මේ SciFi Movie එක මොකද්ද කියලා දන්නවද

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    ස්ටෝරි එක මේ වගේ, දන්න කෙනෙක් ඉන්නවා නං මේක මොකද්ද කියලා කියලා යන්න

    සයන්ටිස්ට් කෙනෙක් ස්පේස් ශිප් එකක යනවා, යන්නෙ මොකක් හරි star එකක් හොයාගෙන
    යන හේතුව මෙහෙමයි
    අනාගතේ අපේ ඉරේ එලිය අඩු වෙනවා
    පස්සෙ හොයාගන්නවා නිකන් බැක්ටීරයා වගේ එකක් විශාල වශයෙන් හැදිලා ඉරේ ශක්තිය උරා ගන්නවා කියලා
    ඒ බැක්ටීරියාව කරන හැටි කවුරුවත් දන්නෙ නැහැ ඉස්කෝලෙක උගන්නන කෙනෙක් කාලෙකට කලින් වෙන වෙන විදිය ජීවයන් ගැන පේපර් එකක් පබ්ලිශ් කරලා තියනවා ඒ පේපර් එක නිසා අර කෙනාව ගන්නවා මේක ගැන රිසර්ච් එකට
    කොහොම හරි ශිප් එකක් යවලා සාම්පල් එකක් ගෙන්න ගන්නවා අර බැක්ටීරියාවෙ
    අර ටීචර් එක එක එක්ස්පෙරිමන්ට් කරලා හොයා ගන්නවා අර බැක්ටීරියාව ප්‍රජනනය කරන විදියක් එහෙම
    මේක දිගටම උනොත් පොලව ජීවය සම්පූර්නයෙන් නැති වෙනවා

    මේ අතරෙ හොයා ගන්නවා අපේ සූර්යා විතරක් නෙමෙයි අපේ වටේ තියන හැම සූර්යාටම මේක ඉෆෙක්ට් වෙලා තියනවා එකම එක තරුවකට ඒක වෙලා නැහැ කියලා
    එතකොට ස්පේස් ශිප් එකක් හදලා ටීම් එකක් ට්‍රේන් කරනවා අර තරුවට යන්න ඇයි ඒකට විතරක් මේක උනේ නැත්තෙ කියලා මෙතන බැකප් ටීම් එකක් එහෙමත් තියනවා
    මේ ප්‍රොජෙක්ට් එක හැඬල්/ලීඩ් කරන්න ගෑනු කෙනෙක්

    ඇක්සිඩන්ට් එකක් වෙලා සහ එක එක දේවල් වෙලා අර ස්පේස් ශිප් එක ට ට්‍රේන් කරපු ටීම් එකේ ගොඩක් අය මැරෙනවා
    ඒක නිසා අර ටීචර් සහ තව ඉතිරි වුනු දෙන්නෙකුයි දාල ශිප් එක යවන්නෙ
    අර ටීවර් මේකට කැමති වෙන්නෙ නැහැ බලෙන්ම දාල යවනවා (මේක දැනගන්නෙ ගොඩක්ම පස්සෙ)
    ආ තව දෙයක් මේ ශිප් එකේ යවන loang term sleeping technolgoiy එක කාටත් වැඩ කරන්නෙ නැහැ මොකක් හරි ජානයක් තියන අය විතරයි ඒකට හරියන්නෙ. ඒක එක එක බොරු සීන් දාල කාගෙත් DNA සාම්පල් අරන් තමයි අර ටීම් එකක් හොයා ගන්නෙ
    ඒක නිසා ඔරිජිනල් ටීම් එක මැරුනට හරි අමාරුයි වෙන සෙට් එකක් හොයා ගන්න

    දැන් ඔහොම වෙලා අර ශිප් එක අර තරුව ආසන්නෙට යනවා. අර sleeping tech එකේ ප්‍රශ්න නිසා දෙන්නෙක්ම මැරිලා අර ටීචර් විතරයි ඉතිරි වෙන්නෙ
    මෙතනදි අර තරුවට අර බැක්ටීරියාව වැඩ කරේ නැත්තෙ කියලා පරීක්ශන පටන් ගනිද්දි පොරට අහු වෙනවා තව ඒලියන් ශිප් එකකුත් එතන තියනවා.

    අන්තිමට පොර අර ඒලියන් ශිප් එකේ ඒලියන් ලා එක්ක කමියනිකේට් කරන්න පටන් ගන්නවා. මේක ටිකක් දිගට තියනවා
    ඒ ඒලියන් පට්ටම ඉන්ටලිජන්ට් එකෙක්. හැබැයි උන්ට පෙනීමක් නැහැ නමුත් ශබ්දයෙන් කමියුනිකේට් කරනවා ඒක රීෆ්ලෙක්ට් වෙලා එන එකෙන් තමයි උන් අවට පරිසරය ගැන දැනගන්නෙ
    උන් ලඟ තියන කමපියුටර් වල එහෙමත් ඩිස්ප්ලේ නෙමෙයි තියෙන්නෙ, නිකන් පෑඩ් එකක් තියෙන්නෙ ඒකෙ පිසිකලි පැටන් එකක් හරි රූප 3d විදියට (බ්‍රේල් වගේ) හැදෙනවා එතකොට අර ඒලියන්ට ඒක අර ශබ්ද තරංග වල reflection එකෙන් රීඩ් කරන්න පුලුවන්

    කොහොම හරි දෙන්න එක්ක කමියුනිකේට් කරන්න පුලුවන් විදියක් හදා ගන්නවා. අර ටීචර් පොඩි සොෆ්ට්වයා කෑල්ලක් එහෙම අටවලා

    එක සැරේක ඇක්සිඩන්ට් එකක් වෙලා අර ඒලියන් මැරෙන්නම යනවා අන්තිමට ඒකා මැරෙන්නෙ නැතිව බේරෙනවා කොහොම හරි
    මේ අතරෙ අර ඒලින්ගෙ biology එක ගැන එහෙමත් විස්තර තියනවා. ඌ කන්නෙ කොහොමද උගෙ blood කොහොමද වගේ දේවල්
    මේ දෙන්න එක්ක සොලූශන් එකක් හදාගෙන තේරුම් ගන්නවා අර බැක්ටීරියාවෙ සීන් එක එහෙම එහෙම කරලා දෙන්නම වෙලා යනවා තමන්ගෙ ප්ලැනට් වලට

    හැබැයි මේ දෙන්න නොහිතපු දෙකක් වෙලා අර ටීචර් මගදි කෙලවෙනවා හැබැයි පොර ප්‍රශ්නෙ විසඳනවා
    පොරට තේරෙනවා ඒ ප්‍රශ්නෙ ඒලියන්ටත් වෙන්න පුලවන් නේද කියලා
    පොර අර පොලවට එන එක දමලා ගහල අර ඒලියන් බේරගන්න යනවා
    යනකොට ඒලියන්ටත් කෙලවෙල
    පොර ඒලියන්ගෙ ප්‍රශ්නෙත් විසඳනවා

    අර ටීචර්ගෙ ශිප් එකේ තව පොඩි පොඩ්ස් 3ක් තියනවා ඒ ටීචර් ඒ පොඩ් 3ට අර ඉෆෙක්ට් උනු නැති තරුවෙන් ගනිපු ඩේටා තව සාම්පල් එහෙම දාල පොලවට එවනවා මොකද ඒවට අර ටීචර්ට වඩා කලින් යන්න පුලුවන්

    අන්තිමට ෆිල්ම් එක ඉවර වෙන්නෙ අර ටීචර් ක්ලාස් එකකට උගන්නනවා.
    හැබැයි ක්ලාස් එකේ ස්ටුඩන්ට්ලාට ඉන්න්නෙ අර ඒලියන්ලා (පොර පොලවට ඇවිත් නැහැ අර ඒලියන් එක්ක උගෙ ලෝකෙට ගිහින්)

     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Project Hail Mary.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113


    පොතේ හැටියට මේක වෙන්න ඕනේ

    මේක වෙන්න ඇති මටත් හිතෙන විදිහට? "Project Hail Mary" පොත කියවලා නැති නිසා කතාව ගැන නම් වැඩිය මුකුත් දන්නෙ නෑ. :dull:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    Project hail Mary නියම book එකක් මන් නම් audio book එක ඇහුවේ movie එකත් හොඳට තියෙයි කියලා හිතනවා