Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
යුද්දය ඉල්ලන උබට යුද්දය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්දය ඉල්ලන උබට යුද්දය

යුද්ද කාලේ ජීවිතේ වැඩි කාලයක් ගත උනේ බංකර වල. බංකරය අපිට ගෙදර වගේ උණා. ඒත් අපේ දුප්පත් ගෙදර තිබ්බ සැප පහසුව ආරක්ෂාව බංකරයේ තිබුනේ නැහැ. නමුත් අපි රාජකාරියකට වඩා කැපවීමක් කරලා බංකර ආරක්ෂා කළා. දැන් යුද්දෙ ඉවරයි. දැන් මොකටද ආමිකාරයෝ. අපේ ජීවිත තාම එහෙම්මයි. යුද්දය ගැන මිනිසුන්ට අමතක වෙලා. එදා ගොඩින් මුහුදින් උඩින් ඇවිත් ටෙරා ගහන කොට මිනිසුන්ට අපි රණවිරුවෝ. කොළඹ බෝම්බ පිපිරිලා සිවිල් මිනිස්සු තොග ගණනේ මැරෙන කොට අපි මුර දේවතාවෝ. දැන් නම් අපි දෙකේ කොලේටම ගිහිල්ලා. නැත්නම් දෙකේ කොලේට දාලා.

එදා බංකරයේ අපි මදුරුවෝ කකා ත්රස්තයෝ පහර දෙයිද කියන දෙගිඩියාවෙන් හිටපු හැටි මතකයි. අපිත් එක්ක හිටපු කොල්ලෝ ගොඩක් දෙනෙක් අද අපි අතර නැහැ. ඉතුරු උන එවුන් ටිකත් සීසීකඩ ඉඳ හිට එකා දෙන්නා හමු වෙනවා. එතකොට අපි අතීත කතා මතක් කර ගන්නවා.

ට්‍රේනිං එක්කෙන් පස්සේ මාව කෙලින්ම දැම්මා පූනානි වලට. කෙලින්ම ගියේ බංකරයට. පොළව හාරලා පස් තට්ටු දෙපැත්තට දාලා යටට ලී පතුරු ගහලා උඩට තල් කොට දාපු නිවහන. රෑට මදුරුවෝ කනවා , දවල්ට අව් රශ්මිය දූවිලි පිරිලා. වැස්ස කාලෙට බංකරේ වතුර පිරෙනවා. එතකොට බූට්ස් ඇතුලෙත් වතුර. ඇවිදින කොට චොර චොර. සමහර විට මැස්සෝ පිරිලා. මල් හතයි. ඒ මදිවට පැය විසි හතරම සූදානමෙන් ඉන්න ඕනේ. නැත්තම් ටෙරා බෙල්ලත් කපලා අවියත් අරගෙන ගිහිල්ලා. ගාඩ් එකෙන් පස්සේ නින්දක් ගහන්න පුළුවන්. ඒත් අඩ නින්ද තමයි. පොඩි සද්දෙකටත් ගැස්සිලා ඇහැරෙනවා.

මුලින්ම ගිය කාලේ මට ටෙරාලව දැකගන්න හරිම අසාවක් තිබ්බා. ඉඳ හිට උන් රෑට ඇවිදින් පොඩි ෆයර් එකක් දීලා විඩ්රෝ වෙනවා. ඊට පස්සේ මුළු කඳවුරම ඇලර්ට් එකේ. සම්පූර්ණ රාත්‍රිය ඇහැ ඇරගෙන. උදේට ඔළුව තෝන්තු වෙලේ. ඒත් ගාඩ් ඩියුටි බංකර් හදන්න, වගේ වැඩ කෝටියක් තියනවා.

මම මුලින්ම ටෙරෙක් දැක්කේ අපේ කඳවුර රෙකී කරන්න ඇවිත් හිටපු කණ්ඩායමක කොල්ලෙක්. අපේ ටීම් එකක් ඉස්සරහා දාලා තිබුණා. උන් බඩගාගෙන එනකොට අපේ එවුන් ඇටෑක් කළා . රෙකීකාරයෝ දිව්වා , කකුලට වෙඩි වැදුණු ටෙරෙක් කොල්ලෝ කඳවුරට උස්සගෙන ආවා. ඌ අවුරුදු පහලවක විතර කොල්ලෙක්. කළු කෙට්ටු එකෙක්. හොඳටම බයවෙලා දෙමලෙන් සාමි සාමි කියලා වැඳ වැටෙන හැටි දැක්කම මට දුකත් හිතුණා. හැබැයි ඌ ලඟ මාර කුවිලේ. ගස් ගඳ , දාඩිය ගඳ උපරිමයට. කොල්ලට බේත් දැම්මේ නාවලා. පස්සේ උගෙන් තොරතුරු ගන්න බුද්ධි අංශයේ ලෙෆ්ටිනන්ට් සර් කෙනෙක් ආවා. සාජන් විමළවිර නම් කිව්වේ අල්ල ගත්ත ටෙරා හාල් කෑල්ලක් කියලා.

සාජන් විමළවිරගේ කතාව මට තේරුනේ සති දෙක තුනක් ගිහිල්ලා. අපේ ටීම් එකකට ටෙරා අැම්බුෂ් දාලා ගහලා තිබුණා. කොල්ලෝ තුන් දෙනෙක් එතනමයි. කොල්ලන් ගේ බොඩීස් කෑම්ප් එකට ගෙනාවා. මම එදා තමයි යුද්දෙන් මැරිච්ච මළ මිනී දැක්කේ. එක කොල්ලෙක් පොතුහැර. පවුලේ එකම කොල්ලා. ටෙරාගේ වෙඩි පාරට ඔළු කට්ට දෙබෑ වෙලා. සුදුපාටට මොලේ කෑලිද කොහෙද එළියට ඇවිත් තිබුණා. ඒක දැකලා මට කම්පනයක් ඇති උණා. පස්සේ ඔක්කොම බොඩීස් ඉටි කොළ වල ඔතලා යැව්වා.

මට මුලින්ම ටෙරා එක්ක ඇටෑක් එකකට සෙට් වෙන්න උනේ ජානක පුර ඉන්න කොට. අපි හිටියේ ඉදිරි ආරක්ෂක වළල්ලේ. එදා හඳ නැති රැයක්. අපි දැනගත්තා බඩු ෂුවර් කියලා. රෑ දෙකට විතර ඇටෑක් එක ආවා. මම එතකොට දවස් දෙකක් පිට පිට ඩියුටි කරලා හිටියේ. නිදිමත වෙහෙස අමතක කරලා ෆයර් එක දුන්නා.

අපේ බංකරයේ තව කොල්ලො දෙන්නෙක් හිටියා. එක කොල්ලෙක් අළුත් හාදයෙක්. මම ඌට කිව්වා එකම තැන ඉඳන් ෆයර් එක දෙන්න එපා ගින්දර පුපුරු එළියට යනකොට ටෙරා අපේ පොසිෂන් එක දැනගන්නවා , බංකරයේ තැනින් තැනින් ෆයර් එක දෙන්න කියලා. ඒ පොල් බූරුවා එකම තැන ඉඳන් වෙඩි තිබ්බා. ටෙරෙක් හොඳට ඉලක්කය අල්ලලා තියන්න අැති. අළුත් හාදයා එකපාරටම බිම වැටුණා. මම ෆයර් එක දෙන ගමන් කොල්ලා දිහා බැළුවා. ඌ කටින් ලේ දානවා. ශොට් එක බෙල්ලට වදින්න ඇති. අපිට කොල්ලට කිසිම උදව්වක් කරන්න විදියක් නැහැ. මමයි විමලසිරියි දෙපැත්තෙන් ෆයර් එක දුන්නා.

මට ඇහෙනවා ටෙරාලා කෑගහන සද්දේ. උන් ඕඩර් දෙනවා චාජ් චාජ් කියලා. සමහරු කෑගහනවා පුන්ඩෙ ආමි පුන්ඩෙ ආමි කියලා. මම දිගටම ෆයර් එක දුන්නා බංකරයේ තැනින් තැනට ගිහිල්ලා. උන් හිතන්න ඇති අපේ බංකරයේ පහක් හයක් විතර ඉන්නවා කියලා . ඒ නිසා ලඟට ආවේ නැහැ. ඒ අතර උන් මෝටාර් ගහන්න ගත්තා. තත්වය භයානකයි. මෝටාර් එකක් අපේ බංකරේට වැටුනොත් අපි දෙන්නා සෙට්ට පොච්චි.

එක පාරටම කළු දුමක් එක්ක බංකරේ පැත්තක් කඩාගෙන වැටුණා. මම හිතන්නේ උන් ආර් පී ජී එකක් ගහන්න ඇති. තල් කොටයක් මගේ ඔළුවට ඇදගෙන වැටුණා මම මොහොතකට සිහිසන් උණා. මොකවත් පේන්නේ නැහැ. ඇස් දෙකෙන් කලාමැදිරි එළි පේනවා. කන් දෙක අගුල් වැටිලා. ඒ අව් අස්සේ විමලසිරියා කෑගහනවා. විමලසිරි තුවාල වෙලා වගේ.

මම අඳුරේම අතපත ගාලා මැගසින් ටිකකුයි ග්‍රනේඩ් දෙකකුයි අතට ගත්තා. විමලසිරියගේ චායාව මම දැක්කා. විමලයා කොටේකට හිර වෙලා. ඒකෙන් එළියට එන්න මම විමලෙට උදව් කරා . තව දුරටත් බංකරේ හිටියොත් අපිත් බොඩීස් වෙනවා. මම ග්‍රනේඩ් එකක් එලියට ගැහුවා. ඒ කරලා විනාඩියක් විතර ෆයර් එකක් එළියට දුන්නා. ඊට පස්සේ විමලයවත් කර ගහගෙන බංකරෙන් එලියට ආවා. විමලෙගෙ අතට වෙඩි වැදිලා. අපි හිමීට කඳවුර දිහාට බඩ ගාගෙන ගියා.

ඒ අතරවාරේ කෑම්ප් එකේ ගාඩ් පොයින්ට් එකකින් පැරා එකක් ගැහුවා. එකේ එළියට මට ඈත පෙනුණා. අපේ දකුණු පැත්තේ බංකර් පේලියක් උන් ඕවරන් කරලා. මම මීටර් සීයක් විතර ඈතින් සතුරු කණ්ඩායමක් දැක්කා. උන් අපේ පැත්තට එනවා. මම පැරා එකේ එළියෙන් ඉලක්කය අරගෙන උන්ට වෙඩි තිබ්බා. දෙන්නෙක් වැටුණා. අනිත් එවුන් ඩවුන් ගියා. ඒ අතරෙදි මම කඳවුර පැත්තට බඩ ගෑවා. විමලයත් අමාරුවෙන් මගේ පිටිපස්සෙන් ආවා.

අපි කඳවුර ලඟදී රී ගෘප් වෙලා ප්‍රහාරයක් දුන්නා. ප්‍රහාරය උදේ වෙනකම් ගියා. උදේ චොපර් දෙකක් ආවා අපේ සහයට. එතකොට ටෙරාලා කැලේට මාරු උණා. උන් ගියේ අපේ බංකර් හයක් විනාස කරලා. අපේ කොල්ලෝ විස්සක් විතර මැරිලා හිටියා. උන් ගේ මැරිච්ච එවුන් උන් ගෙනියන්න ඇති. අපේ තුවාලකාරයෝත් හිටියා. අමාරු කට්ටිය චොපර් එකේ දාලා යැව්වා. ඒක තමයි මම මුහුණ දුන්න මුල්ම ලොකුම ඇටෑක් එක. ඊට පස්සේ කොච්චර ක්‍රියාන්විත අත්දැකීම් ලැබුවද . පොතක් ලියන්න පුළුවන් ඒ අත්දැකීම් එක්ක.

නැදුන්කර්නි වලදී අපි එක්ක එස් ආර් කොල්ලෝ සෙට් එකක් හිටියා. එක කොල්ලෙක් හිටියා අහිංසක එකෙක්. දවසක් පිකට් එකකදී මූ එල්ටීටීඊ කෙල්ලො දෙන්නෙක් පඳුරක් ලඟ ඉන්නව දැකලා. කෙල්ලෝ නිසා මූ වෙඩි තියලා නැහැ. ඒත් උන් මූට වෙඩි තියලා කැලේට රිංගලා තියනවා. වෙඩි හඞ නිසා කට්ටිය එනකොට කොල්ලා ලේ හලාගෙන බිම වැටිලා ඉන්නවලු. ශොට් එක මුගේ බඩට වැදිලා. ඒත් ඌට සිහිය තිබිලා සාජන්ට විස්තරය කියලා. ඇයි උඹ උන්ව දැකලත් වෙඩි තිබ්බේ නැත්තේ කියලා සාජන් අහලා. එතකොට කොල්ලා කියලා කොහොමද සාජන් කෙල්ලන්ට වෙඩි තියන්නේ අපිටත් නංගිලා අක්කලා ඉන්නවනේ කියලා. සාජන් මූට කුණුහර්පෙන් බැණ බැණ කෑම්ප් එකට ගෙනාවා. ඒත් පස්සේ කොල්ලා මළා කියලා මට ආරංචිය ආවා.

මම මුහමාලේ ඉන්න කොට අපිත් එක්ක හිටියා එස් එෆ් කොල්ලෝ කට්ටියක්. එස් එෆ් කොල්ලෝ ලඟ ඉන්නකොට බයක් නැහැ , නියම කොල්ලෝ. රෙකී වලට ගිහින් ටෙරාලගෙ බෙළි කපාගෙන සිලි සිලි බෑග් වල දාගෙන එනව. යුද්දය එහෙමයි අපි බංකරේ නිදාගෙන හිටියොත් ටෙරා අපේ බෙළි කපාගෙන යනවා. එක්කෝ උන් නැත්නම් අපි

අපිත් එක්ක බංකර වල එකට ඩියුටි කරපු එක බත් පිඟාන බෙදාගෙන කාපු කොල්ලෝ කී දෙනෙක් මේ යුද්දය නිසා මැරුණද. ගලේවෙල ප්‍රියන්ත ආටියක් වැදිලා කෑලි උණා. අපි දවල් බත් කකා ඉන්න කොට සූ ගාගෙන සාද්දයක් ආවා. මට තෙරුණා ආටියක් තමයි කියලා. මම බත් පිඟාන අත ඇරලා කෑගෑහුවා ඩවුන් පලයාං කියලා. අපි ඩවුන් ගියා. ප්‍රියන්තය හිටියේ කෑම ගෙනාපු ටැට්ටරේ ලඟ. කන් බිහිරි වෙන හඞයි , කළු දුමයි මම දැක්කා. ඒ එක්කම තව ආටි ආවා. මම තල් ගස් පෙළකට මුවා උණා. පැය භාගයකට පස්සේ ආටි වැස්ස තුරල් උණා. බලන කොට ප්‍රියන්තයා කෑලි . මස් වැදළි ටැට්ටරේත් තිබුනා. තව මෙඩිකල් කෝ සාජන් කෙනෙක් ගේ කකුල් දෙකම දණහිස් ලඟින් ඉවරයි.

මිරුසුවිල් වලදී මම දැක්කා බට්ටෙකුට කකුල ගිය කොල්ලෙක්. කොල්ලා අඩිය තියපු තැන වලක් හෑරිලා. දණහිසෙන් පහත මස් කෑලි එල්ලෙනවා. බූට් එක පැලිලා. දණහිසෙන් පහළ කොටස එක්ක විසිවෙලා.

දවසක් අපි පොඩි ටීම් එකක් රෑ කැලේ යනකොට කැලේ පඳුරු සර සර ගාන සද්දයක් ආවා. මට සැකයක් ආවා. මම ඉස්සරහින් ගිය සාජන් ගේ කනට කෙඳිරුවා සාජන් ඉස්සරහ බඩු ඉන්නව වගේ කියලා. අපි මොහොතක් ඉදිරියට යාම නවත්වලා හොඳට අඳුරට කන්දීගෙන හිටියා. මට ඇහුනා මොකක්දෝ අපේ ඉදිරියට වැටෙන සද්දයක්. මට මොහොතකින් තේරුණා ග්‍රනේඩ් එකක් තමයි කියලා. අපිට අණතුරු අඟවන්නවත් වෙලාවක් තිබුනේ නැහැ. මමයි සාජනුයි කෝපල් නිස්සංකයි ඩවුන් ගියා. ඒ එක්කම ග්‍රනේඩ් එක පිපුරුණා. ඩවුන් යන්න පරක්කු වෙච්චි ප්රයිවෙට්ලා දෙන්නෙක්ට ග්‍රනේඩ් කෑළි වැදුණා. ඒ එක්කම අපි ෆයර් එකක් දුන්නා. අපේ ෆයර් එකට මූණ දෙන්න බැරුව වෙන්න ඇති උන් විඩ්රෝ උණා. එක කොල්ලෙක්ට කෑලි වැදිලා තිබ්බේ යන්තමට. උගේ පුචස් නිසා කෑලි අැඟ ඇතුලට වැදිලා නැහැ. අනෙක් කොල්ලාගේ නළල පැත්තට ග්‍රනේඩ් කෑළි වැදිලා මූණ පුරවලා ලේ. අපි අමාරුවෙන් කොල්ලව කෑම්ප් එකට කර ගහගෙන ගෙනාවා. ඒත් අතරමගදී කොල්ලා මළා.

කොල්ලන් ගේ මරණ ගෙවල් වල ඩියුටි යන තරම් වදයක් මට නැහැ. මේ යුද්දෙන් මැරුනේ ගම් වල හිටපු දුප්පත් කොල්ලෝ. සමහර කොල්ලන් ගේ ගෙවල් වල මිනී පෙට්ටිය තියන්නවත් ඉඩ නැහැ. එක සැරයක් ඇළහැර කොල්ලෙක් ගේ බොඩියක් අරගෙන අපි ගියා. කොල්ලා ගේ ගෙදර කටුමැටි ගෙයක්. අපි ඉටි කොළ වලින් අවරණයක් හැදුවා. ඒකේ තමයි පාංසුකූලේ දුන්නේ.

මරණ ගෙවල් වලදී කොල්ලන් ගේ අම්මලා අක්කලා නංගිලා මිනී පෙට්ටිය බදාගෙන අඞනවා, විලාප තියනවා. ඒ වෙලාවට මගේ ඇඟ පණ නැති වෙලා යනවා. අමාරුවෙන් තමයි මම සීරුවෙන් ඉන්නේ.

බංකර වල අපේ තරුණ ජීවිත ඔහේ ගෙවිලා ගියා. මාස ගනන් ඩියුටිය අදිනවා. අතට එන නිවාඩුව කැන්සල් වෙලා යනවා. අපි ආපහු බර අදිනවා. අපේ කොල්ලෙක් හිටියා සමරේ කියලා. සමරේ නිවාඩුවට ගිහිල්ලා කසාද බැන්දා. ආපහු ඇවිත් හිටියේ නිවාඩු යනකම් . එතකොට රිවිරැස මෙහෙයුම පටන් ගෙන නිවාඩු මාස ගණන් කැන්සල් කරලා. සමරේ හිටියේ අප්සෙට් එකේ අළුත බැඳපු බිරිඳ බලන්න යන්න බැරුව. දවසක් මම හවසක බංකරේ ඩියුටිය හමාර කරලා එළි බහින්න ගියා. මම දැක්කා සමරේ පඳුරක් අස්සට වෙලා ස්වයං වින්දනයේ යෙදෙනවා. මට සමරේ ගැන ආවේ දුකක්. මම හිමීට හැරිලා ආවා. ඔන්න ඔහොමයි අපේ තරුණ ජීවිත තල් කොට පොල් කොට අස්සේ දියවෙලා ගියේ. සමහර කොල්ලෝ බංකරයේ තියන පාළුව මකා ගන්න මලක් එහෙමත් ගහනව. ඒත් සර්ලට අහු උනොත් පෝරියල්. ඒ නිසා හොරෙන් තමයි දුම ඇද්දේ.

සමහර අණ්ඩයෝ ඉන්නවා කොළු සීන් වලට බර. එක සාජන් කෙනෙක් හිටියා මේ සබ්ජෙක්ට් එකේ. ඌ පටි තුනේ සාජන් කෙනෙක් උණාට අම්බ ලොසා. අළුතින් කොල්ලෙක් බංකර් ඩියුටියට ආවොත් බොරුවට ලෙඩක් ඇදලා උගෙන් සරීර උදව්වක් බලාපොරොත්තු වෙනවා. දවසක් මේ සාජන් අළුත් කොල්ලෙක් රෑ ඩියුටි ඉන්න කොට කොල්ලා ඩියුටිය වෙලාවෙ නිදාගෙන හිටියා කියලා බොරු චාජ් එකක් දාලා කොල්ලාගෙන් සරීර උදව්වක් ඩිමාන්ඩ් කරා චාජ් එක ශේප් කරන්න. කොල්ලා එකඟ උනේ නැහැ. සාජන් ගේ සබ්ජෙක්ට් එකේ කැප්ටන් කෙනෙකුත් හිටියා. කැප්ටන් ගත්තේ සාජන් ගේ පැත්ත. ඒ නිසා කොල්ලා අසරණ උණා. සාජන් කොල්ලට කඳවුරු ජීවිතය වහක් කෙරුවා. අන්තිමේදී කොල්ලා තම අවියෙන් වෙඩි තියාගත්තා. මම ගොඩාක් කාලයක් බලාගෙන හිටියා මේ සාජන්ට ක්රියාන්විතයකදී වැඩක් දෙන්න . ඌ ඉන්න පැත්තට ග්‍රනේඩ් එකක් විසි කරන්න හරි පිටිපස්සේ ඉඳලා ශොට් එකක් තියන්න. ඒත් මට අවස්ථාව ආවේ නැහැ. මේ වගේ පහාරයෝ එක්කත් අපි බංකර වලදී ඔට්ටු උණා.

සමහර වෙලාවට අපි බංකර් අස්සේ කුරුටු ගී ලියනවා. ඒ කුරුටු ගී වලින් ගොඩක්ම කියවුනේ අපේ අසරණ බව , දුප්පත්කම, මුහුණ දෙන අසාධාරණකම්, ගමේ ඉන්න කෙල්ල ගැන , අම්මා ගැන , මිය ගිය සගයන් ගැන.

බංකරයේදී අපි විහිළුත් කරගන්නවා. අපි බයිට් කලේ සුරවීරයව. සුරයට හොඳ වෙන්නේ නැති බඩේ අමාරුවක් තිබ්බා. හැම තිස්සෙම බඩ අප්සෙට් වෙලා පඳුරු අස්සේ රිංගනවා. තෝ වෙලාවක බොගක් දාන්න ගිහිල්ලා පුකට වෙඩි පාරක් කනවා කියලා අපි හැමෝම සුරයට බනිනවා. ඒත් මූට ගානක් නැහැ. ඒ කිව්ව වගේම මූ දවසක් පඳුරක් අස්සේ වැටිලා හිටියා. වැසිකිළි යන්න පහත් වෙනකොට පොලඟක් තට්ටමට දෂ්ට කරලා.

බංකරයේ ඉන්න කොට කොටි ස්නයිපර්ලගෙන් පරිස්සම් වෙන්නත් ඕනේ. අපේ බංකර් එක වටේ ටකරං ගහලා තිබ්බා ස්නයිපර්ලගෙන් කවර් ගන්න. ඒත් ලිඳ ලඟ ටිකක් කවර් එක අඩුයි. දවසක් මම වතුර ගන්න යනකොට කන ලගින් කූං ගාලා මොකක්ද එකක් ගියා. මම ඉක්මනට එතනින් මාරු උණා . අපේ කොල්ලන්ටයි සාජන් පෙරේරටයි මේක කිව්වා. ඒත් කට්ටිය මගේ වචනේ ගනන් ගත්තේ නැහැ. දවස් දෙකයි ගියේ. කෝප්රල් රූපසිංහ ලිඳ ලඟ වැටිලා හිටියා. ශොට් එක වැදිලා තිබ්බේ කන ලඟට. කෝප්රල් රූපසිංහ වන් ශොට් ඩවුන්. ඊට පස්සේ තමයි ලිඳ ලඟ තව ටකරං ගහලා කවර් කලේ.

අපේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න වලදී අපි අසරණ වෙනවා. ක්‍රියාන්විතයේ දස්කම් නිසා මට පටි දෙකක් ලැබිලා තිබ්බේ. ඒත් නිවාඩුවකට ගෙදර හිටිය දවසක පොඩි එකාට වලිප්පුව හැදිලා ඉස්පිරිතාලේ ගෙනිච්චා. නිවාඩුව ඉවර උණත් පොඩි එකාගේ අසනීපය අඩු උනේ නැහැ. එ නිසා මම සුමාන දෙකක් ඇබ්සන්ට් උණා. ඒපාර ඩියුටි වාර්තා කරාම චාජ් එකෙත් යන්න උණා. මාව චාජ් එකේ යවලා එක පටියක් ගැලෙව්වා. කමක් නැහැ පොඩි එකා වෙනුවෙන් මම පටියක් දුන්නා. අපි යුද්ද කෙලේ පටි බලාන නෙවෙයි.

යුද්දය අවසාන කාලයේදී අපි සෑහෙන කට්ටක් කෑවා. දිවා රෑ නොබලා සටන් කරා .ඒත් යුද්දය ඉවර උන එකට අපිට සතුටුයි. ඒත් අපිට සාමය ආවේ නැහැ. යුද්දෙන් පස්සේ අපි කොන් වෙලා ගියා. උඩට ආවේ ගම් වල හිටපු සිපයි. දැන් ගම් වල ඉන්න මදාවියෝ හොරු , කසිප්පු කාරයෝ ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීලා වෙලා කැළෑවල වල ගස් කපනවා. වැළි ගොඩදානවා. කෙල්ලෝ දූෂණය කරනවා , ඉඩම් බලහත්කාරයෙන් අල්ල ගන්නවා. උන් තමයි ගම් වල අයියලා. මිනිස්සුන්ට ගහන්නේ මිනී මරන්නේ උන්. මරාගෙන මැරන කොටි එක්ක ගේමට ගිය අපිට මේ සිපයි මුං ඇට. මට නම් මේ සිපයි පැය විසි හතරෙන් නැති කරලා දාන්න පුළුවන්. එක මැගසින් එකයි රැම්බෝ පිහියයි මට ඇති. ඒත් අපි විනයක් තියන සොල්දාදුවෝ, ආමි ජිනේලා නෙවෙයි. ඒ නිසා ඔළුව පාත් කරගෙන මුංගේ විගඩම් දිහා බලාගෙන ඉන්නවා. අපි දැන් ලොස්. මොන කරන්නද. හැබැයි දරු පවුලට අතක් තියන්න ආවොත් ඌට සොරි තමයි.

යුද්දය මහා කුණාටුවක් වගේ. ලස්සන ජීවිත දහස් ගනනක් බිළි ගත්තා. දස දහසක් ජීවිත කඩලා බිඳලා දැම්මා. ඒත් සමහරු යුද්දයෙන් හැදුණා. සොල්දාදුවන් ගේ රැෂන් වලින් ගහපු සමහර නිලධාරීන් ගෙවල් දොරවල් හදා ගත්තා. ආයුධ ගෙන්වපු දේශපාලකයෝ කොමිස් වලින් කෝටි ගනන් උපයා ගත්තා. යුද්දය වෙළඳන් කරපු එන් ජී ඕ කාරයොත් තමන් ගේ ගතමනාව සොයා ගත්තා. ඒත් අපි දුප්පත් සොල්දාදුවෝ අපේ බිඳුණ ජීවිත හදාගන්න තවමත් සටන් කරනවා.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

[QUOTE="shedy, post: 20515310, member: 525371"] [b]යුද්දය ඉල්ලන උබට යුද්දය[/b] [SIZE="4"][COLOR="Green"]යුද්ද කාලේ ජීවිතේ වැඩි කාලයක් ගත උනේ බංකර වල. බංකරය අපිට ගෙදර වගේ උණා. ඒත් අපේ දුප්පත් ගෙදර තිබ්බ සැප පහසුව ආරක්ෂාව බංකරයේ තිබුනේ නැහැ. නමුත් අපි රාජකාරියකට වඩා කැපවීමක් කරලා බංකර ආරක්ෂා කළා. දැන් යුද්දෙ ඉවරයි. දැන් මොකටද ආමිකාරයෝ. අපේ ජීවිත තාම එහෙම්මයි. යුද්දය ගැන මිනිසුන්ට අමතක වෙලා. එදා ගොඩින් මුහුදින් උඩින් ඇවිත් ටෙරා ගහන කොට මිනිසුන්ට අපි රණවිරුවෝ. කොළඹ බෝම්බ පිපිරිලා සිවිල් මිනිස්සු තොග ගණනේ මැරෙන කොට අපි මුර දේවතාවෝ. දැන් නම් අපි දෙකේ කොලේටම ගිහිල්ලා. නැත්නම් දෙකේ කොලේට දාලා. එදා බංකරයේ අපි මදුරුවෝ කකා ත්රස්තයෝ පහර දෙයිද කියන දෙගිඩියාවෙන් හිටපු හැටි මතකයි. අපිත් එක්ක හිටපු කොල්ලෝ ගොඩක් දෙනෙක් අද අපි අතර නැහැ. ඉතුරු උන එවුන් ටිකත් සීසීකඩ ඉඳ හිට එකා දෙන්නා හමු වෙනවා. එතකොට අපි අතීත කතා මතක් කර ගන්නවා. ට්‍රේනිං එක්කෙන් පස්සේ මාව කෙලින්ම දැම්මා පූනානි වලට. කෙලින්ම ගියේ බංකරයට. පොළව හාරලා පස් තට්ටු දෙපැත්තට දාලා යටට ලී පතුරු ගහලා උඩට තල් කොට දාපු නිවහන. රෑට මදුරුවෝ කනවා , දවල්ට අව් රශ්මිය දූවිලි පිරිලා. වැස්ස කාලෙට බංකරේ වතුර පිරෙනවා. එතකොට බූට්ස් ඇතුලෙත් වතුර. ඇවිදින කොට චොර චොර. සමහර විට මැස්සෝ පිරිලා. මල් හතයි. ඒ මදිවට පැය විසි හතරම සූදානමෙන් ඉන්න ඕනේ. නැත්තම් ටෙරා බෙල්ලත් කපලා අවියත් අරගෙන ගිහිල්ලා. ගාඩ් එකෙන් පස්සේ නින්දක් ගහන්න පුළුවන්. ඒත් අඩ නින්ද තමයි. පොඩි සද්දෙකටත් ගැස්සිලා ඇහැරෙනවා. මුලින්ම ගිය කාලේ මට ටෙරාලව දැකගන්න හරිම අසාවක් තිබ්බා. ඉඳ හිට උන් රෑට ඇවිදින් පොඩි ෆයර් එකක් දීලා විඩ්රෝ වෙනවා. ඊට පස්සේ මුළු කඳවුරම ඇලර්ට් එකේ. සම්පූර්ණ රාත්‍රිය ඇහැ ඇරගෙන. උදේට ඔළුව තෝන්තු වෙලේ. ඒත් ගාඩ් ඩියුටි බංකර් හදන්න, වගේ වැඩ කෝටියක් තියනවා. මම මුලින්ම ටෙරෙක් දැක්කේ අපේ කඳවුර රෙකී කරන්න ඇවිත් හිටපු කණ්ඩායමක කොල්ලෙක්. අපේ ටීම් එකක් ඉස්සරහා දාලා තිබුණා. උන් බඩගාගෙන එනකොට අපේ එවුන් ඇටෑක් කළා . රෙකීකාරයෝ දිව්වා , කකුලට වෙඩි වැදුණු ටෙරෙක් කොල්ලෝ කඳවුරට උස්සගෙන ආවා. ඌ අවුරුදු පහලවක විතර කොල්ලෙක්. කළු කෙට්ටු එකෙක්. හොඳටම බයවෙලා දෙමලෙන් සාමි සාමි කියලා වැඳ වැටෙන හැටි දැක්කම මට දුකත් හිතුණා. හැබැයි ඌ ලඟ මාර කුවිලේ. ගස් ගඳ , දාඩිය ගඳ උපරිමයට. කොල්ලට බේත් දැම්මේ නාවලා. පස්සේ උගෙන් තොරතුරු ගන්න බුද්ධි අංශයේ ලෙෆ්ටිනන්ට් සර් කෙනෙක් ආවා. සාජන් විමළවිර නම් කිව්වේ අල්ල ගත්ත ටෙරා හාල් කෑල්ලක් කියලා. සාජන් විමළවිරගේ කතාව මට තේරුනේ සති දෙක තුනක් ගිහිල්ලා. අපේ ටීම් එකකට ටෙරා අැම්බුෂ් දාලා ගහලා තිබුණා. කොල්ලෝ තුන් දෙනෙක් එතනමයි. කොල්ලන් ගේ බොඩීස් කෑම්ප් එකට ගෙනාවා. මම එදා තමයි යුද්දෙන් මැරිච්ච මළ මිනී දැක්කේ. එක කොල්ලෙක් පොතුහැර. පවුලේ එකම කොල්ලා. ටෙරාගේ වෙඩි පාරට ඔළු කට්ට දෙබෑ වෙලා. සුදුපාටට මොලේ කෑලිද කොහෙද එළියට ඇවිත් තිබුණා. ඒක දැකලා මට කම්පනයක් ඇති උණා. පස්සේ ඔක්කොම බොඩීස් ඉටි කොළ වල ඔතලා යැව්වා. මට මුලින්ම ටෙරා එක්ක ඇටෑක් එකකට සෙට් වෙන්න උනේ ජානක පුර ඉන්න කොට. අපි හිටියේ ඉදිරි ආරක්ෂක වළල්ලේ. එදා හඳ නැති රැයක්. අපි දැනගත්තා බඩු ෂුවර් කියලා. රෑ දෙකට විතර ඇටෑක් එක ආවා. මම එතකොට දවස් දෙකක් පිට පිට ඩියුටි කරලා හිටියේ. නිදිමත වෙහෙස අමතක කරලා ෆයර් එක දුන්නා. අපේ බංකරයේ තව කොල්ලො දෙන්නෙක් හිටියා. එක කොල්ලෙක් අළුත් හාදයෙක්. මම ඌට කිව්වා එකම තැන ඉඳන් ෆයර් එක දෙන්න එපා ගින්දර පුපුරු එළියට යනකොට ටෙරා අපේ පොසිෂන් එක දැනගන්නවා , බංකරයේ තැනින් තැනින් ෆයර් එක දෙන්න කියලා. ඒ පොල් බූරුවා එකම තැන ඉඳන් වෙඩි තිබ්බා. ටෙරෙක් හොඳට ඉලක්කය අල්ලලා තියන්න අැති. අළුත් හාදයා එකපාරටම බිම වැටුණා. මම ෆයර් එක දෙන ගමන් කොල්ලා දිහා බැළුවා. ඌ කටින් ලේ දානවා. ශොට් එක බෙල්ලට වදින්න ඇති. අපිට කොල්ලට කිසිම උදව්වක් කරන්න විදියක් නැහැ. මමයි විමලසිරියි දෙපැත්තෙන් ෆයර් එක දුන්නා. මට ඇහෙනවා ටෙරාලා කෑගහන සද්දේ. උන් ඕඩර් දෙනවා චාජ් චාජ් කියලා. සමහරු කෑගහනවා පුන්ඩෙ ආමි පුන්ඩෙ ආමි කියලා. මම දිගටම ෆයර් එක දුන්නා බංකරයේ තැනින් තැනට ගිහිල්ලා. උන් හිතන්න ඇති අපේ බංකරයේ පහක් හයක් විතර ඉන්නවා කියලා . ඒ නිසා ලඟට ආවේ නැහැ. ඒ අතර උන් මෝටාර් ගහන්න ගත්තා. තත්වය භයානකයි. මෝටාර් එකක් අපේ බංකරේට වැටුනොත් අපි දෙන්නා සෙට්ට පොච්චි. එක පාරටම කළු දුමක් එක්ක බංකරේ පැත්තක් කඩාගෙන වැටුණා. මම හිතන්නේ උන් ආර් පී ජී එකක් ගහන්න ඇති. තල් කොටයක් මගේ ඔළුවට ඇදගෙන වැටුණා මම මොහොතකට සිහිසන් උණා. මොකවත් පේන්නේ නැහැ. ඇස් දෙකෙන් කලාමැදිරි එළි පේනවා. කන් දෙක අගුල් වැටිලා. ඒ අව් අස්සේ විමලසිරියා කෑගහනවා. විමලසිරි තුවාල වෙලා වගේ. මම අඳුරේම අතපත ගාලා මැගසින් ටිකකුයි ග්‍රනේඩ් දෙකකුයි අතට ගත්තා. විමලසිරියගේ චායාව මම දැක්කා. විමලයා කොටේකට හිර වෙලා. ඒකෙන් එළියට එන්න මම විමලෙට උදව් කරා . තව දුරටත් බංකරේ හිටියොත් අපිත් බොඩීස් වෙනවා. මම ග්‍රනේඩ් එකක් එලියට ගැහුවා. ඒ කරලා විනාඩියක් විතර ෆයර් එකක් එළියට දුන්නා. ඊට පස්සේ විමලයවත් කර ගහගෙන බංකරෙන් එලියට ආවා. විමලෙගෙ අතට වෙඩි වැදිලා. අපි හිමීට කඳවුර දිහාට බඩ ගාගෙන ගියා. ඒ අතරවාරේ කෑම්ප් එකේ ගාඩ් පොයින්ට් එකකින් පැරා එකක් ගැහුවා. එකේ එළියට මට ඈත පෙනුණා. අපේ දකුණු පැත්තේ බංකර් පේලියක් උන් ඕවරන් කරලා. මම මීටර් සීයක් විතර ඈතින් සතුරු කණ්ඩායමක් දැක්කා. උන් අපේ පැත්තට එනවා. මම පැරා එකේ එළියෙන් ඉලක්කය අරගෙන උන්ට වෙඩි තිබ්බා. දෙන්නෙක් වැටුණා. අනිත් එවුන් ඩවුන් ගියා. ඒ අතරෙදි මම කඳවුර පැත්තට බඩ ගෑවා. විමලයත් අමාරුවෙන් මගේ පිටිපස්සෙන් ආවා. අපි කඳවුර ලඟදී රී ගෘප් වෙලා ප්‍රහාරයක් දුන්නා. ප්‍රහාරය උදේ වෙනකම් ගියා. උදේ චොපර් දෙකක් ආවා අපේ සහයට. එතකොට ටෙරාලා කැලේට මාරු උණා. උන් ගියේ අපේ බංකර් හයක් විනාස කරලා. අපේ කොල්ලෝ විස්සක් විතර මැරිලා හිටියා. උන් ගේ මැරිච්ච එවුන් උන් ගෙනියන්න ඇති. අපේ තුවාලකාරයෝත් හිටියා. අමාරු කට්ටිය චොපර් එකේ දාලා යැව්වා. ඒක තමයි මම මුහුණ දුන්න මුල්ම ලොකුම ඇටෑක් එක. ඊට පස්සේ කොච්චර ක්‍රියාන්විත අත්දැකීම් ලැබුවද . පොතක් ලියන්න පුළුවන් ඒ අත්දැකීම් එක්ක. නැදුන්කර්නි වලදී අපි එක්ක එස් ආර් කොල්ලෝ සෙට් එකක් හිටියා. එක කොල්ලෙක් හිටියා අහිංසක එකෙක්. දවසක් පිකට් එකකදී මූ එල්ටීටීඊ කෙල්ලො දෙන්නෙක් පඳුරක් ලඟ ඉන්නව දැකලා. කෙල්ලෝ නිසා මූ වෙඩි තියලා නැහැ. ඒත් උන් මූට වෙඩි තියලා කැලේට රිංගලා තියනවා. වෙඩි හඞ නිසා කට්ටිය එනකොට කොල්ලා ලේ හලාගෙන බිම වැටිලා ඉන්නවලු. ශොට් එක මුගේ බඩට වැදිලා. ඒත් ඌට සිහිය තිබිලා සාජන්ට විස්තරය කියලා. ඇයි උඹ උන්ව දැකලත් වෙඩි තිබ්බේ නැත්තේ කියලා සාජන් අහලා. එතකොට කොල්ලා කියලා කොහොමද සාජන් කෙල්ලන්ට වෙඩි තියන්නේ අපිටත් නංගිලා අක්කලා ඉන්නවනේ කියලා. සාජන් මූට කුණුහර්පෙන් බැණ බැණ කෑම්ප් එකට ගෙනාවා. ඒත් පස්සේ කොල්ලා මළා කියලා මට ආරංචිය ආවා. මම මුහමාලේ ඉන්න කොට අපිත් එක්ක හිටියා එස් එෆ් කොල්ලෝ කට්ටියක්. එස් එෆ් කොල්ලෝ ලඟ ඉන්නකොට බයක් නැහැ , නියම කොල්ලෝ. රෙකී වලට ගිහින් ටෙරාලගෙ බෙළි කපාගෙන සිලි සිලි බෑග් වල දාගෙන එනව. යුද්දය එහෙමයි අපි බංකරේ නිදාගෙන හිටියොත් ටෙරා අපේ බෙළි කපාගෙන යනවා. එක්කෝ උන් නැත්නම් අපි අපිත් එක්ක බංකර වල එකට ඩියුටි කරපු එක බත් පිඟාන බෙදාගෙන කාපු කොල්ලෝ කී දෙනෙක් මේ යුද්දය නිසා මැරුණද. ගලේවෙල ප්‍රියන්ත ආටියක් වැදිලා කෑලි උණා. අපි දවල් බත් කකා ඉන්න කොට සූ ගාගෙන සාද්දයක් ආවා. මට තෙරුණා ආටියක් තමයි කියලා. මම බත් පිඟාන අත ඇරලා කෑගෑහුවා ඩවුන් පලයාං කියලා. අපි ඩවුන් ගියා. ප්‍රියන්තය හිටියේ කෑම ගෙනාපු ටැට්ටරේ ලඟ. කන් බිහිරි වෙන හඞයි , කළු දුමයි මම දැක්කා. ඒ එක්කම තව ආටි ආවා. මම තල් ගස් පෙළකට මුවා උණා. පැය භාගයකට පස්සේ ආටි වැස්ස තුරල් උණා. බලන කොට ප්‍රියන්තයා කෑලි . මස් වැදළි ටැට්ටරේත් තිබුනා. තව මෙඩිකල් කෝ සාජන් කෙනෙක් ගේ කකුල් දෙකම දණහිස් ලඟින් ඉවරයි. මිරුසුවිල් වලදී මම දැක්කා බට්ටෙකුට කකුල ගිය කොල්ලෙක්. කොල්ලා අඩිය තියපු තැන වලක් හෑරිලා. දණහිසෙන් පහත මස් කෑලි එල්ලෙනවා. බූට් එක පැලිලා. දණහිසෙන් පහළ කොටස එක්ක විසිවෙලා. දවසක් අපි පොඩි ටීම් එකක් රෑ කැලේ යනකොට කැලේ පඳුරු සර සර ගාන සද්දයක් ආවා. මට සැකයක් ආවා. මම ඉස්සරහින් ගිය සාජන් ගේ කනට කෙඳිරුවා සාජන් ඉස්සරහ බඩු ඉන්නව වගේ කියලා. අපි මොහොතක් ඉදිරියට යාම නවත්වලා හොඳට අඳුරට කන්දීගෙන හිටියා. මට ඇහුනා මොකක්දෝ අපේ ඉදිරියට වැටෙන සද්දයක්. මට මොහොතකින් තේරුණා ග්‍රනේඩ් එකක් තමයි කියලා. අපිට අණතුරු අඟවන්නවත් වෙලාවක් තිබුනේ නැහැ. මමයි සාජනුයි කෝපල් නිස්සංකයි ඩවුන් ගියා. ඒ එක්කම ග්‍රනේඩ් එක පිපුරුණා. ඩවුන් යන්න පරක්කු වෙච්චි ප්රයිවෙට්ලා දෙන්නෙක්ට ග්‍රනේඩ් කෑළි වැදුණා. ඒ එක්කම අපි ෆයර් එකක් දුන්නා. අපේ ෆයර් එකට මූණ දෙන්න බැරුව වෙන්න ඇති උන් විඩ්රෝ උණා. එක කොල්ලෙක්ට කෑලි වැදිලා තිබ්බේ යන්තමට. උගේ පුචස් නිසා කෑලි අැඟ ඇතුලට වැදිලා නැහැ. අනෙක් කොල්ලාගේ නළල පැත්තට ග්‍රනේඩ් කෑළි වැදිලා මූණ පුරවලා ලේ. අපි අමාරුවෙන් කොල්ලව කෑම්ප් එකට කර ගහගෙන ගෙනාවා. ඒත් අතරමගදී කොල්ලා මළා. කොල්ලන් ගේ මරණ ගෙවල් වල ඩියුටි යන තරම් වදයක් මට නැහැ. මේ යුද්දෙන් මැරුනේ ගම් වල හිටපු දුප්පත් කොල්ලෝ. සමහර කොල්ලන් ගේ ගෙවල් වල මිනී පෙට්ටිය තියන්නවත් ඉඩ නැහැ. එක සැරයක් ඇළහැර කොල්ලෙක් ගේ බොඩියක් අරගෙන අපි ගියා. කොල්ලා ගේ ගෙදර කටුමැටි ගෙයක්. අපි ඉටි කොළ වලින් අවරණයක් හැදුවා. ඒකේ තමයි පාංසුකූලේ දුන්නේ. මරණ ගෙවල් වලදී කොල්ලන් ගේ අම්මලා අක්කලා නංගිලා මිනී පෙට්ටිය බදාගෙන අඞනවා, විලාප තියනවා. ඒ වෙලාවට මගේ ඇඟ පණ නැති වෙලා යනවා. අමාරුවෙන් තමයි මම සීරුවෙන් ඉන්නේ. බංකර වල අපේ තරුණ ජීවිත ඔහේ ගෙවිලා ගියා. මාස ගනන් ඩියුටිය අදිනවා. අතට එන නිවාඩුව කැන්සල් වෙලා යනවා. අපි ආපහු බර අදිනවා. අපේ කොල්ලෙක් හිටියා සමරේ කියලා. සමරේ නිවාඩුවට ගිහිල්ලා කසාද බැන්දා. ආපහු ඇවිත් හිටියේ නිවාඩු යනකම් . එතකොට රිවිරැස මෙහෙයුම පටන් ගෙන නිවාඩු මාස ගණන් කැන්සල් කරලා. සමරේ හිටියේ අප්සෙට් එකේ අළුත බැඳපු බිරිඳ බලන්න යන්න බැරුව. දවසක් මම හවසක බංකරේ ඩියුටිය හමාර කරලා එළි බහින්න ගියා. මම දැක්කා සමරේ පඳුරක් අස්සට වෙලා ස්වයං වින්දනයේ යෙදෙනවා. මට සමරේ ගැන ආවේ දුකක්. මම හිමීට හැරිලා ආවා. ඔන්න ඔහොමයි අපේ තරුණ ජීවිත තල් කොට පොල් කොට අස්සේ දියවෙලා ගියේ. සමහර කොල්ලෝ බංකරයේ තියන පාළුව මකා ගන්න මලක් එහෙමත් ගහනව. ඒත් සර්ලට අහු උනොත් පෝරියල්. ඒ නිසා හොරෙන් තමයි දුම ඇද්දේ. සමහර අණ්ඩයෝ ඉන්නවා කොළු සීන් වලට බර. එක සාජන් කෙනෙක් හිටියා මේ සබ්ජෙක්ට් එකේ. ඌ පටි තුනේ සාජන් කෙනෙක් උණාට අම්බ ලොසා. අළුතින් කොල්ලෙක් බංකර් ඩියුටියට ආවොත් බොරුවට ලෙඩක් ඇදලා උගෙන් සරීර උදව්වක් බලාපොරොත්තු වෙනවා. දවසක් මේ සාජන් අළුත් කොල්ලෙක් රෑ ඩියුටි ඉන්න කොට කොල්ලා ඩියුටිය වෙලාවෙ නිදාගෙන හිටියා කියලා බොරු චාජ් එකක් දාලා කොල්ලාගෙන් සරීර උදව්වක් ඩිමාන්ඩ් කරා චාජ් එක ශේප් කරන්න. කොල්ලා එකඟ උනේ නැහැ. සාජන් ගේ සබ්ජෙක්ට් එකේ කැප්ටන් කෙනෙකුත් හිටියා. කැප්ටන් ගත්තේ සාජන් ගේ පැත්ත. ඒ නිසා කොල්ලා අසරණ උණා. සාජන් කොල්ලට කඳවුරු ජීවිතය වහක් කෙරුවා. අන්තිමේදී කොල්ලා තම අවියෙන් වෙඩි තියාගත්තා. මම ගොඩාක් කාලයක් බලාගෙන හිටියා මේ සාජන්ට ක්රියාන්විතයකදී වැඩක් දෙන්න . ඌ ඉන්න පැත්තට ග්‍රනේඩ් එකක් විසි කරන්න හරි පිටිපස්සේ ඉඳලා ශොට් එකක් තියන්න. ඒත් මට අවස්ථාව ආවේ නැහැ. මේ වගේ පහාරයෝ එක්කත් අපි බංකර වලදී ඔට්ටු උණා. සමහර වෙලාවට අපි බංකර් අස්සේ කුරුටු ගී ලියනවා. ඒ කුරුටු ගී වලින් ගොඩක්ම කියවුනේ අපේ අසරණ බව , දුප්පත්කම, මුහුණ දෙන අසාධාරණකම්, ගමේ ඉන්න කෙල්ල ගැන , අම්මා ගැන , මිය ගිය සගයන් ගැන. බංකරයේදී අපි විහිළුත් කරගන්නවා. අපි බයිට් කලේ සුරවීරයව. සුරයට හොඳ වෙන්නේ නැති බඩේ අමාරුවක් තිබ්බා. හැම තිස්සෙම බඩ අප්සෙට් වෙලා පඳුරු අස්සේ රිංගනවා. තෝ වෙලාවක බොගක් දාන්න ගිහිල්ලා පුකට වෙඩි පාරක් කනවා කියලා අපි හැමෝම සුරයට බනිනවා. ඒත් මූට ගානක් නැහැ. ඒ කිව්ව වගේම මූ දවසක් පඳුරක් අස්සේ වැටිලා හිටියා. වැසිකිළි යන්න පහත් වෙනකොට පොලඟක් තට්ටමට දෂ්ට කරලා. බංකරයේ ඉන්න කොට කොටි ස්නයිපර්ලගෙන් පරිස්සම් වෙන්නත් ඕනේ. අපේ බංකර් එක වටේ ටකරං ගහලා තිබ්බා ස්නයිපර්ලගෙන් කවර් ගන්න. ඒත් ලිඳ ලඟ ටිකක් කවර් එක අඩුයි. දවසක් මම වතුර ගන්න යනකොට කන ලගින් කූං ගාලා මොකක්ද එකක් ගියා. මම ඉක්මනට එතනින් මාරු උණා . අපේ කොල්ලන්ටයි සාජන් පෙරේරටයි මේක කිව්වා. ඒත් කට්ටිය මගේ වචනේ ගනන් ගත්තේ නැහැ. දවස් දෙකයි ගියේ. කෝප්රල් රූපසිංහ ලිඳ ලඟ වැටිලා හිටියා. ශොට් එක වැදිලා තිබ්බේ කන ලඟට. කෝප්රල් රූපසිංහ වන් ශොට් ඩවුන්. ඊට පස්සේ තමයි ලිඳ ලඟ තව ටකරං ගහලා කවර් කලේ. අපේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න වලදී අපි අසරණ වෙනවා. ක්‍රියාන්විතයේ දස්කම් නිසා මට පටි දෙකක් ලැබිලා තිබ්බේ. ඒත් නිවාඩුවකට ගෙදර හිටිය දවසක පොඩි එකාට වලිප්පුව හැදිලා ඉස්පිරිතාලේ ගෙනිච්චා. නිවාඩුව ඉවර උණත් පොඩි එකාගේ අසනීපය අඩු උනේ නැහැ. එ නිසා මම සුමාන දෙකක් ඇබ්සන්ට් උණා. ඒපාර ඩියුටි වාර්තා කරාම චාජ් එකෙත් යන්න උණා. මාව චාජ් එකේ යවලා එක පටියක් ගැලෙව්වා. කමක් නැහැ පොඩි එකා වෙනුවෙන් මම පටියක් දුන්නා. අපි යුද්ද කෙලේ පටි බලාන නෙවෙයි. යුද්දය අවසාන කාලයේදී අපි සෑහෙන කට්ටක් කෑවා. දිවා රෑ නොබලා සටන් කරා .ඒත් යුද්දය ඉවර උන එකට අපිට සතුටුයි. ඒත් අපිට සාමය ආවේ නැහැ. යුද්දෙන් පස්සේ අපි කොන් වෙලා ගියා. උඩට ආවේ ගම් වල හිටපු සිපයි. දැන් ගම් වල ඉන්න මදාවියෝ හොරු , කසිප්පු කාරයෝ ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීලා වෙලා කැළෑවල වල ගස් කපනවා. වැළි ගොඩදානවා. කෙල්ලෝ දූෂණය කරනවා , ඉඩම් බලහත්කාරයෙන් අල්ල ගන්නවා. උන් තමයි ගම් වල අයියලා. මිනිස්සුන්ට ගහන්නේ මිනී මරන්නේ උන්. මරාගෙන මැරන කොටි එක්ක ගේමට ගිය අපිට මේ සිපයි මුං ඇට. මට නම් මේ සිපයි පැය විසි හතරෙන් නැති කරලා දාන්න පුළුවන්. එක මැගසින් එකයි රැම්බෝ පිහියයි මට ඇති. ඒත් අපි විනයක් තියන සොල්දාදුවෝ, ආමි ජිනේලා නෙවෙයි. ඒ නිසා ඔළුව පාත් කරගෙන මුංගේ විගඩම් දිහා බලාගෙන ඉන්නවා. අපි දැන් ලොස්. මොන කරන්නද. හැබැයි දරු පවුලට අතක් තියන්න ආවොත් ඌට සොරි තමයි. යුද්දය මහා කුණාටුවක් වගේ. ලස්සන ජීවිත දහස් ගනනක් බිළි ගත්තා. දස දහසක් ජීවිත කඩලා බිඳලා දැම්මා. ඒත් සමහරු යුද්දයෙන් හැදුණා. සොල්දාදුවන් ගේ රැෂන් වලින් ගහපු සමහර නිලධාරීන් ගෙවල් දොරවල් හදා ගත්තා. ආයුධ ගෙන්වපු දේශපාලකයෝ කොමිස් වලින් කෝටි ගනන් උපයා ගත්තා. යුද්දය වෙළඳන් කරපු එන් ජී ඕ කාරයොත් තමන් ගේ ගතමනාව සොයා ගත්තා. ඒත් අපි දුප්පත් සොල්දාදුවෝ අපේ බිඳුණ ජීවිත හදාගන්න තවමත් සටන් කරනවා. වෛද්‍ය රුවන් එම් ජයතුංග[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom