Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුධ බිමක ඉපිද යුධ බිමක මියයන්න මොහොතකට පෙş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුධ බිමක ඉපිද යුධ බිමක මියයන්න මොහොතකට පෙ&#351

යුධ බිමක ඉපිද යුධ බිමක මියයන්න මොහොතකට පෙර...

(BBC එවුන්ට පෙන්නන්න, මිනිස්සු අතුරුදන් වෙච්චි හැටි)

Azzam Ameen ට කියලා translate කරගන්න කියන්න.

"අප විශ්වමඩුවද පසුකොට පුදුකුඩිඉරුප්පුවට කිට්ටුකර පාර අයිනේම වූ ස්ථානයක ඉදිරි සැරහුම් මධ්‍යස්ථානය අටවා ගත්තේ පුදුකුඩිඉරුප්පු අල්ලන සටන ලඟ ලඟ පත්තු වී තිබූ බැවිනි. සේනාංක 9ක් කොටි තෙරපමින් එල්ටීටීයේ හදවත වටා රැස් කෑවේය.

පුදුකුඩිඉරුප්පුවට තව ඇත්තේ හූ කීපයකි. ඉන් ඔබ්බට නන්දිකඩල් කලපුවය. කලපුවෙන් එගොඩ හීනි බිම් තීරැවකි. එය වෙල්ලමුල්ලිවෛයික්කාලයයි. ලක්ෂ 4ක පමණ මහ සෙනඟක් මේ කුඩා භූමියේ සිරවී ඇත්තේය. ඒ සෙනඟ වට කොටද, අතර සැඟවීද කොටිය. පුභාකරන්ය. චාල්ස් ඇන්තනිය. සුසෙයිය.

ලක්ෂ 4ක සෙනඟක් මෙහි සිරවී කෙසේ සිටියාදැයි සිතා ගැනීම අපහසුය. මූලික අවශ්‍යතාවයන් තියා දිනකට එක් වේලක් කෑමවත් ඔවුනට නොලැබෙන්නට ඇත.

මේ මහා ඛේදවාචකය මැද්දේද දරැවන් බිහිවූයේය. ගැබ කල් පිරුනු පසු යුද්ධය යැයි උහුලා ගෙන සිටිය නොහැක්කේය. එවන් දරැ උපත් කීයක් සිදුවුනිදැයි මා නොදනිමි. එහෙත් ඉතාමත් ස්වභාවික සංසිද්ධියක් වූ එය කුමන හෝ පරිසරයක සිදුවිය හැකිය.

මෙම දුක් ගැහැට හා තාඩන පීඩන ඉහිලිය නොහැකි සිවිල් වැසියන් කොටි බලයෙන් මිදී ආරක්ෂක සේනා සිටින කලාපයට හොරෙන් ඇදුනේ ටික දවසක සිටය. ඒ පැත්තෙන් මේ පැත්තට පැනීම දිවි පරදුවට තබා කරන සූදුවක් වැනි විය. පැන යන සිවිල් වැසියන් හට කොටින් වෙඩි තැබුවේය. එසේ නොකලා නම් සියලු සිවිල් වැසියන් ඔවුන්ගේ පාලනයෙන් මිදි පලා යනු ඇත. ඔවුනගේ එකම ආවරණය නැතිවීමට ඔවුන් ඉඩ දෙන්නේ නැත.

මෙම ආගමනය සිදුවූයේ රාත්‍රියේ ය. කුඩා කණ්ඩායමක් ලෙස රහසේ පිටවන ඔවුන් නන්දිකඩල් කලපුවට බැස වතුරේ ගමන් කර හමුදා ප්‍රදේශයට මෙගොඩ වෙයි. කොටි වෙඩි ප්‍රහාර වැදී සමහරැන් එතනම මිය යයි. තුවාල වෙයි. නමුත් විකල්පයක් සිතා ගැනීමට අපහසුය. ජීවිතය ලන්සු දැමූ ඔවුහු සිය අවසන් හුස්ම පොද දිනනු වස් නන්දි කඩල් තරණය කලෝය.

මෙසේ ආ කණ්ඩායමක කුඩා බිලින්දෙකු තුරැලු කරගත් පියෙක්ද තවත් දරැවෙකු වතුරට ඉහලින් සිටින සේ කරපින්නා ගත් මවක්ද විය. මේ හතර දෙනාගෙන් යුත් ලපටි පවුල දිවි පරදුවට තබා දියට බැස තිබුනේය. එහෙත් යුද්ධය කාරැණික නැත. උණ්ඩයට හදවතක් නැත්තේය. ඔවුනටද වෙඩි ප්‍රහාර එල්ලවූයේ තවත් එක කඳුලු කතාවක් ඉතිහාසයට එක්කරමිනි. මවගේ කරමත වූ දරැවා කෙලින්ම වෙඩි කෑවේය. ඔහුගේ සිරැරවත් ගොඩ බිමට නොආවේය. මව තවමත් නිරැපද්රිය. ඊළග උන්ඩය පියාගේ පපුව සිදුරැ කරන් පිටවූයේය. පියා පපුවට තුරැලු කරන් සිටියේ කිරිසප්පයෙකි. සති කීපයකට කලින් වෙල්ලමුල්ලිවෛයික්කාලයයෙහිම ඉපදුනු මේ කිරිසප්පයාගේද පුංචි පපු කුහරය සිදුරැ කරන් උන්ඩය පිටවී ගියේය. දරැවා මව අතට දී පියාද වැඩිමහල් දරැවාද නන්දිකඩල් දියේ සැඟවී ගියේය. මව තවමත් කායිකවද මානසිකවද ශක්තිමත් ය. පපුව සිදුරැවුවද පණ රැකි ඇති බලාපොරොත්තුව ඇය රැකිය යුතුය. වෙඩි වරැසාව ඇයගේ අධිෂ්ඨානයට වඩා දුර්වල වූයේය. ඇය මෙගොඩ දැක්කේය.

ඊළඟ මිනිත්තු කීපය ඇතුලත ඇයද දරැවාද මා ඉදිරියේය.

දරැවා යන්තමට ඔලුව උස්සන වයසේය. යන්තම් මාස දෙකක් හෝ තුනක් වන්නට ඇත. වෙඩි උන්ඩය දකුණු පෙනහල්ලට මැදට ටිකක් උඩින් වැදි ඇතුලුව පිටව ගොසිනී. අක්මාවට ඉහලින් ඇති මේ ප්‍රදේශයේදී තුවාල වන්නේ පෙනහල්ල පමනි. අධික රැධිර වහනයක් සිදුවීමට අවස්ථාවක් නැත. ඔහුට වැටෙන පුංචි හුස්මෙන් භාගයක් පුපුරපු බැලුමකින් හුලං පිටවෙනවාක් මෙන් තුවාල සිදුරැ වලින් පිටවූයේ සද්දයද සමඟිනි. හදවත කම්පා විය. මොහොතක් ගල්වී සිටියෙමි. නමුත් කාලයක් නැත. මේ බිළිඳු ජීවිතය රැකිය යුතුය. මට පුලුවන්. එක සිතට එහෙම සිතුවෙමි.

මේ වැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීමේදී තුවාල දෙක මසා සීල් කර පපුකුහරයට බටයක් දමා underwater seal එකක් සෑදිය යුතුය. මෙවැනි බට දවසකට කීපයක් දමන නමුත් වැඩිහිටියන්ට දමන ප්‍රමාණයේ බට කිරිසප්පයෙකුට දැමිය නොහැක්කේය.

වැඩිහිටියෙකුකේ උරස්කටු දෙකක් අතරින් ඇඟිල්ලක් පමන වූ බටය උරස් කුහරයට යොමු කිරීම ඒ දවස් වල විනාඩියකට අඩුකාලයකින් කල හැකි සුලු සැත්කමකි. එහෙත් මේ දරැවා.....

බටයක් සොයා ගත යුතුය. මනස සංවර කරගතිමි. මොහොතක් දෙනෙත පියා ගතිමි. සිතුවෙමි. නූවණ පහල වූයේය. මුත්‍රා බැගයක් ගතිමි. එහි බටය කපා අවශ්‍ය දිගට සූදානම් කලෙමි. සේලයින් බෝතලයක් කපා එය රැඳවීමට මෝටාර් උන්ඩ පෙට්ටියක ලෑලි යොදන් ස්ටෑන්ඩ් එකක් සෑදුවෙම්. සෙමින් කුඩා පපුකුහරය විවෘත කර මුත්‍රා බෑගයේ බටය ඇතුල්කර තුවාලද මසා නිමකර පපුව සීල් කලෙමි. බටයේ අනිත් කොන සේලයින් බොතලයට ඔබා underwater seal කලෙමි. වැඩේ හරිය. හුස්ම එලියට ලීක් වීම නතර විය. බටයෙන් කෙලවරක් නැතුව බුබුලු පිටවී යයි. දරැවාට පහසුය. ඉක්මනින් මවගේ පපුවට තුරැලු වී කිරි බී නින්දට වැටුනේය. දින ගනන් බඩ ගින්නේ සිටියත් ඇයගේ දෙතන හිස් නොවීය.

මම අප සතුවූ CDMA දුරකතනය හරහා මා හට ලමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉගැන්වු වෛද්‍ය මලික් සමරවික්‍රමයන් ඇමතුවෙමි. "සර් මම ලයින් එකේ ඉඳං කතා කරන්නේ. මේ පැතුම්. හදිසියි. පොඩි එකෙකුට ලේ දෙන්න තියෙනවා. ප්‍රමානය කොච්චරද?" සර්ගේ උපදෙස් පිට සේලයින්ද, රැධිර පාරවිල්යනයද ලබා දුන්නෙමි.

"කොප්රල් විජේ , චොපර් එකක් ගෙන්නන්න. අපි මෙයා වව්නියා යවමු" විජේට කියු මම දරැවා ගිලන් රථයට ගොඩ කෙරැවේ හෙලි පෑඩ් එක දෙසට යෑවීමටය. විනාඩි 40 කින් පැමිණි බෙල් 212 යානය දරැවා රැගෙන පියෑඹුවේය.

මම ඇඳ සිටින්නේ කොටකලිසමක් පමනි. නින්දේ සිට අවදිවී පැමිනි ආකාරයෙන් තවමත් සිටින බව තේරැනේ සියල්ල අවසානයේය.

දරැවා වවුනියාවටද ඉන් අනතුරැව කොළඹ ලමා රෝහලටද මාරැ වී තිබින. දැන් ඔහුගේ වෛද්‍ය වරයා මලික් සමරසිංහ මහතාමය. දෛවය තව ගැලපීමක් මතකයට එක් කලේය.

ඌ ජීවත් වෙයි.... මට විස්වාසය...."

පැතුම්

මා විසින් ලියූ යුදබිමක වෙදමහිම කෘතිය ඇසුරෙන්...

[QUOTE="ranilplus, post: 24945995, member: 146986"] [b]යුධ බිමක ඉපිද යුධ බිමක මියයන්න මොහොතකට පෙş[/b] යුධ බිමක ඉපිද යුධ බිමක මියයන්න මොහොතකට පෙර... (BBC එවුන්ට පෙන්නන්න, මිනිස්සු අතුරුදන් වෙච්චි හැටි) Azzam Ameen ට කියලා translate කරගන්න කියන්න. "අප විශ්වමඩුවද පසුකොට පුදුකුඩිඉරුප්පුවට කිට්ටුකර පාර අයිනේම වූ ස්ථානයක ඉදිරි සැරහුම් මධ්‍යස්ථානය අටවා ගත්තේ පුදුකුඩිඉරුප්පු අල්ලන සටන ලඟ ලඟ පත්තු වී තිබූ බැවිනි. සේනාංක 9ක් කොටි තෙරපමින් එල්ටීටීයේ හදවත වටා රැස් කෑවේය. පුදුකුඩිඉරුප්පුවට තව ඇත්තේ හූ කීපයකි. ඉන් ඔබ්බට නන්දිකඩල් කලපුවය. කලපුවෙන් එගොඩ හීනි බිම් තීරැවකි. එය වෙල්ලමුල්ලිවෛයික්කාලයයි. ලක්ෂ 4ක පමණ මහ සෙනඟක් මේ කුඩා භූමියේ සිරවී ඇත්තේය. ඒ සෙනඟ වට කොටද, අතර සැඟවීද කොටිය. පුභාකරන්ය. චාල්ස් ඇන්තනිය. සුසෙයිය. ලක්ෂ 4ක සෙනඟක් මෙහි සිරවී කෙසේ සිටියාදැයි සිතා ගැනීම අපහසුය. මූලික අවශ්‍යතාවයන් තියා දිනකට එක් වේලක් කෑමවත් ඔවුනට නොලැබෙන්නට ඇත. මේ මහා ඛේදවාචකය මැද්දේද දරැවන් බිහිවූයේය. ගැබ කල් පිරුනු පසු යුද්ධය යැයි උහුලා ගෙන සිටිය නොහැක්කේය. එවන් දරැ උපත් කීයක් සිදුවුනිදැයි මා නොදනිමි. එහෙත් ඉතාමත් ස්වභාවික සංසිද්ධියක් වූ එය කුමන හෝ පරිසරයක සිදුවිය හැකිය. මෙම දුක් ගැහැට හා තාඩන පීඩන ඉහිලිය නොහැකි සිවිල් වැසියන් කොටි බලයෙන් මිදී ආරක්ෂක සේනා සිටින කලාපයට හොරෙන් ඇදුනේ ටික දවසක සිටය. ඒ පැත්තෙන් මේ පැත්තට පැනීම දිවි පරදුවට තබා කරන සූදුවක් වැනි විය. පැන යන සිවිල් වැසියන් හට කොටින් වෙඩි තැබුවේය. එසේ නොකලා නම් සියලු සිවිල් වැසියන් ඔවුන්ගේ පාලනයෙන් මිදි පලා යනු ඇත. ඔවුනගේ එකම ආවරණය නැතිවීමට ඔවුන් ඉඩ දෙන්නේ නැත. මෙම ආගමනය සිදුවූයේ රාත්‍රියේ ය. කුඩා කණ්ඩායමක් ලෙස රහසේ පිටවන ඔවුන් නන්දිකඩල් කලපුවට බැස වතුරේ ගමන් කර හමුදා ප්‍රදේශයට මෙගොඩ වෙයි. කොටි වෙඩි ප්‍රහාර වැදී සමහරැන් එතනම මිය යයි. තුවාල වෙයි. නමුත් විකල්පයක් සිතා ගැනීමට අපහසුය. ජීවිතය ලන්සු දැමූ ඔවුහු සිය අවසන් හුස්ම පොද දිනනු වස් නන්දි කඩල් තරණය කලෝය. මෙසේ ආ කණ්ඩායමක කුඩා බිලින්දෙකු තුරැලු කරගත් පියෙක්ද තවත් දරැවෙකු වතුරට ඉහලින් සිටින සේ කරපින්නා ගත් මවක්ද විය. මේ හතර දෙනාගෙන් යුත් ලපටි පවුල දිවි පරදුවට තබා දියට බැස තිබුනේය. එහෙත් යුද්ධය කාරැණික නැත. උණ්ඩයට හදවතක් නැත්තේය. ඔවුනටද වෙඩි ප්‍රහාර එල්ලවූයේ තවත් එක කඳුලු කතාවක් ඉතිහාසයට එක්කරමිනි. මවගේ කරමත වූ දරැවා කෙලින්ම වෙඩි කෑවේය. ඔහුගේ සිරැරවත් ගොඩ බිමට නොආවේය. මව තවමත් නිරැපද්රිය. ඊළග උන්ඩය පියාගේ පපුව සිදුරැ කරන් පිටවූයේය. පියා පපුවට තුරැලු කරන් සිටියේ කිරිසප්පයෙකි. සති කීපයකට කලින් වෙල්ලමුල්ලිවෛයික්කාලයයෙහිම ඉපදුනු මේ කිරිසප්පයාගේද පුංචි පපු කුහරය සිදුරැ කරන් උන්ඩය පිටවී ගියේය. දරැවා මව අතට දී පියාද වැඩිමහල් දරැවාද නන්දිකඩල් දියේ සැඟවී ගියේය. මව තවමත් කායිකවද මානසිකවද ශක්තිමත් ය. පපුව සිදුරැවුවද පණ රැකි ඇති බලාපොරොත්තුව ඇය රැකිය යුතුය. වෙඩි වරැසාව ඇයගේ අධිෂ්ඨානයට වඩා දුර්වල වූයේය. ඇය මෙගොඩ දැක්කේය. ඊළඟ මිනිත්තු කීපය ඇතුලත ඇයද දරැවාද මා ඉදිරියේය. දරැවා යන්තමට ඔලුව උස්සන වයසේය. යන්තම් මාස දෙකක් හෝ තුනක් වන්නට ඇත. වෙඩි උන්ඩය දකුණු පෙනහල්ලට මැදට ටිකක් උඩින් වැදි ඇතුලුව පිටව ගොසිනී. අක්මාවට ඉහලින් ඇති මේ ප්‍රදේශයේදී තුවාල වන්නේ පෙනහල්ල පමනි. අධික රැධිර වහනයක් සිදුවීමට අවස්ථාවක් නැත. ඔහුට වැටෙන පුංචි හුස්මෙන් භාගයක් පුපුරපු බැලුමකින් හුලං පිටවෙනවාක් මෙන් තුවාල සිදුරැ වලින් පිටවූයේ සද්දයද සමඟිනි. හදවත කම්පා විය. මොහොතක් ගල්වී සිටියෙමි. නමුත් කාලයක් නැත. මේ බිළිඳු ජීවිතය රැකිය යුතුය. මට පුලුවන්. එක සිතට එහෙම සිතුවෙමි. මේ වැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීමේදී තුවාල දෙක මසා සීල් කර පපුකුහරයට බටයක් දමා underwater seal එකක් සෑදිය යුතුය. මෙවැනි බට දවසකට කීපයක් දමන නමුත් වැඩිහිටියන්ට දමන ප්‍රමාණයේ බට කිරිසප්පයෙකුට දැමිය නොහැක්කේය. වැඩිහිටියෙකුකේ උරස්කටු දෙකක් අතරින් ඇඟිල්ලක් පමන වූ බටය උරස් කුහරයට යොමු කිරීම ඒ දවස් වල විනාඩියකට අඩුකාලයකින් කල හැකි සුලු සැත්කමකි. එහෙත් මේ දරැවා..... බටයක් සොයා ගත යුතුය. මනස සංවර කරගතිමි. මොහොතක් දෙනෙත පියා ගතිමි. සිතුවෙමි. නූවණ පහල වූයේය. මුත්‍රා බැගයක් ගතිමි. එහි බටය කපා අවශ්‍ය දිගට සූදානම් කලෙමි. සේලයින් බෝතලයක් කපා එය රැඳවීමට මෝටාර් උන්ඩ පෙට්ටියක ලෑලි යොදන් ස්ටෑන්ඩ් එකක් සෑදුවෙම්. සෙමින් කුඩා පපුකුහරය විවෘත කර මුත්‍රා බෑගයේ බටය ඇතුල්කර තුවාලද මසා නිමකර පපුව සීල් කලෙමි. බටයේ අනිත් කොන සේලයින් බොතලයට ඔබා underwater seal කලෙමි. වැඩේ හරිය. හුස්ම එලියට ලීක් වීම නතර විය. බටයෙන් කෙලවරක් නැතුව බුබුලු පිටවී යයි. දරැවාට පහසුය. ඉක්මනින් මවගේ පපුවට තුරැලු වී කිරි බී නින්දට වැටුනේය. දින ගනන් බඩ ගින්නේ සිටියත් ඇයගේ දෙතන හිස් නොවීය. මම අප සතුවූ CDMA දුරකතනය හරහා මා හට ලමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉගැන්වු වෛද්‍ය මලික් සමරවික්‍රමයන් ඇමතුවෙමි. "සර් මම ලයින් එකේ ඉඳං කතා කරන්නේ. මේ පැතුම්. හදිසියි. පොඩි එකෙකුට ලේ දෙන්න තියෙනවා. ප්‍රමානය කොච්චරද?" සර්ගේ උපදෙස් පිට සේලයින්ද, රැධිර පාරවිල්යනයද ලබා දුන්නෙමි. "කොප්රල් විජේ , චොපර් එකක් ගෙන්නන්න. අපි මෙයා වව්නියා යවමු" විජේට කියු මම දරැවා ගිලන් රථයට ගොඩ කෙරැවේ හෙලි පෑඩ් එක දෙසට යෑවීමටය. විනාඩි 40 කින් පැමිණි බෙල් 212 යානය දරැවා රැගෙන පියෑඹුවේය. මම ඇඳ සිටින්නේ කොටකලිසමක් පමනි. නින්දේ සිට අවදිවී පැමිනි ආකාරයෙන් තවමත් සිටින බව තේරැනේ සියල්ල අවසානයේය. දරැවා වවුනියාවටද ඉන් අනතුරැව කොළඹ ලමා රෝහලටද මාරැ වී තිබින. දැන් ඔහුගේ වෛද්‍ය වරයා මලික් සමරසිංහ මහතාමය. දෛවය තව ගැලපීමක් මතකයට එක් කලේය. ඌ ජීවත් වෙයි.... මට විස්වාසය...." පැතුම් මා විසින් ලියූ යුදබිමක වෙදමහිම කෘතිය ඇසුරෙන්... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom