Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
යාල්දේවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාල්දේවි බෝම්බයෙන් දිවි ගලවාගත් දෙදෙනකුගේ කතාව

නැවත යාල්දේවි ගමන් ඇරැඹීම ගැන අපිට ආඩම්බරයි

‘යාල්දේවි’ දුම්රිය යළිත් යාපනයට ගමන් අරඹනු ඇත. එකල උතුරු මාර්ගය බොහෝ ආදායම් ඉපයුවේය. උතුරු මාර්ගයේ දුම්රිය ඇරැඹියේ 1905 දීය. කොටි ත්රස්තවාදීන් විසින් යාල්දේවි දුම්රිය 1985 ජනවාරි 19 දින පුපුරුවා හැරීමත් සමඟ ගමන ඇනහිටිනි. විසිනව වසරකට පසු යළිත් යාල්දේවි රජ ගමනේ යන දා අවසන් වරට එහි ගමන්ගත් එදින ඛේදවාචකය දෑසින් දුටු දෙආකාරයක වීරයන් දෙදෙනෙකු පිළිබඳවයි මේ සටහන.

මෙය ලියන මොහොත වන විටත් දුම්රිය මඟීන් කතා කරමින් සිටිනුයේ දුම්රිය වර්ජනය පිළිබඳව විය හැක. ඉල්ලීම් ලබාගැනීමේ මාර්ගයක් ලෙස දුම්රිය සේවකයින් වර්ජනය කිරීම අවියක් කැරගෙන ඇත. මේ ලියන්නේ දුම්රිය වර්ජනය ගැන නොවේ.

කොතරම් බාධක මධ්‍යයේ වුවද දුම්රිය දෙපාර්තමේන්තුව රජයේ මැදිහත්වීම යටතේ කලකට ඉහත නවතා දමා තිබූ යාල්දේවි දුම්රිය ගමන් සේවාව යළි ආරම්භ කිරීමට කටයුතු යෙදීම ගැනය. ඒ අනුව එකල බෙහෙවින් කතාබහට ලක්වුණ උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වූ යාල්දේවි දුම්රිය පසුගිය වසරේ දී කොළඹ සිට කිලිනොච්චිය දක්වා ගමන් ආරම්භ කළේය.

හෙට කොළඹ සිට යාපනේ දක්වා යළි යාල්දේවි ගමන් ඇරඹුව ද කොටි ත්‍රස්තයත් මුරුගන්ඩි හිදී බෝම්බ පුපුරවා යාල්දේවි දුම්රියේ ගමන්ගත් හමුදා භටයන් ඇතුළු 35 දෙනකුට මරු කැඳවූ සිද්ධිය දුම්රිය ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබුණු සිද්ධියකි.

යුද්ධය

දැන් මිනිසුන්ට ක්‍රමයෙන් යුද්ධය මෙන්ම යුද සමය ද එහිදී සිදුවූ ජීවිත හානි ද දේපළ හානි ද ක්‍රමයෙන් අමතක වෙමින් පවතී. එහෙත් යුද්ධය හා කොටි ත්රස්තවාදීන් කළ විනාශය තවමත් මේ දැන් සිදුවූවා මෙන් මතක තියෙන අය තවමත් අප අතර සිටිති. ඒ ඔවුහු යුද පිටියේ හෝ ඊට අදාළ සිදුවීම්වලට සෘජුවම මුහුණ දුන්නෝය.

කොළඹ - යාපනය යාල්දේවි දුම්රිය ගමන නැවත ආරම්භ කැරෙන මේ මොහොතේ අපට සිහිපත් වන්නේ 1985 වසරේ ජනවාරි දහනවවැනිදා සිදුවූ මහා ඛේදවාචකයයි. මේ කතා පැරැණි යැයි හෝ නොයෙක් වර කියවා ඇතැයි කෙනකුට සිතෙන්නට පුළුවන.

එහෙත් කිසිදින අමතක කළ නොහැකි මේ ඛේදවාචකය දෑසින් දුටු ඒ මොහොතේ ජීවිතය පරදුවට තබා කටයුතු කළ යුද්ධයේ සැබෑ විරුවකු අපට හමුවූයේය. ඒ කපිතාන් ජයසූරිය සිසිර බණ්ඩාර මහතාය.

එක්දහස් නවසිය පනස් හය වසරේ ආධුනික සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවට බැඳුණු සිසිර බණ්ඩාර අතීතය සිහිපත් කරන්නේ මෙසේය.

“මම හමුදාවට බැඳෙන කොට වයස දහනවයක් විතර ඇති. ඒ කාලේ යුද්ධයක් තිබුණේ නැහැ. ඒ කාලේ හමුදාවේ රාජකාරිය කරපු අපි වරායේ කම්කරුවෝ ස්ට්‍රයික් කරපු වෙලාවේ නැව්වලින් බඩු ගොඩ බෑවා. ඒ වගේම ඉන්දියාවෙන් හොරෙන් එන අය අල්ලන්න වෙරළ ආරක්ෂකයෝ හැටියට මන්නාරම යාපනය ආදී වෙරළ තීරවල සේවයේ යෙදී සිටියා.

මම හමුදාවට ඇවිත් මාස තුනකට පස්සේ තමයි එස්.එස්.සී විභාග ප්‍රතිඵල ආවෙ. මම ඉංග්‍රීසි විෂයක් හැටියට කරලා තිබුණා. එය සමත්වුණා. ඒ කාලේ හැටියට එස්එස්සී සමත් කියන්නේ අද බීඒ පාස් වගේ. මට උසස් වීමක් ලැබුණා ඒ හමුදාවේම ලිපිකරු සේවයට.

ඉන්පසුව මම කෝප්රල් කෙනෙක් හැයටියටත් ඉන්පසුව විභාගවලට පෙනී සිට, ආයතන සංග්‍රහයේ හැටියට උසස්වීම් ලැබුවා. කොහොමහරි යුද්ධය පටන් ගත්ත කාලේ වෙනකොට මං විශ්‍රාම යන්න කාලෙත් ඇවිල්ලා. නමුත් ඒ කාලේ විශ්‍රාම ගැනීම් අහෝසි කළා. මම රටේ සෑම පළාතකම වාගේ සේවය කළා.

පසුව මම ගැසට් නිලධාරියකු හැටියට පත්වුණා. අම්පාරට තමයි පළමු පත්වීම ලැබුණේ. එතැනින් අවුරුදු දෙකකට පස්සේ උසස්වීමක් ලැබුණා. ඒ ලැබිලා ආවේ පනාගොඩට. ඒ ආවම මට තිබුණේ භට කාර්යය සම්පාදක නිලධාරි හැටියට කටයුතු කරන්නයි. ඇඳුම්, වාහන, මේ ආදී සියලු කටයුතු පිළිබඳව සොයා බලන්න ඕනෑ.

ඒ අනුව මට පැවරුණ එක් රාජකාරියක් තමයි යාපනේ අර්ධද්වීපයේ සිටින හමුදා සෙබළුන්ට වැටුප් හා පතුරොම් ගෙනයාම. මට මේ කාර්යය පැවරුවේ අණදෙන නිලධාරි ඒ.එම්.යූ. සෙනෙවිරත්න. එදා දහස් ගණනකගේ වැටුප් මුදල් මා අත තිබුණා. පතුරම් තිබුණා. මගේ ආරක්ෂාවට නිලධාරීන් විසිපහක් දුන්නා.

