Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මොණරවිල කැප්පෙටිපොල මහ දිසාවගේ 205 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ලියපු ලිපියක්)

රාජාධිරාජසිංහ රජු සමයේ සෙංකඩගල රාජධානියේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස සේවය කළ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොල නිලමේ තුමාගේ ජන්ම භූමිය වූයේ මාතලේ සුන්දර පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇහැලේපොල ග්‍රාමයයි. ඔහු විවාහ වූයේ මාතලේ එම ප්‍රදේශයේම මොණරවිල කුමාරිහාමි සමගය. එම විවාහයෙන් මෙම දෙපළට පිරිමි දරුවන් දෙදෙනකු හා දියණියක ඇතුළු දරුවන් තිදෙනකු උපත ලැබීය. මේ තිදෙනාම උපත ලැබුවේ ජාත්‍යන්තර කීර්තියට පත් ඇහැලේපොල නමැති ග්රාමයේය.

වැඩිමහල් පුතු මවු පාර්ශ්වයේ නාමය වන මොණරවිල නාමයත් පිය පාර්ශ්වයේ නාමය වන කැප්පෙටිපොල නාමයත් ගෙන “රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොල” නම භාවිතා කළේය. මෙතුමා මහා පෞරුෂයකින් හා අභිමානයෙන් යුතු කෙනෙකි. එසේම එදා පැවැති සිංහල ඇඳුමෙන් සැරසී රාජකාරි කළ උත්තමයෙකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ මාතලේ ප්‍රදේශයේ මහ දිසාව ලෙස ඉංග්‍රීසීන් විසින් මොණරවිල කැප්පෙටිපොල තුමා පත් කරන ලදී. මෙතුමාගේ සොහොයුරිය වූයේ වීර මද්දුම බණ්ඩාර කුමරුගේ මව වූ ඇහැලේපොල කුමාරිහාමිය. පසුකාලීනව රට ජාතිය වෙනුවෙන් මෙම පවුල සිංහලේ ඓතිහාසික මහා ඛේදජනක ඝාතනයකට පත්වී ඔවුන්ගේ නාමය ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවී සදාකාලිකව ජාතියේ බහුමානයට පත්වී ඇත. මොණරවිල කැප්පෙටිපොල තුමාගේ උපන්දින කාලවකවානු නිශ්චිතව සඳහන් වී නැත. ඔහුගේ සහෝදරිය වන ඇහැලේපොල කුමාරිහාමි රාජ්‍ය වර්ෂ 1780.02.03 වැනි දින උපත ලබා ඇත. 1811.09.20 සෙනසුරාදා දින සෙංකඩගල බෝගම්බරදී දියේ ගිල්වා බිහිසුණු ලෙස ඝාතනයට ලක්වූ බව සඳහන් වේ. අනික් සහෝදරයා ගැන සඳහන් නොවේ.

මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව හා වැලිමඩ ඓතිහාසික කැප්පෙටිපොළ

මාතලේ මහ දිශාව ලෙස සිටියදී මොණරවිල කැප්පෙටිපොල තුමා විසින් මාතලේ අති රමණීය ගම්මානයක් වූ හුලංගමුව හෙක්ටෙයාරයක පමණ භූමිභාගයක දෙමහල් මන්දිරයක් දැව භාවිතයෙන් ඉදිකරන ලදී. මෙහි වාසය කර එදා මාතලේ දිසාව ලෙස රාජකාරියේ යෙදී ඇත. මොහු යොවුන් වියේදීම හස්තිලෝලියකු වූ බැවින් සිය නිවහනේ හස්තීන් වෙනුවෙන් කෑම දීම සඳහා ස්ථානයක් පිළියෙල කර අලි ඇතුන් ගෙන්වා එහිදී කෑම ලබාදීම විනෝදාංශයක් කරගෙන ඇත. විවාහ වී ඇති බව සඳහන් නොවේ.

