මේ කවි යුගලය අහල තියෙනවද?

donsenadeera

Member
Feb 27, 2009
22
1
3
මේ කවි යුගලය අහල තියෙනවද?

මේ කවි යුගලය අහල තියෙනවද?

අල්ලා ගෙන නෙරිය අතකින් කිම්ද නගේ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගේ
හිමියෙක් නැති ගමන් තනිමග කිම්ද නගේ
අම්බලමේ ඉදලා අපි යමුද නගේ

පිලිතුරු කවිය

අල්ලා ගෙන නෙරිය මඩ ගෑවෙන හින්දා
වසා ගෙන දෙතන බිලිදුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අය්යන්ඩි ගමරට දුර හින්දා
 

donsenadeera

Member
Feb 27, 2009
22
1
3
තවත් ජන කවියක්


මාමගේ හිතේ මා මරලා වැඩ ගන්න
නැන්දගේ හිතේ දුව මට බැදලා දෙන්න
අක්කගෙ හිතේ නංගිව දී බේරෙන්න
මගේ හිතේ දෙන්නම අරගෙන යන්න