ඒ අතරම මගේ නිලයේම කෙනෙකුත් හිටියා. ඔය සිද්ධිය වෙන දවසට කලින් දවසේ මුදල් මාරුකරගෙන ඇවිත් තිබුණේ. මා ළඟ ආරක්ෂාවට තිබුණේ පිස්තෝලයක් පමණයි. එදා ඒ කියන්නේ එක්දහස් නවසිය අසූපහේ ජනවාරි දහනමවැනිදා උදේ පහයි හතළිස්පහට කොටුවෙන් යාපනයට යන දුම්රිය පිටත් වුණා. එදා යන්න පුළුවන් වුණේ අලිමංකඩට විතරයි. එහෙම වුණේ ඉස්සරහා දුම්රිය මාර්ගය පුපුරවලා තියෙනවා යන්න බැහැ කියන ආරංචිය ලැබුණා.

මම මා භාරයේ තිබුණ මුදල් ඔක්කෝම පතුරොම් අලිමංකඩ කඳවුරේ ප්‍රධානියාට භාරදුන්නා. ඒ දීලා කොළඹින් පණිවුඩය ලැබෙන තුරු හිටියා කොහොම හරි පාර හොඳයි කියන ආරංචිය ලැබුණට පස්සේ දුම්රිය ආයෙම කොළඹට එන්න පිටත්වුණා. එතකොට වෙලාව හවස පහයි දාසයට විතර ඇති.

ගමන පිටත්වුණා. ස්ටේෂන් දෙක තුනක් පහුවුණා. එදා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු අය ලෙඩ නිවාඩු දාලා වැඩට ඇවිල්ලා නැහැ. අතරමඟදි දෙමළ අය නැග්ගෙත් නැහැ. කොහොම හරි හවස හයයි කාල විතර වෙනකොට අමාරුම ප්‍රදේශ පහුකළා කියලා මගේ නිලධාරීන් කිව්වා.

ඊට පස්සේ අපි හිතේ නිදහසින් ආවා. ඒත් වැඩිදුර එන්න ලැබුණේ නැහැ. මහා පිපිරුම් ශබ්දයක් ඇහුණා. මම හිටපු පෙට්ටිය කැඩිලා වෙන්වුණා.” කපිතාන් සිසිර බණ්ඩාර අතීතය සිහිපත් කරන්නේ එසේය. ඔහු කියන පරිදි ඒ එකල යාල්දේවි දුම්රිය කොටි විසින් පුපුරුවා හරින බවට ආරංචි පැතිර තිබිණි.

දුම්රිය ගමන් කළේ අඳුරේය. කෙසේ හෝ එදා ඒ ගොම්මන් අඳුරේම ඉදිරියට ඇදී ගිය දුම්රිය නතර වූ මොහොතේ කපිතාන් සිසිර බණ්ඩාර දුම්රිය රියදුරුට කතාකොට නැවත සිද්ධිය තිබූ තැනට යමු යැයි යෝජනා කළේය. වචනයක් වත් කතා නොකළ රැපියෙල් ලියනගේ දුම්රිය ආපස්සට පදවාගෙන ගියේය.

සිද්ධිය වූ ස්ථානයේ තුවාල ලබා සිටි අය කඩිනමින් දුම්රිය පෙට්ටි කෑල්ලට දමා ගැනීමට කපිතාන් සිසිර බණ්ඩාර කටයුතු කළේය. ඔහුට තම ජීවිතය පිළිබඳව අවදානමක් නොදැනුණේය. ඔහුට අවශ්‍ය වූයේ වර්ග කිරීමකින් තොරව අනතුරට පත්ව සිටින සෙබළුන්, සාමාන්‍ය ජනතාව ආදී සැමට ජීවිතය ලබා දීමටය. කරපිටින් ගෙනා විසිඅටදෙනා අතරින් විසිදෙනෙක් බේරා ගැනීමට පුළුවන් විය.

එදා කොටි බෝම්බය පිපුරුවාට පස්සේ අනතුරට පත්වෙලා හිටපු බිම වැටිලා, වතුර වළවල්වල වැටිලා හිටපු අයටත් දිගට හරහට වෙඩි තිබ්බා. බෝම්බය පුපුරුවලා තිබුණේ මුරුගන්ඩි වලදි. හරියට අඳුරේ පේන්නේ නැහැ. මං මගේ සෙබළු ගෙනාව. විසිඅට දෙනෙකුව කෝච්චි පෙට්ටි කෑල්ලට දාගත්තා.

ඔය අතරේ මට කෙනෙක් කෑගහනවා ඇහුණා. ඔහු හිරවෙලා හිටියේ. මම ඔහුට කිව්වා පුළුවන් හැටියට මගෙ කරට නඟින්න කියලා. සුන්බුන් අතරින් මතුවෙලා ඔහු මගෙ කරට ආව. මහත්තයා පොඩ්ඩක් ඉන්න කියලා බෑග් එකට අත දාලා මට ටෝච් එකක් දුන්නා. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ ඒ හාමුදුරු නමක් කියලා.

කොහොම හරි මම විසිඅටදෙනෙක් කෝච්චි පෙට්ටියට දාගත්තා. ඒ අතර හිටියා එදා අලිමංකඩ කඳවුරේදි අපට ප්‍රවේශමෙන් ගිහිල්ලා අනුරාධපුරයේ ඥාතීන්ට බාරදෙන්න කියපු කාන්තාවකුයි අත දරුවෙකුයි. එයා හිටියේ අපි හිටපු කෝච්චි පෙට්ටියේ. ඒ කාන්තාවට කිසිම අනතුරක් නැහැ. ඇය තමයි කොටි යාල්දේවි පුපුරවනවා කියලා හමුදාවට එදා ඔත්තුව දුන්නේ.

කොහොම හරි අපි අනුරාධපුරයට ආවා. අර කාන්තාව එයාගේ ඥාතීන්ට බාර දුන්නා. මා එක්ක ගිය සෙබළු මැරුණා. මට ඒක දරාගන්න බැරිවුණා. මගෙ බිරිය හොඳටම බයවෙලා. මගෙ ඥාතියෙක් සිද්ධිය දැනගෙන අනුරාධපුර රෝහලට කතාකරලා. ඒ වෙලාවේ එතැන හිටපු හෙදියකට මතක තිබිලා මගේ නිල ඇඳුමේ ගහලා තිබුණ මගෙ නම.

ඇය කියලා මම හොඳින් කියලා. ඒ දවස්වල මගෙ දරුවෝ පුංචියි. දුව ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා අලුත් පාසලක සම්මුඛ පරීක්ෂණයට යන දවස. ඒත් මට එදා ගෙදර යන්න බැරි වුණා. මං අදටත් හිතනවා මං එදා බේරුණේ මගෙ දරු ෙදන්නගෙයි බිරියගෙයි වාසනාවට කියලා. ගියවර යාල්දේවි ගමන ආරම්භ කරපු වෙලාවේ මටත් යන්න ආරාධනාවක් ලැබුණා.

දැන් ‘යාල්දේවී’ යාපනයට යන්න හදන මොහොතෙත් මට ආරාධනාව ලැබිලා තියෙනවා. මට මගේ රට ගැන ආඩම්බරයි. ඒ මගෙ දරුවෝ ගැන ආඩම්බරයි. අද මගෙ පුතා පළමු පෙළේ දුම්රිය රියැදුරෙක්. යාපනයට යන මේ දුම්රිය මගෙ පුතා ධාවනය කරාවිද කියන්න මං දන්නෑ. එහෙම වුණොත් ඒක මට විශාල ආඩම්බරයක්. කපිතාන් සිසිර බණ්ඩාර කියන්නේ හැඟීම්බරවය.

අද ඔහු ජිවිතයේ සැඳෑසමය ගෙවන්නේය. මිනිසුන් මිනිසුන්ට උදව් කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරවය. එදා මාර කටින් දිවි ගලවාගත් මේ යුද හමුදා නිලධාරියා තම රැකවරණය යටතේ ගෙන ආ තරුණ ගැහැනිය හා බිලිඳා අද කොහේ ඇතිදැයි අපි සොයන්නට වීමු. ඇය සොයා ගන්නට ද කපිතාන් සිසිර බණ්ඩාර අපට සහාය වූයේය.

ඇය එරින් අලහකෝන්ය. අපි ඇය සොයා ඉකුත් හැන්දෑවේ වාද්දුවේ පිහිටි ඇගේ නිවසට ගියෙමු.

“මා හොයාගෙන ආවාට ගොඩාක් පින්” ඇය අප පිළිගත්තේ එසේ කියමිනි. ඔය සිද්ධිය වෙනකොට මට අවුරුදු විසිගාණක් විතර ඇති. මං උපන්නේ යාපනේ. ඉස්කෝලේ ගියේ හැදුනේ වැඩුණේ යාපනේ. මේ තියෙන්නේ ඔක්කෝම ලියකියවිලි. (ඇය එකින් එක සහතික ගෙන පෙන්වයි) අපේ තාත්තගෙ තාත්තා දකුණේ.

එයා ඒ කාලේ යාපනේ පදිංචි වෙලා. ඔවුන් ව්‍යාපාර කළේ. ‘ඉස්සෝ අයිස් ගහන එක’ කළේ. ඒක හරි ලාභයි. කළපුවෙන් අල්ලන ඉස්සෝ කොළඹ එවනවා. මම තරුණ කාලේ කළපුවේ විසිදැල දාල ඉස්සෝ අල්ලනවා. මං කසාද බැන්දේ දෙමළ කෙනෙක්. මගෙ ගෙදරින් විරුද්ධ වුණා. ඒත් පස්සෙ කැමැති වුණා.

ඔහු සෙල්වරාජා - දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. මට දරුවෝ තුන්දෙනයි. අපි තේ කඩයක් කෙරුවා. ඒ අලිමංකඩ කඳවුරට කිට්ටුව. හමුදාවේ අය කඩේට එනවා යනවා. මං දෙමළ කෙනෙක් බැන්දා කියලා සිංහල මිනිස්සුන්ට තියෙන ආදරේ අඩු වුණේ නෑ. ඒ කාලේ යාපනේ සිංහල දෙමළ මිනිස්සු සහයෝගයෙන් හිටියා.

යුද්ධ කාලේ කොටි බෝම්බ පුපුරවන්න හදන ඒවා මගෙ මහත්තයට ආරංචි වෙනවා. එයා මට ඇවිත් කියනවා. යාල්දේවි පුපුරපු දවෙස් උදේ මහත්තයා මට ඇවිත් කිව්වා එයාට ජෙසි කියල මුස්ලිම් ළමයෙක් කිව්වා පුනරින්වල බෝම්බ පුපුරවන්න හදනවා කියලා. යාල්දේවියටත් බෝම්බ ගහනවා කියලා ආරංචියි කියලා.

මහත්තයා මගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. මම කඩේට ආ වැඩිහිටි සිංහල කෙනෙක්ට කිව්වා මේ ආරංචිය කෑම්ප් එකට කියන්න කියලා. ඒත් එයා කැමැති වුණේ නැහැ. මගෙ ලොකු පුතාට අවුරුදු අටයි. පොඩි පුතාට අවුරුදු හයයි. දුවට අවුරුදු දෙකහමාරයි. මම තීරණය කළා කඳවුරට යන්න. මං නිල්පාට සාරියකුත් ඇඳලා දරුවත් අරගෙන එළියට බැස්සා.

මහත්තයා කිව්වා කවුරුහරි ඇහුවොත් දුම්රියේ වැඩ කරන සිංහල අයගේ කෑම සල්ලි එකතු කරන්න යනවා කියමු කියලා. කඳවුරට යන්න හැතැප්ම භාගයක් විතර තියෙනවා. මං පයින්ම ගියා. ගේට්ටුවේ හිටපු නිලධාරියට කිව්වා ලොකු මහත්තයට කියන්න කොටි බෝම්බ පුපුරවන්න හදනවා කියලා. ඒත් ඒ නිලධාරියා ඒ පණිවුඩය කියන්න කැමැති වුණේ නැහැ.

ඒක බොරු ආරංචියක් හෝ නොමඟ යැවීමක් වෙන්නැති කියලා ඔහු මාව ලොකු සර් ළඟට ගෙනිච්චා. ඒ ලොකු සර් තමයි පාරමී කුලතුංග මහත්තයා. ඔහු එතකොට මේජර්. මම සර්ට විස්තරේ කිව්වා. ඒ අනුව හමුදා මෙහෙයුම් කරල පරන්තන්වල තිබ්බ බෝම්බ පුපුරවලා හැර තිබුණා. මං ගෙදර එන්න ලෑස්ති වුණා. ඒත් සර් මට කිව්වා අම්මා ඔයා ගෙදර යන්න එපා.

මට ඔයයි බබයි යවන්න බෑ ඕගොල්ලෝ අනාරක්ෂිතයි කියලා. ඒ ගමන තමයි මම අනුරාධපුරේ ඥාතියෙක් ළඟට යන්නම් කිව්වේ. සර් මාව නිලධාරියකුට බාර දුන්න පරිස්සමෙන් එක්ක යන්න කියලා. හවස පහයි තිහට විතර කෝච්චිය ආවා. සර් මාව බාරදුන්නේ කමාන්ඩෝ සිල්වා කියලා කෙනෙකුට. ඒ වෙලාවේ මං හුඟාක් අසරණ වෙලා හිටියේ. මට මගෙ දරු දෙන්නා මහත්තයා මතක් වුණා. අන්තිමට මං දරාගන්න බැරි දුකකින් කෝච්චියට නැග්ගා.

අනේ මට එදායින් පස්සේ පාරමී සර් හොයාගන්න බැරිවුණා. සර් ඉන්න තැන මං දැනගෙන හිටියේ නැහැ. මං එදා මගේ ජීවිතය දරුවන්ගේ මහත්තයගේ ජීවිත පරදුවට තියලා කරපු දේ ගැන හොඳටම දැනගෙන හිටියේ පාරමී සර් විතරයි.

එරින් තම කතාව කරගෙන යන අතරේ මහහඬින් ඉකිබිඳ හඬන්නට වූවාය. අතීතය සිහිකරන විට අද ද ඇයට උහුලාගෙන සිටීම අපහසුය. ඇගේ දෙවුර ගැස්සෙයි. ඇගේ ඔඩොක්කුවට එක සීරුවට කඳුළු කැට සැලෙයි.

මේ ගැහැනිය මෙතරම්ම හඬන්නේ ඇයි? අපට සිතුණි.

මං හරි අසරණයි. මම එදා කරපු දේ නිසා තමයි මගෙ මහත්තයා පිස්සෙක් වුණේ. මට දරුවන්ට උගන්න ගන්න බැරිවුණා. ඒත් මං ඒ ගැන තැවෙන්නේ නැහැ. මං මගෙ දරුවන්ට වගේම හමුදාවටත් රටටත් ආදරය කළා. ඒ නිසයි මං ඔත්තුව දෙන්න කඳවුරට ආවේ. එදා මුරුකන්ඩි පහුවෙනවත් එක්කම කෝච්චිය පිපිරුවා.

ඒ සිද්ධිය ඇස්දෙකින් දකින්න තරම් මං පවුකාරියක් වුණා. මට හොඳටම මතකයි අලිමංකඩ ඉඳලා හැන්දෑවේ ආව කෝච්චියට කිලිනොච්චියේ දී එකම එක හාමුදුරුනමක් විතරයි ගොඩවුණේ. එදා දෙමළ අය ගොඩවුණේ නැහැ. මම හිටියෙ කෝච්චියේ වෙන තැනක. ඒත් හමුදාවේ අය අම්මයි බබයි ඉස්සරහට යන්න කියලා ඔය කපිතාන් සිසිර බණ්ඩාර මහත්තයා හිටපු පෙට්ටියට මාව යැව්වා.

එදා මාත් එක්ක කතා කර කර ආව හමුදාවේ හුඟාක් අය ඇස්පනාපිට මැරිලා හිටියා. මගේ පුංචි දුව මා බදාගෙන හිටියා. කොටි වෙඩි තිබ්බා. එදා මට හොඳටම මරණ බය දැනුණා. මම දරුවා බඩයට තියාගෙන කෝච්චි පෙට්ටියේ බිම දිගා වුණා. මට මගේ දරුවෝ මහත්තයා මතක් වුණා. එදා හිතට දැනුණ ගින්දර ගැන කියන්න වචන නැහැ.

තුවාලකාරයෝ මළමිනී එක්ක අපිත් ආවා. අනුරාධපුරයෙදි මා ඥාතියාට බාර දුන්නා. ඔය සිද්ධිය වුණාට පස්සේ පාරමී සර් අහලා තියෙනවා අම්මයි බබයි හොඳින් ද කියලා. මට ඒක කිව්වේ හමුදා නිලධාරියෙක්. අනුරාධපුරේ ඉඳලා මම ආයෙත් ගෙදර ආවා මාසයකට විතර පස්සේ. එතකොට බය ටිකක් තුරන් වෙලා තිබුණේ.

ඒත් ඔත්තුව දුන්නා කියන සැකේට කොටි වෑන් එකකින් ඇවිත් මහත්තයව අරගෙන ගියා ඒ අවුරුද්දෙම පෙබරවාරි මාසේ. හොඳටම ගහලා ගහලා මහත්තයා එදා හැන්දෑවේ ගෙනත් දැම්මා. අපොයි දෙවියනේ අපි ඒ විඳපු වේදනාව. එයාගේ කල්පනාව නැතිව ගියේ ඊට පස්සේ. මං වාද්දුවට ආවා දරුවොත් අරගෙන. මහත්තයා අලිමංකඩ එයාගේ අම්මලා එක්ක ඉන්න කැමැති වුණා. ඒත් අන්තිමට එයත් මෙහෙට ආවා. මගෙ මහත්තයා අකාලේ මැරුණා.”

තම ස්වාමියා සිහිකරමින් එරින් යළිත් වැලපෙන්නට වූවාය. ඇයට ඇගේ දරුවන් තිදෙනාට හොඳින් උගන්වා ගැනීමට නොහැකි විය. යාපනයේ අලිමංකඩදී යමක්කමක් ඇතිව ජීවත්වූ ඔවුන් එතැනින් පිටව ආවාට පසු බොහෝ ආර්ථික අමාරුකම් වලට මුහුණ දුන්නේය.

මගේ පුංචි ගේ සුනාමියට හසුවුණා. මගෙ දරුවන්ට උගන්වාගන්න බැරිවුණා. ඒ මට ඒ අයට උගන්වන්න පුළුවන්කමක් නොතිබුණු නිසයි. මං ඉඳිආප්ප තෝසේ හැදුවා. පුතාලා දුක්වුණා මං දුක්විඳින එක ගැන. මගෙ බාල පුතා තමයි අද පවුලටම බලන්නේ. එදා අතදරුවෙක්ව හිටපු දුව අද විවාහකයි.

දුවට ඉන්න ගෙයක් දොරක් නැහැ. එයා ගාමන්ට් එකක වැඩ කරන්නේ. ලොකු පුතා දුම්රිය දෙපාර්තමේන්තුවේ. අවුරුදු හතරක් වෙනවා. දවසට තුන්සීයේ පඩියට වැඩ. තාමත් ස්ථිර නැහැ. එයා දරු පවුල්කාරයෙක්. බාල පුතාටත් දරුවෝ ඉන්නවා. එයා කොරියාවේ. එයා තමයි හැමෝටම බලන්නේ.” එරින් පවසන්නේ කනගාටුවෙනි.

තම ජීවිතය ගැන හෝ දරුවන් පිළිබඳව නොසිතා රට ගැන ශ්‍රී ලංකා හමුදාව ගැන සිතා එදා එඩිතරව ඉදිරියට පැමිණි මේ ගැහැනිය අද හුදකලා වී ඇති සැටිය. මෙවැනි කාන්තාවන් තවත් අප රටට සිටියේ නම් කොතරම් අගෙන්ද? යුද පෙරමුණට නොගිය ද ඇය ද විරු දියණියකි. සමුගෙන ඒමට පෙර ඇය අපට මෙසේ කීවේ ආයාචනයක් කරන්නා සේය.

මගේ ජීවිතය තියෙන්නේ මං උපන් යාපනේ අලිමංකඩ. ආයෙමත් යාල්දේවි යන එක ගැන ආඩම්බරයි. මට වෙන කිසිම දෙයක් එපා. මට මගේ ගෙදරට යන්න තියෙනව නම් ඒ ඇති. දියුණු වෙන්න මං දන්නවා. මගේ දෑත තවමත් හයියයි. මට විසිදැල දාලා ඉස්සෝ අල්ලන්න පුළුවන්. යුද්දේ නැති නිසා ඉස්සර වගේ මාතර කඩයක් උතුරේ අරින්න පුළුවන්. මට මගේ දුක කියන්න කෙනෙක් නැහැ. ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා හමුවෙන්න තියෙනවා නම් ඒක මගේ ජීවිතේට ලැබෙන වාසනාවක්.”

[QUOTE="Gothakaruma, post: 17256297, member: 513044"] [SIZE="5"][COLOR="Blue"]යාල්දේවි බෝම්බයෙන් දිවි ගලවාගත් දෙදෙනකුගේ කතාව [COLOR="Lime"]නැවත යාල්දේවි ගමන් ඇරැඹීම ගැන අපිට ආඩම්බරයි ‘යාල්දේවි’ දුම්රිය යළිත් යාපනයට ගමන් අරඹනු ඇත. එකල උතුරු මාර්ගය බොහෝ ආදායම් ඉපයුවේය. උතුරු මාර්ගයේ දුම්රිය ඇරැඹියේ 1905 දීය. කොටි ත්රස්තවාදීන් විසින් යාල්දේවි දුම්රිය 1985 ජනවාරි 19 දින පුපුරුවා හැරීමත් සමඟ ගමන ඇනහිටිනි. විසිනව වසරකට පසු යළිත් යාල්දේවි රජ ගමනේ යන දා අවසන් වරට එහි ගමන්ගත් එදින ඛේදවාචකය දෑසින් දුටු දෙආකාරයක වීරයන් දෙදෙනෙකු පිළිබඳවයි මේ සටහන. මෙය ලියන මොහොත වන විටත් දුම්රිය මඟීන් කතා කරමින් සිටිනුයේ දුම්රිය වර්ජනය පිළිබඳව විය හැක. ඉල්ලීම් ලබාගැනීමේ මාර්ගයක් ලෙස දුම්රිය සේවකයින් වර්ජනය කිරීම අවියක් කැරගෙන ඇත. මේ ලියන්නේ දුම්රිය වර්ජනය ගැන නොවේ. කොතරම් බාධක මධ්‍යයේ වුවද දුම්රිය දෙපාර්තමේන්තුව රජයේ මැදිහත්වීම යටතේ කලකට ඉහත නවතා දමා තිබූ යාල්දේවි දුම්රිය ගමන් සේවාව යළි ආරම්භ කිරීමට කටයුතු යෙදීම ගැනය. ඒ අනුව එකල බෙහෙවින් කතාබහට ලක්වුණ උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වූ යාල්දේවි දුම්රිය පසුගිය වසරේ දී කොළඹ සිට කිලිනොච්චිය දක්වා ගමන් ආරම්භ කළේය. හෙට කොළඹ සිට යාපනේ දක්වා යළි යාල්දේවි ගමන් ඇරඹුව ද කොටි ත්‍රස්තයත් මුරුගන්ඩි හිදී බෝම්බ පුපුරවා යාල්දේවි දුම්රියේ ගමන්ගත් හමුදා භටයන් ඇතුළු 35 දෙනකුට මරු කැඳවූ සිද්ධිය දුම්රිය ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබුණු සිද්ධියකි. යුද්ධය දැන් මිනිසුන්ට ක්‍රමයෙන් යුද්ධය මෙන්ම යුද සමය ද එහිදී සිදුවූ ජීවිත හානි ද දේපළ හානි ද ක්‍රමයෙන් අමතක වෙමින් පවතී. එහෙත් යුද්ධය හා කොටි ත්රස්තවාදීන් කළ විනාශය තවමත් මේ දැන් සිදුවූවා මෙන් මතක තියෙන අය තවමත් අප අතර සිටිති. ඒ ඔවුහු යුද පිටියේ හෝ ඊට අදාළ සිදුවීම්වලට සෘජුවම මුහුණ දුන්නෝය. කොළඹ - යාපනය යාල්දේවි දුම්රිය ගමන නැවත ආරම්භ කැරෙන මේ මොහොතේ අපට සිහිපත් වන්නේ 1985 වසරේ ජනවාරි දහනවවැනිදා සිදුවූ මහා ඛේදවාචකයයි. මේ කතා පැරැණි යැයි හෝ නොයෙක් වර කියවා ඇතැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් කිසිදින අමතක කළ නොහැකි මේ ඛේදවාචකය දෑසින් දුටු ඒ මොහොතේ ජීවිතය පරදුවට තබා කටයුතු කළ යුද්ධයේ සැබෑ විරුවකු අපට හමුවූයේය. ඒ කපිතාන් ජයසූරිය සිසිර බණ්ඩාර මහතාය. එක්දහස් නවසිය පනස් හය වසරේ ආධුනික සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවට බැඳුණු සිසිර බණ්ඩාර අතීතය සිහිපත් කරන්නේ මෙසේය. “මම හමුදාවට බැඳෙන කොට වයස දහනවයක් විතර ඇති. ඒ කාලේ යුද්ධයක් තිබුණේ නැහැ. ඒ කාලේ හමුදාවේ රාජකාරිය කරපු අපි වරායේ කම්කරුවෝ ස්ට්‍රයික් කරපු වෙලාවේ නැව්වලින් බඩු ගොඩ බෑවා. ඒ වගේම ඉන්දියාවෙන් හොරෙන් එන අය අල්ලන්න වෙරළ ආරක්ෂකයෝ හැටියට මන්නාරම යාපනය ආදී වෙරළ තීරවල සේවයේ යෙදී සිටියා. මම හමුදාවට ඇවිත් මාස තුනකට පස්සේ තමයි එස්.එස්.සී විභාග ප්‍රතිඵල ආවෙ. මම ඉංග්‍රීසි විෂයක් හැටියට කරලා තිබුණා. එය සමත්වුණා. ඒ කාලේ හැටියට එස්එස්සී සමත් කියන්නේ අද බීඒ පාස් වගේ. මට උසස් වීමක් ලැබුණා ඒ හමුදාවේම ලිපිකරු සේවයට. ඉන්පසුව මම කෝප්රල් කෙනෙක් හැයටියටත් ඉන්පසුව විභාගවලට පෙනී සිට, ආයතන සංග්‍රහයේ හැටියට උසස්වීම් ලැබුවා. කොහොමහරි යුද්ධය පටන් ගත්ත කාලේ වෙනකොට මං විශ්‍රාම යන්න කාලෙත් ඇවිල්ලා. නමුත් ඒ කාලේ විශ්‍රාම ගැනීම් අහෝසි කළා. මම රටේ සෑම පළාතකම වාගේ සේවය කළා. පසුව මම ගැසට් නිලධාරියකු හැටියට පත්වුණා. අම්පාරට තමයි පළමු පත්වීම ලැබුණේ. එතැනින් අවුරුදු දෙකකට පස්සේ උසස්වීමක් ලැබුණා. ඒ ලැබිලා ආවේ පනාගොඩට. ඒ ආවම මට තිබුණේ භට කාර්යය සම්පාදක නිලධාරි හැටියට කටයුතු කරන්නයි. ඇඳුම්, වාහන, මේ ආදී සියලු කටයුතු පිළිබඳව සොයා බලන්න ඕනෑ. ඒ අනුව මට පැවරුණ එක් රාජකාරියක් තමයි යාපනේ අර්ධද්වීපයේ සිටින හමුදා සෙබළුන්ට වැටුප් හා පතුරොම් ගෙනයාම. මට මේ කාර්යය පැවරුවේ අණදෙන නිලධාරි ඒ.එම්.යූ. සෙනෙවිරත්න. එදා දහස් ගණනකගේ වැටුප් මුදල් මා අත තිබුණා. පතුරම් තිබුණා. මගේ ආරක්ෂාවට නිලධාරීන් විසිපහක් දුන්නා. ඒ අතරම මගේ නිලයේම කෙනෙකුත් හිටියා. ඔය සිද්ධිය වෙන දවසට කලින් දවසේ මුදල් මාරුකරගෙන ඇවිත් තිබුණේ. මා ළඟ ආරක්ෂාවට තිබුණේ පිස්තෝලයක් පමණයි. එදා ඒ කියන්නේ එක්දහස් නවසිය අසූපහේ ජනවාරි දහනමවැනිදා උදේ පහයි හතළිස්පහට කොටුවෙන් යාපනයට යන දුම්රිය පිටත් වුණා. එදා යන්න පුළුවන් වුණේ අලිමංකඩට විතරයි. එහෙම වුණේ ඉස්සරහා දුම්රිය මාර්ගය පුපුරවලා තියෙනවා යන්න බැහැ කියන ආරංචිය ලැබුණා. මම මා භාරයේ තිබුණ මුදල් ඔක්කෝම පතුරොම් අලිමංකඩ කඳවුරේ ප්‍රධානියාට භාරදුන්නා. ඒ දීලා කොළඹින් පණිවුඩය ලැබෙන තුරු හිටියා කොහොම හරි පාර හොඳයි කියන ආරංචිය ලැබුණට පස්සේ දුම්රිය ආයෙම කොළඹට එන්න පිටත්වුණා. එතකොට වෙලාව හවස පහයි දාසයට විතර ඇති. ගමන පිටත්වුණා. ස්ටේෂන් දෙක තුනක් පහුවුණා. එදා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු අය ලෙඩ නිවාඩු දාලා වැඩට ඇවිල්ලා නැහැ. අතරමඟදි දෙමළ අය නැග්ගෙත් නැහැ. කොහොම හරි හවස හයයි කාල විතර වෙනකොට අමාරුම ප්‍රදේශ පහුකළා කියලා මගේ නිලධාරීන් කිව්වා. ඊට පස්සේ අපි හිතේ නිදහසින් ආවා. ඒත් වැඩිදුර එන්න ලැබුණේ නැහැ. මහා පිපිරුම් ශබ්දයක් ඇහුණා. මම හිටපු පෙට්ටිය කැඩිලා වෙන්වුණා.” කපිතාන් සිසිර බණ්ඩාර අතීතය සිහිපත් කරන්නේ එසේය. ඔහු කියන පරිදි ඒ එකල යාල්දේවි දුම්රිය කොටි විසින් පුපුරුවා හරින බවට ආරංචි පැතිර තිබිණි. දුම්රිය ගමන් කළේ අඳුරේය. කෙසේ හෝ එදා ඒ ගොම්මන් අඳුරේම ඉදිරියට ඇදී ගිය දුම්රිය නතර වූ මොහොතේ කපිතාන් සිසිර බණ්ඩාර දුම්රිය රියදුරුට කතාකොට නැවත සිද්ධිය තිබූ තැනට යමු යැයි යෝජනා කළේය. වචනයක් වත් කතා නොකළ රැපියෙල් ලියනගේ දුම්රිය ආපස්සට පදවාගෙන ගියේය. සිද්ධිය වූ ස්ථානයේ තුවාල ලබා සිටි අය කඩිනමින් දුම්රිය පෙට්ටි කෑල්ලට දමා ගැනීමට කපිතාන් සිසිර බණ්ඩාර කටයුතු කළේය. ඔහුට තම ජීවිතය පිළිබඳව අවදානමක් නොදැනුණේය. ඔහුට අවශ්‍ය වූයේ වර්ග කිරීමකින් තොරව අනතුරට පත්ව සිටින සෙබළුන්, සාමාන්‍ය ජනතාව ආදී සැමට ජීවිතය ලබා දීමටය. කරපිටින් ගෙනා විසිඅටදෙනා අතරින් විසිදෙනෙක් බේරා ගැනීමට පුළුවන් විය. එදා කොටි බෝම්බය පිපුරුවාට පස්සේ අනතුරට පත්වෙලා හිටපු බිම වැටිලා, වතුර වළවල්වල වැටිලා හිටපු අයටත් දිගට හරහට වෙඩි තිබ්බා. බෝම්බය පුපුරුවලා තිබුණේ මුරුගන්ඩි වලදි. හරියට අඳුරේ පේන්නේ නැහැ. මං මගේ සෙබළු ගෙනාව. විසිඅට දෙනෙකුව කෝච්චි පෙට්ටි කෑල්ලට දාගත්තා. ඔය අතරේ මට කෙනෙක් කෑගහනවා ඇහුණා. ඔහු හිරවෙලා හිටියේ. මම ඔහුට කිව්වා පුළුවන් හැටියට මගෙ කරට නඟින්න කියලා. සුන්බුන් අතරින් මතුවෙලා ඔහු මගෙ කරට ආව. මහත්තයා පොඩ්ඩක් ඉන්න කියලා බෑග් එකට අත දාලා මට ටෝච් එකක් දුන්නා. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ ඒ හාමුදුරු නමක් කියලා. කොහොම හරි මම විසිඅටදෙනෙක් කෝච්චි පෙට්ටියට දාගත්තා. ඒ අතර හිටියා එදා අලිමංකඩ කඳවුරේදි අපට ප්‍රවේශමෙන් ගිහිල්ලා අනුරාධපුරයේ ඥාතීන්ට බාරදෙන්න කියපු කාන්තාවකුයි අත දරුවෙකුයි. එයා හිටියේ අපි හිටපු කෝච්චි පෙට්ටියේ. ඒ කාන්තාවට කිසිම අනතුරක් නැහැ. ඇය තමයි කොටි යාල්දේවි පුපුරවනවා කියලා හමුදාවට එදා ඔත්තුව දුන්නේ. කොහොම හරි අපි අනුරාධපුරයට ආවා. අර කාන්තාව එයාගේ ඥාතීන්ට බාර දුන්නා. මා එක්ක ගිය සෙබළු මැරුණා. මට ඒක දරාගන්න බැරිවුණා. මගෙ බිරිය හොඳටම බයවෙලා. මගෙ ඥාතියෙක් සිද්ධිය දැනගෙන අනුරාධපුර රෝහලට කතාකරලා. ඒ වෙලාවේ එතැන හිටපු හෙදියකට මතක තිබිලා මගේ නිල ඇඳුමේ ගහලා තිබුණ මගෙ නම. ඇය කියලා මම හොඳින් කියලා. ඒ දවස්වල මගෙ දරුවෝ පුංචියි. දුව ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා අලුත් පාසලක සම්මුඛ පරීක්ෂණයට යන දවස. ඒත් මට එදා ගෙදර යන්න බැරි වුණා. මං අදටත් හිතනවා මං එදා බේරුණේ මගෙ දරු ෙදන්නගෙයි බිරියගෙයි වාසනාවට කියලා. ගියවර යාල්දේවි ගමන ආරම්භ කරපු වෙලාවේ මටත් යන්න ආරාධනාවක් ලැබුණා. දැන් ‘යාල්දේවී’ යාපනයට යන්න හදන මොහොතෙත් මට ආරාධනාව ලැබිලා තියෙනවා. මට මගේ රට ගැන ආඩම්බරයි. ඒ මගෙ දරුවෝ ගැන ආඩම්බරයි. අද මගෙ පුතා පළමු පෙළේ දුම්රිය රියැදුරෙක්. යාපනයට යන මේ දුම්රිය මගෙ පුතා ධාවනය කරාවිද කියන්න මං දන්නෑ. එහෙම වුණොත් ඒක මට විශාල ආඩම්බරයක්. කපිතාන් සිසිර බණ්ඩාර කියන්නේ හැඟීම්බරවය. අද ඔහු ජිවිතයේ සැඳෑසමය ගෙවන්නේය. මිනිසුන් මිනිසුන්ට උදව් කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරවය. එදා මාර කටින් දිවි ගලවාගත් මේ යුද හමුදා නිලධාරියා තම රැකවරණය යටතේ ගෙන ආ තරුණ ගැහැනිය හා බිලිඳා අද කොහේ ඇතිදැයි අපි සොයන්නට වීමු. ඇය සොයා ගන්නට ද කපිතාන් සිසිර බණ්ඩාර අපට සහාය වූයේය. ඇය එරින් අලහකෝන්ය. අපි ඇය සොයා ඉකුත් හැන්දෑවේ වාද්දුවේ පිහිටි ඇගේ නිවසට ගියෙමු. “මා හොයාගෙන ආවාට ගොඩාක් පින්” ඇය අප පිළිගත්තේ එසේ කියමිනි. ඔය සිද්ධිය වෙනකොට මට අවුරුදු විසිගාණක් විතර ඇති. මං උපන්නේ යාපනේ. ඉස්කෝලේ ගියේ හැදුනේ වැඩුණේ යාපනේ. මේ තියෙන්නේ ඔක්කෝම ලියකියවිලි. (ඇය එකින් එක සහතික ගෙන පෙන්වයි) අපේ තාත්තගෙ තාත්තා දකුණේ. එයා ඒ කාලේ යාපනේ පදිංචි වෙලා. ඔවුන් ව්‍යාපාර කළේ. ‘ඉස්සෝ අයිස් ගහන එක’ කළේ. ඒක හරි ලාභයි. කළපුවෙන් අල්ලන ඉස්සෝ කොළඹ එවනවා. මම තරුණ කාලේ කළපුවේ විසිදැල දාල ඉස්සෝ අල්ලනවා. මං කසාද බැන්දේ දෙමළ කෙනෙක්. මගෙ ගෙදරින් විරුද්ධ වුණා. ඒත් පස්සෙ කැමැති වුණා. ඔහු සෙල්වරාජා - දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. මට දරුවෝ තුන්දෙනයි. අපි තේ කඩයක් කෙරුවා. ඒ අලිමංකඩ කඳවුරට කිට්ටුව. හමුදාවේ අය කඩේට එනවා යනවා. මං දෙමළ කෙනෙක් බැන්දා කියලා සිංහල මිනිස්සුන්ට තියෙන ආදරේ අඩු වුණේ නෑ. ඒ කාලේ යාපනේ සිංහල දෙමළ මිනිස්සු සහයෝගයෙන් හිටියා. යුද්ධ කාලේ කොටි බෝම්බ පුපුරවන්න හදන ඒවා මගෙ මහත්තයට ආරංචි වෙනවා. එයා මට ඇවිත් කියනවා. යාල්දේවි පුපුරපු දවෙස් උදේ මහත්තයා මට ඇවිත් කිව්වා එයාට ජෙසි කියල මුස්ලිම් ළමයෙක් කිව්වා පුනරින්වල බෝම්බ පුපුරවන්න හදනවා කියලා. යාල්දේවියටත් බෝම්බ ගහනවා කියලා ආරංචියි කියලා. මහත්තයා මගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. මම කඩේට ආ වැඩිහිටි සිංහල කෙනෙක්ට කිව්වා මේ ආරංචිය කෑම්ප් එකට කියන්න කියලා. ඒත් එයා කැමැති වුණේ නැහැ. මගෙ ලොකු පුතාට අවුරුදු අටයි. පොඩි පුතාට අවුරුදු හයයි. දුවට අවුරුදු දෙකහමාරයි. මම තීරණය කළා කඳවුරට යන්න. මං නිල්පාට සාරියකුත් ඇඳලා දරුවත් අරගෙන එළියට බැස්සා. මහත්තයා කිව්වා කවුරුහරි ඇහුවොත් දුම්රියේ වැඩ කරන සිංහල අයගේ කෑම සල්ලි එකතු කරන්න යනවා කියමු කියලා. කඳවුරට යන්න හැතැප්ම භාගයක් විතර තියෙනවා. මං පයින්ම ගියා. ගේට්ටුවේ හිටපු නිලධාරියට කිව්වා ලොකු මහත්තයට කියන්න කොටි බෝම්බ පුපුරවන්න හදනවා කියලා. ඒත් ඒ නිලධාරියා ඒ පණිවුඩය කියන්න කැමැති වුණේ නැහැ. ඒක බොරු ආරංචියක් හෝ නොමඟ යැවීමක් වෙන්නැති කියලා ඔහු මාව ලොකු සර් ළඟට ගෙනිච්චා. ඒ ලොකු සර් තමයි පාරමී කුලතුංග මහත්තයා. ඔහු එතකොට මේජර්. මම සර්ට විස්තරේ කිව්වා. ඒ අනුව හමුදා මෙහෙයුම් කරල පරන්තන්වල තිබ්බ බෝම්බ පුපුරවලා හැර තිබුණා. මං ගෙදර එන්න ලෑස්ති වුණා. ඒත් සර් මට කිව්වා අම්මා ඔයා ගෙදර යන්න එපා. මට ඔයයි බබයි යවන්න බෑ ඕගොල්ලෝ අනාරක්ෂිතයි කියලා. ඒ ගමන තමයි මම අනුරාධපුරේ ඥාතියෙක් ළඟට යන්නම් කිව්වේ. සර් මාව නිලධාරියකුට බාර දුන්න පරිස්සමෙන් එක්ක යන්න කියලා. හවස පහයි තිහට විතර කෝච්චිය ආවා. සර් මාව බාරදුන්නේ කමාන්ඩෝ සිල්වා කියලා කෙනෙකුට. ඒ වෙලාවේ මං හුඟාක් අසරණ වෙලා හිටියේ. මට මගෙ දරු දෙන්නා මහත්තයා මතක් වුණා. අන්තිමට මං දරාගන්න බැරි දුකකින් කෝච්චියට නැග්ගා. අනේ මට එදායින් පස්සේ පාරමී සර් හොයාගන්න බැරිවුණා. සර් ඉන්න තැන මං දැනගෙන හිටියේ නැහැ. මං එදා මගේ ජීවිතය දරුවන්ගේ මහත්තයගේ ජීවිත පරදුවට තියලා කරපු දේ ගැන හොඳටම දැනගෙන හිටියේ පාරමී සර් විතරයි. එරින් තම කතාව කරගෙන යන අතරේ මහහඬින් ඉකිබිඳ හඬන්නට වූවාය. අතීතය සිහිකරන විට අද ද ඇයට උහුලාගෙන සිටීම අපහසුය. ඇගේ දෙවුර ගැස්සෙයි. ඇගේ ඔඩොක්කුවට එක සීරුවට කඳුළු කැට සැලෙයි. මේ ගැහැනිය මෙතරම්ම හඬන්නේ ඇයි? අපට සිතුණි. මං හරි අසරණයි. මම එදා කරපු දේ නිසා තමයි මගෙ මහත්තයා පිස්සෙක් වුණේ. මට දරුවන්ට උගන්න ගන්න බැරිවුණා. ඒත් මං ඒ ගැන තැවෙන්නේ නැහැ. මං මගෙ දරුවන්ට වගේම හමුදාවටත් රටටත් ආදරය කළා. ඒ නිසයි මං ඔත්තුව දෙන්න කඳවුරට ආවේ. එදා මුරුකන්ඩි පහුවෙනවත් එක්කම කෝච්චිය පිපිරුවා. ඒ සිද්ධිය ඇස්දෙකින් දකින්න තරම් මං පවුකාරියක් වුණා. මට හොඳටම මතකයි අලිමංකඩ ඉඳලා හැන්දෑවේ ආව කෝච්චියට කිලිනොච්චියේ දී එකම එක හාමුදුරුනමක් විතරයි ගොඩවුණේ. එදා දෙමළ අය ගොඩවුණේ නැහැ. මම හිටියෙ කෝච්චියේ වෙන තැනක. ඒත් හමුදාවේ අය අම්මයි බබයි ඉස්සරහට යන්න කියලා ඔය කපිතාන් සිසිර බණ්ඩාර මහත්තයා හිටපු පෙට්ටියට මාව යැව්වා. එදා මාත් එක්ක කතා කර කර ආව හමුදාවේ හුඟාක් අය ඇස්පනාපිට මැරිලා හිටියා. මගේ පුංචි දුව මා බදාගෙන හිටියා. කොටි වෙඩි තිබ්බා. එදා මට හොඳටම මරණ බය දැනුණා. මම දරුවා බඩයට තියාගෙන කෝච්චි පෙට්ටියේ බිම දිගා වුණා. මට මගේ දරුවෝ මහත්තයා මතක් වුණා. එදා හිතට දැනුණ ගින්දර ගැන කියන්න වචන නැහැ. තුවාලකාරයෝ මළමිනී එක්ක අපිත් ආවා. අනුරාධපුරයෙදි මා ඥාතියාට බාර දුන්නා. ඔය සිද්ධිය වුණාට පස්සේ පාරමී සර් අහලා තියෙනවා අම්මයි බබයි හොඳින් ද කියලා. මට ඒක කිව්වේ හමුදා නිලධාරියෙක්. අනුරාධපුරේ ඉඳලා මම ආයෙත් ගෙදර ආවා මාසයකට විතර පස්සේ. එතකොට බය ටිකක් තුරන් වෙලා තිබුණේ. ඒත් ඔත්තුව දුන්නා කියන සැකේට කොටි වෑන් එකකින් ඇවිත් මහත්තයව අරගෙන ගියා ඒ අවුරුද්දෙම පෙබරවාරි මාසේ. හොඳටම ගහලා ගහලා මහත්තයා එදා හැන්දෑවේ ගෙනත් දැම්මා. අපොයි දෙවියනේ අපි ඒ විඳපු වේදනාව. එයාගේ කල්පනාව නැතිව ගියේ ඊට පස්සේ. මං වාද්දුවට ආවා දරුවොත් අරගෙන. මහත්තයා අලිමංකඩ එයාගේ අම්මලා එක්ක ඉන්න කැමැති වුණා. ඒත් අන්තිමට එයත් මෙහෙට ආවා. මගෙ මහත්තයා අකාලේ මැරුණා.” තම ස්වාමියා සිහිකරමින් එරින් යළිත් වැලපෙන්නට වූවාය. ඇයට ඇගේ දරුවන් තිදෙනාට හොඳින් උගන්වා ගැනීමට නොහැකි විය. යාපනයේ අලිමංකඩදී යමක්කමක් ඇතිව ජීවත්වූ ඔවුන් එතැනින් පිටව ආවාට පසු බොහෝ ආර්ථික අමාරුකම් වලට මුහුණ දුන්නේය. මගේ පුංචි ගේ සුනාමියට හසුවුණා. මගෙ දරුවන්ට උගන්වාගන්න බැරිවුණා. ඒ මට ඒ අයට උගන්වන්න පුළුවන්කමක් නොතිබුණු නිසයි. මං ඉඳිආප්ප තෝසේ හැදුවා. පුතාලා දුක්වුණා මං දුක්විඳින එක ගැන. මගෙ බාල පුතා තමයි අද පවුලටම බලන්නේ. එදා අතදරුවෙක්ව හිටපු දුව අද විවාහකයි. දුවට ඉන්න ගෙයක් දොරක් නැහැ. එයා ගාමන්ට් එකක වැඩ කරන්නේ. ලොකු පුතා දුම්රිය දෙපාර්තමේන්තුවේ. අවුරුදු හතරක් වෙනවා. දවසට තුන්සීයේ පඩියට වැඩ. තාමත් ස්ථිර නැහැ. එයා දරු පවුල්කාරයෙක්. බාල පුතාටත් දරුවෝ ඉන්නවා. එයා කොරියාවේ. එයා තමයි හැමෝටම බලන්නේ.” එරින් පවසන්නේ කනගාටුවෙනි. තම ජීවිතය ගැන හෝ දරුවන් පිළිබඳව නොසිතා රට ගැන ශ්‍රී ලංකා හමුදාව ගැන සිතා එදා එඩිතරව ඉදිරියට පැමිණි මේ ගැහැනිය අද හුදකලා වී ඇති සැටිය. මෙවැනි කාන්තාවන් තවත් අප රටට සිටියේ නම් කොතරම් අගෙන්ද? යුද පෙරමුණට නොගිය ද ඇය ද විරු දියණියකි. සමුගෙන ඒමට පෙර ඇය අපට මෙසේ කීවේ ආයාචනයක් කරන්නා සේය. මගේ ජීවිතය තියෙන්නේ මං උපන් යාපනේ අලිමංකඩ. ආයෙමත් යාල්දේවි යන එක ගැන ආඩම්බරයි. මට වෙන කිසිම දෙයක් එපා. මට මගේ ගෙදරට යන්න තියෙනව නම් ඒ ඇති. දියුණු වෙන්න මං දන්නවා. මගේ දෑත තවමත් හයියයි. මට විසිදැල දාලා ඉස්සෝ අල්ලන්න පුළුවන්. යුද්දේ නැති නිසා ඉස්සර වගේ මාතර කඩයක් උතුරේ අරින්න පුළුවන්. මට මගේ දුක කියන්න කෙනෙක් නැහැ. ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා හමුවෙන්න තියෙනවා නම් ඒක මගේ ජීවිතේට ලැබෙන වාසනාවක්.[/COLOR]”[/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/10645219_290094124524960_6326734134326324579_n.jpg?oh=498d13fd2168a50a2dc168d8b10c7dad&oe=54C1333F&__gda__=1425588359_d10ea200bf59749ac9a5e662a37322ed[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom