Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුග පුරුෂයෝ දෙදෙනෙක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුග පුරුෂයෝ දෙදෙනෙක්!

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා ගොවි රජකු ලෙස සැලැකිල්ලට ලක් වේ. ඔහුගේ කල්පනාව වූයේ ද ශ්‍රී ලංකාව කෘෂිකර්මයෙන් දියුණුවට පත් කළ යුතු බව ය. එහෙත් දකුණේ හම්බන්තොට වැනි පළාත්වල ජල ගැටලුව ගැන එතුමාගේ වැඩි අවධානයක් යොමු වූයේ නැත. හම්බන්තොට අයත් වන්නේ ශුෂ්ක කලාපයට ය. සාර්ථක වාරි තාක්ෂණයකින් තොරව හම්බන්තොට කුඹුරු වගා කළ නො හැකි ය. එවකට එක්සත් ජාතික පක්ෂයේ ම නියෝජිතයකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා විටින්-විට මේ ගැන ඉල්ලීම් ඉදිරිපත් කළේ ය. එහෙත් රටේ නායකයාගේ අවධානය එම ඉල්ලීම් වෙත යොමු වූයේ නැත.

රාජපක්ෂ මහතා තමන්ගේ ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගත යුතුව තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමේ කතාවට මේ සිද්ධියත් සම්බන්ධ ය. බණ්ඩාරනායක මහතා පමණක් නොව; ඩී. ඒ. රාජපක්ෂ මහතා ද එක්සත් ජාතික පක්ෂයට එරෙහි ව ජනතාව පෙළ ගස්වන්නට පටන් ගත්තේය. දේශීය චින්තනයක්, මැද මාවතේ ආර්ථික සම්ප්රදායක්, විශිෂ්ට සංස්කෘතියක් යන දේශපාලන සැලැසුමක් ඔවුන් ළඟ තිබිණි. එදා එම දේශපාලන සටනට ඩී. ඒ. රාජපක්ෂ මහතා හවුල් වූයේ කුඹුරේ සිට ඡන්ද ඉල්ලුම්පත අස්සන් කරමින් ය.

ශ්‍රී ලංකාව විශිෂ්ට ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රාජ්‍යයක් බවට පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් සනාථ වී තිබේ. අපේ වාරි තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණය, කලා හැකියාවන් ලෝකය මවිතයට පත් කරන තැනක තිබිණි. එහෙත් විදේශ ආක්‍රමණ නිසා එකී විශිෂ්ට ශිෂ්ටාචාරය අඛණ්ඩ ලෙස පැවැතියේ නැත. පළමුව සොළී ආක්‍රමණ නිසා රට හා රටේ සම්පත් විනාශ විය. දෙවනුව බටහිර ආක්‍රමණ නිසා රට මුළුමනින් ම විනාශවිය. ඉංග්‍රීසි ජාතිකයා රට මුළුමනින් ම වෙනස් කළේ ය. ජාතියේ චින්තනය පවා වෙනස් කළේ ය. අද පවා බොහෝ දෙනකු ළඟ ඇත්තේ සුද්දාගේ චින්තනය යි.

කුමන තත්ත්වයක් යටතේ වුව දේශීයත්වය රැකගැනීම උදෙසා වරින්-වර නායකයෝ පහළවූහ. බණ්ඩාරනායක මහතා නොවන්නට නිදහස් අධ්‍යාපනයක් ඉතිරි වන්නේ නැත. ස්වදේශික භාෂාවෙන් ඉගෙනීමේ අවස්ථාවක් ලැබෙන්නේ ද නැත. සුද්දාගේ අධ්‍යාපනය පැවැතියේ නම්; ගම්බද දුප්පත් පවුල්වල කිසිවකුට අධ්‍යාපන අවස්ථා ලැබෙන්නේ නැත. අපේ කර්මාන්ත බිහි වන්නේ නැත. ගොවියාට තැනක් ලැබෙන්නේ නැත. බස් ජනසතු වන්නේ නැත. බණ්ඩාරනායක මහතා සිදු කළේ දේශපාලන විප්ලවයකි. එම විප්ලවයේ ප්‍රධාන හවුල්කාරයා ඩී. ඒ. රාජපක්ෂ ය.

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැකගන්නට මෙලො වේ

සමත් වෙතොත් පුත නුඹ වේ

ටිබෙට් ජාතික මහින්ද හිමියන් නිවන් දකින්නට බණ කීවේ නැත. එහෙත් උන්වහන්සේගේ බණ දේශනාවල රට රැකගන්නා ආකාරය තිබිණි. ජාතිය හා ආගම රැකගන්නා ආකාරය තිබිණි. රටක් - ජාතියක් හා ආගමක් නැතිව නිවන් දකින්නට පුළුවන්කමක් නැත. ඒ අතින් බලනවිට අදට ගැළපෙන හොඳම බණ දේශනාව කර ඇත්තේ මිහිඳු හිමියන් යැයි සිතිය හැකි ය.

රටක විනාශය හෝ දියුණුව හෝ රැඳී ඇත්තේ ඒ රටේ නායකයන් ළඟ ය. ජාතියේ හා ආගමේ විනාශය හෝ දියුණුව හෝ රැඳී ඇත්තේ ද නායකයන් ළඟ ය. නිවැරැදි දැක්මක් ඇති නායකයන් සිටින රට දියුණුවට පත් වේ. නිවැරැදි දැක්මක් නැති නායකයන් සිටින රට විනාශයට පත් වේ. අපේ ඉතිහාසය විමසන විට දුටුගැමුණු මහරජු දැක්මක් ඇති නරපතියෙකි. මහා විජයබාහු දැක්මක් ඇති නරපතියෙකි. එබඳු ශ්‍රේෂ්ඨ නායකයන් නො වන්නට ශ්‍රී ලංකාවක් හා අපේ උරුමයක් ඉතිරි වන්නේ නැත. දකුණෙන් බිහි වූ මේ නායකයන්ගේ නාමාවලියට එකතු කළ යුතු තවත් නම් ගණනාවක් තිබේ. අද අපේ ලියැවිල්ල එබඳු පුරුෂයන් දෙදෙනකු ගැන ය.

එම යුග පුරුෂයෝ දෙදෙනා නම්; ඩී. ඒ. රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ ය. දොන් ඇල්වින් රාජපක්ෂ හෙවත් ඩී. ඒ. රාජපක්ෂ යනු ජනාධිපතිවරයාගේ පියා ය. එතුමාගේ හතළිස් හත්වන ගුණානුස්මරණය අද තංගල්ලේ දී පැවැත්වේ. ඩී. ඒ. රාජපක්ෂ මහතා කරුණු කිහිපයක් නිසා රටට හා ජාතියට වැදගත් වන නායකයෙකි. බණ්ඩාරනායක මහතාගේ මහජන ආණ්ඩුව හා දේශීය චින්තනය පසුපස සිටි ශක්තිමත් මිනිසා ඔහු ය. රටේ කෘෂිකර්මය හා වාරි කර්මාන්තය පිළිබඳ නිවැරැදි දැක්මක් ඇතිව කටයුතු කළ ඔහු කුඹුරු අක්කර දහස් ගණනක් වගා කරවීමට පියවර ගත්තේ ය.

ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් අතීත උරුමය අමතක කොට කටයුතු කිරීම විනාශයකට මුලක් බව ඩී. ඒ. රාජපක්ෂ මහතා දැනගෙන සිටියේ ය. බටහිරයන් විසින් ස්ථාපිත කරන ලද ධනපති ආර්ථික සම්ප්රදාය ශ්‍රී ලංකාවේ දුප්පත්කම තවදුරටත් වර්ධනය කරන බව ඔහු වටහාගෙන තිබිණි. එබැවින් ඔහු ගමන් කළේ දේශීය ආර්ථිකයේ මුල් ශක්තිමත් කරන තැනකට ය. රාජපක්ෂ මහතා කුඹුරට බැස්සේ ය. වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කළේ ය. රටේ ඉඩම් සම්පතින් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි සේ ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කළේ ය. එතුමා ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසින් රටේ ගොවි ජනතාවට සිදුකළ ඉමහත් සේවය අදත් බොහෝ දෙනාගේ ගෞරවයට ලක්වේ.

ඩී. ඒ. රාජපක්ෂ මහතා යනු නිවැරැදි දැක්මක් ඇතිව දේශපාලනයට සම්බන්ධ වූ නායකයෙකි. ඒ දැක්ම ඔහුගේ පුත්‍රයා වූ මහින්ද රාජපක්ෂ මහතාට ද ඒ ලෙසින්ම පිහිටන්නට ඇත. 2005 වන විට මේ රට තිබුණේ කාලකණ්ණි තත්ත්වයක ය. ඇතැම්හු රට හැර ගිය හ. අන්තර්ජාතික මූල්‍යායතන ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් ලෙස හැඳින්වීය. බැලූ-බැලූ අත තිබුණේ නිමක් නැති ගැටලු සමූහයෙකි. ආර්ථිකය බංකොළොත් ය. ලෝක බැංකුව ණය දෙන්නේ නැත. බටහිර රටවල් සිය සංචාරකයන්ට කියා සිටියේ ශ්‍රී ලංකාවට නම් යන්න එපා කියා ය. එහෙත් අද ලෝක බැංකුව කියා සිටින්නේ කුමක් ද? යන්න ව්‍යාපාර සඳහා දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව යැයි ඔව්හු කියා සිටිති.

මේ වෙනස සිදු කළේ කවු ද? එහි ගෞරවය රටේ පාලකයාට හිමිවිය යුතු ය. දේශපාලනයෙන්, අධ්‍යාපනයෙන්, පොදු පහසුකම් සැපැයීමෙන්, රැකියා අවස්ථා බිහිකිරීමෙන් අලුත් වෙනසක් රට තුළ ඇතිවී තිබේ. එය සමස්ත ආර්ථිකයේ පිබිදීමකි. 2016 වන විට රටේ ඒකපුද්ගල ආදායම ඇ. ඩො. 4000ක් ලෙස ගණන් බලා තිබේ. එය 2020 වන විට ඇ. ඩො. 10,000 දක්වා ඉහළ යනු ඇත.

[QUOTE="RanilWick, post: 17349755, member: 517349"] [b]යුග පුරුෂයෝ දෙදෙනෙක්![/b] [IMG]http://archives.dailynews.lk/2010/06/07/z_page-16-Mahinda01.jpg[/IMG] [SIZE="3"]මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා ගොවි රජකු ලෙස සැලැකිල්ලට ලක් වේ. ඔහුගේ කල්පනාව වූයේ ද ශ්‍රී ලංකාව කෘෂිකර්මයෙන් දියුණුවට පත් කළ යුතු බව ය. එහෙත් දකුණේ හම්බන්තොට වැනි පළාත්වල ජල ගැටලුව ගැන එතුමාගේ වැඩි අවධානයක් යොමු වූයේ නැත. හම්බන්තොට අයත් වන්නේ ශුෂ්ක කලාපයට ය. සාර්ථක වාරි තාක්ෂණයකින් තොරව හම්බන්තොට කුඹුරු වගා කළ නො හැකි ය. එවකට එක්සත් ජාතික පක්ෂයේ ම නියෝජිතයකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා විටින්-විට මේ ගැන ඉල්ලීම් ඉදිරිපත් කළේ ය. එහෙත් රටේ නායකයාගේ අවධානය එම ඉල්ලීම් වෙත යොමු වූයේ නැත. රාජපක්ෂ මහතා තමන්ගේ ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගත යුතුව තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමේ කතාවට මේ සිද්ධියත් සම්බන්ධ ය. බණ්ඩාරනායක මහතා පමණක් නොව; ඩී. ඒ. රාජපක්ෂ මහතා ද එක්සත් ජාතික පක්ෂයට එරෙහි ව ජනතාව පෙළ ගස්වන්නට පටන් ගත්තේය. දේශීය චින්තනයක්, මැද මාවතේ ආර්ථික සම්ප්රදායක්, විශිෂ්ට සංස්කෘතියක් යන දේශපාලන සැලැසුමක් ඔවුන් ළඟ තිබිණි. එදා එම දේශපාලන සටනට ඩී. ඒ. රාජපක්ෂ මහතා හවුල් වූයේ කුඹුරේ සිට ඡන්ද ඉල්ලුම්පත අස්සන් කරමින් ය. ශ්‍රී ලංකාව විශිෂ්ට ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රාජ්‍යයක් බවට පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් සනාථ වී තිබේ. අපේ වාරි තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණය, කලා හැකියාවන් ලෝකය මවිතයට පත් කරන තැනක තිබිණි. එහෙත් විදේශ ආක්‍රමණ නිසා එකී විශිෂ්ට ශිෂ්ටාචාරය අඛණ්ඩ ලෙස පැවැතියේ නැත. පළමුව සොළී ආක්‍රමණ නිසා රට හා රටේ සම්පත් විනාශ විය. දෙවනුව බටහිර ආක්‍රමණ නිසා රට මුළුමනින් ම විනාශවිය. ඉංග්‍රීසි ජාතිකයා රට මුළුමනින් ම වෙනස් කළේ ය. ජාතියේ චින්තනය පවා වෙනස් කළේ ය. අද පවා බොහෝ දෙනකු ළඟ ඇත්තේ සුද්දාගේ චින්තනය යි. කුමන තත්ත්වයක් යටතේ වුව දේශීයත්වය රැකගැනීම උදෙසා වරින්-වර නායකයෝ පහළවූහ. බණ්ඩාරනායක මහතා නොවන්නට නිදහස් අධ්‍යාපනයක් ඉතිරි වන්නේ නැත. ස්වදේශික භාෂාවෙන් ඉගෙනීමේ අවස්ථාවක් ලැබෙන්නේ ද නැත. සුද්දාගේ අධ්‍යාපනය පැවැතියේ නම්; ගම්බද දුප්පත් පවුල්වල කිසිවකුට අධ්‍යාපන අවස්ථා ලැබෙන්නේ නැත. අපේ කර්මාන්ත බිහි වන්නේ නැත. ගොවියාට තැනක් ලැබෙන්නේ නැත. බස් ජනසතු වන්නේ නැත. බණ්ඩාරනායක මහතා සිදු කළේ දේශපාලන විප්ලවයකි. එම විප්ලවයේ ප්‍රධාන හවුල්කාරයා ඩී. ඒ. රාජපක්ෂ ය. ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලො වේ සමත් වෙතොත් පුත නුඹ වේ ටිබෙට් ජාතික මහින්ද හිමියන් නිවන් දකින්නට බණ කීවේ නැත. එහෙත් උන්වහන්සේගේ බණ දේශනාවල රට රැකගන්නා ආකාරය තිබිණි. ජාතිය හා ආගම රැකගන්නා ආකාරය තිබිණි. රටක් - ජාතියක් හා ආගමක් නැතිව නිවන් දකින්නට පුළුවන්කමක් නැත. ඒ අතින් බලනවිට අදට ගැළපෙන හොඳම බණ දේශනාව කර ඇත්තේ මිහිඳු හිමියන් යැයි සිතිය හැකි ය. [IMG]http://thuppahi.files.wordpress.com/2014/05/d-a-rajapaksha-colombotelegraph.jpg[/IMG] රටක විනාශය හෝ දියුණුව හෝ රැඳී ඇත්තේ ඒ රටේ නායකයන් ළඟ ය. ජාතියේ හා ආගමේ විනාශය හෝ දියුණුව හෝ රැඳී ඇත්තේ ද නායකයන් ළඟ ය. නිවැරැදි දැක්මක් ඇති නායකයන් සිටින රට දියුණුවට පත් වේ. නිවැරැදි දැක්මක් නැති නායකයන් සිටින රට විනාශයට පත් වේ. අපේ ඉතිහාසය විමසන විට දුටුගැමුණු මහරජු දැක්මක් ඇති නරපතියෙකි. මහා විජයබාහු දැක්මක් ඇති නරපතියෙකි. එබඳු ශ්‍රේෂ්ඨ නායකයන් නො වන්නට ශ්‍රී ලංකාවක් හා අපේ උරුමයක් ඉතිරි වන්නේ නැත. දකුණෙන් බිහි වූ මේ නායකයන්ගේ නාමාවලියට එකතු කළ යුතු තවත් නම් ගණනාවක් තිබේ. අද අපේ ලියැවිල්ල එබඳු පුරුෂයන් දෙදෙනකු ගැන ය. එම යුග පුරුෂයෝ දෙදෙනා නම්; ඩී. ඒ. රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ ය. දොන් ඇල්වින් රාජපක්ෂ හෙවත් ඩී. ඒ. රාජපක්ෂ යනු ජනාධිපතිවරයාගේ පියා ය. එතුමාගේ හතළිස් හත්වන ගුණානුස්මරණය අද තංගල්ලේ දී පැවැත්වේ. ඩී. ඒ. රාජපක්ෂ මහතා කරුණු කිහිපයක් නිසා රටට හා ජාතියට වැදගත් වන නායකයෙකි. බණ්ඩාරනායක මහතාගේ මහජන ආණ්ඩුව හා දේශීය චින්තනය පසුපස සිටි ශක්තිමත් මිනිසා ඔහු ය. රටේ කෘෂිකර්මය හා වාරි කර්මාන්තය පිළිබඳ නිවැරැදි දැක්මක් ඇතිව කටයුතු කළ ඔහු කුඹුරු අක්කර දහස් ගණනක් වගා කරවීමට පියවර ගත්තේ ය. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් අතීත උරුමය අමතක කොට කටයුතු කිරීම විනාශයකට මුලක් බව ඩී. ඒ. රාජපක්ෂ මහතා දැනගෙන සිටියේ ය. බටහිරයන් විසින් ස්ථාපිත කරන ලද ධනපති ආර්ථික සම්ප්රදාය ශ්‍රී ලංකාවේ දුප්පත්කම තවදුරටත් වර්ධනය කරන බව ඔහු වටහාගෙන තිබිණි. එබැවින් ඔහු ගමන් කළේ දේශීය ආර්ථිකයේ මුල් ශක්තිමත් කරන තැනකට ය. රාජපක්ෂ මහතා කුඹුරට බැස්සේ ය. වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කළේ ය. රටේ ඉඩම් සම්පතින් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි සේ ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කළේ ය. එතුමා ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසින් රටේ ගොවි ජනතාවට සිදුකළ ඉමහත් සේවය අදත් බොහෝ දෙනාගේ ගෞරවයට ලක්වේ. ඩී. ඒ. රාජපක්ෂ මහතා යනු නිවැරැදි දැක්මක් ඇතිව දේශපාලනයට සම්බන්ධ වූ නායකයෙකි. ඒ දැක්ම ඔහුගේ පුත්‍රයා වූ මහින්ද රාජපක්ෂ මහතාට ද ඒ ලෙසින්ම පිහිටන්නට ඇත. 2005 වන විට මේ රට තිබුණේ කාලකණ්ණි තත්ත්වයක ය. ඇතැම්හු රට හැර ගිය හ. අන්තර්ජාතික මූල්‍යායතන ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් ලෙස හැඳින්වීය. බැලූ-බැලූ අත තිබුණේ නිමක් නැති ගැටලු සමූහයෙකි. ආර්ථිකය බංකොළොත් ය. ලෝක බැංකුව ණය දෙන්නේ නැත. බටහිර රටවල් සිය සංචාරකයන්ට කියා සිටියේ ශ්‍රී ලංකාවට නම් යන්න එපා කියා ය. එහෙත් අද ලෝක බැංකුව කියා සිටින්නේ කුමක් ද? යන්න ව්‍යාපාර සඳහා දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව යැයි ඔව්හු කියා සිටිති. මේ වෙනස සිදු කළේ කවු ද? එහි ගෞරවය රටේ පාලකයාට හිමිවිය යුතු ය. දේශපාලනයෙන්, අධ්‍යාපනයෙන්, පොදු පහසුකම් සැපැයීමෙන්, රැකියා අවස්ථා බිහිකිරීමෙන් අලුත් වෙනසක් රට තුළ ඇතිවී තිබේ. එය සමස්ත ආර්ථිකයේ පිබිදීමකි. 2016 වන විට රටේ ඒකපුද්ගල ආදායම ඇ. ඩො. 4000ක් ලෙස ගණන් බලා තිබේ. එය 2020 වන විට ඇ. ඩො. 10,000 දක්වා ඉහළ යනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom