මේ ගම්මානේ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    අපේ ගම මතක් වුනා. ඒ් කිට්ටුව ආරණ්‍යයක් තියෙනවා. ආච්චියි මමයි ඉස්සර කැලේ මැදින් යනවා පන්සල්.. කූඩැල්ලෝ ඒකයි..
    ඒ්කාලෙ අපිට වෙසක් කාලයක් තිබ්බා, සරුංගල්, කරත්ත, වෙලේ ඒල්ල ගහනවා, අවුරුද්දට උණ වෙඩි.. කතුරු ඔංචිල්ලා බදිනවා

    ගම තියෙන්නෙ ඉංගිරියෙ

     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand


    හැම අවුරුද්දකම මේ ඇඩ් එක දකිද්දි පට්ට දුකක් එනවා මචන්. අපිට දැන් මොන පහසුකම් තිබුනත්, සල්ලි කොච්චර තිබුනත්,මොන උපාධි තිබ්බත් , මොන තනතුරු දැරුවත් මේවගේ විදියට අවුරුදු, වෙසක් සමරන්න බෑනේ බන්. 70-80-90 උන් රටේ යුද්දේ තිබ්බත්,, භීෂණ තිබ්බත් , හෙන ගැහුවත් ආතල් එකේ හිටියා. හෙනම සැහැල්ලුවෙන් බන් අපි ඒ කාලේ හිටීයේ. දැන් සතියක නිවාඩුවක් ලැබුනත් ඒ සැහැල්ලුව, නිදහස මට නම් කලින් වගේ දැනෙන්නෙ නෑ. දැන් ඉන්න ළමයින්ටත් ෆෝන්වලින් තොර ලෝකයක් නෑ. ඉස්කෝලේ නිවාඩුවක් දුන්නට සෙල්ලමක් කරන්නෙ නෑ, වෙසක් එකට කුඩුවක් හදන්නෙ නෑ. අපිත් කවදහරි මැරිලා ගියාම දැන් ඉන්න පොඩි උන් ලොකු වෙලා මොනවා කරයිද කියලා ලොකු බයක් දැනෙනවා බන්. පහුගිය ටිකෙ කඨින පෙරහැරවල් තිබුනනේ. ඉස්සර අපි අහල ගම් හැම එකකම කඨිනෙට මල් බයිසිකල්, ගිණිබෝල කරකවන වැඩවලට යනව. ඒත් දැන් කඨිනවල පොඩි උන් මල්බයිසිකලයක්වත් හදාගෙන යන්නෙ නෑ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    523
    93
    අපේ ගම මතක් වුනා. ඒ් කිට්ටුව ආරණ්‍යයක් තියෙනවා. ආච්චියි මමයි ඉස්සර කැලේ මැදින් යනවා පන්සල්.. කූඩැල්ලෝ ඒකයි..
    ඒ්කාලෙ අපිට වෙසක් කාලයක් තිබ්බා, සරුංගල්, කරත්ත, වෙලේ ඒල්ල ගහනවා, අවුරුද්දට උණ වෙඩි.. කතුරු ඔංචිල්ලා බදිනවා

    ගම තියෙන්නෙ ඉංගිරියෙ


    ආරන්යෙට යන පාර නම් දැන් ටිකක් HODAI. එත් නාන්න එන උන් එතන කනවා