1817 – 1818 කාලවකවානුව තුළ ඌව වෙල්ලස්ස ජනතාව ඉංග්‍රීසි ආණ්ඩුවේ පාලනයට එරෙහිව අරගලයක් දියත් කළෝය. මෙම අරගලය මැඬපැවැත්වීම සඳහා එවකට මාතලේ මහ දිසාව ලෙස රාජකාරි කළ මොණරවිල කැප්පෙටිපොල මාතලේ හා ඌව දිසාව ලෙස පත්කර යුද්ධායුධ හා අවශ්‍ය සේනාව සමග ඌව වෙල්ලස්සට, බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් යවන ලදී. ඌව වෙල්ලස්ස ජනතාවගේ උත්සාහය හා ක්‍රියාශීලීභාවය නිසා ප්‍රදේශය බත බුලතින් ගහකොළින් හා සතා සිව්පාවන්ගෙන් සශ්‍රීක සෞභාග්‍යමත් ප්‍රදේශයක් විය. එහි විසු වැසියෝ ක්‍රියාශීලී එඩිතර මෙන්ම ප්රවේණි අංගම්පොර සටන් කලාවෙන් සටන් කිරීමට ද දැන සිටියෝය. ඌව වෙල්ලස්ස ජනතාවගේ හැකියාවන් හා ධන ධාන්‍යයෙන් සමෘද්ධිමත් වීම විමර්ශනය කළ මොණරවිල කැප්පෙටිපොල දිසාව, අරගලකරුවන් හා එක්ව අරගලය දීපව්‍යාප්ත කිරීමට ක්‍රියා කළේය. මෙහි දිශානතිය වෙනස් කර අරගලකරුවන් හා එක්ව බි්රතාන්ය අධිරාජ්‍යයට එරෙහිව තීරණාත්මක අරගලයකට මොණරවිල කැප්පෙටිපොල තුමා අරගලය පරිවර්තනය කළේය. බ්‍රිතාන්‍යයන්ගෙන් ලබාගත් අවි ආයුධ ටිකියා තැන්නේදී (විල්සන් තැන්න, පාලුගම තැන්න) දැන් කැප්පෙටිපොල ඌව ආණ්ඩුකාර සයිමන් හේයර්ස් හා විල්සන් ආණ්ඩුකාර තුමන්ලා වෙත භාරදී මොණරවිල කැප්පෙටිපොල දිසාව ඌව වෙල්ලස්ස ජනතාව හා එකතු වී අරගලය සක්‍රීය කළේය.

වැලිමඩ ඓතිහාසික කැප්පෙටිපොල

ඌව පළාතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිමඩ නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ දුරින් කැප්පෙටිපොල පිහිටා ඇත. උතුරින් හග්ගල කඳුවැටිය (නුදුරින් පිදුරුතලාගල) (රාවණා රජු සමයේ සීතා දේවිය සඟවා සිටි හග්ගල වනය, සීතා කෝවිල, රාවණා රජු සීතා දේවියට කෑමට දුන් ලුණු රහිත අග්ගලා ඇය විසින් විසි කළ ප්රදේශයකි. ගොවිතැන් කිරීමට භූමිය සැකසීමේදී එම අග්ගලා වැනි විශේෂයක් දැනටත් හමුවන බව ගොවියෝ පවසති. හග්ගල උද්හිද උද්‍යානය, හග්ගල වන භූමිය තුළ චක්රාකාර සිව්පාවුන්, පක්ෂීන් ස්පර්ශ නොකරන ගුප්ත විද්‍යාත්මක තණ භූමි ඇත. අග්ගල හග්ගල වී ඇත.)

නැඟෙනහිරින් ඌව පරණගම රාවණා රජුගේ අන්තඃපුරය යැයි සලකන ස්ත්රීපුර උමඟ, දකුණින් දික්කාපිටිය, හාලිඇල කඳු හා ඈතින් නමුණුකුල කඳු පෙළ, බටහිර දෙසින් හපුතලේ, ඉදල්ගස්හින්න හා ඔහිය කඳු වළල්ලෙන් වැලිමඩ, කැප්පෙටිපොල සානුව ද්‍රෝණියක් ලෙස වටවී ඇත. සීතා දේවිය දිවුරුම් දුන් වැලිමඩ – නුගතලාවේ දිවුරුම්වෙල ඓතිහාසික පුරාණ රාජමහා විහාරය ද ඇත. මෙහි අෂ්ටබෝධි වෘක්ෂයක් ද රෝපණය කර ඇත. දරුවන් නොමැති කාන්තාවෝ මෙම බෝධියට භාර හාර වී දරුවන් ලබාදෙන ලෙස ඉල්ලා සිටිති. එසේම විහාරගෙයි බිතු සිතුවම්වල හනුමන්තාගේ චිත්රයකින් විචිත්‍ර කර අලංකාර කර ඇත.

කැප්පෙටිපොල – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට යාබදව ගවරම්මාන බ්‍රිතාන්‍ය ජාතික විල්සන් ආණ්ඩුකාර තැනගේ “විල්සන් බංගලාව” ඉදිකර ඇත. මෙහි විදුරුපොල පියතිස්ස පිරිවෙන දැනට පවත්වාගෙන යයි. එදා විල්සන්තැන්නේ ඉදිකළ සිරකඳවුර, කැප්පෙටිපොළ තැපැල් කාර්යාලය අසල ස්ථාපිත කර ඇත. සුදු ජාතිකයන්ගේ සංචාරක බංගලාව (Down Lodge) ඩවුන්ලොජ් හෙක්ටෙයාර් පහක පමණ බට, දඹ හා වෙනත් පලතුරු සහිත භූමියක ඉදිකර ඇත. දැනට සහතික කළ පාසල එම භූමිය තුළ පවත්වාගෙන යනු ලබයි. ඓතිහාසික තොරතුරු සහිත කඳු වළල්ලකින් වටවී ඇති වැලිමඩ (කැප්පෙටිපොල) සානුව තුළ දිවයිනේ සාරවත්ම පස් අඩංගු ප්රදේශයකි. මෙහි කොස් ගසේ සිට ඇපල්, මිදි දක්වා රසයෙන් හා ගුණයෙන් වැඩෙන විවිධ කෘෂි භූමියකි. ගොවිතැන ජීවනෝපාය කරගත් ගොවියෝ වැලිමඩ සානුවේ ජීවත් වෙති.

වැලිමඩ “බෝංචිකාරයෝ, වැලිමඩ

ගෝවාකාරයෝ” යනුවෙන් නම් කිරීමට තරම් දක්ෂ එළවළු වගාකරුවෝ වෙති. පතන් භූමිවල ඉතා සරුවට කොල්ලු වගා කරයි. මුළු ප්‍රදේශයම දර්ශනීය අලංකාර විවිධ පුෂ්ප වර්ෂය පුරාම වැඩී තිබෙනු දක්නට හැකිය. වර්ෂයේ මැයි මස සිට ඔක්තෝබර් මස දක්වා හය මාසයක් අධික සුළං සමඟ මහ වැසි පවතින අයහපත් කාලගුණයක් සහිත තැනිතලා ප්‍රදේශයක් ලෙස (අතීත – පාලුගම) කැප්පෙටිපොල හැඳින්විය හැක. මෙම අහිතකර කාලගුණය නිරීක්ෂණය කිරීමෙන් පසු යුරෝපීයයන් විසින් විල්සන්තැන්නේ එදා සිර කඳවුර ඉදිකර ඇත. අදත් මෙය දක්නට ලැබේ.

මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව හා වැලිමඩ ඓතිහාසික කැප්පෙටිපොළ

කෙසේ හෝ 1817 – 1818 මොණරවිල කැප්පෙටිපොලගේ නායකත්වයෙන් ඌව වෙල්ලස්ස ජනතාව ප්රමුඛව පෙළගස්වනු ලැබූ ඌව වෙල්ලස්ස සටන බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පරාජයට පත් කරන ලදී. එපමණක් නොව ඌව වෙල්ලස්ස ජනතාවගේ එතෙක් පැවැති ගොවිතැනේ සෞභාග්‍ය, ශ්‍රී විභූතිය අහිමි කර විනාශ කරන ලදී. අරගලයෙන් පැරදුණු මොණරවිල කැප්පෙටිපොල දිසාව හා මඩුගල්ලේ නිලමේ අනුරාධපුර ගල්කිරියාගම ප්‍රදේශයට පලා ගියේය. එදා සිංහලයන්ගේ මහා පාවාදීම අනුව 1818.10.23 දින අනුරාධපුර බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා විසින් රාජ්‍ය විරෝධී ක්‍රියා හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලදී. සෙංකඩගල මඟුල් මඩුවේදී ඌව වෙල්ලස්ස අරගලය මෙහෙයවීම සම්බන්ධව මොණරවිල කැප්පෙටිපොල හා මඩුගල්ලේ නිලමෙට එරෙහි නඩුව විභාග කර රාජ්‍ය විරෝධීන් ලෙස තීන්දු කර 1818.11.26 වැනි දින සෙංකඩගලපුර බෝගම්බරදී පෙරවරුවේ හිස ගසා ඝාතනය කරන ලෙසට නියම විය. එදින උදෑසන ස්නානය කර පිරිසිදු වී දළදා මාලිගයට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන ඇඳ සිටි තුප්පොට්ටිය ගලවා දළදා වහන්සේට අවසන් වරට පූජා කළේය. බෝගම්බරදී දංගෙඩියට හිස තබා වදකයාට (හීරිගම කංකානම) කියා සිටියේ “ඉතිපිසෝ භගවා” ගාථාව කියමින් සිටියදී එක කඩු පහරින් ගසා හිස වෙන්කරන ලෙසයි. එ අයුරින්ම සියල්ල සිදු විය. මරණයට නිර්භයව නිර්භීතව මුහුණ දුන් සුවිශේෂී අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා වීර මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ හිස එංගලන්තයට ගෙනගොස් පරීක්ෂණ කිරීමට එදා බ්‍රිතාන්‍යයන් තීරණය කළේය.

නිදහසින් (1948) පසු 1954 පමණ එතුමාගේ හිස එංගලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයෙන් එදා රජය විසින් මෙරටට ගෙන්වා ඌව ජනතාවට ප්‍රදර්ශනය කරන ලදී. ඌව වෙල්ලස්ස සටනේදී වැලිමඩ (පාලුගම විල්සන්) කැප්පෙටිපොල ප්‍රදේශය විශේෂ ස්ථානයක් වූ බැවින් එතෙක් පැවැති වැලිමඩ – පාලුගම – විල්සන් නාමය බැහැර කර එම ප්‍රදේශය “වැලිමඩ – කැප්පෙටිපොල” ලෙස නම්කරනු ලැබීය. කැප්පෙටිපොල – නුවරඑළිය මාර්ගයට ප්‍රදර්ශනය වන ලෙස කැප්පෙටිපොල ජාතික පාසල් භූමියේ වීර මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ ප්‍රතිමාවක් ස්ථාපිත කර ඇත. මෙම විරුවාගේ නාමය දිවයිනේ විවිධ ස්ථානවල නම්කර ජාතියේ ප්‍රණාමය සිදු කරනු ලබයි.

බලන්ගොඩ – කේ. කේ. එච්. දයානන්ද

[QUOTE="හෙළයෙක්, post: 30360784, member: 503645"] (මොණරවිල කැප්පෙටිපොල මහ දිසාවගේ 205 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ලියපු ලිපියක්) රාජාධිරාජසිංහ රජු සමයේ සෙංකඩගල රාජධානියේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස සේවය කළ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොල නිලමේ තුමාගේ ජන්ම භූමිය වූයේ මාතලේ සුන්දර පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇහැලේපොල ග්‍රාමයයි. ඔහු විවාහ වූයේ මාතලේ එම ප්‍රදේශයේම මොණරවිල කුමාරිහාමි සමගය. එම විවාහයෙන් මෙම දෙපළට පිරිමි දරුවන් දෙදෙනකු හා දියණියක ඇතුළු දරුවන් තිදෙනකු උපත ලැබීය. මේ තිදෙනාම උපත ලැබුවේ ජාත්‍යන්තර කීර්තියට පත් ඇහැලේපොල නමැති ග්රාමයේය. වැඩිමහල් පුතු මවු පාර්ශ්වයේ නාමය වන මොණරවිල නාමයත් පිය පාර්ශ්වයේ නාමය වන කැප්පෙටිපොල නාමයත් ගෙන “රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොල” නම භාවිතා කළේය. මෙතුමා මහා පෞරුෂයකින් හා අභිමානයෙන් යුතු කෙනෙකි. එසේම එදා පැවැති සිංහල ඇඳුමෙන් සැරසී රාජකාරි කළ උත්තමයෙකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ මාතලේ ප්‍රදේශයේ මහ දිසාව ලෙස ඉංග්‍රීසීන් විසින් මොණරවිල කැප්පෙටිපොල තුමා පත් කරන ලදී. මෙතුමාගේ සොහොයුරිය වූයේ වීර මද්දුම බණ්ඩාර කුමරුගේ මව වූ ඇහැලේපොල කුමාරිහාමිය. පසුකාලීනව රට ජාතිය වෙනුවෙන් මෙම පවුල සිංහලේ ඓතිහාසික මහා ඛේදජනක ඝාතනයකට පත්වී ඔවුන්ගේ නාමය ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවී සදාකාලිකව ජාතියේ බහුමානයට පත්වී ඇත. මොණරවිල කැප්පෙටිපොල තුමාගේ උපන්දින කාලවකවානු නිශ්චිතව සඳහන් වී නැත. ඔහුගේ සහෝදරිය වන ඇහැලේපොල කුමාරිහාමි රාජ්‍ය වර්ෂ 1780.02.03 වැනි දින උපත ලබා ඇත. 1811.09.20 සෙනසුරාදා දින සෙංකඩගල බෝගම්බරදී දියේ ගිල්වා බිහිසුණු ලෙස ඝාතනයට ලක්වූ බව සඳහන් වේ. අනික් සහෝදරයා ගැන සඳහන් නොවේ. මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව හා වැලිමඩ ඓතිහාසික කැප්පෙටිපොළ මාතලේ මහ දිශාව ලෙස සිටියදී මොණරවිල කැප්පෙටිපොල තුමා විසින් මාතලේ අති රමණීය ගම්මානයක් වූ හුලංගමුව හෙක්ටෙයාරයක පමණ භූමිභාගයක දෙමහල් මන්දිරයක් දැව භාවිතයෙන් ඉදිකරන ලදී. මෙහි වාසය කර එදා මාතලේ දිසාව ලෙස රාජකාරියේ යෙදී ඇත. මොහු යොවුන් වියේදීම හස්තිලෝලියකු වූ බැවින් සිය නිවහනේ හස්තීන් වෙනුවෙන් කෑම දීම සඳහා ස්ථානයක් පිළියෙල කර අලි ඇතුන් ගෙන්වා එහිදී කෑම ලබාදීම විනෝදාංශයක් කරගෙන ඇත. විවාහ වී ඇති බව සඳහන් නොවේ. 1817 – 1818 කාලවකවානුව තුළ ඌව වෙල්ලස්ස ජනතාව ඉංග්‍රීසි ආණ්ඩුවේ පාලනයට එරෙහිව අරගලයක් දියත් කළෝය. මෙම අරගලය මැඬපැවැත්වීම සඳහා එවකට මාතලේ මහ දිසාව ලෙස රාජකාරි කළ මොණරවිල කැප්පෙටිපොල මාතලේ හා ඌව දිසාව ලෙස පත්කර යුද්ධායුධ හා අවශ්‍ය සේනාව සමග ඌව වෙල්ලස්සට, බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් යවන ලදී. ඌව වෙල්ලස්ස ජනතාවගේ උත්සාහය හා ක්‍රියාශීලීභාවය නිසා ප්‍රදේශය බත බුලතින් ගහකොළින් හා සතා සිව්පාවන්ගෙන් සශ්‍රීක සෞභාග්‍යමත් ප්‍රදේශයක් විය. එහි විසු වැසියෝ ක්‍රියාශීලී එඩිතර මෙන්ම ප්රවේණි අංගම්පොර සටන් කලාවෙන් සටන් කිරීමට ද දැන සිටියෝය. ඌව වෙල්ලස්ස ජනතාවගේ හැකියාවන් හා ධන ධාන්‍යයෙන් සමෘද්ධිමත් වීම විමර්ශනය කළ මොණරවිල කැප්පෙටිපොල දිසාව, අරගලකරුවන් හා එක්ව අරගලය දීපව්‍යාප්ත කිරීමට ක්‍රියා කළේය. මෙහි දිශානතිය වෙනස් කර අරගලකරුවන් හා එක්ව බි්රතාන්ය අධිරාජ්‍යයට එරෙහිව තීරණාත්මක අරගලයකට මොණරවිල කැප්පෙටිපොල තුමා අරගලය පරිවර්තනය කළේය. බ්‍රිතාන්‍යයන්ගෙන් ලබාගත් අවි ආයුධ ටිකියා තැන්නේදී (විල්සන් තැන්න, පාලුගම තැන්න) දැන් කැප්පෙටිපොල ඌව ආණ්ඩුකාර සයිමන් හේයර්ස් හා විල්සන් ආණ්ඩුකාර තුමන්ලා වෙත භාරදී මොණරවිල කැප්පෙටිපොල දිසාව ඌව වෙල්ලස්ස ජනතාව හා එකතු වී අරගලය සක්‍රීය කළේය. වැලිමඩ ඓතිහාසික කැප්පෙටිපොල ඌව පළාතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිමඩ නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ දුරින් කැප්පෙටිපොල පිහිටා ඇත. උතුරින් හග්ගල කඳුවැටිය (නුදුරින් පිදුරුතලාගල) (රාවණා රජු සමයේ සීතා දේවිය සඟවා සිටි හග්ගල වනය, සීතා කෝවිල, රාවණා රජු සීතා දේවියට කෑමට දුන් ලුණු රහිත අග්ගලා ඇය විසින් විසි කළ ප්රදේශයකි. ගොවිතැන් කිරීමට භූමිය සැකසීමේදී එම අග්ගලා වැනි විශේෂයක් දැනටත් හමුවන බව ගොවියෝ පවසති. හග්ගල උද්හිද උද්‍යානය, හග්ගල වන භූමිය තුළ චක්රාකාර සිව්පාවුන්, පක්ෂීන් ස්පර්ශ නොකරන ගුප්ත විද්‍යාත්මක තණ භූමි ඇත. අග්ගල හග්ගල වී ඇත.) නැඟෙනහිරින් ඌව පරණගම රාවණා රජුගේ අන්තඃපුරය යැයි සලකන ස්ත්රීපුර උමඟ, දකුණින් දික්කාපිටිය, හාලිඇල කඳු හා ඈතින් නමුණුකුල කඳු පෙළ, බටහිර දෙසින් හපුතලේ, ඉදල්ගස්හින්න හා ඔහිය කඳු වළල්ලෙන් වැලිමඩ, කැප්පෙටිපොල සානුව ද්‍රෝණියක් ලෙස වටවී ඇත. සීතා දේවිය දිවුරුම් දුන් වැලිමඩ – නුගතලාවේ දිවුරුම්වෙල ඓතිහාසික පුරාණ රාජමහා විහාරය ද ඇත. මෙහි අෂ්ටබෝධි වෘක්ෂයක් ද රෝපණය කර ඇත. දරුවන් නොමැති කාන්තාවෝ මෙම බෝධියට භාර හාර වී දරුවන් ලබාදෙන ලෙස ඉල්ලා සිටිති. එසේම විහාරගෙයි බිතු සිතුවම්වල හනුමන්තාගේ චිත්රයකින් විචිත්‍ර කර අලංකාර කර ඇත. කැප්පෙටිපොල – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට යාබදව ගවරම්මාන බ්‍රිතාන්‍ය ජාතික විල්සන් ආණ්ඩුකාර තැනගේ “විල්සන් බංගලාව” ඉදිකර ඇත. මෙහි විදුරුපොල පියතිස්ස පිරිවෙන දැනට පවත්වාගෙන යයි. එදා විල්සන්තැන්නේ ඉදිකළ සිරකඳවුර, කැප්පෙටිපොළ තැපැල් කාර්යාලය අසල ස්ථාපිත කර ඇත. සුදු ජාතිකයන්ගේ සංචාරක බංගලාව (Down Lodge) ඩවුන්ලොජ් හෙක්ටෙයාර් පහක පමණ බට, දඹ හා වෙනත් පලතුරු සහිත භූමියක ඉදිකර ඇත. දැනට සහතික කළ පාසල එම භූමිය තුළ පවත්වාගෙන යනු ලබයි. ඓතිහාසික තොරතුරු සහිත කඳු වළල්ලකින් වටවී ඇති වැලිමඩ (කැප්පෙටිපොල) සානුව තුළ දිවයිනේ සාරවත්ම පස් අඩංගු ප්රදේශයකි. මෙහි කොස් ගසේ සිට ඇපල්, මිදි දක්වා රසයෙන් හා ගුණයෙන් වැඩෙන විවිධ කෘෂි භූමියකි. ගොවිතැන ජීවනෝපාය කරගත් ගොවියෝ වැලිමඩ සානුවේ ජීවත් වෙති. වැලිමඩ “බෝංචිකාරයෝ, වැලිමඩ ගෝවාකාරයෝ” යනුවෙන් නම් කිරීමට තරම් දක්ෂ එළවළු වගාකරුවෝ වෙති. පතන් භූමිවල ඉතා සරුවට කොල්ලු වගා කරයි. මුළු ප්‍රදේශයම දර්ශනීය අලංකාර විවිධ පුෂ්ප වර්ෂය පුරාම වැඩී තිබෙනු දක්නට හැකිය. වර්ෂයේ මැයි මස සිට ඔක්තෝබර් මස දක්වා හය මාසයක් අධික සුළං සමඟ මහ වැසි පවතින අයහපත් කාලගුණයක් සහිත තැනිතලා ප්‍රදේශයක් ලෙස (අතීත – පාලුගම) කැප්පෙටිපොල හැඳින්විය හැක. මෙම අහිතකර කාලගුණය නිරීක්ෂණය කිරීමෙන් පසු යුරෝපීයයන් විසින් විල්සන්තැන්නේ එදා සිර කඳවුර ඉදිකර ඇත. අදත් මෙය දක්නට ලැබේ. මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව හා වැලිමඩ ඓතිහාසික කැප්පෙටිපොළ කෙසේ හෝ 1817 – 1818 මොණරවිල කැප්පෙටිපොලගේ නායකත්වයෙන් ඌව වෙල්ලස්ස ජනතාව ප්රමුඛව පෙළගස්වනු ලැබූ ඌව වෙල්ලස්ස සටන බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පරාජයට පත් කරන ලදී. එපමණක් නොව ඌව වෙල්ලස්ස ජනතාවගේ එතෙක් පැවැති ගොවිතැනේ සෞභාග්‍ය, ශ්‍රී විභූතිය අහිමි කර විනාශ කරන ලදී. අරගලයෙන් පැරදුණු මොණරවිල කැප්පෙටිපොල දිසාව හා මඩුගල්ලේ නිලමේ අනුරාධපුර ගල්කිරියාගම ප්‍රදේශයට පලා ගියේය. එදා සිංහලයන්ගේ මහා පාවාදීම අනුව 1818.10.23 දින අනුරාධපුර බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා විසින් රාජ්‍ය විරෝධී ක්‍රියා හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලදී. සෙංකඩගල මඟුල් මඩුවේදී ඌව වෙල්ලස්ස අරගලය මෙහෙයවීම සම්බන්ධව මොණරවිල කැප්පෙටිපොල හා මඩුගල්ලේ නිලමෙට එරෙහි නඩුව විභාග කර රාජ්‍ය විරෝධීන් ලෙස තීන්දු කර 1818.11.26 වැනි දින සෙංකඩගලපුර බෝගම්බරදී පෙරවරුවේ හිස ගසා ඝාතනය කරන ලෙසට නියම විය. එදින උදෑසන ස්නානය කර පිරිසිදු වී දළදා මාලිගයට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන ඇඳ සිටි තුප්පොට්ටිය ගලවා දළදා වහන්සේට අවසන් වරට පූජා කළේය. බෝගම්බරදී දංගෙඩියට හිස තබා වදකයාට (හීරිගම කංකානම) කියා සිටියේ “ඉතිපිසෝ භගවා” ගාථාව කියමින් සිටියදී එක කඩු පහරින් ගසා හිස වෙන්කරන ලෙසයි. එ අයුරින්ම සියල්ල සිදු විය. මරණයට නිර්භයව නිර්භීතව මුහුණ දුන් සුවිශේෂී අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා වීර මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ හිස එංගලන්තයට ගෙනගොස් පරීක්ෂණ කිරීමට එදා බ්‍රිතාන්‍යයන් තීරණය කළේය. නිදහසින් (1948) පසු 1954 පමණ එතුමාගේ හිස එංගලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයෙන් එදා රජය විසින් මෙරටට ගෙන්වා ඌව ජනතාවට ප්‍රදර්ශනය කරන ලදී. ඌව වෙල්ලස්ස සටනේදී වැලිමඩ (පාලුගම විල්සන්) කැප්පෙටිපොල ප්‍රදේශය විශේෂ ස්ථානයක් වූ බැවින් එතෙක් පැවැති වැලිමඩ – පාලුගම – විල්සන් නාමය බැහැර කර එම ප්‍රදේශය “වැලිමඩ – කැප්පෙටිපොල” ලෙස නම්කරනු ලැබීය. කැප්පෙටිපොල – නුවරඑළිය මාර්ගයට ප්‍රදර්ශනය වන ලෙස කැප්පෙටිපොල ජාතික පාසල් භූමියේ වීර මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ ප්‍රතිමාවක් ස්ථාපිත කර ඇත. මෙම විරුවාගේ නාමය දිවයිනේ විවිධ ස්ථානවල නම්කර ජාතියේ ප්‍රණාමය සිදු කරනු ලබයි. බලන්ගොඩ – කේ. කේ. එච්. දයානන්ද [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom