Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ_සිංහල_අපගෙ_රටයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යළි හැරී බලමු.

සිංහල බෞද්ධයාගේ සැබෑ උරුමයන් සොයා දිවෙන මේ මහරු ඓතිහාසික පුනරාවලෝකන යාත්‍රාව වසර දෙදහසකිනුත් ඔබ්බෙහි නැංගුරම්ලන්නකි. සිංහල බෞද්ධයාගේ ඒ අභිමානවත් වංශ කථාව ලියැවෙන්නට පටන් ගන්නේ අඹතල පව් මස්තකයේ රැව් දුන් සදහම් සන්දේශයත් සමඟින් ය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තුන්ලෝකාග්ර බුද්ධි වීරයාණන් වහන්සේගේ පරම උත්තරීතර සදහම් දායාදය සිංහල රටට දායාද කර කරමින් මෙහි වැඩම කරවීමෙන් පසු එකල ලක්දිව කිරුළ හෙබවූ දේවානම්පියතිස්ස මහා නිරිඳුන් තිසරණගත පංච ශීලයෙහි පිහිටා සිය පරිවාර ජනකාය ද සමඟ උතුම් ත්‍රිවිධ රත්නය සරණ කොට ගත් බුද්ධ ශ්‍රාවකයෙකු බවට පත්වීම ඒ අභිමානවත් සිංහල බෞද්ධ වංශයේ ආරම්භය යි.

මේ සිංහල – බෞද්ධ රට පවුරු පදනම් මතන් ගොඩනැගුණේ එතැනින් ය. මෙරටෙහි සිංහල – බෞද්ධ සංස්කෘතිය ගොඩනැගුණේ එතැනින් ය. එය සත්‍යයකි. රට, දැය, සමය ප්රබුද්ධ කරලූ සිංහල – බෞද්ධ ශිෂ්ටාචාරය බිහි වූයේ එතැනින් ය. ඒ ඓතිහාසික පූජනීය සංධිස්ථානයෙන් ඉදිරියට ගොඩනැගුණු මහේශාක්‍ය වූ අද්විතීය ශිෂ්ටාචාරය පිළිබඳ අටුවා ටීකා අවැසි නැත. සියක් වැව් බැඳි රටේ නිල් දියවර රැල් නඟන්නේ ද, නුබ ගැබ සිඹිනා සුදෝ සුදු දාගැබ් වහන්සේලා වැඩ සිටින්නේ ද, සඳකඩ පහණ, ලිය වැල්, මුරගල් ආදි සොඳුරු, අග්‍රගණ්‍ය නිර්මාණයන් තවමත් විරාජමාන වන්නේ ද ඒ අද්විතීයත්වයට සාක්ෂි දරමිනි. වී පැදුරක් වේලා ගත නො හැකි තරමට ඍද්ධිමත් රහතන් වහන්සේලා අහසින් වැඩම කරවීම නිසා හිරු රැස් පවා වැසී ගිය බව පැවසෙන ඒ උත්තරීතර යුගයේ දී කළුගල් මත අපරිමිත බුදු ගුණයන් කැටයම් කළ ඒ විකුම් පරපුර මෙබිමෙහි පෙරදිග ධාන්‍යාගාරය බිහි කළෝ ය. දෙනෙත් ඇත්තෝ මේ දේවල් දෑසින් දැක බලා, නුවණින් විමසා, සිංහල බෞද්ධ සුජාත උරුමය ගැන යම් සැකයක් ඇත්නම් ඒ සැක, බිය සියල්ලක් ම දුරු කර ගනිත්වා!

ඒ ඉතිහාසය ම අපට කියා දෙන පරිද්දෙන් අප රට කෙරෙහි සැබෑ ම වූ හිතවත්කමින් ක්‍රියා කළ එක ම අසල්වාසී නායකයා වූයේ ගෞතම බුද්ධ ශ්‍රාවකයෙකු වූ ධර්මාශෝක අධිරාජ්‍යයා යි. ඉන් පසු ව භාරතය අප දෙසට හැරුණේ ම පහර දෙන්නට ය. ඒ සිංහල බෞද්ධ උරුමය හා පදනම විනාශ කිරීමට ය. එළාර සිදුකළේ එය යි. කාලිංග මාඝ සිදුකළේ එය යි. අනතුරුව පැමිණි සියල්ලෝ ම සිදුකළේ එය යි. ඉන්දියාවෙන් පණ ලබමින්, යුරෝපයෙන් පෝෂණය ලද වේළුපිල්ලේ පිරභාහරන් සිදුකළේ ද එය යි. මුල අමතක ගාන්ධිලා ද, කොන්ද පණ නැති සිංලා ද, අවස්ථාවාදී කුහක තමිල්නාඩුව ද සිදුකළේ එය ම යි. අවසානයේ සිදු වූයේ භාරතය පුරා පැතිර ගත් විවිධ මතිමතාන්තර අපේ රටට රිංගා ගැනීමත්, අප සතු වූ සුපිරිසිදු සිංහල බෞද්ධ උරුමය හරසුන් විවිධ දෘෂ්ඨීන්ගෙන් කැළැල් වීමත් ය. ඉන් ඔබ්බට ගිය ඔවුන් විසින් සිදුකරන ලද භෞතික හානිය මෙතෙක් යැයි මිනිය හැකි නොවේ.

පෘතුගීසීන්, ලන්දේසීන් හෝ ඉංග්‍රිසීන් ද අපේ රටේ දුර්වලතා මඟ හරවා, රට සුඛිත මුදිත කරවීමේ අරමුණින් අප ව ආක්‍රමණය කළේ නැත. ඒ සියල්ලෝ දත කෑවේ ශ්‍රී ලංකාව තුළ පෘතුගාල, ඕලන්ද හෝ බි්රතාන්ය වහල් මානසිකත්වයක් ගොඩනගන්නට ය. බහු සංස්කෘතික, බහු ආගමික, බහු වාර්ගික රටක් තනන්නට ය. සිංහල බෞද්ධ පදනම විනාශ කරන්නට ය.

මේ රට බහු ආගම් පවතින රටකි; බහු ජනයා වෙසෙන රටකි; උප සංස්කෘතින් බොහෝමයක් ඇති රටකි. එහෙත් එහි අර්ථය වන්නේ මේ රට සර්වආගමික බහු සංස්කෘතික රටක් ය යන්න නො වේ. බහු ආගම් හා බහු සංස්කෘතීන් ද රටෙහි ඇති වූයේ විදේශ ආක්‍රමණ නිසා ය. අප බිම එනම් ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස ජන්ම ලාභය ලැබූවේ ම බහුවිධ මුහුණුවරක් නො මැති හුදෙක් සිංහල – බෞද්ධ ආකාරයෙනි. අපි පළමුව කියා සිටියේ ඒ උරුමය අප සතු වුණු ආකාරය යි.

[QUOTE="netlife007, post: 13447992, member: 79514"] [SIZE=5][B]යළි හැරී බලමු.[/B] සිංහල බෞද්ධයාගේ සැබෑ උරුමයන් සොයා දිවෙන මේ මහරු ඓතිහාසික පුනරාවලෝකන යාත්‍රාව වසර දෙදහසකිනුත් ඔබ්බෙහි නැංගුරම්ලන්නකි. සිංහල බෞද්ධයාගේ ඒ අභිමානවත් වංශ කථාව ලියැවෙන්නට පටන් ගන්නේ අඹතල පව් මස්තකයේ රැව් දුන් සදහම් සන්දේශයත් සමඟින් ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තුන්ලෝකාග්ර බුද්ධි වීරයාණන් වහන්සේගේ පරම උත්තරීතර සදහම් දායාදය සිංහල රටට දායාද කර කරමින් මෙහි වැඩම කරවීමෙන් පසු එකල ලක්දිව කිරුළ හෙබවූ දේවානම්පියතිස්ස මහා නිරිඳුන් තිසරණගත පංච ශීලයෙහි පිහිටා සිය පරිවාර ජනකාය ද සමඟ උතුම් ත්‍රිවිධ රත්නය සරණ කොට ගත් බුද්ධ ශ්‍රාවකයෙකු බවට පත්වීම ඒ අභිමානවත් සිංහල බෞද්ධ වංශයේ ආරම්භය යි. මේ සිංහල – බෞද්ධ රට පවුරු පදනම් මතන් ගොඩනැගුණේ එතැනින් ය. මෙරටෙහි සිංහල – බෞද්ධ සංස්කෘතිය ගොඩනැගුණේ එතැනින් ය. එය සත්‍යයකි. රට, දැය, සමය ප්රබුද්ධ කරලූ සිංහල – බෞද්ධ ශිෂ්ටාචාරය බිහි වූයේ එතැනින් ය. ඒ ඓතිහාසික පූජනීය සංධිස්ථානයෙන් ඉදිරියට ගොඩනැගුණු මහේශාක්‍ය වූ අද්විතීය ශිෂ්ටාචාරය පිළිබඳ අටුවා ටීකා අවැසි නැත. සියක් වැව් බැඳි රටේ නිල් දියවර රැල් නඟන්නේ ද, නුබ ගැබ සිඹිනා සුදෝ සුදු දාගැබ් වහන්සේලා වැඩ සිටින්නේ ද, සඳකඩ පහණ, ලිය වැල්, මුරගල් ආදි සොඳුරු, අග්‍රගණ්‍ය නිර්මාණයන් තවමත් විරාජමාන වන්නේ ද ඒ අද්විතීයත්වයට සාක්ෂි දරමිනි. වී පැදුරක් වේලා ගත නො හැකි තරමට ඍද්ධිමත් රහතන් වහන්සේලා අහසින් වැඩම කරවීම නිසා හිරු රැස් පවා වැසී ගිය බව පැවසෙන ඒ උත්තරීතර යුගයේ දී කළුගල් මත අපරිමිත බුදු ගුණයන් කැටයම් කළ ඒ විකුම් පරපුර මෙබිමෙහි පෙරදිග ධාන්‍යාගාරය බිහි කළෝ ය. දෙනෙත් ඇත්තෝ මේ දේවල් දෑසින් දැක බලා, නුවණින් විමසා, සිංහල බෞද්ධ සුජාත උරුමය ගැන යම් සැකයක් ඇත්නම් ඒ සැක, බිය සියල්ලක් ම දුරු කර ගනිත්වා! ඒ ඉතිහාසය ම අපට කියා දෙන පරිද්දෙන් අප රට කෙරෙහි සැබෑ ම වූ හිතවත්කමින් ක්‍රියා කළ එක ම අසල්වාසී නායකයා වූයේ ගෞතම බුද්ධ ශ්‍රාවකයෙකු වූ ධර්මාශෝක අධිරාජ්‍යයා යි. ඉන් පසු ව භාරතය අප දෙසට හැරුණේ ම පහර දෙන්නට ය. ඒ සිංහල බෞද්ධ උරුමය හා පදනම විනාශ කිරීමට ය. එළාර සිදුකළේ එය යි. කාලිංග මාඝ සිදුකළේ එය යි. අනතුරුව පැමිණි සියල්ලෝ ම සිදුකළේ එය යි. ඉන්දියාවෙන් පණ ලබමින්, යුරෝපයෙන් පෝෂණය ලද වේළුපිල්ලේ පිරභාහරන් සිදුකළේ ද එය යි. මුල අමතක ගාන්ධිලා ද, කොන්ද පණ නැති සිංලා ද, අවස්ථාවාදී කුහක තමිල්නාඩුව ද සිදුකළේ එය ම යි. අවසානයේ සිදු වූයේ භාරතය පුරා පැතිර ගත් විවිධ මතිමතාන්තර අපේ රටට රිංගා ගැනීමත්, අප සතු වූ සුපිරිසිදු සිංහල බෞද්ධ උරුමය හරසුන් විවිධ දෘෂ්ඨීන්ගෙන් කැළැල් වීමත් ය. ඉන් ඔබ්බට ගිය ඔවුන් විසින් සිදුකරන ලද භෞතික හානිය මෙතෙක් යැයි මිනිය හැකි නොවේ. පෘතුගීසීන්, ලන්දේසීන් හෝ ඉංග්‍රිසීන් ද අපේ රටේ දුර්වලතා මඟ හරවා, රට සුඛිත මුදිත කරවීමේ අරමුණින් අප ව ආක්‍රමණය කළේ නැත. ඒ සියල්ලෝ දත කෑවේ ශ්‍රී ලංකාව තුළ පෘතුගාල, ඕලන්ද හෝ බි්රතාන්ය වහල් මානසිකත්වයක් ගොඩනගන්නට ය. බහු සංස්කෘතික, බහු ආගමික, බහු වාර්ගික රටක් තනන්නට ය. සිංහල බෞද්ධ පදනම විනාශ කරන්නට ය. මේ රට බහු ආගම් පවතින රටකි; බහු ජනයා වෙසෙන රටකි; උප සංස්කෘතින් බොහෝමයක් ඇති රටකි. එහෙත් එහි අර්ථය වන්නේ මේ රට සර්වආගමික බහු සංස්කෘතික රටක් ය යන්න නො වේ. බහු ආගම් හා බහු සංස්කෘතීන් ද රටෙහි ඇති වූයේ විදේශ ආක්‍රමණ නිසා ය. අප බිම එනම් ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස ජන්ම ලාභය ලැබූවේ ම බහුවිධ මුහුණුවරක් නො මැති හුදෙක් සිංහල – බෞද්ධ ආකාරයෙනි. අපි පළමුව කියා සිටියේ ඒ උරුමය අප සතු වුණු ආකාරය යි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom