Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොළය මියගොස් දින 54ක් යන්ත්‍ර මඟින් ජීවත්ව#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොළය මියගොස් දින 54ක් යන්ත්‍ර මඟින් ජීවත්ව&#35

(ලංකාදීප ඇසුරිණි) මොළය මිය ගිය ශ්‍රී ලාංකික ගැබිනියකගේ කළලය තුළ වැඩෙමින් සිටි දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ඉතාලියේ මිලානෝ නුවර වෛද්‍යවරු පිරිසක් සමත් වූහ.

මෙලෙස දරුවා නොදැක දෙනෙත් පියා ගත්තේ නාත්තන්ඩිය මහවැව තොඩුවාව නිර්මලා ගංගා සුදර්ශනී මහත්මියයි.

මෙනන්ජයටීස් රෝගය වැළදීමෙන් ඇය මියගොස් ඇති බව එරට වෛද්‍යවරු පැවසූය. ඇය මියගොස් තිබුණත් ඇය තුළ වැඩෙමින් සිටි මිනිස් කළලය ඉතා සුවසේ නිරෝගිමත්ව පවත්නා බව වෛද්‍යවරු පසක් කර ගත්හ.

එහෙම් එම කළලය මෙලොවට බිහිකර ගැනීඹට තවමත් කල් වේලා මදිය. ඒ වනවිට කළලයේ වයස මාස පහකි. තව මාස දෙකක්වත් එය මව් කුස තුළ ආයු විඳිය යුතුය. වෛද්‍යවරු තීරණාත්මක තීන්දුවකට එළඹුණහ. මව මිය ගියත් මේ සිඟිති ජීවියාට ජීවත්වීමේ වරම හිමිකර දීමට ඔවුහු තීරණය කළහ.

ජීවියාගේ සිදුසු කලවයස එළැඹෙනතුරු මවව කෙසේ හෝ රැකගතයුතුය. ඇයව ඒවනතුරු ජීවත්කරවීමේ සටනට පිවිසි වෛද්‍යවරු ඇය වෛද්‍ය විද්‍යාවේ අනුහස කියාපාන යන්ත්‍රයකට භාර කළහ. ඇය එම යන්ත්‍රවල පිහිටෙන් දින 54ක් කෘත්‍රිමව ජීවත් වූවාය. තම කුස තුළ වැඩෙමින් සිටි සිඟිති කළලය මෙලොවට බිහිකිරීමට සිදුසු කාලය උදුවනතුරු ඇය එලෙස ජීවත්වූවාය.

ඉතාලියේ මිලානෝ නිගුවාර්දා වෛද්‍ය මධ්‍යස්ථානයේ සුවිශේෂීවූ කුටියක් තුළදී පසුගිය දෙසැම්බර් 27 වැනි දින සිඟිති කිරිකැටි පුතෙකු මෙලොවට බිහිකළාය. ඒ සීසර් සැත්කමක් මගින්ය. ඊට පැය කිහිපයකට පසුව ඇය සදහටම මෙලොවින් සමුගත්තාය.

උතුම්වූ කාර්යයකට දායකවී නිසොල්මන්වූ ඇයගේ සිරුර ඉකුත් 1 වනදා ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන එනු ලැබීය.

වෛද්‍ය විද්‍යාවේ හාස්කම් කියා පෑවත්, ඇසූවන්ගේ හද කම්පා කරවන මෙම ශෝචනීය කතා පුවත පිළිබද නිර්මලා සුදර්ශනී මහත්මියගේ ස්වාමිපුරුෂයාවූ හසිත චමින්ද පෙරේරා ලංකාදීප වාර්තාකරු සමඟ විස්තර පවසා ඇත්තේ මෙසේය.

අපි දෙන්න එක් වුණේ කාලයක් ආදරය කරලා. ඉතාලියේ රැකියාව කරමින් සිටි මා ලංකාවට පැමිණ ඇය හා එක්වුණා. විවාහයෙන් පසුව ඇය ඉතාලියට ගෙන්වා ගත්තා. එහෙදි අපිට දුවෙක් ලැබුණා. තෙනුලි එලිසා දුවට දැන් වයස අවුරුදු තුනයි මාස පහයි.

පසුගිය නොවැම්බර් 2 වැනිදා බිරියට උණ ගැණුනා. වෛද්‍ය මධ්‍යස්ථානයකින් එයාට බෙහෙත් අරන් දුන්නා. වෛද්‍යවරු කිව්වේ ඒක සාමාන්‍ය උණක් කියලා. බෙහෙත් පෙති ටිකක් දුන්නා. 03 දා ආයෙත් උණ වැඩි වුණා. එයා මිලානෝවල සම්පාවේ වෛද්‍ය ඹධ්යස්ථානයට රැගෙන ගියා. ඒ වනවිට එයාට සිහිය .ිබුණා. ඒත් කතාකරගන්න බැරිව ගියා. වෛධ්යරුන් එයා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. එයා බබෙක් ලැබෙන්න හිටියේ. බබාට එවිට මාස පහක්.වෛද්‍යවරුන් කිව්වා බිරියට ගොඩක් අසනීපයි. එයාව ජීවත් කරවන්න කිසි හැකියාවක් නැහැ. එයගේ කුස තුළ සිටි දරුවා නිරෝගිමත්ව ඉන්නවා කියල වෛද්‍යවරුන් කිව්වා.

අපි දරුවා ජීවත් කරවමු කියා වෛද්‍යවරුන් කිව්වා. බිරියගේ හදවත පණ ගන්වන්න වෛද්‍ය උපකරණ සවිකළා. ඒවන විට එයාගේ මොළය අක්‍රීය වෙලා තියෙන්නේ කිව්වා.

වෛද්‍ය උපකරණ සවිකර තිබූ බිරියගේ ශරීරය එම වෛද්‍ය ඒකකය තුළ නිසොල්මනේ තිබුණා. මට බිරිය ළඟට යන්න අවසර දීලා තිබුණා. මම හැමදාම හවසට බිරිය ළගට යනවා. ගිහිල්ලා එයා දිහා බලාගෙන ඉඳලා එනවා. බඩ ඇතුළේ දරුවා දඟලනවා මගේ අතට දැනෙනවා. ඔය විදිහට දින 54ක්ම මම එයා බලන්න ගියා.

"අපි දෙන්නා දැනගෙන හිටියා එයාගේ කුස තුළ ඉන්නේ පුතෙක් බව. ඔක්තෝබර් මාසේ එක දවසක් එයා ගිහිල්ලා ස්කෑන් කරලා ඒ බව දැනගෙන ආවා. එදා මම වැඩට ගිහිල්ලා හිටි නිසා එයත් එක්ක යන්න බැරිව ගියා.

එදා එයා මගෙන් ඇහුවා ඔයාට දුවෙක්ද පුතෙක්ද මගෙන් ඕන කියලා. අපිට දුවෙක් ඉන්න නිසා අපි දෙන්නම පුතෙක් ලැබෙනවට ආශා කළා. එයා එහෙම අහද්දී මම හිතුවා දුවෙක් ඇති කියලා. එයා මට එහෙම හිතෙන්න ඉඩ හැරලා එක පාරටම හයියෙන් හිනාවෙලා කිව්ව ඔන්න මම මේ සැරේ ඔයාට පුතෙක්ව ගේනවා කියලා.

දැඩි සත්කාර ඒකකයේදී එයාගේ බඩ අත ගඟ ඉද්දී මට මේවා මැවිලා පෙණුනා. එතකොටත් එයා අපි සියලු දෙනාගෙන්ම සමු අරන් තමයි හිටියේ. කිසිම හැඟීමක් දැනීමක් නැහැ එයාට.

අපේ මිතුරු මිතුරියන් ඥාතීන් හිතවතුන් ඉතාලියේදීත්, ලංකාවේදීත් ආගමික වතාවත් සිදු කළා. ඉතාලියේ කතෝලික පියතුමන් නිතර ඇවිත් යාඥා මෙහෙයන් සිදු කළා. ඇය සුවපත් වේවා කියලා.

වෛද්‍යවරු ඇතුළු සියලුම අය ඔය කාලය ඇතුළත මගේ හිත හැදුවා. මනස ධෛර්යමත් කළා.

දෙසැම්බර් 27 වැනිදා රාත්‍රී එහේ වෙලාවෙන් 08.40ට සීසර් සැත්කමක් මගින් ඇය දරුවා බිහි කළා. ලස්සන පුතෙක් අපිට ලැබුණා. ඒ සතුට විදගන්න ඇය නැහැ. ඒ පුතා තවම රෝහලේ. පසුව මට භාරදෙන්නම් කිව්වා.

සීසර් සැත්කම කළායින් පසු වෛද්‍යවරුන් මගෙන් අවසර ඉල්ලුවා බිරියට සවිකර ඇති වෛද්‍ය උපකරණ ගලවන්න. ඔවුන් මගේ හිත තව තවත් හැදුවා. මට සියල්ල තේරුම්කර දුන්නා. මම හිත හදාගත්තා ඒකට අත්සන් කරන්න. ඇත්තට මුහුණ දියයුතු බව වෛද්‍යවරුන් තේරුම් කර දුන්නා. මම දුක දරා ගෙන කාටවත් මේ වගේ විපතක් නොවේවා කියා ප්‍රාර්ථනා කර ගෙන ඒකට අත්සන් කළා.

මගේ බිරිය හරි උත්සාහවන්තයි. දුක සැප බෙදාගෙන අපි දෙන්න ජීවත් වුණා. ලොකු ගමනක් යන්න හිටිය අපව වෙන් කළේ අපේම අවාසනාවටයි. "

ඔවුනගේ දියණියට සිය මවගේ සිරුර නොපෙන්වන ලෙස වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබී ඇති බැවින් ඇය තවමත් කියන්නේ අම්මා බේත් ගන්න ගියා කියාය.

ඇයගේ අවසන් කටයුතු පසුගිය 3 වැනිදා තෝඩුවාව කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

source : http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=9210:---54---------&catid=35:2008-10-13-08-30-14&Itemid=63

[QUOTE="hasithadevaka, post: 9173251, member: 70577"] [b]මොළය මියගොස් දින 54ක් යන්ත්‍ර මඟින් ජීවත්ව#[/b] (ලංකාදීප ඇසුරිණි) මොළය මිය ගිය ශ්‍රී ලාංකික ගැබිනියකගේ කළලය තුළ වැඩෙමින් සිටි දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ඉතාලියේ මිලානෝ නුවර වෛද්‍යවරු පිරිසක් සමත් වූහ. මෙලෙස දරුවා නොදැක දෙනෙත් පියා ගත්තේ නාත්තන්ඩිය මහවැව තොඩුවාව නිර්මලා ගංගා සුදර්ශනී මහත්මියයි. මෙනන්ජයටීස් රෝගය වැළදීමෙන් ඇය මියගොස් ඇති බව එරට වෛද්‍යවරු පැවසූය. ඇය මියගොස් තිබුණත් ඇය තුළ වැඩෙමින් සිටි මිනිස් කළලය ඉතා සුවසේ නිරෝගිමත්ව පවත්නා බව වෛද්‍යවරු පසක් කර ගත්හ. එහෙම් එම කළලය මෙලොවට බිහිකර ගැනීඹට තවමත් කල් වේලා මදිය. ඒ වනවිට කළලයේ වයස මාස පහකි. තව මාස දෙකක්වත් එය මව් කුස තුළ ආයු විඳිය යුතුය. වෛද්‍යවරු තීරණාත්මක තීන්දුවකට එළඹුණහ. මව මිය ගියත් මේ සිඟිති ජීවියාට ජීවත්වීමේ වරම හිමිකර දීමට ඔවුහු තීරණය කළහ. ජීවියාගේ සිදුසු කලවයස එළැඹෙනතුරු මවව කෙසේ හෝ රැකගතයුතුය. ඇයව ඒවනතුරු ජීවත්කරවීමේ සටනට පිවිසි වෛද්‍යවරු ඇය වෛද්‍ය විද්‍යාවේ අනුහස කියාපාන යන්ත්‍රයකට භාර කළහ. ඇය එම යන්ත්‍රවල පිහිටෙන් දින 54ක් කෘත්‍රිමව ජීවත් වූවාය. තම කුස තුළ වැඩෙමින් සිටි සිඟිති කළලය මෙලොවට බිහිකිරීමට සිදුසු කාලය උදුවනතුරු ඇය එලෙස ජීවත්වූවාය. ඉතාලියේ මිලානෝ නිගුවාර්දා වෛද්‍ය මධ්‍යස්ථානයේ සුවිශේෂීවූ කුටියක් තුළදී පසුගිය දෙසැම්බර් 27 වැනි දින සිඟිති කිරිකැටි පුතෙකු මෙලොවට බිහිකළාය. ඒ සීසර් සැත්කමක් මගින්ය. ඊට පැය කිහිපයකට පසුව ඇය සදහටම මෙලොවින් සමුගත්තාය. උතුම්වූ කාර්යයකට දායකවී නිසොල්මන්වූ ඇයගේ සිරුර ඉකුත් 1 වනදා ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන එනු ලැබීය. වෛද්‍ය විද්‍යාවේ හාස්කම් කියා පෑවත්, ඇසූවන්ගේ හද කම්පා කරවන මෙම ශෝචනීය කතා පුවත පිළිබද නිර්මලා සුදර්ශනී මහත්මියගේ ස්වාමිපුරුෂයාවූ හසිත චමින්ද පෙරේරා ලංකාදීප වාර්තාකරු සමඟ විස්තර පවසා ඇත්තේ මෙසේය. අපි දෙන්න එක් වුණේ කාලයක් ආදරය කරලා. ඉතාලියේ රැකියාව කරමින් සිටි මා ලංකාවට පැමිණ ඇය හා එක්වුණා. විවාහයෙන් පසුව ඇය ඉතාලියට ගෙන්වා ගත්තා. එහෙදි අපිට දුවෙක් ලැබුණා. තෙනුලි එලිසා දුවට දැන් වයස අවුරුදු තුනයි මාස පහයි. පසුගිය නොවැම්බර් 2 වැනිදා බිරියට උණ ගැණුනා. වෛද්‍ය මධ්‍යස්ථානයකින් එයාට බෙහෙත් අරන් දුන්නා. වෛද්‍යවරු කිව්වේ ඒක සාමාන්‍ය උණක් කියලා. බෙහෙත් පෙති ටිකක් දුන්නා. 03 දා ආයෙත් උණ වැඩි වුණා. එයා මිලානෝවල සම්පාවේ වෛද්‍ය ඹධ්යස්ථානයට රැගෙන ගියා. ඒ වනවිට එයාට සිහිය .ිබුණා. ඒත් කතාකරගන්න බැරිව ගියා. වෛධ්යරුන් එයා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. එයා බබෙක් ලැබෙන්න හිටියේ. බබාට එවිට මාස පහක්.