මේ කලිසම ඇන්දොත් දුෂකයන්ගෙන් බේරෙන්න පුල

newslk

Member
Jun 29, 2014
26
11
3
මේ කලිසම ඇන්දොත් දුෂකයන්ගෙන් බේරෙන්න පුල

article-2671238-1F24F2DB00000578-53_634x528.jpg

ඉන්දියාවේ උතුරු වාරානාසි නගරයේ තරුණියන් දෙදෙනකු විසින් හරි අපුරු කලිසමක් නිර්මාණය කරලා තියෙනවා.සෑම විනාඩි 22ට වරක් ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයක් සිදුවන බව ඒවායින් බේරිමට තමා මේ කලිසම නිර්මාණය කරලා තියෙන්නේ.:yes:විසි එක් හැවිරිදි දික්ෂා පතක් සහ විසි තුන්හැවිරිදි අන්ජලී ශ්‍රී වස්තවා කුඩා විද්‍යුත් මෙවලමක් යොදා ගනිමින් මේ කලිසම නිර්මාණය කර තිබේ.:eek:
එම කලිසම ඇඳ සිටින විට බාහිරින් යම් තෙරපීමක් යෙදු සැනින් ළඟම ඇති පොලිස් ස්ථානයට ඇමතුමක් ලැබෙන පරිදි මෙම උපකරණය නිපදවා ඇත.:shocked:එළඹෙන මාසයේ අත්හදාබැලීමට නියමිත මෙම නව නිපැයුම පිළිබඳ එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ ‘කලිසම අතිශයින්ම සාර්ථක’ වනු ඇති බවයි.:nerd:
මෙය ක්‍රියාත්මක වූ සැනින් අවට ඇති පොලිස් ස්ථාන 200කට පමණ මෙහි සංඥා ලැබෙනබවත්, එම සංඥා මගින් කලිසම තිබෙන තැන පෙන්වන බවත් ‍දික්ෂා පතක් පැවසුවා ය. මෙම කලිසම් යුගලයක් පවුම් 25ක් වැනි මුදලකට අලෙවි කිරීමට නියමිත ය. එක්වරක් බැටරි යෙදූ පසු මාස තුනක කාලයක් යනතුරු බැටරි යලි යෙදීමට අවශ්‍ය නොවේ.:cool:

Source - www.kitlk.com