රංගන ශිල්පී නලීන් උඩවෙල මියයයි 😢😢😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,229
    8,365
    113



    ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) අලුයම 5.45ට පමණ දැයෙන් සමු ගත්තේය. මිය යන විට ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන අංශ තුනෙහිම සිය ප්‍රතිභාව විදහාලූ ඒ මහතා රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ විශිෂ්ට කලාකරුවෙකි.

    'ජූරිය', 'කැලණි පාලම', 'මෝදර මෝල' සහ 'මී හරක් සුද්දෙක් ඔබ අමතයි' වැනි වේදිකා නාට්‍ය රැසකම ඔහුගේ මතකයේ රැඳුණු රංගනයන් දැකගත හැකි විය. එමෙන්ම 'අකුරු මැකී නෑ', 'අපර්ණා', 'බට්ටි', 'ඇත් කඳ ලිහිණි', 'ඉසුරු පවුර', 'කසී සලු', 'මොනරවිල', 'නිසලවිල', 'සුදු හාමිනේ' සහ 'සුවඳ පද්ම' ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකටම නලින් ප්‍රදීප් උඩවෙල මහතා සිය රංගන දායකත්වය ලබා දී තිබේ.

    සිය කලා දිවිය තුළ ඉහළ ඇගයීමකට ලක් වූ උඩවෙල මහතා 'නිසල විල', 'තාරකා මල්' සහ 'ආසයි මං පියාඹන්න' යන නිර්මාණවලදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.දෙදරු පියෙක් වන නලින් දේශපාලනයට සම්බන්ධව සිටි අතර මින් ඉහත පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. දැනට කොළඹ දිස්ත්‍රික් සජබ සංවිධායකවරයෙක් ලෙසද සිටියේය.අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පසුව දැනුම් දෙනු ලැබේ.


    https://www.facebook.com/share/19T1boTKgG/?mibextid=rS40aB7S9Ucbxw6v
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඩයල් එක බුලත් කනවා නේද? ඔය බුලත් කන උන් කැරිම විඳවීමක් විඳවලා බන් මැරෙන්නෙ කැන්සර් හැදුනාම. අපේ පොඩි එකා බලපු ගෑනිගෙ මිනිහත් කැන්සර් හදාගෙන අන්තිමට කන්න බොන්න බැරුව මරුනේ. ඩයල් එකට මල පනිනවා ගෙදර ලමයි එහෙම කෑම කනවා දැක්කාම මොකද ඌට කන්න බැරි නිසා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    පොරට හැදිලා තියෙන්නෙ කොහෙ කැන්සර් එකක්ද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Bulath kana hama ekektama wenneth nahane ban
    e kohomada?
    හුනු දුන්කොල දාලා සමහරු රෑ තිස්සෙ කටේ තියන් ඉන්නවා

    ඩයල් එක බුලත් කනවා නේද? ඔය බුලත් කන උන් කැරිම විඳවීමක් විඳවලා බන් මැරෙන්නෙ කැන්සර් හැදුනාම. අපේ පොඩි එකා බලපු ගෑනිගෙ මිනිහත් කැන්සර් හදාගෙන අන්තිමට කන්න බොන්න බැරුව මරුනේ. ඩයල් එකට මල පනිනවා ගෙදර ලමයි එහෙම කෑම කනවා දැක්කාම මොකද ඌට කන්න බැරි නිසා.
    දුක හිතුනා බන්.🥲
    ------ Post added on Sep 23, 2025 at 9:30 AM
     
    • Like
    Reactions: tharakaf

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    පොර බුලත් හපයෙක් නේද?
    ඕවා විහින් කරගන්න දේවල්
    අපරාදේ පොරට ඒ හැටි වයසකුත් නෑ

    ගොඩක් උන් බුලත් හපේ කටේ තියාගෙන පැය ගණං ඉන්නවා
    පිළිකාවට මුල.