වෛද්‍යවරුන් කිව්වා බිරියට ගොඩක් අසනීපයි. එයාව ජීවත් කරවන්න කිසි හැකියාවක් නැහැ. එයගේ කුස තුළ සිටි දරුවා නිරෝගිමත්ව ඉන්නවා කියල වෛද්‍යවරුන් කිව්වා. අපි දරුවා ජීවත් කරවමු කියා වෛද්‍යවරුන් කිව්වා. බිරියගේ හදවත පණ ගන්වන්න වෛද්‍ය උපකරණ සවිකළා. ඒවන විට එයාගේ මොළය අක්‍රීය වෙලා තියෙන්නේ කිව්වා. වෛද්‍ය උපකරණ සවිකර තිබූ බිරියගේ ශරීරය එම වෛද්‍ය ඒකකය තුළ නිසොල්මනේ තිබුණා. මට බිරිය ළඟට යන්න අවසර දීලා තිබුණා. මම හැමදාම හවසට බිරිය ළගට යනවා. ගිහිල්ලා එයා දිහා බලාගෙන ඉඳලා එනවා. බඩ ඇතුළේ දරුවා දඟලනවා මගේ අතට දැනෙනවා. ඔය විදිහට දින 54ක්ම මම එයා බලන්න ගියා. "අපි දෙන්නා දැනගෙන හිටියා එයාගේ කුස තුළ ඉන්නේ පුතෙක් බව. ඔක්තෝබර් මාසේ එක දවසක් එයා ගිහිල්ලා ස්කෑන් කරලා ඒ බව දැනගෙන ආවා. එදා මම වැඩට ගිහිල්ලා හිටි නිසා එයත් එක්ක යන්න බැරිව ගියා. එදා එයා මගෙන් ඇහුවා ඔයාට දුවෙක්ද පුතෙක්ද මගෙන් ඕන කියලා. අපිට දුවෙක් ඉන්න නිසා අපි දෙන්නම පුතෙක් ලැබෙනවට ආශා කළා. එයා එහෙම අහද්දී මම හිතුවා දුවෙක් ඇති කියලා. එයා මට එහෙම හිතෙන්න ඉඩ හැරලා එක පාරටම හයියෙන් හිනාවෙලා කිව්ව ඔන්න මම මේ සැරේ ඔයාට පුතෙක්ව ගේනවා කියලා. දැඩි සත්කාර ඒකකයේදී එයාගේ බඩ අත ගඟ ඉද්දී මට මේවා මැවිලා පෙණුනා. එතකොටත් එයා අපි සියලු දෙනාගෙන්ම සමු අරන් තමයි හිටියේ. කිසිම හැඟීමක් දැනීමක් නැහැ එයාට. අපේ මිතුරු මිතුරියන් ඥාතීන් හිතවතුන් ඉතාලියේදීත්, ලංකාවේදීත් ආගමික වතාවත් සිදු කළා. ඉතාලියේ කතෝලික පියතුමන් නිතර ඇවිත් යාඥා මෙහෙයන් සිදු කළා. ඇය සුවපත් වේවා කියලා. වෛද්‍යවරු ඇතුළු සියලුම අය ඔය කාලය ඇතුළත මගේ හිත හැදුවා. මනස ධෛර්යමත් කළා. දෙසැම්බර් 27 වැනිදා රාත්‍රී එහේ වෙලාවෙන් 08.40ට සීසර් සැත්කමක් මගින් ඇය දරුවා බිහි කළා. ලස්සන පුතෙක් අපිට ලැබුණා. ඒ සතුට විදගන්න ඇය නැහැ. ඒ පුතා තවම රෝහලේ. පසුව මට භාරදෙන්නම් කිව්වා. සීසර් සැත්කම කළායින් පසු වෛද්‍යවරුන් මගෙන් අවසර ඉල්ලුවා බිරියට සවිකර ඇති වෛද්‍ය උපකරණ ගලවන්න. ඔවුන් මගේ හිත තව තවත් හැදුවා. මට සියල්ල තේරුම්කර දුන්නා. මම හිත හදාගත්තා ඒකට අත්සන් කරන්න. ඇත්තට මුහුණ දියයුතු බව වෛද්‍යවරුන් තේරුම් කර දුන්නා. මම දුක දරා ගෙන කාටවත් මේ වගේ විපතක් නොවේවා කියා ප්‍රාර්ථනා කර ගෙන ඒකට අත්සන් කළා. මගේ බිරිය හරි උත්සාහවන්තයි. දුක සැප බෙදාගෙන අපි දෙන්න ජීවත් වුණා. ලොකු ගමනක් යන්න හිටිය අපව වෙන් කළේ අපේම අවාසනාවටයි. " ඔවුනගේ දියණියට සිය මවගේ සිරුර නොපෙන්වන ලෙස වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබී ඇති බැවින් ඇය තවමත් කියන්නේ අම්මා බේත් ගන්න ගියා කියාය. ඇයගේ අවසන් කටයුතු පසුගිය 3 වැනිදා තෝඩුවාව කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබිණි. source :[URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=9210:---54---------&catid=35:2008-10-13-08-30-14&Itemid=63"] http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=9210:---54---------&catid=35:2008-10-13-08-30-14&Itemid=63[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom