Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යටත්විජිත~සමයේ විමුක්ති අරගල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යටත්විජිත~සමයේ විමුක්ති අරගල..

-- යටත්විජිත සමයේ විමුක්ති අරගල --

මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 68 ඉක්මවා නැතැයි උපකල්පනය කලහොත්, ඔබත් මා මෙන්ම නිදහසින් පසු ඉපදී ඇත්තෙක්ය. යටත්විජිත්වාදයේ අත්දැකීම් ඔබටත් මටත් නැත. නමුත් මේ ලක් පොලව වසර 424 ක පමණ කාලයක් විවිධ ජාතීන්වල යටත් විජිතයක්ව පැවතිබව ඔබ අමතක කල යුතු නැත. වසර 153ක් පෘතුගීසීනුත් වසර 138ක් ලන්දේසීනුත් තවත් වසර 133ක් ඉංග්‍රීසීනුත් යටතේ ලංකාව පාලනය වී ඇත. එම සියවස් හතරකට අධික කාලය තුල නිදහස පතා දහසකුත් ලාංකිකයන් මොවුන් සමඟ සටන් වැද තිබේ. දිවි පුදා තිබේ. ඇතමුන් වීරයන් වෙත්දී ඇතමුන් ද්‍රෝහීන් වී තිබේ. මේ ලිපියෙන් සිහිපත් කරන්නේ එකී සියවස් හතර තුල ලාංකේය නිදහස වෙනුවෙන් කෙරුනු සටන් හා කැරලි පිලිබඳවයි.

පෘතුගීසි ජාතිකයින්ගේ ප්‍රථම ලංකා ගමන වාර්ථාවන්නේ 1505දී පමණය. 'ලොරොන්සෝද අල්මේදා' නමැති පෘතුගීසි ජාතිකයා 1505 දී ලංකාවේ ගාල්ල වෙරළට ගොඩබසින ලදී. එසේ ප්‍රථමවරට ලංකාවට පැමිණි පෘතුගීසින් ක්‍රමයෙන් රට තුල පැලපදියම් වීමටත් පාලන තන්ත්රයට අත පෙවීමටත් පටන් ගත්තේය. ඔවුන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයකල වසර 153ක කාලයේදී බොහෝ වතාවක් උඩරට ආක්‍රමණය කිරීමට උත්සහ කලහ. ඒ වකවානුව තුල සිදුවූ ප්‍රධාන සටන් 5ක් අපට හඳුනාගත හැක.

1) මුල්ලේරියා සටන (1562)

මුල්ලේරියා සටන පිලිබඳ ඉතිහාසය 1521 දී සිදුවූ විජයබා කොල්ලය දක්වා දිව යන්නකි. කෝට්ටේ රාජධානිය කොටගෙන රජකම් කල VII වන විජයබාහු රජුගෙන් කොල්ල කෑ ලංකා රාජ්‍යය, ඔහුගේ පුතුන් තිදෙනා විසින් කොටස් 3කට බෙදාගෙන පාලනය කල සමයයි. කෝට්ටේ ප්‍රදේශය පාලනය කරන්නේ VII වන බුවනෙකබාහු රජතුමාය. ලංකාවේ බලය තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් උන් පෘතුගීසීන් විසින් මෙතුමාව මරාදමන ලදී. පසුව 1557 දී එතුමාගේ මුනුපුරා වූද, වීදියබණ්ඩාරගේ පුත් වූද, ධර්මපාල නම් කුමරුවා පෘතුගීසි අනුග්‍රහය යටතේ 'දොන් ජුවන්' නමින් රජ කරවන ලදී.

පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් රජු ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් බෞද්ධ විහාරස්ථාන විනාශකරමින් කෝට්ටේ ප්‍රදේශය පාලනය කලේය. මේ සියල්ල අතරතුර මායාදුන්නේ රජතුමා සීතාවක ප්‍රදේශයේ ස්ථාවර පාලනයක් ගෙනයන ලදී.

පෘතුගීසින්ට මීලඟට උවමනා කලේ සීතාවක ආක්‍රමණය කිරීමටයි. එයට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත්වන්නේ මායාදුන්නේ රජුගේ පුත් ටිකිරිබණ්ඩාර නම් කුමාරයෙකි. සෙබලුන්, කර්මාන්තකරුවන්, අලි ඇතුන්, ගොනුන් ආදීන්ගෙන් සමන්විත තම සේනාව කාලතුවක්කු, අලවංගු, පොරෝ, කැති, උදලු, ගල්කටු ආදී ආයුධවලින් සන්නද්ධ කරගන්නා ටිකිරි කුමරු පෘතුගීසින් සමඟ සටනට එලඹුනි.

ඒ 1562 අගෝස්තු මාසයයි. මුල්ලේරියාව ප්‍රදේශයේදී දෙපිරිස අතර දරුණු සටනක් ඇතිවිය. මෙහිදී පෘතුගීසි සේනාවේ 1600ක් පමණ දෙනා මියගියෝය. ඔවුන්ගේ රුධිරයෙන් මුල්ලේරියාව වැව රත්පැහැ වූ බව සඳහන් වේ. එහිදී පෘතුගීසීන්ට අන්ත පරාජයක් ගෙනදුන් ටිකිරි කුමරු පසුව 'I වන රාජසිංහ' නමින් සීතාවක රජකමට පත්විය. පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් තමන් සතු රාජ්‍යය පෘතුගීසින්ට තෑගි කර 1597දී මියගියේය.

මෙම ජායාරූපයේ දැක්වෙන්නේ හංවැල්ල නගරයේ පිහිටි ටිකිරි කුමාරයාගේ ප්රතිමාවකි.

2) දන්තුරේ සටන (1594)

I වන රාජසිංහ රජුට සියල්ලන්ගේ ආශිර්වාදය මැද වැඩිකලක් පාලනය ගෙනයාමට නොහැකි විය. රජු සමඟ විරසක වූ උඩරට ප්‍රධානීන් පෘතුගීසීන්ට සහය දෙන්නට පටන් ගත්තේය. යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, කුසුමාසන ආදීන් මේ අතර විය. පෘතුගීසීන් සිදුකලේ මේ අතරින් ජේෂ්ඨයා වූ යමසිංහ බණ්ඩාරයන් "දොන් පිලිප්" නමින් උඩරට රජකරවීමයි. මේ ගැන කොනප්පු බණ්ඩාර හෙවත් දොන් ජුවන්ට ඇතිවූයේ කෝපයකි. ඔහු I වන රාජසිංහ රජු සමඟ සටන් කොට අවසානයේ "I වන විමලධර්මසූරිය" නමින් උඩරට රජවිය.

ඒ 1594 ඔක්තෝබර් මාසයයි. කුසුමාසන දේවිය රජකරවීමේ අරමුන ඇතිව පෘතුගීසීන් විසින් උඩරට ආක්‍රමණය කරන්නේ මේ වකවානුවේදීය. සාර්ථකව උඩරට අත්පත් කරගත්තත්, ඔවුන්ට නොසිතූ විරූ ඇබැද්දියකට මුහුණදෙන්නට විය. ඒ සිංහල කුලී හමුදාවේ සහය උඩරට රජුට ලැබීමයි. එයින් ධෛර්ය්යමත් වූ විමලධර්මසූරිය රජුගේ සේනාව පෘතුගීසීන්ට එලව එලවා පහර දෙන්නට විය. දෙපිරිස අතර දරුණුම සටන ඇවිලුනේ දන්තුරේ ප්‍රදේශයේදීය. මෙහිදී පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ බව කියැවේ. පෘතුගීසි මූලාශ අනුව ඔවුන් ලංකාවේදී ලද දරුණුම පරාජය මෙය බව සඳහන් වේ. පසුකාලීනව කුසුමාසන දේවිය විවාහ කර ගැනීමෙන් රාජ්‍යත්වයට පෙලපත් උරුමයත් ලබාගැනීමට විමලධර්මසූරිය රජතුමා සමත් විය.

3) බලන සටන (1603)

ඒ 17වන සියවසේ මුල් භාගයයි. පෘතුගීසි හමුදාවේ කෲර කපිතාන්වරයෙකු වූ ජෙනරාල් 'දොන් ජෙරනිමෝද අසවේදු' 25000ක පමණ භටයන් පිරිසක් සමඟ උඩරට ඇල්ලීමට පැමිණෙන්නේ මේ අවදියේය. සංග්‍රාමික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස බලන ප්‍රදේශය ඒ වන විට හදුනාගෙන තිබුනි. උඩරට පාලනය කල විමලධර්මසූරිය රජු බලන ප්‍රදේශය ආවරණය වන සේ බලකොටු 3ක් ඉදිකරන ලදී. අසවේදුගේ සේනාව, පිලිවෙලින් බුද්දස්ගොඩ, අලුත්නුවර හා ගනේතැන්න බලකොටු අත්පත් කර ගනිමින් සාර්ථක ගමනක් එන්නටවිය. නමුත් ඒවනවිට පෘතුගීසි හමුදාවේ විශාල පිරිසක් තම ජීවිත පරිත්‍යාග කොට තිබුනි.

ඒ 1603 ජනවාරි 18 වැනිදායි. පෘතුගිසීන්ගේ ඊලඟ ඉලක්කය වූ බලන කොටුවට පහරදීම ඇරඹුනි. නමුත් එය සිතූතරම් පහසු කාර්ය්යයක් නොවීය. බලන ප්‍රදේශයේ ස්වාභාවික පිහිටීමෙන් උපරිම ප්‍රයෝජනය ගත් සිංහල හමුදාව ගරිල්ලා සටන් ක්‍රම යොදාගනිමින් පෘතුගිසීන් එකාපිට එකා මරා දමන්නට විය. අවසානයේදී ජෙනරාල් අසවේදු සිය උපරිම යුධ ශක්තිය හා කාලතුවක්කු ශක්තිය යොදා බලන කොටුවට පහරදෙන්නට විය. ඔවුන්ගේ යුධ ශක්තියට මුහුණදීමට අපහසු වූ සිංහල හමුදාව බලන කොටුවට ගිනිතබා පසුබසින්නට විය.

1603 පෙබරවාරි දෙවනිදා වනවිට බලන කොටුව පෘතුගීසි හමුදාවන් විසින් අත්පත්කරගන්නා ලදී. නමුත් ඔවුන්ට වැඩිකල් ජයපැන් බොන්නට නොහැකිවිය. නැවත වරක් සේනා සංවිධානය කරගත් විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින්ට මාරාන්තික ප්‍රහාර එල්ලකරමින් බලන හා ඒ අවට ප්‍රදේශ නැවත අත්පත් කර ගත්තේය. පෘතුගීසීන්ගේ උඩරට ඇල්ලීමේ තවත් තැතක් එලෙස ව්‍යර්ථවිය.

පහත පළමු ජායාරූපයෙන් දැක්වෙන්නේ ඓතිහාසික බලන ගලේ වර්තමාන ජායාරූපයකි. දෙවන ජායාරූපයෙන් දැක්වෙන්නේ බලන කොටු පවුරේ කොටස්ය.

4) රන්දෙනිවෙල සටන (1630)

I වන විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වන්නේ ඔහුගේ සොහොයුරෙකු වූ සෙනරත් රජතුමාය. මෙතුමාගේ කාලයේදීත් නිරන්තරයෙන් පෘතුගීසි ආක්රමණවලට මුහුණදීමට උඩරට රාජ්‍යයට සිදුවිය. 1617 දී ඇතිකරගත් සාම ගිවිසුමත් සමඟ ඊට මඳ අස්වැසිල්ලක් ලැබුනි.

ඒ 1630 අගෝස්තු මාසයයි. පෙර කී සාම ගිවිසුම මේ වනවිට බිඳවැටී තිබූ අතර ත්‍රිකුණාමලය, මඩකලපුව, ගාල්ල, කොලඹ යන ප්‍රදේශවල පෘතුගීසි බලකොටු ඉදිවී තිබුනි. නැවත් වරක් උඩරට ආක්‍රමණය කිරීමට ඔවුන් සේනා සංවිධානය කරන්නට විය. මෙවර ඔවුන්ගේ නායකත්වය ගත්තේ, කපිතාන් ජනරාල් "කොන්ස්තන්තීනු ද සා"ය. පෙර සටන් වලින් උගත් පාඩම් නිසා දෙපිරිසම නව උපායන් යොදන්නට විය. සිංහල කුලීහමුදාවන්ගේ ඥාතීන් වත්තල හා මෝදර ප්‍රදේශවල පදිංචිකරවන ලදී. ඥාතීන්ට වන හානිය නිසා මෙම කුලී හමුදා උඩරට රජුට එක් නොවනු ඇතැයි පෘතුගීසීහු සිතූහ.

සෙනරත් රජුත් පෘතුගීසි හිතැති ප්‍රභූන් පිරිසක් ලංකරගෙන ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කරන ලදී. එකී කුමන්ත්රණයේ පරිදි පහතරට කැරලි කිහිපයක් ඇතිකරන ලදී. ඉන් කිපුණු පෘතුගීසීන් සිංහල හමුදාවන්ට පහර දෙමින් බදුල්ල දක්වා පැමිණ නගරය ගිනිබත් කරහ. කුමන්ත්රණයේ ඊලඟ අදියර ක්‍රියාත්මක වන්නේ මෙතැනදීය. ඉහත කී ප්‍රභූන් පිරිස උඩරට හමුදාවට එක්වූ අතර, පෘතුගීසීන්ට එලව එලවා පහර දෙන්නට විය. පෘතුගීසීන් සතු සිංහල කුලී සේනාවත් මේවන විට උඩරට හමුදාවට එක්වී උන්හ. පෘතුගීසීන්ට යටත් වන ලෙස දැනුම්දුන්නත් ඊට එකග නොවූ බැවින් රන්දෙනිවල ප්‍රදේශයේදී අවසන් සටන ඇතිවිය. මෙහිදී පෘතුගීසීන් 350ක් පමණ මැරුම් කෑ අතර, ඔවුන්ගේම භටයෙකුගේ වෙඩිල්ලක් වැරදීමකින් වැදීමෙන් "ද සා" මරමුවට පත් විය. ලද ජයග්‍රහණය නිසා උද්දාමයට පත් සෙනරත් රජු පහතරටත් ආක්‍රමණය කිරීමට තීරණය කලේය. නමුත් අවසානයේදී, නාකොළගමදී ලද පරාජයත් සමඟ ඒ අදහස අතහැර දැමීමට සිදුවිය.

5) ගන්නෝරුව සටන (1638)

ඒ 1638 මාර්තු අගභාගයයි. මෙවර උඩරට පාලනය කරන්නේ IIවන රාජසිංහ රජතුමාය. එතුමා පෙරකී I වන විමලධර්මසූරිය හා සෙනරත් යන දෙදෙනාටම බිරිය වූ කුසුමාසන දේවියගේ පුතෙකි. නැවතවරක් උඩරට ආක්‍රමණය කිරීමට පෘතුගීසීන් තීරණය කරන ලදී. මෙවර ඔවුන්ට නායකත්වය දුන්නේ කපිතාන් ජෙනරාල් "දියෝගුද මේලෝද කැස්ත්‍රෝ" ය.

IIවන රාජසිංහ රජතුමාගේ සොයුරු විජයපාල කුමරුගේ සහයෝගය පෘතුගීසීන්ට ලැබුණි. මීට අමතරව 5000ක සිංහල කුලී හමුදාවකින්ද, පෘතුගීසි සොල්දාදුවන් 700ක් කොංකන් භටයන් 200ක් අප්‍රිකානු භටයන් 300ක් හා තුප්පායි භට කණ්ඩායමකින්ද ඔවුන්ගේ සේනාව සන්නද්ධ විය.

රාජසිංහ රජුගේ සේනාවට අයත් වූයේ උඩරට හා පහතරට භටයන් සහ දකුණු ඉන්දීය කුලීභට හමුදාවකි. ක්‍රමයෙන් ඉදිරියට ඇදුනු පෘතුගීසි හමුදාව මහවැලියට නුදුරුන් ගන්නොරුව ප්‍රදේශයේ කඳවුරු බැඳගන්නා ලදී. මේවනවිට රාජසිංහ රජු හා විජයපාල කුමරු අතර තුබූ විරසක තුරන් වී රට බේරාගැනීමේ එකඟතාවයක් ඇතිවිය.

මහවැලිය අවට රැකවල් තර කල සිංහල හමුදාවෝ මාර්තු මස විසි අටවැනි දින ගන්නොරුව පෘතුගීසි කඳවුරට පහරදීම ආරම්භකරන ලදී. දුනුවාගල (ප්‍රිම්රෝස්) නම් කන්ද යුධමය අතින් ඉතා වැදගත් ස්ථානයක් විය. එහි සිට ගිනි තැබූ කරුංකා ගෙඩි විදීමෙන් පෘතුගීසින් සතු වෙඩි බෙහෙත් ගබඩා ගිනිබත් කරන ලදී. ඒ අතර ඇදහැලුනු වර්ෂව නිසා ඔවුන්ගේ ඉතිරි වෙඩිබෙහෙත් ප්‍රමාණයත් විනාශවිය. මෙසේ යුධශක්තිය හීන වූ පෘතුගීසි හමුදාවේ 2500ක් පමණ මිය ගිය අතර, ඉතිරිවී සිටි සිංහල කුලී හමුදාවත් පැනගොස් සිටියහ. ජෙනරාල් දියෝගුද මේලෝද කැස්ත්‍රෝත් මෙම සටනේදී මියගියේය.

පහත ජායාරූපයේ දැක්වෙන්නේ දුනුවාගල කන්දේ ඊතල විදිනලද ස්ථානයයි.

ජොරිස් වෑන් ස්පිල්බර්ජන් නමැති ඕලන්ද (නෙදර්ලන්ත) ජාතික දේශගවේෂකයෙක් 1602දී මඩකලපුවට ගොඩ බසින ලදී. එසේ පැමිණි ස්පිල්බර්ජන් මහනුවරට ගොස් විමලධර්මසූරිය රජු මුනගැසී සාකච්ඡා පවත්වා ඇත. ලන්දේසි ජාතීන්ගේ ප්‍රථම ලංකාගමනය ඉතිහාසයේ වාර්ථාවන්නේ එලෙසිනි.

එසේ පැමිණි ලන්දේසි ජාතිකයින් ක්‍රමයෙන් ලංකාව තුල පැලපදියම් විය. 1638 වන විට පෘතුගීසීන්ගේ නොපනත්කම් ඉවසීමට නොහැකිවූ IIවන රාජසිංහ රජු ලන්දේසීන් සමඟ ගිවිසුමකට එලඹියේය. එහි අරමුණ වූයේ පෘතුගීසීන් මෙරටින් පිටුවහල් කිරීමයි. ඉන් වසර 20කට පසු 1658දී සම්පූර්ණයෙන්ම පෘතුගීසීන් පළවාහැරි ලන්දේසීන් ලංකාවේ බලය සියතට ගැනීමට සමත් විය. ඔවුන් වසර 138ක් පමණ කාලයක් ලංකාවේ 1/4ක පමණ ප්‍රදේශයක පාලනය ගෙනයන ලදී. මෙය ඉඟුරු දී මිරිස් ලබාගැනීමකට සමාන බව නොබෝකලකින්ම ලක්වාසීන්ට අවබෝධ විය. පෘතුගීසීන්ට නොදෙවනි පාලනයක් ගෙනගිය ඔවුන් බෞද්ධ හා හින්දු ඇදහීම් තහනම් කල අතර තම ආගමට ලක්වාසීන් බලෙන් යොමුකරවා ගන්නට ගන්නට පටන් ගත්තේය. තවද අධික බදු පටවමින් වෙළඳපොල ඒකාධිකාරයක් පවත්වාගනිමින් ලක්පොලොව සූරාකන්නට විය. ලන්දේසි සමයේත් වරින්වර කැරලි හා යුද්ධ ඇතිවිය. මෙම ගැටුම් කෙලවර වී ඇත්තේ 1766 පෙබරවාරි 14 දින අත්සන් තැබූ සාම ගිවිසුමකිනි. නමුත්, මෙම ලිපියේ සඳහන් කිරීමට තරම් නමගිය සටනක් ලන්දේසි යුගයේදී වාර්තාවන්නේ නැත.

1762 පමණ සිට බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදී බලපෑම් ලංකාවට එල්ලවිය. ලංදේසීන්ගෙන් බැටකමින් සිටි උඩරට පාලනය, ඔවුන් පන්නා දැමීමට ඉංග්‍රීසීන්ගේ උපකාර බලාපොරොත්තුවිය. මෙය තම වාසියට හරවාගත් ඉංග්‍රීසීන් 1796 වනවිට ලංකාවේ මුහුදුබඩ පලාත් සියතට ගැනීමට සමත් විය. 1796 සිට 1815 දක්වා කාලය තුලදී ඔවුන් උඩරට යටත්කර ගැනීමට නොයෙක්වර උත්සහ ගත්තේය. මින් ප්‍රධාන වන්නේ 1803 මැයි මාසයේ ඇතිවූ වටපුලුව සටනයි. එහිදී ඉංග්‍රීසීන්ටත් අත්වූයේ පෙර විජාතිකයින්ට අත් වූ ඉරණමයි.

ඉංග්‍රීසි පාලන සමය තුල ඇතිවූ ප්‍රධාන කැරලි 2ක් අපට හඳුනාගත හැක.

1) වෙල්ලස්ස කැරැල්ල (1818)

1815 මාර්තු 2 වෙනිදා ඇතිකරගත් උඩරට ගිවිසුමත් සමඟ ලංකාව ඉංග්‍රීසීන්ගේ පූර්ණ යටත්විජිතයක් වූ බව ඔබ දන්නවා ඇති. මෙම ගිවිසුම පසුකාලීනව ඉංග්‍රීසීන් අතින් කඩවන්නට විය. මෙහි උච්චතම අවස්ථාව වූයේ වෙල්ලස්සේ නායකයා ලෙස හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් ජාතිකයා පත්කිරීමයි. මෙයින් කිපුනු සිහලුන් හා උඩරට ප්‍රභූන්, ශ්‍රී වික්රමරාජ්සිංහට නෑකම් කියූ "දොරේසාමි" නැමැත්තෙක් වටා එක්විය. දොරේසාමි ප්රමුඛ සේනාව සමඟ ඇතිවූ ගැටුම් වලින් හජ්ජි මුහන්දිරම්ගේ පිරිස් ඝාතනය විය. එය දැනගත් බදුල්ලේ උපදිසාපති "සිල්වෙස්ටර් විල්සන්" කැරලිකරුවන් හා සටනට පිවිසුනි. නමුත් අවසානයේ ඔහුත් ඝාතනය විය. මෙසේ වෙල්ලස්සෙන් ආරම්භවූ කැරැල්ල, ක්‍රමයෙන් ඌව ප්‍රදේශය පුරා ව්‍යාප්ත විය.

දිනය 1817 නොවැම්බර් 1 වැනිදාය. කැරැල්ල මැඩලීම සඳහා බ්රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් සේනාවක් උඩරටට එවන ලදී. එම සේනාවේ නායකත්වය දැරුවේ කැප්පෙටිපොල විසිනි. නමුත් ඔහුගේ දේශප්‍රේමය හා ජාත්‍යාලය ඉස්මතුවන්නට වූයෙන් කැරැල්ල මැඩලනු වෙනුවට එයට නායකත්වය දුන්නේය. එසේ සියල්ලන්ගේ ආශිර්වාද මැද ඌව ප්‍රදේශය කැරලිකරුවන් අතට පත්වීමට වැඩිදිනක් ගත නොවීය. මේ අවස්ථාවේදී ඉංග්‍රීසීන් උඩරට අත්හැරීමට පවා සූදානම් විය.

නමුත් අවසානයේදී බෙංගාලයෙන් හා මදුරාසියෙන් අතිරේක බල ඇණි ගෙන්වාගත් ඔවුන් නැවතත් උඩරට වටකලහ. 1818 ඔක්තෝබර් වනවිට උඩරට නැවත අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. මේවනතෙක් ඇතිවූ සටන් වලින් සිංහලයන් 10000ක් පමණද, ඉංග්‍රීසීන් 1000ක් පමණද මියයන ලදී.

ඔක්තෝබර් 28 දින කැප්පෙටිපොල අත්අඩංගුවටගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. ඉංග්‍රීසීන්ට ද්‍රෝහිවීමේ වරදට 1818 නොවැම්බර් දෙවෙනිදා කැප්පෙටිපොල හා මඩුගල්ලේයන දෙදෙනාගේ හිස් ගසා දමන ලදී. මෙහිදී කැප්පෙටිපොලත් වීර මද්දුමබණ්ඩාරයන් මෙන්ම සිය කැමැත්තෙන්ම දංගෙඩියට හිසදුන් බව කියැවේ.

වෙල්ලස්ස කැරැල්ල අසාර්ථක වූයේ මොල්ලිගොඩ, එක්නැලිගොඩ වැනි ප්‍රභූන් කැරලිකරුවන්ට විරුද්ධව ක්‍රියාකිරීම නිසාය. එමෙන්ම ඉංග්‍රීසීන්ට ඔත්තුසැපයූ මුහන්දිරම්වරු හා ටිකිරිමල්ලියා වැනි දේශද්‍රෝහීන් නොවන්නට ලක් ඉතිහාසය මීටවඩා වෙනස් අයුරකින් ලියවෙන්නට ඉඩතිබුනි. මෙකී කැරැල්ලට සහයෝගය දුන් අප්‍රකට විරුවන් රාශියක් සිටි අතර ඔවුන් සියල්ලන්ම පසුකාලීනව ඉංග්‍රීසීන් අතින් ඝාතනය විය.

2) මාතලේ කැරැල්ල (1848)

1848 වන විට ලාංකිකයින් ඉංග්‍රීසි පාලනයෙන් හෙම්බත්ව සිටියහ. ඇඟ බද්ද, පොල් බද්ද, ඉස්තෝප්පු බද්ද, බලු බද්ද, කරත්ත බද්ද, මුද්දර බද්ද ආදී වශයෙන් එකී මෙකී නොකී බදු රාශියක බර ජනතාව වෙත පැටවී තිබුනි. මෙකී බදු ඉවත්කරගැනීම සඳහා පෙත්සමක් සකස්කර ටොරින්ටන් ආණ්ඩුකාරයා වෙත යැව්වත් ඔහු එය ඉවත දමන ලදී. මෙයින් පීඩාවටපත් ජනතාව ඉංග්‍රීසීන්ට විරුද්ධව උද්ඝෝෂණය කලහ. එලෙස ආරම්භවූ උද්ඝෝෂණ රැල්ල කැරැල්ලක් ලෙස රට පුරා ව්‍යාප්තවිය. මීට නායකත්වය දුන්නේ ගොන්ගාලේගොඩ බණ්ඩා සහ පුරන්අප්පුය. කුඩහපොල හිමි ඇතුලු අප්‍රකට විරුවන් රාශියක් ඊට සහයෝගය ලබාදුන්හ.

පසුව කැරැල්ල සාර්ථකව මැඩපැවැත්වීමට ඉංග්‍රීසීන්ට හැකිවිය. 1848 නොවැම්බර් 27 දින අත් අඩංගුවට පත් ගොන්ගාලේගොඩ බණ්ඩා 1849 මැයි මස 3 වන දින කසපහර 100ක් ලබාදී මලක්කාවට පිටුවහල් කරන ලදී. වීර පුරන්අප්පු 1848 අගෝස්තු 8 වනදාත්, කුඩහපොල හිමියන් 1848 අගෝස්තු 26 වනදාත් මරාදමන ලදී. සෙසු විරුවනුත් බොහෝදෙනෙක් ඉංග්‍රීසීන් විසින් මරාදැමුනු අතර අනෙකුත් අයවලුන් රටින් පිටුවහල් කරන ලදී.

ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ හිතුවක්කාරකම මෙම කැරැල්ලට හේතු වූ බව පසුව ඉංග්‍රීසීන් තේරුම්ගන්නා ලදී. කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස පීඩාකාරී බදු අවලංගු වූ අතර, දළදාමාලිගාවේ ආරක්ෂාවට කටයුතු යෙදීම වැනි වාසි සහගත ප්‍රතිඵල අත්විය.

උපුටා ගැනීම..

[QUOTE="chinmak, post: 19704896, member: 516779"] [b]යටත්විජිත~සමයේ විමුක්ති අරගල..[/b] [CENTER][SIZE="6"][COLOR="DarkRed"][B]-- යටත්විජිත සමයේ විමුක්ති අරගල --[/B][/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-eLuJKZenC9c/Tw0rkRljvcI/AAAAAAAAAWU/jJaro0d49pw/s320/danture.jpg[/IMG] [COLOR="Blue"][SIZE="3"]මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 68 ඉක්මවා නැතැයි උපකල්පනය කලහොත්, ඔබත් මා මෙන්ම නිදහසින් පසු ඉපදී ඇත්තෙක්ය. යටත්විජිත්වාදයේ අත්දැකීම් ඔබටත් මටත් නැත. නමුත් මේ ලක් පොලව වසර 424 ක පමණ කාලයක් විවිධ ජාතීන්වල යටත් විජිතයක්ව පැවතිබව ඔබ අමතක කල යුතු නැත. වසර 153ක් පෘතුගීසීනුත් වසර 138ක් ලන්දේසීනුත් තවත් වසර 133ක් ඉංග්‍රීසීනුත් යටතේ ලංකාව පාලනය වී ඇත. එම සියවස් හතරකට අධික කාලය තුල නිදහස පතා දහසකුත් ලාංකිකයන් මොවුන් සමඟ සටන් වැද තිබේ. දිවි පුදා තිබේ. ඇතමුන් වීරයන් වෙත්දී ඇතමුන් ද්‍රෝහීන් වී තිබේ. මේ ලිපියෙන් සිහිපත් කරන්නේ එකී සියවස් හතර තුල ලාංකේය නිදහස වෙනුවෙන් කෙරුනු සටන් හා කැරලි පිලිබඳවයි.[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-oM59QUGOrQg/Tw0lRWypN2I/AAAAAAAAAV8/oFlpkPLOUPc/s640/a1.png[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"][CENTER]පෘතුගීසි ජාතිකයින්ගේ ප්‍රථම ලංකා ගමන වාර්ථාවන්නේ 1505දී පමණය. 'ලොරොන්සෝද අල්මේදා' නමැති පෘතුගීසි ජාතිකයා 1505 දී ලංකාවේ ගාල්ල වෙරළට ගොඩබසින ලදී. එසේ ප්‍රථමවරට ලංකාවට පැමිණි පෘතුගීසින් ක්‍රමයෙන් රට තුල පැලපදියම් වීමටත් පාලන තන්ත්රයට අත පෙවීමටත් පටන් ගත්තේය. ඔවුන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයකල වසර 153ක කාලයේදී බොහෝ වතාවක් උඩරට ආක්‍රමණය කිරීමට උත්සහ කලහ. ඒ වකවානුව තුල සිදුවූ ප්‍රධාන සටන් 5ක් අපට හඳුනාගත හැක. [B]1) මුල්ලේරියා සටන (1562)[/B] මුල්ලේරියා සටන පිලිබඳ ඉතිහාසය 1521 දී සිදුවූ විජයබා කොල්ලය දක්වා දිව යන්නකි. කෝට්ටේ රාජධානිය කොටගෙන රජකම් කල VII වන විජයබාහු රජුගෙන් කොල්ල කෑ ලංකා රාජ්‍යය, ඔහුගේ පුතුන් තිදෙනා විසින් කොටස් 3කට බෙදාගෙන පාලනය කල සමයයි. කෝට්ටේ ප්‍රදේශය පාලනය කරන්නේ VII වන බුවනෙකබාහු රජතුමාය. ලංකාවේ බලය තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් උන් පෘතුගීසීන් විසින් මෙතුමාව මරාදමන ලදී. පසුව 1557 දී එතුමාගේ මුනුපුරා වූද, වීදියබණ්ඩාරගේ පුත් වූද, ධර්මපාල නම් කුමරුවා පෘතුගීසි අනුග්‍රහය යටතේ 'දොන් ජුවන්' නමින් රජ කරවන ලදී. පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් රජු ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් බෞද්ධ විහාරස්ථාන විනාශකරමින් කෝට්ටේ ප්‍රදේශය පාලනය කලේය. මේ සියල්ල අතරතුර මායාදුන්නේ රජතුමා සීතාවක ප්‍රදේශයේ ස්ථාවර පාලනයක් ගෙනයන ලදී. පෘතුගීසින්ට මීලඟට උවමනා කලේ සීතාවක ආක්‍රමණය කිරීමටයි. එයට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත්වන්නේ මායාදුන්නේ රජුගේ පුත් ටිකිරිබණ්ඩාර නම් කුමාරයෙකි. සෙබලුන්, කර්මාන්තකරුවන්, අලි ඇතුන්, ගොනුන් ආදීන්ගෙන් සමන්විත තම සේනාව කාලතුවක්කු, අලවංගු, පොරෝ, කැති, උදලු, ගල්කටු ආදී ආයුධවලින් සන්නද්ධ කරගන්නා ටිකිරි කුමරු පෘතුගීසින් සමඟ සටනට එලඹුනි. ඒ 1562 අගෝස්තු මාසයයි. මුල්ලේරියාව ප්‍රදේශයේදී දෙපිරිස අතර දරුණු සටනක් ඇතිවිය. මෙහිදී පෘතුගීසි සේනාවේ 1600ක් පමණ දෙනා මියගියෝය. ඔවුන්ගේ රුධිරයෙන් මුල්ලේරියාව වැව රත්පැහැ වූ බව සඳහන් වේ. එහිදී පෘතුගීසීන්ට අන්ත පරාජයක් ගෙනදුන් ටිකිරි කුමරු පසුව 'I වන රාජසිංහ' නමින් සීතාවක රජකමට පත්විය. පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් තමන් සතු රාජ්‍යය පෘතුගීසින්ට තෑගි කර 1597දී මියගියේය. මෙම ජායාරූපයේ දැක්වෙන්නේ හංවැල්ල නගරයේ පිහිටි ටිකිරි කුමාරයාගේ ප්රතිමාවකි. [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/-xRhjmvP6If8/Tw56INybfpI/AAAAAAAAAXs/EjbSx8td3Vo/s400/66314734.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"][CENTER][B]2) දන්තුරේ සටන (1594)[/B] I වන රාජසිංහ රජුට සියල්ලන්ගේ ආශිර්වාදය මැද වැඩිකලක් පාලනය ගෙනයාමට නොහැකි විය. රජු සමඟ විරසක වූ උඩරට ප්‍රධානීන් පෘතුගීසීන්ට සහය දෙන්නට පටන් ගත්තේය. යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, කුසුමාසන ආදීන් මේ අතර විය. පෘතුගීසීන් සිදුකලේ මේ අතරින් ජේෂ්ඨයා වූ යමසිංහ බණ්ඩාරයන් "දොන් පිලිප්" නමින් උඩරට රජකරවීමයි. මේ ගැන කොනප්පු බණ්ඩාර හෙවත් දොන් ජුවන්ට ඇතිවූයේ කෝපයකි. ඔහු I වන රාජසිංහ රජු සමඟ සටන් කොට අවසානයේ "I වන විමලධර්මසූරිය" නමින් උඩරට රජවිය. ඒ 1594 ඔක්තෝබර් මාසයයි. කුසුමාසන දේවිය රජකරවීමේ අරමුන ඇතිව පෘතුගීසීන් විසින් උඩරට ආක්‍රමණය කරන්නේ මේ වකවානුවේදීය. සාර්ථකව උඩරට අත්පත් කරගත්තත්, ඔවුන්ට නොසිතූ විරූ ඇබැද්දියකට මුහුණදෙන්නට විය. ඒ සිංහල කුලී හමුදාවේ සහය උඩරට රජුට ලැබීමයි. එයින් ධෛර්ය්යමත් වූ විමලධර්මසූරිය රජුගේ සේනාව පෘතුගීසීන්ට එලව එලවා පහර දෙන්නට විය. දෙපිරිස අතර දරුණුම සටන ඇවිලුනේ දන්තුරේ ප්‍රදේශයේදීය. මෙහිදී පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ බව කියැවේ. පෘතුගීසි මූලාශ අනුව ඔවුන් ලංකාවේදී ලද දරුණුම පරාජය මෙය බව සඳහන් වේ. පසුකාලීනව කුසුමාසන දේවිය විවාහ කර ගැනීමෙන් රාජ්‍යත්වයට පෙලපත් උරුමයත් ලබාගැනීමට විමලධර්මසූරිය රජතුමා සමත් විය. [B]3) බලන සටන (1603)[/B] ඒ 17වන සියවසේ මුල් භාගයයි. පෘතුගීසි හමුදාවේ කෲර කපිතාන්වරයෙකු වූ ජෙනරාල් 'දොන් ජෙරනිමෝද අසවේදු' 25000ක පමණ භටයන් පිරිසක් සමඟ උඩරට ඇල්ලීමට පැමිණෙන්නේ මේ අවදියේය. සංග්‍රාමික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස බලන ප්‍රදේශය ඒ වන විට හදුනාගෙන තිබුනි. උඩරට පාලනය කල විමලධර්මසූරිය රජු බලන ප්‍රදේශය ආවරණය වන සේ බලකොටු 3ක් ඉදිකරන ලදී. අසවේදුගේ සේනාව, පිලිවෙලින් බුද්දස්ගොඩ, අලුත්නුවර හා ගනේතැන්න බලකොටු අත්පත් කර ගනිමින් සාර්ථක ගමනක් එන්නටවිය. නමුත් ඒවනවිට පෘතුගීසි හමුදාවේ විශාල පිරිසක් තම ජීවිත පරිත්‍යාග කොට තිබුනි. ඒ 1603 ජනවාරි 18 වැනිදායි. පෘතුගිසීන්ගේ ඊලඟ ඉලක්කය වූ බලන කොටුවට පහරදීම ඇරඹුනි. නමුත් එය සිතූතරම් පහසු කාර්ය්යයක් නොවීය. බලන ප්‍රදේශයේ ස්වාභාවික පිහිටීමෙන් උපරිම ප්‍රයෝජනය ගත් සිංහල හමුදාව ගරිල්ලා සටන් ක්‍රම යොදාගනිමින් පෘතුගිසීන් එකාපිට එකා මරා දමන්නට විය. අවසානයේදී ජෙනරාල් අසවේදු සිය උපරිම යුධ ශක්තිය හා කාලතුවක්කු ශක්තිය යොදා බලන කොටුවට පහරදෙන්නට විය. ඔවුන්ගේ යුධ ශක්තියට මුහුණදීමට අපහසු වූ සිංහල හමුදාව බලන කොටුවට ගිනිතබා පසුබසින්නට විය. 1603 පෙබරවාරි දෙවනිදා වනවිට බලන කොටුව පෘතුගීසි හමුදාවන් විසින් අත්පත්කරගන්නා ලදී. නමුත් ඔවුන්ට වැඩිකල් ජයපැන් බොන්නට නොහැකිවිය. නැවත වරක් සේනා සංවිධානය කරගත් විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින්ට මාරාන්තික ප්‍රහාර එල්ලකරමින් බලන හා ඒ අවට ප්‍රදේශ නැවත අත්පත් කර ගත්තේය. පෘතුගීසීන්ගේ උඩරට ඇල්ලීමේ තවත් තැතක් එලෙස ව්‍යර්ථවිය. පහත පළමු ජායාරූපයෙන් දැක්වෙන්නේ ඓතිහාසික බලන ගලේ වර්තමාන ජායාරූපයකි. දෙවන ජායාරූපයෙන් දැක්වෙන්නේ බලන කොටු පවුරේ කොටස්ය.[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/-USPfWminsRk/Tw0xaGeLevI/AAAAAAAAAWc/zcvvraMMTwU/s320/IMG_0176.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-kqOS2pr3A0U/Tw0xmZSXJwI/AAAAAAAAAWk/zVeuc_WWAnY/s320/IMG_0179.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"][CENTER][B]4) රන්දෙනිවෙල සටන (1630)[/B] I වන විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වන්නේ ඔහුගේ සොහොයුරෙකු වූ සෙනරත් රජතුමාය. මෙතුමාගේ කාලයේදීත් නිරන්තරයෙන් පෘතුගීසි ආක්රමණවලට මුහුණදීමට උඩරට රාජ්‍යයට සිදුවිය. 1617 දී ඇතිකරගත් සාම ගිවිසුමත් සමඟ ඊට මඳ අස්වැසිල්ලක් ලැබුනි. ඒ 1630 අගෝස්තු මාසයයි. පෙර කී සාම ගිවිසුම මේ වනවිට බිඳවැටී තිබූ අතර ත්‍රිකුණාමලය, මඩකලපුව, ගාල්ල, කොලඹ යන ප්‍රදේශවල පෘතුගීසි බලකොටු ඉදිවී තිබුනි. නැවත් වරක් උඩරට ආක්‍රමණය කිරීමට ඔවුන් සේනා සංවිධානය කරන්නට විය. මෙවර ඔවුන්ගේ නායකත්වය ගත්තේ, කපිතාන් ජනරාල් "කොන්ස්තන්තීනු ද සා"ය. පෙර සටන් වලින් උගත් පාඩම් නිසා දෙපිරිසම නව උපායන් යොදන්නට විය. සිංහල කුලීහමුදාවන්ගේ ඥාතීන් වත්තල හා මෝදර ප්‍රදේශවල පදිංචිකරවන ලදී. ඥාතීන්ට වන හානිය නිසා මෙම කුලී හමුදා උඩරට රජුට එක් නොවනු ඇතැයි පෘතුගීසීහු සිතූහ. සෙනරත් රජුත් පෘතුගීසි හිතැති ප්‍රභූන් පිරිසක් ලංකරගෙන ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කරන ලදී. එකී කුමන්ත්රණයේ පරිදි පහතරට කැරලි කිහිපයක් ඇතිකරන ලදී. ඉන් කිපුණු පෘතුගීසීන් සිංහල හමුදාවන්ට පහර දෙමින් බදුල්ල දක්වා පැමිණ නගරය ගිනිබත් කරහ. කුමන්ත්රණයේ ඊලඟ අදියර ක්‍රියාත්මක වන්නේ මෙතැනදීය. ඉහත කී ප්‍රභූන් පිරිස උඩරට හමුදාවට එක්වූ අතර, පෘතුගීසීන්ට එලව එලවා පහර දෙන්නට විය. පෘතුගීසීන් සතු සිංහල කුලී සේනාවත් මේවන විට උඩරට හමුදාවට එක්වී උන්හ. පෘතුගීසීන්ට යටත් වන ලෙස දැනුම්දුන්නත් ඊට එකග නොවූ බැවින් රන්දෙනිවල ප්‍රදේශයේදී අවසන් සටන ඇතිවිය. මෙහිදී පෘතුගීසීන් 350ක් පමණ මැරුම් කෑ අතර, ඔවුන්ගේම භටයෙකුගේ වෙඩිල්ලක් වැරදීමකින් වැදීමෙන් "ද සා" මරමුවට පත් විය. ලද ජයග්‍රහණය නිසා උද්දාමයට පත් සෙනරත් රජු පහතරටත් ආක්‍රමණය කිරීමට තීරණය කලේය. නමුත් අවසානයේදී, නාකොළගමදී ලද පරාජයත් සමඟ ඒ අදහස අතහැර දැමීමට සිදුවිය. [B]5) ගන්නෝරුව සටන (1638)[/B] ඒ 1638 මාර්තු අගභාගයයි. මෙවර උඩරට පාලනය කරන්නේ IIවන රාජසිංහ රජතුමාය. එතුමා පෙරකී I වන විමලධර්මසූරිය හා සෙනරත් යන දෙදෙනාටම බිරිය වූ කුසුමාසන දේවියගේ පුතෙකි. නැවතවරක් උඩරට ආක්‍රමණය කිරීමට පෘතුගීසීන් තීරණය කරන ලදී. මෙවර ඔවුන්ට නායකත්වය දුන්නේ කපිතාන් ජෙනරාල් "දියෝගුද මේලෝද කැස්ත්‍රෝ" ය. IIවන රාජසිංහ රජතුමාගේ සොයුරු විජයපාල කුමරුගේ සහයෝගය පෘතුගීසීන්ට ලැබුණි. මීට අමතරව 5000ක සිංහල කුලී හමුදාවකින්ද, පෘතුගීසි සොල්දාදුවන් 700ක් කොංකන් භටයන් 200ක් අප්‍රිකානු භටයන් 300ක් හා තුප්පායි භට කණ්ඩායමකින්ද ඔවුන්ගේ සේනාව සන්නද්ධ විය. රාජසිංහ රජුගේ සේනාවට අයත් වූයේ උඩරට හා පහතරට භටයන් සහ දකුණු ඉන්දීය කුලීභට හමුදාවකි. ක්‍රමයෙන් ඉදිරියට ඇදුනු පෘතුගීසි හමුදාව මහවැලියට නුදුරුන් ගන්නොරුව ප්‍රදේශයේ කඳවුරු බැඳගන්නා ලදී. මේවනවිට රාජසිංහ රජු හා විජයපාල කුමරු අතර තුබූ විරසක තුරන් වී රට බේරාගැනීමේ එකඟතාවයක් ඇතිවිය. මහවැලිය අවට රැකවල් තර කල සිංහල හමුදාවෝ මාර්තු මස විසි අටවැනි දින ගන්නොරුව පෘතුගීසි කඳවුරට පහරදීම ආරම්භකරන ලදී. දුනුවාගල (ප්‍රිම්රෝස්) නම් කන්ද යුධමය අතින් ඉතා වැදගත් ස්ථානයක් විය. එහි සිට ගිනි තැබූ කරුංකා ගෙඩි විදීමෙන් පෘතුගීසින් සතු වෙඩි බෙහෙත් ගබඩා ගිනිබත් කරන ලදී. ඒ අතර ඇදහැලුනු වර්ෂව නිසා ඔවුන්ගේ ඉතිරි වෙඩිබෙහෙත් ප්‍රමාණයත් විනාශවිය. මෙසේ යුධශක්තිය හීන වූ පෘතුගීසි හමුදාවේ 2500ක් පමණ මිය ගිය අතර, ඉතිරිවී සිටි සිංහල කුලී හමුදාවත් පැනගොස් සිටියහ. ජෙනරාල් දියෝගුද මේලෝද කැස්ත්‍රෝත් මෙම සටනේදී මියගියේය. පහත ජායාරූපයේ දැක්වෙන්නේ දුනුවාගල කන්දේ ඊතල විදිනලද ස්ථානයයි.[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://4.bp.blogspot.com/-vxj3kNbrUbI/Tw02UKhBY0I/AAAAAAAAAWs/ahEFkViSmmo/s320/IMG_1202.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-3n57XaTABi0/Tw0lYltsyMI/AAAAAAAAAWE/4fnduEpqWrY/s640/a2.png[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"][CENTER]ජොරිස් වෑන් ස්පිල්බර්ජන් නමැති ඕලන්ද (නෙදර්ලන්ත) ජාතික දේශගවේෂකයෙක් 1602දී මඩකලපුවට ගොඩ බසින ලදී. එසේ පැමිණි ස්පිල්බර්ජන් මහනුවරට ගොස් විමලධර්මසූරිය රජු මුනගැසී සාකච්ඡා පවත්වා ඇත. ලන්දේසි ජාතීන්ගේ ප්‍රථම ලංකාගමනය ඉතිහාසයේ වාර්ථාවන්නේ එලෙසිනි. එසේ පැමිණි ලන්දේසි ජාතිකයින් ක්‍රමයෙන් ලංකාව තුල පැලපදියම් විය. 1638 වන විට පෘතුගීසීන්ගේ නොපනත්කම් ඉවසීමට නොහැකිවූ IIවන රාජසිංහ රජු ලන්දේසීන් සමඟ ගිවිසුමකට එලඹියේය. එහි අරමුණ වූයේ පෘතුගීසීන් මෙරටින් පිටුවහල් කිරීමයි. ඉන් වසර 20කට පසු 1658දී සම්පූර්ණයෙන්ම පෘතුගීසීන් පළවාහැරි ලන්දේසීන් ලංකාවේ බලය සියතට ගැනීමට සමත් විය. ඔවුන් වසර 138ක් පමණ කාලයක් ලංකාවේ 1/4ක පමණ ප්‍රදේශයක පාලනය ගෙනයන ලදී. මෙය ඉඟුරු දී මිරිස් ලබාගැනීමකට සමාන බව නොබෝකලකින්ම ලක්වාසීන්ට අවබෝධ විය. පෘතුගීසීන්ට නොදෙවනි පාලනයක් ගෙනගිය ඔවුන් බෞද්ධ හා හින්දු ඇදහීම් තහනම් කල අතර තම ආගමට ලක්වාසීන් බලෙන් යොමුකරවා ගන්නට ගන්නට පටන් ගත්තේය. තවද අධික බදු පටවමින් වෙළඳපොල ඒකාධිකාරයක් පවත්වාගනිමින් ලක්පොලොව සූරාකන්නට විය. ලන්දේසි සමයේත් වරින්වර කැරලි හා යුද්ධ ඇතිවිය. මෙම ගැටුම් කෙලවර වී ඇත්තේ 1766 පෙබරවාරි 14 දින අත්සන් තැබූ සාම ගිවිසුමකිනි. නමුත්, මෙම ලිපියේ සඳහන් කිරීමට තරම් නමගිය සටනක් ලන්දේසි යුගයේදී වාර්තාවන්නේ නැත.[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/-ESsdeUjUjZg/Tw0lekaK0CI/AAAAAAAAAWM/kAqU01taxas/s640/a3.png[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"][CENTER]1762 පමණ සිට බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදී බලපෑම් ලංකාවට එල්ලවිය. ලංදේසීන්ගෙන් බැටකමින් සිටි උඩරට පාලනය, ඔවුන් පන්නා දැමීමට ඉංග්‍රීසීන්ගේ උපකාර බලාපොරොත්තුවිය. මෙය තම වාසියට හරවාගත් ඉංග්‍රීසීන් 1796 වනවිට ලංකාවේ මුහුදුබඩ පලාත් සියතට ගැනීමට සමත් විය. 1796 සිට 1815 දක්වා කාලය තුලදී ඔවුන් උඩරට යටත්කර ගැනීමට නොයෙක්වර උත්සහ ගත්තේය. මින් ප්‍රධාන වන්නේ 1803 මැයි මාසයේ ඇතිවූ වටපුලුව සටනයි. එහිදී ඉංග්‍රීසීන්ටත් අත්වූයේ පෙර විජාතිකයින්ට අත් වූ ඉරණමයි. ඉංග්‍රීසි පාලන සමය තුල ඇතිවූ ප්‍රධාන කැරලි 2ක් අපට හඳුනාගත හැක. [B]1) වෙල්ලස්ස කැරැල්ල (1818)[/B] 1815 මාර්තු 2 වෙනිදා ඇතිකරගත් උඩරට ගිවිසුමත් සමඟ ලංකාව ඉංග්‍රීසීන්ගේ පූර්ණ යටත්විජිතයක් වූ බව ඔබ දන්නවා ඇති. මෙම ගිවිසුම පසුකාලීනව ඉංග්‍රීසීන් අතින් කඩවන්නට විය. මෙහි උච්චතම අවස්ථාව වූයේ වෙල්ලස්සේ නායකයා ලෙස හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් ජාතිකයා පත්කිරීමයි. මෙයින් කිපුනු සිහලුන් හා උඩරට ප්‍රභූන්, ශ්‍රී වික්රමරාජ්සිංහට නෑකම් කියූ "දොරේසාමි" නැමැත්තෙක් වටා එක්විය. දොරේසාමි ප්රමුඛ සේනාව සමඟ ඇතිවූ ගැටුම් වලින් හජ්ජි මුහන්දිරම්ගේ පිරිස් ඝාතනය විය. එය දැනගත් බදුල්ලේ උපදිසාපති "සිල්වෙස්ටර් විල්සන්" කැරලිකරුවන් හා සටනට පිවිසුනි. නමුත් අවසානයේ ඔහුත් ඝාතනය විය. මෙසේ වෙල්ලස්සෙන් ආරම්භවූ කැරැල්ල, ක්‍රමයෙන් ඌව ප්‍රදේශය පුරා ව්‍යාප්ත විය.[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/-3p4HGZFI8mk/Tw06Z-naEPI/AAAAAAAAAXE/AyPHH_wkUZk/s320/monaravila-keppetipola-anuradha-wijayawardhana-uva-vellassa-sri-lanka-archaeology.lk-2-206x300.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="3"][CENTER]දිනය 1817 නොවැම්බර් 1 වැනිදාය. කැරැල්ල මැඩලීම සඳහා බ්රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් සේනාවක් උඩරටට එවන ලදී. එම සේනාවේ නායකත්වය දැරුවේ කැප්පෙටිපොල විසිනි. නමුත් ඔහුගේ දේශප්‍රේමය හා ජාත්‍යාලය ඉස්මතුවන්නට වූයෙන් කැරැල්ල මැඩලනු වෙනුවට එයට නායකත්වය දුන්නේය. එසේ සියල්ලන්ගේ ආශිර්වාද මැද ඌව ප්‍රදේශය කැරලිකරුවන් අතට පත්වීමට වැඩිදිනක් ගත නොවීය. මේ අවස්ථාවේදී ඉංග්‍රීසීන් උඩරට අත්හැරීමට පවා සූදානම් විය. නමුත් අවසානයේදී බෙංගාලයෙන් හා මදුරාසියෙන් අතිරේක බල ඇණි ගෙන්වාගත් ඔවුන් නැවතත් උඩරට වටකලහ. 1818 ඔක්තෝබර් වනවිට උඩරට නැවත අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. මේවනතෙක් ඇතිවූ සටන් වලින් සිංහලයන් 10000ක් පමණද, ඉංග්‍රීසීන් 1000ක් පමණද මියයන ලදී. ඔක්තෝබර් 28 දින කැප්පෙටිපොල අත්අඩංගුවටගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. ඉංග්‍රීසීන්ට ද්‍රෝහිවීමේ වරදට 1818 නොවැම්බර් දෙවෙනිදා කැප්පෙටිපොල හා මඩුගල්ලේයන දෙදෙනාගේ හිස් ගසා දමන ලදී. මෙහිදී කැප්පෙටිපොලත් වීර මද්දුමබණ්ඩාරයන් මෙන්ම සිය කැමැත්තෙන්ම දංගෙඩියට හිසදුන් බව කියැවේ. වෙල්ලස්ස කැරැල්ල අසාර්ථක වූයේ මොල්ලිගොඩ, එක්නැලිගොඩ වැනි ප්‍රභූන් කැරලිකරුවන්ට විරුද්ධව ක්‍රියාකිරීම නිසාය. එමෙන්ම ඉංග්‍රීසීන්ට ඔත්තුසැපයූ මුහන්දිරම්වරු හා ටිකිරිමල්ලියා වැනි දේශද්‍රෝහීන් නොවන්නට ලක් ඉතිහාසය මීටවඩා වෙනස් අයුරකින් ලියවෙන්නට ඉඩතිබුනි. මෙකී කැරැල්ලට සහයෝගය දුන් අප්‍රකට විරුවන් රාශියක් සිටි අතර ඔවුන් සියල්ලන්ම පසුකාලීනව ඉංග්‍රීසීන් අතින් ඝාතනය විය. [B]2) මාතලේ කැරැල්ල (1848)[/B] 1848 වන විට ලාංකිකයින් ඉංග්‍රීසි පාලනයෙන් හෙම්බත්ව සිටියහ. ඇඟ බද්ද, පොල් බද්ද, ඉස්තෝප්පු බද්ද, බලු බද්ද, කරත්ත බද්ද, මුද්දර බද්ද ආදී වශයෙන් එකී මෙකී නොකී බදු රාශියක බර ජනතාව වෙත පැටවී තිබුනි. මෙකී බදු ඉවත්කරගැනීම සඳහා පෙත්සමක් සකස්කර ටොරින්ටන් ආණ්ඩුකාරයා වෙත යැව්වත් ඔහු එය ඉවත දමන ලදී. මෙයින් පීඩාවටපත් ජනතාව ඉංග්‍රීසීන්ට විරුද්ධව උද්ඝෝෂණය කලහ. එලෙස ආරම්භවූ උද්ඝෝෂණ රැල්ල කැරැල්ලක් ලෙස රට පුරා ව්‍යාප්තවිය. මීට නායකත්වය දුන්නේ ගොන්ගාලේගොඩ බණ්ඩා සහ පුරන්අප්පුය. කුඩහපොල හිමි ඇතුලු අප්‍රකට විරුවන් රාශියක් ඊට සහයෝගය ලබාදුන්හ.[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://2.bp.blogspot.com/-DeruWmehVO8/Tw09-jGg8eI/AAAAAAAAAXM/xRC_4J46930/s1600/matale1.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="3"][CENTER]පසුව කැරැල්ල සාර්ථකව මැඩපැවැත්වීමට ඉංග්‍රීසීන්ට හැකිවිය. 1848 නොවැම්බර් 27 දින අත් අඩංගුවට පත් ගොන්ගාලේගොඩ බණ්ඩා 1849 මැයි මස 3 වන දින කසපහර 100ක් ලබාදී මලක්කාවට පිටුවහල් කරන ලදී. වීර පුරන්අප්පු 1848 අගෝස්තු 8 වනදාත්, කුඩහපොල හිමියන් 1848 අගෝස්තු 26 වනදාත් මරාදමන ලදී. සෙසු විරුවනුත් බොහෝදෙනෙක් ඉංග්‍රීසීන් විසින් මරාදැමුනු අතර අනෙකුත් අයවලුන් රටින් පිටුවහල් කරන ලදී. ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ හිතුවක්කාරකම මෙම කැරැල්ලට හේතු වූ බව පසුව ඉංග්‍රීසීන් තේරුම්ගන්නා ලදී. කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස පීඩාකාරී බදු අවලංගු වූ අතර, දළදාමාලිගාවේ ආරක්ෂාවට කටයුතු යෙදීම වැනි වාසි සහගත ප්‍රතිඵල අත්විය.[/CENTER][/SIZE][/COLOR] [CENTER][URL="http://nishuoc.blogspot.com/2012/01/blog-post.html"]උපුටා ගැනීම..:):):)[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom