Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
යෝනි විවරය අවට දැවිල්ල සහ ආසාදන ( Pruritus Vulvae)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම සහ දැවිල්ල, බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ඉතාම කුඩා ප්‍රතිශතයක් පමණයි.

සමහර කාන්තාවන් මෙම තත්වය දිගටම පැවතීම නිසා දැඩි මානසික පීඩාවකට ගොදුරු වේ. ඇතැම් විට එය විෂාදය දක්වා වුවද වර්ධනය විය හැකිය.

දැන් අපි බලමු මෙවැනි රෝගී තත්වයක් ඇතිවෙන්නේ ඇයි කියල. මේ සඳහා බොහෝ හේතුත් තිබෙනවා. අසාත්මිකතා ( Allergies ), විෂබීජ ආසාදන, චර්ම රෝග මෙන්ම පූර්ව පිළිකා තත්වයිනුත් මෙයට හේතු වෙනවා. නමුත් බහුලවම තිබෙන්නේ අසාත්මිකතා සහ ආසාදන තත්ත්වයි.

බහුලව ඇතිවන විෂබීජ ආසාදන ලෙස දිලීර ආසාදනයක් වන Candidiasis රෝගය හැදින්විය හැකිය. යෝනි මාර්ගයේ බැක්ටීරියා සංයුතිය වෙනස් වීම නිසා ඇතිවන Bacterial Vaginosis රෝගයද බහුලව දැකිය හැකිය. වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නියම කරනු ලබන ප්‍රතිජීවක ඖෂධ මඟින් මෙය සුව කර ගත හැකිය.

එතරම් බහුල නොවන ආසාදන අතර, ඉකිලි වල ඇතිවන දිලීර ආසාදන නොහොත් ටීනියා සහ හර්පීස් වැනි ලිංගාශ්‍රිත රෝග හඳුන්වන්න පුළුවන්. මෙම රෝග හඳුනා ගත හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. අදාල ප්‍රතිජීවක මඟින් ආසාදන නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

ආසාත්මිකතා ලිංගාශ්‍රිත ප්‍රදේශ වල කැසීම හා දැවිල්ල ඇතිවීමට ප්‍රධාන හේතුවක්. නයිලෝන් යට ඇඳුම්, සබන් ෂැම්පු වර්ග බොහෝවිට මේ ආසාත්මිකතා වලට හේතු වෙනවා. එමෙන්ම ඒවා නිසා වෙනත් හේතුන් නිසා ඇතිවන කැසීම හෝ දැවිල්ල උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් කාන්තාවන් යෝනි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමෙන් පසුවත් මෙම තත්වය ඇති වෙන්න පුළුවන්.

මේ හේතුන් නිසා, මෙම ප්රශ්නය මඟ හරවා ගැනීමේ මූලික පියවරක් ලෙස, කපු යට ඇඳුම් භාවිතයට උපදෙස් දෙනවා. එමන්ම ලිංගාශ්‍රිත ප්‍රදේශයේ සබන් පාවිච්චියෙන් වැලකීමද වැදගත්. බොහෝ විට සිදු වන්නේ කැසීම ඇතිවිට, ප්‍රදේශය පිරිසිදු මදි ඇතියයි සිතා වැඩිපුර සබන් ගා සේදීමයි. එවිට ගැටළුව තවත් උත්සන්න වේ.

මේ නිසා ලිංග ප්‍රදේශයේ, සබන් පාවිච්චියෙන් වැළකීම, කපු යට ඇඳුම් භාවිතය මෙම අසාත්මිකතාවයන් බොහෝ දුරට මඟ හරවයි.

යෝනි ප්‍රදේශයේ දැවිල්ල සහ කැසීමට තවත් හේතුවක් ලෙස, චර්ම රෝග තත්වයන් හැඳින්විය හැකිය. යෝනි විවරය ආශ්‍රිතව ඇතිවන එවැනි තත්වයක් වන්නේ Lichen Sclerosis නම් චර්ම රෝගයයි. එහිදී ලිංගාශ්‍රිත සම ඝන වීම සහ කැසීම සිදුවේ. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතියයෙන් නිපදවන අහිතකර ප්‍රතිදේහ නිසා ඇතිවේ. ( Autoimmune disease ) මේ සඳහා ප්‍රතිකාර ලෙස ආලේපන වර්ග ඇත. ඒවා වෛද්‍ය උපදෙස් මත භාවිතා කල යුතුවේ. මෙම රෝගයට නිවැරදිව ප්‍රතිකාර කල යුතු වන්නේ කල් ගත වුව හොත් පිලිකා තත්වයන් පවා ඇතිවීමට ඉඩ ඇති බැවිනි.

කාන්තා පිටත ලිංගේනද්රිය ආශ්‍රිතව ඇතිවන තවත් පූර්ව පිළිකා තත්වයක් ලෙස, රහස් ප්‍රදේශයේ සමේ සෛල බෙදීම වැඩිවීම හැඳින්විය හැකිය. එය Vulval intraepitelial neoplasia ( VIN ) ලෙස හැඳින්වේ. මෙහිදීද ඇතිවන රෝග ලක්ෂණය නම් ලිංගේන්ද්‍රියේ දැවිල්ල හා කැසීමයි.

මෙවැනි තත්වයක් ඇති බව වෛද්‍යවරයාට හැඟේ නම් එය සනාථ කර ගැනීමට පටක පරීක්ෂණයක් ( Biopsy ) අවශ්‍ය වේ.

මේ සඳහා ආලේපන ප්‍රතිකාර මෙන්ම, සුළු ශල්‍යකර්මද සමහරවිට අවශ්‍ය වන අවස්ථා ඇත.

සාරාංශ කොට පවසන්නේ නම්, යෝනි විවරය අවට දැවිල්ල සහ ආසාදන වලට බොහෝ හේතුන් පවතින අතර, එය සති දෙකකට වඩා එක දිගට පවතීනම් හෝ නිතර නිතර ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා, නාරිවේද වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අත්‍යවශ්‍යය.

තවත් ලිපි කියවන්න එකතු වෙන්න...

[QUOTE="muditha-85, post: 28746061, member: 559106"] [IMG width="594px"]https://www.sithmalyaya.com/images/wedding/wedding-134/larges/242.jpg[/IMG] ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම සහ දැවිල්ල, බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ඉතාම කුඩා ප්‍රතිශතයක් පමණයි. සමහර කාන්තාවන් මෙම තත්වය දිගටම පැවතීම නිසා දැඩි මානසික පීඩාවකට ගොදුරු වේ. ඇතැම් විට එය විෂාදය දක්වා වුවද වර්ධනය විය හැකිය. දැන් අපි බලමු මෙවැනි රෝගී තත්වයක් ඇතිවෙන්නේ ඇයි කියල. මේ සඳහා බොහෝ හේතුත් තිබෙනවා. අසාත්මිකතා ( Allergies ), විෂබීජ ආසාදන, චර්ම රෝග මෙන්ම පූර්ව පිළිකා තත්වයිනුත් මෙයට හේතු වෙනවා. නමුත් බහුලවම තිබෙන්නේ අසාත්මිකතා සහ ආසාදන තත්ත්වයි. බහුලව ඇතිවන විෂබීජ ආසාදන ලෙස දිලීර ආසාදනයක් වන Candidiasis රෝගය හැදින්විය හැකිය. යෝනි මාර්ගයේ බැක්ටීරියා සංයුතිය වෙනස් වීම නිසා ඇතිවන Bacterial Vaginosis රෝගයද බහුලව දැකිය හැකිය. වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නියම කරනු ලබන ප්‍රතිජීවක ඖෂධ මඟින් මෙය සුව කර ගත හැකිය. එතරම් බහුල නොවන ආසාදන අතර, ඉකිලි වල ඇතිවන දිලීර ආසාදන නොහොත් ටීනියා සහ හර්පීස් වැනි ලිංගාශ්‍රිත රෝග හඳුන්වන්න පුළුවන්. මෙම රෝග හඳුනා ගත හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. අදාල ප්‍රතිජීවක මඟින් ආසාදන නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ආසාත්මිකතා ලිංගාශ්‍රිත ප්‍රදේශ වල කැසීම හා දැවිල්ල ඇතිවීමට ප්‍රධාන හේතුවක්. නයිලෝන් යට ඇඳුම්, සබන් ෂැම්පු වර්ග බොහෝවිට මේ ආසාත්මිකතා වලට හේතු වෙනවා. එමෙන්ම ඒවා නිසා වෙනත් හේතුන් නිසා ඇතිවන කැසීම හෝ දැවිල්ල උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් කාන්තාවන් යෝනි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමෙන් පසුවත් මෙම තත්වය ඇති වෙන්න පුළුවන්. මේ හේතුන් නිසා, මෙම ප්රශ්නය මඟ හරවා ගැනීමේ මූලික පියවරක් ලෙස, කපු යට ඇඳුම් භාවිතයට උපදෙස් දෙනවා. එමන්ම ලිංගාශ්‍රිත ප්‍රදේශයේ සබන් පාවිච්චියෙන් වැලකීමද වැදගත්. බොහෝ විට සිදු වන්නේ කැසීම ඇතිවිට, ප්‍රදේශය පිරිසිදු මදි ඇතියයි සිතා වැඩිපුර සබන් ගා සේදීමයි. එවිට ගැටළුව තවත් උත්සන්න වේ. මේ නිසා ලිංග ප්‍රදේශයේ, සබන් පාවිච්චියෙන් වැළකීම, කපු යට ඇඳුම් භාවිතය මෙම අසාත්මිකතාවයන් බොහෝ දුරට මඟ හරවයි. යෝනි ප්‍රදේශයේ දැවිල්ල සහ කැසීමට තවත් හේතුවක් ලෙස, චර්ම රෝග තත්වයන් හැඳින්විය හැකිය. යෝනි විවරය ආශ්‍රිතව ඇතිවන එවැනි තත්වයක් වන්නේ Lichen Sclerosis නම් චර්ම රෝගයයි. එහිදී ලිංගාශ්‍රිත සම ඝන වීම සහ කැසීම සිදුවේ. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතියයෙන් නිපදවන අහිතකර ප්‍රතිදේහ නිසා ඇතිවේ. ( Autoimmune disease ) මේ සඳහා ප්‍රතිකාර ලෙස ආලේපන වර්ග ඇත. ඒවා වෛද්‍ය උපදෙස් මත භාවිතා කල යුතුවේ. මෙම රෝගයට නිවැරදිව ප්‍රතිකාර කල යුතු වන්නේ කල් ගත වුව හොත් පිලිකා තත්වයන් පවා ඇතිවීමට ඉඩ ඇති බැවිනි. කාන්තා පිටත ලිංගේනද්රිය ආශ්‍රිතව ඇතිවන තවත් පූර්ව පිළිකා තත්වයක් ලෙස, රහස් ප්‍රදේශයේ සමේ සෛල බෙදීම වැඩිවීම හැඳින්විය හැකිය. එය Vulval intraepitelial neoplasia ( VIN ) ලෙස හැඳින්වේ. මෙහිදීද ඇතිවන රෝග ලක්ෂණය නම් ලිංගේන්ද්‍රියේ දැවිල්ල හා කැසීමයි. මෙවැනි තත්වයක් ඇති බව වෛද්‍යවරයාට හැඟේ නම් එය සනාථ කර ගැනීමට පටක පරීක්ෂණයක් ( Biopsy ) අවශ්‍ය වේ. මේ සඳහා ආලේපන ප්‍රතිකාර මෙන්ම, සුළු ශල්‍යකර්මද සමහරවිට අවශ්‍ය වන අවස්ථා ඇත. සාරාංශ කොට පවසන්නේ නම්, යෝනි විවරය අවට දැවිල්ල සහ ආසාදන වලට බොහෝ හේතුන් පවතින අතර, එය සති දෙකකට වඩා එක දිගට පවතීනම් හෝ නිතර නිතර ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා, නාරිවේද වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අත්‍යවශ්‍යය.[B][/B] [URL='https://www.sithmalyaya.com/magazine/wedding/stds'][B][COLOR=rgb(184, 49, 47)]තවත් ලිපි කියවන්න එකතු වෙන්න... [/COLOR][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom