙසේ හෝ මුදල් කඩා වඩා ගැනීමට අති දක්ෂයෝය. ඒ සඳහාම කුලී වැඩෙහි ද ඉඳ හිට යෙදෙන මොවුන් දෙදෙනාම තම පවුල් වලට බරක් වූවෝම විය.

ෙම් වෙන විට මාස් කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වී තිබුණි. කුඹුරක නියර වල් සෑදීම භාර ගත් මොවුන් දෙදෙනා එදින උදයේම පැමිණ වැඩ ආරම්භ කර තිබුණි. දහවල් තේ සඳහා අවශ්‍ය දැ රැගෙන විත් එයද ගසක එල්ලා රඳවා තැබීය. මාස් කන්නයේ වී වැපිරීම සඳහා අවට කුඹුරුවල ද මිනිසුන් වැඩෙහි යෙදී සිටින බව දිස් විය. දහවල ආසන්නවෙන විට අවට සැරි සරන කපුටෝ එල්ලා තිබූ බෑගය අවුස්සා එහි තිබූ පාන් කැබලි කඩා රැගෙන යාමට පටන් ගත්හ. කපුටන්ගේ කෑ ගැසීම ද පොර කෑමද නිසා පාන් කැබලි පාර්සලය ඉරී විසිරිණි.

මෙය දුටු වැඩෙහි යෙදී සිටි ඉන්දරේ සහ හෙක්ටර් දුවගෙනවිත් කෝපයෙන් කපුටන් පන්නා දැමීය. ඉතිරි වූ පාන් කැබිලි ටික එකතු කර ගත් දෙදෙනා මෙයට කරන දෑ ගැන කතා කරන්නට විය. වට පිට බැලු ඉන්දරේ ඈත කුඹුරක තෙල් ඉසින අයකු දිටීය. ඔහුව ළඟ සිටි හෙක්ටර්ට පෙන්වා ඔහුගෙන් කෙසේ හෝ ස්වල්පයක් ඉල්ලාගෙන එන ලෙසට දැන්වීය. ඔහු ද එයට එකපයින්ම කැමතිව ගෙන එන්නේ කෙසේදැයි විමසීය. ටික වේලාවක් කල්පනා කර සිටී ඉන්දරේ ‘‘මට හොඳ අදහසක් ආවා හිටපන්, ඔහොම’’ යනුවෙන් පවසා ඉන රැඳි පිහිය ගෙන අවට තිබු පඳුරකින් බට කෝටුවක් කපාගෙන ආවේය. එහි පුරුකක් සිටින පරිදි අඟල් තුනක් පමණ දිගට කපා සිදුරක් සහිත වට පුරුක සාදා හෙක්ටර් අතට දුණි. එයට රැගෙන එන ලෙස දන්වා ‘‘ඕවට මොළේ තියෙන්න ඕනෑ බං’’ යයි කියමින් පුරසාරම් දොඩවමින් එතන රැඳුණේය. මඳ වේලාවකින් බට පුරකට වල් නාශක තෙල් රැගෙන පැමිණි ඔහුගෙන් එය ලබා ගෙන එකතු කර ගත් පාන් කැබලි වලට දමා මිශ්‍ර කරන ලදි. අනතුරුව එම පාන් කැබලි කපුටන් වෙතට විසි කරන ලදී. සෑනෙකින් පැමිණි කපුටන් රංචුව පොර කමින් පාන් කැබලි කමින් රැගෙන අවට ගස් වලට පියෑඹූහ.

ගත වුයේ ස්වල්ප වේලාවකි. කෑ ගසමින් ඉගිළී යන කපුටන් එකා දෙන්නා බිම ඇඳ වැටෙන්නට වූහ. එන්න එන්නම මහ හඬින් කපුටු ඝෝෂාව වැඩි විය. තව තවත් කපුටන් බිම වැටෙන්නට විය. අවට මහත් කැලඹිලි සහිත විය. කපුටු ඝෝෂාව තීව්ර වෙමින් ඉගිලෙමින් මහත් ඝෝෂාවක් වීම ද අරුමයකි. එතන සිටින ලද කපුටන් සංඛ්‍යාව අති විශාලය.

පැය භාගයකට අධික කාලයක් තිස්සේ වූ සිදුවීම කුමක් දැයි කුඹුරුවල සිටි සියල්ලෝම පාහේ මෙතැන පිහිටි ඕවිටට පැමිණ විමසා බැලූහ. තටු විහිදාගෙන මැරී වැටී සිටි කපුටන් දුටු බොහෝ දෙනා දුකට පත් වීම නොයෙකුත් දෑ කියමින් මේ අපරාධය කළේ කව් ද යන්න ප්රශ්නාර්ථව විමසා බැලූහ. මේ අතරට පැමිණි ඉහත දෙදෙනා ද කිසිදු අමුත්තක් නොමැතිව ඔවුන්ට එක් විය.

මැරී වැටී සිටි කපුටන් සංඛ්‍යාව ගැන බැලූ විට විසි නවයක් විය. එය ද කියමින් පිරිස ටිකින් ටික විසිර ගිය බැවින් යහළුවෝ දෙදෙනා ද පුරසාරම් දොඩවමින් ආපසු පැමිණියහ. එහි සිටි එක්වැඩිහිටියෙක් කපුටකුගේ ආයුෂ අවුරුදු සියයක් පමණ වන බවද කීය.

මෙය මුළු ප්‍රදේශයේම ලැව් ගින්නක් මෙන් පැතිර ගිය බැවින් සහගහන අපරාධයක් ලෙසින් ගමේ කතාවේ මුල් තැනට පත් වී අදට ද නොනැසී වරින් වර මතුවෙමින් පවතී.

වසර කිහිපයක් ගත විය. 1977 බිහි වූ නව රජයෙන් රැකියා විරහිත තරුණයින් හට රැපියල් පනහක දිමනාවක් ලබා දීමට පියවර ගති. කෙසේ හෝ මෙම දීමනාව හෙක්ටර්ටද ලැබුණි. නිවසට ම ලැබුණ එම මුදල තමාගේ බැවින් එය ඉල්ලා ගෙදර උදවිය සමග රංඩු සරුවල් විය. කෙසේ හෝ එය නොලැබීම නිසා කෝපයට පත්ව බනිමින් ගෙදරින් පිට විය. පැය කිහිපයකට පසුව වස පානය කර වැටී සිටි බව ආරංචි විය. එහි සිටි පිරිස් ඔහුව රෝහලට ගෙන ගොස් භාර දුණි. නමුත් පසු දා රෝහලේ දී වැසිකිළියට යාමට ගොස් අතර මඟ ඇද වැටීමෙන් දෑත් දෙපා විහිදුවා ගෙන මැරී සිටියේය. පානය කර ඇත්තේ කුඹුරුවලට යොදන වල් නාශකයක් බවද හෙළි විය.

හෙක්ටර්ගේ අවසානය සිදු වුයේ එසේය.

මින් තවත් වසරක් පමණ ගත විය. ඉන්දරේ ද පාපැදියක නැගී ගමනක් යන විට වංගුවක් සහිත දිග පල්ලමකදී පෙරළී වැටීමෙන් අත පය කැඩී රෝගාතුර විය. එතැන් සිට ගමන් කිරීමට නොහැකිව ඥාතියකුගේ නිවසක එක තැන දුක් විඳිමින් කෙඳිරිගාමින් මාස 06 ක් පමණ ගත කලේ වේදනාකාරී ඉරියව්වකිනි. කතාව පැටලිලි සහිත විය. කථා කිරිමට බොහෝ උත්සාහ කළ ද මුවින් පිට වූයේ ‘‘ක’’ ශබ්දය පමණි. මෙසේ විඳවමින් සිට දුක්බර අවසානයකට ඔහු ද ළඟා විය.

මොවුන් දෙදෙනාට ඉහත සිද්ධියේ විපාකය මොළොව දීම පළ දුන් බව මේ ගැන හොඳින් දත් වැඩිහිටියෝ අදටත් සඳහන් කරති.

[QUOTE="Wild Cat, post: 22678821, member: 557050"] [SIZE="3"]සෙනසුරු වාහනයට මාරකයක් වයඹ පළාතට අාසන්නව පිහිටි නොදියුණු ග්‍රාමයකි. මෙය 1970 දශකයේ වු සත්‍ය සිදුවීමකි. ඒ ගම විසු ඉන්දරේ මැදි වියේ වූ අවිවාහකයෙකි. වඩු වැඩෙහි දක්ෂයකු වූ ඔහු කැත්තේ උදැල්ලේ වැඩද දත්තෙකි. නමුත් මේවායේ යෙදෙනුයේ අක්‍රමවත් ලෙස හේතුව වුයේ ඔහු සුරා ලෝලියකු වූ බැවිනි. ගජ මිතුරා වූයේ ද වංචනික ක්‍රියාවක් නිසා රැකියාවෙන් දොට්ට දැමු තරුණ වියේ පසු වූ අසල්වාසී සමීප ඥාතියෙකි. අවිවාහකයකු වූ හෙතෙම ද සුරා සූදු අන්තුවෙකි. අපි හෙක්ටර් නමින් ඔහු හඳුන්වමු. කථාවෙහි දක්ෂ හා කපටි ප්රයෝගයන් ද පුරුදු දෙදෙනාම අරමුණු සඳහා කෙසේ හෝ මුදල් කඩා වඩා ගැනීමට අති දක්ෂයෝය. ඒ සඳහාම කුලී වැඩෙහි ද ඉඳ හිට යෙදෙන මොවුන් දෙදෙනාම තම පවුල් වලට බරක් වූවෝම විය. ෙම් වෙන විට මාස් කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වී තිබුණි. කුඹුරක නියර වල් සෑදීම භාර ගත් මොවුන් දෙදෙනා එදින උදයේම පැමිණ වැඩ ආරම්භ කර තිබුණි. දහවල් තේ සඳහා අවශ්‍ය දැ රැගෙන විත් එයද ගසක එල්ලා රඳවා තැබීය. මාස් කන්නයේ වී වැපිරීම සඳහා අවට කුඹුරුවල ද මිනිසුන් වැඩෙහි යෙදී සිටින බව දිස් විය. දහවල ආසන්නවෙන විට අවට සැරි සරන කපුටෝ එල්ලා තිබූ බෑගය අවුස්සා එහි තිබූ පාන් කැබලි කඩා රැගෙන යාමට පටන් ගත්හ. කපුටන්ගේ කෑ ගැසීම ද පොර කෑමද නිසා පාන් කැබලි පාර්සලය ඉරී විසිරිණි. මෙය දුටු වැඩෙහි යෙදී සිටි ඉන්දරේ සහ හෙක්ටර් දුවගෙනවිත් කෝපයෙන් කපුටන් පන්නා දැමීය. ඉතිරි වූ පාන් කැබිලි ටික එකතු කර ගත් දෙදෙනා මෙයට කරන දෑ ගැන කතා කරන්නට විය. වට පිට බැලු ඉන්දරේ ඈත කුඹුරක තෙල් ඉසින අයකු දිටීය. ඔහුව ළඟ සිටි හෙක්ටර්ට පෙන්වා ඔහුගෙන් කෙසේ හෝ ස්වල්පයක් ඉල්ලාගෙන එන ලෙසට දැන්වීය. ඔහු ද එයට එකපයින්ම කැමතිව ගෙන එන්නේ කෙසේදැයි විමසීය. ටික වේලාවක් කල්පනා කර සිටී ඉන්දරේ ‘‘මට හොඳ අදහසක් ආවා හිටපන්, ඔහොම’’ යනුවෙන් පවසා ඉන රැඳි පිහිය ගෙන අවට තිබු පඳුරකින් බට කෝටුවක් කපාගෙන ආවේය. එහි පුරුකක් සිටින පරිදි අඟල් තුනක් පමණ දිගට කපා සිදුරක් සහිත වට පුරුක සාදා හෙක්ටර් අතට දුණි. එයට රැගෙන එන ලෙස දන්වා ‘‘ඕවට මොළේ තියෙන්න ඕනෑ බං’’ යයි කියමින් පුරසාරම් දොඩවමින් එතන රැඳුණේය. මඳ වේලාවකින් බට පුරකට වල් නාශක තෙල් රැගෙන පැමිණි ඔහුගෙන් එය ලබා ගෙන එකතු කර ගත් පාන් කැබලි වලට දමා මිශ්‍ර කරන ලදි. අනතුරුව එම පාන් කැබලි කපුටන් වෙතට විසි කරන ලදී. සෑනෙකින් පැමිණි කපුටන් රංචුව පොර කමින් පාන් කැබලි කමින් රැගෙන අවට ගස් වලට පියෑඹූහ. ගත වුයේ ස්වල්ප වේලාවකි. කෑ ගසමින් ඉගිළී යන කපුටන් එකා දෙන්නා බිම ඇඳ වැටෙන්නට වූහ. එන්න එන්නම මහ හඬින් කපුටු ඝෝෂාව වැඩි විය. තව තවත් කපුටන් බිම වැටෙන්නට විය. අවට මහත් කැලඹිලි සහිත විය. කපුටු ඝෝෂාව තීව්ර වෙමින් ඉගිලෙමින් මහත් ඝෝෂාවක් වීම ද අරුමයකි. එතන සිටින ලද කපුටන් සංඛ්‍යාව අති විශාලය. පැය භාගයකට අධික කාලයක් තිස්සේ වූ සිදුවීම කුමක් දැයි කුඹුරුවල සිටි සියල්ලෝම පාහේ මෙතැන පිහිටි ඕවිටට පැමිණ විමසා බැලූහ. තටු විහිදාගෙන මැරී වැටී සිටි කපුටන් දුටු බොහෝ දෙනා දුකට පත් වීම නොයෙකුත් දෑ කියමින් මේ අපරාධය කළේ කව් ද යන්න ප්රශ්නාර්ථව විමසා බැලූහ. මේ අතරට පැමිණි ඉහත දෙදෙනා ද කිසිදු අමුත්තක් නොමැතිව ඔවුන්ට එක් විය. මැරී වැටී සිටි කපුටන් සංඛ්‍යාව ගැන බැලූ විට විසි නවයක් විය. එය ද කියමින් පිරිස ටිකින් ටික විසිර ගිය බැවින් යහළුවෝ දෙදෙනා ද පුරසාරම් දොඩවමින් ආපසු පැමිණියහ. එහි සිටි එක්වැඩිහිටියෙක් කපුටකුගේ ආයුෂ අවුරුදු සියයක් පමණ වන බවද කීය. මෙය මුළු ප්‍රදේශයේම ලැව් ගින්නක් මෙන් පැතිර ගිය බැවින් සහගහන අපරාධයක් ලෙසින් ගමේ කතාවේ මුල් තැනට පත් වී අදට ද නොනැසී වරින් වර මතුවෙමින් පවතී. වසර කිහිපයක් ගත විය. 1977 බිහි වූ නව රජයෙන් රැකියා විරහිත තරුණයින් හට රැපියල් පනහක දිමනාවක් ලබා දීමට පියවර ගති. කෙසේ හෝ මෙම දීමනාව හෙක්ටර්ටද ලැබුණි. නිවසට ම ලැබුණ එම මුදල තමාගේ බැවින් එය ඉල්ලා ගෙදර උදවිය සමග රංඩු සරුවල් විය. කෙසේ හෝ එය නොලැබීම නිසා කෝපයට පත්ව බනිමින් ගෙදරින් පිට විය. පැය කිහිපයකට පසුව වස පානය කර වැටී සිටි බව ආරංචි විය. එහි සිටි පිරිස් ඔහුව රෝහලට ගෙන ගොස් භාර දුණි. නමුත් පසු දා රෝහලේ දී වැසිකිළියට යාමට ගොස් අතර මඟ ඇද වැටීමෙන් දෑත් දෙපා විහිදුවා ගෙන මැරී සිටියේය. පානය කර ඇත්තේ කුඹුරුවලට යොදන වල් නාශකයක් බවද හෙළි විය. හෙක්ටර්ගේ අවසානය සිදු වුයේ එසේය. මින් තවත් වසරක් පමණ ගත විය. ඉන්දරේ ද පාපැදියක නැගී ගමනක් යන විට වංගුවක් සහිත දිග පල්ලමකදී පෙරළී වැටීමෙන් අත පය කැඩී රෝගාතුර විය. එතැන් සිට ගමන් කිරීමට නොහැකිව ඥාතියකුගේ නිවසක එක තැන දුක් විඳිමින් කෙඳිරිගාමින් මාස 06 ක් පමණ ගත කලේ වේදනාකාරී ඉරියව්වකිනි. කතාව පැටලිලි සහිත විය. කථා කිරිමට බොහෝ උත්සාහ කළ ද මුවින් පිට වූයේ ‘‘ක’’ ශබ්දය පමණි. මෙසේ විඳවමින් සිට දුක්බර අවසානයකට ඔහු ද ළඟා විය. මොවුන් දෙදෙනාට ඉහත සිද්ධියේ විපාකය මොළොව දීම පළ දුන් බව මේ ගැන හොඳින් දත් වැඩිහිටියෝ අදටත් සඳහන් කරති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom