ඔය පළවෙනි පින්තූරෙ ඉන්න නෝනගෙ සල්ලි වගයක් ගැන ලෝකෙ තියන ප්‍රධානම ගවේෂණාත්මක මාධ්‍යකරුවන්ගෙ සංගමේකින් හෙලිදරවු කරා, පැන්ඩෝරා පේපර් කියන්නෙ ඒවට....
නෝනගෙ නම නිරූපමා රාජපස්ස, රජ පවුලට නෑදෑකම මයිනගෙයි,නන්දෙගෙයි දුවෙක් වෙනවා, දුව කිව්වට මයින්ගෙ තාත්තගෙ සහෝදරයෙක්ගෙ ළමයෙක්ගෙ දුවෙක්, ටිකක් දුරයි ඉතින්. හැබැයි 2010-2015 අදුරු යුගයෙ ජලසම්පාදන නියෝජ්‍ය ඇමති නෝනා මෙයා.
හෙලිදරවු කරපු වත්කම ඩොලර් මිලියන 160කට කිට්ටුයි, අද ඩොලර් එක රුපියල් 280ක් කියල ගත්තොත් වත්කම ඉලක්කමෙන් ලිව්වොත් රුපියල් 44 800 000 000.00යි.
කියෝගන්න අමාරුයි නේද?
ඕක කියවන්න රෝසි ඇන්ට්ටිව ගේන්න වෙනවා, එයා කියෝන විදියට කිව්වොත් රුපියල් හතලිස් හතර බිලියන අටසිය මිලියනයයි. පැටලෙනවා නේද?
තේරෙන භාෂාවෙන් කිව්වොත් රුපියල් කෝටි 44 800යි.
කියන්න ආඩම්බරයි මේ post එක ලියන්න කලින් මගෙ ඉතුරුම් සේරම එකතු කරලා බැලුවා. තියෙන්නෙ රුපියල් 25727යි. නෑ නෑ කෝටි නැතුව නිකන්ම විසිපන්දහස් හත්සිය විසිහතයි.
ඒ කියන්නෙ මේ නෝනගෙ එලිදරවු වෙච්චි වත්කම් වලින් එක කෝටියකට එක රුපියල ගානෙ කාට හරි දුන්නොත් දැන් ඌ ගාව මට වඩා රුපියල් 19 073ක් තියනවා.
ඔය වත්කම් ගැන අපේ නන්දෙ ලොක්කා මාසෙන් හොයන්න කියල කමිටුවක් පත් කරලා මාස 9ක් විතර වෙනවා.
දෙවැනි රූපෙ තියෙන්නේ ලබන සතියෙ ඉදන් පැය 10ක් ලයිට් කපනවලු,
දවසක් විදුලි වෘත්තිය සමිතියක ඩෑල් එකක් ඇවිත් මාස 2කට විදුලිය දෙන්න ඩොලර් මිලියන 120ක්ද කොහෙද යනවා කිව්වා, මගෙ මතකෙ නිවැරදි නම් ඒක තමා ගාන.
එහෙම බැලුවොත් මේ නෝනගෙ වත්කම් වලින් රටටම නොමිලේ කරන්ට් එක මාස 2ක්ම දුන්නත් තව රුපියල් කෝටි 1120ක් මෙයා ගාව ඉතුරු වෙනවා....
මේ රජ පවුලෙ දුර නෑයෙක් විතරයි.
දැක්කද කොහොමද අර්බුදය නිර්මාණය උනේ කියල....
#මාරවැඩේලංකාවටෞනේ