Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
"යෝධයන්" කැපූ ඇළ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"යෝධයන්" කැපූ ඇළ

2012 ඔක්තෝබර් මස 28 14:29:01 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප්රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.

කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ”ගෝන නදී” වශයෙනි. ප්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලූ වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයකු වූ ”ප්ලීනි” (Pliny) තැප්රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ”මෙගිස්බා” (^Megisba) නමින් විලක් ගැන සඳහන්වේ. පසුකලක කලාවැව හා බළලූ වැව බවට පත් වුයේ මේ විල් බව විශ්වාස කෙරේ.

කලාවැව හා බැඳුණු කඩවර කතාවක් අදත් ජනප්රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසු මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්වැනි සිය වසේදීය. ක්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කර ඇත. කලාවැව සහ බළලූ වැව යා කොට විශාල වැවක් ලෙස ප්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.

කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප්‍රදේශයේ ජනමතයක්ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුන කෙත් යාය ඉදිකොට වපසරිය අක්කර 11400කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.

මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇලහැර - යෝධ ඇළ ප්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාල පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලූ ප්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදෙනලද දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.

දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලූ ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මගින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළ සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.

ක්‍රි.ව. 290දී මහසෙන් රජු විසින් බළලූ විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයාම සඳහා නාච්චා දුව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වනවිට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත.

ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සියයකට පමණ පසු පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට ”ජයගංගා” යයි නම් කරනු ලැබීය.

යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානාය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලාවැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය - වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැුස්වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ංලගාවලටද මෙයින් ජලය ලබාදී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියනාගම, ඉහළවැව, මරිකාරගම, පහළවැව, ඉහළ අමනක්කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.

යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැලකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය, අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම ”දියකලි” මගින් සපුරා ගැනිණ.

කඩිනම් මහවැලිය මගින් ජයගඟක් අලූතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත්විය. අලූත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝද ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලූත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය.

අලූත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ, හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වියළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායාම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩ වලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රෝන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධති බොහෝ දුරට විනාශ වී ගොස් ඇත.

පැරණි යෝධ ඇළ මේ නව ජයගෙඟ් දුර්ගුණ කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.

යෝධ ඇළ ගලා ගිය ප්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය. වාපි ශිල්පයේ ආදුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය. වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ, දෑල ගහකොළ වලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි ”දියකලි” සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කළේය.

මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන්ද ලෝක උරුමයක් වශයෙන්ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.

ඉපැරණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක්‍රි.ව. 1200දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප්‍රථම වරට යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවෙනි වර මේ යෝධ ඇළ ප්‍රතිසංස්කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යයවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට ”අලූත් ජයගඟක්” නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලි ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්වකර්ම වාපී ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත.

නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරණියෝ ඇදහූහ. මේ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිදාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැදු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.

රජරැටියාගේ ජීවිතය රැකණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදුහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති ”කොන්ඩු පට්ටමාන්” සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනගේ පුත් දප්පුලූ රජු දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. මෙයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි. මෙහි තහංචි දහයක් පණවා ඇත. දියපත්තායම් තහංචිය, භූදිය තහාංචිය, මඩකලූ තහංචිය ආදී වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකලද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ, ඛණිජ ආදිය මුහුවී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. මේ නිසා හැකිතාක් උඩතින් අලූත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩහින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ.

මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරයද සංරක්ෂණය වේ.

සාකච්ඡා කළේ - එප්පාවල රත්න බී. ඒකනායක

[QUOTE="Fox C2, post: 13753795, member: 370633"] [b]"යෝධයන්" කැපූ ඇළ[/b] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/599088_461333367252085_217275096_n.jpg[/IMG] [SIZE=3]2012 ඔක්තෝබර් මස 28 14:29:01 | ලංකාදීප කර්තෘ මණ්ඩලය අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”[/SIZE][SIZE=3]හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප්රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය. කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ”ගෝන නදී” වශයෙනි. ප්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලූ වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයකු වූ ”ප්ලීනි” (Pliny) තැප්රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ”මෙගිස්බා” (^Megisba) නමින් විලක් ගැන සඳහන්වේ. පසුකලක කලාවැව හා බළලූ වැව බවට පත් වුයේ මේ විල් බව විශ්වාස කෙරේ.[/SIZE] [SIZE=3] කලාවැව හා බැඳුණු කඩවර කතාවක් අදත් ජනප්රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසු මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්වැනි සිය වසේදීය. ක්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කර ඇත. කලාවැව සහ බළලූ වැව යා කොට විශාල වැවක් ලෙස ප්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.[/SIZE] [SIZE=3] කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප්‍රදේශයේ ජනමතයක්ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුන කෙත් යාය ඉදිකොට වපසරිය අක්කර 11400කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.[/SIZE] [SIZE=3] මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇලහැර - යෝධ ඇළ ප්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාල පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලූ ප්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදෙනලද දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.[/SIZE] [SIZE=3] දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලූ ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මගින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළ සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.[/SIZE] [SIZE=3] ක්‍රි.ව. 290දී මහසෙන් රජු විසින් බළලූ විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයාම සඳහා නාච්චා දුව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වනවිට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත.[/SIZE] [SIZE=3] ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සියයකට පමණ පසු පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට ”ජයගංගා” යයි නම් කරනු ලැබීය.[/SIZE] [SIZE=3] යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානාය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලාවැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය - වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැුස්වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ංලගාවලටද මෙයින් ජලය ලබාදී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියනාගම, ඉහළවැව, මරිකාරගම, පහළවැව, ඉහළ අමනක්කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.[/SIZE] [SIZE=3] යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැලකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය, අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම ”දියකලි” මගින් සපුරා ගැනිණ.[/SIZE] [SIZE=3] කඩිනම් මහවැලිය මගින් ජයගඟක් අලූතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත්විය. අලූත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝද ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලූත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය.[/SIZE] [SIZE=3] අලූත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ, හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වියළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායාම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩ වලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රෝන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධති බොහෝ දුරට විනාශ වී ගොස් ඇත.[/SIZE] [SIZE=3] පැරණි යෝධ ඇළ මේ නව ජයගෙඟ් දුර්ගුණ කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.[/SIZE] [SIZE=3] යෝධ ඇළ ගලා ගිය ප්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය. වාපි ශිල්පයේ ආදුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය. වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ, දෑල ගහකොළ වලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි ”දියකලි” සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කළේය.[/SIZE] [SIZE=3] මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන්ද ලෝක උරුමයක් වශයෙන්ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.[/SIZE] [SIZE=3] ඉපැරණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක්‍රි.ව. 1200දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප්‍රථම වරට යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවෙනි වර මේ යෝධ ඇළ ප්‍රතිසංස්කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යයවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට ”අලූත් ජයගඟක්” නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලි ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්වකර්ම වාපී ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත.[/SIZE] [SIZE=3] නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරණියෝ ඇදහූහ. මේ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිදාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැදු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.[/SIZE] [SIZE=3] රජරැටියාගේ ජීවිතය රැකණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදුහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති ”කොන්ඩු පට්ටමාන්” සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනගේ පුත් දප්පුලූ රජු දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. මෙයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි. මෙහි තහංචි දහයක් පණවා ඇත. දියපත්තායම් තහංචිය, භූදිය තහාංචිය, මඩකලූ තහංචිය ආදී වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකලද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ, ඛණිජ ආදිය මුහුවී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. මේ නිසා හැකිතාක් උඩතින් අලූත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩහින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ.[/SIZE] [SIZE=3] මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරයද සංරක්ෂණය වේ.[/SIZE] [SIZE=3] සාකච්ඡා කළේ - එප්පාවල රත්න බී. ඒකනායක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom