Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහමින් මැණික් ලැබෙන හවුල්කාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහමින් මැණික් ලැබෙන හවුල්කාරයෝ

යහමින් මැණික් ලැබෙන හවුල්කාරයෝ

මැණික් නිම්නයේ යකඩ මිනිස්සු

සිරිසෝම මෑතකදී ධනවත් වූ අයෙකි. මැණික් පතලක හරි හවුලකට වැඩකර ලැබුණ මුදලින් ඔහු එතෙක් ගෙවූ ජීවිතයට ආයුබෝවන් කීවේ ය. කාලයේ හැටියට තමන්ට කළමනාකරණය කර ගැනීමට බැරි තරම් මුදලක් ඔහුගේ කොටස විය.

ලැබුණු ආදායමේ හැටියට තවදුරටත් සිරිසෝම පතල් රස්සාව නොකළ යුතුයැයි අලුතින් ඔහු වටා එකතු වූ නවක මිතුරන්, නෑදෑයින් ඇතුළු උපදේශකයින්ගේ තීරණය විය. නමුත් ‘‘පතල් හවුල් අත්හැරීම නොකළ යුතු අතර ප්‍රදේශයේ සෑම පතල් පොළකම එක පතලකින් හෝ හවුලක් ගැනීමට ක්‍රියා කළ යුතුය’’ යන්න ඔහු වටා සිටි අයගේ බලාපොරොත්තුව විය. ඒ සඳහා සම්බන්ධීකාරකයන් ලෙස කටයුතු කරන්නට පිරිස් ඉදිරිපත් වූහ.

පතලක හරි හවුල්කාරයකු ලෙස පතලේ වැඩ කළ ‘‘සිරිසෝම’’ දැන් පතල්වලට වියදම් දෙන්නෙකු විය. සිරිසෝමට කවුරුත් හවුල් දෙන්නට අකමැති නොවීය. සිරිසෝමගේ හවුලට කරුවට වැඩ කරන්නට පිරිස් යොදවයි. හවුල්කරු වෙනුවෙන් පතලට ශ්‍රමය ලබාදෙන තැනැත්තා කරු හවුල්කරුවා ය. මැණික් ගලක් ලැබුණොත් ලැබෙන මුදලින් අඩක් ඔහුට හිමි වෙයි. වැඩකරන්නට එනවාට දෛනික කුලියක් නොලැබෙන අතර සතියකට වරක් සුළු මුදලක් හරි හවුල්කරු විසින් ගෙවනු ලබයි. එම දීමනාව ‘‘සුමානකාසි’’ නම් වෙයි.

සිරිසෝම වැඩිදුරට ඉගෙන නොගත්තාට සමාජ දැනුම ඉහළින් තිබූ තරුණයකු විය. ඒ නිසා ඔහුගේ හවුල් සඳහා වැඩට හැම දෙනාටම යන්නට අවස්ථාව නොලැබිණි. ධනවතකු වීමෙන් පසු තමන් වටා රොක් වූ නෑ හිතවතුන් ගැන සිරිසෝම හිටියේ හොඳ අවධානයකිනි. සිරිසෝමගේ හවුලක් වෙනුවෙන් වැඩකරන්නට යන්නට නම් මොන සහතිකය නැතත් උප්පැන්න සහතිකයත් ජාතික හැඳුනුම්පතත් අත්‍යවශ්‍ය විය. එය අනවශ්‍ය වූයේ ඔහු දන්නා පවුල් කිහිපයකට පමණි.

සිරිසෝමට හවුල් දුන් හැම පතලකම පාහේ වාසි විය. සමහර පතල්වලින් ලොකු වාසි නොවුණත්, වියදම හෝ පියවා ගන්නට හැකි විණි. ඒ නිසා මැණික් පතල් ක්ෂේත්රය තුළ සිරිසෝම වැඩිපුර කතා බහට ලක්විය. කිසිදු වාසියක් නොමැතිව මාස ගණන් පතල් කපා පතල් එපා වූ සමහරු සිරිසෝමවත් හවුල් කරගෙන පතලක් දෙකක් බහින්නට ඕනෑය කියන තැනට සිරිසෝම පත්වන්නට අවුරුද්දක්වත් ගත නොවීය. සිරිසෝමට හවුලක් දුන්න හැම පතලකම පාහේ ‘‘උඩ බලන්නට’’වත් ගලක් හමුවන බවට විශ්වාසය පැතිර ගියේය. ඒ නිසා ‘‘සිරිසෝම’’ නිකම් ‘‘සිරිසෝම’’ නොව ‘‘සිරිසෝම මුදලාලි’’ විය.

සිරිසෝම මුදලාලි ලැබූ මේ ජයග්‍රහණය පසුපස මැණික් පතල් කර්මාන්තයේ ඇති ‘‘කුල‘‘ නිර්ණය තිබූ බව බොහෝ දෙනෙක් දැන ගත්තේ බොහෝ කාලයට පසුවය.

මැණික් පතලක් කැපීමේ දී ඒ පතලට එක්තරා ‘‘කුලයක’’ කෙනෙක් හවුල් කරගන්නා සිරිතක් කාලයකට ඉහත තිබුණි. වාසනාව ලැබෙන්නේ ඒ ‘‘කුලයේ’’ කෙනකු හිටියොත් බවට වූ විශ්වාසය පැළපදියම් වී තිබූ එකකි. ඒ නිසා පතලේ බලපත්‍රය කුලයෙන් කොතරම් උසස් කෙනෙක් සතුව තිබුණත් කුලයෙන් හීන යැයි පවසන කෙනෙකුට හවුලක් දීමට තරම් මේ ‘‘කුල’’ විශ්වාසය මැණික් පතල් කර්මාන්තයේ දී මුල් බැස තිබුණි.

එය බලපත්‍ර සහිත මැණික් පතල්වල පමණක් නොව අනවසරයෙන් කපන පතල්වලට ද බලපෑවේ ය. ඇළහැර, ඔක්කම්පිටිය, ආදී දුර බැහැර පළාත්වල හොරෙන් පතල් කපන්නට යන නඩද මේ කියන ‘‘කුලයේ’’ කෙනෙක් සහභාගි කරගැනීමට අමතක නොකළෝය.

ඒ නිසා සිරිසෝම ද තමන් ලබාගන්න පතල් හවුල්වල, කරු හවුලට යැවුවේ ඒ කියන ‘‘කුලයේ’’ කෙනෙකි.

‘‘ ඕකා අපේ ළඟම ඥාතියෙක් තමයි. ඒ වුණාට කවදාවත් ඌ අපි කරු හවුලකට යැවුවේ නෑ. කොහේවත් යන ‘‘.......’’ක් තමයි යැව්වේ.’’ යැයි දොස් තැබුවේ කරුහවුලක් ඉල්ලා නොලැබුණ සිරිසෝමගේ ඥාතීන්ය.

ඒ නිසා මැණික් පතල් කර්මාන්තය තුළ දැඩි ලෙස ‘‘කුල’’ තේරීම තැන්පත්ව ඇත. සිරිසෝම නොදන්නා කෙනෙක් ඒ ‘‘කුලයේ’’ යැයි හඳුන්වා දුන්න ද ඔහුගේ උප්පැන්න සහතිකය හැඳුනුම්පත හා සසඳා බලන්නේ පෙළපත් නාමය තහවුරු කරගන්නටය. පෙළපත් නාමයේ සැකයක් සිරිසෝමට ඇතිවුණි නම් ඔහු කියන්නේ දැනට ඇති පතල්වල කරු හවුල්වලට පිරිස් ඉන්නා බවයි.

මේ විශ්වාසය කොතරම් සත්‍ය බව මැණික් සමාජයේ පැලපදියම්ව තිබුණත් මේ කියන සිරිසෝම මුදලාලිගේ වාසනාව තිබුණේ දශක දෙක හමාරක් පමණි. ඔහු මැදිවියේ දී දිවියෙන් සමුගන්නා විට ධනවත් බව ඔහුගෙන් ඈත් වී තිබුණි. මේ මැණික් සම්පතේ හැටිය. ඒ නිසා මැණික් පතල් කර්මාන්තය ගැන මිනිසුන්ගේ විවිධ මති මතාන්තර මෙන්ම විශ්වාස ද පවතී. ඒවා සමග කියැවෙන නිධාන කථා අහන විට ඒ විශ්වාස කිසිසේත් ම බැහැර කරන්නට බැරිය.

තටමපං රත්රංහාමි

මේ කියන සිද්ධියට අවුරුදු පනහකට වැඩි ය. සිද්ධියේ කතානායකයා රත්රංහාමිය. ඇඹිලිපිටිය අවට ප්‍රදේශය හැටේ දශකයේ මුල භාගයේ ජනපද ඉදිවෙමින් තිබූ කාලයයි. උඩවළවේ ජලාශය ඉදිවී වළවේ ගඟේ ජලය පාලනය වීමත් සමග වළව නිම්නයේ පහළ කොටසේ පිහිටි කොස්වාඩිය, හම්බුව ආදි ජනශුන්‍ය ප්‍රදේශවල මැණික් නිධි හමුවෙමින් තිබුණි.

එකළ මැණික් මුදලාලිලා සිටියේ බේරුවලය. බේරුවල සිටි මුදලාලිලා මැණික් සඳහා ලොකු මිලක් ගෙවූ නිසා ඔවුන් හා සම්බන්ධ වූ අතරමැදියන් කිහිප දෙනෙක් රත්නපුර ප්‍රදේශයේ වූහ. ඇඹිලිපිටියේ කොස්වාඩියේ හොඳ ඉල්ලමක් මතු වී ඇති බවට වූ ආරංචිය මත බේරුවල මුදලාලි කෙනෙක් වියදම් දී කණ්ඩායමක් එහි යැවීය. අතරමැදියා හෙවත් වියදම්කාරයා වූයේ රත්නපුර ප්‍රදේශයේ කෙනෙකි.

අද මෙන් සන්නිවේදන පහසුකම් නොතිබුණු මේ කියන යුගයේ මෙවැනි නැවුම් තොරතුරක් පැතිර යන්නටත් දවසක් දෙකක් ගත විය. බොහෝ වෙලාවට කටකතා ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් විය. ගමේ තේ කඩේ, සන්නිවේදන මධ්‍යස්ථානය විය. සිදාදියට එන ගමේ වැසියන් හරහා මෙවැනි පණිවිඩ පැතිර ගියේ ය.

හත් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කොළඹ සිට රත්නපුර, ඇඹිලිපිටිය හරහා කතරගම යන බස් රථයට රත්නපුරෙන් ගොඩවූයේ කොස්වාඩියට යන්නටය. රත්නපුරේ සිට ඇඹිලිපිටියට යන්නට පැය හයකට ආසන්න විය. කහවත්තේ ‘‘ප්‍රේමසිරි හෝටලය’’ බස් නවත්වන හෝටලයකි. ඇඹිලිපිටියට යනවිට දෙතැනක තේ බොන්නට බස් රථය නවත්වයි. දෙවෙනියට නවත්වන්නේ ඇඹිලිපිටියට නුදුරු හිඟරආරේ ජනරංජන හෝටලය අසලය.

අද සිව් මහ ගොඩනැගිලිවලින් අනූන ඇඹිලිපිටිය පල්ලේගම එදා මහ මූකලානකි. අද මොරකැටි හන්දිය එදා වනවදුලකි. බස් නවත්වන්නේ කොතලාවල හන්දියේ ය. එතැන තිබූ ඉලුක් සහ පොල්අතු සෙවිලි කළ තේ කඩය සමහරුන්ගේ නවානැන් පොළකි. තේ කඩයට ඉස්සරින් ඉදිකර තිබූ ලොකු මඩුව දුර ඈත යනෙන කාගේත් ලැගුම් පොළ විය. අඳුරු වැටෙද්දී වනයෙන් ඇදී එන අලි රංචු නිතර එහා මෙහා සැරිසරති. ඒ නිසා ගමන් බිමන් දවාලට පමණක් සීමා විය. අතුරු මාර්ග ඔස්සේ ගමන් බිමන් පා ගමනිනි.

රත්රංහාමි ඇතුළු පිරිස ද එතැන රැය ගෙවා කොස්වාඩියේ ගරන්නට ගියේ පසුදාය. ඒ කණ්ඩායමේ හත්දෙනා අතර මුස්ලිම් ජාතිකයෙක් ද විය. ඔහු බේරුවල ලොකු මුදලාලිගේ ගෝලයකු විය. වාඩි තනා පතල් කපා මැණික් ගරද්දී දින තුනකට පමණ පසු හමුවූ මැණිකක් රත්රංහාමි ගිල්ලේයැයි කණ්ඩායමේ කෙනෙක් චෝදනා කරන්නට විය. තට්ටු පතල් නොවූ නිසා දිනකට එක පතලක් කැපිය හැකි විය. ඒවා නොගැඹුරු පතල් විය.

රත්රංහාමි චෝදනාව පිළිනොගත්තේ ය. චෝදනා කළ තැනැත්තා සිය චෝදනාව ඇත්ත බව තරයේ කියා සිටියේ ය. රත්රංහාමිගේ කුස තුළ මැණික් ගල ඇතැයි කියා චෝදකයා ස්ථිරවම කියයි. තමන් මැණික් ගලක් ගිලදැමුවේ නැත කියා රත්රංහාමි කියයි.

‘‘අපිට කොටස් දෙන්න වෙනවට මේකා මේ මැණික ගිල්ලේ’’ චෝදනාව කරන කෙනා කියයි.

‘‘මම ගිලපු මැණිකක් නෑ.... ගිල්ලා කියනවනම් බඩ පළලා ගනිල්ලා...’’ රත්රංහාමි කියයි.

මේක උභතෝකෝටික ප්‍රශ්නයක් විය. අවසානයේ තීරණය කෙරුණේ රත්රංහාමිට ඝන ආහාර නොදී දියර ආහාර දී ඔහුගේ මලපහ පරීක්ෂා කර මැණික්ගල ඇද්දැයි බලන්නට ය. රත්රරංහාමි අකමැති වුවත් ඔහුට ලැබුණේ දියර ආහාරය. වැඩිපුර ලුණු කැඳය.

රත්රංහාමිට තනිව දොට්ට පිලටවත් යන්නට ඉඩ නොලැබිණි. රත්රංහාමි මලපහ කළ විට ඒ මලපහ සේදී යන ලෙස වතුර වක්කර එහි ගිලපු මැණික ඇද්දැයි විපරමෙන් බැලූවත් පළමුවන දවසේ එවැන්නක් නොලැබිණි. දෙවන දවස වනවිට රත්රංහාමිට මලපහ යන්නේ ද දියර ලෙසය.

දැන් මැණික් සෙවිල්ල පැත්තකය. රත්රංහාමි ගැන හැමගේ අවධානය යොමුව ඇත. රත්රංහාමි ගැන සෙසු සියලු සාමාජිකයන් ඉන්නේ දෙගිඩියාවෙනි. ඔහු කෙරෙහි ඇත්තේ විශ්වාසයට වඩා අවිශ්වාසයයි. ඒ නිසා රත්රංහාමිගේ තනි නොතනියට දෙන්නෙකුට වඩා රැඳෙයි. දින හතරක වැනි කෙටි කාලයක් තුළ මේ ‘‘පතල් නඩය’’ තුළ අවිශ්වාසය රජකරන්නට විය. ඒනිසා මැණික් ගැරිල්ල සම්බන්ධයෙන් වූයේ එකිනෙකා ගැන සැකයකි. රත්රංහාමි මැණික් ගලක් ගිල්ලා නම්, අනික් අය එකතු වී සොයන මැණික් ගලේ කොටස ඔහුට දෙන්නේ ඇයි දැයි එකිනෙකා තුළ මතුවූ පැනය නිසාම රත්රංහාමිගේ කුසෙන් මැණික් ගල එළියට ගන්නා තුරු වැඩ නැවතුණි.

රත්රංහාමි මලපහ කරන විට ඒ අසල සිටින මුස්ලිම් තැනැත්තා ‘‘තටම්මපං... රත්රංහාමි..... තට්ටමලා දාපං...’’ යැයි කියමින් රත්රංහාමි මැණික මලපහ කරන්නේදැයි විපරම් කරයි. දෙවන දවසේ හැන්දෑවේ රත්රංහාමි ‘‘මැණික් ගලක්’’ පහ කළේ ය. ඒ සමගම නඬේ විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳී ගිය නිසා තවදුරටත් පතල් කැපිල්ල නොකර ආපසු කොතලාවල හන්දියට ඇවිත් රත්නපුරේ බලා පැමිණියේ ය. ඒ වනවිට රත්රංහාමි තරමක් දුර්වල තත්ත්වයේ පසුවූයේ දින කිහිපයක් තිස්සේ හරිහමන් ආහාරයක් කුසට වැටී නොතිබූ නිසාය.

බේරුවල මුදලාලි සතියේ වැඩි දවසක් රත්නපුරේ සිටි නිසා පැමිණි දවසේම ඔහු සිටියේය. පිරිස ඔහුට සිද්ධිය සැලකර රත්රංහාමි ගිල්ල මැණික මලපහකරවා ගත් බව පවසා එය මුදලාලි අත තැබීය. මුදලාලිට මද සිනහවක් නැංවිනි. දකුණතේ දබරැඟිල්ලටත් මහපට ඇඟිල්ලටත් තදකරගත් මැණික් ගල ඉර දෙසට අල්ලා විපරමෙන් බැලීය. නැවත පහළට ගෙන දිවගා යළිත් ඉරට අල්ලා බැලීය. මේ ආකාරයට කිහිප වාරයක්ම දිවගා බලා මද සිනාහවක් පා ‘ගල ටිකක් වටින වප්පා....’ යැයි කියා කාටත් ගණන් බේරුවේ ය. මැණික් ගල ගිල්ලත් රත්රංහාමිටත් කොටස් හිමි විය.

රත්රංහාමිගේ මේ මැණික් ගිල දැමීම ගැන ඔහුගේ ගම පුරා කතා පැතිර ගියේ ‘‘තටම්මපං... රත්රංහාමි..... තට්ටමලා දාපං...’’ යන වදන් සමගය. මුල් දින කිහිපය තුළ මේ වදන් ඇසෙන විට රත්රංහාමිට තරමක් කේන්ති ගියද පසුව ඔහු එය ගණන් නොගන්නා තැනට පත්විය. කොහොම නමුත් රත්රංහාමිගේ ගමේ රත්රංහාමිලා කිහිප දෙනෙක් සිටි නිසා මේ කියන රත්රංහාමි එතැන් පටන් හැඳින්වූයේ ‘‘තටමපං රත්රංහාමි’’ යනුවෙනි.

කටුස්සාගේ විහිළුව

මැණික් පතල් කැපීමේ දී විහිළුව, සරදම රජ කළේ ය. රත්නපුර නගරයට නුදුරු උප නගරයකට ආසන්න නිම්නයක කුඹුරක මැණික් ගැරීමේ බලපත්‍රයක් මත පතලක් අලුතින් ආරම්භ විය. එය තට්ටු පතලක් වූ අතර පතලට උවමනා ලී, කැකිල්ල ආදිය වටපිටාවෙන්ම සොයාගනු ලැබිණි. කුඹුරක වූ පතලක් නිසා ජලයෙන් අඩු නොවීය. ඒ නිසා අඟල් හතරේ ලිස්ටර් ඇංජිමක් වතුර ඉහින්නට යොදාගත්තේ ය.

හරිහවුල් කිහිපයට වැඩට කරු හවුල්කරුවන් එවා තිබුණි. නමුත් හතරදෙනෙක් හරි හවුල්කරුවෝ වූහ. කරුහවුලට පැමිණි පිරිස අතර සිටි ධරුමේගේ ඇස් වපරය. ධර්මරත්න නම් වූ ඔහුව ඇමතුවේ ‘ධරුමේ’ කියා ය. ඔහුගේ වපරැස් නිසා ධරුමේ තමන් දෙස බලන්නේ ද යන්න ස්ථිර නිගමනයකට එන්නට කාටවත් පුළුවන් කමක් නොවීය. මේ සිද්ධිය වෙන කාලයේ ධරුමේගෙ වයස අවුරුදු හතළිස් පහක් පමණ වන්නට ඇත. දැන් ඔහු ජීවතුන් අතර නැත. ධරුමේ මේ පතලේ වැඩට ආවේ ඔහුගේ ස්ථිර රස්සාව වූ අලි බැලිල්ල කෙටි කලකට නවතා දැමීමෙනි.

ඒ නිසා දිගන් කොට ඔසවන විට ‘‘අලි භාෂාවෙන්’’ සමහරු විහිළු කළහ. ‘‘දහ අලියා දහ...’’ ආදී වූ වදන් මේ පතල් පොෙළ් භාවිතා විය. පතල් පොළේ සිටි වයසින් අඩුම තැනැත්තා වූයේ ජයපාලය. ජයපාල විහිළුකාරයාය. දවසක් පතලේ තට්ටුවක බිත්ති වලට කැකිල්ල රැඳවීමට පුවක් ලී රීප්ප ලබාදීම නියමව තිබුණේ ජයපාලටය. වාඩිය ළඟ තිබූ පුවක් රීප්ප එක් කෙළවරකින් අල්ලා අනෙක් කෙළවර පතල ළඟ සිටි කෙනාට දීම ජයපාල කළේය. පතල ළඟ හිටියේ ධරුමේය.

පුවක් රීප්ප ගොඩේ රීප්පයක කෙළවරේ කටුස්සෙකු සිටිනු ජයපාල දුටුවේය. රීප්පවල බඩ පැත්ත යටට හරවා අසුරා තිබුණ නිසා පිට පැත්ත තිබුණේ උඩටය. පුවක් ගහේ පාටම කටුස්සෙකු නිසා එකවරම කෙනෙකුට ඌ හඳුනාගත නොහැකි විය.

ජයපාල පුවක් රීප්පය ගත්තේ එහි සිටි කටුස්සා කලබලයට පත් නොකරමින් අනෙක් කෙළවරින් අල්ලමිනි. හිමින් සීරුවේ කටුස්සා සිටි කෙළවර ධරුමේ පැත්තට හැරෙවුවේය. ධරුමේ කොහේ බලන්නේදැයි කිව නොහැකි වූයේ ඔහු වපර නිසා ය. ධරුමේ පුවක් රීප්පය කෙළවරින් අල්ලද්දී ඒ කෙළවරේ සිටි කටුස්සා කලබල වී ධරුමේගේ ඇඟට පැන්නේ ඌට යායුතු වෙන තැනක් නොතිබූ නිසාය. ධරුමේ මහ හඬින් බෙරිහන් දුන්නේ ය. පතල ඇතුළේ සිටි අයයි, වාඩියේ සහ උඩ සිටි අයයි ධරුමේගේ කෑගැහිල්ලට බියට පත්වූහ.

ධරුමෙගේ ඇඟට පැන්න කටුස්සා ඒ සමග බිමට පැන පලා යන්නට වූ අතර පුවක් රිප්පය අතහැර බිම දමා ධරුමේ අතපය එහා මෙහා කරමින් දඟලන්නට විය.

‘‘ඇයි ධරුමේ මොකද මොකද?’’ යැයි විමසමින් පතලේ හැමෝම ධරුමේ ළඟට ආවෝ ය.

’‘පුවක් රීප්පේ ඉඳලා මොකෙක්ද මගේ ඇඟට පැන්නා බං...’’ යැයි කියමින් ඈතට යන කටුස්සා පෙන්වීය. ඒ දැක හැමෝටම සිනහව නවත්වා ගන්නට බැරිවිය. තරමක් දුරින් සිටි ජයපාල ‘‘පුරු අලියා පුරු....’’ යැයි කීවේ විහිළුවකටය. ඒ සමගම ලොකු මැටි ගුළියක් ජයපාලගේ කොන්දට පතිත විය. ‘‘අලි ධරුමේ’’ කේන්තිය පිරිමසා ගත්තේ ය.

ටික වෙලාවකින් හැම දේම සන්සුන් විය. ජයපාල විහිළුවට කළ වැඩක් බව පසුව කාටත් වැටහිණි. ධරුමේද එය ගණන් නොගත්තේ ය.

තවත් කොටසක් ලබන සතියට....

සටහන සහ ඡායාරූපය

අජිත්ලාල් ශාන්තඋදය

[QUOTE="araki, post: 23102612, member: 360239"] [b]යහමින් මැණික් ලැබෙන හවුල්කාරයෝ[/b] [B][SIZE=4]යහමින් මැණික් ලැබෙන හවුල්කාරයෝ[/SIZE][/B] [SIZE=4][/SIZE] [COLOR=#B22222][B][SIZE=4]මැණික් නිම්නයේ යකඩ මිනිස්සු[/SIZE][/B][/COLOR] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d5597339a6.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_404a0692bf.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]සිරිසෝම මෑතකදී ධනවත් වූ අයෙකි. මැණික් පතලක හරි හවුලකට වැඩකර ලැබුණ මුදලින් ඔහු එතෙක් ගෙවූ ජීවිතයට ආයුබෝවන් කීවේ ය. කාලයේ හැටියට තමන්ට කළමනාකරණය කර ගැනීමට බැරි තරම් මුදලක් ඔහුගේ කොටස විය. [/B] ලැබුණු ආදායමේ හැටියට තවදුරටත් සිරිසෝම පතල් රස්සාව නොකළ යුතුයැයි අලුතින් ඔහු වටා එකතු වූ නවක මිතුරන්, නෑදෑයින් ඇතුළු උපදේශකයින්ගේ තීරණය විය. නමුත් ‘‘පතල් හවුල් අත්හැරීම නොකළ යුතු අතර ප්‍රදේශයේ සෑම පතල් පොළකම එක පතලකින් හෝ හවුලක් ගැනීමට ක්‍රියා කළ යුතුය’’ යන්න ඔහු වටා සිටි අයගේ බලාපොරොත්තුව විය. ඒ සඳහා සම්බන්ධීකාරකයන් ලෙස කටයුතු කරන්නට පිරිස් ඉදිරිපත් වූහ. පතලක හරි හවුල්කාරයකු ලෙස පතලේ වැඩ කළ ‘‘සිරිසෝම’’ දැන් පතල්වලට වියදම් දෙන්නෙකු විය. සිරිසෝමට කවුරුත් හවුල් දෙන්නට අකමැති නොවීය. සිරිසෝමගේ හවුලට කරුවට වැඩ කරන්නට පිරිස් යොදවයි. හවුල්කරු වෙනුවෙන් පතලට ශ්‍රමය ලබාදෙන තැනැත්තා කරු හවුල්කරුවා ය. මැණික් ගලක් ලැබුණොත් ලැබෙන මුදලින් අඩක් ඔහුට හිමි වෙයි. වැඩකරන්නට එනවාට දෛනික කුලියක් නොලැබෙන අතර සතියකට වරක් සුළු මුදලක් හරි හවුල්කරු විසින් ගෙවනු ලබයි. එම දීමනාව ‘‘සුමානකාසි’’ නම් වෙයි. [/SIZE] [SIZE=4]සිරිසෝම වැඩිදුරට ඉගෙන නොගත්තාට සමාජ දැනුම ඉහළින් තිබූ තරුණයකු විය. ඒ නිසා ඔහුගේ හවුල් සඳහා වැඩට හැම දෙනාටම යන්නට අවස්ථාව නොලැබිණි. ධනවතකු වීමෙන් පසු තමන් වටා රොක් වූ නෑ හිතවතුන් ගැන සිරිසෝම හිටියේ හොඳ අවධානයකිනි. සිරිසෝමගේ හවුලක් වෙනුවෙන් වැඩකරන්නට යන්නට නම් මොන සහතිකය නැතත් උප්පැන්න සහතිකයත් ජාතික හැඳුනුම්පතත් අත්‍යවශ්‍ය විය. එය අනවශ්‍ය වූයේ ඔහු දන්නා පවුල් කිහිපයකට පමණි. [/SIZE] [SIZE=4]සිරිසෝමට හවුල් දුන් හැම පතලකම පාහේ වාසි විය. සමහර පතල්වලින් ලොකු වාසි නොවුණත්, වියදම හෝ පියවා ගන්නට හැකි විණි. ඒ නිසා මැණික් පතල් ක්ෂේත්රය තුළ සිරිසෝම වැඩිපුර කතා බහට ලක්විය. කිසිදු වාසියක් නොමැතිව මාස ගණන් පතල් කපා පතල් එපා වූ සමහරු සිරිසෝමවත් හවුල් කරගෙන පතලක් දෙකක් බහින්නට ඕනෑය කියන තැනට සිරිසෝම පත්වන්නට අවුරුද්දක්වත් ගත නොවීය. සිරිසෝමට හවුලක් දුන්න හැම පතලකම පාහේ ‘‘උඩ බලන්නට’’වත් ගලක් හමුවන බවට විශ්වාසය පැතිර ගියේය. ඒ නිසා ‘‘සිරිසෝම’’ නිකම් ‘‘සිරිසෝම’’ නොව ‘‘සිරිසෝම මුදලාලි’’ විය. [/SIZE] [SIZE=4]සිරිසෝම මුදලාලි ලැබූ මේ ජයග්‍රහණය පසුපස මැණික් පතල් කර්මාන්තයේ ඇති ‘‘කුල‘‘ නිර්ණය තිබූ බව බොහෝ දෙනෙක් දැන ගත්තේ බොහෝ කාලයට පසුවය. [/SIZE] [SIZE=4]මැණික් පතලක් කැපීමේ දී ඒ පතලට එක්තරා ‘‘කුලයක’’ කෙනෙක් හවුල් කරගන්නා සිරිතක් කාලයකට ඉහත තිබුණි. වාසනාව ලැබෙන්නේ ඒ ‘‘කුලයේ’’ කෙනකු හිටියොත් බවට වූ විශ්වාසය පැළපදියම් වී තිබූ එකකි. ඒ නිසා පතලේ බලපත්‍රය කුලයෙන් කොතරම් උසස් කෙනෙක් සතුව තිබුණත් කුලයෙන් හීන යැයි පවසන කෙනෙකුට හවුලක් දීමට තරම් මේ ‘‘කුල’’ විශ්වාසය මැණික් පතල් කර්මාන්තයේ දී මුල් බැස තිබුණි. [/SIZE] [SIZE=4]එය බලපත්‍ර සහිත මැණික් පතල්වල පමණක් නොව අනවසරයෙන් කපන පතල්වලට ද බලපෑවේ ය. ඇළහැර, ඔක්කම්පිටිය, ආදී දුර බැහැර පළාත්වල හොරෙන් පතල් කපන්නට යන නඩද මේ කියන ‘‘කුලයේ’’ කෙනෙක් සහභාගි කරගැනීමට අමතක නොකළෝය. [/SIZE] [SIZE=4]ඒ නිසා සිරිසෝම ද තමන් ලබාගන්න පතල් හවුල්වල, කරු හවුලට යැවුවේ ඒ කියන ‘‘කුලයේ’’ කෙනෙකි. [/SIZE] [SIZE=4]‘‘ ඕකා අපේ ළඟම ඥාතියෙක් තමයි. ඒ වුණාට කවදාවත් ඌ අපි කරු හවුලකට යැවුවේ නෑ. කොහේවත් යන ‘‘.......’’ක් තමයි යැව්වේ.’’ යැයි දොස් තැබුවේ කරුහවුලක් ඉල්ලා නොලැබුණ සිරිසෝමගේ ඥාතීන්ය. ඒ නිසා මැණික් පතල් කර්මාන්තය තුළ දැඩි ලෙස ‘‘කුල’’ තේරීම තැන්පත්ව ඇත. සිරිසෝම නොදන්නා කෙනෙක් ඒ ‘‘කුලයේ’’ යැයි හඳුන්වා දුන්න ද ඔහුගේ උප්පැන්න සහතිකය හැඳුනුම්පත හා සසඳා බලන්නේ පෙළපත් නාමය තහවුරු කරගන්නටය. පෙළපත් නාමයේ සැකයක් සිරිසෝමට ඇතිවුණි නම් ඔහු කියන්නේ දැනට ඇති පතල්වල කරු හවුල්වලට පිරිස් ඉන්නා බවයි. [/SIZE] [SIZE=4]මේ විශ්වාසය කොතරම් සත්‍ය බව මැණික් සමාජයේ පැලපදියම්ව තිබුණත් මේ කියන සිරිසෝම මුදලාලිගේ වාසනාව තිබුණේ දශක දෙක හමාරක් පමණි. ඔහු මැදිවියේ දී දිවියෙන් සමුගන්නා විට ධනවත් බව ඔහුගෙන් ඈත් වී තිබුණි. මේ මැණික් සම්පතේ හැටිය. ඒ නිසා මැණික් පතල් කර්මාන්තය ගැන මිනිසුන්ගේ විවිධ මති මතාන්තර මෙන්ම විශ්වාස ද පවතී. ඒවා සමග කියැවෙන නිධාන කථා අහන විට ඒ විශ්වාස කිසිසේත් ම බැහැර කරන්නට බැරිය. [/SIZE] [B][SIZE=4]තටමපං රත්රංහාමි [/SIZE][/B] [SIZE=4]මේ කියන සිද්ධියට අවුරුදු පනහකට වැඩි ය. සිද්ධියේ කතානායකයා රත්රංහාමිය. ඇඹිලිපිටිය අවට ප්‍රදේශය හැටේ දශකයේ මුල භාගයේ ජනපද ඉදිවෙමින් තිබූ කාලයයි. උඩවළවේ ජලාශය ඉදිවී වළවේ ගඟේ ජලය පාලනය වීමත් සමග වළව නිම්නයේ පහළ කොටසේ පිහිටි කොස්වාඩිය, හම්බුව ආදි ජනශුන්‍ය ප්‍රදේශවල මැණික් නිධි හමුවෙමින් තිබුණි. [/SIZE] [SIZE=4]එකළ මැණික් මුදලාලිලා සිටියේ බේරුවලය. බේරුවල සිටි මුදලාලිලා මැණික් සඳහා ලොකු මිලක් ගෙවූ නිසා ඔවුන් හා සම්බන්ධ වූ අතරමැදියන් කිහිප දෙනෙක් රත්නපුර ප්‍රදේශයේ වූහ. ඇඹිලිපිටියේ කොස්වාඩියේ හොඳ ඉල්ලමක් මතු වී ඇති බවට වූ ආරංචිය මත බේරුවල මුදලාලි කෙනෙක් වියදම් දී කණ්ඩායමක් එහි යැවීය. අතරමැදියා හෙවත් වියදම්කාරයා වූයේ රත්නපුර ප්‍රදේශයේ කෙනෙකි. [/SIZE] [SIZE=4]අද මෙන් සන්නිවේදන පහසුකම් නොතිබුණු මේ කියන යුගයේ මෙවැනි නැවුම් තොරතුරක් පැතිර යන්නටත් දවසක් දෙකක් ගත විය. බොහෝ වෙලාවට කටකතා ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් විය. ගමේ තේ කඩේ, සන්නිවේදන මධ්‍යස්ථානය විය. සිදාදියට එන ගමේ වැසියන් හරහා මෙවැනි පණිවිඩ පැතිර ගියේ ය. [/SIZE] [SIZE=4]හත් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කොළඹ සිට රත්නපුර, ඇඹිලිපිටිය හරහා කතරගම යන බස් රථයට රත්නපුරෙන් ගොඩවූයේ කොස්වාඩියට යන්නටය. රත්නපුරේ සිට ඇඹිලිපිටියට යන්නට පැය හයකට ආසන්න විය. කහවත්තේ ‘‘ප්‍රේමසිරි හෝටලය’’ බස් නවත්වන හෝටලයකි. ඇඹිලිපිටියට යනවිට දෙතැනක තේ බොන්නට බස් රථය නවත්වයි. දෙවෙනියට නවත්වන්නේ ඇඹිලිපිටියට නුදුරු හිඟරආරේ ජනරංජන හෝටලය අසලය. අද සිව් මහ ගොඩනැගිලිවලින් අනූන ඇඹිලිපිටිය පල්ලේගම එදා මහ මූකලානකි. අද මොරකැටි හන්දිය එදා වනවදුලකි. බස් නවත්වන්නේ කොතලාවල හන්දියේ ය. එතැන තිබූ ඉලුක් සහ පොල්අතු සෙවිලි කළ තේ කඩය සමහරුන්ගේ නවානැන් පොළකි. තේ කඩයට ඉස්සරින් ඉදිකර තිබූ ලොකු මඩුව දුර ඈත යනෙන කාගේත් ලැගුම් පොළ විය. අඳුරු වැටෙද්දී වනයෙන් ඇදී එන අලි රංචු නිතර එහා මෙහා සැරිසරති. ඒ නිසා ගමන් බිමන් දවාලට පමණක් සීමා විය. අතුරු මාර්ග ඔස්සේ ගමන් බිමන් පා ගමනිනි. [/SIZE] [SIZE=4]රත්රංහාමි ඇතුළු පිරිස ද එතැන රැය ගෙවා කොස්වාඩියේ ගරන්නට ගියේ පසුදාය. ඒ කණ්ඩායමේ හත්දෙනා අතර මුස්ලිම් ජාතිකයෙක් ද විය. ඔහු බේරුවල ලොකු මුදලාලිගේ ගෝලයකු විය. වාඩි තනා පතල් කපා මැණික් ගරද්දී දින තුනකට පමණ පසු හමුවූ මැණිකක් රත්රංහාමි ගිල්ලේයැයි කණ්ඩායමේ කෙනෙක් චෝදනා කරන්නට විය. තට්ටු පතල් නොවූ නිසා දිනකට එක පතලක් කැපිය හැකි විය. ඒවා නොගැඹුරු පතල් විය. රත්රංහාමි චෝදනාව පිළිනොගත්තේ ය. චෝදනා කළ තැනැත්තා සිය චෝදනාව ඇත්ත බව තරයේ කියා සිටියේ ය. රත්රංහාමිගේ කුස තුළ මැණික් ගල ඇතැයි කියා චෝදකයා ස්ථිරවම කියයි. තමන් මැණික් ගලක් ගිලදැමුවේ නැත කියා රත්රංහාමි කියයි. [/SIZE] [SIZE=4]‘‘අපිට කොටස් දෙන්න වෙනවට මේකා මේ මැණික ගිල්ලේ’’ චෝදනාව කරන කෙනා කියයි. [/SIZE] [SIZE=4]‘‘මම ගිලපු මැණිකක් නෑ.... ගිල්ලා කියනවනම් බඩ පළලා ගනිල්ලා...’’ රත්රංහාමි කියයි. [/SIZE] [SIZE=4]මේක උභතෝකෝටික ප්‍රශ්නයක් විය. අවසානයේ තීරණය කෙරුණේ රත්රංහාමිට ඝන ආහාර නොදී දියර ආහාර දී ඔහුගේ මලපහ පරීක්ෂා කර මැණික්ගල ඇද්දැයි බලන්නට ය. රත්රරංහාමි අකමැති වුවත් ඔහුට ලැබුණේ දියර ආහාරය. වැඩිපුර ලුණු කැඳය. [/SIZE] [SIZE=4]රත්රංහාමිට තනිව දොට්ට පිලටවත් යන්නට ඉඩ නොලැබිණි. රත්රංහාමි මලපහ කළ විට ඒ මලපහ සේදී යන ලෙස වතුර වක්කර එහි ගිලපු මැණික ඇද්දැයි විපරමෙන් බැලූවත් පළමුවන දවසේ එවැන්නක් නොලැබිණි. දෙවන දවස වනවිට රත්රංහාමිට මලපහ යන්නේ ද දියර ලෙසය. [/SIZE] [SIZE=4]දැන් මැණික් සෙවිල්ල පැත්තකය. රත්රංහාමි ගැන හැමගේ අවධානය යොමුව ඇත. රත්රංහාමි ගැන සෙසු සියලු සාමාජිකයන් ඉන්නේ දෙගිඩියාවෙනි. ඔහු කෙරෙහි ඇත්තේ විශ්වාසයට වඩා අවිශ්වාසයයි. ඒ නිසා රත්රංහාමිගේ තනි නොතනියට දෙන්නෙකුට වඩා රැඳෙයි. දින හතරක වැනි කෙටි කාලයක් තුළ මේ ‘‘පතල් නඩය’’ තුළ අවිශ්වාසය රජකරන්නට විය. ඒනිසා මැණික් ගැරිල්ල සම්බන්ධයෙන් වූයේ එකිනෙකා ගැන සැකයකි. රත්රංහාමි මැණික් ගලක් ගිල්ලා නම්, අනික් අය එකතු වී සොයන මැණික් ගලේ කොටස ඔහුට දෙන්නේ ඇයි දැයි එකිනෙකා තුළ මතුවූ පැනය නිසාම රත්රංහාමිගේ කුසෙන් මැණික් ගල එළියට ගන්නා තුරු වැඩ නැවතුණි. රත්රංහාමි මලපහ කරන විට ඒ අසල සිටින මුස්ලිම් තැනැත්තා ‘‘තටම්මපං... රත්රංහාමි..... තට්ටමලා දාපං...’’ යැයි කියමින් රත්රංහාමි මැණික මලපහ කරන්නේදැයි විපරම් කරයි. දෙවන දවසේ හැන්දෑවේ රත්රංහාමි ‘‘මැණික් ගලක්’’ පහ කළේ ය. ඒ සමගම නඬේ විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳී ගිය නිසා තවදුරටත් පතල් කැපිල්ල නොකර ආපසු කොතලාවල හන්දියට ඇවිත් රත්නපුරේ බලා පැමිණියේ ය. ඒ වනවිට රත්රංහාමි තරමක් දුර්වල තත්ත්වයේ පසුවූයේ දින කිහිපයක් තිස්සේ හරිහමන් ආහාරයක් කුසට වැටී නොතිබූ නිසාය. [/SIZE] [SIZE=4]බේරුවල මුදලාලි සතියේ වැඩි දවසක් රත්නපුරේ සිටි නිසා පැමිණි දවසේම ඔහු සිටියේය. පිරිස ඔහුට සිද්ධිය සැලකර රත්රංහාමි ගිල්ල මැණික මලපහකරවා ගත් බව පවසා එය මුදලාලි අත තැබීය. මුදලාලිට මද සිනහවක් නැංවිනි. දකුණතේ දබරැඟිල්ලටත් මහපට ඇඟිල්ලටත් තදකරගත් මැණික් ගල ඉර දෙසට අල්ලා විපරමෙන් බැලීය. නැවත පහළට ගෙන දිවගා යළිත් ඉරට අල්ලා බැලීය. මේ ආකාරයට කිහිප වාරයක්ම දිවගා බලා මද සිනාහවක් පා ‘ගල ටිකක් වටින වප්පා....’ යැයි කියා කාටත් ගණන් බේරුවේ ය. මැණික් ගල ගිල්ලත් රත්රංහාමිටත් කොටස් හිමි විය. [/SIZE] [SIZE=4]රත්රංහාමිගේ මේ මැණික් ගිල දැමීම ගැන ඔහුගේ ගම පුරා කතා පැතිර ගියේ ‘‘තටම්මපං... රත්රංහාමි..... තට්ටමලා දාපං...’’ යන වදන් සමගය. මුල් දින කිහිපය තුළ මේ වදන් ඇසෙන විට රත්රංහාමිට තරමක් කේන්ති ගියද පසුව ඔහු එය ගණන් නොගන්නා තැනට පත්විය. කොහොම නමුත් රත්රංහාමිගේ ගමේ රත්රංහාමිලා කිහිප දෙනෙක් සිටි නිසා මේ කියන රත්රංහාමි එතැන් පටන් හැඳින්වූයේ ‘‘තටමපං රත්රංහාමි’’ යනුවෙනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8bc51cec24.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_9c5d6eaf72.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_867b403981.jpg[/IMG] [/SIZE] [B][SIZE=4]කටුස්සාගේ විහිළුව [/SIZE][/B] [SIZE=4]මැණික් පතල් කැපීමේ දී විහිළුව, සරදම රජ කළේ ය. රත්නපුර නගරයට නුදුරු උප නගරයකට ආසන්න නිම්නයක කුඹුරක මැණික් ගැරීමේ බලපත්‍රයක් මත පතලක් අලුතින් ආරම්භ විය. එය තට්ටු පතලක් වූ අතර පතලට උවමනා ලී, කැකිල්ල ආදිය වටපිටාවෙන්ම සොයාගනු ලැබිණි. කුඹුරක වූ පතලක් නිසා ජලයෙන් අඩු නොවීය. ඒ නිසා අඟල් හතරේ ලිස්ටර් ඇංජිමක් වතුර ඉහින්නට යොදාගත්තේ ය. [/SIZE] [SIZE=4]හරිහවුල් කිහිපයට වැඩට කරු හවුල්කරුවන් එවා තිබුණි. නමුත් හතරදෙනෙක් හරි හවුල්කරුවෝ වූහ. කරුහවුලට පැමිණි පිරිස අතර සිටි ධරුමේගේ ඇස් වපරය. ධර්මරත්න නම් වූ ඔහුව ඇමතුවේ ‘ධරුමේ’ කියා ය. ඔහුගේ වපරැස් නිසා ධරුමේ තමන් දෙස බලන්නේ ද යන්න ස්ථිර නිගමනයකට එන්නට කාටවත් පුළුවන් කමක් නොවීය. මේ සිද්ධිය වෙන කාලයේ ධරුමේගෙ වයස අවුරුදු හතළිස් පහක් පමණ වන්නට ඇත. දැන් ඔහු ජීවතුන් අතර නැත. ධරුමේ මේ පතලේ වැඩට ආවේ ඔහුගේ ස්ථිර රස්සාව වූ අලි බැලිල්ල කෙටි කලකට නවතා දැමීමෙනි. [/SIZE] [SIZE=4]ඒ නිසා දිගන් කොට ඔසවන විට ‘‘අලි භාෂාවෙන්’’ සමහරු විහිළු කළහ. ‘‘දහ අලියා දහ...’’ ආදී වූ වදන් මේ පතල් පොෙළ් භාවිතා විය. පතල් පොළේ සිටි වයසින් අඩුම තැනැත්තා වූයේ ජයපාලය. ජයපාල විහිළුකාරයාය. දවසක් පතලේ තට්ටුවක බිත්ති වලට කැකිල්ල රැඳවීමට පුවක් ලී රීප්ප ලබාදීම නියමව තිබුණේ ජයපාලටය. වාඩිය ළඟ තිබූ පුවක් රීප්ප එක් කෙළවරකින් අල්ලා අනෙක් කෙළවර පතල ළඟ සිටි කෙනාට දීම ජයපාල කළේය. පතල ළඟ හිටියේ ධරුමේය. [/SIZE] [SIZE=4]පුවක් රීප්ප ගොඩේ රීප්පයක කෙළවරේ කටුස්සෙකු සිටිනු ජයපාල දුටුවේය. රීප්පවල බඩ පැත්ත යටට හරවා අසුරා තිබුණ නිසා පිට පැත්ත තිබුණේ උඩටය. පුවක් ගහේ පාටම කටුස්සෙකු නිසා එකවරම කෙනෙකුට ඌ හඳුනාගත නොහැකි විය. [/SIZE] [SIZE=4]ජයපාල පුවක් රීප්පය ගත්තේ එහි සිටි කටුස්සා කලබලයට පත් නොකරමින් අනෙක් කෙළවරින් අල්ලමිනි. හිමින් සීරුවේ කටුස්සා සිටි කෙළවර ධරුමේ පැත්තට හැරෙවුවේය. ධරුමේ කොහේ බලන්නේදැයි කිව නොහැකි වූයේ ඔහු වපර නිසා ය. ධරුමේ පුවක් රීප්පය කෙළවරින් අල්ලද්දී ඒ කෙළවරේ සිටි කටුස්සා කලබල වී ධරුමේගේ ඇඟට පැන්නේ ඌට යායුතු වෙන තැනක් නොතිබූ නිසාය. ධරුමේ මහ හඬින් බෙරිහන් දුන්නේ ය. පතල ඇතුළේ සිටි අයයි, වාඩියේ සහ උඩ සිටි අයයි ධරුමේගේ කෑගැහිල්ලට බියට පත්වූහ. [/SIZE] [SIZE=4] ධරුමෙගේ ඇඟට පැන්න කටුස්සා ඒ සමග බිමට පැන පලා යන්නට වූ අතර පුවක් රිප්පය අතහැර බිම දමා ධරුමේ අතපය එහා මෙහා කරමින් දඟලන්නට විය. [/SIZE] [SIZE=4]‘‘ඇයි ධරුමේ මොකද මොකද?’’ යැයි විමසමින් පතලේ හැමෝම ධරුමේ ළඟට ආවෝ ය. [/SIZE] [SIZE=4]’‘පුවක් රීප්පේ ඉඳලා මොකෙක්ද මගේ ඇඟට පැන්නා බං...’’ යැයි කියමින් ඈතට යන කටුස්සා පෙන්වීය. ඒ දැක හැමෝටම සිනහව නවත්වා ගන්නට බැරිවිය. තරමක් දුරින් සිටි ජයපාල ‘‘පුරු අලියා පුරු....’’ යැයි කීවේ විහිළුවකටය. ඒ සමගම ලොකු මැටි ගුළියක් ජයපාලගේ කොන්දට පතිත විය. ‘‘අලි ධරුමේ’’ කේන්තිය පිරිමසා ගත්තේ ය. [/SIZE] [SIZE=4]ටික වෙලාවකින් හැම දේම සන්සුන් විය. ජයපාල විහිළුවට කළ වැඩක් බව පසුව කාටත් වැටහිණි. ධරුමේද එය ගණන් නොගත්තේ ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]තවත් කොටසක් ලබන සතියට.... [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]සටහන සහ ඡායාරූපය අජිත්ලාල් ශාන්තඋදය[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom