මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,198
    47,013
    113
    එකම පවුලේ පිරිසක් ගමනක් ගත් මෝටර් රථයක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී අද (11) උදෑසන අනතුරක් සිදුව තිබේ.

    වැල්ලම්පිටියේ සිට නුවරඑළියේ සංචාරයක් සඳහා ගමන්ගත් මව, පියා, දියණිය සහ දියණියගේ දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණපා ඇත.

    දියණිය විසින් මෝටර් රථය ධාවනය කර තිබේ.

    ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ බස් රථයකට ඉඩදීමට යෑමේදී රියදුරුගේ පාලනයෙන් මෝටර් රථය ප්‍රපාතයට පෙරළී ඇත.

    මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නොමැත.