Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොළ_ඝාතකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දවසේ අප පරිභෝජනය කරනු ලබන ඇතැම් පාරිභෝගික භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍යයන් තුළ අන්තර්ගතව තිබෙන සහ පරිසරයට බැහැර කරනු ලබන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන්, මානව ස්නායූ පද්ධතියට සහ මොළයට හානිකර ලෙස බලපාන බව සොයා ගෙන තිබේ. මෙම රසායනික ද්‍රව්‍යයන්වල අහිතකර බලපෑම් හේතු කොට ගෙන ළමුන් සමාජගතවීමේදී ඇතිවන දුර්වලතා (social impairment in kids) හැසිරීමේ අසාමාන්‍යතා, (Behavioral disorders) මතක ශක්තිය සහ බුද්ධිය අඩු වීම, (Lower IQs) ළමුන්ට වැළඳෙන අවධාන ඌනතා අධි ක්‍රියාකාරි ආබාධය, (Attention deficit hyperactivity disorder /ADHD) ඔටිසම්, (Autism) මොළයේ ඇති වන පිළිකා තත්ත්වයන්, පාකින්සන්ස් රෝගය, (Parkinson’s Disease) ඇල්සයිමර්ස්, (Alzheimer’s Disease) වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකි බව හෙළි වී ඇත.

තමන්ගේ දූ දරුවන් උදේ ඉඳන් රෑ වෙනකල් කටේ දමා ගන්නේ මොනවාද, හිසේ, ඇඟේ ගාන්නේ මොනවාද, බලන්නෙ අහන්නෙ මොනවාද, ජීවත් වෙන්නේ මොන වාගේ පරිසරයකද යන්න පිළිබඳව මෙළෝ හසරක් නොමැතිව අධ්‍යාපනය ටියුෂන් වෙළෙන්දාටත්, මතක ශක්තිය දෙවි වරුන්ට හා දේවාලවල කපුවන්ටත්, ජීවම් කළ තලගොයි දිවටත් පවරා තමන්ගේ 'ඇරියස්' දරුවන්ගෙන් ලබා ගන්න උත්සාහ කරන, ළමයින් තරම්වත් මුහුකුරා නොගිය වැඩිහිටියන් බහුතරයක් වෙසෙන රටක, හිසේ සෞඛ්‍ය පිළිබඳව සිතන මතන උදවිය විසින් ඔලුවට දා ගත්තොත් මොළයට ලාභයක් විය හැකි කරුණු කාරණා කිහිපයක් පිළිබඳ අපි දැන් අවධානය යොමු කරමු.

මොළය සෝදා දමන හිස සෝදන shampoo

අපේ රටේ කුඩා ළමුන් පවා දැන් දැන් හිස සේදීමට විවිධ ශැම්පෝ වර්ග, කන්ඩිෂනර් වර්ග භාවිත කරනු සුලභව දකින්නට ලැබෙයි. ලෝකයේ පිළිගත හැකි පර්යේෂණවලින් හෙළි වී තිබෙන, යුරෝපා කොමිසමේ රටවල් විසින් සීමා කිරීම්, තහනම් කිරීම් සහ අවධානයෙන් සිටිය යුතු යෑයි අවධාරණය කොට ඇති ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් ඇතැම් ශැම්පෝ, කන්ඩිෂනර්, බොඩි ලෝෂන්, දහදිය ගඳ වලක්වන ආලේපන වර්ග, සුවඳ විලවුන් වර්ග තුළ අන්තර්ගත වෙන බව සොයා ගෙන ඇත. මේවා බොහොමයක්ම ගර්භාෂයේ වැඩෙන දරුවන්ගේ මොළයට පවා හානි කරන්නට හේතු වෙන බවත් පැවසේ. මේ සඳහා උදාහරණ ලෙස, Methylisothiazolinone (MIT) නමැති රසායනිකය අසාත්මිකතා සහ ස්නායු විෂකාරක ලක්ෂණ පෙන්නුම් කර ඇති බැවින්, කැනඩා රජය විසින් තහනම් කර ඇති ආකාරය පෙන්වා දිය හැකිය. තවද මෙම සංයෝග සහිත නිෂ්පාදන යුරෝපා සංගමය සහ ජපානය විසින් භාවිතය සීමා කර ඇත.

Diethanolamine නමැති රසායනික සංයෝගයද යුරෝපා රටවල් විසින් දැඩි සීමාවන්ට යටත්ව භාවිත කරන්නට අවසර දී ඇත. ස්නායු විෂකාරක සහ පිළිකාකාරක ලක්ෂණ පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත.

මදුරුවන්ටත් වඩා භයානක මදුරු කොයිල්,

මදුරු කොයිල්, එරසෝල්, මැට් වර්ග වැනි මදුරු විකර්ශක වල ක්‍රියාකාරි සංඝටක ලෙස 'පයිරෙත්‍රොයිඩ' වර්ග (Pyrethroids) අන්තර්ගත වෙයි. මේවාට දීර්ඝ කාලීනව නිරාවරණය වීමෙන්, මොළයේ ස්නායූ සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල ඇති කළ හැකි බවට පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මදුරු විකර්ශක වල ඇති 'ඇලත්‍රීන්' මගින් මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වීම වළක්වාලන බාධකයේ (Blood Brain Barrier) පාරගම්‍යතාවය වැඩිකරන බැවින් මොළයට සිදුකරන බලපෑම සුළුපටු වන්නට නොහැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දීර්ඝ කාලීනව මදුරු කොයිල් දුමට නිරාවරණය වීමෙන්, මොළයේ ස්නායූ සෛල වල 'ඇසිටයිල් කෝලීන් ප්‍රතිග්‍රාහක' වල (MAChRs) යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමේ වෙනස්වීම් ඇති කරන බවත් සොයාගෙන ඇත.

මතක ශක්තිය අඩු කරන ෆ්ලෝරයිඩ්.

දත් සහ අස්ථිවල නිරෝගිභාවය උදෙසා වැදගත් මෙහෙයක් ඉටු කළ ද, ෆ්ලෝරයිඩ් අධික ලෙස ශරීරගත වීමෙන් දත් සහ අස්ථි පමණක් නොව මොළයේ වර්ධනයටත් හානිකර ලෙස බලපාන බවට තහවුරු වී තිබේ. එබැවින්, විශේෂයෙන් කුඩා ළමුන් දන්තාලේප ගිලීම සහ ස්වභාවයෙන්ම ජලයේ ෆ්ලෝරයිඩ් අධික පළාත් වල වෙසෙන උදවිය ෆ්ලෝරයිඩ් ඉවත් නොකළ (ෆිල්ටර් නොකළ) ජලය පානයට ගැනීම අනතුරුදායක විය හැකි බව අවධාරණය කළ යුතුව ඇත. (http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3491930)

ලෙඩ්, රසදිය සහ ආර්සනික් වැනි බැර ලෝහ.

මේවා අපේ සිරුරට ඇතුල් වූ විට එම බැර ලෝහවලට අපගේ සිරුරු තුළදී කරන්න කිසිම ජීව විද්‍යාත්මක කාර්යයක් ඇත්තේ නැත. ඒ නිසා මේවා ශරීරය තුළ එකතු වේ. රුධිරය ඩෙසි ලීටර් එකක 'ඊයම්' මයික්‍රො ග්‍රෑම් පහකට වඩා වැඩියෙන් තිබුණහොත්, ඒවා ජාන වෙනස් වීම් වලටත් බලපානු ලබයි. මේ අගය මයික්රොග්රෑම් දහයට වඩා වැඩි වුණොත්, දරුවන්ගේ බුද්ධි මට්ටම පහළ වැටෙන බව සොයා ගෙන ඇත. මුද්‍රිත කඩදාසි සහ ෂොපින් බෑග් ග්‍රොසරි බෑග්වල ආහාර දැවටීම, වාහන දුම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ඇතැම් තීන්ත වර්ග, චීනයෙන් ආනයනික සෙල්ලම් බඩු, සීඑෆ්එල් බල්බ පරිසරයට අනාරක්ෂිතව බැහැර කිරීම, ලොකු මුහුදු මාළු අනුභවය (තෝර, මෝර, තලපත්, කෙලවල්ලා වැනි) කෘෂි රසායනික ද්‍රව්‍යය මෙම බැර ලෝහ වර්ග ශරීර ගත වෙන සුලභ ක්‍රම කිහිපයකි.

මව් කුසේදීම දරුවාගෙ මොළයට පහර දෙන පළිබෝධනාශක.

ඇතැම් පළිබෝධනාශක වර්ගවල අඩංගු ක්‍රියාකාරි සංඝටක සහ ඒවායේ අඩංගු ඇතැම් ආකලන ද්‍රව්‍යවල (Pesticide additive - උදාහරණ, පිපරොනිල් බියුටොක්සයිඩ් piperonyl butoxide) ඉතා සුලු මාත්‍රාවකට (ක්ෂණිකව විෂ ලක්ෂණ පෙන්නුම් නොකළද) දීර්ඝ කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් යළි පුනරුත්ථාපනය කළ නොහැකි තරමේ හානියක් මොළයට සිදුවන බව පැවසේ. විශේෂයෙන් ඕර්ගනෝපොස්පේට් (Organophosphates) කාණ්ඩයේ (මේවා 'ස්නායුක විෂ' ගණයට අයත් වෙයි.) පළිබෝධනාශක වලින් වැඩි බලපෑමක් සිදු කෙරෙන අතර, අපේ රටේ ද සුලභව භාවිත කෙරෙන පළිබෝධනාශක රසායනිකයක් වන 'ක්ලෝපයිරිෆෝස්' (Chlorpyrifos) ප්‍රබල මොළ ඝාතකයෙකු ලෙස හඳුනා ගෙන ඇති බැවින්, යුරෝපා සංගමයේ රටවල් වල මෙම රසායනිකය ගෘහාශ්‍රිත කෘමිනාශක නිෂ්පාදන වල අඩංගු කිරීමද තහනම් කර ඇත.

' රිසර්ච් ගේට්' වෙබ් අඩවියේ පළකර තිබෙන ඡේ. පී. මාරසිංහ සහ සී. මාගමගේ ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කර ඇති පර්යේෂණයකට අනුව පිළිවෙලින් මෙරට සහල්, මුකුණුවැන්න, ගෝවා, බෝංචි ඇතුළු ආහාර බෝග සාම්පල වල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජාත්‍යන්තර කෝඩෙක්ස් ප්රමිතීන් (Codex Alimentarius Committee) පවා අභිබවන මට්ටමකින් ක්ලෝපයිරිෆෝස් රසායනිකයේ ශේෂයන් අන්තර්ගත වෙන බව හෙළි වී තිබේ. අනෙක් අතට පළිබෝධනාශක යහමින් යොදනු ලබන වගා බිම් ආසන්නයේ ජීවත් වන විශේෂයෙන් ගර්භනී මව්වරු සහ කුඩා දරුවන් ගේ මොළයට බරපතල හානියක් කරන්නට ද මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය වලට පිළිවන් වන බවත් අනාවරණය වේ.

දිව පිනවා මොළය නසන ආහාර රසකාරක

කඩේ පිළියෙල කෙරෙන පොල් සම්බෝලයේ පටන් සුප් කැට, සෝස්, පේස්ට් වර්ග, බිස්කට්, කුකීස් වර්ග දක්වා වන සකස් කළ ආහාර ද්‍රව්‍ය අති බහුතරයකම යහමින් අඩංගු වන වන MSG නොහොත් මොනො සෝඩියම් ග්ලුටමේට් නමැති කෘත්‍රිම රස ප්රවර්ධකය ප්‍රබල ස්නායු විෂකාරකයක් ලෙස හ`දුනාගැනේ. මෙම රසායනිකය මගින් මොළයේ මතකයට සම්බන්ධ වන ස්නායු දැඩි ලෙස උත්තේජනය කෙරේ. කාලයක් තිස්සේ මෙම රසායනිකයට නිරාවරණය වන්නෙකුගේ මොළයට ස්ථිර ලෙසම හානි සිදු විය හැකි බව සොයා ගෙන තිබේ.

කෘත්‍රිම ආහාර වර්ණක.

ට්රාටසීන් (කහ පාට/ E Number,102), ඉන්ඩිගෝ කාමයින් (E. 132.) වැනි කෘත්‍රිම ආහාර වර්ණක යෙදු ආහාර නිතර අනුභව කිරීම නිසාවෙන් ළමුනට ඉගෙනීමේ අපහසුතා සහ හැසිරීමේ ආබාධ සහ වෙනත් ස්නායු ආබාධ ඇති විය හැකි බව, සදම්ටන් සරසවියේ මහාචාර්ය ජිම් ස්ටීවන්සන් මහතා ඇතුළු විද්‍යාඥයින් අවධාරණය කරයි (Professor Jim Stevenson from Southampton University, UK.)

සීනි සහ කෘත්‍රිම පැණිරසකාරක - (Sweetener)

අධික සීනි පරිභෝජනය, මොළයේ යහපත් ක්‍රියාකාරිත්වයට ද බරපතල ලෙස හානි කරන බව සනාථ වී තිබේ. දිනකට ළමයෙකුට උපරිම ලෙස අනුභව කළ හැකි නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැඳි 4 ක් (ග්‍රෑම් 20) වුවද, අපේ රටේ අම්මලා සීනි තේ හැඳි දෙක තුනක් දමා තම දරුවන්ට කට කපලා කිරි වීදුරු දෙක තුනක්ම පොවන නිසාත්, සීනි දමා සකස් කළ ටොෆි, චොක්ලට්, කේක්, බනිස්, බිස්කට්, ජෙලි, කිරි පැකට්, අයිස් පැකට්, වැනි ලට පට කෑමත් මහ ගොඩක් ඒ දරුවන් විසින් ආමාශගත කර ගන්නා නිසාත්, අපේ රටේ දරුවෙකු දිනකට අනුභව කරනු ලබන සීනි ප්‍රමාණය ග්‍රෑම් සියය ද ඉක්මවන බව අවධාරණය කළ යුතුව තිබේ.

තවද, සුක්‍රලෝස්, ඇස්පාටෙම් ඇසෙසල්ෆේම් කේ සහ සැකරින් (Sucralose , Aspartem, Acesulfame K, Saccharin) වැනි කෘත්‍රිම පැණි රස කාරකයන්ද, මන්ද මානසික වර්ධනය, ස්නායූ ආබාධ, කාන්තාවන් ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවය සහ මඳ සරුභාවයට ද හේතු විය හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. සීනි සහ ඇතැම් කෘත්‍රිම පැණි රසකාරක මොළයේ මතක ගබඩාව වන හයිපොකැම්පස් (Hippocampus) මත අහිතකර ලෙස බලපාන බවත් සොයා ගෙන තිබේ. පැණි බීම, සිසිල් බීම, ශක්ති ජනක පාන වර්ග, අඩු කැලරි ආහාර, සීනි රහිත ආහාර, (Sugar free) ජෑම්, කෝඩියල්, චුවින්ගම්, ක්ෂණික පලතුරු පාන වර්ග, සීනි රහිත පැණි රස කෑම වැනි ආහාර නිෂ්පාදන තුළ කෘත්‍රිම පැණි රසකාරක වර්ග තිබිය හැකිය.

Diacetyl (Butter Flavoring)

ඔබ අනුභව කරන සකස් කළ කෑමවල බටර් සුවඳට හේතු වන කෘත්‍රිම රස කාරකයයි. මෙය මොළයේ ආරක්ෂක පටලය විනිවිද යන බව සොයා ගෙන තිබෙන අතර, විශේෂයෙන් ඇල්සයිමර්'ස් රෝගයට හේතු වෙන බව සොයා ගෙන ඇත.

Aluminum -

පෘතුවිය තුළ සුලභම මූලද්‍රව්‍ය වන්නේ ඇළුමිනියම් ය. පානීය ජලයේ පවා අංශුමාත්‍රිකව මෙම මූලද්‍රව්‍ය තිබිය හැකිය. මෙම බැර ලෝහයේ විශේෂත්වයක් වන්නේ එය අපගේ මොළය තුළ හානිකර ලෙස පැල පැදියම් වන්නට දක්වන මනාපයයි. ඇළුමිනියම් භාජන වල අම්ල සහිත ආහාර පිසීම සහ ආහාර ගබඩා කිරීම මෙම බැර ලෝහය ශරීරගත වන ප්‍රධාන ක්‍රමයයි. සකස් කළ ආහාර වලට සුලභව යොදනු ලබන ප්‍රතිකැටිකාරක (Anti caking agents) වර්ග වල, බේකින් පව්ඩර්, ඇතැම් ඩිඔඩ්රන්ට් වර්ග (Deodorants) ඇතැම් ප්‍රති ආම්ලික ඖෂධ මගින්ද (ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා නිර්දේශිත) ඇළුමිනියම් ශරීර ගත විය හැකිය. ඉඳින්, ටීවී එකේ දකින දකින, දරුවන් ඉල්ලන ඉල්ලන කෑම බීම ජාති අරන් දීම ආදරය යෑයි වරදවා තේරුම් අරන් ඉන්න වැඩිහිටියන්ගේ අවධානය, බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇති පහත ගාථා පාඨයට යොමු කරනු වටී.

අප්පස්සු තායන් පුරුසෝ, බලිවද්දෝව ජිරති.

මංසානිතස්ස වඩ්ඩති, පඥා තස්ස න වඩ්ඩති. (ධර්මය නොදන්නා අඥාන බාලයෝ කා බී හරක් සේ හොඳට තර වෙති. මස් හොඳට වැඩුනාට ප්‍රඥාවේ වැඩීමක් නැත.)

සෙල්ලම අහිමි කළ යාන්ත්‍රික දරුවන්ගේ ලෙල්ලම.

හොඳින් කය වෙහෙසීමේදි අපගේ පෙනහැලි උපරිම ධාරිතාවයකින් පිරී යන්නේය. හදවතේ ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසාවෙන් රුධිර සංසරණය මනාව සිදු වේ. ප්‍රතිඵලය ඔබගේ මොළයට හොඳ රුධිර සහ ඔක්සිජන් සැපයුමක් ලැබීමයි. මෙය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටත් මොළයේ සෑදෙන අහිතකර විෂ සංඝටක ඉක්මනින් බැහැර කරන්නටත් මනා පිටිවහලක් වෙයි. ඉදින් මනා ව්‍යායාමයක් නොමැති උදවියට වෙනත් කායික රෝගාබාධ පමණක් නොව මොළයේ ආබාධ විශේෂයෙන් ළමුන්ගේ බුද්ධි මට්ටම අඩු වීම, (Lower IQs) වැඩිහිටියන්ට ඇල්සයිමර්ස් රෝගය, ඩිමෙන්ෂියා වැනි රෝගාබාධ වැළඳෙන්නටත් හේතු වෙන බව සොයා ගෙන ඇත.

ගම්වල හැදී වැඩී වෙල් ඉපැනලිවල දුව පනිමින් ඇළේ දොළේ පිහිනමින් ජීවයෙන් පිරුණු ගහ කොළ ඵල වැලින් පෝෂණය වෙමින්, එකී ජීවයෙන් ද`ගලන නැවුම් වාතාශ්රයෙන් පෙනහැලි පුරවා ගෙන ජීවත්වීමේ ආනුභාවයෙන් ලද විශිෂ්ට මොළ ධාරිතාවයකින් පිරිපුන් බොහොමයක් ගම් වල දරුවන් උසස් විභාග සමත්ව අපේ රටේ කිසිදු විද්‍යානුකූල සැලැස්මකට අනුකූල නොවන ලෙස ඉදි කෙරුණු, පරිසර දූෂණයෙන් පිරිපුන්, නගර වල පැල පැදියම්ව වස විස කමින් බොමින් හුස්ම ගනිමින් සිටින බොහෝ දෙනෙකුගේ දෙවන තෙවන පරම්පරාවන් මුල් පරම්පරාවන් මෙන් මොළ කාරයින්, වැඩ කාරයින් (උසස් විභාග පාස් වූ අය නොව) නොවීමේ රහස හමුවන්නේ මෙතැනදීය.

එහෙත් මහතුන් වෙනවාට වැඩිය හොඳයි මට බැද්දෙ බතක් කර හිටියානම් කියා හිතන උදවියටද කියන්නට යමක් තිබේ. එනම් නව ලිබරල් ගරිල්ලා මාකටින් ත්‍රස්තවාදය විසින් බැද්ද ද (ගම) සිදාදිය ද එක සේ වසෙන් විසෙන් වනසා දමා ඇති බවය.

උපුටා ගැනීම - දිවයින පුවත්පත

[QUOTE="Truth Hurts, post: 17170718, member: 477372"] [COLOR="Black"][SIZE="3"]අද දවසේ අප පරිභෝජනය කරනු ලබන ඇතැම් පාරිභෝගික භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍යයන් තුළ අන්තර්ගතව තිබෙන සහ පරිසරයට බැහැර කරනු ලබන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන්, මානව ස්නායූ පද්ධතියට සහ මොළයට හානිකර ලෙස බලපාන බව සොයා ගෙන තිබේ. මෙම රසායනික ද්‍රව්‍යයන්වල අහිතකර බලපෑම් හේතු කොට ගෙන ළමුන් සමාජගතවීමේදී ඇතිවන දුර්වලතා (social impairment in kids) හැසිරීමේ අසාමාන්‍යතා, (Behavioral disorders) මතක ශක්තිය සහ බුද්ධිය අඩු වීම, (Lower IQs) ළමුන්ට වැළඳෙන අවධාන ඌනතා අධි ක්‍රියාකාරි ආබාධය, (Attention deficit hyperactivity disorder /ADHD) ඔටිසම්, (Autism) මොළයේ ඇති වන පිළිකා තත්ත්වයන්, පාකින්සන්ස් රෝගය, (Parkinson’s Disease) ඇල්සයිමර්ස්, (Alzheimer’s Disease) වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකි බව හෙළි වී ඇත. තමන්ගේ දූ දරුවන් උදේ ඉඳන් රෑ වෙනකල් කටේ දමා ගන්නේ මොනවාද, හිසේ, ඇඟේ ගාන්නේ මොනවාද, බලන්නෙ අහන්නෙ මොනවාද, ජීවත් වෙන්නේ මොන වාගේ පරිසරයකද යන්න පිළිබඳව මෙළෝ හසරක් නොමැතිව අධ්‍යාපනය ටියුෂන් වෙළෙන්දාටත්, මතක ශක්තිය දෙවි වරුන්ට හා දේවාලවල කපුවන්ටත්, ජීවම් කළ තලගොයි දිවටත් පවරා තමන්ගේ 'ඇරියස්' දරුවන්ගෙන් ලබා ගන්න උත්සාහ කරන, ළමයින් තරම්වත් මුහුකුරා නොගිය වැඩිහිටියන් බහුතරයක් වෙසෙන රටක, හිසේ සෞඛ්‍ය පිළිබඳව සිතන මතන උදවිය විසින් ඔලුවට දා ගත්තොත් මොළයට ලාභයක් විය හැකි කරුණු කාරණා කිහිපයක් පිළිබඳ අපි දැන් අවධානය යොමු කරමු. [B]මොළය සෝදා දමන හිස සෝදන shampoo [/B] අපේ රටේ කුඩා ළමුන් පවා දැන් දැන් හිස සේදීමට විවිධ ශැම්පෝ වර්ග, කන්ඩිෂනර් වර්ග භාවිත කරනු සුලභව දකින්නට ලැබෙයි. ලෝකයේ පිළිගත හැකි පර්යේෂණවලින් හෙළි වී තිබෙන, යුරෝපා කොමිසමේ රටවල් විසින් සීමා කිරීම්, තහනම් කිරීම් සහ අවධානයෙන් සිටිය යුතු යෑයි අවධාරණය කොට ඇති ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් ඇතැම් ශැම්පෝ, කන්ඩිෂනර්, බොඩි ලෝෂන්, දහදිය ගඳ වලක්වන ආලේපන වර්ග, සුවඳ විලවුන් වර්ග තුළ අන්තර්ගත වෙන බව සොයා ගෙන ඇත. මේවා බොහොමයක්ම ගර්භාෂයේ වැඩෙන දරුවන්ගේ මොළයට පවා හානි කරන්නට හේතු වෙන බවත් පැවසේ. මේ සඳහා උදාහරණ ලෙස, Methylisothiazolinone (MIT) නමැති රසායනිකය අසාත්මිකතා සහ ස්නායු විෂකාරක ලක්ෂණ පෙන්නුම් කර ඇති බැවින්, කැනඩා රජය විසින් තහනම් කර ඇති ආකාරය පෙන්වා දිය හැකිය. තවද මෙම සංයෝග සහිත නිෂ්පාදන යුරෝපා සංගමය සහ ජපානය විසින් භාවිතය සීමා කර ඇත. Diethanolamine නමැති රසායනික සංයෝගයද යුරෝපා රටවල් විසින් දැඩි සීමාවන්ට යටත්ව භාවිත කරන්නට අවසර දී ඇත. ස්නායු විෂකාරක සහ පිළිකාකාරක ලක්ෂණ පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත. [B]මදුරුවන්ටත් වඩා භයානක මදුරු කොයිල්, [/B] මදුරු කොයිල්, එරසෝල්, මැට් වර්ග වැනි මදුරු විකර්ශක වල ක්‍රියාකාරි සංඝටක ලෙස 'පයිරෙත්‍රොයිඩ' වර්ග (Pyrethroids) අන්තර්ගත වෙයි. මේවාට දීර්ඝ කාලීනව නිරාවරණය වීමෙන්, මොළයේ ස්නායූ සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල ඇති කළ හැකි බවට පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මදුරු විකර්ශක වල ඇති 'ඇලත්‍රීන්' මගින් මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වීම වළක්වාලන බාධකයේ (Blood Brain Barrier) පාරගම්‍යතාවය වැඩිකරන බැවින් මොළයට සිදුකරන බලපෑම සුළුපටු වන්නට නොහැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දීර්ඝ කාලීනව මදුරු කොයිල් දුමට නිරාවරණය වීමෙන්, මොළයේ ස්නායූ සෛල වල 'ඇසිටයිල් කෝලීන් ප්‍රතිග්‍රාහක' වල (MAChRs) යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමේ වෙනස්වීම් ඇති කරන බවත් සොයාගෙන ඇත. [B]මතක ශක්තිය අඩු කරන ෆ්ලෝරයිඩ්. [/B] දත් සහ අස්ථිවල නිරෝගිභාවය උදෙසා වැදගත් මෙහෙයක් ඉටු කළ ද, ෆ්ලෝරයිඩ් අධික ලෙස ශරීරගත වීමෙන් දත් සහ අස්ථි පමණක් නොව මොළයේ වර්ධනයටත් හානිකර ලෙස බලපාන බවට තහවුරු වී තිබේ. එබැවින්, විශේෂයෙන් කුඩා ළමුන් දන්තාලේප ගිලීම සහ ස්වභාවයෙන්ම ජලයේ ෆ්ලෝරයිඩ් අධික පළාත් වල වෙසෙන උදවිය ෆ්ලෝරයිඩ් ඉවත් නොකළ (ෆිල්ටර් නොකළ) ජලය පානයට ගැනීම අනතුරුදායක විය හැකි බව අවධාරණය කළ යුතුව ඇත. ([url]http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3491930[/url]) [B]ලෙඩ්, රසදිය සහ ආර්සනික් වැනි බැර ලෝහ. [/B] මේවා අපේ සිරුරට ඇතුල් වූ විට එම බැර ලෝහවලට අපගේ සිරුරු තුළදී කරන්න කිසිම ජීව විද්‍යාත්මක කාර්යයක් ඇත්තේ නැත. ඒ නිසා මේවා ශරීරය තුළ එකතු වේ. රුධිරය ඩෙසි ලීටර් එකක 'ඊයම්' මයික්‍රො ග්‍රෑම් පහකට වඩා වැඩියෙන් තිබුණහොත්, ඒවා ජාන වෙනස් වීම් වලටත් බලපානු ලබයි. මේ අගය මයික්රොග්රෑම් දහයට වඩා වැඩි වුණොත්, දරුවන්ගේ බුද්ධි මට්ටම පහළ වැටෙන බව සොයා ගෙන ඇත. මුද්‍රිත කඩදාසි සහ ෂොපින් බෑග් ග්‍රොසරි බෑග්වල ආහාර දැවටීම, වාහන දුම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ඇතැම් තීන්ත වර්ග, චීනයෙන් ආනයනික සෙල්ලම් බඩු, සීඑෆ්එල් බල්බ පරිසරයට අනාරක්ෂිතව බැහැර කිරීම, ලොකු මුහුදු මාළු අනුභවය (තෝර, මෝර, තලපත්, කෙලවල්ලා වැනි) කෘෂි රසායනික ද්‍රව්‍යය මෙම බැර ලෝහ වර්ග ශරීර ගත වෙන සුලභ ක්‍රම කිහිපයකි. [B]මව් කුසේදීම දරුවාගෙ මොළයට පහර දෙන පළිබෝධනාශක. [/B] ඇතැම් පළිබෝධනාශක වර්ගවල අඩංගු ක්‍රියාකාරි සංඝටක සහ ඒවායේ අඩංගු ඇතැම් ආකලන ද්‍රව්‍යවල (Pesticide additive - උදාහරණ, පිපරොනිල් බියුටොක්සයිඩ් piperonyl butoxide) ඉතා සුලු මාත්‍රාවකට (ක්ෂණිකව විෂ ලක්ෂණ පෙන්නුම් නොකළද) දීර්ඝ කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් යළි පුනරුත්ථාපනය කළ නොහැකි තරමේ හානියක් මොළයට සිදුවන බව පැවසේ. විශේෂයෙන් ඕර්ගනෝපොස්පේට් (Organophosphates) කාණ්ඩයේ (මේවා 'ස්නායුක විෂ' ගණයට අයත් වෙයි.) පළිබෝධනාශක වලින් වැඩි බලපෑමක් සිදු කෙරෙන අතර, අපේ රටේ ද සුලභව භාවිත කෙරෙන පළිබෝධනාශක රසායනිකයක් වන 'ක්ලෝපයිරිෆෝස්' (Chlorpyrifos) ප්‍රබල මොළ ඝාතකයෙකු ලෙස හඳුනා ගෙන ඇති බැවින්, යුරෝපා සංගමයේ රටවල් වල මෙම රසායනිකය ගෘහාශ්‍රිත කෘමිනාශක නිෂ්පාදන වල අඩංගු කිරීමද තහනම් කර ඇත. ' රිසර්ච් ගේට්' වෙබ් අඩවියේ පළකර තිබෙන ඡේ. පී. මාරසිංහ සහ සී. මාගමගේ ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කර ඇති පර්යේෂණයකට අනුව පිළිවෙලින් මෙරට සහල්, මුකුණුවැන්න, ගෝවා, බෝංචි ඇතුළු ආහාර බෝග සාම්පල වල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජාත්‍යන්තර කෝඩෙක්ස් ප්රමිතීන් (Codex Alimentarius Committee) පවා අභිබවන මට්ටමකින් ක්ලෝපයිරිෆෝස් රසායනිකයේ ශේෂයන් අන්තර්ගත වෙන බව හෙළි වී තිබේ. අනෙක් අතට පළිබෝධනාශක යහමින් යොදනු ලබන වගා බිම් ආසන්නයේ ජීවත් වන විශේෂයෙන් ගර්භනී මව්වරු සහ කුඩා දරුවන් ගේ මොළයට බරපතල හානියක් කරන්නට ද මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය වලට පිළිවන් වන බවත් අනාවරණය වේ. [B]දිව පිනවා මොළය නසන ආහාර රසකාරක [/B] කඩේ පිළියෙල කෙරෙන පොල් සම්බෝලයේ පටන් සුප් කැට, සෝස්, පේස්ට් වර්ග, බිස්කට්, කුකීස් වර්ග දක්වා වන සකස් කළ ආහාර ද්‍රව්‍ය අති බහුතරයකම යහමින් අඩංගු වන වන MSG නොහොත් මොනො සෝඩියම් ග්ලුටමේට් නමැති කෘත්‍රිම රස ප්රවර්ධකය ප්‍රබල ස්නායු විෂකාරකයක් ලෙස හ`දුනාගැනේ. මෙම රසායනිකය මගින් මොළයේ මතකයට සම්බන්ධ වන ස්නායු දැඩි ලෙස උත්තේජනය කෙරේ. කාලයක් තිස්සේ මෙම රසායනිකයට නිරාවරණය වන්නෙකුගේ මොළයට ස්ථිර ලෙසම හානි සිදු විය හැකි බව සොයා ගෙන තිබේ. [B]කෘත්‍රිම ආහාර වර්ණක. [/B] ට්රාටසීන් (කහ පාට/ E Number,102), ඉන්ඩිගෝ කාමයින් (E. 132.) වැනි කෘත්‍රිම ආහාර වර්ණක යෙදු ආහාර නිතර අනුභව කිරීම නිසාවෙන් ළමුනට ඉගෙනීමේ අපහසුතා සහ හැසිරීමේ ආබාධ සහ වෙනත් ස්නායු ආබාධ ඇති විය හැකි බව, සදම්ටන් සරසවියේ මහාචාර්ය ජිම් ස්ටීවන්සන් මහතා ඇතුළු විද්‍යාඥයින් අවධාරණය කරයි (Professor Jim Stevenson from Southampton University, UK.) [B]සීනි සහ කෘත්‍රිම පැණිරසකාරක - (Sweetener) [/B] අධික සීනි පරිභෝජනය, මොළයේ යහපත් ක්‍රියාකාරිත්වයට ද බරපතල ලෙස හානි කරන බව සනාථ වී තිබේ. දිනකට ළමයෙකුට උපරිම ලෙස අනුභව කළ හැකි නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැඳි 4 ක් (ග්‍රෑම් 20) වුවද, අපේ රටේ අම්මලා සීනි තේ හැඳි දෙක තුනක් දමා තම දරුවන්ට කට කපලා කිරි වීදුරු දෙක තුනක්ම පොවන නිසාත්, සීනි දමා සකස් කළ ටොෆි, චොක්ලට්, කේක්, බනිස්, බිස්කට්, ජෙලි, කිරි පැකට්, අයිස් පැකට්, වැනි ලට පට කෑමත් මහ ගොඩක් ඒ දරුවන් විසින් ආමාශගත කර ගන්නා නිසාත්, අපේ රටේ දරුවෙකු දිනකට අනුභව කරනු ලබන සීනි ප්‍රමාණය ග්‍රෑම් සියය ද ඉක්මවන බව අවධාරණය කළ යුතුව තිබේ. තවද, සුක්‍රලෝස්, ඇස්පාටෙම් ඇසෙසල්ෆේම් කේ සහ සැකරින් (Sucralose , Aspartem, Acesulfame K, Saccharin) වැනි කෘත්‍රිම පැණි රස කාරකයන්ද, මන්ද මානසික වර්ධනය, ස්නායූ ආබාධ, කාන්තාවන් ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවය සහ මඳ සරුභාවයට ද හේතු විය හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. සීනි සහ ඇතැම් කෘත්‍රිම පැණි රසකාරක මොළයේ මතක ගබඩාව වන හයිපොකැම්පස් (Hippocampus) මත අහිතකර ලෙස බලපාන බවත් සොයා ගෙන තිබේ. පැණි බීම, සිසිල් බීම, ශක්ති ජනක පාන වර්ග, අඩු කැලරි ආහාර, සීනි රහිත ආහාර, (Sugar free) ජෑම්, කෝඩියල්, චුවින්ගම්, ක්ෂණික පලතුරු පාන වර්ග, සීනි රහිත පැණි රස කෑම වැනි ආහාර නිෂ්පාදන තුළ කෘත්‍රිම පැණි රසකාරක වර්ග තිබිය හැකිය. Diacetyl (Butter Flavoring) ඔබ අනුභව කරන සකස් කළ කෑමවල බටර් සුවඳට හේතු වන කෘත්‍රිම රස කාරකයයි. මෙය මොළයේ ආරක්ෂක පටලය විනිවිද යන බව සොයා ගෙන තිබෙන අතර, විශේෂයෙන් ඇල්සයිමර්'ස් රෝගයට හේතු වෙන බව සොයා ගෙන ඇත. [B]Aluminum - [/B] පෘතුවිය තුළ සුලභම මූලද්‍රව්‍ය වන්නේ ඇළුමිනියම් ය. පානීය ජලයේ පවා අංශුමාත්‍රිකව මෙම මූලද්‍රව්‍ය තිබිය හැකිය. මෙම බැර ලෝහයේ විශේෂත්වයක් වන්නේ එය අපගේ මොළය තුළ හානිකර ලෙස පැල පැදියම් වන්නට දක්වන මනාපයයි. ඇළුමිනියම් භාජන වල අම්ල සහිත ආහාර පිසීම සහ ආහාර ගබඩා කිරීම මෙම බැර ලෝහය ශරීරගත වන ප්‍රධාන ක්‍රමයයි. සකස් කළ ආහාර වලට සුලභව යොදනු ලබන ප්‍රතිකැටිකාරක (Anti caking agents) වර්ග වල, බේකින් පව්ඩර්, ඇතැම් ඩිඔඩ්රන්ට් වර්ග (Deodorants) ඇතැම් ප්‍රති ආම්ලික ඖෂධ මගින්ද (ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා නිර්දේශිත) ඇළුමිනියම් ශරීර ගත විය හැකිය. ඉඳින්, ටීවී එකේ දකින දකින, දරුවන් ඉල්ලන ඉල්ලන කෑම බීම ජාති අරන් දීම ආදරය යෑයි වරදවා තේරුම් අරන් ඉන්න වැඩිහිටියන්ගේ අවධානය, බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇති පහත ගාථා පාඨයට යොමු කරනු වටී. අප්පස්සු තායන් පුරුසෝ, බලිවද්දෝව ජිරති. මංසානිතස්ස වඩ්ඩති, පඥා තස්ස න වඩ්ඩති. (ධර්මය නොදන්නා අඥාන බාලයෝ කා බී හරක් සේ හොඳට තර වෙති. මස් හොඳට වැඩුනාට ප්‍රඥාවේ වැඩීමක් නැත.) සෙල්ලම අහිමි කළ යාන්ත්‍රික දරුවන්ගේ ලෙල්ලම. හොඳින් කය වෙහෙසීමේදි අපගේ පෙනහැලි උපරිම ධාරිතාවයකින් පිරී යන්නේය. හදවතේ ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසාවෙන් රුධිර සංසරණය මනාව සිදු වේ. ප්‍රතිඵලය ඔබගේ මොළයට හොඳ රුධිර සහ ඔක්සිජන් සැපයුමක් ලැබීමයි. මෙය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටත් මොළයේ සෑදෙන අහිතකර විෂ සංඝටක ඉක්මනින් බැහැර කරන්නටත් මනා පිටිවහලක් වෙයි. ඉදින් මනා ව්‍යායාමයක් නොමැති උදවියට වෙනත් කායික රෝගාබාධ පමණක් නොව මොළයේ ආබාධ විශේෂයෙන් ළමුන්ගේ බුද්ධි මට්ටම අඩු වීම, (Lower IQs) වැඩිහිටියන්ට ඇල්සයිමර්ස් රෝගය, ඩිමෙන්ෂියා වැනි රෝගාබාධ වැළඳෙන්නටත් හේතු වෙන බව සොයා ගෙන ඇත. ගම්වල හැදී වැඩී වෙල් ඉපැනලිවල දුව පනිමින් ඇළේ දොළේ පිහිනමින් ජීවයෙන් පිරුණු ගහ කොළ ඵල වැලින් පෝෂණය වෙමින්, එකී ජීවයෙන් ද`ගලන නැවුම් වාතාශ්රයෙන් පෙනහැලි පුරවා ගෙන ජීවත්වීමේ ආනුභාවයෙන් ලද විශිෂ්ට මොළ ධාරිතාවයකින් පිරිපුන් බොහොමයක් ගම් වල දරුවන් උසස් විභාග සමත්ව අපේ රටේ කිසිදු විද්‍යානුකූල සැලැස්මකට අනුකූල නොවන ලෙස ඉදි කෙරුණු, පරිසර දූෂණයෙන් පිරිපුන්, නගර වල පැල පැදියම්ව වස විස කමින් බොමින් හුස්ම ගනිමින් සිටින බොහෝ දෙනෙකුගේ දෙවන තෙවන පරම්පරාවන් මුල් පරම්පරාවන් මෙන් මොළ කාරයින්, වැඩ කාරයින් (උසස් විභාග පාස් වූ අය නොව) නොවීමේ රහස හමුවන්නේ මෙතැනදීය. එහෙත් මහතුන් වෙනවාට වැඩිය හොඳයි මට බැද්දෙ බතක් කර හිටියානම් කියා හිතන උදවියටද කියන්නට යමක් තිබේ. එනම් නව ලිබරල් ගරිල්ලා මාකටින් ත්‍රස්තවාදය විසින් බැද්ද ද (ගම) සිදාදිය ද එක සේ වසෙන් විසෙන් වනසා දමා ඇති බවය. උපුටා ගැනීම - දිවයින පුවත්පත [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom