Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
මේක වාහන ගන්න හොඳ කාලයක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ඇතුලෙ තවම වාහනයක් කියන්නෙ විශේෂ වරප්‍රසාදයක් කියලා සලකන්නෙ. ඒ නිසා හැමෝම කැමති වඩා හොඳ වාහනේකට යන්න.

විශේෂයෙන් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන හැමෝම තේරුම් ගන්න දෙයක් තේරුම් ගන්න ඕනේ. මේ ගෙවෙන්නෙ අවිනිශ්චිත කාලයන්. වාහන මාකට් එකේ තියෙන්නෙ තාවකාලික සංක්‍රාන්ති සමයක්. තාවකාලික වාහන ආනයන තහනම නිසා ඇත්තටම වෙලා තියෙන්නෙ කිසිම වාහනයක නියමිත වටිනාකම ගැන කිසිකෙනෙකුට අදහසක් නැති වීම. කොටින්ම වෙළෙන්දන්ට පවා... මේ තත්වය උඩ ප්‍රයෝජන ගන්න බලන් හිටි අවස්ථාවාදී සේල් කාක්කන් පිරිසක් වාහන වලට විකාරරූපී මිලක් දීලා තියනවා. ඒ මිල ගණන් දිහා බලාගෙන ගෙවල්වල තිබ්බ වාහනත් නිකම්ම ගණන් ගිහින්.

තේරුම් ගන්න ඕනෙ කාරණාව තමා ගිය අවුරුද්දෙ මිලියන 3ක් වියදම් කරන්න අමාරුවෙන් හිටි කෙනෙක් මේ වගේ ආර්ථික අර්බුධයක් මැද පහසුවෙන් මිලියන 6 වාහනයක් වෙනුවෙන් වියදම් කරයිද, කරන්න පුලුවන්ද කියන එක සහ වාහන වෙළඳපොලේ කියන තරම් වාහන සඳහා තරගයක් තියනවද කියන එක. වාහන දැන්වීම් පිලිබඳව අවධානයෙන් හිටියොත් සමහර මාදිලිවල වාහන දැන්වීම් දවසට 400-500 දැකගන්න පුලුවන්. ස්ථාවර තැන්පතු පොලිය අඩු කිරීම සහ ලීසින් මට්ටම වැඩි කිරීම නිසා පොඩි ප්‍රමාණයකින් මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙලා තියනවා. ඒත් මිලදී ගැනීමේ හැකියාව දෙතුන් ගුණයක් වැඩි වෙලාද කියන එක කල්පනා කල යුතුයි.

මේ දවස් වල විකිණෙන වාහන ගැන විමසිල්ලෙන් බැලුවොත් පේන්නෙ පාවිච්චිය සඳහා වාහන මිලදී ගන්නේ සීමිත පිරිසක් බවත් විකිණුම්කරුවන් අතර මිල වැඩිවෙමින් වාහන අතින් අත යන බවත්. මින් පැහැදිලි වෙන්නෙ මේ වෙලඳපල 100% ක් සමාන නොවුණත් පිරමිඩයක් ලෙස හැසිරෙන බව. මෙහිදී අවසානයේදි වෙන්නෙ මොකක්ද කියලා කල්පනා කරමු...

අසාධාරණ මිල ගණන් සාධාරණීකරණය කරන ගොඩක් අය ඉහත කියපු වාහන සේල් කාරයො හෝ තමන්ගෙ වාහනය ඉහලම මිලකට විකුණන්න බලන් ඉන්න අය. එහෙම කරන සමහරුන්ගෙ තර්කයක් තමයි උද්ධමනය රුපියල අවප්‍රමාණය වීම වාහන බදු වැඩිකිරීමට ඇති අවකාශය වගේ හේතු නිසා නැවත වාහන ආනයනයේදි වාහන මිල ඉතා ඉහල ප්‍රමාණයකින් වැඩි වීමට නියමිතයි කියන එක. අනිවාර්යෙන්ම 2023 වනවිට හෝ ඊට පෙර වාහන ආනයනය සිදු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ කාලය වනවිට ඩොලරය රු 300/= සහ යෙන් එක රු 4/= ට ගියා කියලා හිතමු. බද්ද 1.5 ගුණයකින් වැඩි කලා කියලා හිතමු. ඒත් අලුත්ම වාහනයක් අද මිලට වඩා අඩුවෙන් ගෙන්ව ගන්න පුලුවන්. උදාහරණෙකට අලුත්ම Wagon R එකක් ලක්ෂ 75ක් හෝ Vitz එකක් ලක්ෂ 90ක් වෙන්නෙ නෑ. අනෙක් අතට අලුත් වාහන වෙලඳපලට එනකොට පරණ වාහන මිල අධික ලෙස පහත වැටෙනවා. එතකොට මේ සංක්‍රාන්ති සමයේ අධික මිලකට වාහන ගත්තු අයට වෙන දේ පැහැදිලියි. ඔවුන්ට ලක්ෂ ගණනක අලාභයක් වෙනවා.

පිරමිඩයක සැම විටම පාඩුව සිදු වෙන්නෙ පහළම කොටස් වලට. මෙතැනදිත් අන්තිමේ වාහනය ගන්න කෙනාට තමයි අලාභය...

අනෙක් අතට ඒ වගේ කාලෙකදි අධික තක්සේරු මිලට ලීසින් දාපු වාහන සීස් වෙන්න අරින එක පාරිභෝගියකයට ලාභ වෙනවා. එතකොට ලීසින් සමාගම් වලට වෙන දේත් පැහැදිලියි.

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ "මේක වාහන ගන්න හොඳ කාලයක් නම් නෙවෙයි" ඒනිසා අත්‍යවශ්‍ය නැතිනම්, පුලුවන් නම් තව අවුරුද්දක් වගේ ඉවසන එක තමා සුදුසු. සල්ලි අතේ තියනව නම් ඉඩමක් හෝ වෙනත් ඒ වගේ ආයෝජනයකට සුදුසු කාලයක් කියලා කියන්න පුලුවන්. ඉඩමකින් ගමනක් යන්න පුලුවන්ද ? , ඔයාගෙ වාහනේ මොකක්ද ? වගේ සිල්ලර කතා මෙතැනට අවශ්‍ය නෑ.

මේ අර්බුදය සදාකාලික නැහැ... තව සුලු කාලෙකින් විසඳෙයි... ඒ වෙනකම් ඉවසීමෙන් බලා ඉමු...

- විශ්ම

[QUOTE="Avatar998, post: 26842172, member: 520457"] ලංකාවෙ ඇතුලෙ තවම වාහනයක් කියන්නෙ විශේෂ වරප්‍රසාදයක් කියලා සලකන්නෙ. ඒ නිසා හැමෝම කැමති වඩා හොඳ වාහනේකට යන්න. විශේෂයෙන් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන හැමෝම තේරුම් ගන්න දෙයක් තේරුම් ගන්න ඕනේ. මේ ගෙවෙන්නෙ අවිනිශ්චිත කාලයන්. වාහන මාකට් එකේ තියෙන්නෙ තාවකාලික සංක්‍රාන්ති සමයක්. තාවකාලික වාහන ආනයන තහනම නිසා ඇත්තටම වෙලා තියෙන්නෙ කිසිම වාහනයක නියමිත වටිනාකම ගැන කිසිකෙනෙකුට අදහසක් නැති වීම. කොටින්ම වෙළෙන්දන්ට පවා... මේ තත්වය උඩ ප්‍රයෝජන ගන්න බලන් හිටි අවස්ථාවාදී සේල් කාක්කන් පිරිසක් වාහන වලට විකාරරූපී මිලක් දීලා තියනවා. ඒ මිල ගණන් දිහා බලාගෙන ගෙවල්වල තිබ්බ වාහනත් නිකම්ම ගණන් ගිහින්. තේරුම් ගන්න ඕනෙ කාරණාව තමා ගිය අවුරුද්දෙ මිලියන 3ක් වියදම් කරන්න අමාරුවෙන් හිටි කෙනෙක් මේ වගේ ආර්ථික අර්බුධයක් මැද පහසුවෙන් මිලියන 6 වාහනයක් වෙනුවෙන් වියදම් කරයිද, කරන්න පුලුවන්ද කියන එක සහ වාහන වෙළඳපොලේ කියන තරම් වාහන සඳහා තරගයක් තියනවද කියන එක. වාහන දැන්වීම් පිලිබඳව අවධානයෙන් හිටියොත් සමහර මාදිලිවල වාහන දැන්වීම් දවසට 400-500 දැකගන්න පුලුවන්. ස්ථාවර තැන්පතු පොලිය අඩු කිරීම සහ ලීසින් මට්ටම වැඩි කිරීම නිසා පොඩි ප්‍රමාණයකින් මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙලා තියනවා. ඒත් මිලදී ගැනීමේ හැකියාව දෙතුන් ගුණයක් වැඩි වෙලාද කියන එක කල්පනා කල යුතුයි. මේ දවස් වල විකිණෙන වාහන ගැන විමසිල්ලෙන් බැලුවොත් පේන්නෙ පාවිච්චිය සඳහා වාහන මිලදී ගන්නේ සීමිත පිරිසක් බවත් විකිණුම්කරුවන් අතර මිල වැඩිවෙමින් වාහන අතින් අත යන බවත්. මින් පැහැදිලි වෙන්නෙ මේ වෙලඳපල 100% ක් සමාන නොවුණත් පිරමිඩයක් ලෙස හැසිරෙන බව. මෙහිදී අවසානයේදි වෙන්නෙ මොකක්ද කියලා කල්පනා කරමු... අසාධාරණ මිල ගණන් සාධාරණීකරණය කරන ගොඩක් අය ඉහත කියපු වාහන සේල් කාරයො හෝ තමන්ගෙ වාහනය ඉහලම මිලකට විකුණන්න බලන් ඉන්න අය. එහෙම කරන සමහරුන්ගෙ තර්කයක් තමයි උද්ධමනය රුපියල අවප්‍රමාණය වීම වාහන බදු වැඩිකිරීමට ඇති අවකාශය වගේ හේතු නිසා නැවත වාහන ආනයනයේදි වාහන මිල ඉතා ඉහල ප්‍රමාණයකින් වැඩි වීමට නියමිතයි කියන එක. අනිවාර්යෙන්ම 2023 වනවිට හෝ ඊට පෙර වාහන ආනයනය සිදු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ කාලය වනවිට ඩොලරය රු 300/= සහ යෙන් එක රු 4/= ට ගියා කියලා හිතමු. බද්ද 1.5 ගුණයකින් වැඩි කලා කියලා හිතමු. ඒත් අලුත්ම වාහනයක් අද මිලට වඩා අඩුවෙන් ගෙන්ව ගන්න පුලුවන්. උදාහරණෙකට අලුත්ම Wagon R එකක් ලක්ෂ 75ක් හෝ Vitz එකක් ලක්ෂ 90ක් වෙන්නෙ නෑ. අනෙක් අතට අලුත් වාහන වෙලඳපලට එනකොට පරණ වාහන මිල අධික ලෙස පහත වැටෙනවා. එතකොට මේ සංක්‍රාන්ති සමයේ අධික මිලකට වාහන ගත්තු අයට වෙන දේ පැහැදිලියි. ඔවුන්ට ලක්ෂ ගණනක අලාභයක් වෙනවා. පිරමිඩයක සැම විටම පාඩුව සිදු වෙන්නෙ පහළම කොටස් වලට. මෙතැනදිත් අන්තිමේ වාහනය ගන්න කෙනාට තමයි අලාභය... අනෙක් අතට ඒ වගේ කාලෙකදි අධික තක්සේරු මිලට ලීසින් දාපු වාහන සීස් වෙන්න අරින එක පාරිභෝගියකයට ලාභ වෙනවා. එතකොට ලීසින් සමාගම් වලට වෙන දේත් පැහැදිලියි. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ "මේක වාහන ගන්න හොඳ කාලයක් නම් නෙවෙයි" ඒනිසා අත්‍යවශ්‍ය නැතිනම්, පුලුවන් නම් තව අවුරුද්දක් වගේ ඉවසන එක තමා සුදුසු. සල්ලි අතේ තියනව නම් ඉඩමක් හෝ වෙනත් ඒ වගේ ආයෝජනයකට සුදුසු කාලයක් කියලා කියන්න පුලුවන්. ඉඩමකින් ගමනක් යන්න පුලුවන්ද ? , ඔයාගෙ වාහනේ මොකක්ද ? වගේ සිල්ලර කතා මෙතැනට අවශ්‍ය නෑ. මේ අර්බුදය සදාකාලික නැහැ... තව සුලු කාලෙකින් විසඳෙයි... ඒ වෙනකම් ඉවසීමෙන් බලා ඉමු... - විශ්ම [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom