යුරෝපය හෙල්ලූ තොප්පිය කෝටි 31කට වෙන්දේසිය&#354

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,360
    569
    113
    උබල එන්නද ?
    යුරෝපය හෙල්ලූ තොප්පිය කෝටි 31කට වෙන්දේසිය&#354

    9 වැන සියවසේ ලෝප්‍රකට අධිරාජ්‍යයන් අතරින් ප්‍රංශයේ සිටි නැපෝලියන් බොනපාර්ට්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ප්‍රංශයේ අගනුවර පැරීසියේ ෂේන් ගංඟාවේ දෙවුර එක්කළ බොහෝ පෞරා‚ක පාලම් නැපෝලියන් පාලන සමයේ ඔහුගේ අධික්ෂණයෙන් සිදුවූ ඉදිකිරීම්ය. පැරීසියට කිලෝමීටර 60ක පමන දුරකින් පිහිටි ෆොන්තැම්බ්ලූ මාලිගාව ඔහුගේ ස්ථීර නිවහන විය. අද මෙම මාලිගාව සෑම දිනකම සංචාරකයන් ගෙන් පිරී ඉතිරී ඇති සුවිශේෂි කෞතුකාගාරයකි. නැෆෝලියන් අධිරාජ්‍යයා දෛනික ජීවිතයේ භාවිතා කළ සියලූම දැ අද එහි ප්‍රදර්ශනයට තබා ඇත්තේය.
    පසුගිය නොවැම්බර් 16 වැනිදා එම මාලිගාවේදි නැෆෝලියන් බොනපාර්ට් භාවිතා කල සමහර සිහිවටන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණී ගියේය. එහිදී ඔහු පැළඳි හමුදා හිස් වැසුමක් (තොප්පියක්) යුරෝ දහ අට ලක්ෂ අසුහතර දාහකට (රුපියල් කෝටි 30144000) වෙන්දේසි විය. තුන් ඈවරවූ අතර පැර‚ කෞතුක භාණ්ඩ එකතු කරන්නෙකු වූ දකුණු කොරියා ජාතික ධනපතියෙක් එය මිලදී ගත්තේය. දකුණු දිග ප්‍රංශයේ මොනාකෝ නොහොත් මොන්ටිකාලෝ නම් කුඩා රාජ්‍යයේ ඇල්බට් කුමරු මොනාකෝ කෞතුකාගාරයේ තැන්පත් කර තිබු මෙම හිස්වැසුම එදින වෙන්දේසි පොළේ ගරු ගාම්භීර ලෙස තැන්පත් කර තිබුනි. වර්ෂ 1870 හා 1949 අතර මොනාකෝ රාජ්‍යයේ දෙවන ලූවී රජු හෙවත් වර්තමාන ඇල්බට් කුමරුගේ මුත්තා විසින් මිලදී ගෙන එම රජ මාලිගාවේ තැන්පත් කර ඇත. මෙවැනි හිස් වැසුම් 19ක් විවිධ රටවල කෞතුකාගාර වල ඇත්තේය. විවිධ හැඩැති හිස් වැසුම් 120ක් පමණ ඔහු භාවිතා කර ඇති අතර එම සියල්ල හිස්වැසුම් සදහා ලෝසුපතල ප්‍රංශයේ මෙයිසොන් පූෆාර්ඩ් ආයතනයේ නිපැයුම්වේ.
    වර්ෂ 1769 අගෝස්තු 15 වෙනිදා ගි‚කොන දිග ප්‍රංශයේ පිහිටි කෝස් දුපතේ ඇජැක්ෂියෝ ග්‍රාමයේ උපත ලද නැපෝලියන් බොනපාට් ප්‍රංශ හමුදාවේ ජෙනරාල් වරයෙකි. 1804 දෙසැම්බර් මස 02 වෙනි දින පැරීසියේ සුප්‍රසිද්ධ නෝත්‍ර ඩාම් කතෝලික දේවස්ථානයේදී හත්වන පියේ පාප් වහන්සේ විසින් නැපෝලියන්ට ඔටුනු පළඳවා රාජ්‍ය ප්‍රධානියා ලෙස අභිෂේක කැරිණි. ඉක්බිතිව වසර 9යි මාස10 දින 19ක් යුරෝපය හෙල්ලූ රණකාමි නැපෝලියන් 1821 මැයි මස 05 වැනි දා සාන්ත හෙලේනා දුපතේදි අවසන් හුස්ම හෙළීය.




    Capture.jpg

    napoleon1.jpg

    Napoleon-un-bicorne-01.jpg

    PDG-Harim-Group-Mr-Kim.jpg



    http://www.lankadeepa.lk/index.php/articles/276466