Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
යුද්ධයෙන් වැසීගිය අපේ පුදබිම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධයෙන් වැසීගිය අපේ පුදබිම්

යුද්ධයෙන් වැසීගිය උතුරු වනාන්තරවල අපේ පුදබිම්

ගල් ආසනයක්

සිරිපතුල් ගලක්

කැළෑබෝගස්වැව කඩා දමා ඇති බුදුපිළිමයක්

රහතුන් වැඩ සිටි ගල් ඇඳන්

2001 වර්ෂය වනතුරු සිංහල ගම්මානයක් ව පැවැති කැලෑ බෝගස්වැව දැන් කොක්කුවාන්කුලම වී තිබේ. ත්රස්තවාදීන්ගේ නිරතුරු ප්‍රහාර නිසා සිංහලයෝ මේ ගම හැර ගියහ. එහෙත් අතීත මුතුන් මිත්තන් විසින් ඔවුන්ට හිමිකර දී තිබූ පූජනීය ස්ථානය, ඔවුන්ට ගෙන යැමට නොහැකි විය. වනාන්තරය විසින් බිලිගත් මුළු පෙදෙස ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්විය.

මහ මගින් බටහිර අතට වනය මැදින් ටික දුරක් යැමෙන් පසු පුරං වී ගිය විශාල වෙල් යායක කෙළවරක මේ පුදබිම හමුවේ. පිවිසෙන විට ම හමුවන්නේ අඩි 5 අඟල් 8 ක් උස තනි ගල් කණුවකි. එයට යාර කීපයක් දුරින් ගස් අතර තබා ඇති ශෛලමය පුවරුවක් මත තබා ඇති හිඳි බුදු පිළිම දෙකකි. එක් පිළිමයක සිරස අඩක් නැත. අනෙක් පිළිමයේ සිරසත්, පාදත් නැත. මුල් පිළිමයේ නිර්මාණය ඉතා කලාත්මක බව පෙනේ. මේ අසල තැන තැන ගඩොළු තිබේ.

මෙහි චතුරශ්‍ර භූමියක (අඩි 30 ඞ 30 පමණ) ගොඩනැඟිල්ලක ශේෂ තිබේ. එහි ගල් කණු 13 ක් දැනට ඇත. මැද සෙව්වේ අඟල් 32 ඞ 42 ප්‍රමාණ ශෛලමය ආසනයකි. කණු දෙකක් අතර මුණින් වැටී තිබූ හිඳි බුදු පිළිමයක් ගැලවීමට ගිය නිදන් හොරුන්, පිළිමය කඩා පසෙකින් තබා තිබේ. ගොඩනැඟිල්ල මැද තවත් වළක් හාරා ඇත. මෙහි සියල්ල සලකා බලන විට පෙනී යන්නේ දර්ශනීය බුදු මැඳුරක් තිබූ බවකි.

කැලෑ බෝගස්වැවින් නික්මුණ අප ඊළඟට පැමිණියේ වෙහෙරවැව පුද බිමටය. මෙහි තරමක් විශාල වැවකි. වැවේ බැම්ම දිගේ ගොස් වනාන්තරයට පිවිසි පසු මුලින්ම අඩි 10 ක් පමණ උස ගල් කණු 3 ක් ඇති තැනක් හමුවෙයි. මේවා පෙරළා දමා ඇති බැවින් එතැනට පිටින් ගෙන එන ලදැයි සිතේ. වෙනත් දෙයක් ද එතැන නැත. එතැනින් යාර 100 ක් පමණ ගිය පසු හමුවන්නේ කුඩා චෛත්‍යයකි. එය ද හාරා විනාශ කර දමා තිබේ. ඉන් ඔබ අඩි 30 ඞ 35 තරම් ආයත චතුරශ්‍ර මාලයකි. ඒ තුළ එක පෙළට කණු හය බැගින් ගල් කණු පේළි පහක් වේ. එම කණු සමහරක් තිබූ පරිදිම ද, සමහරක් ඇලවී හා බිම පෙරළී ද තිබේ. වම් අතට ඇති දෙවන පේළියේ සිව්වන කණුව මුල වළක් හාරා නිධාන සොයා ඇති බව පෙනේ. ගොඩනැඟිල්ලේ දෙපැත්තකින් එයට පිටවීමට දොරටු තිබූ බව පැහැදිලිය. එක් පැත්තක පියගැට පෙළේ පියගැට තුනක් හා මුර ගල් දෙකක් ද ඇත. අනෙක් පැත්තේ පියගැට නැත. මුරගල් දෙක යට වී අඟල් 8 ක් පමණ මතු වී පෙනේ. පියගැට පසින් යටවී ඇති සෙයකි. මෙය බුදු මැඳුරක් හෝ පධාන ඝරයක් හෝ විය හැකිය.

ඉහත සඳහන් කළ ගොඩනැඟිල්ලේ සිට තවත් යාර කීපයක් වනාන්තරය තුළට පිවිසෙන විට දොරටුවක ලක්ෂණ පෙන්වන ගල් කණු 7 ක් පමණ තිබේ. ඒවා කැලයෙන් වැසී ඇති බැවින් තවත් යම් යම් නටබුන් තිබිය හැකි බව සැලකිය හැකිය. ඒ අසල තරමක් විශාල ස්තූපයකි. එහි මළුවට නැගීමට තිබූ පියගැට පෙළ ගරා වැටී තිබේ. එහි පියගැට හයකි. සඳකඩ පහණ චාම් ය. ස්තූපය මැදින් හාරා විනාශ කර ඇති අතර ඒ මත විශාල කළුවර ගසක් වැවී තිබේ. නටබුන් පාළුවන් වූ නිදන් පාළුවන් මෙන්ම වන පාළුවන් මේ කළුවර ගසට කෙළ පෙරමින් සිටියත් හමුදාව හා විශේෂ කාර්ය බළකාය නිසා තවමත් අතු ඉති දමමින් එය වැඩේ.

කම්බිලිවැව පදවිය පැරැණි මාර්ගය අසල ඇති වෙහෙරතැන්න නම් ස්ථානයේ ඇති විශාල ස්තූපයක් ද අපේ ගව්ෂණයට ලක්විය. එය අඩි 600 ක් පමණ වටැති අඩි 30 පමණ උස ස්තූපයකි. එය ද නිදන් පාළුවන්ගෙන් බේරී නැත. අක්කරයක පමණ පුරා සෑයේ ගඩොළු විසිරී තිබේ. මෙහි පාමුල පසෙකින් පැරැණි ගොඩනැඟිල්ලක් තිබූ බව පෙනේ. එයට අයත් කණු පාදම්ගල් කීපයක් ද තැන තැන වේ. එක් තැනෙක ගල් කණු 4 ක් හා කොරවක් ගලකි. එය සෑ මළුවට නැගීමට තිබූ දොරටුව විය හැකිය. භූමියේ පුරාවස්තු මහත් සේ හානියට පත්කර ඇත.

ලංකාවේ රමණීය සුන්දර තැන් කොතෙක් ඇද්ද? වන හිසින් දුරට පෙනෙන පර්වත තලාවන් ඇසුරු කර පවතින මනහර පුදබිම් කොතරම් ඇද්ද? අප ගමනේදී අපට පසක් වූ එබඳු තැනක් ගැනත් මේ අතරවාරේ සඳහන් කළ යුතුමය. පුරා විද්‍යාවත් ශාසනිකත්වයත්, සුන්දරත්වයත් එකට කැටි වූ මේ පුදබිම ඒරුපොතාන, නීරාවිය, කිඹුල්ගල හා පෙරියපුලියම්කුලම යනුවෙන් ස්ථාන නාම කීපයකින් හැඳින්විය හැකිය. කොළඹ නගරයට නුදුරින් භාවනා මඩු අටවා ගැනීමට ඉඩම් සොයා පුවත්පත්වල දැන්වීම් පළ කරවන සැදැහැවතුන්ගෙන් ඉඩම් හෝ ගෙවල් යදින යදියන් වහන්සේට මේ භූමි නොපෙනීම පුදුමයක් නොවේ. මන්ද? ඒවායේ පහසුකම් නැත. එහෙත් භාවනාවට නම් අතිශය සප්පාය වේ.

අතීතයේදී මහ රහතන් වහන්සේලාගේ සිරුර පහසින් පවිත්‍ර මේ භූමිය වවුනියා වනාන්තරයට ඇතුළත් වී තිබේ. මීට ප්‍රථම කීපවරක් මේ ප්‍රදේශයේ ඇවිද ගවේෂණයන් කර ඇතත් මේ ගමනේදී තරම් සුන්දරත්වයක් අත්වින්දේ නැත. මඩුකන්දේ සිට නැගෙනහිරට බර ඊශාන දිගට රේඛාවක් ඇන්දොත් ඒ එක එල්ලයට ලකුණු වන වනය මැදින් මතුවී පෙනෙන හා නොපෙනෙන ශේෂ කඳුවැටියක් තිබේ. මෙය සමහර තැන් උස් වූ ද සමහර තැනින් මිටි වූ ද ගිරිකුළුවලින් පිරී ගිය ස්වභාව ධර්මයේ නිර්මාණයකි. ඉහතින් සඳහන් පුදබිම මේ කඳුවැටිය ඇසුරු කර ඇත්තේය. මෙහි පුරාවස්තු කොටස් කීපයකට වර්ග කළ හැකිය.

1. කටාරම් කෙටූ ලෙන්, 2. ශෛලමය නිර්මාණ. 3. ස්තූප 4. සෙල්ලිපි යනුවෙන් එය ගැනීම යෝග්‍යය.

ඉහතින් සඳහන් කරුණු අතරින් මෙහි වඩාත් ප්රමුඛ වූයේ කටාරම් කෙටූ ලෙන් සමූහයයි. මිහින්තලය ආශ්රිත කඳු කීපයේ යම් ලෙන් ප්‍රමාණයක් වේද එයට වැඩියෙන් ලෙන් මෙහි තිබේ. මේවා කටාරම් කොටා සමහරක බිත්ති ආදිය බැඳ තිබී ඇතත් පර්වත මුදුනේ වූ කිසිදු ලෙනක බිත්ති බැඳ නැත. එහෙත් කටාරම් කොටා පර්වතයේ ලෙන යට ගල් ඇඳක් නිමවා තිබේ. මේවා අබ්හොකාසිකාංගය පුරණ යෝගාවචරයන් වහන්සේලාගේ නවාතැන් විය. මේ පුදබිමේ ඇති සුවිශේෂ ලක්ෂණයක් වන්නේ එයයි. මෙහි සමහර ලෙන් මිහින්තලයේ මිහිඳු ගුහාවට වඩා දර්ශනීය ලෙන් හතරක් කිඹුලාගල ඇත. සමහර එබඳු ලෙන් කඩාවැටී තිබේ.

මේ පුදබිමේ කෘතිම නිර්මාණ බෙහෙවින් අඩුය. ස්ථාන කීපයක ගොඩනැඟිලි කීපයක ගල් කණු ආදිය තිබේ. එහෙත් ඒවා වරින්වර වර්ධනය වූ ඒවා ද නොවේ. ඒරුපොතාන පසුකර සුළු දුරක් ඉදිරියට යන විට මගින් ඉවත පෙරළා දමා ඇති ශෛලමය ආසනය හා මගින් අනෙක් පැත්තේ වනාන්තරයේ ඇති ගල්කණු කීපය නිදසුන් ලෙස දැක්විය හැකිය මේ ආසනය දිගින් අඩි 9" අඟල් 10, පුළුල අඩි 4 පමණ වේ. මෙය කදිම නිර්මාණයකි. එසේම ආසනඝරයක පුද ලැබූ පූජනීය ආසනයක් ලෙස ද එය අගය කළ හැකි වේ. ඒරුපොතානේ තවත් ලෙනක ඇති බුද්ධ ප්‍රතිමාවක කොටස තවත් නිර්මාණයකි. එහි හිස නැත. කීප තැනක ඇති පාද ලාංඡන ශිලාඵලක තවත් පූජනීය වස්තු වේ. ස්ථාන 3 ක ඇති ස්තූප තුන මගේ අවධානයට යොමු විය. නිදන් හොරුන් කර ඇති සමාව දිය නොහැකි හානිය නිසා මේ ස්තූප තුනම ගඩොළු ගොඩැලි බවට පත්වී තිබේ. ශේෂ වී ඇති ගඩොළු ටික අද අවසන් ගමන් යමින් පවතී

මේ කඳුවැටිය තවම සම්පූර්ණයෙන් ගවේෂණය කර නැත. තව ශත වර්ෂයකටවත් ගවේෂණය නොවනු ද ඇත. එහෙත් මෙහි ඒරුපොතාන ලෙන් ලිපි 12 ක් ද, කිඹුලාගල පෙරියපුලියන්කුලම ලිපි 23 ක් ද නීරාවිය ලිපි 17 ක් ද සොයා ගෙන තිබේ. එම ලිපි මේ රටේ ඉතිහාසය ගොඩනැගීමට දායක වන බ්රාහ්මී ලෙන් ලිපිය ලංකාවේ හමුවන පැරැණිම ලිපි අතුරින් මේවා ද කොටසකි. මේ ගල්ලෙන් භික්ෂූන්ට පුදන ලද බව මේ හැම ලිපියකින්ම කියෑවේ. තම්බපණ්ණි දීපයේ භාවනාවට ඉතා යෝග්‍ය වූ චූලනාග නම් ලෙනක් ඇති බව විසුද්ධි මාර්ගයේ සඳහන් වෙයි. එම ලෙන කිඹුලාගල පිහිටි බව එහි සෙල්ලිපියකින් පෙනී යයි. පරුමක උතිපුත චූචනගශ ලෙන යනුවෙන් ඒ ලිපිය මුලින් දක්වන ලද දර්ශනීය ලෙනක පිහිටවා ඇත. දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයන් වූ නාග හා උත්තිය යන අය ගැන මෙහි ලෙන් ලිපියක දැක්වේ. ඉතාම පැරැණි ලිපියක් වූ එම ලිපියේ උතුරු පෙදෙස දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයන් විසින් පාලනය කරන ලද බව පැහැදිලි කරයි. නන්දිමිත්ර යෝධයාගේ හා ඔහුගේ පරපුරේ තොරතුරු ද මේ ලිපිවලින් එළිදරව් වෙයි.

නටබුන් පෙදෙසට යාව පිහිටි ඒරුපොතාන වැව ද ජලය පිරී ඇතත් නටබුන් වී තිබේ. එහි ගල් සොරොව්ව පාසිවලින් පිරී තිබේ. ප්‍රදේශයට මහත් සෙවනක් වූ මේ වැව අද සනසන්නේ වන සතුන් පමණි. එහෙත් වැව හා වනාන්තරය පිස එන සිසිල් සුළං රැලි යෝගාවචරයන් වහන්සේලා බවුන් වැඩූ ලෙන් තුළට වැදී දෝංකාරය අදත් සැදැහැවතුන්ගේ සාධු නාදය සේ ඇසේ.

මිහින්තලයේ ඇති ලෙනක කොටා තිබෙන බ්‍රාහ්මි සෙල්ලිපියක ලොණපි අය ශිවා නම් කුමාරයකු ගැන සඳහන් වේ. ලොණපි (ලොණ + වපි - ලෙණ + අපි - ලොණපි) යනු ලුණු වැව යන අර්ථ වේ. මහ මොනර වැව (මහඔසිලන් කුලම) පඩිකෙටුවැව, (පඩි වෙට්ටු කුලම්) යන වැව් අතර උප්පුකුලම් නම් විශාල වුව ද නටබුන් වූ වැවක් දක්නට ලැබේ. (උප්පු - ලුනු) ලොණවාපිය මේ වැව වීමට ඉඩ තිබේ. මෙහි අයිතිකාරයා වූ ශිව කුමාරයා දෙවනපිය ගාමිණි අබය මහ රජුගේ පුත්‍රයෙකු බව සෙල්ලිපියේ සඳහන් වේ. සමහර විට මේ රජු දුටුගැමුණු රජු විය හැකි බව ද පෙනේ. එසේ නම් මුලතිව් ආසන්නයෙහි වූ උප්පුවැව (ලොණවාපි) අයිතිකරු දුටුගැමුණු රජුගේ පුත්‍රයෙකි.

උප්පුවැව ආශ්රිත ප්‍රදේශයේ ඇති නටබුන් කිසිවක් ගවේෂණය කර නැත. තඩ්ඩමලේ නටබුන් පිළිබඳ මීට පෙර අප ගවේෂණය කර පාඨකයන් ඉදිරියේ විස්තර තබා ඇත. ඔදියමලේ පාරේ සැතපුම් 15 ක් පමණ ගිය පසු හමුවන කුම්භකර්ණ මලේ නටබුන් අපේ අවධානයට ලක්විය. විශාල ගල් කුළු සහිත මේ ස්ථානයේ පැරැණි ගොඩනැඟිලිවලට අයත් ගල් කණු මණ්ඩි කීපයක් හා ඒවාට යැමට තැබූ පියගැට පෙළවල් සහිත මාර්ග ද අද වනයට බිලි වී ඇත. ගල්ලෙන් කීපයක් වේ. ඒවායේ චිත්‍ර ඇඳ තිබූ බවට යම්තමින් සාධක පෙනේ. මෙහි පර්වතය මත විශාල දාගැබක් විය. එය හාරා විනාශ කර ඒ තුළ කොටින්ගේ බංකරයක් සාදා තිබිණි. හමුදාව මේ ප්‍රදේශය නිදහස් කර ගන්නා තුරු බංකරය එහි විය. සෑයේ ගඩොළු විශාල වශයෙන් පර්වත බෑවුමට ඇද වැටී ඇත.

මේ ස්ථාන ගැන කදිම ජනප්‍රවාදයක් ඇත. එම කථාවේ දීර්ඝ ඉතිහාසය සොයා ගැනීමට නැත. බුදුරදුන් ලක්දිවට වැඩම වූ දින උන්වහන්සේට පිදීම පිණිස සමන් මල් ගෙන ඒමට මේ ප්‍රදේශයට කුම්භකර්ණයා ගියේය. මල් ගෙන එද්දී මේ ගල් බිමේ ටිකක් හාන්සි වූ කුම්භකර්ණයාට නින්ද ගියේය. නින්ද ගිය පසු ඔහු අවදි කිරීමට කණ ළඟ සිට බෙර ගැසිය යුතු බව සාහිත්‍යයේ කියා තිබේ. එහෙත් එවැන්නක් සිදු වී නැත. කුම්භකර්ණයාගේ නිදා ගැනීම කෙසේ වෙතත් එහි වූ මහා චෛත්‍යයේ ධාතු නිධානය නම් මිනිස් කුම්භකර්ණයාගේ උදරවල තැන්පත් වී ඇතැයි සිතමි.

මේ ගවේෂණයේදී අපට සහාය දැක්වූ හා ආරක්ෂාව සැපයූ වීරයන් ගැන ද සටහනක් නොකළොත් හොඳ මදිය. ඒ අයගේ කැපවීම අති විශිෂ්ටය. ඒ. ඇස්. පී. මාස් පෙරේරා, අයි. පී. මංජුල සිල්වා, බ්‍රිගේඩියර් නාපාගොඩ, කර්නල් තල්වත්ත, කර්නල් ජී. ඩී. සූරිය බණ්ඩාර, මේජර් විමලසුරේJද්‍ර, මේජර් පෙරේරා, මේජර් ජයකොඩි යන නිලධාරි මහතුන් ඇතුළු රණවිරුවන්ට ජාතියේම ගෞරවය හිමිවිය යුතුය.

පුරාවිද්‍යා චක්‍රවර්ති

පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි

[QUOTE="Lewke, post: 17026623, member: 510552"] [b]යුද්ධයෙන් වැසීගිය අපේ පුදබිම්[/b] [B][CENTER][SIZE="4"]යුද්ධයෙන් වැසීගිය උතුරු වනාන්තරවල අපේ පුදබිම්[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.divaina.com/2010/08/08/pura1.jpg[/IMG] ගල් ආසනයක් [IMG]http://www.divaina.com/2010/08/08/pura2.jpg[/IMG] සිරිපතුල් ගලක් [IMG]http://www.divaina.com/2010/08/08/pura3.jpg[/IMG] කැළෑබෝගස්වැව කඩා දමා ඇති බුදුපිළිමයක් [IMG]http://www.divaina.com/2010/08/08/pura4.jpg[/IMG] රහතුන් වැඩ සිටි ගල් ඇඳන් [/CENTER] [SIZE="3"]2001 වර්ෂය වනතුරු සිංහල ගම්මානයක් ව පැවැති කැලෑ බෝගස්වැව දැන් කොක්කුවාන්කුලම වී තිබේ. ත්රස්තවාදීන්ගේ නිරතුරු ප්‍රහාර නිසා සිංහලයෝ මේ ගම හැර ගියහ. එහෙත් අතීත මුතුන් මිත්තන් විසින් ඔවුන්ට හිමිකර දී තිබූ පූජනීය ස්ථානය, ඔවුන්ට ගෙන යැමට නොහැකි විය. වනාන්තරය විසින් බිලිගත් මුළු පෙදෙස ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්විය. මහ මගින් බටහිර අතට වනය මැදින් ටික දුරක් යැමෙන් පසු පුරං වී ගිය විශාල වෙල් යායක කෙළවරක මේ පුදබිම හමුවේ. පිවිසෙන විට ම හමුවන්නේ අඩි 5 අඟල් 8 ක් උස තනි ගල් කණුවකි. එයට යාර කීපයක් දුරින් ගස් අතර තබා ඇති ශෛලමය පුවරුවක් මත තබා ඇති හිඳි බුදු පිළිම දෙකකි. එක් පිළිමයක සිරස අඩක් නැත. අනෙක් පිළිමයේ සිරසත්, පාදත් නැත. මුල් පිළිමයේ නිර්මාණය ඉතා කලාත්මක බව පෙනේ. මේ අසල තැන තැන ගඩොළු තිබේ. මෙහි චතුරශ්‍ර භූමියක (අඩි 30 ඞ 30 පමණ) ගොඩනැඟිල්ලක ශේෂ තිබේ. එහි ගල් කණු 13 ක් දැනට ඇත. මැද සෙව්වේ අඟල් 32 ඞ 42 ප්‍රමාණ ශෛලමය ආසනයකි. කණු දෙකක් අතර මුණින් වැටී තිබූ හිඳි බුදු පිළිමයක් ගැලවීමට ගිය නිදන් හොරුන්, පිළිමය කඩා පසෙකින් තබා තිබේ. ගොඩනැඟිල්ල මැද තවත් වළක් හාරා ඇත. මෙහි සියල්ල සලකා බලන විට පෙනී යන්නේ දර්ශනීය බුදු මැඳුරක් තිබූ බවකි. කැලෑ බෝගස්වැවින් නික්මුණ අප ඊළඟට පැමිණියේ වෙහෙරවැව පුද බිමටය. මෙහි තරමක් විශාල වැවකි. වැවේ බැම්ම දිගේ ගොස් වනාන්තරයට පිවිසි පසු මුලින්ම අඩි 10 ක් පමණ උස ගල් කණු 3 ක් ඇති තැනක් හමුවෙයි. මේවා පෙරළා දමා ඇති බැවින් එතැනට පිටින් ගෙන එන ලදැයි සිතේ. වෙනත් දෙයක් ද එතැන නැත. එතැනින් යාර 100 ක් පමණ ගිය පසු හමුවන්නේ කුඩා චෛත්‍යයකි. එය ද හාරා විනාශ කර දමා තිබේ. ඉන් ඔබ අඩි 30 ඞ 35 තරම් ආයත චතුරශ්‍ර මාලයකි. ඒ තුළ එක පෙළට කණු හය බැගින් ගල් කණු පේළි පහක් වේ. එම කණු සමහරක් තිබූ පරිදිම ද, සමහරක් ඇලවී හා බිම පෙරළී ද තිබේ. වම් අතට ඇති දෙවන පේළියේ සිව්වන කණුව මුල වළක් හාරා නිධාන සොයා ඇති බව පෙනේ. ගොඩනැඟිල්ලේ දෙපැත්තකින් එයට පිටවීමට දොරටු තිබූ බව පැහැදිලිය. එක් පැත්තක පියගැට පෙළේ පියගැට තුනක් හා මුර ගල් දෙකක් ද ඇත. අනෙක් පැත්තේ පියගැට නැත. මුරගල් දෙක යට වී අඟල් 8 ක් පමණ මතු වී පෙනේ. පියගැට පසින් යටවී ඇති සෙයකි. මෙය බුදු මැඳුරක් හෝ පධාන ඝරයක් හෝ විය හැකිය. ඉහත සඳහන් කළ ගොඩනැඟිල්ලේ සිට තවත් යාර කීපයක් වනාන්තරය තුළට පිවිසෙන විට දොරටුවක ලක්ෂණ පෙන්වන ගල් කණු 7 ක් පමණ තිබේ. ඒවා කැලයෙන් වැසී ඇති බැවින් තවත් යම් යම් නටබුන් තිබිය හැකි බව සැලකිය හැකිය. ඒ අසල තරමක් විශාල ස්තූපයකි. එහි මළුවට නැගීමට තිබූ පියගැට පෙළ ගරා වැටී තිබේ. එහි පියගැට හයකි. සඳකඩ පහණ චාම් ය. ස්තූපය මැදින් හාරා විනාශ කර ඇති අතර ඒ මත විශාල කළුවර ගසක් වැවී තිබේ. නටබුන් පාළුවන් වූ නිදන් පාළුවන් මෙන්ම වන පාළුවන් මේ කළුවර ගසට කෙළ පෙරමින් සිටියත් හමුදාව හා විශේෂ කාර්ය බළකාය නිසා තවමත් අතු ඉති දමමින් එය වැඩේ. කම්බිලිවැව පදවිය පැරැණි මාර්ගය අසල ඇති වෙහෙරතැන්න නම් ස්ථානයේ ඇති විශාල ස්තූපයක් ද අපේ ගව්ෂණයට ලක්විය. එය අඩි 600 ක් පමණ වටැති අඩි 30 පමණ උස ස්තූපයකි. එය ද නිදන් පාළුවන්ගෙන් බේරී නැත. අක්කරයක පමණ පුරා සෑයේ ගඩොළු විසිරී තිබේ. මෙහි පාමුල පසෙකින් පැරැණි ගොඩනැඟිල්ලක් තිබූ බව පෙනේ. එයට අයත් කණු පාදම්ගල් කීපයක් ද තැන තැන වේ. එක් තැනෙක ගල් කණු 4 ක් හා කොරවක් ගලකි. එය සෑ මළුවට නැගීමට තිබූ දොරටුව විය හැකිය. භූමියේ පුරාවස්තු මහත් සේ හානියට පත්කර ඇත. ලංකාවේ රමණීය සුන්දර තැන් කොතෙක් ඇද්ද? වන හිසින් දුරට පෙනෙන පර්වත තලාවන් ඇසුරු කර පවතින මනහර පුදබිම් කොතරම් ඇද්ද? අප ගමනේදී අපට පසක් වූ එබඳු තැනක් ගැනත් මේ අතරවාරේ සඳහන් කළ යුතුමය. පුරා විද්‍යාවත් ශාසනිකත්වයත්, සුන්දරත්වයත් එකට කැටි වූ මේ පුදබිම ඒරුපොතාන, නීරාවිය, කිඹුල්ගල හා පෙරියපුලියම්කුලම යනුවෙන් ස්ථාන නාම කීපයකින් හැඳින්විය හැකිය. කොළඹ නගරයට නුදුරින් භාවනා මඩු අටවා ගැනීමට ඉඩම් සොයා පුවත්පත්වල දැන්වීම් පළ කරවන සැදැහැවතුන්ගෙන් ඉඩම් හෝ ගෙවල් යදින යදියන් වහන්සේට මේ භූමි නොපෙනීම පුදුමයක් නොවේ. මන්ද? ඒවායේ පහසුකම් නැත. එහෙත් භාවනාවට නම් අතිශය සප්පාය වේ. අතීතයේදී මහ රහතන් වහන්සේලාගේ සිරුර පහසින් පවිත්‍ර මේ භූමිය වවුනියා වනාන්තරයට ඇතුළත් වී තිබේ. මීට ප්‍රථම කීපවරක් මේ ප්‍රදේශයේ ඇවිද ගවේෂණයන් කර ඇතත් මේ ගමනේදී තරම් සුන්දරත්වයක් අත්වින්දේ නැත. මඩුකන්දේ සිට නැගෙනහිරට බර ඊශාන දිගට රේඛාවක් ඇන්දොත් ඒ එක එල්ලයට ලකුණු වන වනය මැදින් මතුවී පෙනෙන හා නොපෙනෙන ශේෂ කඳුවැටියක් තිබේ. මෙය සමහර තැන් උස් වූ ද සමහර තැනින් මිටි වූ ද ගිරිකුළුවලින් පිරී ගිය ස්වභාව ධර්මයේ නිර්මාණයකි. ඉහතින් සඳහන් පුදබිම මේ කඳුවැටිය ඇසුරු කර ඇත්තේය. මෙහි පුරාවස්තු කොටස් කීපයකට වර්ග කළ හැකිය. 1. කටාරම් කෙටූ ලෙන්, 2. ශෛලමය නිර්මාණ. 3. ස්තූප 4. සෙල්ලිපි යනුවෙන් එය ගැනීම යෝග්‍යය. ඉහතින් සඳහන් කරුණු අතරින් මෙහි වඩාත් ප්රමුඛ වූයේ කටාරම් කෙටූ ලෙන් සමූහයයි. මිහින්තලය ආශ්රිත කඳු කීපයේ යම් ලෙන් ප්‍රමාණයක් වේද එයට වැඩියෙන් ලෙන් මෙහි තිබේ. මේවා කටාරම් කොටා සමහරක බිත්ති ආදිය බැඳ තිබී ඇතත් පර්වත මුදුනේ වූ කිසිදු ලෙනක බිත්ති බැඳ නැත. එහෙත් කටාරම් කොටා පර්වතයේ ලෙන යට ගල් ඇඳක් නිමවා තිබේ. මේවා අබ්හොකාසිකාංගය පුරණ යෝගාවචරයන් වහන්සේලාගේ නවාතැන් විය. මේ පුදබිමේ ඇති සුවිශේෂ ලක්ෂණයක් වන්නේ එයයි. මෙහි සමහර ලෙන් මිහින්තලයේ මිහිඳු ගුහාවට වඩා දර්ශනීය ලෙන් හතරක් කිඹුලාගල ඇත. සමහර එබඳු ලෙන් කඩාවැටී තිබේ. මේ පුදබිමේ කෘතිම නිර්මාණ බෙහෙවින් අඩුය. ස්ථාන කීපයක ගොඩනැඟිලි කීපයක ගල් කණු ආදිය තිබේ. එහෙත් ඒවා වරින්වර වර්ධනය වූ ඒවා ද නොවේ. ඒරුපොතාන පසුකර සුළු දුරක් ඉදිරියට යන විට මගින් ඉවත පෙරළා දමා ඇති ශෛලමය ආසනය හා මගින් අනෙක් පැත්තේ වනාන්තරයේ ඇති ගල්කණු කීපය නිදසුන් ලෙස දැක්විය හැකිය මේ ආසනය දිගින් අඩි 9" අඟල් 10, පුළුල අඩි 4 පමණ වේ. මෙය කදිම නිර්මාණයකි. එසේම ආසනඝරයක පුද ලැබූ පූජනීය ආසනයක් ලෙස ද එය අගය කළ හැකි වේ. ඒරුපොතානේ තවත් ලෙනක ඇති බුද්ධ ප්‍රතිමාවක කොටස තවත් නිර්මාණයකි. එහි හිස නැත. කීප තැනක ඇති පාද ලාංඡන ශිලාඵලක තවත් පූජනීය වස්තු වේ. ස්ථාන 3 ක ඇති ස්තූප තුන මගේ අවධානයට යොමු විය. නිදන් හොරුන් කර ඇති සමාව දිය නොහැකි හානිය නිසා මේ ස්තූප තුනම ගඩොළු ගොඩැලි බවට පත්වී තිබේ. ශේෂ වී ඇති ගඩොළු ටික අද අවසන් ගමන් යමින් පවතී මේ කඳුවැටිය තවම සම්පූර්ණයෙන් ගවේෂණය කර නැත. තව ශත වර්ෂයකටවත් ගවේෂණය නොවනු ද ඇත. එහෙත් මෙහි ඒරුපොතාන ලෙන් ලිපි 12 ක් ද, කිඹුලාගල පෙරියපුලියන්කුලම ලිපි 23 ක් ද නීරාවිය ලිපි 17 ක් ද සොයා ගෙන තිබේ. එම ලිපි මේ රටේ ඉතිහාසය ගොඩනැගීමට දායක වන බ්රාහ්මී ලෙන් ලිපිය ලංකාවේ හමුවන පැරැණිම ලිපි අතුරින් මේවා ද කොටසකි. මේ ගල්ලෙන් භික්ෂූන්ට පුදන ලද බව මේ හැම ලිපියකින්ම කියෑවේ. තම්බපණ්ණි දීපයේ භාවනාවට ඉතා යෝග්‍ය වූ චූලනාග නම් ලෙනක් ඇති බව විසුද්ධි මාර්ගයේ සඳහන් වෙයි. එම ලෙන කිඹුලාගල පිහිටි බව එහි සෙල්ලිපියකින් පෙනී යයි. පරුමක උතිපුත චූචනගශ ලෙන යනුවෙන් ඒ ලිපිය මුලින් දක්වන ලද දර්ශනීය ලෙනක පිහිටවා ඇත. දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයන් වූ නාග හා උත්තිය යන අය ගැන මෙහි ලෙන් ලිපියක දැක්වේ. ඉතාම පැරැණි ලිපියක් වූ එම ලිපියේ උතුරු පෙදෙස දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයන් විසින් පාලනය කරන ලද බව පැහැදිලි කරයි. නන්දිමිත්ර යෝධයාගේ හා ඔහුගේ පරපුරේ තොරතුරු ද මේ ලිපිවලින් එළිදරව් වෙයි. නටබුන් පෙදෙසට යාව පිහිටි ඒරුපොතාන වැව ද ජලය පිරී ඇතත් නටබුන් වී තිබේ. එහි ගල් සොරොව්ව පාසිවලින් පිරී තිබේ. ප්‍රදේශයට මහත් සෙවනක් වූ මේ වැව අද සනසන්නේ වන සතුන් පමණි. එහෙත් වැව හා වනාන්තරය පිස එන සිසිල් සුළං රැලි යෝගාවචරයන් වහන්සේලා බවුන් වැඩූ ලෙන් තුළට වැදී දෝංකාරය අදත් සැදැහැවතුන්ගේ සාධු නාදය සේ ඇසේ. මිහින්තලයේ ඇති ලෙනක කොටා තිබෙන බ්‍රාහ්මි සෙල්ලිපියක ලොණපි අය ශිවා නම් කුමාරයකු ගැන සඳහන් වේ. ලොණපි (ලොණ + වපි - ලෙණ + අපි - ලොණපි) යනු ලුණු වැව යන අර්ථ වේ. මහ මොනර වැව (මහඔසිලන් කුලම) පඩිකෙටුවැව, (පඩි වෙට්ටු කුලම්) යන වැව් අතර උප්පුකුලම් නම් විශාල වුව ද නටබුන් වූ වැවක් දක්නට ලැබේ. (උප්පු - ලුනු) ලොණවාපිය මේ වැව වීමට ඉඩ තිබේ. මෙහි අයිතිකාරයා වූ ශිව කුමාරයා දෙවනපිය ගාමිණි අබය මහ රජුගේ පුත්‍රයෙකු බව සෙල්ලිපියේ සඳහන් වේ. සමහර විට මේ රජු දුටුගැමුණු රජු විය හැකි බව ද පෙනේ. එසේ නම් මුලතිව් ආසන්නයෙහි වූ උප්පුවැව (ලොණවාපි) අයිතිකරු දුටුගැමුණු රජුගේ පුත්‍රයෙකි. උප්පුවැව ආශ්රිත ප්‍රදේශයේ ඇති නටබුන් කිසිවක් ගවේෂණය කර නැත. තඩ්ඩමලේ නටබුන් පිළිබඳ මීට පෙර අප ගවේෂණය කර පාඨකයන් ඉදිරියේ විස්තර තබා ඇත. ඔදියමලේ පාරේ සැතපුම් 15 ක් පමණ ගිය පසු හමුවන කුම්භකර්ණ මලේ නටබුන් අපේ අවධානයට ලක්විය. විශාල ගල් කුළු සහිත මේ ස්ථානයේ පැරැණි ගොඩනැඟිලිවලට අයත් ගල් කණු මණ්ඩි කීපයක් හා ඒවාට යැමට තැබූ පියගැට පෙළවල් සහිත මාර්ග ද අද වනයට බිලි වී ඇත. ගල්ලෙන් කීපයක් වේ. ඒවායේ චිත්‍ර ඇඳ තිබූ බවට යම්තමින් සාධක පෙනේ. මෙහි පර්වතය මත විශාල දාගැබක් විය. එය හාරා විනාශ කර ඒ තුළ කොටින්ගේ බංකරයක් සාදා තිබිණි. හමුදාව මේ ප්‍රදේශය නිදහස් කර ගන්නා තුරු බංකරය එහි විය. සෑයේ ගඩොළු විශාල වශයෙන් පර්වත බෑවුමට ඇද වැටී ඇත. මේ ස්ථාන ගැන කදිම ජනප්‍රවාදයක් ඇත. එම කථාවේ දීර්ඝ ඉතිහාසය සොයා ගැනීමට නැත. බුදුරදුන් ලක්දිවට වැඩම වූ දින උන්වහන්සේට පිදීම පිණිස සමන් මල් ගෙන ඒමට මේ ප්‍රදේශයට කුම්භකර්ණයා ගියේය. මල් ගෙන එද්දී මේ ගල් බිමේ ටිකක් හාන්සි වූ කුම්භකර්ණයාට නින්ද ගියේය. නින්ද ගිය පසු ඔහු අවදි කිරීමට කණ ළඟ සිට බෙර ගැසිය යුතු බව සාහිත්‍යයේ කියා තිබේ. එහෙත් එවැන්නක් සිදු වී නැත. කුම්භකර්ණයාගේ නිදා ගැනීම කෙසේ වෙතත් එහි වූ මහා චෛත්‍යයේ ධාතු නිධානය නම් මිනිස් කුම්භකර්ණයාගේ උදරවල තැන්පත් වී ඇතැයි සිතමි. මේ ගවේෂණයේදී අපට සහාය දැක්වූ හා ආරක්ෂාව සැපයූ වීරයන් ගැන ද සටහනක් නොකළොත් හොඳ මදිය. ඒ අයගේ කැපවීම අති විශිෂ්ටය. ඒ. ඇස්. පී. මාස් පෙරේරා, අයි. පී. මංජුල සිල්වා, බ්‍රිගේඩියර් නාපාගොඩ, කර්නල් තල්වත්ත, කර්නල් ජී. ඩී. සූරිය බණ්ඩාර, මේජර් විමලසුරේJද්‍ර, මේජර් පෙරේරා, මේජර් ජයකොඩි යන නිලධාරි මහතුන් ඇතුළු රණවිරුවන්ට ජාතියේම ගෞරවය හිමිවිය යුතුය.[/SIZE] [RIGHT]පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom