Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
යක්කුන්ගේ හෙළ - The line of life & death
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊට පස්සේ අපි කුඩාරම අටවගෙන කුඩාරම් රෙද්ද එළියේ පඳුරු අතරින් ගැට ගැහුවා. අපි එහෙම කලේ හදිසියේ රාත්‍රියේ වැස්සොත් හෝ පින්න නිසා හෝ එකතුවෙන වතුර එකතු කරගන්න.

මොකද අපිට පහුවදා වතුර හම්බු වෙන්න කොච්චර දුර යන්න වෙයිද කියන එක ගැන අදහසක්වත් තිබුනේ නැහැ.

ඒ රාත්‍රිය ගතකලේ කෑම, වතුර නැතුව..

වන ගොමුවෙන් ආවරණය වුනු අපේ කුඩාරම.

පහුවදා පාන්දරින්ම නැගිට්ටට පස්සේ කරපු පළවෙනිම දේ තමයි එළියේ ගස් වල රැඳුනු පින්න ලේන්සු වලින් පොඟවල තොල කට තෙමා ගනිපු එක.

ඊට පස්සේ අපි කන්දේ මුදුනට ගිහින් නැගෙනහිර අහසෙන් ඉර පායාගෙන එන හැටි බැලුවා.කළුපහන කන්දේ පැත්තකින් ඉර පායගෙන අහස ගිනියමින් වේලාගන්න දර්ශනය ඇත්තටම ලස්සනයි.

එදා දවස අපි දෙන්නටම තීරණාත්මක දවසක් වුනා.ඒක නිසා අපි වැඩිපුර කාලය ගෙවා දමන්න කලින් කුඩාරම අකුලාගෙන ගමන් මලු ලැස්ති කරගත්තා.

කුඩාරමේ කැනපි රෙද්දේ එකතු වුනු පින්නෙන් වතුර උගුරු 3,4 බීලා ඉතුරු ටික පරිස්සමට බෝතලයට දාගෙන අපි පිටත් වුනා.

දුම්බරයේ මම කැමතිම කඳු මුදුන වෙන තුන්හිස්ගලට එපිටින් ගිනියම් අහසෙන් ඉර උදාවෙන අයස්කාන්ත දර්ශනයක් දකින්න තරම් අපි වාසනාවන්ත උනා.

කැනපි රෙද්දට එකතු වුනු වතුරෙන් පිපාසය සංසිදුවාගෙන, තව පොඩ්ඩක් බෝතලේට පුරවා ගත්තා.

මගේ යාළුවගේ තමා මේ රත්තරන් වටිනා අදහස.

යක්කුන්ගේ හෙලෙන් බහින එක කොහෙත්ම පහසු නම් නැහැ.මොකද මම මෙතුවක් ජීවිතයේ ගිය ගමන් වලදී මුහුණ දීපු සිදුවීම් සියල්ල අමතක කලත්, ඒ වගේ අපහසු බැස්මක් මීට කලින් බැහැල නැහැ.

ඒ අපහසුවට තවත් මරණීය අත්දැකීම් සහ මානසික තත්වයක් එකතු වුනාම ඒක එහෙමපිටින්ම nightmare එකක්.

අපි දෙන්නා පහලට බහින්න කලින් කැමරා ආම්පන්න සේරම මල්ලට අඩුක් කරගෙන බැස්සේ. මගේ පරණ පොකට් කැමරාව විතරක් මම සාක්කුවේ දාගත්තා.

ඒකනිසා මෙතන ඉඳල පින්තුර බොහොම සීමිතයි වගේම අපැහැදිලියි.

අපිට න්‍යායාත්මක විදිහට තියුණු ආනති කොටස තිබුනේ මීටර් 600 - 700 අතර ප්‍රමාණයක්. ( මුහුදු මට්ටමේ ඉඳල සිරස් අතට මීටර් 400 වගේ ලම්භක දුරක් තමා බහින්න තියෙන්නේ ) ඊට පස්සේ බෑවුමේ ආනතිය අඩුයි.මීටර් 1000 + දුරකින් පස්සේ නැවත සාමාන්‍ය රූස්ස වනය.

අපි ගමන පටන් ගනිද්දී වෙලාව උදෑසන 8.10.කාලගුණය ක්‍රමයෙන් මීදුමට බර වෙලා අඳුරු මන්දාරමකින් වැහුනා.

අපි පහලට බහින්න උපයෝගී කර ගත්තේ බොහොම සරල ක්‍රමයක්.උඩින් ඉන්න කෙනා බෑග් 2 සහ කුඩාරම අල්ලගෙන ඉද්දි අනෙක් කෙනා මීටර් 2,3 පහලට බැහැල බෑග් අරගෙන පහලින් තියනවා.ඔය විදිහට මාරුවෙන් මාරුවට බෑග් එල්ලගෙන යන්නේ නැතුව පහලට බහිනවා.

ගමන කොහෙත්ම ලේසි නම් වුනේ නැහැ. ඒ වගේම අපි නැවත උඩට යෑමක් ගැන හිතුවෙත් නැහැ.

ලොකු කරදරයක් නැතුව පලවෙනි මීටර් 100 අපි පැයක් වගේ ඇතුලත බැස්සා.

අපේ ප්රයත්නයට කලින් පොඩි සෙල්ෆි එකක් ගත්තා.

එතනින් පස්සේ ගමන බොහොමත්ම දුෂ්කර උනා.මොකද අපි පොඩි ලන්දකින් වටවුණු නෙරුවක් කෙලවර හිර වුනා.

අපි එතන පොඩි විවේකයක් ගත්තා. පොඩි චොකලට් පෙත්තකින් ශක්තිය අරගනිපු නිසා අපි ඒ තැනට '' චොකලට් ලන්ද '' කියල නම් තිබ්බා.

එතනින් පස්සේ අපි ලන්දේ එක කෙලවරකින් පහලින් පෙනුණු දෙබෝක්කාවට බහින්න තීරණය කළා.

ඒ කඩඉමත් පහු කලාට පස්සේ අපි දෙබෝක්කේ උඩ ඉඳල කඹය දාලා බෑග් පහලට අරගෙන බොහොම පරිස්සමින් අඩිය තියල දෙබෝක්කාවට බැස්සා.

ඒවෙද්දී පැය 3 කිට්ටු කාලයක් ගිහින්.දෙබෝක්කාවට බැස්සට පස්සේ අපිට දිය සීරාවක් හම්බු වුනා. එතනින් ඇති වෙනකම් වතුර බීලා බෝතල් වලට පුරවගෙන අපි හිමින් හිමින් දෙබොක්කාව දිගේ පහලට බැස්සා.

නමුත් අපිට වැඩිදුරක් යන්න නම් ලැබුනේ නැහැ, තීරණාත්මක ලෙස අපි මරණීය ප්‍රපාතයක කෙලවරට ආවා.එතන මීටර් 40,50 විතර ගැඹුරු dead end එකක්.

මෙතන තමා චොකලට් ලන්ද..

චොකලට් ලන්දෙන් පස්සේ අපි බැස්සේ ඔය පහලින් පෙනෙන බෑවුමට.එතන ට පහලින් තමා දෙබෝක්කාවේ උඩ.

ඔය විදිහට ලොකු උත්සාහයකින් පස්සේ කඹේ ආධාරයෙන් බෑග් පහලට දාගෙන අපි දෙන්නා දෙබෝක්කාවේ පහලට බැස්සා.

එතන දිය සීරාවෙන් වතුර පුරව ගත්තා.

එක මොහොතකට අපි දෙන්නම මූණට මූන බලාගෙන හිටියා.

පරාජය කියන දේ මනුස්සයෙකුගේ ඇස් වලින් ඔච්චර ලඟින් මම දැක්කේ එදා.ඇත්තටම මටත් නිකන් ඇඬේන්න වගේ ආවා.

යාළුවා මගෙන් ඇහුවේ එකම එක ප්රශ්නයයි, ගමන නවත්තමු නේද ?

ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒ වෙද්දීත් මගේ ඔලුවේ ලියවිලා තිබුන.හැබැයි හිතට පුදුම දුකක්, කලකිරීමක් සහ වේදනාවක් දැනුනා.

අපි දෙන්නා විනාඩි 5,10 ඔහේ බලාගෙන හිටියා. නැවත හරි සිහිකල්පනාවට එන්න, අපි හිටපු තත්වෙට එන්න ටික වෙලාවක් ගියා.

ඒ වෙලාවේ එකම එක දෙයක් තේරුම් ගත්තා, ඒ තමයි වනාන්තරය මින් ඉදිරියට අපිට කිසිම සහයෝගයක් දක්වන්නේ නැහැ කියන දේ.

දෙබෝක්කාව දිගේ ටික දුරක් පහලට එද්දී අපිව ලොකු ප්රපාතයක් මුදුනේ හිර වුනා.

මේ ප්රපාතය බහින්න නම් අඩුම මීටර් 50 වත් ශක්තිමත් කඹයක් ඕනේ.මෙතැනදී අපි පුදුමාකාර විදිහට අසරණ උනා.අපි ගමන අත්හැරියේ මෙතැනදී.මෙතනදීමට පින්තුරයක් වත් ගන්න කල්පනාවක් උනේ නැහැ. ඒතරමටම අප්සට් එකේ හිටියේ. මේ පින්තුර තුනම යාලුවා ගැහුවේ.

අපි ආපහු ගමනක් ගැන හිතුවේ අන්න ඒ වෙලාවේ.ඉතින් අපි තීරණය කළා මුළු ගමනම අත් හැරලා නැවත උඩට ගිහින් ආපු විදිහට ගෙදර යන්න.

අපි මුලින්ම කලේ බෑග් දෙකේම තිබුණු කෑම බීම සේරම එලියට ගනිපු එක. ඊට පස්සේ අමුවෙන්ම නූඩ්ල්ස් පැකට් දෙකක් කාලා, රාත්‍රියටත්, පහුවදාටත් උවමනා තරමට කෑම තියාගෙන ඉතුරු සේරම ටික පැකට් වලින් කඩල එලියට හලලා දැම්මා.එහෙම කරලා බෑග් වල බර පොඩ්ඩක් අඩු කරගෙන නැවත හැරෙද්දී වෙලාව හරියටම දවල් 12.25.

අපි ඒ වනවිට මුදුනේ ඉඳල මීටර් 250 - 300 වගේ දුරක් පහලට ඇවිත් තිබුන. පැය 4 වඩා කාලයක් ගෙවිල තිබුන.

අපේ බලාපොරොත්තුව උනේ හවස් වෙන්න කලින් මුදුනට යන්න.

අපි ඉක්මනින්ම දෙබොක්කාව පහලට ආවා.ගමනේ තීරණාත්මකම සිදුවීම සිද්ධ වුනේ අන්න ඒ වෙලාවේ.

දැන් අපි නැවත මේ දෙබොක්ක උඩට යන්න ඕනේ. නමුත් බෑග් එක්ක ඒක උඩට යන එක කොහෙත්ම කරන්න බැහැ.

ඒ නිසා කෙනෙක් උඩට ගිහින් කඹය ගැට ගහල බෑග් අරගන්න ඕනේ.

බහින අවස්ථාවේ මම ඒ දේ කල නිසා මිත්‍රයා ඉදිරිපත් උනා ඒ දේ කරන්න. මම පහල හිටියා.

කලින් බැහැපු අවස්ථාවේ පඳුරු පොඩිවෙලා, පස් ලිස්සලා තිබුණු නිසා ඒක අතිශයින් අවදානම් වැඩක්.

දෙපැත්තේම ගල් බිත්තියෙන් වැහුණු පටු දෙබෝක්කාවේ උස මීටර් 8,10 විතර ඇති.

අවදානම දරාගෙන මිත්‍රයා ටිකින් ටික උඩට නැග්ගා.

ජීවිතයේ සමහර මොහොතවල් තියෙනවා ක්ෂණිකයෙන් විදුලියක් කෙටුවා වගේ සිද්ධ වෙන.ඒ මොහොතට නිමේෂයකින් හිතේ දහසකුත් සිතුවිලි මැවෙනවා.

එකවරම මගේ මිත්‍රයා පස් කන්ඩි පෙරලගෙන පහලට ලිස්සනවා විතරයි මම දැක්කේ, ඒ මොහොතේම මම දෙබෝක්කාවේ හිටපු ගල උඩින් පීනලා ඇවිත් යාළුවගේ කබායෙන් ඇල්ලුවා.ඒ වෙද්දී යාළුවා පස් කණ්ඩියක කකුල ගහගෙන ගල බදාගෙන නැවතුනා.

මගේ ජීවිතේ මම ගෙවපු භයංකරම මොහොතක් කිව්වොත් හරි.

යාළුවව දෙබොක්කේ හිර වෙනවා, ඔලුව ගලක වදිනවා, ලේ විලක් මැද්දේ මම තට්ට තනි වෙනවා,යාලුවවත් කර තියාගෙන කන්දේ ආපහු යනවා, පොලිසියට ඉස්පිරිතාලෙට යනවා, දහසකුත් එකක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා,අම්මලා තාත්තලට මුහුණ දෙන්න බැරි වෙනවා,ජීවිතේ හුදෙකලා වෙලා මනසින් හැමදාම දුක් විඳිනවා,විශ්වාස කරන්න මේ හැම සිතුවිල්ලක්ම ඔලුව හරහා ඇඳෙන්න ගියේ එකම එක මොහොතයි.

යාළුවගේ කටහඬින් තමා මම නැවත මේ ලෝකෙට ආවේ.සීරීම් තුවාල සහ වේදනාවක් ඇරෙන්න කිසිම බරපතල හානියක් නැහැ.

අපි දෙන්නා පුදුමාකාර විදිහට අසරණ වුනා.

ඒක නිසා හිත ශක්තිමත් කර ගන්න අපි චුට්ට වෙලාවක් හිටියා.

ඊට පස්සේ මම කිව්වා '' උඹ ඉඳපන් මම උඩට යන්නම් ''.

හැබැයි යාළුවගේ අතින් කඹේ ගලේ මැද පඳුරක් උඩ හිර වුනා.දැන් උඩට යන එක තවත් අපහසුයි. අල්ල ගන්න තරම් හයිය පඳුරක් වත් නැහැ.

නමුත් සොබාදහම ඒ වෙලාවේ අපේ පිහිටට ආවා. කරදරයක් නැතුව අපි දෙන්නා බෑග් අරගෙන දෙබොක්කාව උඩට එද්දී වෙලාව 1.40 යි.

මිත්‍රයා දෙබෝක්කාවේ උඩට නගින්න පටන් ගනිද්දී මම පින්තුරයක් ගැහුවා.එතනින් පස්සේ නැවත පහලට එනකම් කිසිම පින්තුරයක් ගත්තේ නැහැ.මොකද ඒ සිද්ධියෙන් පස්සේ අපි දෙන්නම සෑහෙන දුරට මානසික පසුබෑමක හිටියේ.

අපි පහලට බැස්සේ කොච්චරක් තියුණු ආනතියකින්ද කියන දේ අපි හරියටම දැක්කේ ඒ වෙලාවේ.නමුත් එතනින් පස්සේ කිසිම තැනක අපි නතර වුනෙත් නැහැ.අතපය හතරෙන්ම කන්දේ උඩට බඩගාගෙන කඳු මුදුනට එද්දී වෙලාව හැන්දෑවේ 3.15.අපි වතුර ටිකක් බොන්න නතර උනෙත් ආරක්ෂිතව උඩට ආවට පස්සේ.

හරියටම උදේ ඉඳල කන්දේ බාගයක් දුර පහලට ගිහින් නැවත උඩට එන්න අපිට පැය 7 වැඩි කාලයක් ගියා, නමුත් ඒ මුළු කාලෙම අපි ඇවිදලා තිබුනේ මීටර් 550 -600 වගේ බොහොම පුංචි දුරයි.

අපි දෙන්නා උඩට ආවට පස්සේ තීරණය කළා කලින් දවසේ ආපු විදිහටම කන්දෙන් පහලට බැහැල නැවත අලකොලේ වතු යායට යමුයි කියල.

අපිට පැය 3 වගේ කාලයක් ඉතුරු වෙලා තිබුන හවස් වෙන්න කලින් යාගන්න.

ඒ ගමනේදී නම් දෙතුන් වතාවක් ලිස්සලා වැටෙනවා ඇරෙන්න වෙනින් කිසිම කරදරයකින් තොරව පැය 3 විතර අපිට පුළුවන් උනා අලකොලේ වතුයායේ කෙලවරේ තියෙන රත්නතැන්න අම්බලමට සේන්දු වෙන්න.

ඔය තියෙන්නේ රත්න තැන්න අම්බලම.කන්දේ දෙබෝක්කාවේ ඉඳල රත්නතැන්න කිට්ටුවට ම එනකන් අපි කිසිම පින්තුරයක්වත් ගන්න නතර වුනේ නැහැ. එක සීරුවට පහලට බැස්සා.

එදා දවසටම අපි කෑවේ අමු නූඩ්ල්ස් එකකුයි, චොකලට් දෙක, තුනකුයි නිසා අපි ඉකමනටම කෑම හදාගෙන ඒ රාත්‍රිය අම්බලමේ කුඩාරම් ගහල පහුවදා උදේ වතුයාය හරහා හුලුගඟින් අපේ ගමන නිමා කළා.

යක්කුන්ගේ හෙලට සහ රත්නතැන්න අම්බලමට ආයුබෝවන් කියලම පිටත් උනා.

අලකොලේ වතුයාය හරහා හුලුගඟට පිටත් වුනා. අපේ ගමනේ අවසානය මේ විදිහට සනිටුහන් උනා.

( අපි ගමන අත් හරින්නට හේතු උණු සිද්ධිය සහ අපේ මානසික තත්වය තේරුම් ගත්තු අනෙක් මිත්‍රයෝ ඒ ගමන අත්හැරීම වෙනුවෙන් අපිට දොස් පැවරුවේ නැහැ.

නමුත් ඔවුන්ට වෙච්ච අසාධාරණය නිසා ඊට මාස කිහිපයකට පස්සේ මම ඔවුන්වත් සම්බන්ධ කරගෙන තවත් ඒ වගේ ත්‍රාසජනක, අභියෝගාත්මක, ලේසියෙන් කෙනෙක් නොයන කැලෑ නීතියෙන් වටවුණු ඉසව්වක නම් නොලත් දිය ඇලි හොයාගෙන අද්විතීය සංචාරයක් ගියා.

අන්න ඒක ගැන නම් ලියන එක දෙපාරක් හිතන්න ඕනේ මොකද ඒ ගැන තතු දන්න සීමිත දෙනෙක් දන්නවා ඒ ගමනේදී අපි දැකපු දේවල් සහ එව්වයේ වටිනාකම.

ඒ වගේම නීති ගරුක නොවන මිනිස්සු ඒ ගැන සියලු තොරතුරු දැනගත්තොත් සිදුවෙන හානිය ගැන.ඒ නිසා අවසරයක් ලැබුනොත් ඒ ගැන පස්සේ දවසක ලියන්නම්.

ඊට පස්සේ අගෝස්තුවේ අපි දෙන්නා දුම්බරයේ වෙනත් ඉසව්වක දවස් 05 සාර්ථක සංචාරයක් ගියා.ඒ ගැන නම් වෙනින් දවසක කියන්නම්.

ඒ ගමනේදීත් අපි බොහොම කර්කශ අත්දැකීම් ලැබුවා වගේම, අලුත් ඉසව්වක් ගැන පුංචි හෝඩුවාවක් පවා ලැබුන.)

මේ වගේ ගමනක සිතියම් සහ වෙනත් විස්තර කරුණු කියල දෙන්න කිසිම දෙයක් නැහැ. මොකද අලකොලේ වතුයායේ කෙලවරේ ඉඳලම ආපහු එනකම්ම ඝන වනාන්තරය මැදින් ගියපු ගමනක් නිසා.කවුරුත් අමනාප නොවෙයි කියල හිතනවා.

තවත් සංචාරක නූලකින් හම්බුවෙමු. එතකන් කිරියේ ඔබ සැමට ආයුබෝවන්.ජය වේවා.

[QUOTE="Dodo Mahaththaya, post: 24852211, member: 563080"] [B][CENTER][SIZE="3"][COLOR="Purple"]ඊට පස්සේ අපි කුඩාරම අටවගෙන කුඩාරම් රෙද්ද එළියේ පඳුරු අතරින් ගැට ගැහුවා. අපි එහෙම කලේ හදිසියේ රාත්‍රියේ වැස්සොත් හෝ පින්න නිසා හෝ එකතුවෙන වතුර එකතු කරගන්න. මොකද අපිට පහුවදා වතුර හම්බු වෙන්න කොච්චර දුර යන්න වෙයිද කියන එක ගැන අදහසක්වත් තිබුනේ නැහැ. ඒ රාත්‍රිය ගතකලේ කෑම, වතුර නැතුව.. [IMG]https://i.imgur.com/oAXnWfp.jpg[/IMG] [COLOR="red"]වන ගොමුවෙන් ආවරණය වුනු අපේ කුඩාරම.[/COLOR] පහුවදා පාන්දරින්ම නැගිට්ටට පස්සේ කරපු පළවෙනිම දේ තමයි එළියේ ගස් වල රැඳුනු පින්න ලේන්සු වලින් පොඟවල තොල කට තෙමා ගනිපු එක. ඊට පස්සේ අපි කන්දේ මුදුනට ගිහින් නැගෙනහිර අහසෙන් ඉර පායාගෙන එන හැටි බැලුවා.කළුපහන කන්දේ පැත්තකින් ඉර පායගෙන අහස ගිනියමින් වේලාගන්න දර්ශනය ඇත්තටම ලස්සනයි. එදා දවස අපි දෙන්නටම තීරණාත්මක දවසක් වුනා.ඒක නිසා අපි වැඩිපුර කාලය ගෙවා දමන්න කලින් කුඩාරම අකුලාගෙන ගමන් මලු ලැස්ති කරගත්තා. කුඩාරමේ කැනපි රෙද්දේ එකතු වුනු පින්නෙන් වතුර උගුරු 3,4 බීලා ඉතුරු ටික පරිස්සමට බෝතලයට දාගෙන අපි පිටත් වුනා. [IMG]https://i.imgur.com/EDYCwYu.jpg[/IMG] [IMG]https://i.imgur.com/R5hjuOv.jpg[/IMG] [IMG]https://i.imgur.com/ZIs8knp.jpg[/IMG] [IMG]https://i.imgur.com/o7FnsAQ.jpg[/IMG] [IMG]https://i.imgur.com/b6aVqF7.jpg[/IMG] [COLOR="red"]දුම්බරයේ මම කැමතිම කඳු මුදුන වෙන තුන්හිස්ගලට එපිටින් ගිනියම් අහසෙන් ඉර උදාවෙන අයස්කාන්ත දර්ශනයක් දකින්න තරම් අපි වාසනාවන්ත උනා.[/COLOR] [IMG]https://i.imgur.com/84qG9IW.jpg[/IMG] [IMG]https://i.imgur.com/mrBrWTI.jpg[/IMG] [IMG]https://i.imgur.com/BbVYX29.jpg[/IMG] [COLOR="red"]කැනපි රෙද්දට එකතු වුනු වතුරෙන් පිපාසය සංසිදුවාගෙන, තව පොඩ්ඩක් බෝතලේට පුරවා ගත්තා. මගේ යාළුවගේ තමා මේ රත්තරන් වටිනා අදහස.[/COLOR] යක්කුන්ගේ හෙලෙන් බහින එක කොහෙත්ම පහසු නම් නැහැ.මොකද මම මෙතුවක් ජීවිතයේ ගිය ගමන් වලදී මුහුණ දීපු සිදුවීම් සියල්ල අමතක කලත්, ඒ වගේ අපහසු බැස්මක් මීට කලින් බැහැල නැහැ. ඒ අපහසුවට තවත් මරණීය අත්දැකීම් සහ මානසික තත්වයක් එකතු වුනාම ඒක එහෙමපිටින්ම nightmare එකක්. අපි දෙන්නා පහලට බහින්න කලින් කැමරා ආම්පන්න සේරම මල්ලට අඩුක් කරගෙන බැස්සේ. මගේ පරණ පොකට් කැමරාව විතරක් මම සාක්කුවේ දාගත්තා. ඒකනිසා මෙතන ඉඳල පින්තුර බොහොම සීමිතයි වගේම අපැහැදිලියි. [IMG]https://i.imgur.com/aZFE0mE.jpg[/IMG] [IMG]https://i.imgur.com/9nPjT5N.jpg[/IMG] අපිට න්‍යායාත්මක විදිහට තියුණු ආනති කොටස තිබුනේ මීටර් 600 - 700 අතර ප්‍රමාණයක්. ( මුහුදු මට්ටමේ ඉඳල සිරස් අතට මීටර් 400 වගේ ලම්භක දුරක් තමා බහින්න තියෙන්නේ ) ඊට පස්සේ බෑවුමේ ආනතිය අඩුයි.මීටර් 1000 + දුරකින් පස්සේ නැවත සාමාන්‍ය රූස්ස වනය. අපි ගමන පටන් ගනිද්දී වෙලාව උදෑසන 8.10.කාලගුණය ක්‍රමයෙන් මීදුමට බර වෙලා අඳුරු මන්දාරමකින් වැහුනා. අපි පහලට බහින්න උපයෝගී කර ගත්තේ බොහොම සරල ක්‍රමයක්.උඩින් ඉන්න කෙනා බෑග් 2 සහ කුඩාරම අල්ලගෙන ඉද්දි අනෙක් කෙනා මීටර් 2,3 පහලට බැහැල බෑග් අරගෙන පහලින් තියනවා.ඔය විදිහට මාරුවෙන් මාරුවට බෑග් එල්ලගෙන යන්නේ නැතුව පහලට බහිනවා. ගමන කොහෙත්ම ලේසි නම් වුනේ නැහැ. ඒ වගේම අපි නැවත උඩට යෑමක් ගැන හිතුවෙත් නැහැ. ලොකු කරදරයක් නැතුව පලවෙනි මීටර් 100 අපි පැයක් වගේ ඇතුලත බැස්සා. [IMG]https://i.imgur.com/T41ca6o.jpg[/IMG] [COLOR="red"]අපේ ප්රයත්නයට කලින් පොඩි සෙල්ෆි එකක් ගත්තා.[/COLOR] [IMG]https://i.imgur.com/VcHXkev.jpg[/IMG] [IMG]https://i.imgur.com/MpiwdFb.jpg[/IMG] එතනින් පස්සේ ගමන බොහොමත්ම දුෂ්කර උනා.මොකද අපි පොඩි ලන්දකින් වටවුණු නෙරුවක් කෙලවර හිර වුනා. අපි එතන පොඩි විවේකයක් ගත්තා. පොඩි චොකලට් පෙත්තකින් ශක්තිය අරගනිපු නිසා අපි ඒ තැනට '' චොකලට් ලන්ද '' කියල නම් තිබ්බා. එතනින් පස්සේ අපි ලන්දේ එක කෙලවරකින් පහලින් පෙනුණු දෙබෝක්කාවට බහින්න තීරණය කළා. ඒ කඩඉමත් පහු කලාට පස්සේ අපි දෙබෝක්කේ උඩ ඉඳල කඹය දාලා බෑග් පහලට අරගෙන බොහොම පරිස්සමින් අඩිය තියල දෙබෝක්කාවට බැස්සා. ඒවෙද්දී පැය 3 කිට්ටු කාලයක් ගිහින්.දෙබෝක්කාවට බැස්සට පස්සේ අපිට දිය සීරාවක් හම්බු වුනා. එතනින් ඇති වෙනකම් වතුර බීලා බෝතල් වලට පුරවගෙන අපි හිමින් හිමින් දෙබොක්කාව දිගේ පහලට බැස්සා. නමුත් අපිට වැඩිදුරක් යන්න නම් ලැබුනේ නැහැ, තීරණාත්මක ලෙස අපි මරණීය ප්‍රපාතයක කෙලවරට ආවා.එතන මීටර් 40,50 විතර ගැඹුරු dead end එකක්. [IMG]https://i.imgur.com/l2raH4c.jpg[/IMG] [COLOR="red"]මෙතන තමා චොකලට් ලන්ද..[/COLOR] [IMG]https://i.imgur.com/lOAPKSc.jpg[/IMG] [COLOR="red"]චොකලට් ලන්දෙන් පස්සේ අපි බැස්සේ ඔය පහලින් පෙනෙන බෑවුමට.එතන ට පහලින් තමා දෙබෝක්කාවේ උඩ.[/COLOR] [IMG]https://i.imgur.com/OTV3Eif.jpg[/IMG] [IMG]https://i.imgur.com/dppk1Si.jpg[/IMG] [IMG]https://i.imgur.com/nCD7Xqp.jpg[/IMG] [IMG]https://i.imgur.com/4qrJ1mX.jpg[/IMG] [IMG]https://i.imgur.com/UjXhwfZ.jpg[/IMG] [COLOR="red"]ඔය විදිහට ලොකු උත්සාහයකින් පස්සේ කඹේ ආධාරයෙන් බෑග් පහලට දාගෙන අපි දෙන්නා දෙබෝක්කාවේ පහලට බැස්සා. එතන දිය සීරාවෙන් වතුර පුරව ගත්තා.[/COLOR] එක මොහොතකට අපි දෙන්නම මූණට මූන බලාගෙන හිටියා. පරාජය කියන දේ මනුස්සයෙකුගේ ඇස් වලින් ඔච්චර ලඟින් මම දැක්කේ එදා.ඇත්තටම මටත් නිකන් ඇඬේන්න වගේ ආවා. යාළුවා මගෙන් ඇහුවේ එකම එක ප්රශ්නයයි, ගමන නවත්තමු නේද ? ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒ වෙද්දීත් මගේ ඔලුවේ ලියවිලා තිබුන.හැබැයි හිතට පුදුම දුකක්, කලකිරීමක් සහ වේදනාවක් දැනුනා. අපි දෙන්නා විනාඩි 5,10 ඔහේ බලාගෙන හිටියා. නැවත හරි සිහිකල්පනාවට එන්න, අපි හිටපු තත්වෙට එන්න ටික වෙලාවක් ගියා. ඒ වෙලාවේ එකම එක දෙයක් තේරුම් ගත්තා, ඒ තමයි වනාන්තරය මින් ඉදිරියට අපිට කිසිම සහයෝගයක් දක්වන්නේ නැහැ කියන දේ. [IMG]https://i.imgur.com/06TBeN5.jpg[/IMG] [IMG]https://i.imgur.com/f8nFTZw.jpg[/IMG] [IMG]https://i.imgur.com/Dk5ZYXx.jpg[/IMG] [COLOR="red"]දෙබෝක්කාව දිගේ ටික දුරක් පහලට එද්දී අපිව ලොකු ප්රපාතයක් මුදුනේ හිර වුනා. මේ ප්රපාතය බහින්න නම් අඩුම මීටර් 50 වත් ශක්තිමත් කඹයක් ඕනේ.මෙතැනදී අපි පුදුමාකාර විදිහට අසරණ උනා.අපි ගමන අත්හැරියේ මෙතැනදී.මෙතනදීමට පින්තුරයක් වත් ගන්න කල්පනාවක් උනේ නැහැ. ඒතරමටම අප්සට් එකේ හිටියේ. මේ පින්තුර තුනම යාලුවා ගැහුවේ. [/COLOR] අපි ආපහු ගමනක් ගැන හිතුවේ අන්න ඒ වෙලාවේ.ඉතින් අපි තීරණය කළා මුළු ගමනම අත් හැරලා නැවත උඩට ගිහින් ආපු විදිහට ගෙදර යන්න. අපි මුලින්ම කලේ බෑග් දෙකේම තිබුණු කෑම බීම සේරම එලියට ගනිපු එක. ඊට පස්සේ අමුවෙන්ම නූඩ්ල්ස් පැකට් දෙකක් කාලා, රාත්‍රියටත්, පහුවදාටත් උවමනා තරමට කෑම තියාගෙන ඉතුරු සේරම ටික පැකට් වලින් කඩල එලියට හලලා දැම්මා.එහෙම කරලා බෑග් වල බර පොඩ්ඩක් අඩු කරගෙන නැවත හැරෙද්දී වෙලාව හරියටම දවල් 12.25. අපි ඒ වනවිට මුදුනේ ඉඳල මීටර් 250 - 300 වගේ දුරක් පහලට ඇවිත් තිබුන. පැය 4 වඩා කාලයක් ගෙවිල තිබුන. අපේ බලාපොරොත්තුව උනේ හවස් වෙන්න කලින් මුදුනට යන්න. අපි ඉක්මනින්ම දෙබොක්කාව පහලට ආවා.ගමනේ තීරණාත්මකම සිදුවීම සිද්ධ වුනේ අන්න ඒ වෙලාවේ. දැන් අපි නැවත මේ දෙබොක්ක උඩට යන්න ඕනේ. නමුත් බෑග් එක්ක ඒක උඩට යන එක කොහෙත්ම කරන්න බැහැ. ඒ නිසා කෙනෙක් උඩට ගිහින් කඹය ගැට ගහල බෑග් අරගන්න ඕනේ. බහින අවස්ථාවේ මම ඒ දේ කල නිසා මිත්‍රයා ඉදිරිපත් උනා ඒ දේ කරන්න. මම පහල හිටියා. කලින් බැහැපු අවස්ථාවේ පඳුරු පොඩිවෙලා, පස් ලිස්සලා තිබුණු නිසා ඒක අතිශයින් අවදානම් වැඩක්. දෙපැත්තේම ගල් බිත්තියෙන් වැහුණු පටු දෙබෝක්කාවේ උස මීටර් 8,10 විතර ඇති. අවදානම දරාගෙන මිත්‍රයා ටිකින් ටික උඩට නැග්ගා. ජීවිතයේ සමහර මොහොතවල් තියෙනවා ක්ෂණිකයෙන් විදුලියක් කෙටුවා වගේ සිද්ධ වෙන.ඒ මොහොතට නිමේෂයකින් හිතේ දහසකුත් සිතුවිලි මැවෙනවා. එකවරම මගේ මිත්‍රයා පස් කන්ඩි පෙරලගෙන පහලට ලිස්සනවා විතරයි මම දැක්කේ, ඒ මොහොතේම මම දෙබෝක්කාවේ හිටපු ගල උඩින් පීනලා ඇවිත් යාළුවගේ කබායෙන් ඇල්ලුවා.ඒ වෙද්දී යාළුවා පස් කණ්ඩියක කකුල ගහගෙන ගල බදාගෙන නැවතුනා. මගේ ජීවිතේ මම ගෙවපු භයංකරම මොහොතක් කිව්වොත් හරි. යාළුවව දෙබොක්කේ හිර වෙනවා, ඔලුව ගලක වදිනවා, ලේ විලක් මැද්දේ මම තට්ට තනි වෙනවා,යාලුවවත් කර තියාගෙන කන්දේ ආපහු යනවා, පොලිසියට ඉස්පිරිතාලෙට යනවා, දහසකුත් එකක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා,අම්මලා තාත්තලට මුහුණ දෙන්න බැරි වෙනවා,ජීවිතේ හුදෙකලා වෙලා මනසින් හැමදාම දුක් විඳිනවා,විශ්වාස කරන්න මේ හැම සිතුවිල්ලක්ම ඔලුව හරහා ඇඳෙන්න ගියේ එකම එක මොහොතයි. යාළුවගේ කටහඬින් තමා මම නැවත මේ ලෝකෙට ආවේ.සීරීම් තුවාල සහ වේදනාවක් ඇරෙන්න කිසිම බරපතල හානියක් නැහැ. අපි දෙන්නා පුදුමාකාර විදිහට අසරණ වුනා. ඒක නිසා හිත ශක්තිමත් කර ගන්න අපි චුට්ට වෙලාවක් හිටියා. ඊට පස්සේ මම කිව්වා '' උඹ ඉඳපන් මම උඩට යන්නම් ''. හැබැයි යාළුවගේ අතින් කඹේ ගලේ මැද පඳුරක් උඩ හිර වුනා.දැන් උඩට යන එක තවත් අපහසුයි. අල්ල ගන්න තරම් හයිය පඳුරක් වත් නැහැ. නමුත් සොබාදහම ඒ වෙලාවේ අපේ පිහිටට ආවා. කරදරයක් නැතුව අපි දෙන්නා බෑග් අරගෙන දෙබොක්කාව උඩට එද්දී වෙලාව 1.40 යි. [IMG]https://i.imgur.com/CV3LaQS.jpg[/IMG] [IMG]https://i.imgur.com/oia9R2d.jpg[/IMG] [COLOR="red"]මිත්‍රයා දෙබෝක්කාවේ උඩට නගින්න පටන් ගනිද්දී මම පින්තුරයක් ගැහුවා.එතනින් පස්සේ නැවත පහලට එනකම් කිසිම පින්තුරයක් ගත්තේ නැහැ.මොකද ඒ සිද්ධියෙන් පස්සේ අපි දෙන්නම සෑහෙන දුරට මානසික පසුබෑමක හිටියේ.[/COLOR] අපි පහලට බැස්සේ කොච්චරක් තියුණු ආනතියකින්ද කියන දේ අපි හරියටම දැක්කේ ඒ වෙලාවේ.නමුත් එතනින් පස්සේ කිසිම තැනක අපි නතර වුනෙත් නැහැ.අතපය හතරෙන්ම කන්දේ උඩට බඩගාගෙන කඳු මුදුනට එද්දී වෙලාව හැන්දෑවේ 3.15.අපි වතුර ටිකක් බොන්න නතර උනෙත් ආරක්ෂිතව උඩට ආවට පස්සේ. හරියටම උදේ ඉඳල කන්දේ බාගයක් දුර පහලට ගිහින් නැවත උඩට එන්න අපිට පැය 7 වැඩි කාලයක් ගියා, නමුත් ඒ මුළු කාලෙම අපි ඇවිදලා තිබුනේ මීටර් 550 -600 වගේ බොහොම පුංචි දුරයි. අපි දෙන්නා උඩට ආවට පස්සේ තීරණය කළා කලින් දවසේ ආපු විදිහටම කන්දෙන් පහලට බැහැල නැවත අලකොලේ වතු යායට යමුයි කියල. අපිට පැය 3 වගේ කාලයක් ඉතුරු වෙලා තිබුන හවස් වෙන්න කලින් යාගන්න. ඒ ගමනේදී නම් දෙතුන් වතාවක් ලිස්සලා වැටෙනවා ඇරෙන්න වෙනින් කිසිම කරදරයකින් තොරව පැය 3 විතර අපිට පුළුවන් උනා අලකොලේ වතුයායේ කෙලවරේ තියෙන රත්නතැන්න අම්බලමට සේන්දු වෙන්න. [IMG]https://i.imgur.com/UBqVsHQ.jpg[/IMG] [IMG]https://i.imgur.com/RA3XOYc.jpg[/IMG] [IMG]https://i.imgur.com/JVpb3Dd.jpg[/IMG] [IMG]https://i.imgur.com/ZGZlFET.jpg[/IMG] [IMG]https://i.imgur.com/fbwUUwf.jpg[/IMG] [IMG]https://i.imgur.com/35I9UOH.jpg[/IMG] [IMG]https://i.imgur.com/Pik1lJh.jpg[/IMG] [COLOR="red"]ඔය තියෙන්නේ රත්න තැන්න අම්බලම.කන්දේ දෙබෝක්කාවේ ඉඳල රත්නතැන්න කිට්ටුවට ම එනකන් අපි කිසිම පින්තුරයක්වත් ගන්න නතර වුනේ නැහැ. එක සීරුවට පහලට බැස්සා.[/COLOR] එදා දවසටම අපි කෑවේ අමු නූඩ්ල්ස් එකකුයි, චොකලට් දෙක, තුනකුයි නිසා අපි ඉකමනටම කෑම හදාගෙන ඒ රාත්‍රිය අම්බලමේ කුඩාරම් ගහල පහුවදා උදේ වතුයාය හරහා හුලුගඟින් අපේ ගමන නිමා කළා. [IMG]https://i.imgur.com/cDxEiKz.jpg[/IMG] [COLOR="red"]යක්කුන්ගේ හෙලට සහ රත්නතැන්න අම්බලමට ආයුබෝවන් කියලම පිටත් උනා. [/COLOR] [IMG]https://i.imgur.com/iZ3RrKF.jpg[/IMG] [IMG]https://i.imgur.com/0KyV0ZP.jpg[/IMG] [IMG]https://i.imgur.com/6cL86Cb.jpg[/IMG] [IMG]https://i.imgur.com/XhojLJH.jpg[/IMG] [IMG]https://i.imgur.com/lkcNIWI.jpg[/IMG] [IMG]https://i.imgur.com/KpjnzRk.jpg[/IMG] [COLOR="red"]අලකොලේ වතුයාය හරහා හුලුගඟට පිටත් වුනා. අපේ ගමනේ අවසානය මේ විදිහට සනිටුහන් උනා.[/COLOR] [SIZE="4"][COLOR="DarkOrchid"]( අපි ගමන අත් හරින්නට හේතු උණු සිද්ධිය සහ අපේ මානසික තත්වය තේරුම් ගත්තු අනෙක් මිත්‍රයෝ ඒ ගමන අත්හැරීම වෙනුවෙන් අපිට දොස් පැවරුවේ නැහැ. නමුත් ඔවුන්ට වෙච්ච අසාධාරණය නිසා ඊට මාස කිහිපයකට පස්සේ මම ඔවුන්වත් සම්බන්ධ කරගෙන තවත් ඒ වගේ ත්‍රාසජනක, අභියෝගාත්මක, ලේසියෙන් කෙනෙක් නොයන කැලෑ නීතියෙන් වටවුණු ඉසව්වක නම් නොලත් දිය ඇලි හොයාගෙන අද්විතීය සංචාරයක් ගියා. අන්න ඒක ගැන නම් ලියන එක දෙපාරක් හිතන්න ඕනේ මොකද ඒ ගැන තතු දන්න සීමිත දෙනෙක් දන්නවා ඒ ගමනේදී අපි දැකපු දේවල් සහ එව්වයේ වටිනාකම. ඒ වගේම නීති ගරුක නොවන මිනිස්සු ඒ ගැන සියලු තොරතුරු දැනගත්තොත් සිදුවෙන හානිය ගැන.ඒ නිසා අවසරයක් ලැබුනොත් ඒ ගැන පස්සේ දවසක ලියන්නම්. ඊට පස්සේ අගෝස්තුවේ අපි දෙන්නා දුම්බරයේ වෙනත් ඉසව්වක දවස් 05 සාර්ථක සංචාරයක් ගියා.ඒ ගැන නම් වෙනින් දවසක කියන්නම්. ඒ ගමනේදීත් අපි බොහොම කර්කශ අත්දැකීම් ලැබුවා වගේම, අලුත් ඉසව්වක් ගැන පුංචි හෝඩුවාවක් පවා ලැබුන.)[/COLOR][/SIZE] මේ වගේ ගමනක සිතියම් සහ වෙනත් විස්තර කරුණු කියල දෙන්න කිසිම දෙයක් නැහැ. මොකද අලකොලේ වතුයායේ කෙලවරේ ඉඳලම ආපහු එනකම්ම ඝන වනාන්තරය මැදින් ගියපු ගමනක් නිසා.කවුරුත් අමනාප නොවෙයි කියල හිතනවා. තවත් සංචාරක නූලකින් හම්බුවෙමු. එතකන් කිරියේ ඔබ සැමට ආයුබෝවන්.ජය වේවා. :):):):)[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom