Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොළයක් නැති ලොකුම ගූ කැත ගෑනු කට ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරපුත්‍රයන් සහ අපතයන් සමග ඔබ වේද අප විද්‍යා..?

මහාචාර්ය හීන් නිලමේ යනු තියුණු යුග දැක්මක් තිබූ බුද්ධිමතෙකි. පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශ වැනි ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රත්නපුර සීවලී විද්‍යාලයෙන් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු එවකට පැවැති ‘යුනිවසිටි ඔෆ් සිලෝන්‘ හි එම්බීබීඑස් ගෞරව උපාධිධාරියෙකි. ඔහුගේ දැක්ම සහ සිතුවිලි කිසි විටෙක කොදෙව්වට කොටු නොවීය. මහාචාර්ය හීන් නිලමේ නිරන්තරයෙන් ලෝකයේ නව ප්රවණතා හඳුනාගැනීමට උනන්දු වූවෙකි. හැත්තෑව දශකය වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය එක තැන පල්වෙන තත්ත්වයක පැවැති බව ඔහු දුටුවේ ය.

වරෙක ඔහු හිටපු එජාප සෙනෙට් මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා මැලේසියාවේ දී හමුවූ අවස්ථාවක මේ තත්ත්වය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙළේය. ආචාර්ය කල්පගේ එවකට ක්වාලාලම්පුර මලයා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කෙළේය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනය ගැන පැහැදිලි කළ මහාචාර්ය හීන් නිලමේ, ඒ වන විට ලෝක ප්‍රවණතාවයක් වී පැවැති Family Medicine ඉගැන්වීම සඳහා ලංකාවේ වෛද්‍ය පීඨයන්හි වෙනම දෙපාර්තමේන්තුවක් හෝ නොමැති බව පෙන්වා දුන්නේය. මෙම හමුවීමට වසරකට පමණ පෙර එනම් 1975 දී මහාචාර්ය හීන් නිලමේ තමන් නියෝජනය කරන College of General Practitioners of Sri Lanka ආයතනයට ආන්දෝලනාත්මක යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එනම් තම ආයතනය මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමට මූලික විය යුතු බවයි.

ලාභ ලැබීමේ අරමුණින් බැහැරව ස්ථාපිත කළ යුතු මෙම නව විද්‍යාලයේ මූලික අරමුණ විය යුත්තේ වෛද්‍ය විද්‍යාවේ නව ප්රවණතා ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හඳුන්වා දීම බව ඔහු පෙන්වා දුන්නේ ය. එහෙත් ඒ වන විට බලයේ සිටි සමගි පෙරමුණේ ‘සමාජවාදී‘ ආර්ථික දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියේ මහාචාර්ය හීන් නිලමේ ගේ යෝජනාව වැඩිදුර සාකච්ඡාවට හෝ නොගෙන ඉවත දැමීය.

එහෙත් ඉදිරි වසර දෙක තුන තුලදී ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම උඩු යටිකුරු කරමින් එජාපය හයෙන් පහක බලයක් සමගින් පාලනය අත්පත් කර ගත්තේ ය. ප්‍රථම වරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් බිහි වූ අතර එය ජයවර්ධන ජනාධිපතිවරයා සිය භාරයට ගත්තේ ය. අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ ය. ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ද සභාපතිවරයා විය. මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් කළ යුතු බවට වන තම දීර්ඝ කරුණු දැක්වීම් වලට සාවධානව ඇහුම්කන් දෙමින් ඒවා අනුමත කළ ආචාර්ය කල්පගේ ට උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ බලය ලැබී තිබෙනු දුටු මහාචාර්ය හීන් නිලමේ තම පැරණි යෝජනාව සිය වෛද්‍ය සංගමයට නැවත ඉදිරිපත් කෙළේය. මෙවර ඔහු එම යෝජනාව ඉදිරිපත් කෙළේ එම සංගමයේ ලේකම් වරයා වශයෙන් වීමද විශේෂත්වයකි.

හීන් නිලමේ ගේ හීනය - උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය

ඒ අනුව College of General Practitioners ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාව අධ්‍යයනය කර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සැපයීමට තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙළේය. එම කමිටුව මූල්‍ය ලාභ ලැබීමේ අරමුණින් තොර පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එවකට එම වෛද්‍ය සංගමයේ ලේකම් මහාචාර්ය හීන් නිලමේ මහතා කමිටු යෝජනාව ජනාධිපති ජයවර්ධන මුණ ගැසී ඉදිරිපත් කෙළේය. ඒ 1979 දී ය. ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රයට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ අදහස කිසිදු පැකිළීමකින් තොරව පිළිගත්තේ ය. එහෙත් එම සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ මේ පිලිබඳ සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය හමුවී තවදුරටත් සාකච්ඡා කරන ලෙසය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වුවද ඔහු තනි තීරණ ගන්නා පුද්ගලයෙකු නොවීය. දශක හතරකට අධික කාලයක් පාර්ලිමේන්තු වාදියෙකු වශයෙන් කටයුතු කළ ඔහු විධායක ජනාධිපති වුවද, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තීරණ ගැනීමේ සම්ප්රදාය ආරක්ෂා කෙළේය.

සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු වශයෙන් ප්‍රකට ගාමිණී ජයසූරිය ඇතැම් දේශපාලන විචාරකයන් හඳුන්වන්නේ ‘ලංකාවට අහිමි වූ විශිෂ්ඨතම අගමැතිවරයා‘ වශයෙනි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ප්‍රථමයෙන්ම ප්‍රශ්න කර සිටියේ නව වෛද්‍ය විද්‍යාලය සඳහා ගුරුවරුන් සපයා ගන්නේ කෙසේද ? යන්නයි. ඒ වන විට රජයේ වෛද්‍ය පීඨයන්ගේ සේවය කරන ස්ථිර ගුරුවරුන් නව වෛද්‍ය විද්‍යාලය සඳහා බඳවා නොගන්නා බවට සහතිකයක් අවශ්‍ය බව ගාමිණී ජයසූරිය අවධාරණය කරන්නේය. ඉන් පසුව නැගෙන ප්රශ්නය වන්නේ නව වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරන්නේ කොතැනකද යන්නයි. සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය මහතාට අවශ්‍ය වන්නේ සිය ආසනය වන හෝමාගමට නව වෛද්‍ය විද්‍යාලට ලබා දීමට ය. එහෙත් ඒ සඳහා ප්‍රායෝගික දුෂ්කරතා දෙකක් මතුවේ. පළමුවැන්න එවකට පැවැති හෝමාගම රෝහලේ සීමාන්තික බවයි. දෙවැන්න කොළඹට ඇති දුර ප්‍රමාණයයි. අවසානයේ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාගම ස්ථාපිත කිරීමට තීරණය විය.

වැටුප් නෑ ලාභත් නෑ

1980 ජූලි මාසයේදී නව වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ යෝජනාව ජයවර්ධන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර පනත ඒකච්ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත විය. නව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ නොලැබීමේ අරමුණින් බැහැර පාඨමාලා ගාස්තු මගින් ආයතනය පවත්වාගෙන යන සංකල්පය මත ස්ථාපනය කළ අතර පස්දෙනෙකු ගෙන් සමන්විත පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොලබා සේවය ලබා දීමට එකඟ විය.

පාලක මණ්ඩලය සමන්විත වූයේ College of General Practitioners හි කීර්තිමත් වෛද්‍යවරුන්ගෙන් සහ වෘත්තීයවේදීන්ගෙනි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පෞද්ගලික අයිතිකරුවෙකු නොවූ අතර එය පවත්වාගෙන යෑමේ සහ මෙහෙයැවීමේ වගකීම එම වෛද්‍ය සංගමයට පැවරිණ.

කුඩා පරිමාණයෙන් නමුත් සැළසුම් සහගතව සාර්ථකව ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විශාල ඉල්ලුමක් ඇති විය. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා පසු කලෙක හෙළිකළ පරිදි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට රජයේ කිසිදු මූල්‍ය ආධාරයක් නොලැබුණු අතර කිසිදු දේපොලක් නොමිලේ ලබා දුන්නේ ද නැත. අවම වශයෙන් බදු සහන පවා නොලැබිණ. එහෙත් සෑම වසරකම එක් නව ගොඩනැගිල්ලක් එක් කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට පාලක මණ්ඩලය සමත් විය.

නව විද්‍යාලය ස්ථාපිත කර වසරක් ගත වන විට රුපියල් මිලියන 55 ක් වැය කරමින් ඇඳන් 350 කින් සමන්විත රාගම නව රෝහල ඉදි කිරීමට ඔව්හු සමත් වූහ.

සිසුන්ගෙන් ලබා ගන්නා පාඨමාලා ගාස්තු නිසි ලෙස කළමණාකරනය කිරීම මගින් සහ දැඩි මූල්‍ය විනයක් භාවිතා කිරීමෙන් මෙම ඉලක්ක ජය ගැනීමට ඔවුන්ට හැකි වූ බව ආචාර්ය කල්පගේ ගේ තක්සේරුවයි.

ආසියාවේ එවකට ස්ථාපිත කර තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්හි පාඨමාලාවන්ට වඩා සියයට පණහකින් පමණ අවම මුදලකට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සිය පාඨමාලා ලබා දීම හේතුවෙන් පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඉල්ලුම් පත් 1150 ක් ලැබී තිබුණු නමුත් පළමු කණ්ඩායම සිසුන් 100 කට සීමා විය. ඒ අතරින් 20 දෙනෙකු විදේශ සිසුන් විය. සෑම සිසුවෙකුම බඳවා ගැනීමට සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අතර අපොස උසස් පෙළ, අධ්‍යාපන සුදුසුකම් සඳහා සම්මුඛ පරීක්ෂයේ ලකුණු 70 ක් හිමි වූ අතර අපොස සාමාන්‍ය පෙළ සඳහා තවත් ලකුණු 10 ක් හිමි විය. විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා තවත් ලකුණු 10 ක් හිමි වූ අතර ඉතිරි ලකුණු ප්‍රමාණය හිමි වූයේ අපේක්ෂකයා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අන්දමට ය. මෙම සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතීන්ට සමපාත වන බව පැහැදිලිය.

වෛද්‍ය මාෆියාව නැගිටියි

උතුරු කොළඹ විශ්ව විද්‍යාලයට අද මෙන්ම විශාල විරෝධයක් මතු විණ. එම විරෝධය මෙහෙයැවූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එදා මෙන් අදත් කිසිදු පොදු අරගලයක් වෙනුවෙන් ඉදිරිපත් නොවන මෙම මාෆියාව උනන්දුවන්නේ තමන්ගේ ‘කුලයේ‘ ආරක්ෂාව ගැන පමණි. එදා ඔවුන් භීතියට පත් වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සිසුන්ට රජයේ වෛද්‍ය රැකියා ලබා දීමෙන් තමන්ගේ කෝටාව අඩුවිය හැකිය යන්නය. ඒ මිත්‍යාව කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාජ මත වපුරුවමින් රජයේ විශ්ව විද්‍යාල සිසුන් පාරට ගැනීමට ඔව්හු ක්‍රියා කළහ.

ජනාධිපතිවරණය පරාජය වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටි ජවිපෙ ට ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉල්ලමක් විය. ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ සටන් පාඨය ඉදිරියට දමමින් විශ්ව විද්‍යාල ඇවිලවීමට ඔව්හු ක්‍රියා කළහ. උසස් පෙළ අසමත් සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කර ගන්නා බවත් ඔවුනගේ අධ්‍යාපනික සහ සායනික ප්‍රමිතිය පහළ බවත් කිසිදු පදනමක් නැති චෝදනා එල්ල කරමින් රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතයක් නිර්මාණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූ වසර 8 ක කාලය පුරා සිසුන් 800 ක් බඳවා ගනු ලැබූ අතර ඒ සියලු දෙනාටම අදාළ සුදුසුකම් සපුරා තිබූ බව පසුකලෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදුකළ පරීක්ෂනයකදී ඔප්පු වූ අතර එම සිසුන්ගේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පාර්ලිමේන්තුවේද සභාගත කර තිබේ.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ධනපතියන්ගේ දූ දරුවන්ට විවෘත වූ අධ්‍යාපන ආයතනයක් බවත් එය නිදහස් අධ්‍යාපනය විනාශ කරන යක්ෂයෙකු බවත් ඒ දිනවල සමාජගත කර තිබූ අදහසයි. එහෙත් ඒ අදහස මිත්‍යාවකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ (ඒ වන විට එය රජයට පවරාගෙන තිබිණ) ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා ඒ බව තහවුරු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීමේදී කිසිදු ජාති, ආගම්, හෝ ලිංග බේදයක් නොතිබූ අතර වසර 8 ක කාලය තුල ඇතුලත් කර ගත් සිසුන් 800 න් සියයට 60 කගේ දෙමාපියන් පාසැල් ගුරුවරුන් වූහ. තවත් සියයට 20 කගේ දෙමාපියන් වෘත්තීය වේදීන් වූ අතර ඉතිරි පිරිස සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළහ. විශේෂයෙන් ගුරුවරුන් තම ඉඩමක් විකුණා හෝ තම දූ දරුවන්ට දෑ වැද්ද ලබා දීමට ඉතිරි කළ මුදලක් හෝ නිවසක් තැනීමට ඉතිරි කළ මුදලක් හෝ දරුවන්ගේ අධ්‍යාපනයට ආයෝජනය කර තිබූ බව ආචාර්ය කල්පගේ හෙළි කෙළේය. සුපිරි ධනපති පංතියේ ළමුන් මෙම වෛද්‍ය විද්‍යාලයට එක් නොවූ බව හෙළි කළ ඔහු උදාහරණයකට පෙන්වා දුන්නේ එකදු මැණික් මුදලාලි කෙනෙකුගේ දරුවෙකු හෝ රාගමට නොපැමිණි බවයි.

වෛද්‍ය මාෆියාවේ කුහක කම

ආචාර්ය කල්පගේ එම දේශනයේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගැනද අපූරු හෙලිදරව්වක් කෙළේය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට මාරාන්තික ලෙස විරුද්ධ වීම පසුපස ඇත්තේ එවකට එහි සිටි ප්‍රධානියෙකුගේ දරුවෙකු එම විද්‍යාලයට ඇතුලත් කර නොගැනීමේ පෞද්ගලික කෝන්තරයක් බවයි. එම වෛද්‍යවරයාගේ දුව පළමු කණ්ඩායමට ඇතුලත් වූ අතර ඒ සඳහා ඇය සුදුසුකම් සපුරා තිබිණ. ඉන්පසුව ඔහුගේ පුත්‍රයාද උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඉල්ලුම් කළ නමුත් ඔහුට අවශ්‍ය සුදුසුකම් නොමැති වීම හේතුවෙන් විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි විය. එය තම අභිමානයට එල්ල වූ මරු පහරක් වශයෙන් සැළකූ එවක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ගොනු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූ අවස්ථාවේ නොතිබූ විරෝධයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුව මතු කරන්නේ එම පෞද්ගලික සාධකය හේතුවෙනි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම කුසලතා මත පදනම් වූ බැවින් සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වූ බොහෝ වෛද්‍යවරුන්ගේ දූ දරුවන් ගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප විය. මෙම ප්‍රතික්ෂේප වීම් බොහොමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වෛරී විරෝධයන් බවට පරිවර්තනය විය.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳව එයට විරෝධය දැක්වූවෝ එදා නිරන්තරයෙන් ප්‍රශ්න කළහ. එහෙත් අද මෙන්ම එදා ද එය ව්‍යාජ මවා පෑමක් විය. ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්රචණ්ඩ විරෝධතා තීව්ර වෙමින් පැවැති වකවානුවේ එම්.බී.බී.එස් (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය) උපාධිය වෙනුවට විදේශ උපාධියක් දීමේ විකල්පය තෝරා ගැනීමට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩලය තීරණය කළහ. ඒ සඳහා බ්‍රිතාන්‍යයේ පැරණිතම වෛද්‍ය විද්‍යාලයක් වන ඇබඩීන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග එක්වීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනික, සායනික ඇතුළු අනෙකුත් අංශයන්හි ප්රමිතීන් පරීක්ෂා කළ බ්‍රිතාන්‍යයේ ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය විද්‍යා උපාධිය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ලබා දීමට තීරණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පහල මට්ටමක පැවැතියේ නම් ලෝක ප්‍රකට ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය උපාධිය ලබා දීමට එකඟ වනු ඇතිද?

ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයාගේ මුග්ධ තීරණය

එහෙත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රේමදාස ජනාධිපතිවරයා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට තීරණය කෙළේය. මෙය මුග්ධ දේශපාලන තීරණයකි. එහෙත් ජනප්‍රිය දේශපාලනය තම අත් පොත කරගෙන සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා රටේ අනාගතය හෝ ලෝක ප්රවනතා හෝ මත තීරණ ගත් පුද්ගලයෙකු නොවීය. ඩඩ්ලි යුගයේ පූට්ටු පාලම් තැනූ ප්‍රේමදාස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගෙන ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ වීරයා බවට පත්වීමට උත්සාහ කෙළේය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකින් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම හරහා එජාපයේ ජයවර්ධන හිතවාදී කන්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමද ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අරමුණ විය. එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීම ‘ප්‍රේමදාස ඉලක්කය‘ විය. එහෙත් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහු විනාශ කෙළේ මෙරට මෙතෙක් ස්ථාපිත කළ වඩාත් ඉදිරිගාමී පෞද්ගලික විශ්ව විද්‍යාලයයි.

පළමුව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීමේ ව්‍යාපාරික අරමුණින් මුදලාලිලා පැලැන්තියක් ආරම්භ කළ ව්‍යාපෘතියක් නොවීය. මෙම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙළේ මෙරට කීර්තිමත් වෛද්‍ය සංගමයක් වන College of General Practitioners of Sri Lanka විසිනි. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි කාලකන්නි මාර පුත්‍රයන්ගේ වෘත්තිය සමිතියක් නොවීය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරනු ලැබුවේ උපාධි පාඨමාලා හදාරණ සිසුන්ගේ ගාස්තු මගින් නඩත්තු වන ලාබ නොලබන ආයතනයක් වශයෙනි. එහි පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොගෙන ගරු සේවයක් කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අධ්‍යාපනික සායනික සහ අනෙකුත් අංශයන්හි ඉහළ ප්‍රමිතියක් අඛණ්ඩව පවත්වාගෙන ගියේය. ඒ වන විට නිශ්චිත නියාමන යාන්ත්‍රණයක් නිර්මාණය වී නොමැති වුවද ( අදටත් නැත) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කිරීම පිලිබඳ පරීක්ෂා කෙළේය.

ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයා පටු දේශපාලන වාසි තකා විනාශ කෙළේ එවැනි ස්ථාවර මට්ටමක පැවැති වෛද්‍ය විද්‍යාලයකි. නවීනත්වයට පා තැබීමට සූදානම් වූ ලංකාවේ අධ්‍යාපන ක්රමවේදයකි.

වෛද්‍ය මාර පුත්‍රයන් සහ ජවිපෙ ෆැසිස්ට් වාදීන් කළ විනාශය

ප්‍රේමදාස ජනාධිපතිවරයාට එකී විනාශය කිරීම සඳහා අවශ්‍ය අවි ආයුධ දුන්නේ මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මිනීමරු ජවිපෙ විසිනි. මාර පුත්‍රයෝ වෛද්‍ය සිසුන් පාරට ඇද දමමින් අඛණ්ඩ උද්ඝෝෂන කළහ. ඔව්හු වරෙක උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහර දීමට පවා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ව උසි ගැන්වූහ. එම ෆැසිස්ට් ප්රහාරයන්ගෙන් තුවාල ලැබූ උතුරු කොළඹ වෛද්‍ය සිසුන් ගණනාවක් රෝහල් ගත කිරීමට පවා සිදුවිය. අනෙක් පාර්ශවයෙන් ජවිපෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල ඉලක්ක කර ගනිමින් සිය මිනීමරු ත්‍රස්තවාදය ක්‍රියාත්මක කෙළේය. ඒ අද පූස් පැටවුන් සේ දොඩවන අනුර දිසානායකලාගේ ජවිපෙ විසින් කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මෙන්ම මොරටුව සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන බල්ලන් සේ මරා දැමූ යුගයයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයන්ට දිගින් දිගටම ජවිපෙ විසින් එල්ල කරන ලද මරණ තර්ජන හමුවේ විදේශ ගත වීමට සිදුවිය. ඒ අතර ජවිපෙ විසින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට බෝම්බ ගසා එය විනාශ කෙළේය. ෆැසිස්ට්වාදී භීෂකයන් වූ මෙම දෙපාර්ශවයම එක සේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීමට දායක වූහ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයේදී එම විද්‍යාලය රජයට පවරා ගැනීමේ ප්‍රේමදාස රජයේ තීරණය දැඩිව විවේචනය කෙළේය. මෙරය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය ආයෝජනය කරමින් ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීම ජාතික අපරාධයක් බව කියා සිටි ඔහු, එසේ බිහිකළ ප්‍රමිතියෙන් ඉහළ ආයතනයක් කිසිදු වන්දියක් නොගෙවා රජයට අත්පත් කර ගැනීම නින්දා සහගත ක්‍රියාවක් බවද පෙන්වා දුන්නේය.

වසර 8 ක කාලය පුරා පරිපූර්ණ වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම වචනයේ පරිසමාප්තියෙන්ම ජාතික අපරාධයකි. සමාව දිය නොහැකි ජාතික අපරාධයකි. මෙම ආයතනය අද පැවතියේ නම් එය ආදර්ශයට ගෙන තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් මේ වන විට බිහිවන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණ. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ආශාවෙන් සිටි සිසුන් දහස් ගණනකට එම සිහිනය සපුරා ගැනීමට ඉඩ හිමිවෙනවා ඇත. එය පොදු ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් වර්ධනයට හේතුවනවා ඇත.

Cont

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20383460, member: 407613"] [SIZE="6"][COLOR="Red"]මාරපුත්‍රයන් සහ අපතයන් සමග ඔබ වේද අප විද්‍යා..?[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkGreen"]මහාචාර්ය හීන් නිලමේ යනු තියුණු යුග දැක්මක් තිබූ බුද්ධිමතෙකි. පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශ වැනි ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රත්නපුර සීවලී විද්‍යාලයෙන් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු එවකට පැවැති ‘යුනිවසිටි ඔෆ් සිලෝන්‘ හි එම්බීබීඑස් ගෞරව උපාධිධාරියෙකි. ඔහුගේ දැක්ම සහ සිතුවිලි කිසි විටෙක කොදෙව්වට කොටු නොවීය. මහාචාර්ය හීන් නිලමේ නිරන්තරයෙන් ලෝකයේ නව ප්රවණතා හඳුනාගැනීමට උනන්දු වූවෙකි. හැත්තෑව දශකය වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය එක තැන පල්වෙන තත්ත්වයක පැවැති බව ඔහු දුටුවේ ය. වරෙක ඔහු හිටපු එජාප සෙනෙට් මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා මැලේසියාවේ දී හමුවූ අවස්ථාවක මේ තත්ත්වය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙළේය. ආචාර්ය කල්පගේ එවකට ක්වාලාලම්පුර මලයා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කෙළේය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනය ගැන පැහැදිලි කළ මහාචාර්ය හීන් නිලමේ, ඒ වන විට ලෝක ප්‍රවණතාවයක් වී පැවැති Family Medicine ඉගැන්වීම සඳහා ලංකාවේ වෛද්‍ය පීඨයන්හි වෙනම දෙපාර්තමේන්තුවක් හෝ නොමැති බව පෙන්වා දුන්නේය. මෙම හමුවීමට වසරකට පමණ පෙර එනම් 1975 දී මහාචාර්ය හීන් නිලමේ තමන් නියෝජනය කරන College of General Practitioners of Sri Lanka ආයතනයට ආන්දෝලනාත්මක යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එනම් තම ආයතනය මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමට මූලික විය යුතු බවයි. ලාභ ලැබීමේ අරමුණින් බැහැරව ස්ථාපිත කළ යුතු මෙම නව විද්‍යාලයේ මූලික අරමුණ විය යුත්තේ වෛද්‍ය විද්‍යාවේ නව ප්රවණතා ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හඳුන්වා දීම බව ඔහු පෙන්වා දුන්නේ ය. එහෙත් ඒ වන විට බලයේ සිටි සමගි පෙරමුණේ ‘සමාජවාදී‘ ආර්ථික දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියේ මහාචාර්ය හීන් නිලමේ ගේ යෝජනාව වැඩිදුර සාකච්ඡාවට හෝ නොගෙන ඉවත දැමීය. එහෙත් ඉදිරි වසර දෙක තුන තුලදී ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම උඩු යටිකුරු කරමින් එජාපය හයෙන් පහක බලයක් සමගින් පාලනය අත්පත් කර ගත්තේ ය. ප්‍රථම වරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් බිහි වූ අතර එය ජයවර්ධන ජනාධිපතිවරයා සිය භාරයට ගත්තේ ය. අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ ය. ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ද සභාපතිවරයා විය. මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් කළ යුතු බවට වන තම දීර්ඝ කරුණු දැක්වීම් වලට සාවධානව ඇහුම්කන් දෙමින් ඒවා අනුමත කළ ආචාර්ය කල්පගේ ට උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ බලය ලැබී තිබෙනු දුටු මහාචාර්ය හීන් නිලමේ තම පැරණි යෝජනාව සිය වෛද්‍ය සංගමයට නැවත ඉදිරිපත් කෙළේය. මෙවර ඔහු එම යෝජනාව ඉදිරිපත් කෙළේ එම සංගමයේ ලේකම් වරයා වශයෙන් වීමද විශේෂත්වයකි. හීන් නිලමේ ගේ හීනය - උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඒ අනුව College of General Practitioners ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාව අධ්‍යයනය කර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සැපයීමට තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙළේය. එම කමිටුව මූල්‍ය ලාභ ලැබීමේ අරමුණින් තොර පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එවකට එම වෛද්‍ය සංගමයේ ලේකම් මහාචාර්ය හීන් නිලමේ මහතා කමිටු යෝජනාව ජනාධිපති ජයවර්ධන මුණ ගැසී ඉදිරිපත් කෙළේය. ඒ 1979 දී ය. ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රයට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ අදහස කිසිදු පැකිළීමකින් තොරව පිළිගත්තේ ය. එහෙත් එම සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ මේ පිලිබඳ සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය හමුවී තවදුරටත් සාකච්ඡා කරන ලෙසය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වුවද ඔහු තනි තීරණ ගන්නා පුද්ගලයෙකු නොවීය. දශක හතරකට අධික කාලයක් පාර්ලිමේන්තු වාදියෙකු වශයෙන් කටයුතු කළ ඔහු විධායක ජනාධිපති වුවද, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තීරණ ගැනීමේ සම්ප්රදාය ආරක්ෂා කෙළේය. සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු වශයෙන් ප්‍රකට ගාමිණී ජයසූරිය ඇතැම් දේශපාලන විචාරකයන් හඳුන්වන්නේ ‘ලංකාවට අහිමි වූ විශිෂ්ඨතම අගමැතිවරයා‘ වශයෙනි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ප්‍රථමයෙන්ම ප්‍රශ්න කර සිටියේ නව වෛද්‍ය විද්‍යාලය සඳහා ගුරුවරුන් සපයා ගන්නේ කෙසේද ? යන්නයි. ඒ වන විට රජයේ වෛද්‍ය පීඨයන්ගේ සේවය කරන ස්ථිර ගුරුවරුන් නව වෛද්‍ය විද්‍යාලය සඳහා බඳවා නොගන්නා බවට සහතිකයක් අවශ්‍ය බව ගාමිණී ජයසූරිය අවධාරණය කරන්නේය. ඉන් පසුව නැගෙන ප්රශ්නය වන්නේ නව වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරන්නේ කොතැනකද යන්නයි. සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය මහතාට අවශ්‍ය වන්නේ සිය ආසනය වන හෝමාගමට නව වෛද්‍ය විද්‍යාලට ලබා දීමට ය. එහෙත් ඒ සඳහා ප්‍රායෝගික දුෂ්කරතා දෙකක් මතුවේ. පළමුවැන්න එවකට පැවැති හෝමාගම රෝහලේ සීමාන්තික බවයි. දෙවැන්න කොළඹට ඇති දුර ප්‍රමාණයයි. අවසානයේ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාගම ස්ථාපිත කිරීමට තීරණය විය. වැටුප් නෑ ලාභත් නෑ 1980 ජූලි මාසයේදී නව වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ යෝජනාව ජයවර්ධන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර පනත ඒකච්ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත විය. නව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ නොලැබීමේ අරමුණින් බැහැර පාඨමාලා ගාස්තු මගින් ආයතනය පවත්වාගෙන යන සංකල්පය මත ස්ථාපනය කළ අතර පස්දෙනෙකු ගෙන් සමන්විත පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොලබා සේවය ලබා දීමට එකඟ විය. පාලක මණ්ඩලය සමන්විත වූයේ College of General Practitioners හි කීර්තිමත් වෛද්‍යවරුන්ගෙන් සහ වෘත්තීයවේදීන්ගෙනි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පෞද්ගලික අයිතිකරුවෙකු නොවූ අතර එය පවත්වාගෙන යෑමේ සහ මෙහෙයැවීමේ වගකීම එම වෛද්‍ය සංගමයට පැවරිණ. කුඩා පරිමාණයෙන් නමුත් සැළසුම් සහගතව සාර්ථකව ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විශාල ඉල්ලුමක් ඇති විය. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා පසු කලෙක හෙළිකළ පරිදි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට රජයේ කිසිදු මූල්‍ය ආධාරයක් නොලැබුණු අතර කිසිදු දේපොලක් නොමිලේ ලබා දුන්නේ ද නැත. අවම වශයෙන් බදු සහන පවා නොලැබිණ. එහෙත් සෑම වසරකම එක් නව ගොඩනැගිල්ලක් එක් කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට පාලක මණ්ඩලය සමත් විය. නව විද්‍යාලය ස්ථාපිත කර වසරක් ගත වන විට රුපියල් මිලියන 55 ක් වැය කරමින් ඇඳන් 350 කින් සමන්විත රාගම නව රෝහල ඉදි කිරීමට ඔව්හු සමත් වූහ. සිසුන්ගෙන් ලබා ගන්නා පාඨමාලා ගාස්තු නිසි ලෙස කළමණාකරනය කිරීම මගින් සහ දැඩි මූල්‍ය විනයක් භාවිතා කිරීමෙන් මෙම ඉලක්ක ජය ගැනීමට ඔවුන්ට හැකි වූ බව ආචාර්ය කල්පගේ ගේ තක්සේරුවයි. ආසියාවේ එවකට ස්ථාපිත කර තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්හි පාඨමාලාවන්ට වඩා සියයට පණහකින් පමණ අවම මුදලකට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සිය පාඨමාලා ලබා දීම හේතුවෙන් පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඉල්ලුම් පත් 1150 ක් ලැබී තිබුණු නමුත් පළමු කණ්ඩායම සිසුන් 100 කට සීමා විය. ඒ අතරින් 20 දෙනෙකු විදේශ සිසුන් විය. සෑම සිසුවෙකුම බඳවා ගැනීමට සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අතර අපොස උසස් පෙළ, අධ්‍යාපන සුදුසුකම් සඳහා සම්මුඛ පරීක්ෂයේ ලකුණු 70 ක් හිමි වූ අතර අපොස සාමාන්‍ය පෙළ සඳහා තවත් ලකුණු 10 ක් හිමි විය. විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා තවත් ලකුණු 10 ක් හිමි වූ අතර ඉතිරි ලකුණු ප්‍රමාණය හිමි වූයේ අපේක්ෂකයා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අන්දමට ය. මෙම සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතීන්ට සමපාත වන බව පැහැදිලිය. වෛද්‍ය මාෆියාව නැගිටියි උතුරු කොළඹ විශ්ව විද්‍යාලයට අද මෙන්ම විශාල විරෝධයක් මතු විණ. එම විරෝධය මෙහෙයැවූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එදා මෙන් අදත් කිසිදු පොදු අරගලයක් වෙනුවෙන් ඉදිරිපත් නොවන මෙම මාෆියාව උනන්දුවන්නේ තමන්ගේ ‘කුලයේ‘ ආරක්ෂාව ගැන පමණි. එදා ඔවුන් භීතියට පත් වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සිසුන්ට රජයේ වෛද්‍ය රැකියා ලබා දීමෙන් තමන්ගේ කෝටාව අඩුවිය හැකිය යන්නය. ඒ මිත්‍යාව කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාජ මත වපුරුවමින් රජයේ විශ්ව විද්‍යාල සිසුන් පාරට ගැනීමට ඔව්හු ක්‍රියා කළහ. ජනාධිපතිවරණය පරාජය වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටි ජවිපෙ ට ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉල්ලමක් විය. ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ සටන් පාඨය ඉදිරියට දමමින් විශ්ව විද්‍යාල ඇවිලවීමට ඔව්හු ක්‍රියා කළහ. උසස් පෙළ අසමත් සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කර ගන්නා බවත් ඔවුනගේ අධ්‍යාපනික සහ සායනික ප්‍රමිතිය පහළ බවත් කිසිදු පදනමක් නැති චෝදනා එල්ල කරමින් රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතයක් නිර්මාණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූ වසර 8 ක කාලය පුරා සිසුන් 800 ක් බඳවා ගනු ලැබූ අතර ඒ සියලු දෙනාටම අදාළ සුදුසුකම් සපුරා තිබූ බව පසුකලෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදුකළ පරීක්ෂනයකදී ඔප්පු වූ අතර එම සිසුන්ගේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පාර්ලිමේන්තුවේද සභාගත කර තිබේ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ධනපතියන්ගේ දූ දරුවන්ට විවෘත වූ අධ්‍යාපන ආයතනයක් බවත් එය නිදහස් අධ්‍යාපනය විනාශ කරන යක්ෂයෙකු බවත් ඒ දිනවල සමාජගත කර තිබූ අදහසයි. එහෙත් ඒ අදහස මිත්‍යාවකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ (ඒ වන විට එය රජයට පවරාගෙන තිබිණ) ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා ඒ බව තහවුරු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීමේදී කිසිදු ජාති, ආගම්, හෝ ලිංග බේදයක් නොතිබූ අතර වසර 8 ක කාලය තුල ඇතුලත් කර ගත් සිසුන් 800 න් සියයට 60 කගේ දෙමාපියන් පාසැල් ගුරුවරුන් වූහ. තවත් සියයට 20 කගේ දෙමාපියන් වෘත්තීය වේදීන් වූ අතර ඉතිරි පිරිස සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළහ. විශේෂයෙන් ගුරුවරුන් තම ඉඩමක් විකුණා හෝ තම දූ දරුවන්ට දෑ වැද්ද ලබා දීමට ඉතිරි කළ මුදලක් හෝ නිවසක් තැනීමට ඉතිරි කළ මුදලක් හෝ දරුවන්ගේ අධ්‍යාපනයට ආයෝජනය කර තිබූ බව ආචාර්ය කල්පගේ හෙළි කෙළේය. සුපිරි ධනපති පංතියේ ළමුන් මෙම වෛද්‍ය විද්‍යාලයට එක් නොවූ බව හෙළි කළ ඔහු උදාහරණයකට පෙන්වා දුන්නේ එකදු මැණික් මුදලාලි කෙනෙකුගේ දරුවෙකු හෝ රාගමට නොපැමිණි බවයි. වෛද්‍ය මාෆියාවේ කුහක කම ආචාර්ය කල්පගේ එම දේශනයේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගැනද අපූරු හෙලිදරව්වක් කෙළේය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට මාරාන්තික ලෙස විරුද්ධ වීම පසුපස ඇත්තේ එවකට එහි සිටි ප්‍රධානියෙකුගේ දරුවෙකු එම විද්‍යාලයට ඇතුලත් කර නොගැනීමේ පෞද්ගලික කෝන්තරයක් බවයි. එම වෛද්‍යවරයාගේ දුව පළමු කණ්ඩායමට ඇතුලත් වූ අතර ඒ සඳහා ඇය සුදුසුකම් සපුරා තිබිණ. ඉන්පසුව ඔහුගේ පුත්‍රයාද උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඉල්ලුම් කළ නමුත් ඔහුට අවශ්‍ය සුදුසුකම් නොමැති වීම හේතුවෙන් විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි විය. එය තම අභිමානයට එල්ල වූ මරු පහරක් වශයෙන් සැළකූ එවක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ගොනු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූ අවස්ථාවේ නොතිබූ විරෝධයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුව මතු කරන්නේ එම පෞද්ගලික සාධකය හේතුවෙනි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම කුසලතා මත පදනම් වූ බැවින් සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වූ බොහෝ වෛද්‍යවරුන්ගේ දූ දරුවන් ගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප විය. මෙම ප්‍රතික්ෂේප වීම් බොහොමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වෛරී විරෝධයන් බවට පරිවර්තනය විය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳව එයට විරෝධය දැක්වූවෝ එදා නිරන්තරයෙන් ප්‍රශ්න කළහ. එහෙත් අද මෙන්ම එදා ද එය ව්‍යාජ මවා පෑමක් විය. ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්රචණ්ඩ විරෝධතා තීව්ර වෙමින් පැවැති වකවානුවේ එම්.බී.බී.එස් (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය) උපාධිය වෙනුවට විදේශ උපාධියක් දීමේ විකල්පය තෝරා ගැනීමට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩලය තීරණය කළහ. ඒ සඳහා බ්‍රිතාන්‍යයේ පැරණිතම වෛද්‍ය විද්‍යාලයක් වන ඇබඩීන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග එක්වීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනික, සායනික ඇතුළු අනෙකුත් අංශයන්හි ප්රමිතීන් පරීක්ෂා කළ බ්‍රිතාන්‍යයේ ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය විද්‍යා උපාධිය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ලබා දීමට තීරණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පහල මට්ටමක පැවැතියේ නම් ලෝක ප්‍රකට ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය උපාධිය ලබා දීමට එකඟ වනු ඇතිද? ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයාගේ මුග්ධ තීරණය එහෙත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රේමදාස ජනාධිපතිවරයා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට තීරණය කෙළේය. මෙය මුග්ධ දේශපාලන තීරණයකි. එහෙත් ජනප්‍රිය දේශපාලනය තම අත් පොත කරගෙන සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා රටේ අනාගතය හෝ ලෝක ප්රවනතා හෝ මත තීරණ ගත් පුද්ගලයෙකු නොවීය. ඩඩ්ලි යුගයේ පූට්ටු පාලම් තැනූ ප්‍රේමදාස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගෙන ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ වීරයා බවට පත්වීමට උත්සාහ කෙළේය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකින් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම හරහා එජාපයේ ජයවර්ධන හිතවාදී කන්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමද ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අරමුණ විය. එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීම ‘ප්‍රේමදාස ඉලක්කය‘ විය. එහෙත් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහු විනාශ කෙළේ මෙරට මෙතෙක් ස්ථාපිත කළ වඩාත් ඉදිරිගාමී පෞද්ගලික විශ්ව විද්‍යාලයයි. පළමුව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීමේ ව්‍යාපාරික අරමුණින් මුදලාලිලා පැලැන්තියක් ආරම්භ කළ ව්‍යාපෘතියක් නොවීය. මෙම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙළේ මෙරට කීර්තිමත් වෛද්‍ය සංගමයක් වන College of General Practitioners of Sri Lanka විසිනි. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි කාලකන්නි මාර පුත්‍රයන්ගේ වෘත්තිය සමිතියක් නොවීය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරනු ලැබුවේ උපාධි පාඨමාලා හදාරණ සිසුන්ගේ ගාස්තු මගින් නඩත්තු වන ලාබ නොලබන ආයතනයක් වශයෙනි. එහි පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොගෙන ගරු සේවයක් කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අධ්‍යාපනික සායනික සහ අනෙකුත් අංශයන්හි ඉහළ ප්‍රමිතියක් අඛණ්ඩව පවත්වාගෙන ගියේය. ඒ වන විට නිශ්චිත නියාමන යාන්ත්‍රණයක් නිර්මාණය වී නොමැති වුවද ( අදටත් නැත) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කිරීම පිලිබඳ පරීක්ෂා කෙළේය. ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයා පටු දේශපාලන වාසි තකා විනාශ කෙළේ එවැනි ස්ථාවර මට්ටමක පැවැති වෛද්‍ය විද්‍යාලයකි. නවීනත්වයට පා තැබීමට සූදානම් වූ ලංකාවේ අධ්‍යාපන ක්රමවේදයකි. වෛද්‍ය මාර පුත්‍රයන් සහ ජවිපෙ ෆැසිස්ට් වාදීන් කළ විනාශය ප්‍රේමදාස ජනාධිපතිවරයාට එකී විනාශය කිරීම සඳහා අවශ්‍ය අවි ආයුධ දුන්නේ මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මිනීමරු ජවිපෙ විසිනි. මාර පුත්‍රයෝ වෛද්‍ය සිසුන් පාරට ඇද දමමින් අඛණ්ඩ උද්ඝෝෂන කළහ. ඔව්හු වරෙක උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහර දීමට පවා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ව උසි ගැන්වූහ. එම ෆැසිස්ට් ප්රහාරයන්ගෙන් තුවාල ලැබූ උතුරු කොළඹ වෛද්‍ය සිසුන් ගණනාවක් රෝහල් ගත කිරීමට පවා සිදුවිය. අනෙක් පාර්ශවයෙන් ජවිපෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල ඉලක්ක කර ගනිමින් සිය මිනීමරු ත්‍රස්තවාදය ක්‍රියාත්මක කෙළේය. ඒ අද පූස් පැටවුන් සේ දොඩවන අනුර දිසානායකලාගේ ජවිපෙ විසින් කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මෙන්ම මොරටුව සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන බල්ලන් සේ මරා දැමූ යුගයයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයන්ට දිගින් දිගටම ජවිපෙ විසින් එල්ල කරන ලද මරණ තර්ජන හමුවේ විදේශ ගත වීමට සිදුවිය. ඒ අතර ජවිපෙ විසින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට බෝම්බ ගසා එය විනාශ කෙළේය. ෆැසිස්ට්වාදී භීෂකයන් වූ මෙම දෙපාර්ශවයම එක සේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීමට දායක වූහ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයේදී එම විද්‍යාලය රජයට පවරා ගැනීමේ ප්‍රේමදාස රජයේ තීරණය දැඩිව විවේචනය කෙළේය. මෙරය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය ආයෝජනය කරමින් ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීම ජාතික අපරාධයක් බව කියා සිටි ඔහු, එසේ බිහිකළ ප්‍රමිතියෙන් ඉහළ ආයතනයක් කිසිදු වන්දියක් නොගෙවා රජයට අත්පත් කර ගැනීම නින්දා සහගත ක්‍රියාවක් බවද පෙන්වා දුන්නේය. වසර 8 ක කාලය පුරා පරිපූර්ණ වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම වචනයේ පරිසමාප්තියෙන්ම ජාතික අපරාධයකි. සමාව දිය නොහැකි ජාතික අපරාධයකි. මෙම ආයතනය අද පැවතියේ නම් එය ආදර්ශයට ගෙන තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් මේ වන විට බිහිවන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණ. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ආශාවෙන් සිටි සිසුන් දහස් ගණනකට එම සිහිනය සපුරා ගැනීමට ඉඩ හිමිවෙනවා ඇත. එය පොදු ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් වර්ධනයට හේතුවනවා ඇත.[/COLOR] Cont[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom