මොහිනී අල්ලන්න පොලීසිය දැල එළයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    මොහිනී අල්ලන්න පොලීසිය දැල එළයි

    සුදු ඇඳගත් ගැහැණියක් මහ රෑ වීරගුල පොලිස් වසමට අයත් ගෝනගල, ගොරකදෙනිය, පිලංකඩ ප්‍රදේශවල මහපාරේ සැරි සරතියි කියන කතාව බොරු භීතියක් මවා පෑමේ සිද්ධියක් විය හැකියි කියන වීරගුල පොලීසිය රාත්‍රී මුර සේවා තර කැර තිබේ.


    මෙය මිනිසුන් අස්ථානයේ බිය ගැන්වීම සඳහා කරන ක්‍රියාවක් විය හැකි බැවින් ඒ ගැන සොයා බලන්නැයි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර මහතා පසුගියදා වාරණ පන්සලේදී පැවැති සාකච්ඡාවකදී වීරගුල පොලීසියට උපදෙස් දී ඇත.


    පාරේ යන වාහනවලට අත දමා වාහනයට නැග ටික දුරක් ගොස් අතුරුදන් වෙතියි කියන මේ ගැහැණියට බිය වූ අය සිටිතියි කටකතා ලැව් ගින්නක් මෙන් පැතිර යයි.