Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ යකඩෝ..! ලංකාවේ අම්මට සිරිම සමුපකාර මේවානේ..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමූපකාරය පිළිබඳ ලංකාවේ බොහෝ අයට තිබෙන්නේ සෘන ආකල්පයකි. එයට සාධාරණ හේතු ද නැතුවා නොවේ. ඒවා සම්බන්ධව අමුතුවෙන් කිව යුතු නැත. මා මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ පසුගිය දා මා විසින් අධ්‍යයන කටයුත්තක් සඳහා (Research ) තෝරාගත් සමූපකාර සමිති කිහිපයක කළ සංචාරයකදී ලබා ගත් තොරතුරු කිහිපයක් ඔබ සමග හුවමාරු කරගැනීමට ය.

අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය...

මාගේ පළමු සංචාරය ආරම්භ වන්නේ අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියෙනි. මෙම සමිතිය තෝරා ගැනීමට හේතුව අකුරැස්ස සමූපකාරය ලංකාවේ පළමු සහ එකම ඩිජිටල්කරණය වූ සමූපකාරය වූ නිසාවෙනි. මෙම සමූපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩල බලය JVP /ජාතික ජනබලවේගය ලබා ගන්නේ 2005 වර්ෂයේ ය. මෙම සමිතිය පරිඝණක ගත කිරීම ආරම්භ වන්නේ 2007 වැනි ඈත කාලයකයි. 2010 වන විට සම්පූර්ණ පද්ධතියම ජාල ගත කොට අවසන් ය. ඒ වන විට ලංකාවේ නම් දරා තිබෙන සුපිරි වෙළඳසැල් පවා එම තත්ත්වයට ලඟා වී නොතිබුණි. මේ වන විට සියළු වාර්තා , ගිණුම් , තොග පාලනය , සේවක වැටුප් , අර්ථසාධක ගෙවීම්, බැංකු නිෂ්කාශන ඇතුළු සියළු කටයුතු සිදුවන්නේ පරිඝණක ජාලයක් හරහාය.

අවුරුදු 18 ක් නිතරඟයෙන්, සාමාජිකයන් 42000 ක්...

මෙම සමූපකාර සමිතිය අවුරුදු 18 ක් පාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වර්ථාමානයේ ජාතික ජන බල වේගය නියෝජනය කරමින් තේරී පත්වූ අධ්යක්ෂ මණ්ඩලයකිනි. බොහෝ නිලවරණ වලදී සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය නිතරඟයෙන් තේරී පත් වී තිබීම මෙහි ඇති විශේෂත්වයකි. එහි සභාපති හැටියට කටයුතු කරන රාජපක්ෂ මහතා මෙම අවුරුදු 18 පුරාවට සභාපති හැටියට තේරී පත්වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. මෙම සමූපකාර සමිතිය සතුව සාමාජිකයන් 42,000 ක් සිටී. මොවුන් වෙනුවෙන් සමූපකාරය සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කරයි.

ආරම්භයේ දී රුපියල් 400 ක් ගෙවාගන්න විදිහක් නෑ...

මෙම අධ්යක්ෂ මණ්ඩලය මුලින්ම බලය ලබා ගන්නා අවධිය වන විට සමූපකාරය බංකොලොත් වී තිබී ඇත. මිලියන 52 ක මූල්‍ය හා වෙළෙඳ ණය ගෙවීමට තිබී ඇත. රුපියල් 400 යේ චෙක් පතක් ගෙවීමට පවා ඔවුන්ගේ බැංකු ගිණුමේ මුදල් නොතිබුණු තත්ත්වයක් තිබුණු බව මා සමග පැවත් වූ සාකච්ඡාවේදී සභාපති වරයා ප්‍රකාශ කලේ ය. සේවක විශ්‍රාම පාරිතෝෂික වසර ගණනාවක් ගෙවා නොතිබිණි. විශාල ණය බරක් සහිතව භාර ගත් සමූපකාරය මේ වන විට අකුරැස්ස ප්‍රදේශයේ ශක්තිමත්ම ශාඛා ජාලයක් හිමි (ශාඛා 41 ක් සහ ග්‍රාමීය බැංකු 14ක්) සමූපකාර සමිතිය බවට පත් වී ඇත. නව අධ්යක්ෂ මණ්ඩලය බලය ලබා ගන්නා විට සිටි සේවක පිරිසෙන් එක් සේවකයකු පමණක් විනය විරෝධි මූල්‍ය චෝදනාවකට වැරැදි කරු වීම හේතු කොට ගෙන සේවයෙන් ඉවත් කිරීමට සිදු වූ බවත් එකල සිටි අනෙකුත් සියළු සෙවකයින් රඳවා තබා ගනිමින් සමූපකාර සමිතිය අද තිබෙන තත්ත්වයට පත් කිරීමට ඔවුන් දායක කරගත් බවත් සභාපති වරයා ප්‍රකාශ කළේ ය.

"One Stop Shop "

අකුරැස්ස නගර මධ්‍යයේ පිහිටි සමූපකාර සමිතියේ අංග සම්පූර්ණ සුවිසල් මූලස්ථාන ගොඩනැගිල්ල සමිතිය සතුය. නගරයේ තොග බඩු සැපැයුම් කරු බවට සමූපකාරය පත්වී තිබෙන තත්ත්වයක් ඇත. අනෙකුත් සිල්ලර වෙළෙන්දන් තොග මිල දී ගන්නේ සමූපකාරයෙනි. දින දෙකකට වරක් සමූපකාරය සහල් ලොරියක් අලෙවි කරයි. අකුරැස්ස නගරයේ සහ අවට නගර වල වෙළෙඳපොළ මිල තීරණය කරන්නේ අකුරැස්ස සමූපකාරයයි. පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් අභිබවමින් දවසේ සෑම මොහොතකම පාරිභෝගිකයන්ගෙන් පිරී තිබෙන සමූපකාර සුපිරි වෙළෙඳසැල හොඳම බඩු, අඩුම මිලට ලබා දෙයි. අකුරැස්ස නගරයේ ඇති නම් දැරූ සුපිරි වෙළඳසැල් වල ශාඛා වල මා කල සංචාරයේදී පෙනී ගියේ පාරිභෝගිකයන් ඇත්තේම නැති තරම් ය. වාහන ගාල් හිස්ය. අකුරැස්ස සමූපකාරය ප්‍රදේශයේ ජනයාගේ සියළු පාරිභෝගික අවශ්‍යතා සපුරන "One Stop Shop " එකකි.

දරුවන්ට ගුරුවරුන්ට ගාස්තුවෙන් අඩක් අයකරන බස් සේවාවක්..

සමූපකාර සාමාජිකයන්ගේ සහ ප්‍රදේශයේ පාසැල් යන දරුවන්ට හා ගුරුවරුන් සඳහා ගාස්තුවෙන් හරි අඩක් අයකරන ආසන 56 බස් රථ තුනක් දින පතා පාසැල් සේවය සඳහා යොදවා ඇත. තවත් බස් රථ දෙකක් සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනයේ යොදවා තිබෙන අතර මෙම බස් රථ වල ගමන් ගන්නා සියළු බෞද්ධ භික්ෂු භික්ෂූනීන් සහ අන්‍ය ආගමික පූජක පක්ෂය සඳහා ගමනාන්තය දක්වා නොමිලයේ ප්‍රවාහනය සපයා ඇත.

ඉතා පහසු ණය යෝජනා ක්‍රමයක්..

සමූපකාරය විසින් සාමාජිකයන් 09 දෙනා බැගින් ග්‍රාමීය කාන්තා කුඩා කණ්ඩායම් 800ක් සකස් කොට ඔවුන්ට ඉතා අඩු පොලියකට ස්වයං රැකියා ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඔවුන්ගේ නිෂ්පාදන සියල්ල සමූපකාරය මිල දී ගනී. නිෂ්පාදකයින්ට අවශ්‍ය තාක්ෂණය සමූපකාරය විසින් සේවයේ යොදවා ඇති තාක්ෂණික නිළධාරීන් සපයයි.

ප්‍රදේශයේ කුඩා තේ වතු ගොවියන් සඳහා ඉතා පහසු ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඉඩම් අක්කර කාල බැගින් තෝරා ගෙන අවශ්‍ය පැල, පොහොර, රසායනික ද්‍රව්‍ය, තාක්ෂණය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සමූපකාරය සපයයි. සමූපකාරයට කොටස් හිමි තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ගොවියාගේ තේ දලු සාධාරණ මිලකට මිල දී ගනී.

සමූපකාරය මගින් ප්‍රදේශයේ රෝහල් , පාසැල් , පංසල් සහ සාමාජික සුබසාධනය සඳහා විශාල වැඩකොටසක් සිදු කරයි. කොවිඩ් වසංගත සමයේ සහ ගංවතුර කාල වල දස දහසකට වඩා ග්‍රාමීය ජනයාට වියලි ආහාර පාර්සල් වගේම පිසූ ආහාර සැපැයීමට සමූපකාරය කටයුතු කල බව සාකච්ඡාවේදී හෙළිදරව් විය. සාමාජික දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන කටයුතු කරගැනීමට ජංගම දුරකථන , ඉන්ටර්නෙට් පහසුකම් , ටැබ් පරිඝණක මිලදී ගැනීමට නාමික පොලියකට ණය ලබා දීමට කටයුතු කොට ඇත.

සමූපකාරය කිසිදු බැංකු ණයක් හෝ අයිරාවක් අවු 18 කට අරන් නෑ...

සමූපකාරය කිසිදු බැංකු ණයක් හෝ අයිරාවක් මෙම අවුරුදු 18 තුල ලබා ගෙන නැත. සමූපකාරයේ ප්‍රසම්පාදන අංශය සියළු තොග කොළඹ සැපැයුම් කරුවන්ගෙන් අත්පිට මුදලට මිල දී ගනී. ඒ හරහා ලැබෙන ඉහළ වට්ටම් හේතුවෙන් සාමාජිකයන්ට භාණ්ඩ ඉතා අඩු මිලට සැපැයීමට හැකි වී ඇත. එම නිසා අනෙකුත් වෙළෙඳුන්ටද සමුපකාරයේ මිලට භාණ්ඩ අලෙවි කිරීමට සිදුව ඇත.

විශේෂඥ වෛද්‍ය පහසුකම් සහිත සමූපකාර රෝහලක්..

අකුරැස්ස සමූපකාරය මෙතෙක් කිසිදු මුදල් වර්ෂයක අලාභ ලබා නැත. සෑම වසරකම ඔවුන් ලබන ලාභයෙන් වැඩි කොටස සාමාජික සුභසාධනය සඳහා යොදවන බව සභාපති වරයා ප්‍රකාශ කලේ ය. තව වසර දෙකක් තුල සියළු සායන සහ ශල්‍යාගාර පහසුකම් වලින් සමන්විත විශේෂඥ වෛද්‍ය පහසුකම් සහිත සමූපකාර රෝහලක් බිහිකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇත. එමෙන්ම අකුරැස්ස සමූපකාර සමිතිය රජයේ සමූපකාර දෙපාර්තමේන්තුවේ නිරන්තර ඇගැයීමට ලක් වී තීබීම පැසසිය යුතු ය.

අකුරැස්සේ රහස කුමක්ද?

සමූපකාරය බොහෝ අයට "ඇලජික්" වී ඇත්තේ ඒ තුල ඇති හොරකම දුෂනය සහ වංචාව නිසයි. එමෙන්ම ගුණාත්මක මට්ටමින් ඉතා අඩු භාණ්ඩ විකිණීමට සමූපකාරය පෙළඹී තිබීමයි. අනෙකුත් පෞද්ගලික අංශය සමග කරට කර තරඟයක් දී පාරිභෝගිකයා දිනාගැනීමට සූදානම් නොවීමයි. අක්‍රමවත් , නිද්‍රාශීලී , සේවක පිරිස් සිටීම නිසයි. නව තාක්ෂණය යොදා නොගැනීම, නවීන ගෙවීම් ක්‍රම භාවිතා නොකිරීම යි. සියල්ලටම වඩා පක්ෂ දේශපාලනය සමූපකාරය තුලට පැමිණීම යි.

එය එසේ නොවන බවට එක් උදාහරණයක් අකුරැස්ස විවිධ සේවා සමූපකාරය සපයා ඇත. මෙහි රහස නිවැරැදි කළමනාකරණය , වංචාව , දූෂණය , හොරකම පිටු දැකීමයි. පක්ෂ දේශපාලනය සමූපකාරයට වද්දා නොගැනීම යි. මෙතෙක් මෙම තොරතුරු ලංකාවේ බොහෝ ජනයා නොදන්නෙ සමූපකාරය පක්ෂ දේශපාලනය සඳහා ඔවුන් යොදා නොගැනීම විය හැක.

ජාතික ජනබලවේගයට මේ වන විට සමූපකාර සමිති 26 ක බලය..

සමූපකාරය නව ලිබරල්වාදයේ පරම සතුරා වීමට ප්‍රධාන හේතුව පෞද්ගලික අංශය පාලනය කිරීමට සමුපකාරයට ඇති හැකියාව ඔවුන් දන්නා නිසයි. ජාතික ජනබලවේගය මේ වන විට සමූපකාර සමිති 26කට ආසන්න ප්‍රමාණයක අධ්යක්ෂ මණ්ඩල බලය ලබා ගෙන ඇත. ඒ සියල්ලේම මේ වන විටත් අවශ්‍ය ප්රතිසංවිධාන කටයුතු සිදුවන බව පේන්නට තිබුණි. සමාජ සහයෝගිතා ආර්ථික ක්‍රමය පිළිබඳ මාගේ පර්යේෂණ නිබන්ධනය තුල මෙම කරුණු උදාහරණ සහිතව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

වලස්මුල්ල සමූපකාරයට වසර 19 ක්..

වලස්මුල්ල සමූපකාරය JVP/ජාතික ජනබලවේගය අධ්යක්ෂ මණ්ඩලය වසර 19 (2004 සිට) ක් පාලනය කරයි. එහි අධ්යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කල අන්දමට ඔවුන් සතුව මේ වන විට ශාඛා 08 ක් ඇත. ඉදිරි වර්ෂය තුල ශාඛා ජාලය තවත් පුළුල් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව අධ්යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කලේ ය. සමූපකාර සමිතියේ සාමාජිකයන් 32000 ක් පමණ සිටී. ඔවුන්ගේ තෙවන ඉන්ධන පිරවුම් හල ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටී. නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ගොඩනැගීමටද ඔවුන් බලාපොරොත්තු වේ.

කොළඹ වරාය සමූපකාර බැංකුව, ලංකාවේ හොඳම එක...

කොළඹ වරාය සමූපකාර බැංකුව වසර 14 ක් JVP/ජාතික ජනබලවේගය අධ්යක්ෂ මණ්ඩලය පාලනය කරයි. ඔවුන් සෑම නිළවරණයකින්ම නිතරගයෙන් පත්වන බව එහි සභාපති වරයා ප්‍රකාශ කලේ ය. ඔවුන්ගේ වාර්ෂික ලාභයෙන් මිලියන ගණනක් සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සුබසාධනය සඳහා යොදවන බව එහි සභාපති වරයා ප්‍රකාශ කලේ ය. සාමාජිකයන්ගේ විශ්වවිද්‍යාලයට තේරුණු දරුවන් සහ ශිෂ්‍යත්වය සමත් දරුවන් සඳහා අධ්‍යාපන කාල සීමාව සඳහා ශිෂ්‍යයත්ව ක්‍රමයක් වසර කිහිපයක්ම ඔවුන් ක්‍රියාත්මක කොට ඇත. ලංකාවේ හොඳම සමූපකාර බැංකුව , හොඳම ගිණුම් වාර්තා පවත්වා ගෙන යන සමූපකාර බැංකුව යනාදි වශයෙන් සමූපකාර දෙපාර්තමේන්තුව විසින් වරාය සමූපකාර බැංකුව ඇගයීමට ලක් කොට ඇත.

සමාජ සහයෝගිතා අර්ථ ක්‍රමය SSE

සමාජ සහයෝගිතා අර්ථ ක්රමයක (Social Solidarity Economy ) ප්‍රධාන අංග තුනෙන් එකක් වන සමූපකාරයට සමාජ ප්රගමනය සඳහා විශාල වැඩකොටසක් කල හැකි බව මේ තුලින් විද්‍යාමාන වෙයි. SSE ආර්ථික ක්රමයක රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ සමූපකාර අංශය ප්‍රධාන මෙහෙයුම් කාරකායන් වේ. රජයේ කාර්යභාරය වන්නේ ප්‍රතිපත්ති සැකසීම , නියාමනය , අවශ්‍ය තැන් වලදී මැදිහත් වීම , ප්රාග්ධනය හා තාක්ෂණය සැපැයීම , මානව සම්පත් සංවර්ධනය සහ වෙළෙඳපොළ සොයාදීමයි. එවැනි ආර්ථික ක්‍රමවේදයක් තුල කෙටි කාලයකින් ලංකාවේ ආර්ථික හා සමාජ අර්බුදය සමනය කල හැක.

සමූපකාරය "ඇලජික්" නොවීමට නම් එහි පරිපාලනය අදූෂිත , සෘජු තීරණ ගන්නා, සාමාජික සුබසාධනය පතන පිරිසකගේ පාලනයට පත්විය යුතු ය. රටක් සංවර්ධනය වීමටද මෙම ගුණාංග අත්‍යවශ්‍ය ය. එවැනි පිරිසක් රාජ්‍ය පාලනය සඳහා තෝරා ගැනීම පුරවැසියන් වන අපගේ වගකීම නොවේද ?

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

[QUOTE="SLK_sri, post: 29397559, member: 569192"] සමූපකාරය පිළිබඳ ලංකාවේ බොහෝ අයට තිබෙන්නේ සෘන ආකල්පයකි. එයට සාධාරණ හේතු ද නැතුවා නොවේ. ඒවා සම්බන්ධව අමුතුවෙන් කිව යුතු නැත. මා මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ පසුගිය දා මා විසින් අධ්‍යයන කටයුත්තක් සඳහා (Research ) තෝරාගත් සමූපකාර සමිති කිහිපයක කළ සංචාරයකදී ලබා ගත් තොරතුරු කිහිපයක් ඔබ සමග හුවමාරු කරගැනීමට ය. [HEADING=3]අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය...[/HEADING] මාගේ පළමු සංචාරය ආරම්භ වන්නේ අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියෙනි. මෙම සමිතිය තෝරා ගැනීමට හේතුව අකුරැස්ස සමූපකාරය ලංකාවේ පළමු සහ එකම ඩිජිටල්කරණය වූ සමූපකාරය වූ නිසාවෙනි. මෙම සමූපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩල බලය JVP /ජාතික ජනබලවේගය ලබා ගන්නේ 2005 වර්ෂයේ ය. මෙම සමිතිය පරිඝණක ගත කිරීම ආරම්භ වන්නේ 2007 වැනි ඈත කාලයකයි. 2010 වන විට සම්පූර්ණ පද්ධතියම ජාල ගත කොට අවසන් ය. ඒ වන විට ලංකාවේ නම් දරා තිබෙන සුපිරි වෙළඳසැල් පවා එම තත්ත්වයට ලඟා වී නොතිබුණි. මේ වන විට සියළු වාර්තා , ගිණුම් , තොග පාලනය , සේවක වැටුප් , අර්ථසාධක ගෙවීම්, බැංකු නිෂ්කාශන ඇතුළු සියළු කටයුතු සිදුවන්නේ පරිඝණක ජාලයක් හරහාය. [HEADING=3]අවුරුදු 18 ක් නිතරඟයෙන්, සාමාජිකයන් 42000 ක්...[/HEADING] මෙම සමූපකාර සමිතිය අවුරුදු 18 ක් පාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වර්ථාමානයේ ජාතික ජන බල වේගය නියෝජනය කරමින් තේරී පත්වූ අධ්යක්ෂ මණ්ඩලයකිනි. බොහෝ නිලවරණ වලදී සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය නිතරඟයෙන් තේරී පත් වී තිබීම මෙහි ඇති විශේෂත්වයකි. එහි සභාපති හැටියට කටයුතු කරන රාජපක්ෂ මහතා මෙම අවුරුදු 18 පුරාවට සභාපති හැටියට තේරී පත්වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. මෙම සමූපකාර සමිතිය සතුව සාමාජිකයන් 42,000 ක් සිටී. මොවුන් වෙනුවෙන් සමූපකාරය සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කරයි. [HEADING=3]ආරම්භයේ දී රුපියල් 400 ක් ගෙවාගන්න විදිහක් නෑ...[/HEADING] මෙම අධ්යක්ෂ මණ්ඩලය මුලින්ම බලය ලබා ගන්නා අවධිය වන විට සමූපකාරය බංකොලොත් වී තිබී ඇත. මිලියන 52 ක මූල්‍ය හා වෙළෙඳ ණය ගෙවීමට තිබී ඇත. රුපියල් 400 යේ චෙක් පතක් ගෙවීමට පවා ඔවුන්ගේ බැංකු ගිණුමේ මුදල් නොතිබුණු තත්ත්වයක් තිබුණු බව මා සමග පැවත් වූ සාකච්ඡාවේදී සභාපති වරයා ප්‍රකාශ කලේ ය. සේවක විශ්‍රාම පාරිතෝෂික වසර ගණනාවක් ගෙවා නොතිබිණි. විශාල ණය බරක් සහිතව භාර ගත් සමූපකාරය මේ වන විට අකුරැස්ස ප්‍රදේශයේ ශක්තිමත්ම ශාඛා ජාලයක් හිමි (ශාඛා 41 ක් සහ ග්‍රාමීය බැංකු 14ක්) සමූපකාර සමිතිය බවට පත් වී ඇත. නව අධ්යක්ෂ මණ්ඩලය බලය ලබා ගන්නා විට සිටි සේවක පිරිසෙන් එක් සේවකයකු පමණක් විනය විරෝධි මූල්‍ය චෝදනාවකට වැරැදි කරු වීම හේතු කොට ගෙන සේවයෙන් ඉවත් කිරීමට සිදු වූ බවත් එකල සිටි අනෙකුත් සියළු සෙවකයින් රඳවා තබා ගනිමින් සමූපකාර සමිතිය අද තිබෙන තත්ත්වයට පත් කිරීමට ඔවුන් දායක කරගත් බවත් සභාපති වරයා ප්‍රකාශ කළේ ය. [HEADING=3]"One Stop Shop "[/HEADING] අකුරැස්ස නගර මධ්‍යයේ පිහිටි සමූපකාර සමිතියේ අංග සම්පූර්ණ සුවිසල් මූලස්ථාන ගොඩනැගිල්ල සමිතිය සතුය. නගරයේ තොග බඩු සැපැයුම් කරු බවට සමූපකාරය පත්වී තිබෙන තත්ත්වයක් ඇත. අනෙකුත් සිල්ලර වෙළෙන්දන් තොග මිල දී ගන්නේ සමූපකාරයෙනි. දින දෙකකට වරක් සමූපකාරය සහල් ලොරියක් අලෙවි කරයි. අකුරැස්ස නගරයේ සහ අවට නගර වල වෙළෙඳපොළ මිල තීරණය කරන්නේ අකුරැස්ස සමූපකාරයයි. පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් අභිබවමින් දවසේ සෑම මොහොතකම පාරිභෝගිකයන්ගෙන් පිරී තිබෙන සමූපකාර සුපිරි වෙළෙඳසැල හොඳම බඩු, අඩුම මිලට ලබා දෙයි. අකුරැස්ස නගරයේ ඇති නම් දැරූ සුපිරි වෙළඳසැල් වල ශාඛා වල මා කල සංචාරයේදී පෙනී ගියේ පාරිභෝගිකයන් ඇත්තේම නැති තරම් ය. වාහන ගාල් හිස්ය. අකුරැස්ස සමූපකාරය ප්‍රදේශයේ ජනයාගේ සියළු පාරිභෝගික අවශ්‍යතා සපුරන "One Stop Shop " එකකි. [HEADING=3]දරුවන්ට ගුරුවරුන්ට ගාස්තුවෙන් අඩක් අයකරන බස් සේවාවක්..[/HEADING] සමූපකාර සාමාජිකයන්ගේ සහ ප්‍රදේශයේ පාසැල් යන දරුවන්ට හා ගුරුවරුන් සඳහා ගාස්තුවෙන් හරි අඩක් අයකරන ආසන 56 බස් රථ තුනක් දින පතා පාසැල් සේවය සඳහා යොදවා ඇත. තවත් බස් රථ දෙකක් සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනයේ යොදවා තිබෙන අතර මෙම බස් රථ වල ගමන් ගන්නා සියළු බෞද්ධ භික්ෂු භික්ෂූනීන් සහ අන්‍ය ආගමික පූජක පක්ෂය සඳහා ගමනාන්තය දක්වා නොමිලයේ ප්‍රවාහනය සපයා ඇත. [HEADING=3]ඉතා පහසු ණය යෝජනා ක්‍රමයක්..[/HEADING] සමූපකාරය විසින් සාමාජිකයන් 09 දෙනා බැගින් ග්‍රාමීය කාන්තා කුඩා කණ්ඩායම් 800ක් සකස් කොට ඔවුන්ට ඉතා අඩු පොලියකට ස්වයං රැකියා ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඔවුන්ගේ නිෂ්පාදන සියල්ල සමූපකාරය මිල දී ගනී. නිෂ්පාදකයින්ට අවශ්‍ය තාක්ෂණය සමූපකාරය විසින් සේවයේ යොදවා ඇති තාක්ෂණික නිළධාරීන් සපයයි. ප්‍රදේශයේ කුඩා තේ වතු ගොවියන් සඳහා ඉතා පහසු ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඉඩම් අක්කර කාල බැගින් තෝරා ගෙන අවශ්‍ය පැල, පොහොර, රසායනික ද්‍රව්‍ය, තාක්ෂණය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සමූපකාරය සපයයි. සමූපකාරයට කොටස් හිමි තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ගොවියාගේ තේ දලු සාධාරණ මිලකට මිල දී ගනී. සමූපකාරය මගින් ප්‍රදේශයේ රෝහල් , පාසැල් , පංසල් සහ සාමාජික සුබසාධනය සඳහා විශාල වැඩකොටසක් සිදු කරයි. කොවිඩ් වසංගත සමයේ සහ ගංවතුර කාල වල දස දහසකට වඩා ග්‍රාමීය ජනයාට වියලි ආහාර පාර්සල් වගේම පිසූ ආහාර සැපැයීමට සමූපකාරය කටයුතු කල බව සාකච්ඡාවේදී හෙළිදරව් විය. සාමාජික දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන කටයුතු කරගැනීමට ජංගම දුරකථන , ඉන්ටර්නෙට් පහසුකම් , ටැබ් පරිඝණක මිලදී ගැනීමට නාමික පොලියකට ණය ලබා දීමට කටයුතු කොට ඇත. [HEADING=3]සමූපකාරය කිසිදු බැංකු ණයක් හෝ අයිරාවක් අවු 18 කට අරන් නෑ...[/HEADING] සමූපකාරය කිසිදු බැංකු ණයක් හෝ අයිරාවක් මෙම අවුරුදු 18 තුල ලබා ගෙන නැත. සමූපකාරයේ ප්‍රසම්පාදන අංශය සියළු තොග කොළඹ සැපැයුම් කරුවන්ගෙන් අත්පිට මුදලට මිල දී ගනී. ඒ හරහා ලැබෙන ඉහළ වට්ටම් හේතුවෙන් සාමාජිකයන්ට භාණ්ඩ ඉතා අඩු මිලට සැපැයීමට හැකි වී ඇත. එම නිසා අනෙකුත් වෙළෙඳුන්ටද සමුපකාරයේ මිලට භාණ්ඩ අලෙවි කිරීමට සිදුව ඇත. [HEADING=3]විශේෂඥ වෛද්‍ය පහසුකම් සහිත සමූපකාර රෝහලක්..[/HEADING] අකුරැස්ස සමූපකාරය මෙතෙක් කිසිදු මුදල් වර්ෂයක අලාභ ලබා නැත. සෑම වසරකම ඔවුන් ලබන ලාභයෙන් වැඩි කොටස සාමාජික සුභසාධනය සඳහා යොදවන බව සභාපති වරයා ප්‍රකාශ කලේ ය. තව වසර දෙකක් තුල සියළු සායන සහ ශල්‍යාගාර පහසුකම් වලින් සමන්විත විශේෂඥ වෛද්‍ය පහසුකම් සහිත සමූපකාර රෝහලක් බිහිකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇත. එමෙන්ම අකුරැස්ස සමූපකාර සමිතිය රජයේ සමූපකාර දෙපාර්තමේන්තුවේ නිරන්තර ඇගැයීමට ලක් වී තීබීම පැසසිය යුතු ය. [HEADING=3]අකුරැස්සේ රහස කුමක්ද?[/HEADING] සමූපකාරය බොහෝ අයට "ඇලජික්" වී ඇත්තේ ඒ තුල ඇති හොරකම දුෂනය සහ වංචාව නිසයි. එමෙන්ම ගුණාත්මක මට්ටමින් ඉතා අඩු භාණ්ඩ විකිණීමට සමූපකාරය පෙළඹී තිබීමයි. අනෙකුත් පෞද්ගලික අංශය සමග කරට කර තරඟයක් දී පාරිභෝගිකයා දිනාගැනීමට සූදානම් නොවීමයි. අක්‍රමවත් , නිද්‍රාශීලී , සේවක පිරිස් සිටීම නිසයි. නව තාක්ෂණය යොදා නොගැනීම, නවීන ගෙවීම් ක්‍රම භාවිතා නොකිරීම යි. සියල්ලටම වඩා පක්ෂ දේශපාලනය සමූපකාරය තුලට පැමිණීම යි. එය එසේ නොවන බවට එක් උදාහරණයක් අකුරැස්ස විවිධ සේවා සමූපකාරය සපයා ඇත. මෙහි රහස නිවැරැදි කළමනාකරණය , වංචාව , දූෂණය , හොරකම පිටු දැකීමයි. පක්ෂ දේශපාලනය සමූපකාරයට වද්දා නොගැනීම යි. මෙතෙක් මෙම තොරතුරු ලංකාවේ බොහෝ ජනයා නොදන්නෙ සමූපකාරය පක්ෂ දේශපාලනය සඳහා ඔවුන් යොදා නොගැනීම විය හැක. [HEADING=3]ජාතික ජනබලවේගයට මේ වන විට සමූපකාර සමිති 26 ක බලය..[/HEADING] සමූපකාරය නව ලිබරල්වාදයේ පරම සතුරා වීමට ප්‍රධාන හේතුව පෞද්ගලික අංශය පාලනය කිරීමට සමුපකාරයට ඇති හැකියාව ඔවුන් දන්නා නිසයි. ජාතික ජනබලවේගය මේ වන විට සමූපකාර සමිති 26කට ආසන්න ප්‍රමාණයක අධ්යක්ෂ මණ්ඩල බලය ලබා ගෙන ඇත. ඒ සියල්ලේම මේ වන විටත් අවශ්‍ය ප්රතිසංවිධාන කටයුතු සිදුවන බව පේන්නට තිබුණි. සමාජ සහයෝගිතා ආර්ථික ක්‍රමය පිළිබඳ මාගේ පර්යේෂණ නිබන්ධනය තුල මෙම කරුණු උදාහරණ සහිතව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. [HEADING=3]වලස්මුල්ල සමූපකාරයට වසර 19 ක්..[/HEADING] වලස්මුල්ල සමූපකාරය JVP/ජාතික ජනබලවේගය අධ්යක්ෂ මණ්ඩලය වසර 19 (2004 සිට) ක් පාලනය කරයි. එහි අධ්යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කල අන්දමට ඔවුන් සතුව මේ වන විට ශාඛා 08 ක් ඇත. ඉදිරි වර්ෂය තුල ශාඛා ජාලය තවත් පුළුල් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව අධ්යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කලේ ය. සමූපකාර සමිතියේ සාමාජිකයන් 32000 ක් පමණ සිටී. ඔවුන්ගේ තෙවන ඉන්ධන පිරවුම් හල ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටී. නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ගොඩනැගීමටද ඔවුන් බලාපොරොත්තු වේ. [HEADING=3]කොළඹ වරාය සමූපකාර බැංකුව, ලංකාවේ හොඳම එක...[/HEADING] කොළඹ වරාය සමූපකාර බැංකුව වසර 14 ක් JVP/ජාතික ජනබලවේගය අධ්යක්ෂ මණ්ඩලය පාලනය කරයි. ඔවුන් සෑම නිළවරණයකින්ම නිතරගයෙන් පත්වන බව එහි සභාපති වරයා ප්‍රකාශ කලේ ය. ඔවුන්ගේ වාර්ෂික ලාභයෙන් මිලියන ගණනක් සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සුබසාධනය සඳහා යොදවන බව එහි සභාපති වරයා ප්‍රකාශ කලේ ය. සාමාජිකයන්ගේ විශ්වවිද්‍යාලයට තේරුණු දරුවන් සහ ශිෂ්‍යත්වය සමත් දරුවන් සඳහා අධ්‍යාපන කාල සීමාව සඳහා ශිෂ්‍යයත්ව ක්‍රමයක් වසර කිහිපයක්ම ඔවුන් ක්‍රියාත්මක කොට ඇත. ලංකාවේ හොඳම සමූපකාර බැංකුව , හොඳම ගිණුම් වාර්තා පවත්වා ගෙන යන සමූපකාර බැංකුව යනාදි වශයෙන් සමූපකාර දෙපාර්තමේන්තුව විසින් වරාය සමූපකාර බැංකුව ඇගයීමට ලක් කොට ඇත. [HEADING=3]සමාජ සහයෝගිතා අර්ථ ක්‍රමය SSE[/HEADING] සමාජ සහයෝගිතා අර්ථ ක්රමයක (Social Solidarity Economy ) ප්‍රධාන අංග තුනෙන් එකක් වන සමූපකාරයට සමාජ ප්රගමනය සඳහා විශාල වැඩකොටසක් කල හැකි බව මේ තුලින් විද්‍යාමාන වෙයි. SSE ආර්ථික ක්රමයක රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ සමූපකාර අංශය ප්‍රධාන මෙහෙයුම් කාරකායන් වේ. රජයේ කාර්යභාරය වන්නේ ප්‍රතිපත්ති සැකසීම , නියාමනය , අවශ්‍ය තැන් වලදී මැදිහත් වීම , ප්රාග්ධනය හා තාක්ෂණය සැපැයීම , මානව සම්පත් සංවර්ධනය සහ වෙළෙඳපොළ සොයාදීමයි. එවැනි ආර්ථික ක්‍රමවේදයක් තුල කෙටි කාලයකින් ලංකාවේ ආර්ථික හා සමාජ අර්බුදය සමනය කල හැක. සමූපකාරය "ඇලජික්" නොවීමට නම් එහි පරිපාලනය අදූෂිත , සෘජු තීරණ ගන්නා, සාමාජික සුබසාධනය පතන පිරිසකගේ පාලනයට පත්විය යුතු ය. රටක් සංවර්ධනය වීමටද මෙම ගුණාංග අත්‍යවශ්‍ය ය. එවැනි පිරිසක් රාජ්‍ය පාලනය සඳහා තෝරා ගැනීම පුරවැසියන් වන අපගේ වගකීම නොවේද ? [HEADING=3]-ශාන්ත ජයරත්න[/HEADING] ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක [IMG]https://www.paypalobjects.com/en_GB/i/scr/pixel.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom