Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
යකඩ_ගැහැණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකඩ ගැහැණිය හෙවත් මාග්‍රට් තැචර්

වින්සන්ට් චර්චිල්ගෙන් පසු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රිතාන්‍යය හිටපු අගමැති මාග්‍රට් තැචර්ගේ අවමගුල ලන්ඩනයේදී සිදු විය. ලොව පුරා රටවල් 120ක පමණ නියෝජිතයෝ මේ දැකුම්කළු හා ගාම්භීර අවමඟුලට ආහ.

අවමඟුලට බිතාන්‍ය බදුගෙවන්නන්ගේ සල්ල වැය කිරීමට එරෙහි වූ පිරිසක් අවමඟුලට එරෙහිව උද්ඝෝෂණය කළහ.

යකඩ ගැහැණිය හෙවත් මාග්‍රට් තැචර් 1925 වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා බ්‍රිතාන්‍යයේ ලින්කොල්න්ෂර් ප්‍රාන්තයේ ග්‍රැන්තම්හි උපත ලැබුවාය. ඇයගේ උපන් නම වූයේ මාග්‍රට් හිල්ඩා රොබර්ට්ස්ය. පියා ඇල්ෆ්‍රඩ් රොබර්ට්ස් නම් වූ අතර මව බියට්‍රිස් එතල් නම් විය. පවුලේ බාලයා වූ මාග්‍රට්ට සිටියේ වැඩිමහළු සහෝදරියකි. ඇය නමින් මියුරියෙල් රොබර්ට්ස් වූවාය.

මාග්‍රට්ගේ කුඩා අවදිය ගෙවුනේ ග්‍රැන්තම් වලය. ඇගේ පියා වෙළදසැල් 2ක හිමිකරුවෙකු වූ අතර ආගම දහමට ඛෙහෙවින් ලැදි පුද්ගලයෙකි. මෙනිසාම මාග්‍රට් හා ඇයගේ සොහොයුරිය වැඩුණේ පියාගේ දැඩි නීති රීති මැදය. දේශපාලන කටයුතු වලටද දැඩි උවමනාවකින් සහභාගී වූ ඔහු වරක් ග්‍රැන්තම්හි නගරාධිපති ලෙසද තේරී පත්විය.

හන්තින්ග්ටවර් ප්‍රාථමික පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ ගන්නා මාග්‍රට් එහිදී දක්වන දක්ෂතා හේතුවෙන් ශිෂ්‍යත්වයක් හිමි කර ගැනීමට සමත් වන්නීය. ඇය ද්විතියීක අධ්‍යාපනය ලැබීමට තෝරා ගන්නේ කෙස්ටෙවන් හා ග්‍රැන්තම් කාන්තා පාසැලයි. කැපවීමෙන් වැඩ කරනා උත්සාහවන්ත ශිෂ්‍යාවක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනා ගන්නා මාග්‍රට් පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරයද පුරා වසරක් පුරා (1942 -1943) හොබවන්නීය. අනතුරුව පාසැල් දිවියට ආයුබෝවන් කියනා ඇයගේ මීළඟ උත්සාහය උසස් අධ්‍යාපනය ලැබීමයි. ඒ සදහා ඇය තෝරාගන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයි. ඇයගේ සිත් ගත් රසායන විද්‍යාව ඇසුරේ අධ්‍යාපන කටයුතු කරනා ඇය 1947 දී විශ්ව විද්‍යාල අධ්‍යාපනයද නිමා කරනුයේ රසායන විද්‍යාව සදහා දෙවන පන්තියේ ගෞරව සාමාරථයක් සහිතව උපාධිය ලබා ගනිමිනි.

විශ්වවිද්‍යාල සමයේදී ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කි‍්‍රයාත්මක වූ බි්රතාන්යය කොන්සර්වටිව් පක්ෂයට අනුබද්ධිත ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය ලෙසද කටයුතු කළාය. උපාධිය ලබාගැනීමෙන් පසු එසෙක්ස් ප්‍රාන්තයට සංක්‍රමණය වූ මාග්‍රට් බී.එක්ස් නම් සමාගමක පර්යේෂකවරියක් ලෙස සේවය කළාය. ඒ අතරතුරදී තවත් සමාගමක පර්යේෂක තනතුරට අයැදුම් කළ ඇයව එහි බළධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ඔවුන් ඊට හේතු ලෙස සදහන් කර ඇත්තේ මාග්‍රට්ගේ මුරණ්ඩු, තනි මතයට වැඩ කිරීමේ පිළිවෙතයි.

විශ්වවිද්‍යාලයේ ඇයට දේශපාලනයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වූ මිතුරන් බොහෝ විය. විශ්වවිද්‍යාලයේ කොන්සර්වටිව් ශිෂ්‍ය සංගමයේ සභාපතීත්වය දැරුවද දේශපාලනය කෙරෙහි එතරම් ඇල්මක් මාග්‍රට්ගේ නොවුණි. එහෙත් ඇයගේ එඩිතර කතා විලාසය හා පෞරුෂය නිසාම ඇය සුදුසු වන්නේ දේශපාලනයටම බව ඇයගේ මිතුරන්ගේ අදහස විය.ඒ නිසාම මිතුරකුගේ මාර්ගයෙන් ඇයට කෙන්ට් ප්‍රාන්තයේ ඩාර්ෆෝර්ඩ්හි කන්සර්වටිව් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ආරාධනා ලැබේ. කොන්සර්වටිව් පක්ෂයේ ඉහළ බළධරයන් ඇයගේ හැකියාවන් ගැන සැක පළ කළද ඔවුන්ගේ සියලූ සැක දුරු කර තමන්ට දිගු දේශපාලන ගමනක් යෑමට හැකියාව තිඛෙන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට මාග්‍රට් සමත් වන්නීය.

කොන්සර්වටිව් පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසුව 1950 හා 1951 වසරවලදී පැවැත්වුණු මැතිවරණ දෙකෙහිදීම මාග්‍රට්ට අත්වූයේ පරාජයයි. එහෙත් ඇය සිය උත්සාහය අත්නොහැරියාය. මේ කාලයේදී ඇයට ඩෙනිස් තැචර් නම් ධනවත් ව්‍යාපාරිකයෙකු හමුවේ. කාලයාගේ ඇවෑමෙන් ඔහු හා විවාහ වන මාග්‍රට් සිය නම මාග්‍රට් තැචර් ලෙස වෙනස් කර ගන්නීය. 1953 වසර වන විට මාග්‍රට් දරුදෙදෙනෙකුගේ මවක බවටද පත්වී හමාරය. කැරොල් හා මාක් තැචර් ලෙස නම් ලද දරු දෙදෙනානිවුන්නු වූහ. නීතිඥවරියක් වීමේ අරමුණින් නීතිඥ විභාගයට පෙනී සිටින මාග්‍රට් එයින්ද උසස් ලෙසම සමත් වන්නේ බැරිස්ටර්වරියක ලෙසය.

1958 වසරේදී පැවැත්වුණු මහ මැතිවරණයෙන් නූලෙන් ගැලවෙන ඇය කොන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමෙන්තු අසුනක් හිමි කර ගැනීමට සමත් වන්නීය. ඇයගේ ප්‍රථම ඇමති ධූරය වූයේ විශ්‍රාම වැටුප් සදහා වන කනිෂ්ඨ ඇමතිවරියයි. 1964 සිට 1970 කාලයේ ඇය විවිධ ඇමතිධූර රාශියක්ද දැරුවාය. 1970 වසරේදී පැවැත්වීමට යෙදුණු මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂයට විශිෂ්ට ජයක් අත්වන්නේ එවක කොන්සර්වටිව් පක්ෂ නායකයා වූ එඩ්වර්ඩ් හීත් ට අගමැති ධූරය හිමිකර දෙමිනි.මාග්රට්ද මේ කාලය වන විට පක්ෂය තුළ නමක් දිනාගෙන සිටියාය. පක්ෂයේ ඇතැම් තීරණ හා ආකල්පයන් ඇයගේ දෝෂදර්ශනයට ලක්වූ අවස්ථාද එමට විය. මෙවර මාග්‍රට්ට හිමිවනුයේ අධ්‍යාපන ලේකම් ධුූරයයි.කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වයද ඇයට ලැබේ.

අධ්‍යාපන ලේකම්වරිය ලෙස ඇය පාසැල් වල අනවශ්‍ය වියදම් කපා හැරීමේ වැඩපිළිවෙලක් ගෙන ගියාය. ඉගෙනීම් කටයුතු වලට මුල් තැන දිය යුතුයැයි ඇයගේ මතය විය. එකල පාසැල් වලින් දෛනිකව කිරි සලාකයක් සිසුන් වෙත ලබා දුනි. මේ සදහා රජයේ මුදල් වියදම් කිරීම නාස්තියක් ලෙස දුටු මාග්‍රට් තැචර් කළේ එම කිරි සලාකය ලබා දීම අත්හිටුවීමයි. මෙයට දැඩි විරෝධයක් බ්‍රිතාන්‍යයෙන් මතු වූ අතර පසුව ඇයට කුඩා දරුවන්ට පමණක් බලපැවැත්වෙන සේ කිරි ලබාදීමේ වැඩසටහනක් ඇති කිරීමට සිදු විය. ‘කිරි සෙර‘ නම් අනවර්ථ නාමයක් ද ඇයට පබැදුණි. කළකිරුණු ඇය දේශපාලනය හැරදා යාමට පවා සැරසුණාය.පසුව ඇය තීරණය වෙනස් කර ගත්තාය. ඇයගේ චරිතාපදානයෙහි දැක්වෙන පරිදි මේ සිදුවීම ඇයට දේශපාලනය යනු මේ යැයි කියා දුන් බව සදහන්ය.‘මම මේකෙන් හොද පාඩමක් ඉගෙන ගත්තා.මට තිබුණු බලය මම යොදාගත්තේ මගේ දේශපාලනය ප්‍රතිරූපය හානි වෙන වැඩකට‘ යැයි එහි සදහන් වේ.

කොන්සර්වටිව් පක්ෂයේ ජනප්‍රියතාව වැඩිකල් රැදුනක් නොවීය. තෙල් මිල ඉහල යාම කම්කරු සංගම් වලින් නොනවත්වා කෙරුණු වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් නිසා පාර්ලිමෙන්තුව තිබුණේ දැඩි පීඩනයකට ලක්වය.මෙනිසාම 1974 වසරේදී පැවැත්වුණු මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂයට අත්වූයේ පරාජයයි. මේ සිදුවීමෙන් පක්ෂ නායකත්වය අලූත් කළ යුතුයැයි යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ සදහා කළ ඡන්ද විමසීමට මාග්රට්ද තම නම ඇතුළත් කළාය. වට දෙකක ඡන්ද විමසීමක් අවසානයේ සියල්ලන් පුදුමයට පත් කරමින් පක්ෂ නායකත්වයට යෝජනා වී තිබුණේ මාග්රට්වයි. ඇයගේ නායකත්වය යටතේ 1979 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂය ජය ගන්නා අතර මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැතිවරිය ලෙස පත්වන්නීය.

අගමැතිවරිය ලෙස පත්වූ පසු මාග්‍රට් කළදෑ බොහෝ විය.රාජ්‍ය සමාගම් පුද්ගලීකරණ පණත හදුන්වාදීම,වෙළද සබදතා ඇති කර ගැනීම,සෘජු බදු අඩු කර වක්‍ර බදු හදුන්වාදීම මගින් වියදම් අඩු කිරීම මේවා අතුරින් කිහිපයකි. මේ කාලයේදී රටේ උද්දමනය සීඝ්රයෙන් පහත බැස්සද විරැකියාව ඉහළ යමින් තිබුණි. රට පුරා වූයේ උද්ඝෝෂණයන්ය.මෙය දුටු පක්ෂයේ ඇතැමුන් මාග්‍රට් හට ඉල්ලා අස්වන ලෙස බල කෙරූ අතර ඇය ඔවුන්ට බැණ වැදී එළවා දැමූ බව කියැවේ.

විරැකියාවට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ වක්‍ර බදු ඇති කිරීම යැයි විචාරකයන් කියයි.කර්මාන්තශාල හිමියන් මෙයට එකම විසදුම ලෙස දුටුයේ සේවකයන් ප්‍රමාණය අඩු කිරීම මගින් වියදම් අවම කරගෙන බදු වශයෙන් ගෙවීමට සිදුවන මුදල ඉතිරි කර ගැනීමයි. මේ ආකාරයට රැකියා අහිමි වූවන් ලක්ෂ 36 ක් පමණ 1982 වසර වන විට බ්‍රිතාන්‍යයේ විය. කෙසේ වූවත් කර්මාන්තශාලා අනවශ්‍ය වියදම් කපා හැරීම නිසා නිශ්පාදන ඉහළ යමින් තිබුණි. මෙනිසා ආර්ථීකය ක්‍රමයෙන් නැගී ආ අතර එය කොන්සර්වටිව් පක්ෂයේ ජනප්‍රියතාව යළි ඇති කිරීමට සමත් විය.

මේ සමයේ වූ තවත් සිදුවීමක් වූයේ බ්‍රිතාන්‍යයේ ඉරාන තානාපති කාර්යාලයට කඩාවැදුණු අවිගත් පුද්ගලයන් 6 දෙනෙක් එහි වූ කාර්යමණ්ඩලය දින 6 ක් පුරාවට රදවාගෙන සිටීමයි බ්‍රිතාන්‍යයේ කොමාන්ඩෝ භටයන් යොදවා කෙරුණු මෙහෙයුමකින් පසු කාර්ය මණ්ඩලය මුදා ගැනීමට හැකි වූ අතර මෙය අගමැතිනී මාග්‍රට් තැචර්ගේ නියෝග පරිදි සිදුවූවක් විය.එයින් ඇයගේ ප්‍රතිරූපය තවත් වර්ධනය විය.

මේ සමයේ උතුරු අයර්ලන්තයේ අවිගත් කණ්ඩායම් අතර වූ ගැටුම් වලට නැවතුමක් තැබීමට මාග්‍රට් තැචර් කටයුතු කරමින් සිටියාය. මෙ නිසාම ඇයගේ ජීවිතයට තර්ජන එල්ල වූ අවස්ථා බොහෝ විය. අවිගත් කණ්ඩායම් වල ඉල්ලීම් වලට ඇයගේ කිසිදු අනුමැතියක් හිමි නොවුණි.

බ්‍රිතාන්‍යයට අයත් ෆාක්ලන්ඩ් දූපත් ආර්ජන්ටීනියානු හමුදා ආක්‍රමණයකට ලක්වූයේ මේ කාලයේදීය. මේ දූපත් වල අයිතිය හිමිකරගැනීමට බ්‍රිතාන්‍යය හා ආර්ජන්ටිනාව අතර 1810 සිටම පැවැතුනේ ගැටුමකි. මාග්‍රට් තැචර් වහාම හමුදා භටයන් පිරවූ නෞකාවක් ෆාක්ලන්ඩ් දූපත් බලා පිටත් කර හැරීමට කටයුතු කළාය. සාකච්ඡා මාර්ගයෙන් ගැටලූව විසදා ගැනීමට නොහැකි නම් බලය භාවිතා කළ යුතුයැයි ඇය ප්‍රසිද්ධියේ සදහන් කළාය. තත්ත්වය පුංචි යුද්ධයක් තරමටම වර්ධනය විය. ආර්ජන්ටිනා හා බ්‍රිතාන්‍යය හමුදාවන් අතර ඇතිවූ ගැටුම් අවසානයේ ආර්ජන්ටිනාව යටත් විය. මේ සිදුවීම තැචර් පාර්ලිමෙන්තුවේ ජනප්‍රියතාව ඉහළ දැමිීමට ඉවහල් විය.

මේ නිසාම 1983 වසරේ පැවැති මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂයට හිමිවූයේ විශිෂ්ට ජයකි. මාග්‍රට් තැචර් දෙවන වරටද අගමැතිනිය ලෙස පත්වූවාය. මේ සමයේදී ඇය ඇමරිකාව හා රුසියාව සමග සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට කටයුතු කළාය. මීට අමතරව ඇගේ අවධානය යොමු වූයේ ඇය හිසරදයක් ලෙස සැළැකූ වෘත්තිය සමිති අඩපණ කිරීමේ ක්රියාදාමයටය. සෘජු බලපෑම් ඇතිකිරීමෙන් බැහැරව වක්‍රව තම උපායන් කි‍්‍රයාවට නැංවීමට මාග්‍රට් කටයුතු කළාය. එසේ වුවද වර්ජන වල නම් අඩුවක් නොවුණි. පාර්ලිමෙන්තුව බි්රතාන්යයේ ලාභ නොලබන පතල් වසා දැමීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට යාමේදී ඊට එරෙහිව පතල් කරුවන් ගෙන ගිය වර්ජනයක් වසරක කාලයක් පුරා පැවැත්වුණි. මාග්‍රට් තැචර්ගේ දැඩි ස්ථාවරයත් වර්ජනයේ නියුතුවූ පතල් කරුවන් අතර ඇතිවන්නට ගත් අභ්‍යන්තර ගැටුමුත් නිසා අවසානයේ ජය ගත්තේ රජයයි.

1984 වසරේ ඔක්තෝබර් මස පක්ෂ රැස්වීමකට මාග්‍රට් තැචර් ඇතුලූ කොන්සර්වටිව් පක්ෂ සාමාජිකයින් රැස්ව සිටි බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් නගරයේ හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.එයින් දිවි ගලවාගැනීමට මාග්‍රට් තැචර් සමත් වූවාය. පසුව සිදුකළ පරීක්ෂණ වලදී හෙළිවූයේ මේ අයර්ලන්ත ගරිල්ලන්ගේ ක්‍රියාවක් බවයි. මාග්‍රට් තැචර් නවාතැන් ගෙන සිටි කාමරයට යාබද කාමරයේ වූ නාන කාමරයේ බෝම්බය අටවා තිබී ඇත.බෝම්බයෙන් මාග්‍රට් තැචර්ගේ කාමරයට අයත් නාන කාමරය සුනුවිසුණු වී තිබූ අතර හදිසියේවත් පිපුරුම අවස්ථාවේ ඇය එහි සිටියේ නම් ඇයට හිමිවනු ඇත්තේ මරණයයි. බෝම්බ ප්‍රහාරයේන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි. හාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාග්‍රට් තැචර් කළ කතාව දේශපාලන විචාරකයන්ගේ පැසැසුමට ලක් විය. එවන් ප්‍රහාරයකින් පසුවත් ඇය සුපුරුදු ස්වභාවයෙන් සිටීම සියලූදෙනා පුදුමට පත්කිරීමට සමත් වුනි.

යකඩ ගැහැණිය නමින් ඇය ප්‍රසිද්ධ වීමට ගත්තේ මේ සිදුවීමෙන් පසුවය.

ගැටුම් නිමා කිරීමේ අරමුණින් අයර්ලන්තය හා ගිවිසුමක් ඇති කර ගැනීමට මාග්‍රට් තැචර් කටයුතු කළාය.

1985 - 1991 සීත යුද සමයේ ඇයගේ සහය හිමිවූයේ ඇමරිකාවටයි.එසේ වුවද රුසියාවේ එවක නායකයා වූ මිකායිල් ගොර්බාචෙව් ඇය ඛෙහෙවින් අගය කළ පුද්ගලයෙක් විය. දෙපාර්ශවය අතර ගැටලූ සමතයකට පත්වීමෙන් පසු ‘සීත යුද්දයේ ජය හිමිවූයේ බටහිරටයි යුද සමය අවසානයේ බටහිර සතුවූ අවි වලට බියෙන් රුසියාව පසුබැස ගියේයැයි‘ මාග්‍රට් තැචර් ප්‍රකාශ කළාය. ලිබියාව හා ඇමරිකාව අතර ගැටුම් ඇතිවන්නට පටන් ගත් පසු බි්රතාන්යයේ වූ ගුවන් හමුදා කදවුරු භාවිතා කිරීමේ අවසරයද ඇය ඇමරිකාවට ලබා දුන්නාය. මෙනිසාම එවක ඇමරිකානු ජනපති වූ රොනල්ඩ් රේගන් අයර්ලන්ත ගරිල්ලන්ට වැට බැදීමේ යෝජනාවකට එරට කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේය.මේ ඔස්සේ අයර්ලන්තයේ අවිගත් කණ්ඩායම් වල ක්‍රියා මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යය රජයට හැකි විය.

හොංකොං දිවයින චීන රජයේ විශේෂ අධිීක්ෂණය යටතේ පාලනය විය යුතු යැයි සදහන් වූ යෝජනාවක් ගෙන ඒමටද ඇය කටයුතු කළාය.

1980 වසර වන විටදී බ්‍රිතාන්‍යයේ නිශ්පාදන ඉහළ යමින් තිබූ අතර අනෙක් ධනවක් රටවල් මට්ටමටම බ්‍රිතාන්‍යයද ළගා වෙමින් තිබුනි.විරැකියාවද මේ වන විට තිබුණේ සැළැකිය යුතු මට්ටමකින් පහත බැසය. මෙනිසාම 1987 වසරේදී පැවැති මහ මැතිවරණයෙන්ද ජය අත්කර ගැනීමට මාග්‍රට් තැචර්ගේ නායකත්වයෙන් යුතු වූ කොන්සර්වටිව් පක්ෂයට හැකිවිය. ඇය තෙවන වරටත් බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට තේරී පත්වූවාය.

දකුණේ පක්ෂ අතර ඇය එදා සිටම ගැරහුමට ලක්වූ චරිතයක් විය.එනිසාම තෙවන වරටද බ්‍රිතාන්‍යයේ අගමැතිනිය ලෙස තේරී පත්වුණු පසු ඇය වෙත ගලා ආවේ නින්දා හා අපහාසය. ඇය අරබයා ගීත ලියැවෙන්නටත් පටන් ගත්තේ මේ සමයේය.‘මැගී ගෙදර පල‘ ඔවුන්ගේ තේමාව විය.

තෙවන ධුර කාලයේදී රජය විසින් ගත් තීරණ බොහෝමයක් පෙර මෙන් ඵල දැරරවේ නැත. මෙනිසා රටවැසියන් අතර රජය දිනෙන් දින අප්‍රසාදයට ලක් විය. මේ සමයේ වූ වැදගත් සිදුවීම් ලෙස දැක්විය හැක්කේ දකුණු අප්‍රිකානු ජනපති නෙල්සන් මැන්ඩෙලාව සිරෙන් මුදවා ගැනීමට මාග්‍රට් තැචර් ගත් උත්සාහයයි.

විවිධ බදු වර්ග හදුන්වාදීමෙන් රටේ ජනතාවගේ ප්‍රසාදයත් ඇතැම් තීරණ නිසා තමන්ට ළගින්ම සිටි දේශපාලන මිතුරනුත් අහිමිවීමත් නිසා මාග්‍රට් තැචර්ගේ ජනප්‍රියතාවය සීඝ්රයෙන් පහත බසිමින් තිබුණි.මෙනිසා පක්ෂයෙන්ම මතුවූ යෝජනාවකට අනුව 1990 වසරේදී ඇය පක්ෂ නායකත්වයෙන්ද අගමැති ධුරයෙන්ද ඉල්ලා අස්වූවාය.

ඇය කළ සේවය අරබයා බ්‍රිතාන්‍යය රජමාළිගයෙන් ඇයට බැරන් තනතුරක්ද ප්රදානය කෙරුණි.1992 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමෙන් පසු ඇය සමාජසේවා කටයුතු වලට සෘජුව සම්බන්ධ වී ක්‍රියා කළාය. මේ වන විට ඇයගේ වයස අවුරුදු 66 ක් විය.පාර්ලිමෙන්තුව� ��් ඉවත් වීමෙන් පසු තමන්ට කැමති දෙයක් කීමේ හැකියාව ලැබී ඇතැයි ඇය බොහෝ අවස්ථාවන්හි ප්‍රකාශ කළාය. තෙවරක්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය ලෙස පත්වීමත් ඇය ධූරයේ සිටි කාලයේ කළ කීදෑත් නිසා ඇයට ලොව පුරාම තිබුණේ ඉහළ පිළිගැනීමකි.

දුකට සැපට දෙකට ඇය ළගින්ම සිටි ආදරණීය සැමියා ඩෙනිස් තැචර් 2003 වසරේදී හෘද්‍යාබාධයක් සෑදී මියයාමෙන් පසු ඇය දවස ගෙවූයේ සිය පැරණි දේශපාලන මිතුරන් අතරය. ඇයට එකල ලැබුණු ගෞරවයම ජීවිතයේ සැදෑ සමය පුරා ලබන්නටත් ඇය වාසනාවන්ත විය. ආඝාත තත්ත්වයන් ඇති වන්නට පටන් ගැනීමට නිසා වෛද්‍යවරුන් නිර්දේශ කළ පරිදි කතා පැවැත්වීම ඇය නතර කළාය.

බ්‍රිතාන්‍යය දේශපාලනයේ නොමැකෙන චරිතයක් වූ මාග්‍රට් තැචර් පසුගිය 12 වැනිදා අප අතුරින් සදහටම සමුගෙන ගියාය.මියයන විටදී ඇයගේ වයස අවුරුදු 87 කි.

මේ ලිපිය උපුටා ගැනීමකි... {Lankadeepa News Peper}

[QUOTE="sooppuwa, post: 19834908, member: 556336"] [SIZE="7"]යකඩ ගැහැණිය හෙවත් මාග්‍රට් තැචර් [/SIZE] [IMG]http://blogs-images.forbes.com/bruceupbin/files/2011/07/MargaretThatcherDavid-Montgomery%E2%80%B9Hulton-ArchiveGetty-Images1.jpg[/IMG] [SIZE="5"]වින්සන්ට් චර්චිල්ගෙන් පසු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රිතාන්‍යය හිටපු අගමැති මාග්‍රට් තැචර්ගේ අවමගුල ලන්ඩනයේදී සිදු විය. ලොව පුරා රටවල් 120ක පමණ නියෝජිතයෝ මේ දැකුම්කළු හා ගාම්භීර අවමඟුලට ආහ. අවමඟුලට බිතාන්‍ය බදුගෙවන්නන්ගේ සල්ල වැය කිරීමට එරෙහි වූ පිරිසක් අවමඟුලට එරෙහිව උද්ඝෝෂණය කළහ. යකඩ ගැහැණිය හෙවත් මාග්‍රට් තැචර් 1925 වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා බ්‍රිතාන්‍යයේ ලින්කොල්න්ෂර් ප්‍රාන්තයේ ග්‍රැන්තම්හි උපත ලැබුවාය. ඇයගේ උපන් නම වූයේ මාග්‍රට් හිල්ඩා රොබර්ට්ස්ය. පියා ඇල්ෆ්‍රඩ් රොබර්ට්ස් නම් වූ අතර මව බියට්‍රිස් එතල් නම් විය. පවුලේ බාලයා වූ මාග්‍රට්ට සිටියේ වැඩිමහළු සහෝදරියකි. ඇය නමින් මියුරියෙල් රොබර්ට්ස් වූවාය. මාග්‍රට්ගේ කුඩා අවදිය ගෙවුනේ ග්‍රැන්තම් වලය. ඇගේ පියා වෙළදසැල් 2ක හිමිකරුවෙකු වූ අතර ආගම දහමට ඛෙහෙවින් ලැදි පුද්ගලයෙකි. මෙනිසාම මාග්‍රට් හා ඇයගේ සොහොයුරිය වැඩුණේ පියාගේ දැඩි නීති රීති මැදය. දේශපාලන කටයුතු වලටද දැඩි උවමනාවකින් සහභාගී වූ ඔහු වරක් ග්‍රැන්තම්හි නගරාධිපති ලෙසද තේරී පත්විය. හන්තින්ග්ටවර් ප්‍රාථමික පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ ගන්නා මාග්‍රට් එහිදී දක්වන දක්ෂතා හේතුවෙන් ශිෂ්‍යත්වයක් හිමි කර ගැනීමට සමත් වන්නීය. ඇය ද්විතියීක අධ්‍යාපනය ලැබීමට තෝරා ගන්නේ කෙස්ටෙවන් හා ග්‍රැන්තම් කාන්තා පාසැලයි. කැපවීමෙන් වැඩ කරනා උත්සාහවන්ත ශිෂ්‍යාවක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනා ගන්නා මාග්‍රට් පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරයද පුරා වසරක් පුරා (1942 -1943) හොබවන්නීය. අනතුරුව පාසැල් දිවියට ආයුබෝවන් කියනා ඇයගේ මීළඟ උත්සාහය උසස් අධ්‍යාපනය ලැබීමයි. ඒ සදහා ඇය තෝරාගන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයි. ඇයගේ සිත් ගත් රසායන විද්‍යාව ඇසුරේ අධ්‍යාපන කටයුතු කරනා ඇය 1947 දී විශ්ව විද්‍යාල අධ්‍යාපනයද නිමා කරනුයේ රසායන විද්‍යාව සදහා දෙවන පන්තියේ ගෞරව සාමාරථයක් සහිතව උපාධිය ලබා ගනිමිනි. විශ්වවිද්‍යාල සමයේදී ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කි‍්‍රයාත්මක වූ බි්රතාන්යය කොන්සර්වටිව් පක්ෂයට අනුබද්ධිත ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය ලෙසද කටයුතු කළාය. උපාධිය ලබාගැනීමෙන් පසු එසෙක්ස් ප්‍රාන්තයට සංක්‍රමණය වූ මාග්‍රට් බී.එක්ස් නම් සමාගමක පර්යේෂකවරියක් ලෙස සේවය කළාය. ඒ අතරතුරදී තවත් සමාගමක පර්යේෂක තනතුරට අයැදුම් කළ ඇයව එහි බළධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ඔවුන් ඊට හේතු ලෙස සදහන් කර ඇත්තේ මාග්‍රට්ගේ මුරණ්ඩු, තනි මතයට වැඩ කිරීමේ පිළිවෙතයි. විශ්වවිද්‍යාලයේ ඇයට දේශපාලනයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වූ මිතුරන් බොහෝ විය. විශ්වවිද්‍යාලයේ කොන්සර්වටිව් ශිෂ්‍ය සංගමයේ සභාපතීත්වය දැරුවද දේශපාලනය කෙරෙහි එතරම් ඇල්මක් මාග්‍රට්ගේ නොවුණි. එහෙත් ඇයගේ එඩිතර කතා විලාසය හා පෞරුෂය නිසාම ඇය සුදුසු වන්නේ දේශපාලනයටම බව ඇයගේ මිතුරන්ගේ අදහස විය.ඒ නිසාම මිතුරකුගේ මාර්ගයෙන් ඇයට කෙන්ට් ප්‍රාන්තයේ ඩාර්ෆෝර්ඩ්හි කන්සර්වටිව් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ආරාධනා ලැබේ. කොන්සර්වටිව් පක්ෂයේ ඉහළ බළධරයන් ඇයගේ හැකියාවන් ගැන සැක පළ කළද ඔවුන්ගේ සියලූ සැක දුරු කර තමන්ට දිගු දේශපාලන ගමනක් යෑමට හැකියාව තිඛෙන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට මාග්‍රට් සමත් වන්නීය. කොන්සර්වටිව් පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසුව 1950 හා 1951 වසරවලදී පැවැත්වුණු මැතිවරණ දෙකෙහිදීම මාග්‍රට්ට අත්වූයේ පරාජයයි. එහෙත් ඇය සිය උත්සාහය අත්නොහැරියාය. මේ කාලයේදී ඇයට ඩෙනිස් තැචර් නම් ධනවත් ව්‍යාපාරිකයෙකු හමුවේ. කාලයාගේ ඇවෑමෙන් ඔහු හා විවාහ වන මාග්‍රට් සිය නම මාග්‍රට් තැචර් ලෙස වෙනස් කර ගන්නීය. 1953 වසර වන විට මාග්‍රට් දරුදෙදෙනෙකුගේ මවක බවටද පත්වී හමාරය. කැරොල් හා මාක් තැචර් ලෙස නම් ලද දරු දෙදෙනානිවුන්නු වූහ. නීතිඥවරියක් වීමේ අරමුණින් නීතිඥ විභාගයට පෙනී සිටින මාග්‍රට් එයින්ද උසස් ලෙසම සමත් වන්නේ බැරිස්ටර්වරියක ලෙසය. 1958 වසරේදී පැවැත්වුණු මහ මැතිවරණයෙන් නූලෙන් ගැලවෙන ඇය කොන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමෙන්තු අසුනක් හිමි කර ගැනීමට සමත් වන්නීය. ඇයගේ ප්‍රථම ඇමති ධූරය වූයේ විශ්‍රාම වැටුප් සදහා වන කනිෂ්ඨ ඇමතිවරියයි. 1964 සිට 1970 කාලයේ ඇය විවිධ ඇමතිධූර රාශියක්ද දැරුවාය. 1970 වසරේදී පැවැත්වීමට යෙදුණු මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂයට විශිෂ්ට ජයක් අත්වන්නේ එවක කොන්සර්වටිව් පක්ෂ නායකයා වූ එඩ්වර්ඩ් හීත් ට අගමැති ධූරය හිමිකර දෙමිනි.මාග්රට්ද මේ කාලය වන විට පක්ෂය තුළ නමක් දිනාගෙන සිටියාය. පක්ෂයේ ඇතැම් තීරණ හා ආකල්පයන් ඇයගේ දෝෂදර්ශනයට ලක්වූ අවස්ථාද එමට විය. මෙවර මාග්‍රට්ට හිමිවනුයේ අධ්‍යාපන ලේකම් ධුූරයයි.කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වයද ඇයට ලැබේ. අධ්‍යාපන ලේකම්වරිය ලෙස ඇය පාසැල් වල අනවශ්‍ය වියදම් කපා හැරීමේ වැඩපිළිවෙලක් ගෙන ගියාය. ඉගෙනීම් කටයුතු වලට මුල් තැන දිය යුතුයැයි ඇයගේ මතය විය. එකල පාසැල් වලින් දෛනිකව කිරි සලාකයක් සිසුන් වෙත ලබා දුනි. මේ සදහා රජයේ මුදල් වියදම් කිරීම නාස්තියක් ලෙස දුටු මාග්‍රට් තැචර් කළේ එම කිරි සලාකය ලබා දීම අත්හිටුවීමයි. මෙයට දැඩි විරෝධයක් බ්‍රිතාන්‍යයෙන් මතු වූ අතර පසුව ඇයට කුඩා දරුවන්ට පමණක් බලපැවැත්වෙන සේ කිරි ලබාදීමේ වැඩසටහනක් ඇති කිරීමට සිදු විය. ‘කිරි සෙර‘ නම් අනවර්ථ නාමයක් ද ඇයට පබැදුණි. කළකිරුණු ඇය දේශපාලනය හැරදා යාමට පවා සැරසුණාය.පසුව ඇය තීරණය වෙනස් කර ගත්තාය. ඇයගේ චරිතාපදානයෙහි දැක්වෙන පරිදි මේ සිදුවීම ඇයට දේශපාලනය යනු මේ යැයි කියා දුන් බව සදහන්ය.‘මම මේකෙන් හොද පාඩමක් ඉගෙන ගත්තා.මට තිබුණු බලය මම යොදාගත්තේ මගේ දේශපාලනය ප්‍රතිරූපය හානි වෙන වැඩකට‘ යැයි එහි සදහන් වේ. කොන්සර්වටිව් පක්ෂයේ ජනප්‍රියතාව වැඩිකල් රැදුනක් නොවීය. තෙල් මිල ඉහල යාම කම්කරු සංගම් වලින් නොනවත්වා කෙරුණු වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් නිසා පාර්ලිමෙන්තුව තිබුණේ දැඩි පීඩනයකට ලක්වය.මෙනිසාම 1974 වසරේදී පැවැත්වුණු මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂයට අත්වූයේ පරාජයයි. මේ සිදුවීමෙන් පක්ෂ නායකත්වය අලූත් කළ යුතුයැයි යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ සදහා කළ ඡන්ද විමසීමට මාග්රට්ද තම නම ඇතුළත් කළාය. වට දෙකක ඡන්ද විමසීමක් අවසානයේ සියල්ලන් පුදුමයට පත් කරමින් පක්ෂ නායකත්වයට යෝජනා වී තිබුණේ මාග්රට්වයි. ඇයගේ නායකත්වය යටතේ 1979 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂය ජය ගන්නා අතර මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැතිවරිය ලෙස පත්වන්නීය. අගමැතිවරිය ලෙස පත්වූ පසු මාග්‍රට් කළදෑ බොහෝ විය.රාජ්‍ය සමාගම් පුද්ගලීකරණ පණත හදුන්වාදීම,වෙළද සබදතා ඇති කර ගැනීම,සෘජු බදු අඩු කර වක්‍ර බදු හදුන්වාදීම මගින් වියදම් අඩු කිරීම මේවා අතුරින් කිහිපයකි. මේ කාලයේදී රටේ උද්දමනය සීඝ්රයෙන් පහත බැස්සද විරැකියාව ඉහළ යමින් තිබුණි. රට පුරා වූයේ උද්ඝෝෂණයන්ය.මෙය දුටු පක්ෂයේ ඇතැමුන් මාග්‍රට් හට ඉල්ලා අස්වන ලෙස බල කෙරූ අතර ඇය ඔවුන්ට බැණ වැදී එළවා දැමූ බව කියැවේ. විරැකියාවට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ වක්‍ර බදු ඇති කිරීම යැයි විචාරකයන් කියයි.කර්මාන්තශාල හිමියන් මෙයට එකම විසදුම ලෙස දුටුයේ සේවකයන් ප්‍රමාණය අඩු කිරීම මගින් වියදම් අවම කරගෙන බදු වශයෙන් ගෙවීමට සිදුවන මුදල ඉතිරි කර ගැනීමයි. මේ ආකාරයට රැකියා අහිමි වූවන් ලක්ෂ 36 ක් පමණ 1982 වසර වන විට බ්‍රිතාන්‍යයේ විය. කෙසේ වූවත් කර්මාන්තශාලා අනවශ්‍ය වියදම් කපා හැරීම නිසා නිශ්පාදන ඉහළ යමින් තිබුණි. මෙනිසා ආර්ථීකය ක්‍රමයෙන් නැගී ආ අතර එය කොන්සර්වටිව් පක්ෂයේ ජනප්‍රියතාව යළි ඇති කිරීමට සමත් විය. මේ සමයේ වූ තවත් සිදුවීමක් වූයේ බ්‍රිතාන්‍යයේ ඉරාන තානාපති කාර්යාලයට කඩාවැදුණු අවිගත් පුද්ගලයන් 6 දෙනෙක් එහි වූ කාර්යමණ්ඩලය දින 6 ක් පුරාවට රදවාගෙන සිටීමයි බ්‍රිතාන්‍යයේ කොමාන්ඩෝ භටයන් යොදවා කෙරුණු මෙහෙයුමකින් පසු කාර්ය මණ්ඩලය මුදා ගැනීමට හැකි වූ අතර මෙය අගමැතිනී මාග්‍රට් තැචර්ගේ නියෝග පරිදි සිදුවූවක් විය.එයින් ඇයගේ ප්‍රතිරූපය තවත් වර්ධනය විය. මේ සමයේ උතුරු අයර්ලන්තයේ අවිගත් කණ්ඩායම් අතර වූ ගැටුම් වලට නැවතුමක් තැබීමට මාග්‍රට් තැචර් කටයුතු කරමින් සිටියාය. මෙ නිසාම ඇයගේ ජීවිතයට තර්ජන එල්ල වූ අවස්ථා බොහෝ විය. අවිගත් කණ්ඩායම් වල ඉල්ලීම් වලට ඇයගේ කිසිදු අනුමැතියක් හිමි නොවුණි. බ්‍රිතාන්‍යයට අයත් ෆාක්ලන්ඩ් දූපත් ආර්ජන්ටීනියානු හමුදා ආක්‍රමණයකට ලක්වූයේ මේ කාලයේදීය. මේ දූපත් වල අයිතිය හිමිකරගැනීමට බ්‍රිතාන්‍යය හා ආර්ජන්ටිනාව අතර 1810 සිටම පැවැතුනේ ගැටුමකි. මාග්‍රට් තැචර් වහාම හමුදා භටයන් පිරවූ නෞකාවක් ෆාක්ලන්ඩ් දූපත් බලා පිටත් කර හැරීමට කටයුතු කළාය. සාකච්ඡා මාර්ගයෙන් ගැටලූව විසදා ගැනීමට නොහැකි නම් බලය භාවිතා කළ යුතුයැයි ඇය ප්‍රසිද්ධියේ සදහන් කළාය. තත්ත්වය පුංචි යුද්ධයක් තරමටම වර්ධනය විය. ආර්ජන්ටිනා හා බ්‍රිතාන්‍යය හමුදාවන් අතර ඇතිවූ ගැටුම් අවසානයේ ආර්ජන්ටිනාව යටත් විය. මේ සිදුවීම තැචර් පාර්ලිමෙන්තුවේ ජනප්‍රියතාව ඉහළ දැමිීමට ඉවහල් විය. මේ නිසාම 1983 වසරේ පැවැති මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂයට හිමිවූයේ විශිෂ්ට ජයකි. මාග්‍රට් තැචර් දෙවන වරටද අගමැතිනිය ලෙස පත්වූවාය. මේ සමයේදී ඇය ඇමරිකාව හා රුසියාව සමග සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට කටයුතු කළාය. මීට අමතරව ඇගේ අවධානය යොමු වූයේ ඇය හිසරදයක් ලෙස සැළැකූ වෘත්තිය සමිති අඩපණ කිරීමේ ක්රියාදාමයටය. සෘජු බලපෑම් ඇතිකිරීමෙන් බැහැරව වක්‍රව තම උපායන් කි‍්‍රයාවට නැංවීමට මාග්‍රට් කටයුතු කළාය. එසේ වුවද වර්ජන වල නම් අඩුවක් නොවුණි. පාර්ලිමෙන්තුව බි්රතාන්යයේ ලාභ නොලබන පතල් වසා දැමීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට යාමේදී ඊට එරෙහිව පතල් කරුවන් ගෙන ගිය වර්ජනයක් වසරක කාලයක් පුරා පැවැත්වුණි. මාග්‍රට් තැචර්ගේ දැඩි ස්ථාවරයත් වර්ජනයේ නියුතුවූ පතල් කරුවන් අතර ඇතිවන්නට ගත් අභ්‍යන්තර ගැටුමුත් නිසා අවසානයේ ජය ගත්තේ රජයයි. 1984 වසරේ ඔක්තෝබර් මස පක්ෂ රැස්වීමකට මාග්‍රට් තැචර් ඇතුලූ කොන්සර්වටිව් පක්ෂ සාමාජිකයින් රැස්ව සිටි බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් නගරයේ හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.එයින් දිවි ගලවාගැනීමට මාග්‍රට් තැචර් සමත් වූවාය. පසුව සිදුකළ පරීක්ෂණ වලදී හෙළිවූයේ මේ අයර්ලන්ත ගරිල්ලන්ගේ ක්‍රියාවක් බවයි. මාග්‍රට් තැචර් නවාතැන් ගෙන සිටි කාමරයට යාබද කාමරයේ වූ නාන කාමරයේ බෝම්බය අටවා තිබී ඇත.බෝම්බයෙන් මාග්‍රට් තැචර්ගේ කාමරයට අයත් නාන කාමරය සුනුවිසුණු වී තිබූ අතර හදිසියේවත් පිපුරුම අවස්ථාවේ ඇය එහි සිටියේ නම් ඇයට හිමිවනු ඇත්තේ මරණයයි. බෝම්බ ප්‍රහාරයේන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි. හාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාග්‍රට් තැචර් කළ කතාව දේශපාලන විචාරකයන්ගේ පැසැසුමට ලක් විය. එවන් ප්‍රහාරයකින් පසුවත් ඇය සුපුරුදු ස්වභාවයෙන් සිටීම සියලූදෙනා පුදුමට පත්කිරීමට සමත් වුනි. යකඩ ගැහැණිය නමින් ඇය ප්‍රසිද්ධ වීමට ගත්තේ මේ සිදුවීමෙන් පසුවය. ගැටුම් නිමා කිරීමේ අරමුණින් අයර්ලන්තය හා ගිවිසුමක් ඇති කර ගැනීමට මාග්‍රට් තැචර් කටයුතු කළාය. 1985 - 1991 සීත යුද සමයේ ඇයගේ සහය හිමිවූයේ ඇමරිකාවටයි.එසේ වුවද රුසියාවේ එවක නායකයා වූ මිකායිල් ගොර්බාචෙව් ඇය ඛෙහෙවින් අගය කළ පුද්ගලයෙක් විය. දෙපාර්ශවය අතර ගැටලූ සමතයකට පත්වීමෙන් පසු ‘සීත යුද්දයේ ජය හිමිවූයේ බටහිරටයි යුද සමය අවසානයේ බටහිර සතුවූ අවි වලට බියෙන් රුසියාව පසුබැස ගියේයැයි‘ මාග්‍රට් තැචර් ප්‍රකාශ කළාය. ලිබියාව හා ඇමරිකාව අතර ගැටුම් ඇතිවන්නට පටන් ගත් පසු බි්රතාන්යයේ වූ ගුවන් හමුදා කදවුරු භාවිතා කිරීමේ අවසරයද ඇය ඇමරිකාවට ලබා දුන්නාය. මෙනිසාම එවක ඇමරිකානු ජනපති වූ රොනල්ඩ් රේගන් අයර්ලන්ත ගරිල්ලන්ට වැට බැදීමේ යෝජනාවකට එරට කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේය.මේ ඔස්සේ අයර්ලන්තයේ අවිගත් කණ්ඩායම් වල ක්‍රියා මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යය රජයට හැකි විය. හොංකොං දිවයින චීන රජයේ විශේෂ අධිීක්ෂණය යටතේ පාලනය විය යුතු යැයි සදහන් වූ යෝජනාවක් ගෙන ඒමටද ඇය කටයුතු කළාය. 1980 වසර වන විටදී බ්‍රිතාන්‍යයේ නිශ්පාදන ඉහළ යමින් තිබූ අතර අනෙක් ධනවක් රටවල් මට්ටමටම බ්‍රිතාන්‍යයද ළගා වෙමින් තිබුනි.විරැකියාවද මේ වන විට තිබුණේ සැළැකිය යුතු මට්ටමකින් පහත බැසය. මෙනිසාම 1987 වසරේදී පැවැති මහ මැතිවරණයෙන්ද ජය අත්කර ගැනීමට මාග්‍රට් තැචර්ගේ නායකත්වයෙන් යුතු වූ කොන්සර්වටිව් පක්ෂයට හැකිවිය. ඇය තෙවන වරටත් බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට තේරී පත්වූවාය. දකුණේ පක්ෂ අතර ඇය එදා සිටම ගැරහුමට ලක්වූ චරිතයක් විය.එනිසාම තෙවන වරටද බ්‍රිතාන්‍යයේ අගමැතිනිය ලෙස තේරී පත්වුණු පසු ඇය වෙත ගලා ආවේ නින්දා හා අපහාසය. ඇය අරබයා ගීත ලියැවෙන්නටත් පටන් ගත්තේ මේ සමයේය.‘මැගී ගෙදර පල‘ ඔවුන්ගේ තේමාව විය. තෙවන ධුර කාලයේදී රජය විසින් ගත් තීරණ බොහෝමයක් පෙර මෙන් ඵල දැරරවේ නැත. මෙනිසා රටවැසියන් අතර රජය දිනෙන් දින අප්‍රසාදයට ලක් විය. මේ සමයේ වූ වැදගත් සිදුවීම් ලෙස දැක්විය හැක්කේ දකුණු අප්‍රිකානු ජනපති නෙල්සන් මැන්ඩෙලාව සිරෙන් මුදවා ගැනීමට මාග්‍රට් තැචර් ගත් උත්සාහයයි. විවිධ බදු වර්ග හදුන්වාදීමෙන් රටේ ජනතාවගේ ප්‍රසාදයත් ඇතැම් තීරණ නිසා තමන්ට ළගින්ම සිටි දේශපාලන මිතුරනුත් අහිමිවීමත් නිසා මාග්‍රට් තැචර්ගේ ජනප්‍රියතාවය සීඝ්රයෙන් පහත බසිමින් තිබුණි.මෙනිසා පක්ෂයෙන්ම මතුවූ යෝජනාවකට අනුව 1990 වසරේදී ඇය පක්ෂ නායකත්වයෙන්ද අගමැති ධුරයෙන්ද ඉල්ලා අස්වූවාය. ඇය කළ සේවය අරබයා බ්‍රිතාන්‍යය රජමාළිගයෙන් ඇයට බැරන් තනතුරක්ද ප්රදානය කෙරුණි.1992 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමෙන් පසු ඇය සමාජසේවා කටයුතු වලට සෘජුව සම්බන්ධ වී ක්‍රියා කළාය. මේ වන විට ඇයගේ වයස අවුරුදු 66 ක් විය.පාර්ලිමෙන්තුව� ��් ඉවත් වීමෙන් පසු තමන්ට කැමති දෙයක් කීමේ හැකියාව ලැබී ඇතැයි ඇය බොහෝ අවස්ථාවන්හි ප්‍රකාශ කළාය. තෙවරක්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය ලෙස පත්වීමත් ඇය ධූරයේ සිටි කාලයේ කළ කීදෑත් නිසා ඇයට ලොව පුරාම තිබුණේ ඉහළ පිළිගැනීමකි. [IMG]http://cdn.urgente24.com/sites/default/files/notas/2012/02/01/Thatcher.jpg[/IMG] දුකට සැපට දෙකට ඇය ළගින්ම සිටි ආදරණීය සැමියා ඩෙනිස් තැචර් 2003 වසරේදී හෘද්‍යාබාධයක් සෑදී මියයාමෙන් පසු ඇය දවස ගෙවූයේ සිය පැරණි දේශපාලන මිතුරන් අතරය. ඇයට එකල ලැබුණු ගෞරවයම ජීවිතයේ සැදෑ සමය පුරා ලබන්නටත් ඇය වාසනාවන්ත විය. ආඝාත තත්ත්වයන් ඇති වන්නට පටන් ගැනීමට නිසා වෛද්‍යවරුන් නිර්දේශ කළ පරිදි කතා පැවැත්වීම ඇය නතර කළාය. බ්‍රිතාන්‍යය දේශපාලනයේ නොමැකෙන චරිතයක් වූ මාග්‍රට් තැචර් පසුගිය 12 වැනිදා අප අතුරින් සදහටම සමුගෙන ගියාය.මියයන විටදී ඇයගේ වයස අවුරුදු 87 කි. [/SIZE] මේ ලිපිය උපුටා ගැනීමකි... {Lankadeepa News Peper} [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom