Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝධ ඇළ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති පැරැණි යෝධ ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලා වැවේ සිට තිසා වැව දක්වා පිහිටු වූ දික් වැවක් යැයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර පන්දහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපි හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා “හම්බ කළ ධනය පෙන්වන්නැ,,යි පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට “මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයු ධනය පෙන්වන්නට මා සමඟ එන්න යයි,, පුතාට විධාන කොට තමන් ද අසු පිටට නැඟී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප්රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.

කලාවැවේ උපතට මුල වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ 'ගෝන නදී' වශයෙනි. ප්‍රථම සියවස වන විට කලාවැව සහ බළලු වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයෙකු වූත් 'ප්ලීනි' (Pliny) තැප්රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) 'මෙගිස්බා' (Megisba) නමින් විලක් ගැන සඳහන් වේ. පසු කලක කලාවැව හා බළලු වැව බවට පත් වූයේ මේ විල් ය.

කලාවැව හා බැඳුණ කඩවර කතාවක් අදත් ජනප්රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙස ද ජනතාව අදහති. කඩවර විසූයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ මහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසූ මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසූයේ පස්වැනි සියවසේදීය. ක්‍රි. ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කරන ලදී. කලාවැව සහ බළලු වැව යා කොට විශාල වැවක් ලෙස ප්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.

කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප්‍රථම සැතපුම් දහ හතේ දීය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ් ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා ඇය පියවර තැබූ මඟ ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප්‍රදේශයේ ජනමතයක් ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුණ කෙත් යායවල් ඉදිකොට වපසරිය අක්කර 114000කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.

මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇළහැර - යෝධ ඇළ ප්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාළ පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලු ප්‍රදේශ සංවර්ධනය කර තිබේ. ජලය වැඩි ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම - වැවකින් වැවකට ජලය ගෙන යාම - අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙන යාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මඟින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදුන් දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.

දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලු ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මඟින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළවල් සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.

ක්‍රි. ව. 290 දී මහසෙන් රජු විසින් බළලු විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙන යාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙන යාම සඳහා නාච්චාදූව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙන ගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වන විට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත.

ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදිකිරීමෙන් වසර හත් සීයකට පමණ පසු පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට 'ජය ගංගා' යයි නම් කරනු ලැබීය.

යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලා වැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය - වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැස් වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවැති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත් වතු හා එල්ලංගාවලට ද මෙයින් ජලය ලබා දී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියතාගම - ඉහළ වැව - මරිකාරගම - පහළ වැව - ඉහළ අමනක් කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබා දී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.

යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැළකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණි. මහ කන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතු වන ජලය - අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළ වංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණි. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම 'දියකලි' මඟින් සපුරා ගැනිණි.

කඩිනම් මහවැලිය මඟින් ජය ගඟක් අලුතෙන් ඉදිකිරීම නිසා පැරැණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලුප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත් විය. අලුත් ජය ගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරැණි යෝධ ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලුත් ජය ගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය.

අලුත් ජය ගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලා යයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අද වන විට ජය ගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වේළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. එසේ වේගයෙන් ජය ගඟ ගලා යාම නිසා - එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩවලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව - කෝන්වැව - කිරලෝගම වැව යන වැව් අධික ලෙස රොන්මඩවලින් පිරී පවතී. නව ජය ගඟ නිසා පාරිසරික පද්ධතීන් බොහෝ දුරට විනාශ වී ගොස් ඇත. 1975 මැද භාගයේදී මෙම නව ජය ගඟ ඉදිකිරීමට මඟ පෙන්වූ වාරි ඉංජිනේරු මහින්ද පනාපිටිය මහතා නව ජය ගඟ නිර්මාණය කිරීමෙන් තමා අතින් බරපතළ හානි සිදුවී ඇති බව මෑතකදී ආර්ථික විමසුම නමැති සඟරාවට පාපොච්චාරණයක් කරමින් කියා සිටී. ඔහු නැවත මෙය නිවැරැදි කිරීමට මහත් කැමැත්තෙන් සිටී.

පැරැණි යෝධ ඇළ තුළ මේ නව ජය ගඟේ දුර්ගුණයන් කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.

යෝධ ඇළ ගලා ගිය ප්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වාගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහි විය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය.

වාපි ශිල්පයේ අඳුරු වැව් පෝෂණය කිරීමට හැකි විය. වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ - දෑල ගහකොළවලින් බරිත විය. වැසි කාලයේ දී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය.

ඇළ වංගුවල පිහිටි 'දියකලි' සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කරනු ලැබීය.

මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන් ද ලෝක උරුමයක් වශයෙන් ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.

ඉපැරැණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක්‍රි. ව. 1200 දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප්‍රථම වරට යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවැනි වර මේ යෝධ ඇළ ප්‍රතිසංස්කරණය තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ. ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට 'අලුත් ජය ගඟක්' නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලී ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්ව කර්ම වාපි ශිල්පය ද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත විය. ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත.

නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතියි පැරැණියෝ ඇදහූහ. ඒ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිධාන - දේපොළ - වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමට ද නාග සංකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැඳු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලිය ද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.

රජරැටියාගේ ජීවිතය රැකුණේ ජලය නිසා ය. ඒ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදූහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති 'කොන්ඩු පට්ටමාන්' සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවි ගොන් රැජිනගේ පුත් දප්පුල රජු විසින් දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. එයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි.

මෙහි තහංචි දහයක් පනවා ඇත. දියපත්තායම් තහංචිය - භූදිය තහංචිය - මඩකලු තහංචිය ආදි වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකල ද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේ ද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.

විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව - පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ - ඛනිජ ආදිය මුහු වී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. ඒ නිසා හැකිතාක් උඩතින් අලුත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩතින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ.

මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරය ද සංරක්ෂණය වේ.

ආචාර්ය පී. බී. ධර්මසේන

සාකච්ඡා කළේ

එප්පාවල බණ්ඩාර ඒකනායක

[QUOTE="foundation one, post: 19570491, member: 407457"] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [IMG]http://www.sundayobserver.lk/2009/06/14/z_p-29-Trends.jpg[/IMG][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අති පැරැණි යෝධ ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලා වැවේ සිට තිසා වැව දක්වා පිහිටු වූ දික් වැවක් යැයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර පන්දහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපි හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා “හම්බ කළ ධනය පෙන්වන්නැ,,යි පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට “මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයු ධනය පෙන්වන්නට මා සමඟ එන්න යයි,, පුතාට විධාන කොට තමන් ද අසු පිටට නැඟී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප්රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.[/SIZE] [SIZE=3] කලාවැවේ උපතට මුල වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ 'ගෝන නදී' වශයෙනි. ප්‍රථම සියවස වන විට කලාවැව සහ බළලු වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයෙකු වූත් 'ප්ලීනි' (Pliny) තැප්රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) 'මෙගිස්බා' (Megisba) නමින් විලක් ගැන සඳහන් වේ. පසු කලක කලාවැව හා බළලු වැව බවට පත් වූයේ මේ විල් ය.[/SIZE] [SIZE=3] කලාවැව හා බැඳුණ කඩවර කතාවක් අදත් ජනප්රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙස ද ජනතාව අදහති. කඩවර විසූයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ මහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසූ මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසූයේ පස්වැනි සියවසේදීය. ක්‍රි. ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කරන ලදී. කලාවැව සහ බළලු වැව යා කොට විශාල වැවක් ලෙස ප්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.[/SIZE] [SIZE=3] කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප්‍රථම සැතපුම් දහ හතේ දීය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ් ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා ඇය පියවර තැබූ මඟ ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප්‍රදේශයේ ජනමතයක් ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුණ කෙත් යායවල් ඉදිකොට වපසරිය අක්කර 114000කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.[/SIZE] [SIZE=3] මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇළහැර - යෝධ ඇළ ප්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාළ පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලු ප්‍රදේශ සංවර්ධනය කර තිබේ. ජලය වැඩි ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම - වැවකින් වැවකට ජලය ගෙන යාම - අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙන යාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මඟින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදුන් දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.[/SIZE] [SIZE=3] දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලු ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මඟින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළවල් සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.[/SIZE] [SIZE=3] ක්‍රි. ව. 290 දී මහසෙන් රජු විසින් බළලු විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙන යාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙන යාම සඳහා නාච්චාදූව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙන ගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වන විට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත.[/SIZE] [SIZE=3] ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදිකිරීමෙන් වසර හත් සීයකට පමණ පසු පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට 'ජය ගංගා' යයි නම් කරනු ලැබීය.[/SIZE] [SIZE=3] යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලා වැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය - වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැස් වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවැති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත් වතු හා එල්ලංගාවලට ද මෙයින් ජලය ලබා දී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියතාගම - ඉහළ වැව - මරිකාරගම - පහළ වැව - ඉහළ අමනක් කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබා දී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.[/SIZE] [SIZE=3] යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැළකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණි. මහ කන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතු වන ජලය - අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළ වංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණි. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම 'දියකලි' මඟින් සපුරා ගැනිණි.[/SIZE] [SIZE=3] කඩිනම් මහවැලිය මඟින් ජය ගඟක් අලුතෙන් ඉදිකිරීම නිසා පැරැණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලුප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත් විය. අලුත් ජය ගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරැණි යෝධ ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලුත් ජය ගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය.[/SIZE] [SIZE=3] අලුත් ජය ගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලා යයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අද වන විට ජය ගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වේළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. එසේ වේගයෙන් ජය ගඟ ගලා යාම නිසා - එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩවලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව - කෝන්වැව - කිරලෝගම වැව යන වැව් අධික ලෙස රොන්මඩවලින් පිරී පවතී. නව ජය ගඟ නිසා පාරිසරික පද්ධතීන් බොහෝ දුරට විනාශ වී ගොස් ඇත. 1975 මැද භාගයේදී මෙම නව ජය ගඟ ඉදිකිරීමට මඟ පෙන්වූ වාරි ඉංජිනේරු මහින්ද පනාපිටිය මහතා නව ජය ගඟ නිර්මාණය කිරීමෙන් තමා අතින් බරපතළ හානි සිදුවී ඇති බව මෑතකදී ආර්ථික විමසුම නමැති සඟරාවට පාපොච්චාරණයක් කරමින් කියා සිටී. ඔහු නැවත මෙය නිවැරැදි කිරීමට මහත් කැමැත්තෙන් සිටී.[/SIZE] [SIZE=3] පැරැණි යෝධ ඇළ තුළ මේ නව ජය ගඟේ දුර්ගුණයන් කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.[/SIZE] [SIZE=3] යෝධ ඇළ ගලා ගිය ප්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වාගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහි විය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය.[/SIZE] [SIZE=3] වාපි ශිල්පයේ අඳුරු වැව් පෝෂණය කිරීමට හැකි විය. වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ - දෑල ගහකොළවලින් බරිත විය. වැසි කාලයේ දී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය.[/SIZE] [SIZE=3] ඇළ වංගුවල පිහිටි 'දියකලි' සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කරනු ලැබීය.[/SIZE] [SIZE=3] මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන් ද ලෝක උරුමයක් වශයෙන් ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.[/SIZE] [SIZE=3] ඉපැරැණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක්‍රි. ව. 1200 දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප්‍රථම වරට යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවැනි වර මේ යෝධ ඇළ ප්‍රතිසංස්කරණය තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ. ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට 'අලුත් ජය ගඟක්' නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලී ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්ව කර්ම වාපි ශිල්පය ද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත විය. ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත.[/SIZE] [SIZE=3] නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතියි පැරැණියෝ ඇදහූහ. ඒ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිධාන - දේපොළ - වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමට ද නාග සංකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැඳු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලිය ද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.[/SIZE] [SIZE=3] රජරැටියාගේ ජීවිතය රැකුණේ ජලය නිසා ය. ඒ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදූහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති 'කොන්ඩු පට්ටමාන්' සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවි ගොන් රැජිනගේ පුත් දප්පුල රජු විසින් දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. එයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි.[/SIZE] [SIZE=3] මෙහි තහංචි දහයක් පනවා ඇත. දියපත්තායම් තහංචිය - භූදිය තහංචිය - මඩකලු තහංචිය ආදි වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකල ද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේ ද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.[/SIZE] [SIZE=3] විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව - පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ - ඛනිජ ආදිය මුහු වී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. ඒ නිසා හැකිතාක් උඩතින් අලුත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩතින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ.[/SIZE] [SIZE=3] මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරය ද සංරක්ෂණය වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ආචාර්ය පී. බී. ධර්මසේන[/SIZE] [SIZE=3] සාකච්ඡා කළේ එප්පාවල බණ්ඩාර ඒකනායක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom