යුද අපරාධ වාර්තාව පමා කිරීම ගැන ලක්රජයේ අŠ
යුද අපරාධ වාර්තාව පමා කිරීම ගැන ලක්රජයේ අවධානය - මංගල අද කෙරී හමුවෙයි
February 12, 2015 08:38 am
Bookmark and Share
යුද අපරාධ චෝදනා වලට අදාළව ජගත් සංවිධානය විසින් ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට නියමිත වාර්තාව තවත් මාස කිහිපයක් පමා කරගැනීමට ඇති හැකියාව ගැන සොයාබලමින් සිටින බව විදේශ ඇමති මංගල සමරවීර මහතා කියයි.
යුද අපරාධ පදනම් කරගනිමින් ශ්‍රී ලංකා රජය විධිමත් පරීක්ෂණයක් නොකළ බවට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ඉකුත් වසරේදී සම්මත කර ගත් යෝජනාවට අනූව සිදුකළ පරීක්ෂණයට අදාළ වාර්තාව ලබන මාර්තු 25දා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වාර්තාව එදිනට ඉදිරිපත් කිරීම පමා කිරීමට ඇති හැකියාව ගැන ශ්‍රී ලංකා රජය සොයාබලමින් සිටින බව විදේශ ඇමතිවරයා අමෙරිකාවේ වොෂින්ටනයේදී මාධ්‍යවේදීන් අමතමින් පවසා ඇත.
එම වාර්තාවේ ප්‍රමාදයක් සිදුවීමට ඇති හැකියාව පිළිබඳව විමසා සිටි විට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක රූපට් කොල්විල් පවසා තිබුණේ එය යොදාගත් පරිදි මාර්තු 25 දින ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ අතර අමෙරිකාවේ නිල සංචාරයක නිරතවී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දිනයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරී මහතා හමුවීමට ද නියමිතව තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එරට වේලාවෙන් පස්වරු 02යි 30ට මෙම හමුව පැවැත්වීමට නියමිත බවයි.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එංගලන්ත සංචාරයෙන් අනතුරුව ඊයේ දිනයේ අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.
එංගලන්ත සංචාරය තුළ දී මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයේ අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා හමුවුණි.
එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබදතා තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
මංගල සමරවීර මහතා අද දිනයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාට අමතරව තවත් එරට රජයේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිතව ඇත.
http://sinhala.adaderana.lk/news.php?nid=49291
ඡන්දෙ පහු වෙනකම් යුධ අපරාද චෝදනා වලක්වන්නයි මුන් හදන්නෙ.ඊට පස්සෙ ඉතින් මහින්ද ගස් තමයි.කෝ චම් පකයයි. රථනයි. කෝ ජහ පාලනයට කඩේ ගිය එවුන්. නිදහසේ හුස්ම ගන්න රටේ වාතාවරණය සලසා දුන්න නායකයාට සලකන හැටි අගෙයි.