Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මොකක් ද මේ පණ්ඩිත විභාගේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිව්වේ : Kusumsiri Wijayawardena

13 Mar 2021

බොහෝ හාමුදුරුවරු තම නම ලියන කොට "පණ්ඩිත", එහෙම නැත්නම් "රාජකීය පණ්ඩිත" කියලා දානවා අපි දැකලා තියෙනවානේ. කලාතුරකින් ගිහි අයත් පණ්ඩිත කියලා නමට අගින් ලියනවා මතක ද? ඇත්තටම මෙහෙම නාමයක් ලබාගන්නෙ පොත්පත් කියවලා ද, මේ පණ්ඩිත කියලා කියාගන්නා අය ඇත්තටම පඬිවරු ද? මේ ගැන සොයා බලන්න අපට හිතුණා.

පඬිවරු වෙන්නේ කොහොම ද?

තව ද මහ පඬිවරු

සුබැසි තරගෙන් විසිතුරු

ගුණ අඩුවෙතී ගරු

කුලී නොගනිති සිතින් පිවිතුරු

කෝට්ටේ යුගයේ ලියවුණු කාව්‍යශේඛරය කියන පැරණි කවි පොතේ ඒ විදිහට පඬිවරු ගැන වර්ණනා කරන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. පණ්ඩිතයන් තමන් කරන සේවා පිවිතුරු සිතින් කරමින් ඒවාට කුලී නොගන්නා බව යි ඉන් කියැවෙන්නේ. එවන් වූ දැනුමින් මෙන්ම ගුණයෙන් ද පිරි පණ්ඩිත පරපුරක් බිහිකිරීම උදෙසා පැවැත්වෙන පණ්ඩිත උපාධිය පවත්වන්නේ රාජ්‍ය ආයතනයක්. ඒකට කියන්නේ "ප්‍රාචීන භාෂෝපකාර සමාගම" යි. මේ ආයතනය පිහිටා තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යශංය යටතේ ඉසුරුපාය ගොඩනැගිල්ලේම යි. විභාගයට පෙනී සිටීමට නම් ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලියාපදිංචි වෙලා විභාගයට සූදානම් වී එයට මුහුණ දිය යුතු යි.

පණ්ඩිත විභාගෙට ලියන්නේ කවුද?

බොහෝ විට ප්‍රාචීන විභාගයට ලියන්නේ පිරිවෙන්වල පැවිදි ශිෂ්‍යයන්. ඒ වුණත් ඕනෑම ගිහි ශිෂ්‍යයකුට වුණත් මේ විභාගයට නොමිලේම ලියාපදිංචි වෙලා වාඩිවීමට පුළුවන්. ප්‍රාචීන විභාගය කොටස් තුනකින් යුක්ත යි. ප්‍රාරම්භ, මධ්‍යම, සහ අවසාන යනුවෙන්. අවසාන විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් 60% - 65%ක් වගේ ප්‍රමාණයක් තමයි සමත්වන්නේ. අසමත් වූ විෂයයන් වර්ෂ 5ක් ඇතුළත යලිත් ලියලා සමත්වීමට පුළුවන්. අවසාන විභාගය ලියලා සමත් වූ අයට රාජකීය පණ්ඩිත උපාධිය ප්රදානය කරනවා.

රාජකීය පණ්ඩිත යන නාමය තම නමට මුලින් යෙදිය හැකි වන්නේ එලෙස ප්‍රාචීන පණ්ඩිත විභාගය සමත් වූ අයට පමණ යි. මෙම විභාගයට ප්‍රධාන විෂයයන් තුනක් තිබෙනවා. ඒ සිංහල, පාලි, සහ සංස්කෘත යි. එයට අමතරව තමන්ට කැමැති නම් ඉංග්‍රීසි, දෙමළ, ඉතිහාසය, බෞද්ධ අධ්‍යයනය ආදී අනිවාර්ය නොවන අතිරේක විෂයන්වලට ද පෙනී සිටීමට හැකියි.

මේ තරගකාරී සමාජයේ ඉහත විෂයයන් ඉගෙනගැනීමට ගිහි පිරිස් යොමුවන්නේ කලාතුරකින් පමණ යි. හුඟදෙනෙකුට අවශ්‍ය වන්නේ තරග විභාගවලින් සමත්වී වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට පමණයිනේ. එහෙත් පෙරදිග භාෂා ගැන උසස් දැනුමක් හා නිවැරදි අවබෝධයක් ලබාගැනීමට මෙම විභාගයෙන් ඉඩ ලැබෙනවා.

පෙරදිග භාෂා පාගා දමයි

සුද්දන්ගේ කාලයේ ඉංග්‍රීසියට මුල්තැන දෙමින් පෙරදිග ආසියානු රටවල භාෂා පාගා දැමීම සිදුවුණා. ඒ නිසාම සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂා රැකගනිමින් ඒ පිළිබඳ දැනුම වර්ධනය කිරීමට ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, හා අවසාන විභාගය 1903, 1905 සහ 1909 යන වර්ෂවල මුලින්ම පැවැත්වුණා. එවක් පටන් අද දක්වා ගිහි පැවිදි උගතුන් දහස් ගණනක් බිහිකිරීමට ප්‍රාචීන භාෂෝපකාර සමාගමට හැකිවී තිබෙනවා. මෙම විභාගයෙන් ප්‍රථමයෙන්ම ගෞරව පන්තියෙන් සමත් වූ ශිෂ්‍යයා ලෙස වාර්තා තබා ඇත්තේ උගත්, බහුශ්‍රැත හිමිනමක් ලෙස සම්භාවනාවට ලක්වූ වීදුරුපොළ පියතිස්ස හිමියන්.

ප්‍රාචීන විභාගය ආශ්රයෙන් ඉංග්‍රීසි, සිංහල, දෙමළ, සංස්කෘත, පාලි, ප්රාකෘත යන භාෂා ඥානයෙන් පරිපූර්ණ උගත් පිරිසක් බිහිකිරීමට මේ විභාගය මහත් අනුබලයක් වුණා. ප්‍රාචීන විභාගය සමත්වී රාජකීය පණ්ඩිත උපාධිය ගත් පිරිස අතර ආචාර්යවරුන්, ධර්මධරයන්, ආයුර්වේද වෛද්‍යවරුන්, පුවත්පත් කලාවේදීන්, ගත් කතුවරුන් විශාල පිරිසක් සිටිනවා.

විභාග පවත්වන්නේ කවුද?

ප්‍රාචීන භාෂොපකාර සමාගම මෙහෙයවන පණ්ඩිත විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුව මඟින්. මේ භාෂෝපකාර සමාගම ආරම්භ වූයේ 1902 ජූලි 24 දා යි. ඉංග්‍රිසියට මුල්තැන දුන් ඒ කාලේ ඉංග්‍රීසි ජාතික සමහර උගතුන් අතර පාලි, සංස්කෘත වගේ පෙරදිග භාෂා ඉගෙන ගැනීමට කුතුහලයක් තිබුණා. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂධුරය දැරූ එස්. එම්. බරෝස් පෙරදිග භාෂා අධ්‍යයනයෙහි වැදගත්කම වටහාගත් විද්වතෙක්. ඔහු දේශීය උගතුන්ගේ සහායත් ලබාගෙන ප්‍රාචීන භාෂෝපකාර සමාගම ආරම්භ කිරීමට මුල් වුණා. හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාරාම, හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත, මහගොඩ ඥාණිස්සර, තෙල්වත්තේ සීලානන්ද ආදී එවකට සම්භාව්‍ය භාෂා ප්‍රවීණත්වය දැරූ භික්ෂූන්වහන්සේ පිරිසක් එහි පෙරමුණ ගෙන සිටියා. එන්. ඒ. එදිරිසිංහ, සී. ඩබ්ලිව්. ද සිල්වා යන පියතුමන්ලා ද, සී. එච්. ප්‍රනාන්දු, ජේ. සී. මැන්දිස් ආදී ප්‍රාචීන භාෂා උගත්තු ද එයට සහභාගී වූ බව සඳහන් වෙනවා. සරසවි සඳරැස, ඩේලි නිව්ස්, සරසවිය, ෂට්භාෂා ආදී පුවත්පත්වල කතුවරුන් ද මෙම ආයතනයේ ආරම්භක අවස්ථාවට සහභාගී වූ බව සඳහන් වෙනවා.

ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබාගත් අයට උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වනවා. සෑම වර්ෂයකම වගේ එය පැවැත්වුණත් පසුගිය වර්ෂයේ කොවිඩ් අවදානම නිසා ඒ කටයුතු සිදුවුණේ නැහැ.

ප්‍රාචීන භාෂෝපකාර සමාගම බිහිකිරීමේ මූලික අරමුණ වුණේ උගතුන් බිහිකිරීම යි. සමාජ අභිවර්ධනයට බලපාන නිර්මාණ ශක්තියෙන් පිරිපුන් පිරිසක් බිහිකිරීම යි. හෙන්රි ස්ටීල් ඕල්කට්, හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලාන ධර්මාරාම ආදී උගතුන්ගේ තෝතැන්න වුණෙත් ප්‍රාචීන භාෂෝපකාර සමාගම යි.

පණ්ඩිත උපාධියෙන් පසු මොකද කරන්නේ?

රාජකීය පණ්ඩිත උපාධිය ලබාගත් පසු අවශ්‍ය නම් තවත් උගත්කම වර්ධනය කරගැනීමට ග්රන්ථ විශාරද උපාධියට ලියාපදිංචි වී එය සමත්වීමට පුළුවන්. ඒක හරියට විශ්වවිද්‍යාලයයකින් ශාස්ත්‍රපති පශ්චාත් උපාධියක් ලබාගන්නවා වගේ. ඒ සඳහා වර්ෂ දෙකක් තුළ ශාස්ත්‍රීය මාතෘකාවක් යටතේ උපාධි නිබන්ධනයක් ලියා ඉදිරිපත් කළ යුතු යි. අද මෙන් නෙවෙයි, දශක කිහිපයකට පෙර දී ප්‍රාචීන පණ්ඩිත උපාධියට ලැබුණේ විශාල ගෞරවයක් හා පිළිගැනීමක්.

මෙහි මංගල උපාධි ප්රදානෝත්සවය 1911 නොවැම්බර් 4 දා පැවැත්වුණා. ලංකාවේ විශ්වවිද්‍යාල පවා ආරම්භ කර නොතිබූ ඒ කාලයේ එය උත්සවාකාරයෙන් පැවැත්වූ බව වාර්තා වෙනවා. එහි ප්‍රධාන අමුත්තා වුණේ එවකට ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ්.

1945 සිට ප්‍රාචීන විභාග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින්. ප්‍රාචීන පණ්ඩිත උපාධිය විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රවේදී උපාධිය හා සම මට්ටමේ ලා පිළිගෙන තිබෙනවා. ප්‍රාචීන මධ්‍යම විභාගය විශ්වවිද්‍යාල ප්‍රථම වර්ෂය හා සමානව ද, ප්‍රාරම්භ විභාගය අ.පො.ස. උසස්පෙළ හා සම තත්ත්වයෙන් ද පිළිගැනෙනවා.

දක්ෂයන්ට තෑගි

පණ්ඩිත විභාගෙන් 1950 දී ස්වර්ණ මුද්‍රිකාව ලබාගත් මහාචාර්ය බලගල්ලේ- dinamina.lk

සලමොන් ක්රිස්ටෝපල් උභයසේකර කියන්නේ ප්‍රාචීන අවසාන විභාගයෙන් ගෞරව පන්තියෙන් ප්‍රථමයාව සමත්වන ශිෂ්‍යයා දිරිගැන්වීමට ත්‍යාගයක් ආරම්භ කිරීමට මුල් වුණු දානපතියෙක්. ඔහු පිහිටවූ ත්‍යාගය "උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව" යි. එය මුලින්ම හිමිකරගත්තේ වීදුරුපොළ පියතිස්ස නාහිමියන්. යගිරල පඤ්ඤානන්ද, කොත්මලේ ධම්මානන්ද, වැලිවිටියේ සෝරත, හේන්පිටගෙදර ඥාණසීහ ආදී හිමිවරුන් රැසක් ශිෂ්‍යයන් විදිහට එය හිමිකර ගත්තා. අද අප අතර සිටින මහාචාර්ය විමල් ජී. බලගල්ල ද 1950 දී මෙම ස්වර්ණ මුද්‍රිකාව දිනාගත් පඬිවරයෙක්

පසු කාලයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් සම්මාන පණ්ඩිත උපාධිය පිරිනැමීම ආරම්භ කෙරුණා. සංස්කෘත, පාලි, සිංහල යන භාෂාවලින් එකක් හෝ පුරාවිද්‍යාව, ඉතිහාසය, සංස්කෘතිය යන අංශවලින් විශිෂ්ට දස්කම් දැක්වූ වියතුන් කිහිප දෙනෙකුට සම්මාන පණ්ඩිත උපාධිය ප්රදානය කර තිබෙනවා. මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න, වෙ.වි. අභයගුණවර්ධන, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය නන්දදේව විජේසේකර ඒ අතරින් කිහිප දෙනෙක්

Read on roar: https://roar.media/sinhala/main/features/pandit-exam-sri-lanka

[QUOTE="siri_ayya, post: 28119052, member: 579930"] ලිව්වේ : Kusumsiri Wijayawardena 13 Mar 2021 බොහෝ හාමුදුරුවරු තම නම ලියන කොට "පණ්ඩිත", එහෙම නැත්නම් "රාජකීය පණ්ඩිත" කියලා දානවා අපි දැකලා තියෙනවානේ. කලාතුරකින් ගිහි අයත් පණ්ඩිත කියලා නමට අගින් ලියනවා මතක ද? ඇත්තටම මෙහෙම නාමයක් ලබාගන්නෙ පොත්පත් කියවලා ද, මේ පණ්ඩිත කියලා කියාගන්නා අය ඇත්තටම පඬිවරු ද? මේ ගැන සොයා බලන්න අපට හිතුණා. [B][SIZE=5]පඬිවරු වෙන්නේ කොහොම ද?[/SIZE][/B] තව ද මහ පඬිවරු සුබැසි තරගෙන් විසිතුරු ගුණ අඩුවෙතී ගරු කුලී නොගනිති සිතින් පිවිතුරු කෝට්ටේ යුගයේ ලියවුණු කාව්‍යශේඛරය කියන පැරණි කවි පොතේ ඒ විදිහට පඬිවරු ගැන වර්ණනා කරන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. පණ්ඩිතයන් තමන් කරන සේවා පිවිතුරු සිතින් කරමින් ඒවාට කුලී නොගන්නා බව යි ඉන් කියැවෙන්නේ. එවන් වූ දැනුමින් මෙන්ම ගුණයෙන් ද පිරි පණ්ඩිත පරපුරක් බිහිකිරීම උදෙසා පැවැත්වෙන පණ්ඩිත උපාධිය පවත්වන්නේ රාජ්‍ය ආයතනයක්. ඒකට කියන්නේ "ප්‍රාචීන භාෂෝපකාර සමාගම" යි. මේ ආයතනය පිහිටා තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යශංය යටතේ ඉසුරුපාය ගොඩනැගිල්ලේම යි. විභාගයට පෙනී සිටීමට නම් ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලියාපදිංචි වෙලා විභාගයට සූදානම් වී එයට මුහුණ දිය යුතු යි. [B][SIZE=5]පණ්ඩිත විභාගෙට ලියන්නේ කවුද?[/SIZE][/B] බොහෝ විට ප්‍රාචීන විභාගයට ලියන්නේ පිරිවෙන්වල පැවිදි ශිෂ්‍යයන්. ඒ වුණත් ඕනෑම ගිහි ශිෂ්‍යයකුට වුණත් මේ විභාගයට නොමිලේම ලියාපදිංචි වෙලා වාඩිවීමට පුළුවන්. ප්‍රාචීන විභාගය කොටස් තුනකින් යුක්ත යි. ප්‍රාරම්භ, මධ්‍යම, සහ අවසාන යනුවෙන්. අවසාන විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් 60% - 65%ක් වගේ ප්‍රමාණයක් තමයි සමත්වන්නේ. අසමත් වූ විෂයයන් වර්ෂ 5ක් ඇතුළත යලිත් ලියලා සමත්වීමට පුළුවන්. අවසාන විභාගය ලියලා සමත් වූ අයට රාජකීය පණ්ඩිත උපාධිය ප්රදානය කරනවා. රාජකීය පණ්ඩිත යන නාමය තම නමට මුලින් යෙදිය හැකි වන්නේ එලෙස ප්‍රාචීන පණ්ඩිත විභාගය සමත් වූ අයට පමණ යි. මෙම විභාගයට ප්‍රධාන විෂයයන් තුනක් තිබෙනවා. ඒ සිංහල, පාලි, සහ සංස්කෘත යි. එයට අමතරව තමන්ට කැමැති නම් ඉංග්‍රීසි, දෙමළ, ඉතිහාසය, බෞද්ධ අධ්‍යයනය ආදී අනිවාර්ය නොවන අතිරේක විෂයන්වලට ද පෙනී සිටීමට හැකියි. මේ තරගකාරී සමාජයේ ඉහත විෂයයන් ඉගෙනගැනීමට ගිහි පිරිස් යොමුවන්නේ කලාතුරකින් පමණ යි. හුඟදෙනෙකුට අවශ්‍ය වන්නේ තරග විභාගවලින් සමත්වී වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට පමණයිනේ. එහෙත් පෙරදිග භාෂා ගැන උසස් දැනුමක් හා නිවැරදි අවබෝධයක් ලබාගැනීමට මෙම විභාගයෙන් ඉඩ ලැබෙනවා. [B][SIZE=5]පෙරදිග භාෂා පාගා දමයි[/SIZE][/B] සුද්දන්ගේ කාලයේ ඉංග්‍රීසියට මුල්තැන දෙමින් පෙරදිග ආසියානු රටවල භාෂා පාගා දැමීම සිදුවුණා. ඒ නිසාම සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂා රැකගනිමින් ඒ පිළිබඳ දැනුම වර්ධනය කිරීමට ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, හා අවසාන විභාගය 1903, 1905 සහ 1909 යන වර්ෂවල මුලින්ම පැවැත්වුණා. එවක් පටන් අද දක්වා ගිහි පැවිදි උගතුන් දහස් ගණනක් බිහිකිරීමට ප්‍රාචීන භාෂෝපකාර සමාගමට හැකිවී තිබෙනවා. මෙම විභාගයෙන් ප්‍රථමයෙන්ම ගෞරව පන්තියෙන් සමත් වූ ශිෂ්‍යයා ලෙස වාර්තා තබා ඇත්තේ උගත්, බහුශ්‍රැත හිමිනමක් ලෙස සම්භාවනාවට ලක්වූ වීදුරුපොළ පියතිස්ස හිමියන්. ප්‍රාචීන විභාගය ආශ්රයෙන් ඉංග්‍රීසි, සිංහල, දෙමළ, සංස්කෘත, පාලි, ප්රාකෘත යන භාෂා ඥානයෙන් පරිපූර්ණ උගත් පිරිසක් බිහිකිරීමට මේ විභාගය මහත් අනුබලයක් වුණා. ප්‍රාචීන විභාගය සමත්වී රාජකීය පණ්ඩිත උපාධිය ගත් පිරිස අතර ආචාර්යවරුන්, ධර්මධරයන්, ආයුර්වේද වෛද්‍යවරුන්, පුවත්පත් කලාවේදීන්, ගත් කතුවරුන් විශාල පිරිසක් සිටිනවා. [B][SIZE=5]විභාග පවත්වන්නේ කවුද?[/SIZE][/B] ප්‍රාචීන භාෂොපකාර සමාගම මෙහෙයවන පණ්ඩිත විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුව මඟින්. මේ භාෂෝපකාර සමාගම ආරම්භ වූයේ 1902 ජූලි 24 දා යි. ඉංග්‍රිසියට මුල්තැන දුන් ඒ කාලේ ඉංග්‍රීසි ජාතික සමහර උගතුන් අතර පාලි, සංස්කෘත වගේ පෙරදිග භාෂා ඉගෙන ගැනීමට කුතුහලයක් තිබුණා. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂධුරය දැරූ එස්. එම්. බරෝස් පෙරදිග භාෂා අධ්‍යයනයෙහි වැදගත්කම වටහාගත් විද්වතෙක්. ඔහු දේශීය උගතුන්ගේ සහායත් ලබාගෙන ප්‍රාචීන භාෂෝපකාර සමාගම ආරම්භ කිරීමට මුල් වුණා. හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාරාම, හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත, මහගොඩ ඥාණිස්සර, තෙල්වත්තේ සීලානන්ද ආදී එවකට සම්භාව්‍ය භාෂා ප්‍රවීණත්වය දැරූ භික්ෂූන්වහන්සේ පිරිසක් එහි පෙරමුණ ගෙන සිටියා. එන්. ඒ. එදිරිසිංහ, සී. ඩබ්ලිව්. ද සිල්වා යන පියතුමන්ලා ද, සී. එච්. ප්‍රනාන්දු, ජේ. සී. මැන්දිස් ආදී ප්‍රාචීන භාෂා උගත්තු ද එයට සහභාගී වූ බව සඳහන් වෙනවා. සරසවි සඳරැස, ඩේලි නිව්ස්, සරසවිය, ෂට්භාෂා ආදී පුවත්පත්වල කතුවරුන් ද මෙම ආයතනයේ ආරම්භක අවස්ථාවට සහභාගී වූ බව සඳහන් වෙනවා. ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබාගත් අයට උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වනවා. සෑම වර්ෂයකම වගේ එය පැවැත්වුණත් පසුගිය වර්ෂයේ කොවිඩ් අවදානම නිසා ඒ කටයුතු සිදුවුණේ නැහැ. ප්‍රාචීන භාෂෝපකාර සමාගම බිහිකිරීමේ මූලික අරමුණ වුණේ උගතුන් බිහිකිරීම යි. සමාජ අභිවර්ධනයට බලපාන නිර්මාණ ශක්තියෙන් පිරිපුන් පිරිසක් බිහිකිරීම යි. හෙන්රි ස්ටීල් ඕල්කට්, හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලාන ධර්මාරාම ආදී උගතුන්ගේ තෝතැන්න වුණෙත් ප්‍රාචීන භාෂෝපකාර සමාගම යි. [B][SIZE=5]පණ්ඩිත උපාධියෙන් පසු මොකද කරන්නේ?[/SIZE][/B] රාජකීය පණ්ඩිත උපාධිය ලබාගත් පසු අවශ්‍ය නම් තවත් උගත්කම වර්ධනය කරගැනීමට ග්රන්ථ විශාරද උපාධියට ලියාපදිංචි වී එය සමත්වීමට පුළුවන්. ඒක හරියට විශ්වවිද්‍යාලයයකින් ශාස්ත්‍රපති පශ්චාත් උපාධියක් ලබාගන්නවා වගේ. ඒ සඳහා වර්ෂ දෙකක් තුළ ශාස්ත්‍රීය මාතෘකාවක් යටතේ උපාධි නිබන්ධනයක් ලියා ඉදිරිපත් කළ යුතු යි. අද මෙන් නෙවෙයි, දශක කිහිපයකට පෙර දී ප්‍රාචීන පණ්ඩිත උපාධියට ලැබුණේ විශාල ගෞරවයක් හා පිළිගැනීමක්. මෙහි මංගල උපාධි ප්රදානෝත්සවය 1911 නොවැම්බර් 4 දා පැවැත්වුණා. ලංකාවේ විශ්වවිද්‍යාල පවා ආරම්භ කර නොතිබූ ඒ කාලයේ එය උත්සවාකාරයෙන් පැවැත්වූ බව වාර්තා වෙනවා. එහි ප්‍රධාන අමුත්තා වුණේ එවකට ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ්. 1945 සිට ප්‍රාචීන විභාග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින්. ප්‍රාචීන පණ්ඩිත උපාධිය විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රවේදී උපාධිය හා සම මට්ටමේ ලා පිළිගෙන තිබෙනවා. ප්‍රාචීන මධ්‍යම විභාගය විශ්වවිද්‍යාල ප්‍රථම වර්ෂය හා සමානව ද, ප්‍රාරම්භ විභාගය අ.පො.ස. උසස්පෙළ හා සම තත්ත්වයෙන් ද පිළිගැනෙනවා. [SIZE=5][B]දක්ෂයන්ට තෑගි[/B][/SIZE] පණ්ඩිත විභාගෙන් 1950 දී ස්වර්ණ මුද්‍රිකාව ලබාගත් මහාචාර්ය බලගල්ලේ- dinamina.lk සලමොන් ක්රිස්ටෝපල් උභයසේකර කියන්නේ ප්‍රාචීන අවසාන විභාගයෙන් ගෞරව පන්තියෙන් ප්‍රථමයාව සමත්වන ශිෂ්‍යයා දිරිගැන්වීමට ත්‍යාගයක් ආරම්භ කිරීමට මුල් වුණු දානපතියෙක්. ඔහු පිහිටවූ ත්‍යාගය "උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව" යි. එය මුලින්ම හිමිකරගත්තේ වීදුරුපොළ පියතිස්ස නාහිමියන්. යගිරල පඤ්ඤානන්ද, කොත්මලේ ධම්මානන්ද, වැලිවිටියේ සෝරත, හේන්පිටගෙදර ඥාණසීහ ආදී හිමිවරුන් රැසක් ශිෂ්‍යයන් විදිහට එය හිමිකර ගත්තා. අද අප අතර සිටින මහාචාර්ය විමල් ජී. බලගල්ල ද 1950 දී මෙම ස්වර්ණ මුද්‍රිකාව දිනාගත් පඬිවරයෙක් පසු කාලයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් සම්මාන පණ්ඩිත උපාධිය පිරිනැමීම ආරම්භ කෙරුණා. සංස්කෘත, පාලි, සිංහල යන භාෂාවලින් එකක් හෝ පුරාවිද්‍යාව, ඉතිහාසය, සංස්කෘතිය යන අංශවලින් විශිෂ්ට දස්කම් දැක්වූ වියතුන් කිහිප දෙනෙකුට සම්මාන පණ්ඩිත උපාධිය ප්රදානය කර තිබෙනවා. මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න, වෙ.වි. අභයගුණවර්ධන, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය නන්දදේව විජේසේකර ඒ අතරින් කිහිප දෙනෙක් Read on roar: [URL]https://roar.media/sinhala/main/features/pandit-exam-sri-lanka[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom