Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ "චීන කටු චිකිත්සාව"......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ "චීන කටු චිකිත්සාව"......

ලෝකය තුළ විවිධ වූ වෛද්‍ය ක්‍රම තිබෙනවා. චීන කටු චිකිත්සාව හෙවත් Acupuncture ලෝකයේ මෙතෙක් බිහිවූ සුවිශේෂී වෛද්‍ය ක්‍රමවලින් එකක්.මෙහි විශේෂත්වය වන්නේ රෝගාබාධ සඳහා කිසියම් හෝ පෙති කරල් වර්ගයක් හෝ දියර වර්ගයක් භාවිතා නොකිරීමයි.මෙහිදී භාවිතා වන්නේ ඉතා සියුම් කටු විශේෂයක්. ඒවා මළ නොබැෙඳන වානේ තඹ, රත්තරං සහ රිදී වලින් නිමවා තිබෙනවා.මෙම වෛද්‍ය ක්රමයේ ඉතිහාසය මීට වසර දහස් ගණනක අතීතයට දිව යන බව තොරතුරු සොයා බැලීමේදී පෙනී යනවා.ගල් යුගයේ ජීවත් වූ ආදි මානවයින්ට කැපීම් සීරීම් ආදිය බෙහෙවින් සිදුවන්නට ඇති. ඒ ඔවුන් දඩයමින් ජීවත් වූ නිසා. එවැනි ආපදාවක් සිදුවූ විට එම ස්ථානයන් තෙරපීමට ඔවුන් පුරුදු වී සිටියා.එම තෙරපීම් නිසා යම් සහනයක් ලැබුණු විට හඳුනාගත් 'නිල' ස්ථාන නිවැරැදිව වටහාගෙන සියුම් කටුවක් එම නිල ස්ථාන හරහා සිරුරට ඇතුළුකොට රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඔවුන් උත්සාහ ගත්තා.එම උත්සාහයන් සාර්ථක වුණා. අතීත මානවයාගේ මෙම කි‍්‍රයාකාරකම් ගවේෂණය කළ චීන ජාතිකයින් නිල සඳහා කටු විදීමේ ක්‍රමය සාර්ථක වෛද්‍ය ක්‍රමයක් ලෙස ලොවට හඳුන්වා දුන්නා.ඒ මීට වසර 3000 කට පමණ ඉහතදී. දකුණු අපි‍්‍රකාවේ වෙසෙන බැන්ටුවරු අදටත් තමන්ට වැළඳෙන රෝග වෙනුවෙන් ශරීරයේ යම් යම් ස්ථාන සිරීම් මගින් රෝග සුව කර ගන්නවා.

අපේ දේශීය වෙදකමේ එන 'නිල' වෙදකමත් චීන කටු චිකිත්සාව මෙන් ඉතාම සාර්ථක වෛද්‍ය ක්‍රමයක්.මාවෝ සේතුං චීන කටු චිකිත්සාව ඉතා සාර්ථකව ප්‍රයෝජනයට ගත් ලෝක නායකයෙක්. 1929 දී පමණ "කු ඕ මින් ටැං" වරුන්ගේ පාලනයට විරුද්ධව කි‍්‍රයා කළ මාවෝ සේතුං එම රජය පෙරළා දැමීමට කැළෑ වැදී සටන් කළා.මාවෝ ගේ රතු හමුදාවට මුහුණදීමට සිදුවූ ප්‍රධානතම ගැටලුව වූයේ රෝගාබාධයන්ට ගොදුරු වීමයි. මැලේරියාව ඒ අතරින් ප්‍රධානයි.

ඖෂධ හිඟවූ නිසා මාවෝ ඖෂධ නොමැතිව කරනු ලබන චීන කටු චිකිත්සාවේ පිහිට පැතුවා. එය ඉතාම සාර්ථක වුණා.බලයට පත්වූ පසුව මාවෝ සේතුං චීන කටු චිකිත්සාව ප්‍රචලිත කිරීමට කි‍්‍රයා කළා. ඒ මෙම වෛද්‍ය ක්රමයේ ඉතිහාසය.

චීන කටු චිකිත්සාවේ දැක්වෙන ආකාරයට මිනිසා රෝගී වන්නේ “ඉං” සහ “යැං” න්‍යායට අනුවයි. ‘ඉං’ සහ ‘යැං’ යනු එකිනෙකට ප්‍රතිවිරුද්ධ කි‍්‍රයාවලීන් දෙකක්. උදාහරණ ලෙස:

1. රුධිර පීඩනය ඉහළ නැංවීමට සහ පහළ හෙළීමට කි‍්‍රයාකාරිත්වයන් දෙකක් තිබෙනවා.

2. හෘද ස්පන්දන ඉහළ නැංවීමට සහ පහළ හෙළීමට කි‍්‍රයාකාරිත්වයන් දෙකක් තිබෙනවා.

3. විශේෂ අවයවයන් වලින් හෝමෝන මුදාහැරීමට සහ එසේ නොකිරීමට කි‍්‍රයාකාරිත්වයන් දෙකක් තිබෙනවා.’ඉං’ සහ ‘යැං’ බලවේගයට අනුව ජීව ශක්තිය ජනනය කරනවා. මෙම ජීව ශක්තිය අඩු හෝ වැඩි වූ විටයි රෝගාබාධ ඇතිවන්නේ.අපගේ ශරීරය තුළ රෝගාබාධ ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ මෙම ‘ඉං’ සහ ‘යැං’වල අසමතුලිත තාවයයි.චීන කටු චිකිත්සාවේදී නාඩි පරීක්ෂා කිරීම විශේෂ කටයුත්තක්. මෙහිදී නාඩි 12ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ වම් බාහුවේ නාඩි 6 ක් සහ දකුණු බාහුවේ නාඩි 6 ක් ලෙස.

නාඩි පරීක්ෂාව මඟින් රෝගය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් වෛද්‍යවරයාට ලබාගත හැකියි.

කිසිදු ඖෂධයක් භාවිතා නොකරන නිසා මෙම වෛද්‍ය ක්‍රමයේදී අතුරු ආබාධ ඇතිවන්නේ නෑ. ශල්‍යකර්ම මඟින් සුව කළ යුතු යැයි වෙනත් වෛද්‍ය ක්‍රම මඟින් නිර්දේශ කරන ලද රෝගාබාධයන් චීනකටු චිකිත්සාවෙන් සුව කළ හැකියි.

මෙම වෛද්‍ය ක්‍රමයෙන් ඉතා සාර්ථකව සුව කළ හැකි රෝගාබාධ රාශියක්ම තිබෙනවා. පීනස, දියවැඩියාව, හෘද රෝග, අකලට හිසකෙස් පැසීම, හිසකෙස් වැටීම, අර්ශස්, අංශභාගය, දණහිස් රෝග, පිටකොන්දේ වේදනාව, සමේ රෝග, හිසරදය, ගැස්ට්‍රයිටිස්, උස නොයාම, ස්නායු රෝග ඒ අතරින් ප්‍රධානයි.

චීන කටු චිකිත්සාව මඟින් සුවකළ හැකි රෝග අතර දියවැඩියාව ප්රමුඛස්ථානයක් හිමි වෙනවා. එයට ප්‍රධානතම හේතුව වන්නේ රුධිරය සම්බන්ධයෙන් වන රෝගාබාධයන් සඳහා චීනකටු වෙදකම සතු අති සාර්ථකත්වයයි.

මෙම වෛද්‍ය ක්‍රමයේදී කටු ගැසීම සඳහා නිල ස්ථාන 700ක් පමණ භාවිතා වෙනවා. විවිධ රෝගාබාධයන්ට ප්‍රතිකාර කිරීමේදී විවිධ නිල ස්ථානයන් භාවිතා කළ යුතුයි.එසේම කටු ගැසීමේදී වේදනාවක් ඇතිවන්නේ නෑ. කටු නොගැසිය යුතු ස්ථාන පිළිබඳවත් චීන කටු චිකිත්සාවේ සඳහන් වෙනවා. තනපුඬු, ගර්භාෂය ප්‍රදේශය, ඩිම්බකෝෂ ප්‍රදේශය, නාභිය මත, වෘෂණකෝෂ මත කටු නොගැසිය යුතුයි.

[QUOTE="Mr UNKNOWN, post: 20800863, member: 558255"] [b]මොකක්ද මේ "චීන කටු චිකිත්සාව"......[/b] [FONT="Arial Black"][SIZE="3"][B] ලෝකය තුළ විවිධ වූ වෛද්‍ය ක්‍රම තිබෙනවා. චීන කටු චිකිත්සාව හෙවත් Acupuncture ලෝකයේ මෙතෙක් බිහිවූ සුවිශේෂී වෛද්‍ය ක්‍රමවලින් එකක්.මෙහි විශේෂත්වය වන්නේ රෝගාබාධ සඳහා කිසියම් හෝ පෙති කරල් වර්ගයක් හෝ දියර වර්ගයක් භාවිතා නොකිරීමයි.මෙහිදී භාවිතා වන්නේ ඉතා සියුම් කටු විශේෂයක්. ඒවා මළ නොබැෙඳන වානේ තඹ, රත්තරං සහ රිදී වලින් නිමවා තිබෙනවා.මෙම වෛද්‍ය ක්රමයේ ඉතිහාසය මීට වසර දහස් ගණනක අතීතයට දිව යන බව තොරතුරු සොයා බැලීමේදී පෙනී යනවා.ගල් යුගයේ ජීවත් වූ ආදි මානවයින්ට කැපීම් සීරීම් ආදිය බෙහෙවින් සිදුවන්නට ඇති. ඒ ඔවුන් දඩයමින් ජීවත් වූ නිසා. එවැනි ආපදාවක් සිදුවූ විට එම ස්ථානයන් තෙරපීමට ඔවුන් පුරුදු වී සිටියා.එම තෙරපීම් නිසා යම් සහනයක් ලැබුණු විට හඳුනාගත් 'නිල' ස්ථාන නිවැරැදිව වටහාගෙන සියුම් කටුවක් එම නිල ස්ථාන හරහා සිරුරට ඇතුළුකොට රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඔවුන් උත්සාහ ගත්තා.එම උත්සාහයන් සාර්ථක වුණා. අතීත මානවයාගේ මෙම කි‍්‍රයාකාරකම් ගවේෂණය කළ චීන ජාතිකයින් නිල සඳහා කටු විදීමේ ක්‍රමය සාර්ථක වෛද්‍ය ක්‍රමයක් ලෙස ලොවට හඳුන්වා දුන්නා.ඒ මීට වසර 3000 කට පමණ ඉහතදී. දකුණු අපි‍්‍රකාවේ වෙසෙන බැන්ටුවරු අදටත් තමන්ට වැළඳෙන රෝග වෙනුවෙන් ශරීරයේ යම් යම් ස්ථාන සිරීම් මගින් රෝග සුව කර ගන්නවා. අපේ දේශීය වෙදකමේ එන 'නිල' වෙදකමත් චීන කටු චිකිත්සාව මෙන් ඉතාම සාර්ථක වෛද්‍ය ක්‍රමයක්.මාවෝ සේතුං චීන කටු චිකිත්සාව ඉතා සාර්ථකව ප්‍රයෝජනයට ගත් ලෝක නායකයෙක්. 1929 දී පමණ "කු ඕ මින් ටැං" වරුන්ගේ පාලනයට විරුද්ධව කි‍්‍රයා කළ මාවෝ සේතුං එම රජය පෙරළා දැමීමට කැළෑ වැදී සටන් කළා.මාවෝ ගේ රතු හමුදාවට මුහුණදීමට සිදුවූ ප්‍රධානතම ගැටලුව වූයේ රෝගාබාධයන්ට ගොදුරු වීමයි. මැලේරියාව ඒ අතරින් ප්‍රධානයි. ඖෂධ හිඟවූ නිසා මාවෝ ඖෂධ නොමැතිව කරනු ලබන චීන කටු චිකිත්සාවේ පිහිට පැතුවා. එය ඉතාම සාර්ථක වුණා.බලයට පත්වූ පසුව මාවෝ සේතුං චීන කටු චිකිත්සාව ප්‍රචලිත කිරීමට කි‍්‍රයා කළා. ඒ මෙම වෛද්‍ය ක්රමයේ ඉතිහාසය. චීන කටු චිකිත්සාවේ දැක්වෙන ආකාරයට මිනිසා රෝගී වන්නේ “ඉං” සහ “යැං” න්‍යායට අනුවයි. ‘ඉං’ සහ ‘යැං’ යනු එකිනෙකට ප්‍රතිවිරුද්ධ කි‍්‍රයාවලීන් දෙකක්. උදාහරණ ලෙස: 1. රුධිර පීඩනය ඉහළ නැංවීමට සහ පහළ හෙළීමට කි‍්‍රයාකාරිත්වයන් දෙකක් තිබෙනවා. 2. හෘද ස්පන්දන ඉහළ නැංවීමට සහ පහළ හෙළීමට කි‍්‍රයාකාරිත්වයන් දෙකක් තිබෙනවා. 3. විශේෂ අවයවයන් වලින් හෝමෝන මුදාහැරීමට සහ එසේ නොකිරීමට කි‍්‍රයාකාරිත්වයන් දෙකක් තිබෙනවා.’ඉං’ සහ ‘යැං’ බලවේගයට අනුව ජීව ශක්තිය ජනනය කරනවා. මෙම ජීව ශක්තිය අඩු හෝ වැඩි වූ විටයි රෝගාබාධ ඇතිවන්නේ.අපගේ ශරීරය තුළ රෝගාබාධ ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ මෙම ‘ඉං’ සහ ‘යැං’වල අසමතුලිත තාවයයි.චීන කටු චිකිත්සාවේදී නාඩි පරීක්ෂා කිරීම විශේෂ කටයුත්තක්. මෙහිදී නාඩි 12ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ වම් බාහුවේ නාඩි 6 ක් සහ දකුණු බාහුවේ නාඩි 6 ක් ලෙස. නාඩි පරීක්ෂාව මඟින් රෝගය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් වෛද්‍යවරයාට ලබාගත හැකියි. කිසිදු ඖෂධයක් භාවිතා නොකරන නිසා මෙම වෛද්‍ය ක්‍රමයේදී අතුරු ආබාධ ඇතිවන්නේ නෑ. ශල්‍යකර්ම මඟින් සුව කළ යුතු යැයි වෙනත් වෛද්‍ය ක්‍රම මඟින් නිර්දේශ කරන ලද රෝගාබාධයන් චීනකටු චිකිත්සාවෙන් සුව කළ හැකියි. මෙම වෛද්‍ය ක්‍රමයෙන් ඉතා සාර්ථකව සුව කළ හැකි රෝගාබාධ රාශියක්ම තිබෙනවා. පීනස, දියවැඩියාව, හෘද රෝග, අකලට හිසකෙස් පැසීම, හිසකෙස් වැටීම, අර්ශස්, අංශභාගය, දණහිස් රෝග, පිටකොන්දේ වේදනාව, සමේ රෝග, හිසරදය, ගැස්ට්‍රයිටිස්, උස නොයාම, ස්නායු රෝග ඒ අතරින් ප්‍රධානයි. චීන කටු චිකිත්සාව මඟින් සුවකළ හැකි රෝග අතර දියවැඩියාව ප්රමුඛස්ථානයක් හිමි වෙනවා. එයට ප්‍රධානතම හේතුව වන්නේ රුධිරය සම්බන්ධයෙන් වන රෝගාබාධයන් සඳහා චීනකටු වෙදකම සතු අති සාර්ථකත්වයයි. මෙම වෛද්‍ය ක්‍රමයේදී කටු ගැසීම සඳහා නිල ස්ථාන 700ක් පමණ භාවිතා වෙනවා. විවිධ රෝගාබාධයන්ට ප්‍රතිකාර කිරීමේදී විවිධ නිල ස්ථානයන් භාවිතා කළ යුතුයි.එසේම කටු ගැසීමේදී වේදනාවක් ඇතිවන්නේ නෑ. කටු නොගැසිය යුතු ස්ථාන පිළිබඳවත් චීන කටු චිකිත්සාවේ සඳහන් වෙනවා. තනපුඬු, ගර්භාෂය ප්‍රදේශය, ඩිම්බකෝෂ ප්‍රදේශය, නාභිය මත, වෘෂණකෝෂ මත කටු නොගැසිය යුතුයි. [/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom