Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුක්රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලාංකිකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුක්රේන රුසියා ගැටලුව සම්බන්ධව දේශපාලනික කියවීමක් හා යුධමය කියවීමක් යනුවෙන් කොටස් දෙකක් පවතී. එබැවින් ඕනෑම විශ්ලේෂනයකදී එය උකහා ගැනීම තම තමාගේ බුද්ධි මට්ටම අනුව සිදුවන්නකි. මූලිකම කාරණාව වනුයේ මෙම ගැටළුවෙහි බටහිර මාධ්‍ය හෝ රුසියානු හිතැති මාධ්‍ය විසින් ජනගත කරන දෑ විචක්ෂනශීලීව උකහා ගැනීමයි. අවාසනාවකට ශ්‍රීලාංකීය බහුතර ජනතාවට එවන් විචක්ෂන්ශීලී මනසක් නොමැති වීම කණගාටුවට කරුණකි.

බොහෝ පිරිසක් සිතා සිටින්නේ මෙම ගැටළුව 2014 ඩොන්බාස් සහ ලුහාන්ස්ක් වල සිට ඇරඹුණු ලෙසටය, නමුත් මෙම ගැටලුවෙහි ආරම්භය දෙවන ලෝක යුද්ධය දක්වා විහිදී යන්නකි. එක්සත් ජනපදය ප්රමුඛ බටහිර නේටෝ සංවිධානය සහ සෝවියට් සමූහාණ්ඩුව ප්රමුඛ වෝසෝ සංවිධානයේ සීතල යුද්ධයෙහි ප්‍රතිඵලයක් ලෙස මෙය දේශපාලනිකව කියවීම වඩාත් යෝග්‍ය බව මගේ අදහසයි.

බර්ලින් තාප්පය බිඳ දමා බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය එක්වීමෙන් පසු මෙම සංවිධාන දෙකම තව දුරටත් නැගෙනහිරට හෝ බටහිරට තම බලය ව්‍යාප්ත නොකරන බවට ගිවිසුම් ගත වුවද, 1991 වසරේදී සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුව මේ සීතල යුද්ධය ටිකෙන් ටික උණුසුම් වන්නට විය. කෙසේ වෙතත් රුසියානු දේශ සීමාව සහ නේටෝ සාමාජික රටවල දේශ සීමාව දක්වා මධ්‍යස්ත පාලනයක් සහිත, නේටෝ සංවිධානයෙහි

සාමාජිකයන් නොවන රටවල් කීපයක් පවත්වාගෙන යාමට රුසියානු ෆෙඩරේෂණය සමත් විය. එය දේශපාලනික මෙන්ම මිලිටරි උපාය මාර්ගික ක්‍රියාවකි.

එක්සත් ජනපදය, බලය හෝ තම අවශ්‍යතාවයන් සපුරාගැනීමට අනෙක් ඕනෑම රටක් ආර්ථිකව හෝ

සමාජීය වශයෙන් බිඳවැට්ටවීමට කිසිදු විටෙක පැකිලෙන්නේ නැත. ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය ඔබ මෑතකාලීනව දුටු උදාහරණයන්ය. නමුත් නිවැරදි සොයා බැලීමක් කරන්නේ

නම්, පැනමාව,හයිටි රාජ්‍යය,පලස්තීනය හා තවත් නොකී රාජ්‍යයන් සමූහයකට එම ඉරණම අත්වන්නේ කෙසේදැයි වටහා ගැනීමට ඔබට හැකි වනු ඇත.

රුසියානු ෆෙඩරේෂණයද එක්සත් ජනපදය තරමටම නැතත් එහෙන් මෙහෙන් ඒ හා සමාන දේශපාලනික ක්‍රියාවලියක යෙදෙන්නකි. 1979 සිට වසර දහයක් පුරාවට සිදු කල ඇෆ්ගන් ආක්‍රමණය ශිෂ්ඨ සම්පන්න ලොවක සිදු නොවිය යුතු තරමේ දරුණු යුධ අපරාධ වලින් පිරිණු සිදුවීමකි. තවද චෙච්නියානු සහ සර්බියානු මැදිහත් වීම්, රුසියාව

ඇෆ්ගනිස්ථානයට සිදු කලදේම කොලේ වසා සිදුකලේ තම බලය පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිවය. ඉරාකයට සහයෝගය නොදුන්නද ඉරානයට හා සිරියාවට සහයෝගය ලබා දෙන්නේ අනාගත අවශ්‍යතාවයකදී බටහිර කඳවුරට එරෙහිව ඔවුන් යොදාගැනීමේ අරමුණෙනි. යුක්රේන සටන්

බිමෙහි චෙච්නියානුවන් සිරියානුවන් සහ ඉරාන උපකරණ භාවිතය එයට කදිම නිදසුනකි. තවද කළු මුහුදේ බලය ව්‍යාප්ත කරගැනීම සඳහා ක්‍රිමියාවේ පාලනය අත්‍යාවශ්‍ය බැවින් ඩොන්බාස් කලාපයේ තිබූ ගැටලුව උත්සන්නකොට එමගින් ක්රිමියාව අත්පත් කරගැනීම සාධාරණීකරණය කරන්නටද රුසියාව සමත් විය.

යුක්රේනය යනු අන්ත දුෂිත පාලනයක් පැවති නැගෙනහිර යුරෝපිය රාජ්‍යයකි. නමුත් 2019 වසරෙහි සිට යුදෙව්වෙකු වූ සෙලෙන්ස්කිගේ පාලනය යටතේ තරමක් දුරට දුෂණය අවම

කරගැනීමට මෙම රාජ්‍යයට හැකියාව ලැබීම භාග්‍යයකි. 2019 යට පෙර පැවති දුෂිත පාලනය හේතුවෙන් රුසියානු ඔත්තු සේවා ඉතා ලෙහෙසියෙන් යුක්රේන හමුදා යොදාගෙන ඩොන්බාස් කලාපයෙහි සිවිල් වැසියන් හැටදහසකට අධික ප්‍රමාණයක් ඝාතනය කිරීමට සමත් විය. එය උපාය මාර්ගික ක්‍රියාවකි. සෙලෙන්ස්කි පාලනය තවමත් එම යුධ අපරාධ සම්බන්දව විමර්ශන පවත්වන අතර වගකිවයුතු යම් තරමක දුෂිත නිලධාරීන් පිරිසකට දඬුවම් ලබා දීමටද සමත් විය. කෙසේ වෙතත් එසේ දඬුවම් ලබා දුන්නද, එසේ ඝාතනය වූ සිවිල් වැසියන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවන බව අවිවාදයෙන් පිළිගත යුතුය.

ව්ලැදිමීර් ව්ලැදිමිරෝවිච් පුටින් ගේ අවශ්‍යතාවය ලෙස පෙනී යන්නේ උතුරේ සිට කළු මුහුද දක්වා වූ කොටසේ තම බලය ව්‍යාප්ත කරගැනීමයි. එය එක්තරා ආකාරයක තම

රටෙහි දේශ සීමා ආරක්ෂා කරගැනීම සඳහා දරන ප්රයත්නයක් බව පෙනී ගියද එය සිදු කරනා ආකාරය ඉතා ම්ලේච්චය. පැරණි සෝවියට් සමූහාණ්ඩුවෙහි රටක් වූ යුක්රේනයෙහි 90% පමණ වූ හමුදා ගොඩනැගිලි සහ අනෙකුත් මිලිටරිමය ස්ථාන පිළිබඳ ඉතා නිවැරදි දත්ත

රුසියාව සතුව පවතී. එම ඉපැරණි බොහෝ ගොඩනැගිලි 2016 පසුව නවීකරණය කොට,රෝහල් පාසල් හෝ නිවාස ලෙස පරිවර්තනය කරනු ලැබූ අතර, හමුදා මද්‍යස්ථාන යයි සිතමින් පහර දෙන සියලුම ස්ථාන වල ජීවිත වලින් වන්දි ගෙවන්නේ අසරණ සිවිල් මිනිසුන්ය. පුටින්ට මෙය හොඳින් හෝ නරකින් සිදුකරගැනීම අත්‍යවශ්‍යය, එසේ නොවුනහොත් සිදුවන්නේ තම ප්‍රතිරූපය බටහිර රටවල් ඉදිරියෙහි දියවී යාමකි. බටහිර රටවල් වලටද මෙම අවස්ථාව

තම සීතල යුද්ධයෙහි අවශ්‍යතාවන් ඉටුකරගැනීමට කදිම අවස්ථාවකි. එසේ නොමැතිව යුක්රේනයෙහි සිදුවන අපරාධ වලට සර්ව සාධාරණත්වය ලබාදීමට කෙරෙන අව්‍යාජ මැදිහත් වීමක් යයි සිතීම බලවත් වරදකි. යුදෙව්වෙකු වූ සෙලෙන්ස්කිට මෙම අවස්ථාවේදී බටහිර සරණ යාම හැර වෙන විකල්පයක් නොමැත. කෙසේ වෙතත් රුසියාව යුක්රේනයට නාසිකරණය ගැන චෝදනා කිරීම ප්‍රතික්ෂේප කල යුතුය.

යුක්රේනය යනු ජිනීවාහිදී ලංකාවට විරුද්ධව ඡන්දය භාවිත කරන ලද රාජ්‍යයකි. රුසියාව යනු ලංකාවට පක්ෂපාතීව ඡන්දය භාවිත කරන ලද රාජ්‍යයකි, ශ්‍රී ලංකාවට අතීත සිදුවීම් අමතක වීම පුදුමයට කරුණක් නොවේ. චන්ද්‍රිකා පාලන සමයෙහි අවිආයුධ හෝ පුහුණුව ලබාදීම රුසියාව ප්‍රතික්ෂේප කල මොහොතක ලංකාවට අවශ්‍ය ආයුධ සහ ගුවන් යාන ලබා දීමට යුක්රේනය එකඟ වීම එවන් සිදුවීමකි. එවක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුධහමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙය තහවුරු කරනු ඇත.

යුද්ධයක සුන්දරත්වයක් නොමැත, යුද්ධය ම්ලේච්චය, උපාය මාර්ගිකව ම්ලේච්චත්වය භාවිතා කිරීම අති භයානකය. තවද යුද්ධයෙහි ලියවෙන්නේ ජයග්‍රහණ පමණි. යුක්රේනියානුවන් රුසියානුවන්ට යටත් නොවන බව සපත කොට හමාරය. සෙලෙන්ස්කි පාලනයට යුධ විරාමයක් අවශ්‍ය වුවද යුක්රේනයානුවන් එයට ඉඩ නොදෙන තැනක් දක්වා එය වර්ධනය වී අවසානය. එබැවින් හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කර සමූහ වශයෙන් ඝාතනය කර බිය වැද්දීම හැර ක්‍රෙම්ලින් පාලනයට වෙන විකල්පයක් ඉතිරිවද නොමැත. එය ම්ලේච්ච වුවත් උපාය මාර්ගික කොටසකි.

මා නැවතත් මෙසේ ප්‍රකාශ කරමි, රුසියානු සොල්දාදුවන් හා අතුරු හමුදාවන් විසින් සිදුකරනු ලබන සමුල ඝාතන සහ යුක්රේන කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන් ඝාතනය කිරීමෙන්

පසු දරුවන් ඉදිරියේ එම අහිංසකයන් දූෂණය කර මරා දැමීම අපරාධයක් නොවන්නේද?, මෙම අපරාධවල පිළිකුල් සහගත කුරිරුකමට දඬුවම් නොකල යුතුද?.

මා යුක්රේනයට පැමිණෙන්නේ කරන්නට රස්සාවක් හෝ කන්න අඳින්නට ඉන්න හිටින්නට නැති අසරණයෙකු ලෙස නොවේ. රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කොට බටහිර රටක ගැත්තෙකු වන්නටද නොවේ. මා සමග සටන් වදින සියලුම විදේශීය ජාතිකයන් ද ඒසේ පැමිණි පිරිසකි. මේ සටන

අවසන් වූ පසු චීනය තායිවානය ආක්‍රමණය කරන්නට යන්නේනම් හෝ එක්සත් ජනපදය තවත් රටක් ආක්‍රමණය කරන්නට යන්නේ නම් මාත් මගේ කණ්ඩායමත් ජීවතුන් අතර සිටී නම්, නොපැකිලිව සාධාරණය වෙනුවෙන් සටන් වැදීමට දෙවරක් නොසිතමි.

මේ සටහන මවිසින් තබන්නේ බුද්ධිමය විමසුමකට වන අතර ලංකාවේ පවතින දේශපාලන ගැටලුවලට හෝ ලංකාවේ පැවති යුධමය වාතාවරණයෙහි මුලුගැන්වී සිට දැන් මුහුණු පොතෙහි දඟලන රුසියානු ගැත්තන්ට හෝ බටහිර ගැත්තන්ට විවාද කිරීමට නොවේ.

කපිතාන් ඩෙන්ටිස්ට්

අණ දෙන නිලධාරී

පළමු වන විශේෂ බලකාය (ජ්‍යාත්‍යන්තර ලීගය)

යුක්රේන සන්නද්ධ හමුදාව

[QUOTE="ara88, post: 29420822, member: 576840"] යුක්රේන රුසියා ගැටලුව සම්බන්ධව දේශපාලනික කියවීමක් හා යුධමය කියවීමක් යනුවෙන් කොටස් දෙකක් පවතී. එබැවින් ඕනෑම විශ්ලේෂනයකදී එය උකහා ගැනීම තම තමාගේ බුද්ධි මට්ටම අනුව සිදුවන්නකි. මූලිකම කාරණාව වනුයේ මෙම ගැටළුවෙහි බටහිර මාධ්‍ය හෝ රුසියානු හිතැති මාධ්‍ය විසින් ජනගත කරන දෑ විචක්ෂනශීලීව උකහා ගැනීමයි. අවාසනාවකට ශ්‍රීලාංකීය බහුතර ජනතාවට එවන් විචක්ෂන්ශීලී මනසක් නොමැති වීම කණගාටුවට කරුණකි. බොහෝ පිරිසක් සිතා සිටින්නේ මෙම ගැටළුව 2014 ඩොන්බාස් සහ ලුහාන්ස්ක් වල සිට ඇරඹුණු ලෙසටය, නමුත් මෙම ගැටලුවෙහි ආරම්භය දෙවන ලෝක යුද්ධය දක්වා විහිදී යන්නකි. එක්සත් ජනපදය ප්රමුඛ බටහිර නේටෝ සංවිධානය සහ සෝවියට් සමූහාණ්ඩුව ප්රමුඛ වෝසෝ සංවිධානයේ සීතල යුද්ධයෙහි ප්‍රතිඵලයක් ලෙස මෙය දේශපාලනිකව කියවීම වඩාත් යෝග්‍ය බව මගේ අදහසයි. බර්ලින් තාප්පය බිඳ දමා බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය එක්වීමෙන් පසු මෙම සංවිධාන දෙකම තව දුරටත් නැගෙනහිරට හෝ බටහිරට තම බලය ව්‍යාප්ත නොකරන බවට ගිවිසුම් ගත වුවද, 1991 වසරේදී සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුව මේ සීතල යුද්ධය ටිකෙන් ටික උණුසුම් වන්නට විය. කෙසේ වෙතත් රුසියානු දේශ සීමාව සහ නේටෝ සාමාජික රටවල දේශ සීමාව දක්වා මධ්‍යස්ත පාලනයක් සහිත, නේටෝ සංවිධානයෙහි සාමාජිකයන් නොවන රටවල් කීපයක් පවත්වාගෙන යාමට රුසියානු ෆෙඩරේෂණය සමත් විය. එය දේශපාලනික මෙන්ම මිලිටරි උපාය මාර්ගික ක්‍රියාවකි. එක්සත් ජනපදය, බලය හෝ තම අවශ්‍යතාවයන් සපුරාගැනීමට අනෙක් ඕනෑම රටක් ආර්ථිකව හෝ සමාජීය වශයෙන් බිඳවැට්ටවීමට කිසිදු විටෙක පැකිලෙන්නේ නැත. ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය ඔබ මෑතකාලීනව දුටු උදාහරණයන්ය. නමුත් නිවැරදි සොයා බැලීමක් කරන්නේ නම්, පැනමාව,හයිටි රාජ්‍යය,පලස්තීනය හා තවත් නොකී රාජ්‍යයන් සමූහයකට එම ඉරණම අත්වන්නේ කෙසේදැයි වටහා ගැනීමට ඔබට හැකි වනු ඇත. රුසියානු ෆෙඩරේෂණයද එක්සත් ජනපදය තරමටම නැතත් එහෙන් මෙහෙන් ඒ හා සමාන දේශපාලනික ක්‍රියාවලියක යෙදෙන්නකි. 1979 සිට වසර දහයක් පුරාවට සිදු කල ඇෆ්ගන් ආක්‍රමණය ශිෂ්ඨ සම්පන්න ලොවක සිදු නොවිය යුතු තරමේ දරුණු යුධ අපරාධ වලින් පිරිණු සිදුවීමකි. තවද චෙච්නියානු සහ සර්බියානු මැදිහත් වීම්, රුසියාව ඇෆ්ගනිස්ථානයට සිදු කලදේම කොලේ වසා සිදුකලේ තම බලය පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිවය. ඉරාකයට සහයෝගය නොදුන්නද ඉරානයට හා සිරියාවට සහයෝගය ලබා දෙන්නේ අනාගත අවශ්‍යතාවයකදී බටහිර කඳවුරට එරෙහිව ඔවුන් යොදාගැනීමේ අරමුණෙනි. යුක්රේන සටන් බිමෙහි චෙච්නියානුවන් සිරියානුවන් සහ ඉරාන උපකරණ භාවිතය එයට කදිම නිදසුනකි. තවද කළු මුහුදේ බලය ව්‍යාප්ත කරගැනීම සඳහා ක්‍රිමියාවේ පාලනය අත්‍යාවශ්‍ය බැවින් ඩොන්බාස් කලාපයේ තිබූ ගැටලුව උත්සන්නකොට එමගින් ක්රිමියාව අත්පත් කරගැනීම සාධාරණීකරණය කරන්නටද රුසියාව සමත් විය. යුක්රේනය යනු අන්ත දුෂිත පාලනයක් පැවති නැගෙනහිර යුරෝපිය රාජ්‍යයකි. නමුත් 2019 වසරෙහි සිට යුදෙව්වෙකු වූ සෙලෙන්ස්කිගේ පාලනය යටතේ තරමක් දුරට දුෂණය අවම කරගැනීමට මෙම රාජ්‍යයට හැකියාව ලැබීම භාග්‍යයකි. 2019 යට පෙර පැවති දුෂිත පාලනය හේතුවෙන් රුසියානු ඔත්තු සේවා ඉතා ලෙහෙසියෙන් යුක්රේන හමුදා යොදාගෙන ඩොන්බාස් කලාපයෙහි සිවිල් වැසියන් හැටදහසකට අධික ප්‍රමාණයක් ඝාතනය කිරීමට සමත් විය. එය උපාය මාර්ගික ක්‍රියාවකි. සෙලෙන්ස්කි පාලනය තවමත් එම යුධ අපරාධ සම්බන්දව විමර්ශන පවත්වන අතර වගකිවයුතු යම් තරමක දුෂිත නිලධාරීන් පිරිසකට දඬුවම් ලබා දීමටද සමත් විය. කෙසේ වෙතත් එසේ දඬුවම් ලබා දුන්නද, එසේ ඝාතනය වූ සිවිල් වැසියන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවන බව අවිවාදයෙන් පිළිගත යුතුය. ව්ලැදිමීර් ව්ලැදිමිරෝවිච් පුටින් ගේ අවශ්‍යතාවය ලෙස පෙනී යන්නේ උතුරේ සිට කළු මුහුද දක්වා වූ කොටසේ තම බලය ව්‍යාප්ත කරගැනීමයි. එය එක්තරා ආකාරයක තම රටෙහි දේශ සීමා ආරක්ෂා කරගැනීම සඳහා දරන ප්රයත්නයක් බව පෙනී ගියද එය සිදු කරනා ආකාරය ඉතා ම්ලේච්චය. පැරණි සෝවියට් සමූහාණ්ඩුවෙහි රටක් වූ යුක්රේනයෙහි 90% පමණ වූ හමුදා ගොඩනැගිලි සහ අනෙකුත් මිලිටරිමය ස්ථාන පිළිබඳ ඉතා නිවැරදි දත්ත රුසියාව සතුව පවතී. එම ඉපැරණි බොහෝ ගොඩනැගිලි 2016 පසුව නවීකරණය කොට,රෝහල් පාසල් හෝ නිවාස ලෙස පරිවර්තනය කරනු ලැබූ අතර, හමුදා මද්‍යස්ථාන යයි සිතමින් පහර දෙන සියලුම ස්ථාන වල ජීවිත වලින් වන්දි ගෙවන්නේ අසරණ සිවිල් මිනිසුන්ය. පුටින්ට මෙය හොඳින් හෝ නරකින් සිදුකරගැනීම අත්‍යවශ්‍යය, එසේ නොවුනහොත් සිදුවන්නේ තම ප්‍රතිරූපය බටහිර රටවල් ඉදිරියෙහි දියවී යාමකි. බටහිර රටවල් වලටද මෙම අවස්ථාව තම සීතල යුද්ධයෙහි අවශ්‍යතාවන් ඉටුකරගැනීමට කදිම අවස්ථාවකි. එසේ නොමැතිව යුක්රේනයෙහි සිදුවන අපරාධ වලට සර්ව සාධාරණත්වය ලබාදීමට කෙරෙන අව්‍යාජ මැදිහත් වීමක් යයි සිතීම බලවත් වරදකි. යුදෙව්වෙකු වූ සෙලෙන්ස්කිට මෙම අවස්ථාවේදී බටහිර සරණ යාම හැර වෙන විකල්පයක් නොමැත. කෙසේ වෙතත් රුසියාව යුක්රේනයට නාසිකරණය ගැන චෝදනා කිරීම ප්‍රතික්ෂේප කල යුතුය. යුක්රේනය යනු ජිනීවාහිදී ලංකාවට විරුද්ධව ඡන්දය භාවිත කරන ලද රාජ්‍යයකි. රුසියාව යනු ලංකාවට පක්ෂපාතීව ඡන්දය භාවිත කරන ලද රාජ්‍යයකි, ශ්‍රී ලංකාවට අතීත සිදුවීම් අමතක වීම පුදුමයට කරුණක් නොවේ. චන්ද්‍රිකා පාලන සමයෙහි අවිආයුධ හෝ පුහුණුව ලබාදීම රුසියාව ප්‍රතික්ෂේප කල මොහොතක ලංකාවට අවශ්‍ය ආයුධ සහ ගුවන් යාන ලබා දීමට යුක්රේනය එකඟ වීම එවන් සිදුවීමකි. එවක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුධහමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙය තහවුරු කරනු ඇත. යුද්ධයක සුන්දරත්වයක් නොමැත, යුද්ධය ම්ලේච්චය, උපාය මාර්ගිකව ම්ලේච්චත්වය භාවිතා කිරීම අති භයානකය. තවද යුද්ධයෙහි ලියවෙන්නේ ජයග්‍රහණ පමණි. යුක්රේනියානුවන් රුසියානුවන්ට යටත් නොවන බව සපත කොට හමාරය. සෙලෙන්ස්කි පාලනයට යුධ විරාමයක් අවශ්‍ය වුවද යුක්රේනයානුවන් එයට ඉඩ නොදෙන තැනක් දක්වා එය වර්ධනය වී අවසානය. එබැවින් හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කර සමූහ වශයෙන් ඝාතනය කර බිය වැද්දීම හැර ක්‍රෙම්ලින් පාලනයට වෙන විකල්පයක් ඉතිරිවද නොමැත. එය ම්ලේච්ච වුවත් උපාය මාර්ගික කොටසකි. මා නැවතත් මෙසේ ප්‍රකාශ කරමි, රුසියානු සොල්දාදුවන් හා අතුරු හමුදාවන් විසින් සිදුකරනු ලබන සමුල ඝාතන සහ යුක්රේන කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන් ඝාතනය කිරීමෙන් පසු දරුවන් ඉදිරියේ එම අහිංසකයන් දූෂණය කර මරා දැමීම අපරාධයක් නොවන්නේද?, මෙම අපරාධවල පිළිකුල් සහගත කුරිරුකමට දඬුවම් නොකල යුතුද?. මා යුක්රේනයට පැමිණෙන්නේ කරන්නට රස්සාවක් හෝ කන්න අඳින්නට ඉන්න හිටින්නට නැති අසරණයෙකු ලෙස නොවේ. රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කොට බටහිර රටක ගැත්තෙකු වන්නටද නොවේ. මා සමග සටන් වදින සියලුම විදේශීය ජාතිකයන් ද ඒසේ පැමිණි පිරිසකි. මේ සටන අවසන් වූ පසු චීනය තායිවානය ආක්‍රමණය කරන්නට යන්නේනම් හෝ එක්සත් ජනපදය තවත් රටක් ආක්‍රමණය කරන්නට යන්නේ නම් මාත් මගේ කණ්ඩායමත් ජීවතුන් අතර සිටී නම්, නොපැකිලිව සාධාරණය වෙනුවෙන් සටන් වැදීමට දෙවරක් නොසිතමි. මේ සටහන මවිසින් තබන්නේ බුද්ධිමය විමසුමකට වන අතර ලංකාවේ පවතින දේශපාලන ගැටලුවලට හෝ ලංකාවේ පැවති යුධමය වාතාවරණයෙහි මුලුගැන්වී සිට දැන් මුහුණු පොතෙහි දඟලන රුසියානු ගැත්තන්ට හෝ බටහිර ගැත්තන්ට විවාද කිරීමට නොවේ. කපිතාන් ඩෙන්ටිස්ට් අණ දෙන නිලධාරී පළමු වන විශේෂ බලකාය (ජ්‍යාත්‍යන්තර ලීගය) යුක්රේන සන්නද්ධ හමුදාව [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom