Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ ‘ඇදිරිනීතිය‘?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය කාලයේ කොවිඞ් 19 පැතිරීම පටන් ගැනීමත් සමග වසංගතය බෝවීම පාලනය කිරීමේ අපේක්ෂාවෙන් රටපුරා ඇදිරි නීතිය පැනවීමක් සිදු වූ අතර මේ වනවිට සති කීපයක් තිස්සේ එම ඇදිරිනීතිය ලිහිල් කරමින් සතියේ ඇතැම් දිනවල සහ රාත්‍රි කාලයන්හිදී පමණක් ඇදිරි නීතිය පනවමින් තිබේ. නමුත් එම පනවන ඇදිරි නීතිය “නිරෝධායන ඇදිරිනීතියද”, “පොලිස් ඇදිරිනීතියද” යන්න සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුල ගැටලුවක් පැන නගිමින් තිබෙනු අපට නිතර අසන්නට ලැබේ. මෙම සටහනේ අපේක්ෂාව වන්නේ මේ දිනවල අසන්නට ලැබෙන ඇදිරිනීතින් ලෙස ජනතාව අතර ව්‍යවහාරයේ පවතින ‘නිරෝධායන ඇදිරි නීතිය’ සහ ‘පොලිස් ඇදිරිනීතිය’ යනු මොනවාදැයි යන්න පිළිබදව සරල අවබෝධයක් ලබා දීමය.

කොවිඞ් 19 වසංගතය ශ්‍රී ලංකාවේ පැතිරෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ ඇදිරිනීතිය පැනවිය හැකිව තිබුනේ 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥාපනත අනුවය.

මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ඇදිරි නීතිය පැනවීම

මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීම සිදු කළ හැකි වන්නේ රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයකට පත් කර ඇති අවස්ථාවකදීය.

මහජන ආරක්ෂක පනතේ 16වන වගන්තියේ පළමු උප වගන්තිය ප්‍රකාරව මුළු රට තුළම හෝ රට තුළ යම් භූමි ප්‍රදේශයක මහජන සාමය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන ඕනෑම මොහොතකදී ගැසට් පත්‍රයක් මගින් ඇඳිරි නීතිය පැනවීමේ නියෝගයක් පැනවීමට හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ. එම නියෝගය තුළ සඳහන් කර ඇති කාල පරාසය තුළ, අදාල ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට එම ප්‍රදේශයේ ඇති මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු උයන්, ක්‍රීඩාංගන, පොදු මුහුදු වෙරළ, පොදු පාලම්, පොදු පදික වේදිකා, බෝක්කු, ආදී කිසිදු “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීමට අවසර නොලැබේ.

හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කල හැක්කේ එසේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයක් ගැසට් පත්‍රයේ පල කිරීම මගිනි. එවැනි නියෝගයක් නිකුත් කරන්නේ නම් එසේ නිකුත් කර දින දහයක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය.

කොරෝනා වසංගතය රටේ පැතිරීමට ආරම්භ වුවද කිසි විටෙකත් ජනාධිපති විසින් රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම සිදු නොකළ බැවින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඇදිරිනීතිය පැනවීමට හැකියාවක් තිබුනේ නැත.

එතකොට මොකක්ද මේ පොලිස් ඇඳිරිනීතිය?

රටේ හදිසි අවස්ථාවක් පැන නැගුණු විට හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ජනාධිපති විසින් සිදුකරන නියෝගයක් මගින් ඇදිරිනීතිය පැනවිය හැකිය. එම නියෝගයේ නම් කරනු ලබන පුද්ගලයාගේ අවසරය මත ඇදිරිනීති කොන්දේසි ක්‍රියාත්මක විය යුතුය. එම නම් කරනු ලබන පුද්ගලයා බොහෝ විට පොලිස්පතිවරයා, යම් ප්‍රදේශයක පොලිස් අධිකාරීවරයෙක් හෝ පොලිස් ස්ථානාධිපතිවරයෙක් විය හැකිය. මෙය සාමාන්‍ය ජනතාව සහ පොලිසිය විසින් හදුන්වනු ලබන්නේ ‘පොලිස් ඇඳිරිනීතිය’ ලෙසය.

2020 මාර්තු මස පනවන ලද ඇදිරි නීතිය මාධ්‍ය විසින් වාර්තා කරන්නට යෙදුනේ මේ නමිනි.

නිරෝධායනීය ඇදිරිනීතිය ලෙස රජය හදුන්වා දුන් නීතිය ක්‍රියාත්මක වන කාලයේ ලබාගත් අවසර පත් වලින් ගමන් බිමන් යන ජනතාවට අද පවතින්නේ ‘පොලිස් ඇදිරි නීතිය’ බව කියමින් ඔවුන්ව ආපසු හරවා යැවූ අවස්ථා බොහොමයක් ඇදිරිනීතිය ලිහිල් කර තිබෙන කාලය තුළද වාර්තා විය. රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක ‘පොලිස් ඇදිරිනීතිය’ යැයි හදුන්වන ඇදිරිනීතියක් ක්‍රියාත්මක වීම නීත්‍යානුකූල නොවේ.

නමුත් ඇදිරි නීතිය පනවමින් ප්‍රකාශයට පත් කර ඇති අවසන් මාධ්‍ය නිවේදන පරීක්ෂා කිරීමේදි පවා ‘ඇදිරි නීතිය’ නමැති වචනය සදහන් කර තිබුණද එයින් මේ ක්‍රියාත්මක වන්නේ කුමන ඇදිරි නීතියද යන්න පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත නොහැකිය.

නිරෝධායනීය ඇදිරි නීතිය යනු කුමක්ද?

යම් වසංගත රෝගයක් නිරෝධායනීය රෝගයක් ලෙස හදුනා ගත් පසු (මෙය සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා/වරිය විසින් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කළ යුතුය) 1897 නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත (Quarantine and Prevention of Diseases Ordinance) යටතේ වන රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ. එම රෙගුලාසි වලට අනුව වසංගත රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් වන නියෝග නිකුත් කිරීමට ‘නිසි බලධාරියාට’ හැකියාව ලැබෙන්නේය.

සාමාන්‍යයෙන් මේ සම්බන්ධයෙන් නිසි බළධාරියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයායි. වසංගතය පාලනය කිරීම උදෙසා ජනතාවගේ ක්‍රියාවන් පාලනය කිරීම වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරවන ලෙසට ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට පොලිස්පතිගෙන් ඉල්ලීමට හැකියාවක් ලැබේ. මෙහිදී මේ අනුව පොලිස්පතිවරයා විසින් ජනතාවගේ ක්‍රියාවන් පාලනය කිරීමට නිකුත් කරන ලද නියෝග මාධ්‍ය විසින් ‘නිරෝධායනීය ඇදිරිනීතිය’ ලෙසට දක්වන ලදී. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින්ද මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී මෙය හදුන්වන ලද්දේ ‘නිරෝධායනීය ඇදිරිනීතිය’ ලෙසයි. නමුත් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ජනතාවගේ ගමන්බිමන් පාලනය කරමින් ‘ඇදිරිනීතිය’ පැනවීමේ බලයක් නිසි බලධරයාට ලබා දී නොමැත. අදාළ ආඥා පනත අනුව පාර්ලිමේන්තුව තුළ එවැනි නීතියක් සම්මත කර ගැනීමට හැකියාවක් තිබුණද පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොවූ බැවින් ‘නිරෝධායනීය ඇදිරිනීතිය’ යන්නෙහි නීත්‍යානුකූලභාවය පිළිබද ගැටලුව තවමත් ඉතිරිව තිබෙන්නේය.

කෙසේ වුවද පසුගිය කාලයේ අඛණ්ඩව ලංකාවට බල පවත්වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබුවේ මෙනමින් හදුන්වනු ලද නීතියයි. ඒ අනුව නිරෝධායනය වෙනුවෙන් පනවන්නට යෙදුණු නීතින් ‘නිරෝධායනීය ඇදිරි නීතිය’ ලෙස පසුගිය කාලයේ සාමාන්‍ය ජනතාව අතරද ප්‍රසිද්ධියට පත්විය.

කඩ කළොත් දඩුවම් මොනවාද?

හදිසි නීතිය යටතේ වන ඇදිරි නීතිය කඩ කරන ඕනෑම පුද්ගලයකු සාපරාධී වරදක් කළ අයෙකු ලෙස සැලකෙනු ඇති අතර, එසේ නියෝගයක් කඩ කොට පොලිසිය භාරයට ගැනෙන ඕනෑම පුද්ගලයකු පැය විසි හතරක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කොට ලඝු කාර්යය පටිපාටිය යටතේ වරදකරු බවට පත් කළ හැකිය. (මෙවැනි අවස්ථාවකදී යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවේ. මහජන ආරක්ෂක ආඥා පනතේ 18වන වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත එවැනි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට අවසර ඇත.) එම වගන්තිය වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ වරදකරු ලෙස නම් කෙරෙන ඕනෑම පුද්ගලයෙකු හට මසක් නොඉක්මවන බරපතල වැඩ සහිත සිර දඬුවමක් හෝ රුපියල් සියයකට නොවැඩි දඩයක් හෝ එම දඬුවම් ද්විත්වයම පැනවිය හැකි බවයි. මෙම වරද ඇප ලබාගත හැකි වරදකි.

නිරෝධායන නීතින් කඩ කිරීම නිසා වරදකරු වන පුද්ගලයෙකුව රුපියල් දෙදහසකට නොඅඩු සහ දස දහසකට නොඅඩු දඩයක් සහ සය මසකට නොඅඩු සිරදඩුමකට හෝ එම දඩුවම් දෙකටම යටත් කල හැකිය.

නීත්‍යානුකූලභාවය පිළිබද ගැටලුව

පසුගිය දිනෙක ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණ තීන්දුවක් ලබා දෙමින් (නඩු අංක B 1108/20 යටතේ) ප්‍රකාශ කරන්නේ ‘නිරෝධායනීය ඇදිරිනීතිය’ නීත්‍යානුකූල බවය. නමුත් එය අවසානාත්මක අධිකරණ තීන්දුවක් නොවන අතර ඉහළ අධිකරණයක එය තවදුරටත් අභියෝගයට පත් කිරීමට හැකිව පවතී.

මානව හිමිකම් කොමිසම විසින් මෙම පවතින ඇදිරිනීතිය පිළිබදව පසුගිය දිනෙක තම නිර්දේශ නිකුත් කරමින් ඇදිරිනීතිය පැනවිය යුත්තේ නීත්‍යානුකූලව බවත් නිරෝධායන නීතිය යටතේ රටටම බලපාන පරිදි ඇදිරිනීතිය පැනවිය නොහැකි බවත් ජනාධිපති ලේකම්වරයාට, ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දන්වා තිබේ.

කෙසේ වුවද නීත්‍යානුකූලව ඇදිරිනීතියක් පැනවීමට නොහැකිව තිබුණද, මේ වනවිට ඇඳිරිනීතිය පනවමින් දහස් සංඛ්‍යාත පිරිසක් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වාහන පොලිස් භාරයට ගනිමින්, දඩ අය කරගනිමින් හා අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබා දෙමින් ශ්‍රී ලංකා පොලිසිය මෙම නීත්‍යානුකූල නොවන ඇදිරිනීතිය යටතේ ක්‍රියාත්මක වී හමාරය. දැන් කළ යුතු වන්නේ මෙම ඇදිරිනීතියේ නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරමින් අධිකරණ තීන්දුවක් ලබා ගැනීමය. එවිට දැන් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය කුමන වර්ගයේ ඇදිරිනීතියක්ද යන වග පොලිසියට, මාධ්‍යවලට, ජනාධිපති මාධ්‍ය ඒකකයට හා සාමාන්‍ය ජනතාවට අවබෝධයක් ලැබෙනු ඇති අතර එමගින් නීතියේ ආධිපත්‍යය තවදුරටත් සුරක්ෂිත වනු ඇත.

රුවිනි අයේෂා බියගම විසිනි.

[QUOTE="ArunaTelshan, post: 25804783, member: 495249"] පසුගිය කාලයේ කොවිඞ් 19 පැතිරීම පටන් ගැනීමත් සමග වසංගතය බෝවීම පාලනය කිරීමේ අපේක්ෂාවෙන් රටපුරා ඇදිරි නීතිය පැනවීමක් සිදු වූ අතර මේ වනවිට සති කීපයක් තිස්සේ එම ඇදිරිනීතිය ලිහිල් කරමින් සතියේ ඇතැම් දිනවල සහ රාත්‍රි කාලයන්හිදී පමණක් ඇදිරි නීතිය පනවමින් තිබේ. නමුත් එම පනවන ඇදිරි නීතිය “නිරෝධායන ඇදිරිනීතියද”, “පොලිස් ඇදිරිනීතියද” යන්න සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුල ගැටලුවක් පැන නගිමින් තිබෙනු අපට නිතර අසන්නට ලැබේ. මෙම සටහනේ අපේක්ෂාව වන්නේ මේ දිනවල අසන්නට ලැබෙන ඇදිරිනීතින් ලෙස ජනතාව අතර ව්‍යවහාරයේ පවතින ‘නිරෝධායන ඇදිරි නීතිය’ සහ ‘පොලිස් ඇදිරිනීතිය’ යනු මොනවාදැයි යන්න පිළිබදව සරල අවබෝධයක් ලබා දීමය. කොවිඞ් 19 වසංගතය ශ්‍රී ලංකාවේ පැතිරෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ ඇදිරිනීතිය පැනවිය හැකිව තිබුනේ 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥාපනත අනුවය. [COLOR=rgb(250, 197, 28)][B][U]මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ඇදිරි නීතිය පැනවීම[/U][/B][/COLOR] මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීම සිදු කළ හැකි වන්නේ රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයකට පත් කර ඇති අවස්ථාවකදීය. මහජන ආරක්ෂක පනතේ 16වන වගන්තියේ පළමු උප වගන්තිය ප්‍රකාරව මුළු රට තුළම හෝ රට තුළ යම් භූමි ප්‍රදේශයක මහජන සාමය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන ඕනෑම මොහොතකදී ගැසට් පත්‍රයක් මගින් ඇඳිරි නීතිය පැනවීමේ නියෝගයක් පැනවීමට හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ. එම නියෝගය තුළ සඳහන් කර ඇති කාල පරාසය තුළ, අදාල ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට එම ප්‍රදේශයේ ඇති මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු උයන්, ක්‍රීඩාංගන, පොදු මුහුදු වෙරළ, පොදු පාලම්, පොදු පදික වේදිකා, බෝක්කු, ආදී කිසිදු “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීමට අවසර නොලැබේ. හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කල හැක්කේ එසේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයක් ගැසට් පත්‍රයේ පල කිරීම මගිනි. එවැනි නියෝගයක් නිකුත් කරන්නේ නම් එසේ නිකුත් කර දින දහයක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. කොරෝනා වසංගතය රටේ පැතිරීමට ආරම්භ වුවද කිසි විටෙකත් ජනාධිපති විසින් රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම සිදු නොකළ බැවින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඇදිරිනීතිය පැනවීමට හැකියාවක් තිබුනේ නැත. [COLOR=rgb(250, 197, 28)][B][U]එතකොට මොකක්ද මේ පොලිස් ඇඳිරිනීතිය?[/U][/B][/COLOR] රටේ හදිසි අවස්ථාවක් පැන නැගුණු විට හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ජනාධිපති විසින් සිදුකරන නියෝගයක් මගින් ඇදිරිනීතිය පැනවිය හැකිය. එම නියෝගයේ නම් කරනු ලබන පුද්ගලයාගේ අවසරය මත ඇදිරිනීති කොන්දේසි ක්‍රියාත්මක විය යුතුය. එම නම් කරනු ලබන පුද්ගලයා බොහෝ විට පොලිස්පතිවරයා, යම් ප්‍රදේශයක පොලිස් අධිකාරීවරයෙක් හෝ පොලිස් ස්ථානාධිපතිවරයෙක් විය හැකිය. මෙය සාමාන්‍ය ජනතාව සහ පොලිසිය විසින් හදුන්වනු ලබන්නේ ‘පොලිස් ඇඳිරිනීතිය’ ලෙසය. 2020 මාර්තු මස පනවන ලද ඇදිරි නීතිය මාධ්‍ය විසින් වාර්තා කරන්නට යෙදුනේ මේ නමිනි. [IMG]https://i.imgur.com/aRnhaBD.jpg[/IMG] නිරෝධායනීය ඇදිරිනීතිය ලෙස රජය හදුන්වා දුන් නීතිය ක්‍රියාත්මක වන කාලයේ ලබාගත් අවසර පත් වලින් ගමන් බිමන් යන ජනතාවට අද පවතින්නේ ‘පොලිස් ඇදිරි නීතිය’ බව කියමින් ඔවුන්ව ආපසු හරවා යැවූ අවස්ථා බොහොමයක් ඇදිරිනීතිය ලිහිල් කර තිබෙන කාලය තුළද වාර්තා විය. රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක ‘පොලිස් ඇදිරිනීතිය’ යැයි හදුන්වන ඇදිරිනීතියක් ක්‍රියාත්මක වීම නීත්‍යානුකූල නොවේ. නමුත් ඇදිරි නීතිය පනවමින් ප්‍රකාශයට පත් කර ඇති අවසන් මාධ්‍ය නිවේදන පරීක්ෂා කිරීමේදි පවා ‘ඇදිරි නීතිය’ නමැති වචනය සදහන් කර තිබුණද එයින් මේ ක්‍රියාත්මක වන්නේ කුමන ඇදිරි නීතියද යන්න පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත නොහැකිය. [IMG]https://i.imgur.com/HIuFH13.jpg[/IMG] [B] [COLOR=rgb(250, 197, 28)][U]නිරෝධායනීය ඇදිරි නීතිය යනු කුමක්ද?[/U][/COLOR][/B] යම් වසංගත රෝගයක් නිරෝධායනීය රෝගයක් ලෙස හදුනා ගත් පසු (මෙය සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා/වරිය විසින් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කළ යුතුය) 1897 නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත (Quarantine and Prevention of Diseases Ordinance) යටතේ වන රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ. එම රෙගුලාසි වලට අනුව වසංගත රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් වන නියෝග නිකුත් කිරීමට ‘නිසි බලධාරියාට’ හැකියාව ලැබෙන්නේය. සාමාන්‍යයෙන් මේ සම්බන්ධයෙන් නිසි බළධාරියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයායි. වසංගතය පාලනය කිරීම උදෙසා ජනතාවගේ ක්‍රියාවන් පාලනය කිරීම වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරවන ලෙසට ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට පොලිස්පතිගෙන් ඉල්ලීමට හැකියාවක් ලැබේ. මෙහිදී මේ අනුව පොලිස්පතිවරයා විසින් ජනතාවගේ ක්‍රියාවන් පාලනය කිරීමට නිකුත් කරන ලද නියෝග මාධ්‍ය විසින් ‘නිරෝධායනීය ඇදිරිනීතිය’ ලෙසට දක්වන ලදී. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින්ද මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී මෙය හදුන්වන ලද්දේ ‘නිරෝධායනීය ඇදිරිනීතිය’ ලෙසයි. නමුත් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ජනතාවගේ ගමන්බිමන් පාලනය කරමින් ‘ඇදිරිනීතිය’ පැනවීමේ බලයක් නිසි බලධරයාට ලබා දී නොමැත. අදාළ ආඥා පනත අනුව පාර්ලිමේන්තුව තුළ එවැනි නීතියක් සම්මත කර ගැනීමට හැකියාවක් තිබුණද පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොවූ බැවින් ‘නිරෝධායනීය ඇදිරිනීතිය’ යන්නෙහි නීත්‍යානුකූලභාවය පිළිබද ගැටලුව තවමත් ඉතිරිව තිබෙන්නේය. කෙසේ වුවද පසුගිය කාලයේ අඛණ්ඩව ලංකාවට බල පවත්වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබුවේ මෙනමින් හදුන්වනු ලද නීතියයි. ඒ අනුව නිරෝධායනය වෙනුවෙන් පනවන්නට යෙදුණු නීතින් ‘නිරෝධායනීය ඇදිරි නීතිය’ ලෙස පසුගිය කාලයේ සාමාන්‍ය ජනතාව අතරද ප්‍රසිද්ධියට පත්විය. [COLOR=rgb(250, 197, 28)][B][U]කඩ කළොත් දඩුවම් මොනවාද?[/U][/B][/COLOR] හදිසි නීතිය යටතේ වන ඇදිරි නීතිය කඩ කරන ඕනෑම පුද්ගලයකු සාපරාධී වරදක් කළ අයෙකු ලෙස සැලකෙනු ඇති අතර, එසේ නියෝගයක් කඩ කොට පොලිසිය භාරයට ගැනෙන ඕනෑම පුද්ගලයකු පැය විසි හතරක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කොට ලඝු කාර්යය පටිපාටිය යටතේ වරදකරු බවට පත් කළ හැකිය. (මෙවැනි අවස්ථාවකදී යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවේ. මහජන ආරක්ෂක ආඥා පනතේ 18වන වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත එවැනි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට අවසර ඇත.) එම වගන්තිය වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ වරදකරු ලෙස නම් කෙරෙන ඕනෑම පුද්ගලයෙකු හට මසක් නොඉක්මවන බරපතල වැඩ සහිත සිර දඬුවමක් හෝ රුපියල් සියයකට නොවැඩි දඩයක් හෝ එම දඬුවම් ද්විත්වයම පැනවිය හැකි බවයි. මෙම වරද ඇප ලබාගත හැකි වරදකි. නිරෝධායන නීතින් කඩ කිරීම නිසා වරදකරු වන පුද්ගලයෙකුව රුපියල් දෙදහසකට නොඅඩු සහ දස දහසකට නොඅඩු දඩයක් සහ සය මසකට නොඅඩු සිරදඩුමකට හෝ එම දඩුවම් දෙකටම යටත් කල හැකිය. [COLOR=rgb(250, 197, 28)][B][U]නීත්‍යානුකූලභාවය පිළිබද ගැටලුව [/U][/B][/COLOR] පසුගිය දිනෙක ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණ තීන්දුවක් ලබා දෙමින් (නඩු අංක B 1108/20 යටතේ) ප්‍රකාශ කරන්නේ ‘නිරෝධායනීය ඇදිරිනීතිය’ නීත්‍යානුකූල බවය. නමුත් එය අවසානාත්මක අධිකරණ තීන්දුවක් නොවන අතර ඉහළ අධිකරණයක එය තවදුරටත් අභියෝගයට පත් කිරීමට හැකිව පවතී. මානව හිමිකම් කොමිසම විසින් මෙම පවතින ඇදිරිනීතිය පිළිබදව පසුගිය දිනෙක තම නිර්දේශ නිකුත් කරමින් ඇදිරිනීතිය පැනවිය යුත්තේ නීත්‍යානුකූලව බවත් නිරෝධායන නීතිය යටතේ රටටම බලපාන පරිදි ඇදිරිනීතිය පැනවිය නොහැකි බවත් ජනාධිපති ලේකම්වරයාට, ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දන්වා තිබේ. කෙසේ වුවද නීත්‍යානුකූලව ඇදිරිනීතියක් පැනවීමට නොහැකිව තිබුණද, මේ වනවිට ඇඳිරිනීතිය පනවමින් දහස් සංඛ්‍යාත පිරිසක් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වාහන පොලිස් භාරයට ගනිමින්, දඩ අය කරගනිමින් හා අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබා දෙමින් ශ්‍රී ලංකා පොලිසිය මෙම නීත්‍යානුකූල නොවන ඇදිරිනීතිය යටතේ ක්‍රියාත්මක වී හමාරය. දැන් කළ යුතු වන්නේ මෙම ඇදිරිනීතියේ නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරමින් අධිකරණ තීන්දුවක් ලබා ගැනීමය. එවිට දැන් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය කුමන වර්ගයේ ඇදිරිනීතියක්ද යන වග පොලිසියට, මාධ්‍යවලට, ජනාධිපති මාධ්‍ය ඒකකයට හා සාමාන්‍ය ජනතාවට අවබෝධයක් ලැබෙනු ඇති අතර එමගින් නීතියේ ආධිපත්‍යය තවදුරටත් සුරක්ෂිත වනු ඇත. [I]රුවිනි අයේෂා බියගම විසිනි.[/I] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom