Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?

මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?

යාලුවනේ,

පොඩි නිවාඩුවකට ඇවිල්ලා ඉන්න එකේ අදහසක් ලියන්න හිතුවා.

මම එලකිරිය ගැන දැන ගත්තේ මතක විදියට 2006,2007 කාලේ. ඒත් ඉස්කෝලේ පොඩි පන්තිවල ඉන්න කාලේ මේවට යන්න එන්න වැඩිය පහසුකම් නොතිබ්බ නිසා මෙම්බර් කෙනෙක් විදියට මේකෙ හිටියේ නෑ. 2009දි විතර තමයි මෙම්බර් කෙනෙක් උනේ. ඒ කාලේ මේකෙ හිටපු අය අතරින් දෙතුන් දෙනෙක් මතකයි, coolgayathra, අතුල සිරිවර්ධන වගේ අය. ඉතින් මම අදහස්කලේ මම එලකිරිය දකිනවා අවුරුදු 10ට ආසන්න කාලයක්. ඇත්තම කිව්වොත් මගේ ලමාවියේ සිට මම මේක දකිනවා.

ඒකාලේ සයිබර් අවකාශයේ සිංහල අකුරක් දකින්නත් අපි ගොඩක් ආස කෙරුවා. මේ දවස්වලනම් ඕන තරම් සිංහල වෙබ්සයිට්, බ්ලොග් තියෙනවා. ඉතින් ඒ කාලේ අපිට තිබ්බ මේ වෙබ්සයිට් දෙක තුනට අපි ගොඩක් ආස කෙරුවා. ඒ අතර හොද හොද සංවාද යන, අලුත් අලුත් දේවල්ගැන ත්‍රෙඩ් වැටෙන, සරල හා ගුණාත්මක මේ එලකිරිය අපිට විශේෂ වුනා. 56Kbps මොඩම්වලින් හෙන ස්පීඩ් නෙට් පහසුකම්  අත්විදලා හරි අපි මේකට ආසාවෙන් බඩගෑවා.

ඉතින් මේ අවුරුදු 10 ඇතුලත අන්තර්ජාල පහසුකම් කොච්චර දියුණු වුනාද, කොච්චර අලුත් සාමාජිකයෝ, අලුත් මූනු මේකට ආවා ගියාද කියන එක නිහඩව මම දැක්කා. රෙප් සිස්ටම් එක හදුන්වාදීම, ඒකෙන් බලාපොරොත්තු වුන දේ, අපේ අය ඒක පාවිච්චි කරපු හැටි, රෙප්ගන්න අපේ අය කරපු නොකරපු හැමදේමත් මම දැක්කා. ප්‍රසිද්ධ චරිත කා කොටා ගත්ත හැටි, බැන ගත්ත හැටි, යාලු උන හැටි, දාල ගිය හැටි, ඔට්ටු, ආපහු ආපු හැටි, යටිකූට්ටු වැඩ හැමදෙයක්ම බොහොම නිහඩව මම බලාගෙන හිටියා. මමත් යාන්තමට වගේ සමහර දේවල් එක්ක එකතු නොවුනා නෙමෙයි. දන්න දේවල් කියලා දුන්නා, නොසෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. මොකක්හරි නොදන්න අටමගලයක් මේකෙ පෝස්ට් කරලා ගොඩ දාගන්න පුලුවන් කියන එක හැමවෙලාවෙම ඔලුවේ තිබ්බා. ඇහින් නොපෙනුනත් බොක්කේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා කියන හැගීම අපි හැමකෙනාටම තිබ්බා. නමුත් අද ….

ගතවුනු අවසාන වසර කිහිපය තුල මම එලකිරිය තුල මහා පිරිහීමක් දැක්කා. පොඩි එකෙක් ත්‍රෙඩ් එකක් සම්පූර්ණයෙන් කියෙව්වොත් ඌ ලංකාවේ පාරිභාෂික සියලූම කුනුහරුප උක්ත ආඛ්‍යාත සහිතවම ඉගෙන ගන්න තත්වයක් අද තියෙන්නේ. කිසීම හිරිකිතයක් නැතුව අම්ම අප්පා මුත්තා කිරිකිත්තා දක්වා මතක් කරලා අමු කුනුහරුප වැල් ඇදලා අරිනවා. අපි දකිනවා සමාජයේදී සමහරුන්ට ඉබේ කුනුහරුප කියවෙනවා ඒතරමට පුරුදු වෙලා, හිතලා බලල නෙමෙයි කිකන්ම කියවෙනවා. ඒත් මෙතන එහෙම නෙමෙයිනේ. හොදට හිතලා බලලා, වාක්‍ය ගලපලා, ටයිප් කරන්නේ අමු කුනුහරුප. මේකද දවසෙන් දවස අපි තුල ගොඩනැගිය යුත්තේ? ඉස්සරනම් මේ වෙබ් සයිට් එක ගේ මැද සාලේ උනත් දිග ඇරගෙන බලන්න පුලුවන් ඕන පොඩි එකෙක්ව ඔඩොක්කුවේ තියාගෙන උනත්. ඒත් අද මේක බලන්න වෙලා තියෙන්නේ හැංගිලා. ඉස්සරහට මේක වැල සයිට් එකකටත් වඩා අසභ්‍ය වේවි මෙහෙම ගියොත්.

ඉස්සර මේකෙ කුනුහරුප කිව්වේ නෑ. ඊට පස්සෙ මුල අකුර එක්ක තරුවලින් කුනුහරුප කිව්වා. අතරින් පතර එකෙක් දෙන්නෙක් කුනුහරුප ගෙඩිය පිටින් කිව්ව ගමන් ඔක්කොමලා වැල් පිටින් ඇදලා ඇරියා. ඕක තමයි මේකට උනේ. ඉතින් ඇඩ්මින්ලාට මේව එඩිට් කර කර හිටියොත් ඒගොල්ලන්ට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. නමුත් මම හිතනවා යම් මැදිහත්වීමක් කරලා, අඩුම තරමෙන් අවවාදයක්වත් කරලා මේ යන අශීලාචාර ගමන වලක්වන්න උත්සාහයක් ගනී කියලා.

ඇඩ්මින්ලාට විතරක් මේක කොහොමත් පාලනය කරන්න බෑ. අපි මේකෙ මෙම්බර්ස්ලා විදියට මේ ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි. හිතට එන ආවේගය, කේන්තිය මොනිටරයට මුවාවෙලා කුනුහරුපෙන් එලියට එවන්න තරම් පෞරුෂය අදබාල කරගන්න එපා. ඔය කුනුහරුපෙන් කෑගහන එවුන් කීයෙන් කීදෙනාටද හයියෙන් කහින්නවත් පුලුවන් කියලා සමාජය ගැන දන්න මිනිස්සු දන්නවා. ඒක නිසා අපි කාඩ්බෝඩ් වීරයෝ විය යුතු නෑ මොනිටරයට මුවා වෙලා. කතාකරන දෙයක් පොයින්ට් එකට කතා කරන්න පුරුදු වෙන්න. තර්කයක් ගොඩ නගන්න. නිකන් මෝඩයෝ වෙන්න එපා. එහෙම එවුන් මේකෙ වැඩි උනාම මේක මිනිස්සුන්ට එපා වෙනවා. මේක වටිනා සමාජයක්. ඒක පරිස්සම් කරගන්න. අපිට මේව නොතිබ්බ කාලේ අපි මෙවට කොච්චර ආස කලාද කියලා මතක නිසායි මම මේක මගේ කාලය ගැන නොසිතාම ලියන්න හිතුවේ.

කුනුහරුප විතරක්ම නෙමෙයි පුලුවන් හැමදේකින්ම අපි මේකෙ වැදගත්කම පරිස්සම් කරගන්න ඕන කියලයි මම හිතන්නේ. ආතල් ගන්න එකේ කිසිම වැරැද්දක් නෑ. ඒත් මාලුකඩේගාව බල්ලො බලල්ලු පොරකනවා වගේ හැම මගුලටම මේකෙ කා කොටා ගන්න එක හරි නෑ. ඉතින් මම උනත් 100%ක් හරි නෑ, එහෙම අය ලෝකේ නෑ නේ. නමුත් කාලයත් එක්ක වැරදි අඩුපාඩු හදාගෙන අපි වැදගත් ගමනක් යා යුතුයි. මම අදහස් කරන්නේ ඒක.

මම කොටු ගොඩක් නැති, අඩුම ප්‍රොෆයිල් ෆොටෝ එකක්වත් නැති එකෙක් නිසා මාව ගනන් ගන්න එකක් නෑ. කොටු ගන්න ඕනනම් ඒකට ක්‍රමයත් මම නොදන්නවා නෙමෙයි. අඩ නිරුවත් ෆොටෝ ටිකක් දාල මේවයේ වීඩියෝ ඕනනම් රෙප් දීල pm කරන්න කියන තැනට මම වැටෙන්නේ නෑ. ඒ මම මේකෙ ඊට වඩා වටිනාකමක් මුල ඉදන්ම දැක්ක නිසා.

මේකෙ මාතෘකාව “මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?” කියන එක මගේ අදහසක් නෙමෙයි. ඒක ගත්තේ මේ වගේම ආසාවෙන් කියවපු වෙන සිංහල වෙබ්සයිට් එකක මෙම්බර් කෙනෙක් ඒ වෙබ්සයිට් එකේ ඇඩ්මින් සයිට් එක අමතක කරලා වගේ දෙයක් දැනුන නිසා ලියපු කවි පෙලකින්. බැන්දේ ලගදිනම් මේවා බලන්න කෝ වෙලාවක්? මොන තරම් වැඩ රාජකාරිද ?

ඉතින් හිතන්න කැමති අය හිතන්න. හැදෙන්න කැමති අය තමන්ව පාලනය කරගන්න, බනින්න ඕන අය බනින්න.

කොහොමහරි අපේ අනාගත පරපුරට ලැජජාවකින් තොරව එලකිරිය පාවිච්චි කරන්න දෙන්න.

සියලු දෙනාටම ජය වේවා ….!!!!!

[QUOTE="rayan f16, post: 18893821, member: 202569"] [b]මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D[/b] [SIZE="4"]මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද? යාලුවනේ, පොඩි නිවාඩුවකට ඇවිල්ලා ඉන්න එකේ අදහසක් ලියන්න හිතුවා. මම එලකිරිය ගැන දැන ගත්තේ මතක විදියට 2006,2007 කාලේ. ඒත් ඉස්කෝලේ පොඩි පන්තිවල ඉන්න කාලේ මේවට යන්න එන්න වැඩිය පහසුකම් නොතිබ්බ නිසා මෙම්බර් කෙනෙක් විදියට මේකෙ හිටියේ නෑ. 2009දි විතර තමයි මෙම්බර් කෙනෙක් උනේ. ඒ කාලේ මේකෙ හිටපු අය අතරින් දෙතුන් දෙනෙක් මතකයි, coolgayathra, අතුල සිරිවර්ධන වගේ අය. ඉතින් මම අදහස්කලේ මම එලකිරිය දකිනවා අවුරුදු 10ට ආසන්න කාලයක්. ඇත්තම කිව්වොත් මගේ ලමාවියේ සිට මම මේක දකිනවා. ඒකාලේ සයිබර් අවකාශයේ සිංහල අකුරක් දකින්නත් අපි ගොඩක් ආස කෙරුවා. මේ දවස්වලනම් ඕන තරම් සිංහල වෙබ්සයිට්, බ්ලොග් තියෙනවා. ඉතින් ඒ කාලේ අපිට තිබ්බ මේ වෙබ්සයිට් දෙක තුනට අපි ගොඩක් ආස කෙරුවා. ඒ අතර හොද හොද සංවාද යන, අලුත් අලුත් දේවල්ගැන ත්‍රෙඩ් වැටෙන, සරල හා ගුණාත්මක මේ එලකිරිය අපිට විශේෂ වුනා. 56Kbps මොඩම්වලින් හෙන ස්පීඩ් නෙට් පහසුකම් :D අත්විදලා හරි අපි මේකට ආසාවෙන් බඩගෑවා. ඉතින් මේ අවුරුදු 10 ඇතුලත අන්තර්ජාල පහසුකම් කොච්චර දියුණු වුනාද, කොච්චර අලුත් සාමාජිකයෝ, අලුත් මූනු මේකට ආවා ගියාද කියන එක නිහඩව මම දැක්කා. රෙප් සිස්ටම් එක හදුන්වාදීම, ඒකෙන් බලාපොරොත්තු වුන දේ, අපේ අය ඒක පාවිච්චි කරපු හැටි, රෙප්ගන්න අපේ අය කරපු නොකරපු හැමදේමත් මම දැක්කා. ප්‍රසිද්ධ චරිත කා කොටා ගත්ත හැටි, බැන ගත්ත හැටි, යාලු උන හැටි, දාල ගිය හැටි, ඔට්ටු, ආපහු ආපු හැටි, යටිකූට්ටු වැඩ හැමදෙයක්ම බොහොම නිහඩව මම බලාගෙන හිටියා. මමත් යාන්තමට වගේ සමහර දේවල් එක්ක එකතු නොවුනා නෙමෙයි. දන්න දේවල් කියලා දුන්නා, නොසෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. මොකක්හරි නොදන්න අටමගලයක් මේකෙ පෝස්ට් කරලා ගොඩ දාගන්න පුලුවන් කියන එක හැමවෙලාවෙම ඔලුවේ තිබ්බා. ඇහින් නොපෙනුනත් බොක්කේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා කියන හැගීම අපි හැමකෙනාටම තිබ්බා. නමුත් අද …. ගතවුනු අවසාන වසර කිහිපය තුල මම එලකිරිය තුල මහා පිරිහීමක් දැක්කා. පොඩි එකෙක් ත්‍රෙඩ් එකක් සම්පූර්ණයෙන් කියෙව්වොත් ඌ ලංකාවේ පාරිභාෂික සියලූම කුනුහරුප උක්ත ආඛ්‍යාත සහිතවම ඉගෙන ගන්න තත්වයක් අද තියෙන්නේ. කිසීම හිරිකිතයක් නැතුව අම්ම අප්පා මුත්තා කිරිකිත්තා දක්වා මතක් කරලා අමු කුනුහරුප වැල් ඇදලා අරිනවා. අපි දකිනවා සමාජයේදී සමහරුන්ට ඉබේ කුනුහරුප කියවෙනවා ඒතරමට පුරුදු වෙලා, හිතලා බලල නෙමෙයි කිකන්ම කියවෙනවා. ඒත් මෙතන එහෙම නෙමෙයිනේ. හොදට හිතලා බලලා, වාක්‍ය ගලපලා, ටයිප් කරන්නේ අමු කුනුහරුප. මේකද දවසෙන් දවස අපි තුල ගොඩනැගිය යුත්තේ? ඉස්සරනම් මේ වෙබ් සයිට් එක ගේ මැද සාලේ උනත් දිග ඇරගෙන බලන්න පුලුවන් ඕන පොඩි එකෙක්ව ඔඩොක්කුවේ තියාගෙන උනත්. ඒත් අද මේක බලන්න වෙලා තියෙන්නේ හැංගිලා. ඉස්සරහට මේක වැල සයිට් එකකටත් වඩා අසභ්‍ය වේවි මෙහෙම ගියොත්. ඉස්සර මේකෙ කුනුහරුප කිව්වේ නෑ. ඊට පස්සෙ මුල අකුර එක්ක තරුවලින් කුනුහරුප කිව්වා. අතරින් පතර එකෙක් දෙන්නෙක් කුනුහරුප ගෙඩිය පිටින් කිව්ව ගමන් ඔක්කොමලා වැල් පිටින් ඇදලා ඇරියා. ඕක තමයි මේකට උනේ. ඉතින් ඇඩ්මින්ලාට මේව එඩිට් කර කර හිටියොත් ඒගොල්ලන්ට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. නමුත් මම හිතනවා යම් මැදිහත්වීමක් කරලා, අඩුම තරමෙන් අවවාදයක්වත් කරලා මේ යන අශීලාචාර ගමන වලක්වන්න උත්සාහයක් ගනී කියලා. ඇඩ්මින්ලාට විතරක් මේක කොහොමත් පාලනය කරන්න බෑ. අපි මේකෙ මෙම්බර්ස්ලා විදියට මේ ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි. හිතට එන ආවේගය, කේන්තිය මොනිටරයට මුවාවෙලා කුනුහරුපෙන් එලියට එවන්න තරම් පෞරුෂය අදබාල කරගන්න එපා. ඔය කුනුහරුපෙන් කෑගහන එවුන් කීයෙන් කීදෙනාටද හයියෙන් කහින්නවත් පුලුවන් කියලා සමාජය ගැන දන්න මිනිස්සු දන්නවා. ඒක නිසා අපි කාඩ්බෝඩ් වීරයෝ විය යුතු නෑ මොනිටරයට මුවා වෙලා. කතාකරන දෙයක් පොයින්ට් එකට කතා කරන්න පුරුදු වෙන්න. තර්කයක් ගොඩ නගන්න. නිකන් මෝඩයෝ වෙන්න එපා. එහෙම එවුන් මේකෙ වැඩි උනාම මේක මිනිස්සුන්ට එපා වෙනවා. මේක වටිනා සමාජයක්. ඒක පරිස්සම් කරගන්න. අපිට මේව නොතිබ්බ කාලේ අපි මෙවට කොච්චර ආස කලාද කියලා මතක නිසායි මම මේක මගේ කාලය ගැන නොසිතාම ලියන්න හිතුවේ. කුනුහරුප විතරක්ම නෙමෙයි පුලුවන් හැමදේකින්ම අපි මේකෙ වැදගත්කම පරිස්සම් කරගන්න ඕන කියලයි මම හිතන්නේ. ආතල් ගන්න එකේ කිසිම වැරැද්දක් නෑ. ඒත් මාලුකඩේගාව බල්ලො බලල්ලු පොරකනවා වගේ හැම මගුලටම මේකෙ කා කොටා ගන්න එක හරි නෑ. ඉතින් මම උනත් 100%ක් හරි නෑ, එහෙම අය ලෝකේ නෑ නේ. නමුත් කාලයත් එක්ක වැරදි අඩුපාඩු හදාගෙන අපි වැදගත් ගමනක් යා යුතුයි. මම අදහස් කරන්නේ ඒක. මම කොටු ගොඩක් නැති, අඩුම ප්‍රොෆයිල් ෆොටෝ එකක්වත් නැති එකෙක් නිසා මාව ගනන් ගන්න එකක් නෑ. කොටු ගන්න ඕනනම් ඒකට ක්‍රමයත් මම නොදන්නවා නෙමෙයි. අඩ නිරුවත් ෆොටෝ ටිකක් දාල මේවයේ වීඩියෝ ඕනනම් රෙප් දීල pm කරන්න කියන තැනට මම වැටෙන්නේ නෑ. ඒ මම මේකෙ ඊට වඩා වටිනාකමක් මුල ඉදන්ම දැක්ක නිසා. මේකෙ මාතෘකාව “මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?” කියන එක මගේ අදහසක් නෙමෙයි. ඒක ගත්තේ මේ වගේම ආසාවෙන් කියවපු වෙන සිංහල වෙබ්සයිට් එකක මෙම්බර් කෙනෙක් ඒ වෙබ්සයිට් එකේ ඇඩ්මින් සයිට් එක අමතක කරලා වගේ දෙයක් දැනුන නිසා ලියපු කවි පෙලකින්. බැන්දේ ලගදිනම් මේවා බලන්න කෝ වෙලාවක්? මොන තරම් වැඩ රාජකාරිද ? :P:P ඉතින් හිතන්න කැමති අය හිතන්න. හැදෙන්න කැමති අය තමන්ව පාලනය කරගන්න, බනින්න ඕන අය බනින්න. කොහොමහරි අපේ අනාගත පරපුරට ලැජජාවකින් තොරව එලකිරිය පාවිච්චි කරන්න දෙන්න. සියලු දෙනාටම ජය වේවා ….!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom