මෛත්රීගේ රැලියට වෙඩි ප්රහාරයක්!
අරලගංවිල අද (03දා) සවස පැවැති පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ රැලියට වෙඩි ප්රහාරයක් එල්ල වි තිබේ. වෙඩි ප්රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
සවස පැවති රැලිය අවසන්වීමෙන් පසුව මෙම ප්රහාරය එල්ලවී තිබෙන අතර පැය කිහිපයක් වාහන විස්සකින් පමණ පැමිණි මැර පිරිසක් රැලිය පැවැති ප්රදේශයේ කලබල කර ඇති බව වාර්තා වේ.
පොදු අපෙක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා රැලිය අමතා පිටව යාමෙන් අනතුරුව මෙම වෙඩි ප්රහාරය එල්ල වී තිබෙන අතර උතුරුමැද පළාත් සභාවේ හිටපු එජාප මන්ත්රී ජනක සමරසිංහ මහතාට ඇතුළු පස් දෙනෙකු වෙඩි වැදී පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.