Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්අඩංගුවේදී සිදුවන මරණ

කඹුරුපිටිය පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට මේ වන විට අත්ව තිබෙන ඉරණම ප්‍රශ්න ගණනාවක් මතුකරයි. එක් සැකකරුවකු පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මරණයට පත්වූ අතර තවත් දෙදෙනකු දියේ ගිලී මරණයට පත්විය. දැන් අලුතින්ම අසන්නට ලැබෙන පුවත් මගින් පැවැසෙන්නේ මතෛක් අත්අඩංගුවට ගන්නට නොහැකිව සිටි බව පවසන ප්‍රධාන සැකකරුද වෙඩි වැදී මරණයට පත්ව ඇති බවයි.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තම ජීවිතාරක්ෂාව පතා ගන්නා පියවරවලදී මේ ආකාරයෙන් මරණයට ගොදුරුවීම අදහා ගන්නට අසීරු කරුණක් නොවන බව සත්‍යයකි. එහෙත් මේ නඩුවට සම්බන්ධ සියලු සැකකරුවන් එබඳු ඉරණමකට ගොදුරු වීමත්, මීට ඉහතදී තවත් සෑහෙන සැකකරුවන් පිරිසක්, වෙඩි වැදී නැතහොත් වෙනත් අතුරු අනතුරුවලින් මරණයට පත්වීමත් කිසියම් සැකයක් මතුකරන බවද අසත්‍යයක් නොවේ. එකම ආකාරයට එකදිගට එබඳු සිදුවීම් වාර්තා වීම ඊට හේතුවයි.

අපරාධ මර්දනය සඳහා නිර්භීතව මැදිහත්වූ පොලිස් කොස්තාපල්වරයාත් ඔහුගේ බිරියත් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ කුරිරු ක්‍රියාව කිසිසේත් අවතක්සේරුවට ලක්නොවිය යුතුය. ඊට වගකිව යුත්තන් කොටු කරගෙන දඬුවම් පැමිණවීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය.

සැක මතුවන්නේ හුදෙක් මේ ආකාරයෙන් සැකකරුවන් මරණයට ගොදුරුවීම පිළිබඳව පමණක් නොවේ. මෙබඳු අබිරහස් ඝාතන පිටුපස, තවත් බොහෝ දේ වසන් කිරීමේ අභිප්‍රායද සැඟව තිබිය හැකි බැවිනි.

ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමට එරෙහි ප්‍රබල මර්දනයක් ගෙන ගිය නිලධාරියෙකි. මත්කුඩු ජාවාරම යනු මේ වන විට පාතාල සාමාජිකයන් පමණක් සම්බන්ධවී කරගෙන යන ව්‍යාපාරයක් නොවේ. ඒ හා සමීපව සම්බන්ධ බවට දේශපාලනඥයන්ට පමණක් නොව ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ට එරෙහිවද චෝදනා එල්ලවෙයි. එබඳු වාතාවරණයක් තුළ කිසියම් සැකකරුවකු අත්අඩංගුවට පත්වීම, ඊට සම්බන්ධ තවත් බොහෝ තොරතුරු අනාවරණය වන්නට තරම් පුළුල් දොරටුවක් විවෘත වීමකි. සැකකරුවන් සැකකටයුතු ආකාරයෙන් මරණයට ගොදුරුවීම නොසලකා හරින්නට තරම් නොවන සැක සහිත සිදුවීමක් විය හැකි බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි.

මෙබඳු අබිරහස් මරණ බොහෝ දේ වසන් කිරීම සඳහා කරන ලද දැනුවත් ඝාතන වන්නට බැරි නැත.

එසේ පැවැසීම මගින් අදහස් කෙරෙන්නේ එබඳු අරමුණක් නොමැතිව සැකකරුවන් ඝාතනයට ලක්ව ඇත්නම් එය එතරම් ගණන් ගත යුතු නොවන කාරණයක් බව හැඟවීම නොවේ. තවම වරදකරුවකු බවට නීතිය ඉදිරියේ ඔප්පු නොවුණු සැකකරුවකු පොලිස් භාරයේ සිටියදී සැකකටයුතු ආකාරයෙන් මරණයට පත්වීමද සිදු නොවිය යුත්තකි. එය මූලික මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව නොකිවමනාය.

තවත් පැත්තකින් සැකකරුවන් මේ ආකාරයෙන් මරණයට පත්වීම, පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ අපරාධය පිළිබඳ සුලමුල සොයා ගන්නට මහත් බාධකයකි. ඒ අර්ථයෙන් ගත්විට එය ඔවුනට කෙරෙන අසාධාරණයක්ද වෙයි.

වඩාත් පුළුල් ආකාරයෙන් මෙම සිද්ධීන් විමසා බලන විට අවධානයට යොමුවන තවත් කාරණයක් ඇත. එනම් ශ්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් ආරක්ෂා නොවන බවට ජාත්‍යන්තරයෙන් එල්ලවන චෝදනාවයි. පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් අබිරහස් ලෙස මරණයට ගොදුරු වීම, එබඳු බලවේග විසින් හොඳ ඉල්ලමක් කරගනු ලබන්නට බැරි නැත.

පොලිස් භාරයේ සිටියදී සැකකරුවන් අබිරහස් ලෙස මරණයට ගොදුරුවීම, පුළුල් ලෙස විමර්ශනයට ලක්විය යුතු සංසිද්ධියක් බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි.

ලක්බිම

[QUOTE="sarika406, post: 15981842, member: 106621"] අත්අඩංගුවේදී සිදුවන මරණ කඹුරුපිටිය පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට මේ වන විට අත්ව තිබෙන ඉරණම ප්‍රශ්න ගණනාවක් මතුකරයි. එක් සැකකරුවකු පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මරණයට පත්වූ අතර තවත් දෙදෙනකු දියේ ගිලී මරණයට පත්විය. දැන් අලුතින්ම අසන්නට ලැබෙන පුවත් මගින් පැවැසෙන්නේ මතෛක් අත්අඩංගුවට ගන්නට නොහැකිව සිටි බව පවසන ප්‍රධාන සැකකරුද වෙඩි වැදී මරණයට පත්ව ඇති බවයි. අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තම ජීවිතාරක්ෂාව පතා ගන්නා පියවරවලදී මේ ආකාරයෙන් මරණයට ගොදුරුවීම අදහා ගන්නට අසීරු කරුණක් නොවන බව සත්‍යයකි. එහෙත් මේ නඩුවට සම්බන්ධ සියලු සැකකරුවන් එබඳු ඉරණමකට ගොදුරු වීමත්, මීට ඉහතදී තවත් සෑහෙන සැකකරුවන් පිරිසක්, වෙඩි වැදී නැතහොත් වෙනත් අතුරු අනතුරුවලින් මරණයට පත්වීමත් කිසියම් සැකයක් මතුකරන බවද අසත්‍යයක් නොවේ. එකම ආකාරයට එකදිගට එබඳු සිදුවීම් වාර්තා වීම ඊට හේතුවයි. අපරාධ මර්දනය සඳහා නිර්භීතව මැදිහත්වූ පොලිස් කොස්තාපල්වරයාත් ඔහුගේ බිරියත් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ කුරිරු ක්‍රියාව කිසිසේත් අවතක්සේරුවට ලක්නොවිය යුතුය. ඊට වගකිව යුත්තන් කොටු කරගෙන දඬුවම් පැමිණවීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය. සැක මතුවන්නේ හුදෙක් මේ ආකාරයෙන් සැකකරුවන් මරණයට ගොදුරුවීම පිළිබඳව පමණක් නොවේ. මෙබඳු අබිරහස් ඝාතන පිටුපස, තවත් බොහෝ දේ වසන් කිරීමේ අභිප්‍රායද සැඟව තිබිය හැකි බැවිනි. ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමට එරෙහි ප්‍රබල මර්දනයක් ගෙන ගිය නිලධාරියෙකි. මත්කුඩු ජාවාරම යනු මේ වන විට පාතාල සාමාජිකයන් පමණක් සම්බන්ධවී කරගෙන යන ව්‍යාපාරයක් නොවේ. ඒ හා සමීපව සම්බන්ධ බවට දේශපාලනඥයන්ට පමණක් නොව ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ට එරෙහිවද චෝදනා එල්ලවෙයි. එබඳු වාතාවරණයක් තුළ කිසියම් සැකකරුවකු අත්අඩංගුවට පත්වීම, ඊට සම්බන්ධ තවත් බොහෝ තොරතුරු අනාවරණය වන්නට තරම් පුළුල් දොරටුවක් විවෘත වීමකි. සැකකරුවන් සැකකටයුතු ආකාරයෙන් මරණයට ගොදුරුවීම නොසලකා හරින්නට තරම් නොවන සැක සහිත සිදුවීමක් විය හැකි බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි. මෙබඳු අබිරහස් මරණ බොහෝ දේ වසන් කිරීම සඳහා කරන ලද දැනුවත් ඝාතන වන්නට බැරි නැත. එසේ පැවැසීම මගින් අදහස් කෙරෙන්නේ එබඳු අරමුණක් නොමැතිව සැකකරුවන් ඝාතනයට ලක්ව ඇත්නම් එය එතරම් ගණන් ගත යුතු නොවන කාරණයක් බව හැඟවීම නොවේ. තවම වරදකරුවකු බවට නීතිය ඉදිරියේ ඔප්පු නොවුණු සැකකරුවකු පොලිස් භාරයේ සිටියදී සැකකටයුතු ආකාරයෙන් මරණයට පත්වීමද සිදු නොවිය යුත්තකි. එය මූලික මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව නොකිවමනාය. තවත් පැත්තකින් සැකකරුවන් මේ ආකාරයෙන් මරණයට පත්වීම, පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ අපරාධය පිළිබඳ සුලමුල සොයා ගන්නට මහත් බාධකයකි. ඒ අර්ථයෙන් ගත්විට එය ඔවුනට කෙරෙන අසාධාරණයක්ද වෙයි. වඩාත් පුළුල් ආකාරයෙන් මෙම සිද්ධීන් විමසා බලන විට අවධානයට යොමුවන තවත් කාරණයක් ඇත. එනම් ශ්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් ආරක්ෂා නොවන බවට ජාත්‍යන්තරයෙන් එල්ලවන චෝදනාවයි. පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් අබිරහස් ලෙස මරණයට ගොදුරු වීම, එබඳු බලවේග විසින් හොඳ ඉල්ලමක් කරගනු ලබන්නට බැරි නැත. පොලිස් භාරයේ සිටියදී සැකකරුවන් අබිරහස් ලෙස මරණයට ගොදුරුවීම, පුළුල් ලෙස විමර්ශනයට ලක්විය යුතු සංසිද්ධියක් බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි. ලක්බිම [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom