Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
යළි නොදකින්නෙමි (කෙටි කතාවක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යළි නොදකින්නෙමි (කෙටි කතාවක්)

සීතල සුළගට රහස් කියමින් නටන වැටකෙයියා පොහොට්ටු ලන්ද පුරාවට තාල මවයි. සැංගී ගීත ගයන විහඟුන් කොහේදැයි සොයමින් ඉබාගාතේ ඇදෙන වලාකුළු නිල්ල ගලන වෙල් යාය නේක වර්ණයෙන් සරසවයි.වැඩපොලකට උදෑසනින්ම කඩිමුඩියේ දුවන සංකීර්ණ චරිත මෙන් රඟපාමින් බිඟුහු ඕලු මල් යායට රොක් වෙයි. ඕලුද ඒරංගනයට සිනාසෙයි

ඈතින් එන්නේ අඹරං මාමාගේ අලුත් ට්රැක්ටරයටත් සද්දයයි. අවුරුදු දෙකකට ඉහත මාමාගේ සිහිනයක් වී තිබූ බලාපොරොත්තුව ඉෂ්ට වීම නිසා අඹරං මාමාගේ මූණට ආව හිනාව තවමත් මැලවී ගොස් නැත. එයා ඒක ගැනම තොරතෝංචියක් නැති ව කියවන්නෙ ඒකයි, මේ වෙලාවට ඔහු හසුරවන්නේ තම බාල දෝණියගේ පුංචි කෙල්ල අකුරට අරං යනවා. වටේ පිටේ ඉන්න සුදු සමනල රොත්තම අඹරං මාමා එක්ක ටවුමේ ඉස්කෝලෙට යනවා. ඒක තමයි ට්රැක්ටරයටත් වඩා සද්දෙට මේ කෑහෑගැහිල්ල

" අනේ පියල් අයියේ මොකද මේ එළියට වෙලා" මේනකා නංගි මගෙන් ඇහුවා.

"හුළං ටිකක් වදින්න එළියට ආවා නගා....." මේනකගේ රිදී හිනාව ඒක හරිම ලස්සනයි. රෝස මලකට නොරිදෙන්න පිණිකැට වැටෙනවා වගේ..... බලං ඉන්න ආසයි. මේනකා නගාට වඩා හැඩකාරි එයාගේම ඇවැස්ස නෑනා...... සඳමලී..... ඔව් එයා හඳක් වගේ තමයි. ගිය මාසෙ පිටගමකින් දීග ගියාලු. තාමත් මට මතකයි ගොම්මන් වැටෙන වෙලාවට සේතු මාමාගෙ ඇහැ වහලා අටුව ළඟට දුවගෙන එන දඟකාරි.

' පියල් අයියාට හිඹුටු ගෙනාවා' කියලා අතේ ගුලිකරගෙන ඉන්න හිඹුටු ගෙඩිය පෙන්නලා දුවන පොඩි එකී , ගමටම හිටිය හඳ, ගමේ කවුරුත් එයාට ආදරෙයි.

" පියල් පුතේ" අම්මා මා ළඟට එනකන් මම දන්නෙ නෑ. සඳමලී නගාව මතක් වෙනකොට වට පිටාව ඔක්කොම අමතක වෙනවා.

"දැං ගෙට ගියොත් නරකද?"

"තව ටිකක් මෙහෙම ඉන්නම් අම්මෙ" මට එහෙම කියවුණේ ඉබේටම, අහස නිල් පාටට බබළනකොට, ඈතින් සියාතු අයියාගේ කුඹුරු කෑල්ල එක්ක ඒ අහස අනඟ රැඟුම් පානකොට මම කොහොමද දාලා යන්නෙ........? මම ආසයි තව ඉන්න.

'කීපාරක් නලාව පිම්බද? ඔහොම තමයි කටුස්සගෙ කරේ රත්තරං බැන්දාම.... ' බංදුවා පතලෙන් මැණිකක් උස්සගෙන ඇවිත් එකපාරම පෝසත් වෙලා, ලාභෙට වාහනයක් අරන් ඇවිත් උජාරුව පෙන්නුව දවසෙ ආතා එහෙම කිව්වා. දැනුත් කඩුල්ල ළඟට වෙලා නලාව ගහනවා. ඔය ඉතිං ආතාව ආතාව අවුස්සන්න. ඒත් ආතා ගෙදර නැති පාටයි.

"පියල් අයියේ මොකද කියන්නේ රවුමක් යමුද වාහනේ...?"

"එපා මල්ලියේ..." මට හිනාගියේ ආතා මතක් වෙලා. බංදුවා වාහනේ උජාරුව පෙන්නගෙන යන්න ගියා...... ආයෙත් නිහඬයි. වක්කඩට කොරවක්කෙක් ඇවිත් තටු ගහ ගහා තිත්තයෝ ගිලිනවා. පොඩි කාලේ මට මතකයි මමයි, මල්ලියි, නංගියි එකතු වෙලා තිත්ත පැටවුන්ට අකුරු උගන්නනවා. මල්ලිනම් කොළඹට ගියා ඉගෙනගන්න... නංගිනම් ළඟදි ගෙදර එයි. කුළුඳුලේම දරුවා ලැබෙන්න ඉන්න නිසා ගෙදර එන හින්දා අම්මා ලහි ලහියේ කෑම හදන්න අරං….. ගේ පුරාම හමන්නේ කෑම සුවඳ….

ගමේ හුළඟෙ හීතලටයි, මේ නිස්කල්ංක කමටයි මම ගොඩාක් ආදරෙයි. පානදර ඉදං උදැල්ලයි කැත්තයි එක්ක පොර බැදලා ඇඟ තෙමාගෙන හැලෙන දාඩිය වල තියන අපෙකම කොළඹ රටේ සීතල කාමර වල ඉඳලා එළිඅයට බහිනකොට රස්නෙට දාන දඩියවල නෑ. මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ මොලේ වෙහෙසන්න විතයි. ඊට පස්සෙ මොලෙයි ඇඟයි වෙහෙසලා වැඩ කරන මනුස්සයා දිහා බලලා ‘ගොඩයා’ කියන්න. මේක හරිම අසාදාරණ ලෝකයක්. ඒත් අසාධාරණ නැතුව ගමට හැමදාම ඉර පායනවා. ලෝකෙ දියුණු වෙනවා, ආසාව වැඩි වෙනවා, හොඳම කොටසට රණ්ඩු වෙනවා…. ගහමරාගන්නවා, බයිනේත්තු පිස්තෝල හදනවා, ගම් නියම් ගම් ගිනි තියනවා…. අන්තිමට…………

“පියල් අයියෙ අපි යමු ගෙට…. අහස හොඳටෝම කලු කරලා” මෙනකා මගේ ළඟට ආවා

“මේ ඉර එළිය වැටෙන්නේ…?”

“ඒ ඉර එළිය වැටෙනවා නෙවෙයි…. දෙවැටෙන් එහා පැත්තෙ පිදුරු ටික ඇවිලෙන්න දාලා… ඒ රස්නෙයි ඔය එන්නේ”

“මගේ අත රෝද පුටුවේ අඟුල ඇරියා…. හුස්ම පපුව පුරෝලා පිට වුණා

“පිදුර අවුලන්න අස්වැන්න කැපුවාද?”

“ඔව් අයියේ කන්න දෙකකට පස්සේ ගිය මාසේ ඇස්වැන්න ඩිංගක් කැපුවා.. මේ කන්නෙත් වපුරන්න බැරි වෙයි…. මොරසූරන වැස්ස නිසා කුඹුරු ඔක්කොම ගොඩවෙලා….: මාව තල්ලු කරගෙන ගේ පැත්තට ගෙනියන ගමන් මේනකා කිව්වා.

“අබරං මාමා පොඩි එකීව දාගෙන ට්රැක්ටරේ ගියා නේද?”

අබරං මාමා ඇදුම වැඩිවෙලා අද ට්රැක්ටරේ එලෙව්වෙ කුමාර අයියා….. පොඩි එකීගෙත් ඊයෙ ඇඟ රත් වෙලා තිබ්බ නිසා ඉස්කෝලෙ ගියෙ නෑ ඒත් අර නල ළිඳ විවෘත කරන උත්සවේට පත්තරෙන් එනවා කියලා ගමේ පොඩි උන් ටිකක් දාගෙනැතනට එන්න කියලා ඉස්කෝලෙ මහත්තයා පණිවිඩයක් එවලා තිබ්බා

“මම හිතුව හැම දේම වැරදියි නොවැ නගා”

“ අයියා මොනාද හිතුවේ…”

“මම දැක්කේ ඉස්සර ගම”

ඉස්සර ගමට වඩා අද වෙනස් අයියා…. ඔය පැත්තෙන් කෑල්ලක් ගොඩ කරලා පැක්ටේරියක් ගහන්න පාස් වෙලාලු. ඕලු මල් යායම දැං නෑ. ගියපාර ගංවතුරට ගංවතුරත් එක්ක ඕලු වඳ වෙලා ගියා….: මගේ හුස්ම ආයෙත් දීර්ඝ උණා

සීමා මයිම් නැතුව හිතෙන අනන්න්තවත් දේවල් අහස පොළොවටත් හොරා හිතේ ඉපදිලා හිතේම වැලලිලා යනවා අවුරුදු දෙකකට ඉස්සල්ලා මම දැක්ක ගමත් එහෙමයි. අවුරුදු ගානක් තිස්සෙ කන්දෙකට පුරුදු වෙලා තිබුණෙ මැෂින් තුවක්කුවේ සද්ද්යි. ඒ අස්සේ කුරුල්ලෙක්ගෙ සිංදුවක් ඇහුවේ ගම මතක් කරගෙන. අන්තිමට මම දැක්කේ ලොකු ගිණි බෝලයක් ඊට පස්සෙ සුදු පාට…… අදත් මම ගම දකින්නේ හිත ඇතුලෙන්, හෙටත් එහෙමයි, මම මගේ ඇසි දෙකෙන් මේ කිසිදෙයක් ආයෙත් නොදකීවි.

[QUOTE="dulhari, post: 10457256, member: 38451"] [b]යළි නොදකින්නෙමි (කෙටි කතාවක්)[/b] සීතල සුළගට රහස් කියමින් නටන වැටකෙයියා පොහොට්ටු ලන්ද පුරාවට තාල මවයි. සැංගී ගීත ගයන විහඟුන් කොහේදැයි සොයමින් ඉබාගාතේ ඇදෙන වලාකුළු නිල්ල ගලන වෙල් යාය නේක වර්ණයෙන් සරසවයි.වැඩපොලකට උදෑසනින්ම කඩිමුඩියේ දුවන සංකීර්ණ චරිත මෙන් රඟපාමින් බිඟුහු ඕලු මල් යායට රොක් වෙයි. ඕලුද ඒරංගනයට සිනාසෙයි ඈතින් එන්නේ අඹරං මාමාගේ අලුත් ට්රැක්ටරයටත් සද්දයයි. අවුරුදු දෙකකට ඉහත මාමාගේ සිහිනයක් වී තිබූ බලාපොරොත්තුව ඉෂ්ට වීම නිසා අඹරං මාමාගේ මූණට ආව හිනාව තවමත් මැලවී ගොස් නැත. එයා ඒක ගැනම තොරතෝංචියක් නැති ව කියවන්නෙ ඒකයි, මේ වෙලාවට ඔහු හසුරවන්නේ තම බාල දෝණියගේ පුංචි කෙල්ල අකුරට අරං යනවා. වටේ පිටේ ඉන්න සුදු සමනල රොත්තම අඹරං මාමා එක්ක ටවුමේ ඉස්කෝලෙට යනවා. ඒක තමයි ට්රැක්ටරයටත් වඩා සද්දෙට මේ කෑහෑගැහිල්ල " අනේ පියල් අයියේ මොකද මේ එළියට වෙලා" මේනකා නංගි මගෙන් ඇහුවා. "හුළං ටිකක් වදින්න එළියට ආවා නගා....." මේනකගේ රිදී හිනාව ඒක හරිම ලස්සනයි. රෝස මලකට නොරිදෙන්න පිණිකැට වැටෙනවා වගේ..... බලං ඉන්න ආසයි. මේනකා නගාට වඩා හැඩකාරි එයාගේම ඇවැස්ස නෑනා...... සඳමලී..... ඔව් එයා හඳක් වගේ තමයි. ගිය මාසෙ පිටගමකින් දීග ගියාලු. තාමත් මට මතකයි ගොම්මන් වැටෙන වෙලාවට සේතු මාමාගෙ ඇහැ වහලා අටුව ළඟට දුවගෙන එන දඟකාරි. ' පියල් අයියාට හිඹුටු ගෙනාවා' කියලා අතේ ගුලිකරගෙන ඉන්න හිඹුටු ගෙඩිය පෙන්නලා දුවන පොඩි එකී , ගමටම හිටිය හඳ, ගමේ කවුරුත් එයාට ආදරෙයි. " පියල් පුතේ" අම්මා මා ළඟට එනකන් මම දන්නෙ නෑ. සඳමලී නගාව මතක් වෙනකොට වට පිටාව ඔක්කොම අමතක වෙනවා. "දැං ගෙට ගියොත් නරකද?" "තව ටිකක් මෙහෙම ඉන්නම් අම්මෙ" මට එහෙම කියවුණේ ඉබේටම, අහස නිල් පාටට බබළනකොට, ඈතින් සියාතු අයියාගේ කුඹුරු කෑල්ල එක්ක ඒ අහස අනඟ රැඟුම් පානකොට මම කොහොමද දාලා යන්නෙ........? මම ආසයි තව ඉන්න. 'කීපාරක් නලාව පිම්බද? ඔහොම තමයි කටුස්සගෙ කරේ රත්තරං බැන්දාම.... ' බංදුවා පතලෙන් මැණිකක් උස්සගෙන ඇවිත් එකපාරම පෝසත් වෙලා, ලාභෙට වාහනයක් අරන් ඇවිත් උජාරුව පෙන්නුව දවසෙ ආතා එහෙම කිව්වා. දැනුත් කඩුල්ල ළඟට වෙලා නලාව ගහනවා. ඔය ඉතිං ආතාව ආතාව අවුස්සන්න. ඒත් ආතා ගෙදර නැති පාටයි. "පියල් අයියේ මොකද කියන්නේ රවුමක් යමුද වාහනේ...?" "එපා මල්ලියේ..." මට හිනාගියේ ආතා මතක් වෙලා. බංදුවා වාහනේ උජාරුව පෙන්නගෙන යන්න ගියා...... ආයෙත් නිහඬයි. වක්කඩට කොරවක්කෙක් ඇවිත් තටු ගහ ගහා තිත්තයෝ ගිලිනවා. පොඩි කාලේ මට මතකයි මමයි, මල්ලියි, නංගියි එකතු වෙලා තිත්ත පැටවුන්ට අකුරු උගන්නනවා. මල්ලිනම් කොළඹට ගියා ඉගෙනගන්න... නංගිනම් ළඟදි ගෙදර එයි. කුළුඳුලේම දරුවා ලැබෙන්න ඉන්න නිසා ගෙදර එන හින්දා අම්මා ලහි ලහියේ කෑම හදන්න අරං….. ගේ පුරාම හමන්නේ කෑම සුවඳ…. ගමේ හුළඟෙ හීතලටයි, මේ නිස්කල්ංක කමටයි මම ගොඩාක් ආදරෙයි. පානදර ඉදං උදැල්ලයි කැත්තයි එක්ක පොර බැදලා ඇඟ තෙමාගෙන හැලෙන දාඩිය වල තියන අපෙකම කොළඹ රටේ සීතල කාමර වල ඉඳලා එළිඅයට බහිනකොට රස්නෙට දාන දඩියවල නෑ. මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ මොලේ වෙහෙසන්න විතයි. ඊට පස්සෙ මොලෙයි ඇඟයි වෙහෙසලා වැඩ කරන මනුස්සයා දිහා බලලා ‘ගොඩයා’ කියන්න. මේක හරිම අසාදාරණ ලෝකයක්. ඒත් අසාධාරණ නැතුව ගමට හැමදාම ඉර පායනවා. ලෝකෙ දියුණු වෙනවා, ආසාව වැඩි වෙනවා, හොඳම කොටසට රණ්ඩු වෙනවා…. ගහමරාගන්නවා, බයිනේත්තු පිස්තෝල හදනවා, ගම් නියම් ගම් ගිනි තියනවා…. අන්තිමට………… “පියල් අයියෙ අපි යමු ගෙට…. අහස හොඳටෝම කලු කරලා” මෙනකා මගේ ළඟට ආවා “මේ ඉර එළිය වැටෙන්නේ…?” “ඒ ඉර එළිය වැටෙනවා නෙවෙයි…. දෙවැටෙන් එහා පැත්තෙ පිදුරු ටික ඇවිලෙන්න දාලා… ඒ රස්නෙයි ඔය එන්නේ” “මගේ අත රෝද පුටුවේ අඟුල ඇරියා…. හුස්ම පපුව පුරෝලා පිට වුණා “පිදුර අවුලන්න අස්වැන්න කැපුවාද?” “ඔව් අයියේ කන්න දෙකකට පස්සේ ගිය මාසේ ඇස්වැන්න ඩිංගක් කැපුවා.. මේ කන්නෙත් වපුරන්න බැරි වෙයි…. මොරසූරන වැස්ස නිසා කුඹුරු ඔක්කොම ගොඩවෙලා….: මාව තල්ලු කරගෙන ගේ පැත්තට ගෙනියන ගමන් මේනකා කිව්වා. “අබරං මාමා පොඩි එකීව දාගෙන ට්රැක්ටරේ ගියා නේද?” අබරං මාමා ඇදුම වැඩිවෙලා අද ට්රැක්ටරේ එලෙව්වෙ කුමාර අයියා….. පොඩි එකීගෙත් ඊයෙ ඇඟ රත් වෙලා තිබ්බ නිසා ඉස්කෝලෙ ගියෙ නෑ ඒත් අර නල ළිඳ විවෘත කරන උත්සවේට පත්තරෙන් එනවා කියලා ගමේ පොඩි උන් ටිකක් දාගෙනැතනට එන්න කියලා ඉස්කෝලෙ මහත්තයා පණිවිඩයක් එවලා තිබ්බා “මම හිතුව හැම දේම වැරදියි නොවැ නගා” “ අයියා මොනාද හිතුවේ…” “මම දැක්කේ ඉස්සර ගම” ඉස්සර ගමට වඩා අද වෙනස් අයියා…. ඔය පැත්තෙන් කෑල්ලක් ගොඩ කරලා පැක්ටේරියක් ගහන්න පාස් වෙලාලු. ඕලු මල් යායම දැං නෑ. ගියපාර ගංවතුරට ගංවතුරත් එක්ක ඕලු වඳ වෙලා ගියා….: මගේ හුස්ම ආයෙත් දීර්ඝ උණා සීමා මයිම් නැතුව හිතෙන අනන්න්තවත් දේවල් අහස පොළොවටත් හොරා හිතේ ඉපදිලා හිතේම වැලලිලා යනවා අවුරුදු දෙකකට ඉස්සල්ලා මම දැක්ක ගමත් එහෙමයි. අවුරුදු ගානක් තිස්සෙ කන්දෙකට පුරුදු වෙලා තිබුණෙ මැෂින් තුවක්කුවේ සද්ද්යි. ඒ අස්සේ කුරුල්ලෙක්ගෙ සිංදුවක් ඇහුවේ ගම මතක් කරගෙන. අන්තිමට මම දැක්කේ ලොකු ගිණි බෝලයක් ඊට පස්සෙ සුදු පාට…… අදත් මම ගම දකින්නේ හිත ඇතුලෙන්, හෙටත් එහෙමයි, මම මගේ ඇසි දෙකෙන් මේ කිසිදෙයක් ආයෙත් නොදකීවි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom